තදින් ඇබ්බැහි වෙන්නෙ
පුංචි කාලෙදිම,
ඔවුන්ගෙම දෙමව්පියන් නිසා.
හොඳ දෙමව්පියන් ළඟ හැදෙන
නරක දරුවා ජන්මයෙන් ගෙනාපු
නරකත් අඩු වෙනවා.
නරක දෙමව්පියන් ළඟ හැදෙන
හොඳ දරුවා ජන්මයෙන් ගෙනාපු
හොඳත් අඩු වෙනවා.
අපේ අවුරුදු හතරෙ දෝණි
ඇඳුම් තෝරලා අඳින්න පටන්ගත්තම
ඉන්දියානු දැරියන් අඳින සාය
අන්දලා හුරු කළා.
දැන් ඇයට වෙන ඇඳුමක් දුන්නම
සාය ඉල්ලලා අඬනවා.
පුංචි කාලෙම
සීලයට ඇබ්බැහි නොවෙන අය
එක්කො මෝහයට ඇබ්බැහි වෙනවා.
නැත්නම් වල් තිරිසන් කමට
ඇබ්බැහි වෙනවා.
විදසුන් වඩලා
ප්‍රඥාව වඩා ගන්න ලැබෙනතුරු
සීලයට ඇබ්බැහි වීම හොඳයි.
පුංචි කාලෙ දරු දැරියන්ගෙ
ඇඟ ලස්සණයි.
දෙමව්පියො ඒ ඇඟපත
ඉලිප්පිලා පෙනෙන්න ඇඳුම් අන්දලා
දරුවට අවධානය ලබා දෙනව..
ළදැරියන්ට ප්‍රදර්ශන කාමයක් නැහැ.
ළදැරියන්ගේ ප්‍රදර්ශන කාමය තුළින්
සැබැවින්ම ප්‍රකාශනය වෙන්නෙ
දෙමව්පියන්ගෙ හීන මානයයි.
පුංචි දරුවා ඒ ඇඳුමටත්
අවධානයටත් දෙකටම ඇබ්බැහි වෙනවා.
මොන දේකට ඇබ්බැහි වුණත්
කල්යාමෙදි බලය ලැබෙන්නෙ
ඇබ්බැහි වුණ දේටයි.
ඇබ්බැහි වුණ කෙනා වහලෙක් වෙනවා.
හොඳ සංස්කෘතික පුරුදු වලට
ළමා කාලෙ ඉඳල ඇබ්බැහි වුණ දරුවන්ට
යොවුන් වියට පත් වුණාමත්
වල් විදියට අඳින එක
වල් විදියට හැසිරෙන එක බරක්.
පොඩි කාලෙ වල් විදියට ඇඳගෙන
වල්කම සාමාන්‍ය දෙයක් වුණ
තිරිසන් පරිසරයක හැදුණ කෙනෙකුට
සංවර කම වටින බව තේරිලා
සිල්වත් වෙන්න හැදුවොත්
ඒ සඳහා ලොකු සටනක් කරන්න වෙනවා.
ඒත් ඒ පරිත්‍යාගය වටිනවා.