20170629

"වෛද්‍ය මනසට නීති අවුල්"


"වෛද්‍යවරුන්ට නීති අවුල්"
වෛද්‍යවරුන්ට නීති වටහාගන්න බැහැ.

ඔවුන් විද්‍යාවේ සුපුරුදු ක්‍රමයට
උපකල්පන ඇති කරගෙන, ඒ උපකල්පන
සිද්ධාන්ත බවට පත්කරගන්න
උපක්‍රම සොයනවා.

නීතියෙදි එහෙම බැහැ.
නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
දැනටමත් පවතින නීති අනුවයි.

ධුර කාලය "දීර්ඝ කිරීම"
"නැවත පත් කිරීම"ක් විදියට
වෛද්‍යවරු අර්ථ දැක්වීම නිසා
ඒ දීර්ඝ කිරීම පත්වීමක් වෙන්නෙ නෑ.

"වෛද්‍යවරුන්ට නීති අවුල්" කියන
සිද්ධාන්තය වෛද්‍ය පාදෙණියටත් සත්‍යයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, සභාපති
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය
තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට තමන් පියවර ගත් බව
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න
2017 ජනවාරි 26 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ දීර්ඝ කිරීම ජුනි 30දායින් අවසන් වුණා.
දීර්ඝ කිරීමක් කියන්නෙ පවතින ධුර කාලය
තව මාස හයකින් දීර්ඝ කිරීමක්.
දීර්ඝ කිරීමක් කියන්නෙ නව පත්වීමක් නොවෙයි.

මේ දීර්ඝ කිරීම පත්වීමක් ලෙස
පටලවා ගන්නා වෛද්‍ය පාදෙණිය
ජනපති මෛත්‍රීට ලිපියක් යොමු කරමින්
තම නොදන්නාකම ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා
අයකු පත් කිරීමට වෛද්‍ය ආඥා පනතට අනුව
සෞඛ්‍ය ඇමැතිවරයාට බලය පැවරී ඇතත්
ධුර කාලය අවසන් වීමට පෙර
තනතුරෙන් ඉවත් කළ හැක්කේ
සභාවේ කමිටු සාමාජිකයන්ට පමණක් කියා
වෛද්‍ය පාදෙණිය කියනවා.

දීර්ඝ කිරීමක් කළා,ඒ දීර්ඝ කිරීම අවසන්.
කමිටු සාමාජිකයන්ට කළ හැක්කේ කුමක්ද?

මේ ඔහුගේ තවත් අඳබාල තර්කයක්.
කෙනෙකු කියන දේක වචන වෙනස් කොට
තමන්ගේ වචන දමා අරුත් වෙනස් කොට
තර්ක ගොඩ නගන්නට වෛද්‍යවරු
බොහෝ විට පෙළඹෙනවා.
මේ පුරුද්ද කපටිකමකට වඩා
ඔහු කරන දේ ඔහු නොදන්නාකම විය හැකිය.

මේ තවත් එවැනි වචන පැටලිල්ලක්.

වෛද්‍ය සභාවේ සභාපති තනතුරට
අයකු පත් කරන්නේ
වෛද්‍ය ආඥා පනතට අනුව
විෂය භාර අමාත්‍යවරයා විසින්
වසර පහක කාලයක් සඳහා බවත්
කාලෝ ෆොන්සේකා "දෙවන ධුර කාලයේ"
වැඩ භාරගෙන මාස හයක් ගතවී ඇත.
එබැවින් තවත් වසර හතරහමාරක් ඉතිරිව ඇතැයි
වෛද්‍ය පාදෙණිය කියන්නේ
"ධුර කාලය දීර්ඝ කිරීම" පත් කිරීමකට සමානයි
යන අඳ බාල උපකල්පනයෙන්.

වෛද්‍ය පාදෙණිය ඇතුළු වෛද්‍ය සංගමය
මෙතරම් බොළඳ වන්නේ කෙසේදැයි
ඇදහිය නොහැකි තරම්ය.

එහෙත් ස්වභාවයෙන්ම වෛද්‍යවරු
නීති කටයුතු වලට අසමත්ය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS කියල
නිර්ණායකයක් සකස් කරල තියනවා.
මේ නිර්ණායකය ඒ අයුරින් පිළිගන්න
වෛද්‍ය සිසුන් කැමති නැහැ.

අවම සුදුසු කම SSS කිව්වාම
වෛද්‍ය ශිෂ්‍යයාට ලොකු ගැටලුවක්.
ඔහු අහන්නෙ "එහෙම වෙන්නෙ කොහොමද?
අපේ එක පීඨයකවත් SSS කවුරුවත් නැහැනෙ?"

වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම
SSS කියල වෛද්‍ය සිසුන් පිළිගන්නෙ නැත්තෙ
දැන් වෛද්‍ය විද්‍යාලෙ SSS අය නැති නිසයි.

අවම සුදුසුකම ප්‍රකාශ කරන්න
එක වසරක ඉන්න සිසුන්ගෙ ප්‍රතිඵලවලින් බැරි බව
ඔවුන් කෙසේවත් වටහා ගන්නෙ නෑ.

ජීව විද්‍යා උසස්පෙළ ප්‍රතිඵල තියන
වෛද්‍ය සිසුන්ට මේ අවම සුදුසුකම් කතාව
තේරුම් ගන්න බැහැ.

අවම සුදුසුකම කියන්නෙ
ඒ වසරෙ අවම ප්‍රතිඵල නොවෙයි,
හැමදාටම පොදු නීතියක් බව
වෛද්‍ය විද්‍යාත්මක චින්තන රටාවෙන් සිතන
වෛද්‍ය ශිෂ්‍යයාට තෙරුම් ගන්න බෑ.

තමන්ගෙ මිම්ම කෝදුවක් වුණ පළියට
වතුරෙ දිග මනින්න බැහැනෙ.
වතුරෙ දිග මනින්න පරිමාව යොදාගන්නත්
ඔහු සූදානම් නෑ.

එක් විෂය ධාරාවක දැනුම් රටාවකට හුරු වුණ
කෙනෙකුට තවත් විෂය ධාරාවක ගැටළුවක්
මාහා ප්‍රහේළිකාවක් වෙන්නෙ ඇයි?

එක විෂය ධාරාවකින් මොළයෙ ඇති කරන
ක්‍රියාකාරී රටාව ඒ ධාරාවට පමණක් ආවේණිකයි.

වෛද්‍ය ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
නීති ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
ගිණුම්කරණ ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
ඉංජිනේරු ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
ආදී වශයෙන් විවිධ චින්තන රටා
එකිනෙකට ඉතාමත්ම වෙනස්.

වෛද්‍ය ශිෂ්‍යයාගෙ ගැටළුවකදි
ඔහු ඇති කරගන්න උපකල්පන මත
පරීක්ෂණ පවත්වමින් නිගමනවලට එළඹෙනවා.
බටහිර වෛද්‍යවරයාට
රෝගය නිශ්චිත නැත්නම්
ප්‍රතිකාර කරන්නෙත් ඒ විදියටමයි.

ඔහු අවම සුදුසුකම වශයෙන්
අද වෛද්‍ය පීඨවල ඉන්න සිසුන්ගෙ ප්‍රතිඵල
උපකල්පනය කරමින් සොයා බැලුවම
ඔහුට ලැබෙන දත්ත SSS වලට වඩා ඉහළයි.
ඔහුගෙ චින්තන රටාවට අනුව
වෛද්‍ය පීඨයෙන් පීඨයටත් අවම සුදුසුකම වෙනස්.
ඉතින් ඔහු අපට පෙන්වන්නෙ ඒ දත්තයි.

ඔහු හිතන විද්‍යාත්මක රටාව අනුව
ඔහුගෙ කෝඑණයෙ දෘෂ්ඨියට අනුව
ඔහු නිවැරදි බව ඔහුට සහතිකයි.
කොපමණ පැහැදිලි කළත්
ඔහු වටහාගන්නෙ නෑ.

නීති ශිෂ්‍යයා හිතන්නෙ ක්‍රියා කරන්නෙ
දැනට රටේ "පවතින නීති" අනුවයි.
ඒ නීති ප්‍රායෝගිකව
රටේ පවතින ආකාරය
ඔහුට අදාළ නෑ.
තමන්ගෙ ගැටලුව විසඳාගන්නට
වඩාත්ම නීත්‍යානුකූල ක්‍රමයට
තමන්ට සොයාගත හැකි විසඳුම
පවතින නීති රටාව තුළ
නීති ශිෂ්‍යයා සොයනවා.

වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS
ඔහුගෙ ක්ෂෙත්‍රයට අදාළ වෙන
සරල නිර්ණායකයක්.

ඒ නිර්ණායකය සත්‍ය වෙන්න නම්
ඒ සුස්දුසුකමෙන් සිසුන් ගත යුතුයි
කියා ඔහු හිතන්නෙ නෑ.
SSS සුදුසු කම ඇති කෙනෙක්
ක්වදාවත්ම බඳවා නොගත්තත්
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS කියා
නීති ශිෂ්‍යයා පිළිගන්නවා.

වෛද්‍ය ශිෂ්‍යයාත් නිකමට හෝ කලක්
නීතිය හැදෑරුවොත් ඔහුට මේ වෙනස
හඳුනාගත හැකි ප්‍රමාණයටවත්
මොළයෙ නීතිමය ප්‍රදේශය
උත්තේජනය කරගන්න පුලුවන්.

ඔවුන්ගෙ මොළයෙ නීතිගරුක ප්‍රදේශය
ඔවුන් කවදාවත් පුහුණු කරල නෑ.

වෛද්‍ය පාදෙණිය, වෛද්‍ය කාලෝ පවා
මේ නීතිමය ඌණතාවයෙන් පෙළෙනවා.
නීති වෙනස් කරගන්න අයුතු බලපෑම් කිරීමට
ඔවුන්ගේ සිතුවිලි ඔවුන් පොළඹවන්නේත්
ඒ අනුව නීතියට අභියෝග කරමින්
නීතියට නින්දා අවමන් කරමින්
ඔවුන්ගේ උගත්කම්වලට නොසරිලන සේ
හිරිකිතයක් නැතිව හැසිරෙන්නේත්
මේ ඌණතාවය නිසයි.

වෛද්‍ය ශිෂ්‍යයෙකුට මහා ගැටළුවක් වන
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS නීතිය
නීති ශිෂ්‍යයෙකුට නම් මොහොතෙන් වැටහේවි.

වෛද්‍ය ශිෂ්‍යයෙකුගෙ භාෂාවෙන්
ඔවුන්ගෙ ක්ෂේත්‍රයෙ අවස්ථාවක්
අපිට සලකා බලන්න පුළුවන්.

මොළයට හානියක් නොවෙන්න
අවශ්‍ය අවම ඔක්සිජන් ප්‍රමාණය
සියයට 80ක් කියල අපි කිව්වොත්
එක් නිශ්චිත රටක මිනිස්සු
කවදාවත් එතනට නොබහින්න පුලුවන්.
ඒ නිශ්චිත පිරිසෙ අයගෙ මොළය පත්වෙන
අවම ඔක්සිජන් සීමාවෙ දර්ශකය
සියයට 90ක් වුණා කියලා ඒ නිසා
මොළයට හානියක් නොවෙන්න
අවශ්‍ය අවම ඔක්සිජන් ප්‍රමාණය
සියයට 70 කියල නියම කරන්න
ඒ පිරිසට අයිතියක් නෑ.

දැන් මේ ලිපිය කියවා
වෛද්‍ය ශිෂ්‍යයන් මගෙන් අහන්නෙ
මේ අවම ඔක්සිජන් ප්‍රමාණයත්
අවම සුදුසුකමත් සැසඳෙන්නෙ කොහොමද
කියල වෙන්න පුලුවන්.

[ පසු වදනක් ]
වෛද්‍ය ක්ෂේත්‍රයේ අයට
මේ සරල සත්‍යය වටහා ගැනීම
මෙතරම් අසීරු වෙන වෙනත් හේතුවක්
අපිට දකින්න පුලුවන්.

වෛද්‍යවරුන්ගේ උසස් පෙළ ප්‍රතිඵලය
ප්‍රසිද්ධියේ හෙළි නොකරන සමහරු
 සමාජයේ වෙසෙන්නේ
උසස්පෙළ ප්‍රතිඵල ලෙස AAA ගත්
වෘත්තිකයන් පිරිසක් වගෙයි.
සමාජයේ උසස්පෙළ නැති අය
ඔවුන් හෙළා දකින්නෙත් ඒ නිසයි.

මේ මාන්නය ඇති පිරිසට
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS කීම
මදිකමක් ලෙස හිතෙනවා ඇති.

ඒ නිසාත් ඒ මට්ටමේ අය අප අතර නෑ
කියා වාද කරනවා විය හැකියි.

මේ දෙකෙන් කුමක් මුල්වේද යන්න
අවස්ථාවෙන් අවස්ථාවට සලකා බලා
තීරණය කළ යුතුයි.








රජයේ වෛද්‍ය සංගමයේ අතීතයෙන් බිඳක් -'රාවය'

වාර්ෂික ආදායම රුපියල් කෝටි 2.5ක් වන සංගමයේ 
කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා පමණක් 
රුපියල් කෝටි 1.7ක් වැයවී ඇත. 
මිලියන 25න් 17ක්ම කාර්යාලය පවත්වාගෙන යෑමට නම් 
අනෙක් වැඩ කටයුතු සඳහා ඉතිරිවන්නේ 
මිලියන 8ක මුදලක් පමණි. 

සංගමයක ප‍්‍රධානම කාර්යභාරය 
කාර්යාලය පවත්වාගෙන යෑමද? 

 රජයේ වෛද්‍ය සංගමය පිළිබඳව
2014 මැද දී 'රාවය' පුවත් පතට තරිඳු උඩුවරගෙදර ලියූ ලිපියක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලද්දේ 1926 වර්ෂයේදීය. ලංකාවේ පැරණිතම සහ ප‍්‍රබලතම වෘත්තීය සමිතියක් ලෙස පිළිගනු ලබන එම සංගමය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලතම වෘත්තීය සමිතියයැ’යි හැඳින්වීමෙහිද වරදක් නැත.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තීරණාත්මක අවස්ථාවලදී සටන්කාමී ලෙස ක‍්‍රියාත්මකවෙමින් වෛද්‍ය සංගමය ලබා ගත් ඓතිහාසික ජයග‍්‍රහණ ලංකාවේ වෙනත් වෘත්තීය සමිතිවලටද ආදර්ශයක් විය. වැඩිම කාලයක් 88-89 කාලයේදී අඛණ්ඩව වැඩ වර්ජනය කොට ධවල පත‍්‍රිකාව පරාජය කිරීමේ සටනෙහි පෙරමුණ ගත්තේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන්ගේ බලපෑම් හේතුවෙන් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගැනීමටද එවකට සිටි එජාප ආණ්ඩුවට සිදුවිය.

විද්වත් වෘත්තීය සමිතියක් ලෙසද ගෞරවයට පාත‍්‍රවී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මේ වනවිට විධායක කමිටුව වාරණයට ලක්වී තිබෙන අකර්මණ්‍ය වෘත්තීය සමිතියක් බවට පත්ව ඇත. සංගමය අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින්ද ඔවුන්ට එල්ල වී ඇත්තේ චෝදනාය. වෘත්තීය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන බලය නිසාම මේ චෝදනා ගැන සොයා බැලිය යුතුමය.

දූෂිත නිලවරණය

 මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2014 නිලවරණය හා විධායක කමිටුව සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග 5ක් ක‍්‍රියාත්මකවෙමින් පවතියි. ගල්කිස්ස දිසා අධිකරණය ලබා දුන් තීන්දුවක් අනුව නිලවරණයෙන් පත් කරගන්නා ලද නව විධායක කමිටුව වාරණයට ලක් කර ඇත.

නිලවරණය පිළිබඳව සංගමයේ විධායක කමිටුවේ හිටපු සාමාජිකයෙක් රාවයට මෙසේ අදහස් දැක්වූයේය.

‘අනුරුද්ධ පාදෙණිය පාර්ශ්වය 2014 නිලවරණයේදී උප සභාපති තනතුරට යෝජනා කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකාවක්. ඒක ව්‍යවස්ථානුකූල නොවන හින්දා පිරිසක් නිලවරණ කමිටුවට ඒ බව පැමිණිලි කළා. එහෙත් නිලවරණ කමිටුව එය නීත්‍යනුකූලයි කියලා තීන්දු කළා. ඇත්තටම නිලවරණ කමිටුව ස්වාධීන නැහැ. ඒක සභාපතිවරයාගේ පාලනය යටතේ තියෙන්නේ. මේ නිසා පිරිසක් අධිකරණයේ නඩුවක් දැම්මා. නඩු තීන්දුව ලැබෙන්නේ උප සභාපති තනතුර සඳහා පාදෙණිය පාර්ශ්වයේ යෝජනාව නීත්‍යනුකූල නොවන එකක් කියලා. ඒ නමත් නීත්‍යනුකූල නොවන එකක්. ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය කරන එකත් තහනම් කරනවා. ඒත් අධිකරණ නියෝගය නොතකා කලින් විදියට ඡන්දය තියන්න මේ අය උත්සාහ කළා. මේ නිසා වෛද්‍යවරු පිරිසක් ඡුන්දය දූෂිතයි කියලා තවත් නඩුවක් ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනු කරනවා. එතැනින් තීන්දුවක් ලැබෙනවා නිලවරණය පවත්වන්න එපා කියලා. ඒත් අධිකරණ නියෝගය ඉදිරිපත් නොකර මේ අය අභියාචනාධිකරණයේ තීන්දුවක් ලබාගන්නවා උප සභාපති තනතුර නොමැතිව ඡන්දය පවත්වන්න. ඒත් ගල්කිස්ස අධිකරණයේ තීන්දුව අහෝසි වුණේ නැහැ.’

ජූනි 28 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුව නිලවරණය පවත්වන අතර එය අධිකරණයට අපහාස කිරීමක් බව පවසමින් විරුද්ධ පාර්ශ්වය නැවතත් ගල්කිස්ස දිසා අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. දිසා අධිකරණයෙන් නිලවරණයේ තනතුරු සඳහා වාරණයක් ලබාදී අගෝස්තු 4 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස විධායක කමිටුවට දැනුම් දී තිබේ. මෙම අධිකරණ ක‍්‍රියාමාර්ග 4ට අමතරව සංගමයේ භාරකාරීත්වය දරන සාමාජිකයන් දෙදෙනෙකු විසින්ද අනෙක් සාමාජිකයන් තිදෙනා වන ප‍්‍රසන්න දසනායක, පබා පලිහවඩන, සමන් අභයවර්ධන යන වෛද්‍යවරුන් තම අදහස් නොවිමසා ඒකපාර්ශ්විකව කටයුතු කර ඇතැ’යි නඩු පවරා තිබේ.

‘දැන් අනුරුද්ධ පාදෙණිය පිලේ කණ්ඩායමක් ප‍්‍රචාරයක් ගෙනියනවා මේ අධිකරණයට ගිහින් තියෙන්නේ බාහිරින් මුදල් ලබන ද්‍රෝහීන් පිරිසක් කියලා. මේක දැන් ආණ්ඩුව ගේන දේශද්‍රෝහී තර්කය වගේ එකක්. අධිකරණයට ගියේ හත්දෙනෙක් නිසා මේ අය කියන්නේ හත්දෙනයි විරුද්ධ කියලා. එහෙමනම් ඒ අයටත් ඉන්නේ විධායක කමිටුවේ 13 දෙනෙක් විතරයි. සංගමය ඇතුළෙන්ම මේ අයට දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.’ රාවයට අදහස් පළ කළ සාමාජිකයා වැඩිදුරටත් කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යම් බෙදීමක් ඇතිවී තිබෙන බව ලබාදී ඇති නඩු තීන්දුවලින් සහ සංගමයේ හිටපු සභාපතිවරයාට එරෙහිව නැගී ඇති චෝදනාවලින් හෙළිවේ.

‘2000 අවුරුද්දේ ඉඳන් තමයි අනුරුද්ධ පාදෙණිය මහතා සංගමයේ බලය අල්ලන්න පටන් ගත්තේ. දැන් සම්පූර්ණයෙන්ම වගේ සංගමයේ ප‍්‍රධාන තනතුරු ඔහුගේ පාලනය යටතේ තියෙන්නේ. නිලවරණ කමිටුවත් භාරකාර මණ්ඩලයත් සංගම් ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළ නිසා තමයි මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ. දැන් සංගමයේ තනතුරු වාරණය වෙලා තියෙන නිසා භාරකරුවන් විසින් අන්තර්වාර කමිටුවක් පත් කරන්න ඕනෑ. ඒත් මේ අය පාදෙණියගෙ ළඟම හිතවතෙක් වෙච්ච චන්දික එපිටකඩුව මාධ්‍ය ප‍්‍රකාශක කරලා සංගමය තවමත් වෛද්‍ය පාදෙණියගේ යටතේ තියාගෙන ඉන්නවා. ඇත්තටම කිව්වොත් වෛද්‍ය පාදෙණිය බයයි අන්තර්වාර කමිටුවකට තාවකාලිකව බලය දෙන්නවත්. ඒක නිසා තමයි ජූනි 28 වැනිදා තමන් අතේ බලය තිබියදීම ඡන්දය තියන්නේ. ඡන්දය කල් ගියා නම් ඒක පවත්වන්න වෙන්නේ ස්වාධීන කමිටුවක් යටතේ.’

විධායක කමිටුවට සංගමයේ අභ්‍යන්තරයෙන්ම චෝදනා රැසකි. කමිටු සාමාජිකයන් අසාමාන්‍ය ලෙස පශ්චාත් උපාධි සමත්වීමත්, ජනප‍්‍රිය පාසල්වලට සාමාජිකයන්ගේ දරුවන් ඇතුළත් කිරීමේදී විධායක කමිටුව ක‍්‍රියාකරන පක්ෂග‍්‍රාහී ස්වභාවයත් සාමාජිකයෝ ප‍්‍රශ්න කරති.

සංගමයේ සාමාජිකයන් පවසන ආකාරයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ පාර්ශ්වය නිලවරණ පවත්වන්නේද වත්මන්(2014) ආණ්ඩුව මෙන් බලය අතැ’තිව දූෂිත ආකාරයටමය. ආණ්ඩුවේ සිංහල බෞද්ධ ඡුන්ද පදනම මෙන් පාදෙණිය පාර්ශ්වයේ ඡුන්ද පදනම වන්නේ අලූතෙන් පත්වීම් ගත් තරුණ වෛද්‍යවරුන්ය. නවක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඡන්ද ලබාගැනීමට ඔවුන් විවිධ ආකාරයෙන් ක‍්‍රියාත්මක වන බව අනෙක් පාර්ශ්වය පවසයි.

‘දැන් අලූතෙන් පත්වෙච්ච විධායක කමිටුව වාරණය කරලා තියෙද්දීත් සංගමයේ වියදමින් පිරිසක් සාමාජිකයන්ට එස්එම්එස් යවනවා සංගමය දුර්වල කරන්න බාහිර පාර්ශ්ව කටයුතු කරනවා කියලා. අපි ඇත්තටම විරුද්ධ වූයේ සංගමයට නෙවෙයි. අනුරුද්ධ පාදෙණිය මහතා ප‍්‍රමුඛ කණ්ඩායමට. ඡන්දයට කලිනුත් මේ අය ඡුන්දය දෙන අයට එන්න බස් දීලා කන්න බොන්න දීලා වෛද්‍ය පාදෙණියගේ ප‍්‍රචාරක කටයුතු කළා. ප‍්‍රාදේශීය වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවලා ඡන්ද කරන්නේ නැත්තේ මේ වාසිය ලබාගන්න බැරි නිසා. මේ නිසා මෑත කාලේ ප‍්‍රකාශ වුණේ ඡන්ද ඉතා අඩුවෙනුයි.’

කිසිවෙකුගෙන් චෝදනා නොලබන ආකාරයට මධ්‍යස්ථව සංගමයේ නිලවරණ පැවැත්විය යුතුය. ඒ සංගමයේ නිලධාරීන් බහුතර සාමාජිකයන්ගේ මතය ඉදිරිපත් කළයුතු නිසාය. කණ්ඩායම් වශයෙන් බෙදී පවතින්නේ නම් එය එක් වෘත්තීය සමිතියක් නොවේ, දෙකකි.

මූල්‍ය චෝදනා

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල දරන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ පාර්ශ්වයට මූල්‍යමය චෝදනා ද එල්ල වී ඇත. සංගමයේ 2013 වර්ෂයට අදාළ විගණන වාර්තාවෙහි කරුණු රැුසක් පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් චෝදනා කර ඇත.

වාර්ෂික ආදායම රුපියල් කෝටි 2.5ක් වන සංගමයේ කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා පමණක් රුපියල් කෝටි 1.7ක් වැයවී ඇත. මිලියන 25න් 17ක්ම කාර්යාලය පවත්වාගෙන යෑමට නම් අනෙක් වැඩ කටයුතු සඳහා ඉතිරිවන්නේ මිලියන 8ක මුදලක් පමණි. සංගමයක ප‍්‍රධානම කාර්යභාරය කාර්යාලය පවත්වාගෙන යෑමද?

සංගමයේ සේවක වැටුප් සඳහා රුපියල් ලක්ෂ 58කට ආසන්න මුදලක් වෙන් කර ඇතත්, දැනගැනීමට ලැබෙන ආකාරයට කාර්යාලයේ ස්ථිර සේවකයන් සිටින්නේ දහයටත් අඩු ප‍්‍රමාණයකි. අනෙක් අතට සේවකයන්ගේම සේවක අර්ථසාධක අරමුදල් සඳහා වියදම් කර ඇත්තේ රුපියල් ලක්ෂ 3.5ක් පමණකි. 56 ලක්ෂයක වැටුප් ලබන සංගමයේ අනියම් සේවකයෝ කවරහුද?

මීට අමතරව සංග‍්‍රහ වියදම් සඳහා රුපියල් ලක්ෂ 26ක්ද, ප‍්‍රවාහන වියදම් ලෙස රුපියල් විසි දෙලක්ෂ හතළිස් නව දහසක්ද තවත් මෙවැනිම සැකසහිත අධික වියදම් රැසක්ද සාමාජිකයන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.

වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සාමාජිකයන් සඳහා වාහන ස්ටිකරයක් අලෙවි කර ඇති බවත් එක් ස්ටිකරයකින් රුපියල් 450 බැගින් ලබාගෙන ඇති බවත් දැනගැනීමට ලැබිණි. වෘත්තීය සමිති ආඥා පනත අනුව වෘත්තීය සමිතියකට ව්‍යාපාර කළ නොහැකිය.

සංගමය වාරණය කළ අවස්ථාවේදී ව්‍යවස්ථානුකූලව අන්තර්වාර කමිටුවක් හරහා මූල්‍ය පරිපාලනය සිදුකිරීම වෙනුවට සාමාජිකයකුගෙන් රුපියල් 1000 බැගින් එකතු කිරීමටද කටයුතු කර ඇත. නිලතල වාරණය කර ඇති අවස්ථාවක මුදල් එකතු කිරීම ගැටලූවකි. නිලධාරීන් සංගමයේ නාමය භාවිත නොකරන බැවින් එය ආයතන සංග‍්‍රහය ඉක්මවා යෑමක්ද විය හැකිය.

දෑත් පිරිසිදු නම්

 තවත් චෝදනා මල්ලකි. එවැනිම බරපතළ චෝදනාය. අභ්‍යන්තරයෙන් පමණක් නොව බාහිරින්ද චෝදනා ය. මේ සියලූ චෝදනාවලට අමතරව පැහැදිලි පිළිතුරු නොලැබුණු චෝදනා රැුසක් පෞද්ගලිකව අනුරුද්ධ පාදෙණිය මහතාටද එල්ල වී ඇත. මේ සියල්ලට පිළිතුරු ලබාදී තම දෑත්වල පිරිසිදුභාවය ඔප්පු කර පෙන්වා තනතුරුවල රැුඳී සිටීම වෘත්තීය සමිති නායකයන් ගතයුතු මගය.

තනතුරෙන් පෞද්ගලික වාසි නොලැබෙන්නේ නම් තවත් පිරිසකගේ අප‍්‍රසාදය මත තනතුරු දැරිය යුතු නැත.

අනෙක් අතට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් අනෙක් සමාන්තර වෘත්තීය සමිතිවල සතුරෙකු ලෙස පෙනී සිිටිය යුතු නැත. අවශ්‍යවන්නේ වෘත්තියේ පොදු මතය නියෝජනය කිරීම පමණි.

සියලූ වියදම් විගණනය කර තිබෙනවා – වෛද්‍ය චන්දික එපිටකඩුව – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශක

 ඇතැම් අය විවේචනය කරන සංගමයේ වාර්ෂික විගණන වාර්තාව වසර ගණනක් තිස්සේ සංගමයේ ගිණුම් විගණනය කරන සමාගම විසින්ම කරන ලද නීත්‍යනුකූල ලියවිල්ලක්. එය මහා සභාවේදී ඒකමතිකව සම්මත වුණා. එය ලාභද පාඩුද කියලා කියන්න ඕනෑ කෙනෙක්ට පුළුවන්. කවුරුත් මේකේ නීත්‍යනුකූලභාවය ප‍්‍රශ්න කළේ නැහැ.

සංගමයට ආහාරපානවලට, ප‍්‍රවාහනයට ලොකු වියදමක් යනවා තමයි. අපේ සාමාජිකයන් 20,000ක් පමණ ඉන්නවා. වසරක් තුළ සංගමයේ විවිධ රැස්වීම් විශාල ප‍්‍රමාණයක් පවත්වන්න වෙනවා. ඒ රැස්වීම්වලයි, සංග‍්‍රහ වියදම්, ප‍්‍රවාහන වියදම් සිද්ධ වෙනවා. මේ අය මේ දේවල් හදිසියේ හොයාගත්ත දේවල් වගේ උළුප්පලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒත් අපි මේ සියලූ වියදම් නීත්‍යනුකූලව විගණනය කරලා තියෙනවා. විවේචනය කරන අය කියන්නෙත් වියදම් වැරදියි කියලා නෙවෙයි, වැඩියි කියලායි.

චෝදනාවක් තියෙනවා මෙවර නිලවරණයේදී ප‍්‍රකාශ වෙලා තියෙන ඡුන්ද ප‍්‍රමාණය අඩුයි කියලා. එහෙත් මෙවර නිලවරණය පැවැත්වුණේ තනතුරු 5ක් සඳහා පමණයි. ඒ නිසා මෙවර ඡන්දය ලබාදෙන්න වෛද්‍ය නිලධාරීන් උනන්දුවක් දැක්වූවේ නැහැ.

අධිකරණ තීන්දුවක් මගින් සංගමයේ විධායක කමිටුව වාරණයට ලක් කළත් සංගමය ක‍්‍රියාත්මක වෙනවා. සංගම් කාර්යාලයේ සේවකයන්ට පඩිනඩි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපට සිද්ධ වුණා වාරණය කළාට පසුව මේ කටයුතු සඳහා සාමාජිකයන්ගෙන් මුදල් එකතු කරන්න. නිලතල භාවිත කිරීමේ ගැටලූවක් තිබුණත් අපට ඒ විදියට ක‍්‍රියාත්මක වෙන්න සිද්ධ වුණා.

අන්තර්වාර කමිටුවක් පත්කර ගන්න සංගම් ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන තිබුණත් මේ අවස්ථාවේ ඡන්දයෙන් පත්වෙච්ච විධායක කමිටුවක් ඉන්න නිසා අන්තර්වාර කමිටුවක් පත්කරන්නේ නැහැ. එහෙම කළොත් වාරණය ඉවත් කළ පසුව ක‍්‍රියාකාරී කමිටු දෙකක් ඇතිවෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් තවමත් පෙනී සිටිනවා.

ඔවුන් මුළු ක්ෂේත‍්‍රයම දුර්වල කරනවා –
සමන් රත්නප‍්‍රිය – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සටන්කාමී ඉතිහාසයක් තිබුණා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පෞද්ගලිකකරණයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ සම්මේලනය නිර්මාණය කළ අවස්ථාවේ අප ලේකම් වශයෙනුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති එහි සභාපති වශයෙනුත් ක‍්‍රියා කළා. ඒත් මෑත කාලයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් වශයෙන් සාමූහිකව කේවල් කිරීම කියන ජාත්‍යන්තර මට්ටමේ සාධකවලින් විතැන් වෙලා තියෙනවා.

ඔවුන් හිතාමතාම අනෙක් වෘත්තිකයන් අතර ගැටුම නිර්මාණය කරනවා. සමසෞඛ්‍ය ප‍්‍රශ්නයේදීත්, සූතිකාගාර පුහුණුව සම්බන්ධ ප‍්‍රශ්නයේදීත් ඔවුන් හැසිරුණේ ඉතාම නරක විදියටයි.

මෑත කාලයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ වගේම රටටම බලපාන පොදු කාරණාවලදී මේ සංගමය නිහඬව හිටියා. අපි හොඳින්ම දැක්කා විශ‍්‍රාම වැටුප් පාරිතෝෂිකය අහිමිවීමේ අවදානමක් ඇතිවූ අවස්ථාවේදී වගේම අසාධාරණ ලෙස විදුලි ගාස්තු වැඩිවූ අවස්ථාවේදීත් සියලූ වෘත්තීය සමිති පාහේ ක‍්‍රියාමාර්ගවලට එළැඹෙන විට මෙම සංගමය ප‍්‍රකාශයක්වත් නිකුත් කළේ නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන්නේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ එකම උපාධිධාරීන් විදියට අධිපතිවාදයක් ක‍්‍රියාත්මක කරන්න. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෙනත් අයට අදාළ තනතුරු විශාල ප‍්‍රමාණයක් ඔවුන් බලහත්කාරයෙන් වෛද්‍යවරුන්ට පවරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ විතරක් වෛද්‍යවරු 125ක් වෛද්‍ය වෘත්තියෙන් පිට රාජකාරිවල යෙදෙනවා. වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් අමතක නොකළ යුතුයි.

මේ වෙනකොට සෞඛ්‍ය පරිපාලනය වෛද්‍යවරුන් හරහා සංගමයේ නිලධාරීන් පිරිසක් අතට අරන් තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයම දුර්වල කරන්න මේ සංගමයට හැකියාවක් තිබෙනවා.

මූලාශ්‍රය – තරිඳු උඩුවරගෙදර (රාවය)

20170628

මා ලියන්නේ මුදලටද?


https://www.facebook.com/groups/slpolls/permalink/1355775734476074/
ඔබ හිතන්නේ කොහොමද?
ඔබට මේ ප්‍රශ්නය අදාළ නම් හිතන දේට ඡන්දය දෙන්න.

.
මිනිස්සුන්ට මුදල් ගෙවා පෝස්ට් ලියවා ගත හැකියි කියා
සයිටම් විරෝධීන් බොහෝ දෙනෙක් තදින් විශ්වාස කරනවා.
ඔවුන් එසේ සිතන්නේ කෑදර කම නිසාද?
දුප්පත් කම නිසාද?
.
මුදලට ලියනවා කියා
ලියන දේ පසුපස තියන හැඟීමේ අගය
බාල කරන්නද?
.
සයිටම් විරෝධීන්
මුදලට වැඩ කරන අය නොවෙන බව පෙනෙනවා.
ඔවුන් බොහෝ දෙනෙක්
නිකන් ඔහේ කියවන අය බව පෙනෙනවා.
ඔවුන්ට මුදල් ගෙවන කෙනෙක් ඉන්නවා නම්
ඔවුන් මන්ද බුද්ධිකයන් විය යුතුයි.
හිස් අදහස් වලට මුදල් ගෙවන්නේ නෑ.
.
මා මුදලට ලියනවා කියා කෙනෙක් කියද්දී
මට සියුම් සතුටක් තෘප්තියක් ඇති වෙනවා.
මා ඒ අදහස දකින්නේ ප්‍රසංශාවක් වගෙයි.
.
මුදල් ගෙවා කෙනෙකුට කියා
ප්‍රසිද්ධ අදහසක් ලියා ගන්නට
ඔහුගේ අදහස, ශෛලිය, සිදුවෙන වෙනස
වටිනාකමක් තිබෙන මට්ටමේ විය යුතුයි.
.
මම වෙළඳ ප්‍රචාරණය
මුදලට, රැකියාවට කළ කාලයක් තිබුණා.
මට එය එදා ලැජ්ජාවක් වුණේ නෑ.
අදත් මුදලට මේ කරන දේ කළත්
මට ලජ්ජාවක් නෑ.
.
මා මේ කරන දේට මුදල් ගෙවනවා
කියා ඔබ සිතනවා නම් සිතන්න.
මුදල් ගෙවන්නෙ නෑ
කියා ඔප්පු කරන්නට මටත් බෑ.
මුදල් ගෙවනවා
කියා ඔප්පු කරන්නට ඔවුන්ටත් බෑ.
ඒ සැකය එසේ තිබුණාවේ.
.
මා ලියන්නේ මුදලට වුවත් නැතත්
මා ඉදිරිපත් කරන්නේ අදහසක්.
ඒ අදහස කාට හෝ පහළ විය යුතුයි.
.
මා මුදලට වැඩ කරනවා නම්
ඒ අදහස මගේ බොස්ට අයිති එකක්.
නැත්නම් මේ මගේම අදහස්.
.
අදහසේ හිමි කරු කවුරු වුණත්
අදහස නිවැරදි නම් අදහස ගන්න.
නැත්නම් ඉවත් කරන්න.
.
ගමන කුමක් වුවත්
අවසන් විය යුත්තේ එතැනින්.
''''''''''''''''''''''''''''''





20170625

සයිටම් විරෝධයේ නියමු, ජවිපෙ නායක අනුර කුමාරට සම්මානයක්.


සයිටම් විරෝධයේ නියමු
ජවිපෙ නායක අනුර කුමාරට
අත් හිටවන ලද සම්මානයක්.

ප්‍රිය අනුර සහෝදරය,
ඔබ වරදක් කළෙහිය.
බරපතළ වරදක් කළෙහිය.
නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු තරම්
බරපතල වරදක් කළෙහිය.

ඔබ පෞද්ගලික අධ්‍යාපනයට ඉඳුරාම විරුද්ධ
දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන
රටේ හතර වෙනි බලවේගයේ පක්ෂ නායකයාය.

මේ මොහොතේද ඔබ
දරුවාට පෞද්ගලික අධ්‍යාපනය දීමේ අයිතිය
රටේ එක් නිශ්චිත ජන කොටසකට අහිමි කිරීම සඳහා
ඔබ පසුපස එන දරුවන්ගේ මළමිණී මතින් වුව ගමන් කරන්නට
දාමරික ත්‍රස්තවාදයේ මගට බැස සිටින්නෙකි.
ඒ ගමනට ඔවුන් පොළඹවන්නෙකි.

ජුනි 21 වෙනිදා ඔබේ දරුවන්
ඔබේ ප්‍රතිපත්තිය දිනවන්නට
ඔබ ඇතුළු සගයන්ගේ මෙහෙයුමෙන්
රටේ ජනතාව වූ අපේ පරිශ්‍රයකට
සියගණනක් පැමිණ බලෙන් ඇතුළු වී
මිලියන් ගණන් ලෙස තක්සේරු කෙරුණු අලාභ හානි කළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස තුවාල කරගත්
දරු දැරියන්ද වෙති.

පරිශ්‍රයේ ආරක්ෂාවට
අවශ්‍ය පියවර ගන්නට නියෝග ලබා
අලාභ හානි කළවුන් පරිශ්‍රයෙන් පිට කළ
නීත්‍යානුකූල රාජ්‍ය වෘත්තිකයන්ට එරෙහිව
නීති විරෝධී දාමරික ත්‍රස්තවාදීන් වෙනුවෙන්,
ජනතා මුදලින් ඉගෙන ගෙන, ජනතාවගෙන් පඩි ලබන
ඔබේ පාර්ශවයේ ගුණමකු වෘත්තිකයන් පිරිසක්
තම දුප්පත් දෙමාපියන් වැනිවූ අසරණයන්ට
නොයෙක් දුක් වේදනා පමුණුවමින් සිටිති.

මේ සියල්ලම සිදුවන්නේ ඔබේ ප්‍රතිපත්තිය වූ
නිදහ්ස අධ්‍යාපනය අහිමි දරුවන්ට
"පෞද්ගලික අධ්‍යාපනය අහෝසි කිරීම" වෙනුවෙනි.

තවම පටන්ගත්තා පමණය.
ඔබත් ඔබේ සටන් සගයා වන වෛද්‍ය පාදෙණියත්
රටට පැහැදිලිව ඉඟි කරන ආකාරයට
මේ සටන තවත් 88-89 අවිචාර සමයක්
බිහිකරන්නට අවකාශ ඇත.

ශීලාචාර සමාජයකට සුදුසු නැති තරම්
ද්වේශ සහගත සිත් ඇතිව වෙසෙන
තවෙකෙකුගේ දියුණුව දකින්නට බැරි පිරිසකට
වේලාසනින්ම අපෙන් සමුගෙන වෙන්ව යන්නට
දෙවරක්ම ඉඩ හසර සලසා දුන්නේ ජවිපෙය.
ඒ සමාජ සේවය තුන්වෙනි වරටත් කරන්නට
වෛද්‍ය පාදෙණියගේ නියෝජනයද සහිතව
තමන් භුක්ති විඳින සමාජ තත්වය
තවෙකෙකු  හා බෙදාගන්න බැරි ධනපති පිරිසක්
ඉහළ ධනපති පන්තියෙන්ද එක් කරගන්නට
ඔබ සමත් වී ඇති බව නොරහසකි.

ඔබ මේ සියල්ල කරන්නේ එකම අරමුණකිනි.

ඔබේ ක්‍රියාවෙන් පෙනෙන ඒකායන අරමුණ නම්
රජයෙන් දෙන සීමිත අවස්ථා මග හැරෙන
ඉමහත් කුසලතා ඇති දරුවෙකුටවත්
කොතෙක් මුදල් ඇති පියෙකුට වුවත්
පෞද්ගලික වියදමකින් හෝ ඉගැන්විය නොහැකි
අඳුරු වාතාවරණයක් රටෙහි ඇති කරන්නටය.

හාල් ගෝනියක් ගන්නට මුදල් ඇතත්
සතියට දෙදිනක් බත් කෑම තහනම් කළ
මුග්ධ ප්‍රතිපත්ති ඇති පරපුරකට නෑකම් කියන
ඔවුන් අතර බලවත්ම සාමාජිකයා වන ඔබ
ඒ කැප කිරීමෙන් මග හැරුණු කෑම වේල් හැර
රටට ඉන් ලද සෙතක් නැති බව දන්නෙහිය.

තමන්ගේ හිතලු, මායා සිහින වෙනුවෙන්
රටේ ජනතාවගේ අධ්‍යාපන නිදහසට
දැඩි අධිෂ්ඨානයෙන් අකුල් හෙලන ඔබ
පුද්ගලික ජීවිතයේ අනුගමනය කරන
පුද්ගලික ප්‍රතිපත්තියට අනුව නම්
අපට පුද්ගලික අධ්‍යාපනය අවශ්‍යය.

ඔබ සහ ඔබේ එකම පුතණුවන්
පුද්ගලික අධ්‍යාපනයෙන් ඵල ප්‍රයෝජන ලබන අතර.
ඔබ ලබන ප්‍රයෝජන අපට අහිමි කරන්නට
ඔබ අද සටන් වදින්නෙහිය.

කිසිදාක විය නොහැකි වුවත්
ඔබේ පාක්ෂිකයන් සිතන අයුරින්
ඔබට 2020 බලය ලැබුණොත්
ඔබ සහ ඔබේ සගයන් දිවි ගෙවන ආකාරය ගැන
පොඩි දරුවෙකුටත් වැටහෙන ප්‍රබල ඉඟියක්
ඔබේ ජීවිතයෙන්ම ඔබ සපයා තිබේ.

ජවිපෙ පාක්ෂිකයන් කුමක් කීවත්
දුරේක්ෂ දැක්මක් ඇති අතළොස්සක් වූ ජනතාව
ඔබේ කුහක පිළිවෙතින් කම්පනය වී ඇත.
ඒ දැක්ම නැතත් ඇස් ඇත්තාවූ අන් අය අතරද
ඒ කම්පනය එක් මොහොතකින් පැතිර ගියේය.
නින්නාදය මගින් සියල්ලන්ටම පසක් වූයේ
ඔබේ දේශපාලනයෙහි නිර්ලජ්ජිත නිරුවතයි..

පෞද්ගලික අධ්‍යාපනය ලක් බිමෙන් තුරන් කරන්නට
තවත් බලවේග රැස් කරගෙන ක්‍රියා කරන ඔබ
ඔබේ එකම පුතණුවන් මේ සියලු සටන් වලින් මුදවා
වෙනම පරිශ්‍රයක කුමාර ලීලාවෙන් ඇති දැඩි කොට
ඔබ විරුද්ධවන පෞද්ගලික අධ්‍යාපනයම ලබා දී
හොඳ රැකියාවක්ද ඔහුට ලබා දුන්නෙහිය.
ඔබද අප මෙන්ම දරුවන් ගැන සිතන
තවත් එක් පියෙකු ලෙස එහි කිසිදු වරදක් නැත.

වරද ඇත්තේ පක්ෂ නායකයෙකු ලෙස
ඔබ අපට සහ අපේ දරුවන්ගේ අනාගතයට
වින කටින්නට කැප වී ක්‍රියා කිරීමෙහිය.

රජයෙන් ලැබෙන අධ්‍යාපනික අවස්ථා සීමිතය.
සියල්ලන්ටම නිදහසේ අධ්‍යාපනය දෙන්නට
හැකියාව ඇති රජයක් පහළ වන තුරු
පුද්ගලික අධ්‍යාපනය පැවතිය යුතුය.
රටම සම්මාදම් වේ රට පුරා තනා ගත්
අධ්‍යාපනික දන්සැලවල සම්පත් සීමිතය.
දන්සැලේ කෑම නැතත් ශක්තිය පෙන්විය යුතුය.
අමතර ශක්තිය පතා ආපනශාලා වලින්
තමන්ගේ එදිනෙදා වියදම් කැප කොට
ඔබ මෙන්ම
දරුවන්ට අමතර ආහාර ලබා නොදෙන
දෙමව්පියන් ලංකාවේ නැත.

දන් සැලෙන් මෙන්ම අමතර ආපන ශාලාවලින්
සවි ශක්තිය ලබාගෙන පරීක්ෂණයට ගොස්
ඉහළම ශක්තිමත් බව පෙන්වන සියයට ගණනක්
ඉහළ පෙළේ ආහාර ලබා ගන්නට සුදුස්සෝ වෙත්.
සවි ශක්තිය ඉහළින්ම ඇති දරුවෝ පිරිසක්
දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ඉහළ වට්ටෝරුවට
නුසුදුස්සන් වී නිරාහාරව පසුවෙන අයට එක්ව
ඔවුන්ට සුදුසු තලයට වඩා පහල තලයකට
පෙර කරුමයට වැටෙති.

මේ පිරිස අතරෙහි සිටි ඔබේ පුත් කසුන්ට
පෞද්ගලික ආපනශාලාවකින් සිත්සේ ආහාර ගන්නට
ඔබ ක්‍රියා කළේ රටේ අන් දරුවන්ට
ඒ අයිතිය සපුරාම නැති කරන්නට සටන් කරමිනි.

ඔබ හෝ ඔබේ දරුවා කරන්නට නොසිතන
මහා කැපවීමක් ඔබ අපෙන් බලාපොරොත්තුවෙයි.
අපේ දරුවන් නිරාහාර කරන පිළිවෙතකට
ජීවිතය කැප කරන පක්ෂයක් මෙහෙයවන ඔබ
ඔබේ දරුවාට සිත්සේ ආහාර ලබා දීම
ඔබ අපට කළ සමාවක් දිය නොහැකි වරදයි.
ඔබ තුළද ඇත්තේ අපේම හැඟීම් වුවද
ඔබට අපේ දරුවන් හෝ අපේ හැඟීම් ගැන
හැඟීමක් හෝ ගෞරවයක් නැති බව
දැන් අපට සක්සුදක් සේ පැහැදිලිය.

මගේ කුඩා දරුවන්ට ඔබේ පිළිවෙත
ඔවුන් දන්නා උදාහරණ පෙන්වා
සරලව පැහැදිළි කර දුන්නෙමි.
ඔවුහු ඔබ ප්‍රතික්ෂේප කරන්නෝය.
ඔබ අසාධාරණ බව වටහා ගන්නට
අධි ප්‍රඥාවක් අවශ්‍ය නැත.

ඔබත් පක්ෂයත් මේ වරදෙන් නිදොස් කරන්නට
ඔබේ සගයන් සහ කෙටි දුර දකින ජවිපෙ පාක්ෂිකයන්
කවර ආකාරයේ අභූත අද්භූත කතන්දර කීවද
ඔබ වරදක් කළ බව ඔබ දන්නා බවත්
ඔබ ඒ වරද නිහඬව පිළිගන්නා බවත්
අපි අද දනිමු.

ඒ පිළිබඳව ගරු කරමු.
ඒ වරද පිළිගැනීමෙන් ඔබ හැදෙන බවක් නම්
අපට තවමත් දකින්නට නැත වුවද
කළ වරද පිළිගැනීම ගැන
තුන් වේලක් කන්නට හැකි පවුල් වල දෙවේලක් කමින්
දෙවේල කන්නට හැකි පවුල්වල එක් වේලක් කමින්
තමන්ගේ නිරාහාරව සයින් පෙළෙන දරුවන්ට
පුද්ගලික අධ්‍යාපන ශක්තිය ලබා දෙන
රටේ සියලුම දෙමාපියන් වෙනුවෙන්
අපි ඔබට අත්හිටවූ සම්මානයක් පුද කරමු.

ඔබ කවදාක හෝ ඔබ භාවිතා කළ අයිතිය
ඔබ මෙන්ම සිතන පෙරුම් පුරන අපටත් ලබා දෙන්නට
ඔබේ පිළිවෙත වෙනස් කළ දාක පැමිණ
මේ සම්මානය ලබා ගන්න.

එතෙක් ඔබ
දරුවන්ට පුද්ගලික අධ්‍යාපනය දිය හැකි
ඔබ වැනි පියවරුන් සියල්ලන්ටම එකසේ ද්‍රෝහි වී
අපට නොදෙන අයිතියක් තනිව භුක්ති විඳි
තවත් එක් ආත්මාර්ථකාමී දේශපාලනඝ්නයෙකු ලෙස
අදත් හෙටත් මතුත් සලකමු.




අන්තරේ පරාදයි. වෛද්‍ය සංගමය සටන පාවා දෙයි.

සිසුන්ට පහරදීම නිසා
අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කළ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
සිසුන්ට පහරදීම පිළිබඳව ලබාගත්තේ මොනවාද?

මෛත්‍රී සමග සාකච්ඡාවකි.
වෙනදා මෙන්ම ලබා ගත්
සුපුරුදු සයිටම් පොරොන්දු කිහිපයකි.

සිසුන්ට පහර දීම් ගැන වචනයක්වත් නැත.
පහර කෑ සිසුන් පාවා දෙනු ලැබ ඇත.

සයිටම් වැසෙන්නේ නැත.
රජයට පවරා ගන්නේත් නත.
ඒ ගැන වචනයක්වත් නැත.
පොලිස් ගුටිබැට, නින්දා, අවමාන
දාමරික චෝදනා හැර
අන්තරේ ලබාගත් දෙයක් නැත.
සටන පාවා දී ඇත.

වෛද්‍යවරු වර්ජනයෙන් ලබා ගත් විසඳුම්
සයිටම් සම්බන්ධ විසඳුම්ය.
ඔවුන්ට සයිටම් නිසා ඇති වෙන ප්‍රශ්නවලට විසඳුම්ය.

වෛද්‍ය සභාව තුළ
වෛද්‍ය සංගමය නියෝජනය කරන
ඔවුන්ගේ සටන් සගයා වන
සභාපති කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය
තව හය මසකින් දිගුවනු ඇත.
සයිටම් බඳවා ගැනීම් හා උපාධි ප්‍රදානය නතරවී ඇත.
වෛද්‍යවරු ඉල්ලන දේ ලැබී ඇත.
සටන පාවා දී ඇත.

සරසවි සිසුන් ඉල්ලූ පරිදි
සයිටම් වැසෙන්නේ නැත.
රජයට පවරා ගන්නේත් නැත.

ඒ ගැන වචනයක්වත් නැත.
ගුටි කෑ සිසුන් ගැන වචනයක්වත් නැත.

වෛද්‍යවරු ඉල්ලන දේ ලැබී සටන පාවා දී ඇත.
වෛද්‍ය සිසුන් කෑ ඇටි කෙසෙල් හිර වී ඇති බව
ඔවුන්ට වැටහෙමින් ඇත.

වෛද්‍ය සිසුන් තවත් වරක් පාරටම වැටී ඇත.


සෙරෙප්පු දෙක පවා අහිමි කරගත්
අන්තරේ නායකයන් සිරගතව ඇත.
අන්තරේ සිසුන් රෝහල් ගතව ඇත.
හබල බිඳ දමා ඔරුව තොටුපලේ දමා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගොඩවී ඇත

දාමරික කම් කොට ගුටි කෑ සිසුන්
ලබා ගත් කිසිවක් නැතිව තනිවී
බොඩිම් කාමරයට වී තුවාල ලෙවකද්දී
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
තරු පහේ හෝටලයක සඳැල්ලට වී
සවුදිය පුරනු ඇත.

රෝගී ජීවිත අනතුරේ
කියමින් ප්‍රචාරණයට කිව්වත්
අනතුරේ වැටෙන වරප්‍රසාද
චැනල් මැණික් ඉල්ලම් රැකීම හැර
රෝගී ජනතාව ගැන
ඔවුන්ට හැඟීමක් නැති බවත්
දන්නෝ දනිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට
මන්ද බුද්ධික දාමරික සරසවි සිසුන්ගේ මිස
ප්‍රඥාවන්ත ජනතා සහයෝගය නොලැබෙන්නේ
වෛද්‍ය සංගමයේ සමස්ත ක්‍රියා කලාපයම
ජනතාව නොමග යවමින්, රවටමින් ගෙනයන
මෙවැනි උප්පරවැට්ටි මත පදනම්වන
ආත්මාර්ථකාමී ව්‍යාපෘතීන් නිසාය.

බුද්ධිමතුන් ප්‍රශ්න විසඳාගන්නට හැඟීම් භාවිතා කළොත්
ඔවුන් පිළිබඳව අප තුළද උපදින්නේ හැඟීම්ය.
බුද්ධිමත් තර්කානුකූල සිතුවිලි නොවේ.

බහුතර ජනතාව තර්කානුකූලව නොසිතයි.
ඔවුන්ට හැඟීම් පහළ වෙයි.
තර්කය තර්කයෙන් බිඳිය හැකිය.
හැඟීමක් තර්කයෙන් බිඳිය නොහැකිය.
හැඟීම් අනුව යමින් තමන් රැවටුණු බව තේරුම් ගැනීම
හැඟීම් පහළ වන කුඩා දරුවෙකුට වුවද පහසුය.

සිසුන්ට පහරදීම හේතුවක් කරගෙන
ඔවුන් වැඩ වර්ජනයකට යොමු වන්නේ
සයිටම් නිසා හටගත් මානසික වේදනාවට
විසඳුමක් සොයමින් බව සමස්ත ජනතාවම දනියි.
ඔවුන් රවටනු ලබන බවද දනියි.

ජනතාව රැවටීමෙන්
වැඩ කරගන්නා කෙනෙකුට
ජනතා විශ්වාසය දිනා ගත නොහැක.

රටේ ඉහළම බුද්ධිමතුන් ලෙස
ඔවුන් විසින්ම හඳුන්වා ගත්තද
බුද්ධිය සහතිකයේ අකුරු ටිකක් වෙද්දී
කෝච්චියට බෙල්ල තබන්නේ
බුද්ධිය අකර්මණ්‍ය නිසාය.

රටේ ඉහළම බුද්ධිමතුන් පිරිසට
සරසවි සිසුන් පෙරමුණට යවා
දාමරික පහර දීම්, වැඩ වර්ජන වලින්
කූට උපක්‍රම මගින් ප්‍රශ්න විසඳාගන්නට සිදු වන්නේ
බුද්ධිය අංග විකල නිසාය.

වෛද්‍යවරුන්ගේ සංගමය
තමන් වෙනුවෙන් පෙරමුණට යැවුවේ
දාමරික බුද්ධියයි.
ඉන් පහර කෑ සරසවි සිසුන් පාවා දුන්නේ
අංග විකල බුද්ධියයි.

රටේ ඉහළම බුද්ධිමතුන්ගේ සහයට බුද්ධිය නැත.
ඔවුන් සමග ඇත්තේ අංග විකල දාමරික බුද්ධියයි.

නිසි ලෙස ප්‍රශ්න විසඳන ප්‍රඥාව ඔවුන් සතුව නැත.

ග්‍රාමසේවක මෛත්‍රී
රටේ ඉහළම බුද්ධිමතුන්ට වඩා
ප්‍රඥාවන්ත ලෙස කටයුතු කරයි.
ඔහු සයිටම් පවරාගන්නේත් නැත.
සයිටම් අහෝසි කරන්නේත් නැත.
ජනතාව පාවා දෙන්නේත් නැත.

20170624

සැබෑ පාලකයා දුර දැක්මක් ඇති මැරතන් ධාවකයෙකි.


දක්ෂ පාලකයා යනු
විරුද්ධ බලවේග අහෝසි කරන්නෙකු නොවේ.

දක්ෂ පාලකයා
සියලු බලවේග පාලනය කරන්නාය.

අහෝසි කරන්නට කැස කවන නායකයා
කෙටිදුර දුවන්නෙකි, කෙටිදුර දකින්නෙකි,

සැබෑ පාලකයා දුර දැක්මක් ඇති
මැරතන් ධාවකයෙකි.

සයිටම් විරෝධී කෙටි දුර දුවන්නා
ආරම්භයේදී මහත් ගැම්මක් ගෙන
මැරතන් ධාවකයා පසු කර දුවන නමුදු
අවසන දිනුම් කණුව වෙත ළඟා වන්නේ
මැරතන් ධාවක මෛත්‍රීය.

මහින්ද වැනි බලයක් තිබුණ නායකයෙක්
මාස දෙක තුනක කාලයක් තුළ පරදවා
මන්ත්‍රීකමකට සීමා කොට තබාගෙන
ඔහු යළි බලය ලබාගන්නට දරන
සියලු ලොකු කුඩා උත්සාහයන් දුරදීම දැක
කල් යල් බලා දෙන පොඩි තට්ටුවකින් දෙකකින්
මහින්දටවත් නොරිදෙන සේ ඒ තැත ව්‍යර්ථ කරමින්
හැල්මේ යන මෛත්‍රීගේ රිද්මයානුකූල ගමන
සිත් ගන්නා සුළුය.

තවත් 88-89ක් විය හැකි වාතාවරණයකින්
අවදියෙන් සිටින මිනිසුන් ගිණියම් වෙද්දී
ඔහු කලබල නොවීය.

පන්දුවේ වේගය, ස්වභාවය කුමක් වුවත්
පිත්ත බිම අනිමින් නො ඉවසිල්ලේ පසු නොවෙන ඔහු
පන්දුව මිරිකමින් පන්දු යවන්නා කොතරම් දඟ කැවුණත්
පන්දුව බිම පතිත වී ඉහළ නැගෙන තුරුම
මෛත්‍රී පිත්ත ඔසවන්නේ නැත.

ඔහු පන්දුව යොමු කරන්නේ
කිසිවෙකුත් නොසිතන තැනකටය.
කිසිවෙකුත් නැති තැනකටය.

"විශ්ව විද්‍යාල සිසුන්ට මම දොස් නොකියමි"යි
එක වාක්‍යයකින් ඔහු නිරායුධ කළේ ලැව් ගින්නකි.

දාමරික ත්‍රස්තවාදී සරසවි සිසුන්
දහපහළොස් දෙනෙකු විසින් නොමග යැවූ
සරසවි සිසුන් සිය ගණනක් කළ විනාශය දෙස
ඔහු ක්‍රියා කළ යුතුව තිබුණේ
විනාශ වූ වත්තෙහි භාරකරුවා ලෙස වුවද
ඔහු ක්‍රියා කළේ ඒ මී හරක් රැළෙහි
ආදරණීය ගොපල්ලා ලෙසය.

වෛද්‍ය වැඩ වර්ජනය නවතින අයුරු සහ
වර්ජනය නවත්වන්නට ඔහු කළ යුතු දේ
ඒ මොහොතේත් මෛත්‍රී දැනගෙන සිටින්නට ඇත.

සයිටම් විරෝධී සුනාමිය
දැන් පවතින උසට ඉහළ නංවා ගත්තේ
ජවිපෙ, අන්තරේ, රජයේ වෛද්‍ය සංගමය,
වෛද්‍ය සිසුන් ආදීන්ගේ මහත් පරිශ්‍රමයෙනි.
නැවත ඒ උසට නංවන්නට
ඔවුන් මුල සිටම පටන්ගත යුතුය.

කලක් තිස්සේ වහසි බස් දොඩමින්
අඛණ්ඩ වැඩ වර්ජනයක් පටන් ගත්තත්
පවත්වාගෙන යන්නට අවශ්‍ය මූලද්‍රව්‍ය නැතිව
රජයේ වෛද්‍යවරුන් අසරණවන තුරු සිට
ගඟේ ගසාගෙන යන ඔවුන්ට එල්ලෙන්නට
මෛත්‍රී දික් කළ පිදුරු ගස කුමක්ද?

සයිටම් ආයතනය නීතිගත වන තැනට
මේ සටන ඇදගෙන යන්නට අවශ්‍ය වන
රාජ්‍ය තාන්ත්‍රික කුසලතාවය මෛත්‍රී සතු බව
කවුරු නැතත් මම විශ්වාස කරන්නේ
ඔහු පියවරෙන් පියවරටම ළඟාවන්නේ
ඒ ඉලක්කයට බැවිනි.



 

20170622

අපි දන්න ප්‍රජාතන්ත්‍රවාදය වැරදියි.

බහුතරය කුමක් වුවත්
සුළුතරයත් පැවතිය යුතුයි.
එකක් අනික ඉක්මවා නොයා යුතුයි.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

Sudhesh Ruwinda 
[[  අතුල මහත්තය කතා කරන්නෙම එකක්, එකෙක් ගැන...
සටන් පවතින්නෙ ගොඩක් බහුතරයක් රටක් සමාජයක් ගැන...]]]


සමාජයක් හැදෙන්නෙ එකෙක් එකෙක් එකෙක්ගෙන් සුදේශ්.
බහුතරය සුළුතරය ඇතුළෙත් ඉන්නෙ
එකට එකතු වුණ එකෙක් එකෙක් එකෙක්.

බහුතරය හරි කියල කියන්න බෑ.

බහුතරය තෝරා ගන්නෙ හරි දේ නොවෙයි.
බහුතරයට පහසු දේයි.

බහුතරය හොඳ නිර්ණායකයක් නොවෙයි.
ප්‍රජාතන්ත්‍රවාදය හොඳම දේ නොවෙයි.
බහුතරය පිළිගන්නා දේයි.

සමාජයක පැවැත්මට අවශ්‍ය වෙන්නෙ
වැරදි කරමින් හෝ බහුතරයක්
සැනසිල්ලෙන් සිටීමයි.

හරි වැරදි හොයන්න
අපිට වෙනත් නිර්ණායක අවශ්‍ය වෙනවා.
බහුතරය පිස්සන් වෙන්න පුලුවන්, මෝඩයන් වෙන්න පුලුවන්.
බහුතරය මැරයන් දාමරිකයන් වෙන්න පුලුවන්,
බහුතරය හොරුන් මිනීමරුවන් සල්ලාලයන් වෙන්න පුලුවන්.
බහුතරය වංචාකාරයන් දූෂිතයන් වෙන්න පුලුවන්.

වෛද්‍යවරුන්ගෙන් සියයට පහක් වර්ජනය කරල
ඔවුන් මහා ලොකු වර්ජනයක් රටට මවා පානවා.
සියයට පහක සුළුතරයක් හරි තැනට ගැහුවාම
බහුතරයක් මැවී පෙනෙනවා.
බාහිර රෝගී අංශයට ගහලා
රජයත් ජනතාවත් බය කරන
වෛද්‍ය වර්ජනය එවැන්නක්.
ඒ වර්ජනය මායාවක්.

බහුතර ශක්තිය මවා පෙන්වන්න පුලුවන්.

සමස්ත සයිටම් විරෝධයම එවැනි මවා පෙන්වීමක්.
අනුන්ගෙ තැනකට කඩා වැදිලා ගුටි කාල
අන්තරේ සමාජයට පෙන්වන්න හදන්නෙ
රජය ජනතාවට පහර දෙනවා කියලයි.
ඒත් තමන්ගෙ වත්තට හරකෙක් බල්ලෙක් ආවොත්
ගලක් හරි අතට ගන්න පොදු ජනතාවට
ඒ පහර දීමෙ වරදක් පෙනෙන්නෙ නෑ.
ඒ පහරදීම වැරදියි කියන්නෙ
සයිටම් විරෝධයක් හෝ රජයට විරෝධයක්
හිතවල පැහැවන පිරිස විතරයි.
ඔවුන්ගෙ වත්තට හරකෙක් ආවොත්
ඔවුන් හරකා ගැන ගන්නෙත් ඒ තීරණයමයි.

අපි අද මේ විනාශයට පත් වෙලා තියෙන්නෙ
බහුතරය ගත් වැරදි තීරණ නිසා නොවෙයිද?
අපි සෙවිය යුත්තෙ නිවැරදි දේයි.

සයිටම් 100%ක් නිවැරදි නැති බව ඇත්ත.
ඒ තියන වැරදි අඩුපාඩු අඩුවෙන් හෝ වැඩියෙන්
රජයේ වෛද්‍ය විද්‍යා පීඨවලත් තියනවා.
ප්‍රමිතිය හදනවා නම් හැම පීඨයකම
ප්‍රමිතිය නිර්ණායක මත හදන්න ඕන.
මම ඉන්නෙ ඒ ස්ථාවරයෙ.

මුදල අපි කතා කළ යුතු දෙයක් නොවෙයි.
රටේ සමස්ත ජනතාවගේ මුදලින්
නොමිලේ ඉගෙනගත්ත වෛද්‍ය පාදෙණිය
රු 1800ට ඔහුගෙ සේවය විකිණීමත් අසාධාරණයි.
ඒ සඳහා තවත් හේතු දක්වන්න පුලුවන්.
ඒ සේවය මිලට ගන්න අය ඉන්න නිසා
ඔහු ඒ සේවය විකුණනවා.
මට ඒ මුදල නැති වීම මගෙ ප්‍රශ්නයක්.
වෛද්‍ය අධ්‍යාපනය වගේම
වෛද්‍ය ප්‍රතිකාරත් මුදලට විකිණීම වැරදියි.
රටේ සමස්ත ජනතාවගේ මුදලින්
නොමිලේ ඉගෙනගත්ත වෛද්‍යවරුන්ම
වෛද්‍ය ප්‍රතිකාර මුදලට විකිණීම වැරදියි.
ඒත් සමාජය ඒ පිළිබඳව සම්මතයක ඉන්නවා.
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳවත්
අපි සම්මතයකට පැමිණිය යුතුයි.

සමාජයේ කවර හෝ පන්තියක්
ඔවුන්ගේ ආර්ථික මට්ටම මත කොන් කිරීම වැරදියි.

බහුතරය නිර්ධන වූ පමණින්
ඔවුන්ගේ බහුතර බලය භාවිතා කරල
ධනපති සුළුතරයෙ අධ්‍යාපන අයිතිය
පැහැර ගත යුතු නෑ.

අන්තරේ සිසුන් සමග
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණ වෛද්‍ය සිසුන්
සුළුතරයෙන් ගුටි කෑවෙ ඇයි?
ඒ ගුටි කෑම බහුතරය ඉවසන්නෙ ඇයි.?

මිනිස්සු නූගත් වෙන්න පුලුවන්.
ඒත් මිනිස්සු මැට්ටෝ නෙමෙයි.
ප්‍රඥාව පිටින් ගන්න බෑ.

බහුතරය නිර්ධන වූ පමණින්
ධනපති සුළුතරයෙ අධ්‍යාපන අයිතිය
ඔවුන්ගේ බහුතර බලය භාවිතා කරල
පැහැර ගැනීම වැරදි බව
බහුතරය ඉවෙන් මෙන් දන්නවා.
ඒ ඉව ඔවුන් අත්දැකීමෙන් ලද ප්‍රඥාව.

තුන් වේලම බඩගින්නෙ ඉන්න මිනිහට
වේල, දෙවේල කන මිනිහා ධනපතියෙක්.
බහුතරය තුන් වේලම බඩගින්නෙ හිටියත්
වේල, දෙවේල කන අයගෙ අයිතිය පැහැර ගන්න හෝ
ඔවුන්ට බල කරන්න අයිතියක් නෑ.
ඉල්ලන්න පුලුවන්. හිඟා කන්න පුලුවන්.
බලපෑම් කරන්න අයිතියක් නෑ.
හිඟා කෑම සාධාරණයි.

මේ සත්‍යය
හැම කෙනෙක්ම පිළිගන්නවා.
"තමන්ට සාපේක්ෂව"
හැම කෙනෙක්ම පිළිගන්නවා.

දෙවේල කන කෙනා එක වේල කන කෙනාට නැති
තමන්ට ඇති දෙවේල කන අයිතිය පිළිගන්නවා.
තුන් වේල කන මිනිහා වැරදියි කියා හිතනවා.
සයිටම් ප්‍රශ්නෙදිත් තියෙන්නෙ මේ ගැටලුවමයි.

බහුතරය කුමක් වුවත්
සුළුතරයත් පැවතිය යුතුයි.
එකක් අනික ඉක්මවා නොයා යුතුයි.

මේ දෙක
ජලයයි ගින්නයි පවතින විදියට
එකක් අනිකට බාධාවක් නොවී ඉන්න අවශ්‍යයි.
ගින්න ජලය වාශ්ප කරන්න හැදුවොත්
ජලය ගින්න නිවන්න උත්සාහ කරනවා.
බහුතරය දිනාවි.
ඒත් මිනිස් සමාජයකට ආදේශ කළාම
ඒ විනාශය අසාධාරණයි.

වාදයක් විදියට සාධාරණ වගේ පෙනුණත්
ප්‍රායෝගිකව අස්වාභාවික, පටු චින්තනයක් වූ සමාජවාදය
හඳුනාගත්තට පස්සෙ ලෝකෙන් අතුගෑවිලාම ගියේ
මේ සත්‍යය නිසා තමයි.

බහුතරයත් සුළුතරයත් අතර
සම්මුතියක් අවශ්‍යයි.
බහුතරය විසින් සුළුතරය රැකිය යුතුයි.
වඩා බලවත් සුළුතරය නම්
ඔවුන් දුබල  බහුතරය රැකිය යුතුයි.
සැබෑ සමාජවාදය විය යුත්තේ එයයි.

මුදල් ඇති හෝ නැති පමණින් මිනිසුන් බෙදීම
උස අනුව පාට අනුව බෙදුවා වගේම අසාධාරණයි.

වැරදි ආකාරයට බහුතරය හෝ සුළුතරය
අනෙක ඉක්මවා ගියාම
සමස්ත සමාජයම විනාශ වෙනවා.

අද සිදු වෙලා තියෙන්නෙ ඒ විනාශයයි.

20170621

"විකිණීම සඳහා ත්‍රිමාවිතාන මළකඳක් අවශ්‍යයි"

 
දේශපාලන අතකොළුවක් වෙන
ප්‍රියන්ත මහඋල්පතගමගේ කතාවත්
මෙයම නොවේද?

කූඹියෝ ටෙලි නාට්‍යයේ
ජෙහාන් ප්‍රනාන්දු වැනි ගේම් කප්පිත්තෝ
එක් යුගයක දෙකක විසූවෝ නොවෙති.
මහෞෂධ පණ්ඩිත, චාණක්‍ය, මකියාවෙල්ලි
ලොව සුපතළ ජෙහාන් ප්‍රනාන්දුලාය.
දේශපාලන ලෝකය සැමදාම තැණුනේ
වේදිකාවේ අප දකින නාඩගමෙහි නොව
තිරයෙන් පිටුපස ජෙහාන්ලා විසින් අටවන
දහසකුත් එකක් නූල් සූත්තර වලිනි.
වරින් වර බිහිවෙන කැරලි අහඹු සිදුවීම්ද?
ඒ කැරලි සහ අරගල දඩමීමා කරගනිමින්
නොයෙක් පාර්ශවයන් බොර දියේ මාලු බාති.
ජවිපෙ ඒ වෙනුවෙන්ම කැපවූ පක්ෂයයි.
පසුගිය කාලයේ 88-89 වැනි සමයක්
නැවත එන කතන්දර අපට ඇසුණේ
ජවිපෙ මෙහෙයවූ අරගල වලිනි.
යොවුන් මදයෙන් මත් වූ සිසුන්ද 
ඒ සඳහා දරන්නේ නොමඳ උත්සාහයකි.
රජය පැත්තෙන් සහායක් ලද හොත්
තවත් දහස් ගණනක් බිලි විය හැකිය.

සටන් බිමේ විකුණන්නට
සටනට පණ පොවාගන්නට
තවත් ත්‍රිමාවිතාන කෙනෙකුගේ මළකඳක්
හිමිකර ගැනීමේ බලාපොරොත්තුවෙන්
නීතියට අභියෝග කරන මුරණ්ඩු සිසුන්
සැබෑ දේශපාලන බලවේග නොව
දේශපාලනික අතකොළු පමණි.

ත්‍රිමාවිතාන වැනි වටිනා ජීවිත
රටට අහිමි අහිමි කරන දේශපාලන බලවේග
මාතර කොළඹ දුම්රිය වැන්න.
ගාල්ලේදී එන්ජිම මාරු වුණත්
පෙට්ටි වෙනස් වන්නේ නැත.

වරින් වර දෙපැත්තට ගමන් කරන්නේ
එකම මාතර කොළඹ දුම්රියකි.
රජය මෙන්ම ශිෂ්‍යයන්ද මෙහෙයවන බල වේග
එකම බලවේගයක අන්ත දෙකක් පමණි.

තෙවන වරටත් ජනපති වෙන්නට
පෙරුම් පිරූ ජේ ආර්ගෙන් බලය පැහැර ගන්නට
කලක් තිස්සේ කැස කැවූ ප්‍රේමදාස
ජවිපෙ, අන්තරේ ඇතුළු රාජ්‍ය විරෝධී
සියලු බලවේග රහසින් තමා නතු කොටගෙන
"ජේ ආර් මරමු" කියන තැනට වර්ධනය කළේය.

ජවිපෙ ත්‍රස්තවාදයෙන් හානි වූ සහ
ත්‍රස්තවාදයෙන් ඝාතනය වූ දේශපාලනඥයෝ
ප්‍රේමදාසට බාධාවක් වූ පිරිසයි.
ඔවුන් ජේ ආර්ගේ සිරිමාවෝගේ හෝ ගාමිණීගේ
දේශපාලන හිතවතුන් විය.
ත්‍රිමාවිතන ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරය
මේ ක්‍රියාදාමයේ එක් ප්‍රබල අතකොලුවක් විය.

මතුපිටින් මර්දනයක් මෙන් පෙණුනද
ත්‍රිමාවිතාන ඇතුළු සිසුන් කුරිරු ලෙස මරාදැමුණේ
ඔවුන් සටන්බිමෙන් ඉවත් කරන්නට නොවේ.
ඔවුන් නමින් පහළවන ද්වේශ ගින්න අවුළුවා
රාජ්‍ය විරෝධී සටනට පණ දෙන්නටය.

වසර දහතුනක පාසල් සිසුවෙකු ලෙස
ජවිපෙ කැරැල්ලෙහි මුග්ධ ස්වභාවය අත් දැක
ලංකාවේ කැරැල්ලකින් කළ හැක්කක් නොමැති බව
ඉවෙන් මෙන් වටහාගෙන තිබුණ නමුදු
1976දි පේරාදෙණිය විශ්ව විද්‍යාල බිමේදී
පොලීසියෙන් වෙඩි තබා මරා දැමුණ
වීරසූරිය විශ්ව විද්‍යාල සිසුවාගේ මරණයෙන්
පාසල් ශිෂ්‍යයන් වූ අප වියරු වැටුණෙමු.
පෝස්ටර් ඇලවීමට තාප්ප වලින් පනිමින්
පොලිස් වාහනවලට සැඟවෙමින් ක්‍රියා කරන විට
අප එහි රැඳුණු ත්‍රාසය රස විඳි බවත්
සත්‍යය ගැන කිසිවක් නොදැන සිටි බවත්
මට සිහි කළ හැකිය.

පොලිස් වෙඩි උන්ඩයකින් මිය ගිය වීරසූරිය සිසුවා
එවිට පැවති උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ
ඒ අසලින් ඇවිදගෙන ගිය අයෙක් බව
දැන් අප දනිමු.
එහෙත් ජවිපෙ ඔහු වීරයෙක් කළේ ඇයි.?

ජනපතිවරණයට පෙර ජවිපෙ කළ
හැම දෙයක්ම ප්‍රේමදාසට වාසියක් විය.
ඔහුට බාධකයක් වූ විජය වැන්නන්
ඝාතනය කෙරුණ අතර
ඔහුට අවාසි වන ඡන්ද පොළවල් වලට
ඡන්ද දායකයන් පැමිණීම තහනම් කළේ
නියෝග නොතකා පැමිණි විට වෙඩි තැබීමෙනි.

ත්‍රිමාවිතාන වෛද්‍ය සිසුවා බිලිගත්තේද
ඔහුගේ මළකඳ භාවිතා කොට
උද්ඝෝෂණ රැල්ල සුනාමියක් කරගන්නටය.

ත්‍රිමාගේ අවම්ංගල්‍ය පෙරහැරද භාවිතා වූයේ
දේශ්පාලනික උවමනාවන් සපුරාගන්නටය.
වීඩියෝ කරනු දුටු නිසා පෙළපාළියට ඇතුල් නොවී
සෑහෙන දුරක් පෙළපාළිය සමග ගමන් කරමින්
ඒ අත්දැකීම වින්දේ ඇයිඩ්ෆ්හැයි නොදනිමි.

ජේ ආර් පරාජය භාර ගෙන
ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය දී
"සුදුස්සෙකු දිනනු ඇතැ"යි රටට කීවේය.
ඔහු සිය විරසකය හෙළි නොකළද
සැඟ වූයේද නැත.

ජේ ආර් විරෝධී බලවේග රැස් කළ
සටන සාර්ථක වී ඉතා අඩු වැඩි ඡන්ද වලින්
ප්‍රේමදාස ජනාධිපති පදවිය පැහැර ගත්ය්තේය.
හයෙන් පහක පාර්ලිමේන්තුවක් සමග
ජනපති පදවිය හොබවන්නට
ප්‍රේමදාස මැවූ සිහිනය බොඳකරමින්
ඔහු ජනපති පදවියට පත් වන දිනට
පෙරදින රාත්‍රියේ බලාපොරොත්තු රහිත ලෙස
ජේ ආර් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
ඒ ජේ ආර්ගේ පළවෙනි පළිගැනීමයි.

ප්‍රේමදාසගේ මරණය දක්වා
ප්‍රේමදාස විඳි බොහෝ දුක් වේදනාවෝ
ජේ ආර්ගේ මොළයෙන් කළ නිර්මාණ විය හැක.
ප්‍රේමදාස මැරුවේ එල්ටීටීඊයෙන්ද?
දකුණේ සිදු වූ එකෙන්කේඅ මරා ගැනීම්
විශාල සංඛ්‍යාවක බිල භාරදෙන්නට
කොටි සංවිධානය භාවිත විය.

ත්‍රිමාවිතාන ඝාතනයේ සැක කරු පුංචි නිලමේ
නිදොස් කොට නිදහස් කෙරුණු අතර
ඔහු දේශපාලනයටද පිවිසියේය.

ජේ ආර් ගෙදර යවන්නට ප්‍රේමදාස භාවිතා කළ
කිසිදු අවියක් තවෙකෙකුගේ අතට පත් වී
ප්‍රේමදාසට එරෙහිව ඔසවන්නට නොතබා
විනාශ කර දමන්නට ඔහු වග බලාගත්තේය.
ඔහු රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
ජනසතු කිරීම මගින් ඒ අවියද භාවිතව
වළක්වන්නට කටයුතු කළේ
රටට වෙන පාඩුව නොසලකමිනි.

රෝහණ විජේවීර සහ තවත් නායකයන් සමග
නොදැනුවත්ව ප්‍රේමදාස වෙනුවෙන් සටන් කළ
ජවිපෙ සාමාජික තරුණ තරුණියන් සිය දහස් ගණනක්
මහමග මරා පුළුස්සා දැමිණ.
වසර ගණනාවක් ජේ ආර් රජයෙන් සෙවූ
ජවිපෙ සාමාජික නම් ගම් සහිත ලැයිස්තු,
නායකයන් සැඟවී සිටි ස්ථාන තොරතුරු
ආරක්ෂක අංශවලට ලැබුණේ කෙසේද?

ඒ ඝාතන රැල්ල සඳහා නිදහසට කරුණු සොයා
ප්‍රේමකීර්ති, සාගරිකා ගෝමස්, හමුදා නිලධාරීන්
ඔවුන්ගේ පවුල්වල අය අමු අමුවේ ඝාතනය විය.
මේ සිදු වීම් සමග ඇතිවුණ ජවිපෙ විරෝධය
ජවිපෙ අතුගා දමන්නට ප්‍රමාණවත් විය.

තමන් විසින් අවුස්සා ඉදිරියට යවන ලද
තරුණ තරුණියන් පාරවල් වල හන්දි ගානේ
ටයර් සෑ මත ගිනි ජාලා තුළ දැවෙද්දී
ඔවුන්ගේ සිත් සතන් තුළ ගිනිදැල් ඇවිළවූ
සුනිල්, නන්දාමාලනී වැන්නන් ඉන්දියාවට පැනගොස්
ඔවුන්ගේ දිවි රැක ගත්තෝය.

වසර දෙකක් පමණ තුළ
ප්‍රේමදාස ජනතා අප්‍රසාදයට පත් කිරීමේ
ඉතාම සැලසුම් සහගත වැඩ පිළිවෙළක
කූටප්‍රාප්තිය වූයේ දෝෂාභියෝගයයි.
වේගයෙන් ජනප්‍රියත්වයෙන් පිරිහුණ ප්‍රෙමදාස
ඔහු කළ කර්ම වල විපාක වශයෙන්
කෑලි වලට පුපුරා විනාශ වී ගියේය.

එදා අගමැති ප්‍රේමදාස වෙනුවෙන්
ජවිපෙ නැටූ ත්‍රස්තවාදී නාඩගම
අද නැවත නටන්නට ඔවුන්ට හැකිද?

අද අගමැති ප්‍රේමදාස වෙනුවට
ඔවුන් සමග සිටින්නේ මන්ත්‍රී මහින්දය.
නැත්නම් මන්ත්‍රී බැසිල් හෝ ගෝඨාය.
ජේ ආර් වෙනුවට සිටින්නේ මෛත්‍රීය.
ත්‍රිමාවිතානලා වෙනුවට ඇත්තේ
ළහිරුලාය, රයන්ලාය.

දෙවන 88-89ක් බිහි කරගන්නට පෙරුම් පුරන
වෛද්‍ය පාදෙණියලාගේ මෙහෙයවීම මත
ත්‍රිමාවිතාන, වෙනුර මළකඳන් විකිණීම
දැන් ක්‍රියාත්මක වෙමින් පවතියි.
අද ත්‍රිමාවිතානලාට යළි පණ ආවොත්
ඔවුන් මේ සටනට එකතු වේවිද?

පවතින සියලු සාධක අනුව සහ
අද පවතින තොරතුරු තාක්ෂණය සමග
තවත් 88-89ක් නිර්මාණය කිරීමට හැකි වෙයිද?.

එදා ත්‍රිමාවිතානලාට ශක්තියක් වූ
දේශපාලන නායකයින් අද කොහේද?
කල් නොයවාම පීදුණ අනුර කුමාරගේ ආත්මය
මේ වන විටත් ශිෂ්‍ය ව්‍යාපාරයට
ද්‍රෝහි වී හමාරය.

අනුර කුමාරගේ දේශපාලන ප්‍රතිපත්තිය ගැන
2013දී පළ වුණ අනාවැකියකි මේ.

පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී පාලකයන් ගේ දරුණු මර්ධනය විසින්  පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් මරා දැමූහ.  අද දිනයේ මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය මේ සිසුන් සිසු විරුවන් ද නැතහොත් අවස්ථාවාදී රැඩිකල් දේශපාලනයේ බිලි බෝයිස්ලා වීද යන්න පිලිබඳව  බරපතල  කුකුසක් මතුවේ.  මෙම පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල සහ උද්ඝෝෂන පසුපස සිටි නායකයන් ගේ වර්තමාන ක්‍රියා කලාපය පිලිබඳව සලකා බලන විට මේ සැකය මතුවීම සාධාරණය.

පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී වර්තමාන ජවිපේ නායක සෝමවන්ස අමරසිංහ විශාල වැඩ කොටසක් කලේය. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සෝමවන්ස අමරසිංහගේ පුතා අද දිනයේ ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව එකල විමල් වීරවංස (විමලසිරි ගම්ලත්) විශාල හඩක් නැගුවේය. ඔහු සරසවි සිසුන්ට පන්ති පවත්වා පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල වලට ඔවුන්ව යොමු කලේය. අද දිනයේ විමල් වීරවංසගේ පුතා ඉගෙන ගන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. සරසවි සිසුන් පාරට බස්සවා සන්නද්ධ වියාපාරයකට ඔවුන්ව යොමු කල කුමාර් ගුනරත්නම් එවකට කර්නල්වරයෙකු වූ සරත් ෆොන්සේකාට සියල්ල වමාරා ඕස්ට්‍රේලියාවට පලා ගියේය. ඔහුගේ දරුවන් දෙදෙනා තව නොබෝ කාලයකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ආරම්භ කරනු  ඇත.

ඒ කාලයේ මේ විරෝධතා වලට තිරය යට සිට සහය දුන් එස්. බී  දිසානායක ඔහුගේ පුතුන් දෙදෙනා උසස් අධ්‍යාපනය සඳහා යැව්වේ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයටය. මෙවැනි අරගල වීදි සටන් වලට සැමදා ආවඩන හිටපු ක්‍රම විරෝධියෙකු මෙන්ම අධිරාජ්‍යවාදී විරොධීයෙකු වූ  වාසු තමගේ පුතා අධ්‍යපනය සඳහා යොමු කලේ ඇමරිකාවේ  පුද්ගලික විශ්ව විද්‍යාලයකටය.

 පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් ෆෝම් කරවා ඔවුන්ව මර්ධනකාරී වෘකයන් වෙත ගොදුරු පිණිස දැමූ දේශපාලකයන් හා සිසු නායකයන් අද දිනයේ ක්‍රම සහ විධි වලින් යහමින් මුදල් උපයන බඩ තඩි මුදලාලිලා බවට පත් වී තිබේ. ස්වයංවරදකාරී බවින් මිදීමට මොවුන් බොරුවට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා අනුස්මරණයට ඉටිපන්දමක් දල්වා ලේ රත් වන කතාවක් කොට විසිර ගොස් යලි ලබන වසරේ අනුස්මරණ දිනයක් එන තෙක්  හුරු පුරුදු ජාවරම් වල යෙදී සිටිති.

සිසු නායකයන් ගොඩ ගියේය.
අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ?
මේ බිලි බෝයිස්ලා සහ ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
අමිල ගුණරත්න
ඔක්තෝබර් 28, 2013



ත්‍රිමාවිතානලාට නොතේරෙන දේශපාලන ආර්ථික විද්‍යාව
අනුර කුමාරලා ඉතා හොඳින් දන්නෝය.

වසර හතරකට පෙර අමිල අපට පෙන්වා දුන් සත්‍යයට අනුව
ත්‍රිමාවිතාන විකුණා කසුන්ට උගන්වන අනුර කුමාර
ශිෂ්‍ය සටන්වලට උර දෙන ජවිපෙ නායකයාය.

අනුර සිසු සටන පාවා දෙමින් පෞද්ගලික විද්‍යාලයක
පුතාට සිප් සතර ලබා දෙන්නේ ශිෂ්‍ය සටනට සමගාමීවය.

සිසුන්ගේ පන්ති වර්ජනය කරවා
වෛද්‍යවරුන්ගේ සටනට පාරට බැස්සූ
වෛද්‍ය සිසුන් පාරේ කඳුළු ගෑස් කන අතර
සියයට පහක් වෛද්‍යවරු යොදවා
බොරු වර්ජනයක් දියත් කොට
වර්ජන කාලයේත් වැඩ කරන පාදෙණියලා
හවසට පුද්ගලික රෝහල් වලත් මුදල් ගරති.

සිසුන්ට නායකත්වය දුන් අවස්ථාවාදීන්
සිසු සටන පාවා දෙමින් ජාම බේරාගන්නා අතර
අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ?
අමිල ගුණරත්න කියන්නාක් මෙන්
සටන් බිමේ දහදිය කඳුළු හෙළූ
අවංක හදවත් ඇති බිලි බෝයිස්ලා සහ
ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.


සිසු සටන පාවා දුන් අවස්ථාවාදීන් වෙනුවෙන් බිලි වූ
පද්මසිරි ත්‍රිමාවිතානගේ මව මෙසේ කියන්නීය.

"අපි කොච්චර හොඳට දරුවෝ හැදුවත්
දේශපාලනයට ගියාම හික්මීමක් නැති වෙනවා.
දේශපාලන අතකොළු වෙන දරුවන්ගේ වේදනාව
අවසානයේ විඳින්නේ අම්මලා විතරයි."

මේ අම්මාට වැටහෙන සත්‍යය
අද වෛද්‍ය සිසුන්ගේ අම්මලාට
වැටහෙන්නේ නැද්ද?

ඒ අම්මලාගේ දරුවන්
අද වෛද්‍ය සිසුන් ත්‍රිමාවිතාන වැන්නෝද?
නැත්නම් බොර දියේ මාලු අල්ලන
පාදෙණිය, අනුර කුමාර වැන්නෝද?

============================================
 ත්‍රිමාවිතාන සිය අවසන් කාලය ගත කළේ
රත්නපුර නගරය ආසන්නයේ මිතුරෙකුගේ නිවසේය.
ඔහුගේ සොයුරියක ලියා පළකරන ලද
පහත දැක්වෙන ප්‍රකාශය කියවීමෙන්
ත්‍රිමාවිතාන කවරෙක්දැයි හඳුනා ගන්නට
යම් ආලෝකයක් ලැබෙනු ඇත.
_._

අතීතයෙන් බිඳක්.......
ඒ අසූ අට වසරේ මැද භාගයයි.
උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයයි.
දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද,
කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කරගත නොහැකිවිය.
පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ. ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි.
රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.
යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි.
රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි.

අයියා මේ වන විට කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ
විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.
 නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා
ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර
ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල් තැන ගත්තේ අයියායි.
ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය.

සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රථය
අපේ ගේ ලඟ නවත්වන්නෙ අපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.
ඒදින බස් රථය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.
ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර
අයියාගෙ නම කියා අමතනු ඇසුණි.

තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර
අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වාතාවරණය නිසාය.
මා ක්ෂණයකින් ඉදිරි දොර වෙත ගොස් එය විවෘත කරන ලදි.
යම් පැහැදිලි කිරීමක් කරන ලද අතර මා අයියාගෙන් ගෙට ගොස් ඒ පිළිබදව විමසීමි.
අයියා ඉදිරියට පැමිණ ඔහුට ගෙට එන්නට ආරාධනා කලේය.
ප්‍රමාණයෙන් ඉතා කුඩා කළු පැහැපත් සමකින් යුතු
තීක්ෂන දෙනයනකින් හෙබි මේ පුද්ගලයා
අපේ ගෙදර සාලයේ තබා තිබු රතුපාට කුඩා කුෂන් පුටුවක වාඩි ගත්තේය.
හේ නමින් පද්මසිරි ත්‍රිමාවිතාන නම් විය.

ඉන්පසු එළැඹියේ තාත්තාගේ ප්‍රශ්න වලට පිලිතුරු දීමේ වාරයයි.
නොයෙකුත් ප්‍රශ්න රාශියක් තාත්තා විසින් අසන ලද අතර
ඉතා සංයමයෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ලදි.
ඉන්පසු අයියා සමග ටැංකිය ලඟට ගොස් නා
ෂර්ට් එක සෝදා ගෙයිම වැනූ ඔහු
රාත්‍රි ආහාර ගෙන නින්දට වැටුනේය.

පාන්දරින් අවදිවි යන්නට සැරසෙද්දි
තාත්තා ඔහු අත මුදලක් තැබූ බව මට මතකයේ ඇත.
ඒ විතරක්ද නොවෙයි දවල්ට කන්නේ නැති බව පැවසීම නිසා
දවල් ආහාරයට බත් මුලක්ද බැඳ දුන්නා මට මතකයි.
ඉන්පසු හැමදාමත් මේ විදියට
රාත්‍රි ඔහුගේ නවාතැන් පොල වූයේ මගේ නිවසයි.

මගේ අම්මා නිතරම අසනීපයෙන් පසු වූ නිසා
ගෙදොර ඉවුම් පිහුම් කටයුතු කෙරුණේ මා අතිනි.
මා උයන විට කුස්සියට පැමිණ මා කතාවට අල්ලා ගන්නා ඔහු
හැමවිටම හොඳින් ඉගෙන ගන්නා ලෙස පැවසීය.
විටෙක මා පිසින කරවල කෑල්ල විශාල වැඩි බව පවසන ඔහු
 තවත් වේලකට එය පිරිමසා ගතහැකි බව පවසයි.
හැමදාමත් දවාලට බත් මුලක් බැඳ දුන් අතර
රාත්‍රියේ පැමිණි පසු "ලොකු නංගියෙ අද බත් එක නම් රසයි" කියා පවසයි.

එහෙත් දිනක් අපේ ගෙදරට
තවත් වෛද්‍ය සිසුවෙක් පැමිණි අතර
ඔහු තාත්තා සමඟ ත්‍රිමාවිතාන ගැන යමක් පවසන ලදි.
ඉන්පසු තාත්තා අයියාව ගෙදරින් පිටත් කර හරිනු ලැබීය.
රාත්‍රියේ ගෙදරට එන ත්‍රිමාවිතාන
මේ බවක් දැන ගත්තද ඔහුට යන්නට වෙන තැනක් නැත.
ඔහු දිගටම අපේ ගෙදර ආවේය.
දිනක් තාත්තා ඔහුට ගෙදරට එන්නට එපා කියන්නට සැරසෙද්දී
මම තාත්තා සමඟ බහින් බස්වූයෙමි.
තාත්තා පැවසුයෙ අම්මාගෙ අසනීපය නිසා
උයන්නට කෙනෙකු නොමැති බවකි.
එහෙත් එය මට කල හැකි බවත්
ඔහුට තව දුරටත් නිවසේ නතර වීමට ඉඩදෙන ලෙසත්
මා පියාගෙන් ඉල්ලු අතර,ඒ සඳහා අවසරය ලැබුණි.

ඔය විදියට සෑහෙන කාලයක් අපේ ගෙදර නවාතැන් ගත්තේය.
රාත්‍රියට විශාල ප්‍රමාණයේ පෝස්ටර් අඳින ඔහු
එක කොළයක් හෝ අපතේ නොයවයි.
අපි ඒ දෙස බලා සිටින්නෙ පුදුමයෙනි.
එක අකුරක් ප්‍රමාණයෙන් අපිට සමානය.
අපි කොළයක් ඉල්ලුවොත් කියන්නෙ
"නාස්ති කරන්න කොළ දෙන්න බෑ" කියලයි.
එක් දිනක් අපේ තාත්තා ඔහුට කලිසමක් මසා ගන්නට
කලිසම් රෙද්දක් දුන්නේය.
එදින ඔහු අපේ තාත්තාගේ දෙපතුල් අල්ලා වැඳ සමුගත්තේය.
කලිසමේ සාක්කුවේ අඩිය හොදටම හිල්වී ඇති නිසා
මේස් එකක සල්ලි දමාගෙන යයි.

කාලය ගෙවී ගිය අතර
රටේ තත්වය ඉතාම බිහිසුණු විය.
ඒත් ඔහුට අපේ නිවස ආරක්ෂිත විය.
එක් දිනක් ගෙදර පැමිණි ඔහු
උදෑසන බසය එනවා ඇසුණු විට
සෙරෙප්පු පයලා දුවන්නට සැරසුණි.
කකුල් දෙක මාරුවී සපත්තු දෙක දමා ගත් විට
නංගිත් මමත් හිනා වුණේ
"අනේ දොස්තර මහත්තයට කකුල වැරදිලා" කියලයි,
ඒ වෙලාවේ ඔහු අපි දෙදෙනා දිහා බලාගෙන අහිංසකව සිනාසුනේය.
ඒ ඔහුගේ අප දුටු අවසන් සිනාවයි.

ඉන් දිනකට පසු සාහසිකයින් විසින්
පද්මසිරි ත්‍රිමාවිතාන සොයුරා ඝාතනය කරන ලදී .
නිකම්ම නොවේ*සාහසික ලෙස* ඝාතනය කරන ලදි.

පද්මසිරි ත්‍රිමා විතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය.
එදින අප නිවසේ කෑම පිසුවේ නැත.
කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත.
අම්මා රත්කර තිබු යමක් කෑමට
වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ
කාමර තුලටම වී කල් ගෙවූහ.

හදිසියේම ගේ ඉදිරිපස
සුදු කොඩියක් දැමියයුතු යැයි මට සිත්විය.
මා ලඟ තිබු සුදු රෙද්දක් මසා
විශාල ප්‍රමාණයේ කොඩියක් දැම්මෙමි.
මෘත දේහය බැලීමට යාමට සිත් වුවත්
තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ.
නංගීත් මමත් බෙහෝම අමාරුවෙන්
වචන සිර කරගෙන සිටියෙමු.
එහෙත් එක් වරම තාත්තා අපිට කතා කලේය
."ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද" කියා ඇසුවේය.
අපි එකවරම හා කියා කීවෙමු.

ඊට පසු දින
අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා
රත්නපුර නගරයට ගියෙමු.
රත්නපුර සිට කොළඹ බලා
එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව
අපිට බස් නැවතුම් පොලෙන් දැනුම් දෙන ලදි.
තාත්තා ආපසු යාවියැයි බියක් මට ඇති විය.
එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය.

ටික වේලාවක් කල්පනා කල තාත්තා
පානදුර බසය වෙත ගමන් කර
"දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං" යයි පැවසීය.
අපි පානදුර බසයේ නැග හොරණට ලඟාවීමු.
හොරණින් කොළඹ බසයට ගොඩවී අපි වෛද්‍ය පීඨයට ලඟාවිමු.

මහා ජනකායක් පෝලිම් දිගේ ඇදෙමින් පැවතුණි.
ඒ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
විශාල බීම බාල්දියක් උස්සාගෙන ආ ආකාරය
මට අද මෙන්ම මතකයේ ඇත.
ඔහු එවෙලේ ටීෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී සිටියේය.
එහෙත් ඔහු සමග දොඩන්නට මෙය අවස්ථාවක් නොවේ.
පෝලිම දිගේ අපිද වේගයෙන් ඉදිරියට ඇදුනේ
ත්‍රිමාගේ දේහය දැක ගැනීමටයි.

එහෙත් ඔහුගේ දෙන අසලට පැමිණි අපි
ඉච්ඡාභංගත්වයට පැමිණියෙමු.
දේහය දැකබලාගන්නට පැමිණියද
ඉතා කුඩා වීදුරු පෙට්ටියක
නොපෙනෙන සේ වසා තිබූ දේහය දුටු විට
මට මහා හයියෙන් ඇඬුනේ
සිටිය තැනද අමතක වෙමිනි.

වෛද්‍ය සිසුන් පැමිණ
අපේ තාත්තාගෙන් බොහෝ දේ විමසන ලදි.
ඒ අතර අපිව හොදින් දන්නා අය බොහෝ සිටි අතර
"මේ අහවලාගේ නංගිලනේ" කියමින්
ඔවුන් අපිව ඇතුලට කඳවාගෙන යන ලදි.
අපි ආපහු ගෙදර එන්නට පිටත් උනේ
බොහෝ දුකින් හා කළකිරිමෙනි.
බස් රියේ කවුළුවෙන් ඉවත බලා ගෙන සිටියද
හිත තිබුණෙ ඔහුගේ දේහය වෙතයි.
අපේ ඇස් වල කඳුලු පිරුණේ නොදැනුවත්වමයි.
රත්නපුරයට පැමිණි පසු ගමට එන බසය නොතිබුණෙන්
තාත්තාත් නංගීත් මමත් කිලෝ මීටර අටක පමණ දුර
පයින්ම ගමන් කලෙමු.
ගමන ගැන විස්තර අසා සිටි අම්මාද ඇඩුවාය.

ඔහු වෙන තැනක මිය ගියා නම් දුකක් නැත.
ඔහු මිය ගියේ රත්නපුරයේ වීම මට මහත් දුකක් ගෙන දුනි.
අදටත් මගේ දෑස් පියාගත්විට රාත්‍රියේ ගෙට ගොඩවන ත්‍රිමාව පෙනේ.
පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,
ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.
අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද
එය එදා මෙන්ම අදටත් එසේමය.
එහෙත් ආදරය වරදවා වටහා නොගන්නා මෙන්ද
කාරුණිකව ඉල්ලා සිටිමි.
මා එසේ කීවේ වැරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක්
කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම
ඔහුට කරන අගෞරවයක් ලෙස මා සිතනා බැවිනි.

ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.
එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා
ඔහුට අවස්ථාවක් නොමැති විය.

එහෙත්අපේ ගෙදරට පැමිණි සෑම දිනකම
උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු
අප හා දොඩමළුවෙයි.
එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.
මා එසේ කියන්නේ ඔහු කියන කිසිදු වැකියක්
අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය.

හැම විටම අපිට පොත පත පාඩම්කරන්නට උපදෙස් දෙයි.
මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.
මටබොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.
නිවැරදිව පාඩම් කරන්නට කියාදුන්නේ ඔහුයි.
මට අයියෙක් සිටියද
ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන
ඇඟිලිගැසුවේ නැත.

පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද
ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය.
රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු
අපිට කියන්නෙ ඇතැම් විට අපව සිනහ ගන්වමිනි.
මම කලින් ලිපියක කිව්වා
ත්‍රිමා පෝස්ටර් ඇඳපුබවක් ,
එය ඔබට මතක ඇතැයි සිතමි.

පෑන් බටයක පුළුන් කැබැල්ලක් ගසා
එය තීන්නබාල්දියේ පොඟවා අඳින අකුර
කියන්නට බැරි තරම් හැඩය.පොඩ්ඩක් හෝ
එහා මෙහාවෙන්නේ නැත.හැඩය වෙනස් වන්නේද නැත.
එක කොළයක් හෝ වැරදීමකින් ඉවත් නොකරයි.
අකුරක් ප්‍රමාණයෙන් ඉතා විශාලය.
ලස්සන අකුරු වලින් ඔහු පෝස්ටර්
සිය ගණනක් අඳින්නට ඇත.

අපේ දුම් ගෙයට සාමාන්‍ය යෙන් ගින්දර දමන්නේ දවාලටයි.
රාත්‍රිය වන විට එය කෙමෙන් නිවී යයි.
එහෙත් ත්‍රිමා පැමිණි පසු හැම දිනකම පාහේ
දුම් ගෙයට රාත්‍රියේද ගින්දර දැමුණි.
ඒ ඇයි දැයි කියා අපි එකල පියාගෙන් නොවිමසුවෙමි.
එහෙත් ත්‍රිමාගේ මරණයෙනුත් බොහෝ කලකට පසු
තාත්තා කියු දෙයින් අපි පුදුමයට පත් වීමු.
"ඔය ගොල්ලො දන්නෑ ලොකු දුවේ
මම ඒ කාලේ හිටියෙ පුදුම බයකින්.
ත්‍රිමා ගෙදර ඉද්දි හමුදාවෙන් ආවොත්
මම මොනවා කරන්නද.
මට ත්‍රිමාව පාවල දෙන්නත් බෑ.
ඔය ගොල්ලන්ව දෙන්නත් බෑ.
මම හැම රෑකම දුම් ගෙට ගින්දර දැම්මෙ ඇයි
කියලා ඔය ගොල්ලො දන්නෙ නෑ.
හදිසියෙ හමුදාවෙන් ආවොත්
ඔය අඳින පෝස්ටර් ටික දුම් ගෙට දාන්නයි
මම එහෙම කලේ " කියලා තාත්තා කිව්වා.

ඇත්තටම තරමක් නිහඬ පුද්ගලයෙකු වු මගේ පියා
නගරයේ විදුහලක විදුහල්පතිවරයෙක්.
ඔහු සිතා ඇති දුර ගැන සිතන විට
දිනක් ත්‍රිමා වෙනුවෙන් තාත්තා සමඟ
බහින් බස් වූ ආකාරය සිහිවී මටම ලැජ්ජා සිතුනි.

ත්‍රිමාට තිබුණෙ එකම එක සුදු අත කොට කමිසයක් පමණි.
සෑම දිනකම රාත්‍රියේ එය සෝදා වේලෙන්නට දමයි.
උදේට එය සිතන තරම් වේලි නැති නිසාදෝ
හැම දිනකම ස්ත්‍රික්කයට පොල් කටු දමා
රත් කර දීමට මට සිදු විය.
එහෙත් මා එම කාර්යය කලේ
ඇත්තටම හිතේ ඇතිවූ කැමැත්තෙනි.

මා කැමති වූයේ ඔහුගේ දේශපාලන ස්ථාවරයට නොවේ.
මා ගරු කලේද ආදරය කලේද එයට නොවේ.
ඔහුගේ ඇති මහත්මා ගතිගුණ වලටයි
.ඇත්තටම ඔහු තුල සැඟවි ගත් උදාර මනුෂ්‍ය ගුණය අති මහත්ය.
එය එසේ නොවන්නට අයියාද ගෙදර නැති විටක
අපේ ගෙදරට පිරිමියෙකු වද්දා ගන්නට
මා නොපෙළඹෙනු ඇත.

ඔහු අප නිවසට පැමිණි දෙවන දිනය
මගේ මතකයෙන් කිසිදා අමතකව නොයේ.
අපේ ගෙය පහු කර බස් රථය නවත්වන ස්ථානය දක්වාම
ඔහු ගමන් කර ඇත්තේ වැරදීමකිනි.
එතැන් සිට ඔහු පා ගමනින් ම අපේ ගෙදරට එන්නට
ආපසු පිටත් වී ඇත.
කළුවරේ තනියම පයින් එන අයෙකු දැක
අපේ මාමා කෙනෙකු කොහේ යනවාදැයි විමසා ඇත.
අපේ ගෙදරට බව පැවසු පසු
ඔහු කාරයෙන් අපේ ගෙදරට කැඳවාගෙන විත් ඇත.
ඇත්තටම එවැනි අවස්ථාවක
ඔහු පොලිසියට හෝ හමුදාවට කොටු වූයේ නම්............
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
වජිරා සුභාෂිණී ගුණවර්ධන




සයිටම් විරෝධියෙකුට මාව තේරුම් ගන්න බෑ.

Senura AXXXXXX 
[[[ අතුලගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද? අතුලගෙ වාහනෙ මොකක්ද? සයිටම් එකට දරුවව යවන්න අතුලට තියෙන වත්කම මොකක්ද? හොඳයි අතුලට එහෙම වත්කමක් නෑ කියමු. බයෝ තුන් වෙනි සැරේ රාජ්‍ය වෛද්‍ය පීඨ නැති නිසා අතුලගෙ දුවට මෙඩිසින් හරි ඩෙන්ටල් හරි යන්ට බැරිවුනා කියමු.එතකොට කොහොමද මේ දුව සයිටම් හරි යවන්නෙ? අතුල වකුගඩුවක් විකුණනවද නැතිනම් දූට ගණිකාවක් වෙලා ගාන හොයාගන්න කියමුද?]]]
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මගේ උසස් අධ්‍යාපන සුදුසුකම, චිත්‍ර ඇඳීම.
ඒ සුදුසුකම තියන අය ඉන්නෙ අතළොස්සයි.

මගේ වාහනේ මගේ ගමනෙ විදියට වෙනස් වෙනවා.
බස්රිය, දුම්රිය, ත්‍රී වීලර්.. එක එක වෙලාවට
මම කැමති විදියට තෝරා ගන්නවා.

සයිටම් එකට දරුවෙක් යවන්න
වත්කම තියනවා නම්
මම ඔවුන්ට ගැලපෙන විද්‍යාලෙකට යවලා
කලා මාධ්‍යයක් උගන්වනවා.
එහෙම තත්වයක් නැති නිසා
ඔවුනුත් මම වගේ ස්වයං අධ්‍යයනයකින්
ඉගෙනීම සපුරා ගනීවි.

උපාධියකුත් අරගෙන ඉවර වෙලා
දුම්රියට බෙල්ල තියන කෙල්ලෙකුගෙ
මන්ද බුද්ධික බවෙන් ඈ මුදවන්න බැරි
මේ පටු ඒකාංගික අධ්‍යාපනය වෙනුවෙන්
මම වකුගඩුවක් තියා මුඩු ඉඩමක්වත් විකුණන්නෙ නෑ.
මොන හේතුවක් මත හෝ
දුව ගණිකාවක් වුණොත් ඈ මගේ දුව නෙවෙයි.

තෝමස් අල්වා එඩිසන්
විදුලි බල්බය හොයා ගත්තෙ
ඔහුගෙ ගේ විතරක් ආලෝකවත් කරන්න නොවෙයි.
ඔහුට බිල ගෙවා ගන්න බැරුව
ඔහුගෙ ගෙදර විදුලිය කපල තියෙද්දි
අල්ලපු ගෙදර බල්බ් එකේ එළිය දැකලා
ඔහු සතුටු වේවි.

තමන්ට රජයෙන් ලැබෙන බල්බ් එක ඕෆ් කරගෙන
අල්ලපු ගෙදර මිනිහා තමන්ගේ සල්ලි වලින් ගත්
බල්බ් එක නිවා දමන්න අඳුරෙ අතපත ගාන
සයිටම් විරෝධියෙකුට මාව තේරුම් ගන්න බෑ.

 බල්බ් එකක් දැල්වෙනවා නම්
රජයෙන් පිනට දුන්නාද, තමන් ගත්තාද කියල
මම හොයන්නෙ නෑ.
රටේ බහුතරයකටත් ඒක අදාළ නෑ.








 

20170619

අනුර කුමාරට වැරදුණ හේතුව ටිල්වින් හොයාගෙන...

වරද කසුන්ගෙ කියල අපිත් කියන්නෙ නෑ..
ජවිපෙ නායකයගෙ ක්‍රමය වැරදියි.

කසුන් නිවැරදි වෙන්නෙ
ඔහු ජවිපෙ ක්‍රියාකාරී කෙනෙක් නොවෙන නිසයි.
ඒත් අනුර නිවැරදි නෑ.

අනුර  අපට බෙදන හැන්දෙන් කසුන්ට බෙදුවෙ නෑ.
ඔහු දෙසන සමාජ ක්‍රමයට අනුව ඔහු වැරදියි.
ඔහු නිවැරදි නම් මහින්දලා
ඔහුටත් වඩා නිවැරදියි.

මහින්ද, මෛත්‍රී, රාජිත, මර්වින් ඇතුළු
අනෙක් දේශපාලනඥයනුත් තමන්ගෙ දරුවන්ට
අපිට නොදෙන දේවල් දෙන්නෙ
සමාජ ක්‍රමයෙ වරද නිසයි.
අඩු ගානෙ ඔවුන් ඒ සමාජ ක්‍රමය
ප්‍රතිපත්තියක් විදියට පිළිගන්නවා.

තමන්ගෙ හැම වරදකම වරද
සමාජ ක්‍රමය කියල මහින්දලාටත් කියන්න පුලුවන්.
තමන්ගෙ හැම වරදකම වරද සමාජ ක්‍රමය  කියල
හැම අපරාධ කරුවෙකුටමත්  කියන්න පුලුවන්.

කසුන් පුද්ගලික අධ්‍යාපනය ලබන්නෙ
සමාජ ක්‍රමයෙ වැරදි නිසා නම්
ඒ සමාජ ක්‍රමය වෙනස් කරන්න වැඩ කරන්න.
ඒ දවස එනතුරු
සමාජ ක්‍රමයෙ වැරදි නිසා ඔවුන් ලබන ලාභය
අනික් අයටත් ලබන්න ඉඩ තියන්න.

ඒ දවස එනතුරු සමාජ ක්‍රමයෙ එක සිදුරකින්
ඔවුන් රිංගා යන අතරෙ
ඔවුන් නොයන වෙන සිදුරක් වහන්න
ක්‍රියා කරන්නෙ ඇයි.?

රාජිතගෙ ලේලි සයිටම් යන එකෙත්
අනුරගෙ පුතා ස්ලිට් ගිය එකෙත්
වෙනස කුමක්ද?
වරද සමාජ ක්‍රමයෙ නොවෙයිද?

කසුන් සයිටම් යන කෙනෙක් නම්
අනුර වෙනුවෙන් ටිල්වින් අද දොස් කියන්නෙ
ඔය කියන සමාජ ක්‍රමයටම නොවෙයිද?
කසුන් සයිටම් යන්නෙ සමාජ ක්‍රමයෙ වරදින්.
ඒ නිසා අනුර නිවැරදි කියා ඔහු කියාවි.
රාජිතත් ඔහුටත් වඩා නිවැරදියිනෙ.
ඔහු අපිට වෙන දෙයක් කරන්න කියන්නෙ නැහැනෙ.
ඔහු කියන්නෙ සල්ලි තියෙනවා නම්
ඔබේ දරුවාටත් පෞද්ගලික ඉගෙනීම දෙන්න.

අනුර උත්සාහ කරන්නෙ සමාජ ක්‍රමය තියෙද්දි
ඔවුන්ට පුද්ගලික ප්‍රයෝජනයක් නැති
ඔවුඉන්ට අදාළ නැති ආයතන වහන්නයි.
කසුන් සයිටම් එකේ සිටියා නම් අනුර ඒ සටනෙ නෑ.

සමාජ ක්‍රමය වෙනස් කරන්න වැඩ කරන්න.
අනුරගෙ පුතා ජවිපෙ දකින විදියට
සයිටම්, ස්ලිට් ඇතුළු සියලුම පුද්ගලික ආයතනවල
ඉගෙන ගන්න දරුවනුත් කසුන් වගේම දකින්න.

රජයේ අධ්‍යාපන ආයතන වල ඉගෙනීමට
අනික් අයගෙ තියන අයිතියට විරුද්ධ වෙන ජවිපෙ
කවදා හෝ ඔවුන්ගෙ සමාජ ක්‍රමය එනතුරු
ඔවුන්ගෙ දරුවන්ට තියන අයිතිය
සමාජයෙ අනික් අයටත් තියෙන්නෙ ඉඩ දිය යුතුයි.

ජවිපෙ සමාජ ක්‍රමය මුවහමට බොරුවට තලමින්
එජාපෙ ශ්‍රීලනිපෙ වගේම යහමින් ගොයම කනවා.

අනික් දෙශපාලනඥයන් කරන වැරදි
දවල් මිගෙල් රෑ දනියෙල් ක්‍රමයට
ඒ විදියටම අඩුපාඩු නැතුව කරන ගමන්
අමුතු පිරිසිදු පුද්ගලයන් වගේ ප්‍රතිරූප මවලා
රට රවටන්න හදල වැඩක් නෑ.

හැම මැතිවරණයකදිම වගේ
අපේ රටේ ජනතාව තමන්ගෙ අදහස
"අපිව රවටන්න ජවිපෙට බෑ" කියල
ජවිපෙට හැමදාම පැහැදිලිව ප්‍රකාශ කරනවා.
ඉදිරි මැතිවරණයෙදිත් ඔවුන් ඒ ප්‍රකාශය
වඩාත් ප්‍රබල විදියට කරාවි.

ජවිපෙ හැමදාම පරදින්නෙත්
සමාජ ක්‍රමයෙ වැරදි වලින්
ඔවුන් ලබන ප්‍රයෝජන නිසා බව
බුද්ධිමත් ජවිපෙ පාක්ෂිකයන්ට
අනුර පහදා දුන්නා.

මිනිසුන්ගෙ විවේචන වලට
සමාජය ඉදිරියට ඇවිත් කෙළින් පිළිතුරක් දෙන්නවත්
ජවිපෙ නායකයාට බෑ.
ඔහු කරන්නෙ
පැස්බරා වගේ ඔළුව වැල්ලෙ ගහගෙන
ජවිපෙ සගයන් සහ නායකයන් ලවා
නොයෙක් ආකාරයේ මුට්ටි දමමින්
එළියට ඇවිත් කියන්න පිළිතුරක් සෙවීමයි.

අනුර  ගලේ පහරපු එක වහන්න
ජවිපෙට මෙදාපාර බෑ.

අනුර ඇවිත් කියාවි
මම ස්වයං විවේචනයක යෙදුණා කියා.
ජවිපෙ සාමාජිකයන්
ස්වයං විවේචනයක යෙදිය යුතු කාලය ආවෙ 1971දියි.
තවමත් ඔවුන් අසාර්ථකයි.

20170616

Killfie - දුම්රිය පාරේ සෙල්ෆි මරුවා හඳුනාගන්න.

ලංකාවේ දුම්රිය මාර්ග වල 2017 දී
සෙල්ෆි මරුවාට බිලි වූ සංඛ්‍යාව 24ක්.

සෙල්ෆි ඡායාරූප ගැනීම,
ඒ ඡායාරූප සමාජ ජාලවලට ඉක්මණින් මුදා හරිමින්
Like අස්වනු වලින් අටුකොටු පුරවා ගැනීම
අද ඉතා ජනප්‍රිය විනෝදාංශයක්.

ලෝකය පුරා වේගයෙන් පැතිරෙන
සෙල්ෆි වසංගතය අප අතරත් පැතිරෙමින් පවතිනවා.
සෙල්ෆි ගන්නට අනතුරුදායක තැන් වලට ගිය
ජීවිත විශාල සංඛ්‍යාවක් නැතිවෙලා.
තවත් නැති වෙමින් පවතිනවා..
සෙල්ෆි නිසා සිදුවෙන මරණ අතරෙන්
දුම්රිය පාරේ සෙල්ෆි ගැනීමට යද්දි මියගිය අයත්
වෙනත් ආකාරයේ ඡායාරූප ගැනීමට ගොස් මිය ගිය අයත්
වසරකට සිය ගණන්වලින් සටහන් වෙනවා.
එක වසරක එසේ වාර්තා වූ මරණ 127කින්
76ක්ම ඉන්දීය ජාතිකයන්.
ලංකාවත්
ඒ කැයිස්තුවට ඇතුල් වෙන්නෙ
සුදුසුකම් ලබමින් ඉන්නවා.
කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී
සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය
එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු
දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ අතර
වයස 14ක් වූ බාල සොයුරාගේ හිස
හමු වී තිබුණේ ගම්පහ දුම්රිය පොළෙන්.
"චූටි පුතා ෆෝන් එකේ පින්තූර බල බලා රේල් පාර මැද හිටියේ.
අපි දැනගෙන හිටියේ නෑ එතන මාරක ක‍පොල්ලක් කියලා.
චූටි  පුතා දුම්රිය එනවා දැකලා
එහා පැත්තට පැනල
ආයෙත් මේ පැත්තට පැන්නා.
ලොකු පුතා මල්ලි රේල් පාර මැද ඉන්නවා දැකලා
එයාව බේරා ගන්න රේල් පාර මැදට පනිනවාත් එක්කම
පුතාල දෙන්නාම කෝච්චියට හැප්පුනා.
දෙන්නම කෝච්චියට යටවුණා.
චූටි පුතාගේ ඔළුවවත් තිබුණේ නෑ.
ලොකු පුතාගේ කකුල් දෙක
රේල් පාර පැත්තට වැටිලා තිබුණේ.
ඔළුව තිබුණේ මහපාර පැත්තට.
එයාගේ නළ‍ලේ තුවාල තිබුණා.
එයාගේ කකුලක් කැඩිලා තිබුණා.
එයාට සිහිය තිබුණේ නෑ.
එයාගේ ඇඟ අල්ලලා බලද්දී රස්නය තිබුණා.
අපි කිව්වා ඉස්පිරිතාලෙට ගෙනියමු කියලා.
මිනිස්සු වටවෙලා ‍පොටෝ ගනිමින් හිටියත්
එයාව රෝහලට ගෙනියන්න උනන්දුවක් දැක්වූවේ නෑ.
අපිට අපේ දරුවෝ දෙන්නා නැතිවුණා."

 කහව දුම්රිය ස්ථානය ආසන්නයේදීත් යුවලක්
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස්
සැමියා සහ බිරිඳ දුම්රියේ ගැටී තරුණයා මිය ගියා.

වසරේ ගතවූ මාස හයක කාලය තුළ පමණක්
දුම්රිය සෙල්ෆි ඡායාරූපය ගැනීමෙන් සහ
ජංගම දුරකථන පරිහරණය කරමින්
දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී
දුම්රියේ ගැටී පුද්ගලයින් 20 දෙනෙකුට වඩා
ජීවිතක්ෂයට පත්ව ඇති බව
දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා සඳහන් කළා.

දුම්රිය පාරේ සෙල්ෆි ගැනීමේදී
පහසුවෙන් අනතුරක් වීමේ හැකියාව
සෙල්ෆි කැමරාවේ කාචය නිසා වැඩි වෙනවා.

සෙල්ෆි කැමරාවෙන් ඡයාරූප ගනිද්දි
අපට පිටුපසින් ඇති දෙයක්
අපට පෙනෙන දුරට වඩා අඩු දුරකින්
කැමරාවෙන් පෙනෙනවාට වඩා
අපි ඉන්න තැනට සමීපව පැවතීම
සෙල්ෆි කැමරා කාචයෙ සාමාන්‍ය ස්වභාවයක්.
කුඩා පැතලි කමරාවකට
අනිවාර්ය වන මේ ස්වභාවය හඳුනා ගැනීම
දුම්රිය පාරේ සෙල්ෆි ගැනීමෙන් වළකින්නටත්
අන් අය වළක්වා ගන්නටත් හේතු වෙයි.

කැමරා කාච වර්ග තුනක් තියනවා.
අනෙක් කැමරා කාච වර්ග දෙකටත් සාපේක්ෂව
සෙල්ෆි කැමරා කාචය ගැන කෙටි හැඳින්වීමක් කිරීම
ඒ කාචයේ හැසිරීම අවබෝධ කරගැනීමට
වඩාත් ප්‍රයෝජනවත් වේවි.

ඡායාරූපවල ගුණාත්මක බවට
කාච වල වෙනස විවිධාකාරයෙන් බලපාන නමුත්
අපි ඒ සියල්ල මෙහි කතා කරන්නේ නැහැ.
මේ කෙටි හැඳින්වීමේදී අපේ මාතෘකාව
"කාච වෙනස් වන විට
කාච තුළින් අපි දකින  වස්තූන් අතර දුර
කාචයෙන් කාචයට වෙනස් වෙන ආකාරය"
විශේෂයෙන් සලකා බැලීමයි.

දුම්රිය මාර්ගයක
සෙල්ෆි ඡායාරූප ගන්නා කෙනෙකු
නොමග යවන්නට හැකියාවක්
සෙල්ෆි කැමරාවේ කාච වර්ගය සතුව ඇති බව
පැහැදිළි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

සෙල්ෆි ඡායාරූප නොගන්නා කෙනෙකු වුණත්
දුම්රිය මාර්ගයක ගමන් කිරීම පවා
මාරාන්තික අවදානමක් බව
අපි විශේෂයෙන් කිව යුතු නෑ.
සෙල්ෆි කැමරාවේ කාච වර්ගය ක්‍රියා කරන විදිය නිසා
ඒ අවදානම දෙගුණ වන බව පැහැදිලි කිරීම මෙහි අරමුණයි.

ඡායාරූප ශිල්පී ක්ෂේත්‍රයේ අයට
මේ තොරතුරු අලුත් නෑ.
නුහුරු කෙනෙකුට වටහා ගැනීමෙදි
රූප සටහන් සහාය වෙයි.

කැමරාවකින් ඡායාරූප ගැනීමේදී
ප්‍රධාන වශයෙන් වර්ග තුනක කාච භාවිතා වෙනවා.
------------------------------------------------------
කැමරා කාච වෙනස් වෙන්නේ
ඒ කාච වල නාභි දුර අනුවයි.
නාභි දුර සමග කැමරාවේ සංවේදකය මතට
රූපය ලබාගන්නා කෝණය වෙනස් වෙනවා.

අපේ ඇසේ කාචය අවස්ථානුකූලව වෙනස් වෙනවා.
කැමරාවේ කාචය හෝ කාච කට්ටලය
විශේෂ කෝණ පරාසයක පවතිනවා.
අවස්ථානුකූලව ගලවා මාරු කළ යුතු වෙනවා.


සෙල්ෆි ගන්නා මොබයිල් ෆෝන් කැමරාවල
ස්ථාවර්ව සවි කළ කාච භාවිතා වෙනවා.


සාමාන්‍ය කාච - Normal Lense
ටෙලිෆොටෝ කාච - Telephoto Lense
පුළුල්කෝණික කාච - Wide Angle Lense


මේ ඡායාරූප ගැනීමෙදි
කාන්තාවත් ඡායාරූප ශිල්පියාත් අතර
දුර නොවෙනස්ව පවතිනවා.
මේ ඡායාරූප වල වෙනස්කම් වලට හේතුව
කැමරාවේ කාච මාරු කිරීමයි.
කාන්තාවත් ගොඩනැගිල්ලත් අතර දුර
නිවැරදිව සටහන් වෙන්නෙ මැද රූපයෙයි.
------------------------------------------------------

සාමාන්‍ය කාච
Normal Lense
අංශක 60ක කෝණයක් සහිත කාච.

මේ කාචයේ නාභි දුර
අපේ ඇසේ නාභි දුරට සමාන නිසා
ඡායාරූපයේ වස්තූන් අතර දුර
අපේ ඇසට පෙනෙන දුරට සමාන ආකාරයෙන්
දකින්න අපට පුලුවන්.

මේ පිළිබඳව වැඩි විස්තරයක් අවශ්‍ය නැහැ.
------------------------------------------------------
ටෙලිෆොටෝ කාච
Telephoto Lense
අංශක 60ට අඩු කෝණයක් සහිත කාච.
ඡායාරූපයේ වස්තූන් අතර දුර
අපේ ඇසට පෙනෙන දුරට වඩා බෙහෙවින්
අඩු වී පෙනෙනවා.
දුරේක්ෂයකින් දුර බැලූ කෙනෙකුට
මේ අත්දැකීම තියනවා.

අප ඉන්න තැන ඉඳලා
මීටර් දෙතුන් සියයක් ඈතින් ඉන්න කෙනෙක් වුණත්
අපට පෙනෙන්නෙ අපට මීටර් කිහිපයක තරම්
ළඟින් ඉන්නවා වගෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්නෙකුත්
පන්දුවට පහර දෙන්නාත් අතර දුර ප්‍රමාණය
හැම කෙනෙකුටම අවබෝධයක් තියනවා.
ඒත් මේ රූපයෙන් අපට පෙනෙන්නෙ
අපි සාමාන්‍යයෙන් දන්න දුර නොවෙයි.
මෙහි පන්දු යවන්නාත් පහර දෙන්නාත් අතර
අඩි කිහිපයක පමණ පරතරයක් ඇතුවාක් මෙන්
ඔබට පෙනෙනවා.
මේ දුර අසත්‍යයක්.

 සාමාන්‍ය කාචයක සහ ටෙලිෆොටෝ කාචයක වෙනස
ඒත් අපේ මොළය තර්ක කරලා
දුර නිවැරදි කරගෙන තරඟය බල්නවා.
නරඹන්නන් අතර හෝ හතරේ සීමාව අසල
ඉතාම දිග කාච සමග කැමරා අටවාගෙන සිටින
ක්‍රීඩා ඡායාරූප ශිල්පීන් ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡායාරූප
ඔවුන් අසලම සිටගෙන ගත් ඡායාරූප මෙන්
අපට දිස්වන්නේ ටෙලිෆොටෝ කාචවල
මේ විශේෂත්වය නිසයි.

ටෙලිපොටෝ කාචය හරහා
පන්දුවට පහර දෙන්නාත් පන්දු එවන්නාත් අතර
අපට පෙනෙන පරතරය
සැබෑ ප්‍රමාණයට වඩා දුර අඩු වීමක්
ඉතාම පැහැදිලිව පෙන්වනවා.
දුර ඉන්න කෙනෙක් කෙනෙක්
ඒ කාචයෙන් අපිට පෙනෙන්නෙ
අපට ඉතා සමීපව ඉන්නවා වගෙයි.
ඒ වගේම ඔහු පිටුපසින් තවත් අය සිටියොත්
ඒ අයත් ඔහුට සමීප වී පෙනෙනවා.

පන්දුව රකින්නාත් පන්දු යවන්නාත් අතර
සාමාන්‍ය පරතරය අඩු වෙලා පෙනෙද්දි
ඈත කෙළවරේ හතරෙ සීමාවේ නරඹන්නාත්
සමීප වී පෙනෙනවා.
සෙල්ෆි කැමරාවේ
පුළුල්කෝණික කාචයේ භාවිතා වන්නේ
ටෙලිපොටෝ කාචයට
හැම අතින්ම විරුද්ධ පැත්තයි.
දුරේක්ෂයකින් ඇස තියන පැත්තට
විරුද්ධ පැත්තෙන් බලන කෙනෙකුට
මේ අත්දැකීම විඳින්න පුලුවන්.
------------------------------------------------------
 පුළුල්කෝණික කාච
Wide Angle Lense
අපේ මාතෘකාව වන
සෙල්ෆි ඡායාරූප ගැනීමෙදී
නාභි දුර අංශක 60ට වැඩි කෝණයක් සහිත
පුළුල්කෝණික කාච භාවිතා වෙනවා.
ඉතා සමීප දුරක සිට
විශාල ප්‍රදේශයක් සටහන් කරගන්නට
සෙල්ෆි ගැනීමේදී අවශ්‍ය වෙන නිසා
සෙල්ෆි කැමරාවල මේ කාච අඩංගු වෙනවා.
මේ කාච වල නාභි දුර ඉතා අඩුයි.


සාමාන්‍ය කාචයක සහ පුළුල් කෝණික කාචයක වෙනස
මේ කාච හරහා
ඡායාරූපයේ වස්තූන් අතර දුර
අපේ ඇසට පෙනෙන දුරට වඩා බෙහෙවින්
වැඩි වී පෙනෙනවා.
අප ඉන්න තැන ඉඳලා
අපට ඉතා ළඟින් මීටර් කිහිපයක සීමාවෙ ඉන්න කෙනෙක්
අපට පෙනෙන්නෙ අපට මීටර් දෙතුන් සියයක් ඈතින්
ඉන්නවා වගෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්නෙකුත්
පන්දුවට පහර දෙන්නාත් අතර දුර
සැම කෙනෙකුටම අවබෝධයක් තියනවා.
විකට් කූරෙ තියන කැමරාවෙ ස්වභාවය
සෙල්ෆි කැමරාවට සමානයි.

 
සාමාන්‍ය කාචයක සහ පුළුල් කෝණික කාචයක වෙනස
මේ කාචය හරහාත් අපට පෙනෙන්නේ
පන්දුවට පහර දෙන්නාත් පන්දු එවන්නාත්
අතර පරතරය සැබෑ ප්‍රමාණයට
වඩා දුර වැඩි වීමක්
ඉතාම පැහැදිලිව පෙන්වනවා.

අපට ඉතා සමීපව ඉන්න කෙනෙක් හෝ දෙයක්
ඒ කාචයෙන් අපිට පෙනෙන්නෙ
දුර ඉන්න කෙනෙක් හෝ දෙයක් වගෙයි.
වාහනයක පැති දර්පණය සකස් කර තියෙන්නෙත්
මේ ආකාරයට වැඩි ප්‍රදේශයක්
පොඩි රාමුවක සටහන් කරගන්නයි.
දර්පණයෙ උත්තල බව අනුව
අරමුණ පෙනෙන දුර වෙනස් වෙනවා.
රියදුරෙක් මේ වෙනසට කලක් තිස්සෙ
අනුගත වෙලා ඉන්න නිසා
ඔහු අතින් වැරදි වෙන්න ඉඩහසර අඩුයි.
සෙල්ෆි කැමරා කාචයෙන් ඇතිකරන
විකෘති දැක්ම නිසා
දුම්රිය මාර්ගයෙ ඉඳන් සෙල්ෆියක් ගන්න කෙනෙකුගෙ
ඇසට වැටෙන රූපය සත්‍ය රූපයක් නොවෙයි.
සාමාන්‍ය තැනකදි සෙල්ෆි ගන්න වෙලාවට
මේ විකෘති රූපය අපට ගැටළුවක් වෙන්නෙ නෑ.

ඒත්
පැයට කිලෝමීටර් හැටක හැත්තෑවක පමණ වේගයෙන්
ටොන් ගණනාවක් බර දුම්රියක් අපට සමීප වෙන
මාරාන්තික අවදානමක් පවතින මොහොතක
කැමරාවෙන් පෙනෙන විකෘති රූපය
අපට තදින් බලපානවා.

තත්පරයට මීටර් පහළොවක් පමණ වේගයෙන්
අප වෙතට එන දුම්රියක් මගහැරීම ගැන
තීරණය ගැනීම එක තත්පරයකින් හෝ ප්‍රමාදවීම
ඒ තීරණය ගන්නත් පෙරම
මරු කැඳවන්න හේතු වෙන්න පුලුවන්.

කැමරාවෙන් බලා ගන්න තීරණය
අනිවාර්යයෙන් වැරදි.
ආපහු බලන්න වෙලාවක් අපට ඇත්තෙත් නෑ.
තත්පර දෙකකදි මීටර් 30කින්
දුම්රිය අපට සමීප වෙනවා.

සෙල්ෆි ගන්න කෙනෙක්
කැමරාවෙන් පෙන්වන තමන්ගෙ සහ
අවට ඉන්න හිතවතුන්ගෙ  රූප දකිනවා විනා
පසුබිමෙහි එන දුම්රිය  දකින්නෙත් අඩුවෙන්.

මේ නොසැලකිල්ල සමග
ළඟ ළඟ එන දුම්රිය ඈතින් පෙනීමත්
දෙකම එකතු වුණාම
මරුවාගේ කාරිය පහසු වෙනවා.

සෙල්ෆි කැමරාවෙන් පෙනෙන විකෘති  රූපය නිසා
ජීවිත තුනක් අහිමිවුණ ආකාරය මෑත කාලයේ අපි ඇහුවා.
නැවත එවැන්නක් අහන්නට සිදු නොවේවා.

මරු තුරුළේ කෙළින
මේ මාරාන්තික විනෝදාංශයට සදහටම සමු දී
ජීවිතය රැකගන්න.

ඔබ දෙසට වේගයෙන් එන දුම්රියක් සමග
ඔබ පෙනී සිටින සෙල්ෆියක් ඉතිරි කරමින්
ඔබ සදහටම අපෙන් වෙන්ව ගියොත්
ඔබට ආදරේ කළ ජීවිතවල
ඔබ නැති හිස් තැන
ඔබේ ඒ සුරු විරු සෙල්ෆියෙන්
මැකෙන්නේ නෑ.