20170331

ධර්ම මාර්ගය ඇරඹෙන්නෙ ආනාපාන සතියෙන්...


කය නොදැක
ධර්මය දකින ක්‍රමයක්
බුදු දහම තුළ නෑ.

දේශනාවකින් ධර්මය දකින්න පුලුවන්,
පොතපතෙන් ධර්මය දකින්න පුලුවන්,
කියා සරලව හිතන අයට
බුදුන් වහන්සේගෙන් අවවාදයක්.

"මේ අපවිත්‍ර කය දැකීමෙන්
ධර්මය දකින්නා තමා දකී.
පටිච්ච සමුප්පාදය දකින්නා
ධර්මය දකී."

ධර්ම මාර්ගය ඇරඹෙන්නෙ
ආනාපාන සතිය මගින්
සමස්ත කයටම සංවේදී වීමෙන්.

පටිච්ච සමුප්පාදය දකින්නත්
කය දකින්නම වෙනවා.
අන් සියල්ලම සිතින් දැක්කත්
වේදනාව තණ්හාව වෙන විදිය දකින්න
කය දැකිය යුතුමයි.

කායානුපස්සනාවෙන්,
වේදනානුපස්සනාවෙන්
සිහිය දියුණු වෙනවිට
සමස්ත පටිච්ච සමුප්පාදයම
කය තුළ දකින්න පුළුවන්.

ඉමිනා "පූතිකායෙන පස්සෙන"
සො ධම්මං පස්සති, සො මං පස්සති
සො පටිච්ච සමුප්පාදං පස්සති
සො ධම්මං පස්සති

20170327

ඉගෙන ගන්න දරුවාගේ විභාගය ඉගෙනීමයි.

දරුවා ඉගෙන ගන්නවා.
විභාගය නොවෙයි අරමුණ..
ඉගෙනීම.

විභාගයට ඉගෙන ගන්නා අය
තමන්ගෙ විෂයපථයෙන් පිට
කුඩා දරුවන් වගෙයි..

එක ක්ෂේත්‍රයක ඉහළ දැනුමක් ලබන අය
වෙනත් ක්ෂේත්‍රවලත් හිතන්න හදන්නෙ
තමන්ගෙ ක්ෂේත්‍රයෙ රටාවට.

වෛද්‍යවරයෙක් එක්ක
නීතිය කතා කරල බලන්න.
උපකල්පනයෙන් ආරම්භ කරන
වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයට
'උපකල්පන නොපිළිගන්නා
නීතිය' ජයගන්න හිතලා පරදිනවා.
සයිටම් ප්‍රශ්නෙදි ඔවුන් පැරදෙන්නෙ
මේ නිසයි.

විභාගය ඉබේට සමත් වෙන්න
පින්ලන්තයෙ ක්‍රමය හොඳයි.

[[[වසර 2020 වන විට පින්ලන්තයේ සියලු පාසල් විෂය නිර්දේශවලින්,
සියලු විෂයන් ඉවත්කිරීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.
ඒ අනුව ගණිතය, භෞතික විද්‍යාව, භූගෝල විද්‍යාව වැනි 
තනි තනි විෂයන් ඉගැන්වීම නතර කෙරේ.
උදාහරණයක් වශයෙන් යම්කිසි දරුවෙක් සිය කැමැත්තෙන් දෙවන ලෝක යුද්ධය නමැති අවස්ථාව හෝ සංසිද්ධිය තෝරාගතහොත්, එයට අදාළ වන ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ ගණිත සිද්ධාන්ත ඉගෙන ගැනීමට ඔවුන්ට හැකි වේ. මෙසේ ප්‍රායෝගික දේවල් තුළින් විෂයන් හැදෑරීම හේතුවෙන් එම විෂයන් සජීවී ලෙස ග්‍රහණය කර ගැනීමටත්, හොඳින් මතකයේ තබාගැනීමටත් සමාන අවස්ථා සඳහා අදාළ කර ගැනීමේ පුහුණුව ලබාගැනීමටත් හැකියාව ලැබේ _ උපුටා ගැනීමකි ]]]

විෂය ඉගැන්වීමට වඩා වටින්නෙ
දරුවාට ඉගෙනගන්න ඉගැන්වීමයි.

මගේ දරුවන්ට පාසලේ ඉගෙන ගනිද්දි
විශේෂ දෙයක් දැනගත්තාම
ඔවුන් ගෙදර ඇවිත් අපි එක්ක බෙදාගන්නෙ
ඔවුන් සොයාගත්ත දෙයක් වගේ.
ඒකට අලුතෙන් දෙයක් එකතු කිරීම
අපේ යුතුකමක්.... සහ වගකීමක්.

හැම දෙයක්ම පරතෙරට ඉගැන්වීම අනවශ්‍යයි..
ඔහුට ඉගැන්විය යුත්තෙ
ඔහු ඉගෙනගන්නා විෂය කරුණට
මේ ආකාරයෙ ශාඛාවකුත් තියනවා...
ඒ ශාඛාවෙ ස්වභාවය මේ වගෙයි කියා විතරයි.
අතු රිකිලි මල් කොළ ගෙඩි සියල්ලම
වර්ණ, රස, හැඩය ආදිය දැන් අවශ්‍ය නෑ.
දුන්නට ඔහුට ගන්නත් බෑ.
අවශ්‍ය දිනට ඔහු සොයා ගනීවි..

දරුවාගෙ පළමු ගුරුවරු දෙමාපියන් කියා
බුදුන් වහන්සේ හෙළිකළ සත්‍යය
බොහෝ මවුපියන්ට මතක නැහැ.
බොහෝ දරුවන්ගෙ ජීවිතවල
දෙමාපියන්ගෙන් ලැබිය යුතු
අධ්‍යාපනය තියන තැන තියෙන්නෙ
ඔහු සතුටු කරන්න අරන් දුන්
කෙළිබඩු, ෆෝන් පරිගණක ගේම් ආදියයි.

අපේ දරුවන්ට පරිගණක ගේම් තහනම්.
රූපවාහිනී නැරඹීමක් නැහැ.
හොඳ බටහිර චිත්‍රපටි බලන්න පුලුවන්.
අපි බලන ගෝඩ් ෆාදර් වැනි චිත්‍රපටිත් බලනවා.
වින්දනය සඳහා නොවෙයි.
මාෆියාකරුවන්ගෙ ජීවිත
ඔවුන්ගෙ උපක්‍රම ආදිය ඉගෙන ගන්නයි.

උදාහරණයක් විදියට
ගෝඩ් ෆාදර් චිත්‍රපටි පෙළේ
ගෝඩ් ෆාදර්ගෙ චරිතය
චිත්‍රපටියෙන් චිත්‍රපටියට පිරිහෙමින්
තුන්වැනි ගෝඩ් ෆාදර් බවට පත්වෙන
ම්ලේච්ඡ, ගෝත්‍රික, නිර්දය නිරාගමිකයා
අපේ කතාවෙදි අපි විග්‍රහ කරනවා.
ඔවුන් ඒ චරිත හඳුනා ගන්නවා.
ජීවත්වෙද්දි එවැනි අය සමාජයෙ දුටුවාම
පහසුවෙන් හඳුනාගන්නවා.

ඔවුන් ගත්ත දවස් වල කියෙව්වත් නැතත්
පොත් ඉල්ලන තරමක් අරන් දෙනවා.
කියවද්දි ප්‍රිය දෙයක් දුටුවොත්
ඔවුන් අපි සමග බෙදා ගන්නවා.

මේ සියල්ලම
ඔහුගෙ අධ්‍යාපනයෙ ප්‍රධාන අංග.
පාසල් අධ්‍යාපනයෙන් නොලැබෙන ආගමික දැනුමත්
මිනිසුන්ගෙ හොඳ නරකත් ඔහු දැනගත යුතුයි.
දරුවා නෑසියන්ගෙ මිතුරන්ගෙ හොඳ නරක,
ඔවුන්ගේ යහගුණ, නුගුණ, රැවටිලිකාරකම්,
උසස් චරිත ලක්ෂණ ඔවුන්ටත් පෙන්විය යුතුයි.
සමහරවිට ඔවුන් අපිට වඩා හොඳින් චරිත මනිනවා.

මේ සියලුම හොඳ නරක පවතිද්දි
මිනිසුන් මිනිසුන් ලෙස සලකා දකින්නත්
ඔවුන්ගෙ චරිතානුරූපීව ඔවුන් සමග
ප්‍රවේශමෙන් කටයුතු කරන්නත්
ඔහු ඉගෙනගත යුතුයි.

"ලොකු අයගෙ වැඩ වලට පොඩි අය එන්න එපා"
කියන ආකල්පය දරුවෙකුට ඉතා හානිකරයි.
ලොකු අය අතරෙ සිදුවෙන දේ නොදැන
අඳුරු ගුහාවක ලොකුවෙන දරුවා
සමාජයෙ කාන්තියෙන් ඇස් නිලංකාර වෙලා
ජීවිතය නාස්ති කරගන්නවා.

අපි වගේ දෙයක් දකින්න අද ඔහුට බෑ.
ඒත් සංසිද්ධියකට හවුල්වීමෙදි
අපිට වඩා ප්‍රබල ලෙස සාරය උකහා ගැනීම
අපට වඩා පහසුවෙන් ඔහුට පුලුවන්

20170326

දුම් බීම මත්පැන් බීම පහසුවෙන් නතර කරන්න පුලුවන්.

https://www.facebook.com/athula.siriwardhane
අන්තර්ජාලයෙන් හඳුනාගත්
මා මෙතෙක් නොදුටු මිතුරෙක්
මසකට පමණ පෙර
දුරකථනයෙන් කතා කළා.

ඔහු කතා කළේ බලවත් සිත් වේදනාවකින්.
ඔහු පසුවුණේ විශාදයෙන්.

ඔහුගෙ සිගරට් බීම, මත්පැන් බීම, හදිසි කෝපය,
ආර්ථික ගැටළු, පවුලේ ඇතිවෙන ගැටළු ගැන
සැකෙවින් මට පැවසුවා.

ඔහු දිනකට සිගරට් 30ක් හතලිහක් අතර
දුම් පානය කළ කෙනෙක්.
මත්පැන් පානය කළ කෙනෙක්.

සිගරට් නැති වුණාම
ලේ එනතුරු දිව විකාගන්නා බව
ඔහු එදා මට පැවසුවා.

ඔහු විෂාදයෙන් මිදෙන්නට
සිගරට් සහ මත්පැන් භාවිතා කළා.
සිය දිවි නසාගත හැකි තරම්
බලවත් විෂාදයෙන් පෙළෙන්නෙක්
දිවි රැකගන්නා ආරක්ෂක කපාටය
සිගරට්-මත්පැන් ආදියයි.

මෙවැනි පිරිස් එකට එක්වෙන්නටත්
මත්පැන් භාවිතා කරනවා.

කිසි කෙනෙක් ජන්මයෙන්
දුම්බීම මත්පැන් බීම අරන් එන්නෙ නෑ.
මගේ මිතුරාත් ඒ වගෙයි.

සංවේදී කුඩා දරුවෙකුට
මත්පැන් පොවන්න බැහැ..
ඔහුට දුම්පානය කරන්න බැහැ.

දුම් බීම සහ මත්පැන් පානයට අදාළව
කුඩා දරුවා නිතැතින්ම වාරිත්‍ර ශීලය රකින්නෙක්.

ඔහු දුම්බීමෙන් මත්පැනින් වැළකී සිටීම
ඔහු ඔහුගේ කයට සංවේදී වෙනතුරු
පමණයි.

දුම්බීමට මත්පැනට ඇබ්බැහි වෙන
හැම කෙනෙක්ම
කුඩා කල ඒ වාරිත්‍ර ශීලය රැකි අයයි.

පසු කාලීනව මානසික ප්‍රශ්න සහ
පාප මිත්‍ර සේවනය නිසා
කෙනෙක් දුරාචාරයට යොමු වෙනවා.

ඇබ්බැහිකමෙන් මිදෙන්න අවශ්‍ය වුණත්
තමන්ගෙ කය ගැන සිහිය නැති කෙනෙකුට
වේදනා ගැන සිහිය නැති කෙනෙකුට
දුම්බීමෙන් මත්පැනින් වළකින්න බැහැ.

වාරිත්‍රයක් විදියට දුම්බීමෙන් මත්පැනින්
නිශ්චිතව වැලකෙන ක්‍රමය
තමන්ගෙ කය ගැන වේදනා ගැන
සිහිය දියුණු කිරීම පමණයි.

තමන්ගේ කය ගැන
හොඳින්ම සිහිය තියන කුඩා දරුවෙකුට
මත්පැන් පොවන්න බැහැ..
දුම්පානය කරන්න බැහැ.

ඒ දෙකට පුරුදු වෙන්න
ඔහු පිළිබඳ ඔහුගේ සිහිය
යම් මට්ටමකට දුර්වල විය යුතුයි.
කාය වේදනා දෙක ගැන සිහිය
ඒ මට්ටමට දියුණු කරගන්න
යම් කෙනෙක් ක්‍රියා කළොත්
ඔහු දියුණු කළ සිහිය තියන තුරු
ඔහුට මත්පැන් බොන්න බැහැ..
ඔහුට දුම්පානය කරන්න බැහැ.

ඔහුගෙ තොරතුරු වලින් පසුව
මම ඔහුට කිව්වා.
" ඔය හැම ප්‍රශ්නයකම මුල තියෙන්නෙ හිතේ.
එතන වෙනස් කරගන්න තියන එකම ක්‍රමය,
විපස්සනා පමණයි"

විපස්සනා ආරම්භයේදීම
කාය වේදනා දෙක ගැන සිහිය දියුණු කරනවා.
ඔහු තුළ සිදු වෙන වෙනස්වීම් වලට
රාගයෙන් හෝ ද්වේශයෙන් ප්‍රතික්‍රියා නොකර
උපේක්ෂාවෙන් වෙසෙන්න පුහුණු කරනවා.

තම කයත් වේදනාත් ගැන
සිහිය දියුණු කළ කෙනෙකුට
ඒ දෙකේ වෙනස් වීම් වලට
උපේක්ෂාව දියුණු කළ කෙනෙකුට
දුම්බීමත් මත්පැන් බීමත් "කරන්න බෑ.."

දුම්බීමෙන් මත්පැනින් "වළකින ප්‍රශ්නය"
තව දුරටත් ඔහුට නෑ.
ඔහු ඒ දෙකෙන් වෙන හානියට සංවේදීයි.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


මගේ මිතුරා පසුගිය දිනවල
දස දින පාඨමාලාවකට සහභාගි වී
ආපසු පැමිණිලා.
දැන් ඔහුගෙ දුම්පානය නැවතිලා.මත්පැන් පානය නැවතිලා.

ඔහු ලද තවත් යහපත් ප්‍රතිඵල තියනවා.

කෙනෙකුට යහපත් ප්‍රතිඵල ලැබුණ නිසා
තවත් කෙනෙක් විපස්සනාවට යොමු වීම
කලාතුරකින් සිදු වෙන්නක්.

එහෙත්
වැඩිදෙනෙක් විපස්සනාවට යොමු වෙන්නෙ
තවත් කෙනෙකුට ලැබුණ යහපත් ප්‍රතිඵල  නිසායි.

ඇස් ඉදිරිපිට පෙනෙන ප්‍රායෝගික සත්‍යය
බුදු වදනටත් වඩා ප්‍රබලයි.

සිහිය දියුණු වීමයි ඵලය.
අන් සියල්ල අතුරු ඵල පමණයි.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

පාඨමාලා තොරතුරු

දස දින නේවාසික පාඨමාලාවල උගන්වනු ලබන
මෙම භාවනා පුහුණුවට සහභාගිවන්නන්
 නියමිත විනය නීති මාලාවක් අනුගමනය කරමින්
භාවනා ක්‍රමය පිළිබඳව මූලික කරුණු හදාරමින්
එහි ඵලදායි ප්‍රතිඵල අත්දැකීමට ප්‍රමාණවත් ලෙස ප්‍රගුණ කරති.

පාඨමාලාවේදී
දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රියා කිරීම අවශ්‍ය වේ.
භාවනා පුහුණුව පියවර තුනකින් සමන්විතය. පළමු පියවර වන්නේ :
පාඨමාලා කාලය තුල දී
ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකම් කිරීමෙන් වැළකී සිටිම,
කාමයෙහි හැසිරීමෙන් වැළකී සිටිම, මුසාබස් කීමෙන් වැළකී සිටීම,
සහ මත්පැන් - මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම.
මෙම සරල විනය නීති මාලාව
සිත සන්සුන් කිරීමට ප්‍රයෝජනවත් වන්නේ
කලබලකාරි සිතකින් ස්වයං නිරීක්ෂණය කිරීම
කළ නොහැකි නිසාය.

දෙවන පියවර වන්නේ
නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින
නාස් පුඩුවලින් ඇතුල් වන හුස්මෙහි සහ පිටවන හුස්මෙහි
ස්වාභාවික සත්‍යතාවයට අවධානය යොමු කරමින්
කිසියම් ප්‍රමාණයකට සිත පාලනය කර ගැනීමයි.

සිවු වන දිනය වන විට සිත වඩාත් සන්සුන් වේ,
වඩාත් එකාග්රතාවයෙන් යුක්ත වේ.
ශරීරය පුරාම සංවේදනාවන් නිරීක්ෂණය කරමින්,
ඒවායේ ස්වභාවය අවබෝධ කර ගනිමින්,
ඒවාට ප්‍රතික්‍රියා නොකර උපේක්ෂාව දියුණු කර ගනිමින්,
විපස්සනා භාවනාව වැඩීමට ආරම්භ කිරීමට හැකි වේ.

අවසාන වශයෙන්,
මෙම වැඩසටහනට සහභාගී වන සියලූ දෙනාටම
අවසන් දිනයේදී මෛත්‍රී භාවනාව වැඩීමට ඉගෙන ගත හැකි වේ.
එම අවස්ථාවේ දී,
පාඨමාලා කාලය තුල දී වර්ධනය කර ගත් චිත්ත පාරිශුද්ධතාවය
සියලූ සත්ත්වයන් වෙත අනුමෝදන් කරනු ලැබේ.

මේ මුලූ අභ්‍යාසයම ඇත්තවශයෙන්ම මානසික පුහුණුවකි.
අපේ ශාරීරික නිරෝගී බව නංවාලීම සඳහා ව්‍යායාම කරන්නාක් මෙන් ,
මානසික නිරෝගී බව නංවාලීම සඳහා
විපස්සනා භාවනාව උපයෝගී කර ගත හැක.

නියම වශයෙන්ම එය ප්‍රයෝජනවත් කියා සොයාගත් නිසා
මෙම භාවනා ක්රමය සත්‍ය ස්වරූපයෙන්ම ආරක්ෂා කරගෙන යාමට
විශේෂයෙන් අවධාරණය කෙරේ.
එය උගන්වනු ලබන්නේ වාණිජ අරමුණකින් තොරව,
කිසිම අය කිරීමකින් තොරවය.
මෙය ඉගැන්වීම සඳහා සම්බන්ධව සිටින කිසිම පුද්ගලයෙක්
කිසිම ආකාරයක මූල්‍යමය හෝ ද්‍රව්‍යයමය ප්‍රතිලාභයක් නොලබයි.

පාඨමාලා සඳහා අය කිරීමක් නැත;
ආහාර සහ නවාතැන් පහසුකම් වියහියදම් සඳහාවත්
අය කිරීමක් නොකෙරේ.
විපස්සනා භාවනා පාඨමාලාවක් සම්පූර්ණ කර
විපස්සනාවෙන් ප්‍රයෝජන ලබා,
තමන්ට ලැබුණු ඵල ප්‍රයෝජන ලැබීමට
 අනික් අයටත් අවස්ථාව උදාවේවා’
යන චේතනාවෙන්
ඒ අය විසින් කරන ලද පරිත්යාගවලින්
පාඨමාලා වියහියදම් ආවරණය කෙරේ.

ඇත්තවශයෙන්ම,
ප්රගුණ කිරීම පවත්වා ගෙන යාමෙන්
අනුක්‍රමිකව මෙහි ප්රතිඵල ලැබේ.
දින දහයක් තුලදී
සියලූ ප්‍රශ්න විසඳී යනු ඇතැයි බලාපොරොත්තු වීම
යථාර්තවාදී නොවේ.

කෙසේ වුවත්
එම කාලය තුලදී
විපස්සනාවේ අත්‍යවශ්‍ය කරුණු
ඉගෙන ගත හැකි වේ.

එය දෛනික ජීවිතයේදී ප්‍රයෝජනවත් වේ.
 භාවනා ක්රමය වැඩි වැඩියෙන් වඩන්නේ නම්
එ් තරමට දුකින් මිදිමත්,
අවසානයේදී
ක්‍රමක්‍රමයෙන් පූර්ණ විමුක්තිය කරා ළඟා වීමත් සිදු වේ.
දින දහයක භාවනාවෙන් පවා ලැබෙන ප්‍රතිඵල
එදිනෙදා ජීවිතයට පැහැදිලි ලෙසම ප්‍රයෝජනවත් වේ.

මෙම භාවනා ක්‍රමයේ ක්‍රියාකාරිත්වය
තමන් විසින්ම අවබෝධ කර ගැනීමටත්
එහි ප්‍රයෝජනය ගැන තීරණය කිරීමට
අවංකව කැමති සියලූ දෙනාට
පාඨමාලාවට සම්බන්ධවීමට ආරාධනා කරමු .

මේ සඳහා ප්‍රයත්න දරණ සියලූ දෙනාට
විපස්සනා පුහුණුවෙන් නියම සතුට උදාකර ගෙන
අනික් අයත් සමඟ බෙදා ගත හැකි ක්රමයක් බව
දැන ගන්නට ලැබේවි.

වැඩි විස්තර සඳහා
විපස්සනා දසදින නේවාසික පාඨමාලාව

20170325

ඖෂධ වලට දරුවා හුරු කරන ප්‍රතිශක්තිකරණය.

සිඟිති පාසලක නොමිලේ පැවැත්වුණ
"දරුවන්ට පෝෂණය ලබාදෙමු"
වැඩ සටහනකට අපි සහභාගි වුණා.
වෙනත් ක්‍රීඩා, චිත්‍ර ඇඳීම් ආදියට
තෑගිබෝග සහතික බෙදා දෙමින්
ළමුන්ට ප්‍රියජනක පරිසරයෙ
එක අවස්ථාවක අනුග්‍රාහක සමාගම හදන
මාගරින් සමග මුං ඇට කාටත් බෙදුවා.
ඔවුන් කිව්වෙ
දරුවන් මාගරින් රසට හුරු කරලා
ඔවුන් පෝෂ්‍යදායී ආහාරවලට
හුරු කරගන්න පුලුවන් කියලයි.

පෝෂණය ගැන කියලා අම්මලාගේ ඇස් වහල
සමාගම කරන්නෙ ඔවුන්ගෙ මාගරින් වලට
දෙමාපියන්ව හුරු කිරීමයි.

දෙමාපියන්ට පිළිගන්න පුලුවන් හේතුවක්
දරුවන්ගෙ යහපතට සම්බන්ධව දුන්නොත්
සමාගමට කරගන්න අවශ්‍ය සියලුම දේ
දෙමාපියන් කැමැත්තෙන් කරල දෙනවා.
වෙළඳ ව්‍යාපාරිකයන්ට
දරුවා පාරිභෝගිකයෙක් කරගන්න අවශ්‍ය නම්
නොවරදින දොරටුව
දෙමාපියන්ගෙ හිත් දමනය කර ගැනීමයි.

මෙසේ පාරිභෝගිකයන් කරගන්නා දරුවන්
ඇබ්බැහි කරගැනීම දෙවෙනි පියවරයි.

මේ තමයි අපේ ලිපියෙ පදනම.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

අපි පවුලම නිර්මාංශයි..
සමහර වෙලාවට, අපේ දෝණි
හතු, සෝයා පවා "මස් වගෙයි"
කියා ප්‍රතික්ෂේප කරනවා.

ඒ වගේම මස් මාංශ
ආහාරයට ගන්නා පවුල්වල දරුවන්
මස් මාංශ වලට හුරු වෙනවා.

රෝල්ස්, එළවළු රොටි,
මාළු පාන් කන්න හුරුවුණ ළමයි
පිළුණු කෑමක් කාල ලෙඩ වෙන්නෙ නෑ.

පේව්මන්ට් එකේ හැදෙන ළමයින්ට
දූවිල්ලට කිවිසුම් යන්නෙ නෑ.
සෙම්ප්‍රතිෂ්‍යාව, හතිය,
කැස්ස හැදෙන්නෙ නෑ.

මත්පැන් බාගයක්, තුන්කාලක්
නිතර බොන පුරුදු කාරයෙක්
කාලකින් වෙරි වෙන්නෙ නෑ.

අද කාලකින් වෙරි වෙන කෙනෙකුට
කාලයක් යද්දි කාලත් මදි වෙනවා.
කාලක් ගත්තට ඔහුගෙ කය
පෙර මෙන් ප්‍රතික්‍රියා දක්වන්නෙ නෑ.
කාලකින් ඔහු තුළ සිදුවෙන වෙනසට
දැන් ඔහු සංවේදී නෑ.
ඔහුගෙ සංවේදී බව පිරිහෙනවා.

අද පැනඩෝල් එකකින් සංසිදෙන කැක්කුමට
ඊළඟ වතාවෙ එක පැනඩෝල් එකක් මදි වෙනවා.
පැනඩෝල් එකක් ගත්තට ඔහුගෙ කය
පෙර මෙන් ප්‍රතික්‍රියා දක්වන්නෙ නෑ.
කලින් දැනුණ මට්ටමේ කැක්කුම්
දැන් ඔහුට දනෙන්නෙ නෑ.

ඔහුගෙ කය කලින් ඔහුට දැනුම් දීපු
කැක්කුම් අංශක ගණන දහයක් නම්
දැන් ඒ අංශක ගණන ඔහුට දැනෙන්නෙ නෑ.
දැන් ඔහුට කැක්කුම දැනෙන්න දහය ඉක්මවා
දොළහට පහළොවට එන්න ඕනෙ.
ඒ ප්‍රමාණයෙන් ඔහු නිර්වින්දනය කරන්න
එක පැනඩෝල් එකක් මදි.

කාලක් බීල වෙරි වෙන නවකයාත්
කාලක් නොදැනෙන බේබද්දාත් අතර
වෙනසට හේතුව කුමක්ද?
බේබද්දා නවකයාට වඩා
කායිකව ශක්තිමත්ද?

වඩා සංවේදී කවුද?
නවකයා දිගටම මත්පැන් බිව්වොත්
ඔහුගෙ සංවේදී බවට කුමක් වෙයිද?

ඇයි මෙහෙම?

බොහෝ දෙනෙක් හිතන්නෙ
බේබදා බීමෙන් ශක්තිමත් වෙලා කියලයි.

ඔරොත්තු දීමේ ශක්තිය වැඩි වෙන්නෙ
ඔවින්ගෙ ඉන්ධිය සංවේදීතාවයත්
මානසික අවධිභාවයත්
විනාශ කරගෙනයි.


බටහිර ඖෂධවලට හුරු වෙන අයත්
මෙවැනිම අන්තයන් කරා ගමන් කරනවා.

මේ චරිත වයසට යද්දි
ඔවුන්ගෙ ඔරොත්තුදීම ටිකෙන් ටික වැඩි වෙලා
කිසිම දෙයක් නොදැනෙන තත්වයට
ඔවුන්ගෙ සිතත් කයත් පත් වෙනවා.

මිනිසුන්, සතුන් සීපාවුන්, ගහකොළ ආදී
කිසිම දෙයක් නොදැනෙන ඇවිදින මළකඳක්
මිය යන දවස එනතුරු
බලාගත් අතේ බලාගෙන කල් ගෙවනවා.

මේ ජීවිතවලට ඖෂධ දැනෙන්නෙ නෑ.
සිත මිය ගිය ඔවුන්ගෙ නිර්වින්දනය වූ කය
ඖෂධ වලට ප්‍රතිචාර දක්වන්නෙ නෑ.

මේ නිර්වින්දිත කයම කාලෙකට පෙර
බටහිර ඖෂධ වලට අති සංවේදීව ප්‍රතිචාර දක්වමින්
බරපතල ආසාත්මිකතා ගැටළු ඇතිවුණ
සියුමැලි කයක් විය හැකියි.
නොයෙක් රසායනික සංයෝගවලින් පහර කෑ
ඔවුන්ගෙ සංවේදී ශරීරය කල් යාමේදී රළු වී
ඒ රසායනික සංයෝග වලට හුරු වෙනවා.

අද කාලෙ වැඩිහිටියන්ට වඩා
දරුවන්ට බටහිර ඖෂධ වර්ග හුරුයි.
බටහිර වෛද්‍ය විද්‍යාව විසින්
දරුවන් උපදින්නටත් පෙර
මවු කුසේ සිටියදීම
මවට දෙන රසායනිකයන් මගින්
ඖෂධවලට හුරු කිරීම
ඖෂධ සමාගම් වල
පළමු පියවරයි.

ඉපදුණ වහාම
ළදරුවාගෙ මොළකැටි ශරීරයේ පවතින
ස්වාභාවික ප්‍රතිශක්තිකරණ රටාව
කෘතිම ප්‍රතිශක්තියට හුරු කිරීම
එහි දෙවෙනි පියවරයි.

කෘතිම ප්‍රතිශක්තිය ඇතිකරන්නට
ඔවුන් භාවිතා කරන්නෙත්
ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති කරන
ප්‍රතිශක්තික මතකයමයි කියා
වෛද්‍යවරු කියනවා.

ඇවිදින ළමයෙකුට කිහිලි කරු දීමෙන්
ඔහුගෙ ඇවිදීමේ හැකියාව සියතට ගන්නා
බටහිර ඖෂධවේදී සමාගම්
සිය සහාය නැතිව ආරක්ෂාවක් නැති තැනට
උපක්‍රම ශීලීව දරුවා හුරු කරමින්
අසරණ දරුවාගේ මුළු ජීවිතයම
ඖෂධ සමාගම් වල ග්‍රහණයට නතු කරගන්නවා.

ප්‍රතිශක්තිකරණය මගින්
දරුවා සමග සම්බන්ධ වෙන
බටහිර ඖෂධ වේදියාගේ නියෝජිතයා වන
පවුලේ වෛද්‍යවරයා වෙත නොකඩවා යන්නට
දරුවාගේ මවුපියන් හුරු වෙනවා.

වෛද්‍යවරයා ළඟට යන්න හුරු වෙන කෙනා
ඒකට ඇබ්බැහි වෙනවා.
ඒ බව මිනිස්සු අත්දැකීමෙන් දන්නවා.
ප්‍රතිශක්තිකරණයට යන කෙනා
වෙනත් සුලු දේට පවා යන්න පුරුදු වෙනවා.

දරුවෙක් ලැබෙන මවක්
නැවත වෛද්‍යවරයා ළඟට එන එක
සහතික නැහැ..
වසර ගණනාවකට නො එන්න පුලුවන්..
ප්‍රතිශක්තිකරණය ඇමක්..
කෑවොත් පැටලෙනවා.
මේ නිසයි
වෛද්‍යවරුන්ගෙ කරුණාව උතුරන්නෙ.
ඒ කරුණාවට වන්දි ගන්න අවස්ථා
අනාගතය පුරාම එළඹෙනවා.

ළදරුවා රැගෙන
ප්‍රතිශක්තිකරණයට වෛද්‍යවරයා ළඟට යන මව
ඒ එන්නත නිසා ඇතිවෙන අතුරු ආබාධ වලට
ඔහු ළඟට යනවා.
ඒ සඳහා දෙන ඖෂධවලින් හැදෙන
අතුරු ආබාධ වලටත් විසඳුම ඔහුමයි..

"අතුරු ආබාධ නැත්නම්
ඒ ඖෂධයක් නොවෙයි."
බටහිර වෛද්‍යවරු කියනවා.

දරුවා මෙන්ම ඔවුන් රෝගී වූ විටත්
ඉබේ මග හැරීයන සුළු කැක්කුම් වලදී පවා
වෛද්‍යවරයා වෙත යන්නට
මවුපියන් හුරු වෙනවා.

ආහාර අඩු කරලා විවේකයෙන් තැබීමෙන්
දිනක් දෙකක් ගතවී ඉබේට සුව වෙන
සුළු සුළු රෝග සඳහා පවා
ඔවුන් වෛද්‍යවරයා කරා දුවන්නේ
මේ ඇබ්බැහි වීම මතයි.
ඖෂධ නිපදවන්නෙ
ලාභ ලබන ව්‍යාපාරිකයන්..
ඇමරිකාවේ
ප්‍රතිශක්තිකරණ ඖෂධ නිපදවන සමාගම්
නීතියෙන්ම සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.
ඔවුන්ට නඩු දාන්න අවසර නෑ.

1970 දශකයේ
ප්‍රතිශක්තිකරණයෙන් හානි වෙන බව
ඇමරිකාවෙ උසාවි වල ඔප්පු වුණා.
1980 දශකයේ මුල් භාගයේදී
ප්‍රතිශක්තිකරණ ඖෂධ නිපදවන
ඇමරිකානු සමාගම් වසා දමන්නට
ඖෂධ සමාගම් හිමි කරුවන්ට සිදුවන්නේ
ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් හානි සිදු වූ
ග්‍රාහකයන්ට වන්දි ගෙවීමට සිදු වී
ඒ සමාගම් බංකොළොත් වීමයි.
අවසානයේ ඉතුරුවුණේ එක සමාගමක් පමණයි

ප්‍රතිශක්තිකරණ ඖෂධ.නිපදවන සමාගම්
නැවත පණගන්වන්නට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස
එවකට පැවති ඇමරිකානු රජය විසින්
ම්ලේච්ඡ ගෝත්‍රික පනතක් මගින්
ඖෂධ නිපදවන සමාගම් කරන වැරදි
නිදහසේ කරන්නට අවසර දුන්නා.
දැන් ඖෂධ සමාගම් වලට නඩු දාන්න අවසර නෑ.

මේ නෛතික ආවරණයෙන් ලද ආරක්ෂාව තුළ
ප්‍රතිශක්තිකරණ ඖෂධවල ගුණාත්මක භාවය
පරීක්ෂා කිරීමට සහ හානිකර බව
අවම කිරීමට කළ යුතු පරීක්ෂණ
අනෙක් ඖෂධ පරීක්ෂා කරන ප්‍රමාණයට
ප්‍රතිශක්තිකරණ ඖෂධ පරීක්ෂා කරන්න
ස්වභාවයෙන්ම අවශ්‍යතාවයක් නෑ.
තුන්වෙනි ලෝකයේ රටවල් වල
ඒ ඖෂධ පරීක්ෂා කර බලා
වාර්තා සපයන්න සූදානම් වුණ
බැතිමත් පිරිස් අඩුවක් නෑ.

වෙළඳ උපක්‍රම දන්නා වාණිජ ලෝකය තුළ
ඖෂධ නිෂ්පාදන සමාගම් වල කොඳු නාරටිය ලෙස
ප්‍රතිශක්තිකරණය හඳුන්වන්නේ ඇයි?

දෙමාපියන් තුළ ඇති බිය අවුළුවා
දරුවාට ප්‍රතිශක්තිය දීමෙන්
ජීවිත කාලයම බටහිර ඖෂධ ගන්නා
පාරිභෝගිකයෙක් බිහිකරගන්නට
ඖෂධ සමාගම් සමත් වන්නේ
ප්‍රතිශක්තිකරණය නිසයි.

දෙවරක් හිතන්න.
1, ප්‍රතිශක්තිකරණ අවශ්‍යද?
2, ප්‍රතිශක්තිකරණ සුදුසුද?

ප්‍රතිශක්තිකරණයෙන් ප්‍රතිජීවක වලට හුරුවෙන
ඔබේ දරුවා ජීවිත කාලයටම
රසායනික සංයෝගවල වහලෙක් වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයත්
ඔබට දෙවරක් හිතන්න කියනවා.
1, ප්‍රතිජීවක අවශ්‍යද?
2, ප්‍රතිජීවකය සුදුසුද?

No automatic alt text available.

20170324

ප්‍රතිශක්තිකරණය දෙන වෛද්‍යවරු....?


ප්‍රතිශක්තිකරණය කරන්නට
අපට කියන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය කුමක්ද?

ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳව
ප්‍රමිති නිර්ණායක නීතිගත වී නැහැ.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ
ප්‍රමිති නිර්ණායක කිසිවක්
පාර්ලිමේන්තුව විසින් පනතකින්
තවමත් සම්මත කොට නෑ.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ
ප්‍රමිති නිර්ණායක ජනතාව පිළිගෙන නැත.

"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
නීතිගත කල කිසිම නිර්ණායකයක් නෑ."
''''''''''''''''''සයිටම් තීන්දුව'''''''''''''''''''''''

රජයේ වෛද්‍යවරුන් සතු
එකම නීතිගත ප්‍රමිති නිර්ණායකය
උසස් පෙළ ප්‍රතිඵල පමණයි.

රජයේ වෛද්‍යවරුන්
අපේ පාරම්පරික වෛද්‍යවරුන් මෙන්ම
සමාජ සම්මතයෙන් වෘත්තීය වූ පිරිසක්.
සමාජයට බලපෑමක් කළ හැකි
නෛතික බලයක් ඔවුන් සතුව නැහැ.

එන්නත් පිළිබඳ බලය දරන වෛද්‍යවරුන්ගේ
ප්‍රමිතියට නීතිගත නිර්ණායක නොමැති වීම
ඔවුන් දරන මතය පිළිබඳව තියන නෛතික අගයට
අභියෝගයක් නොවෙයිද?

පොලිස් නිළ ඇඳුම ඇඳගෙන
ඔබේ නිවසට එන කෙනෙකු වෙනුවෙන්
ඒ ඇඳුම ඇඳගන්නට දුන් බලධාරියා විසින්
ඒ ඇඳුම දරන්නාගේ කාර්යයන් කුමක්දැයි
ප්‍රමිති නිර්ණායක සහිතව
නීතිය ඉදිරියේ තහවුරු කොට නැත්නම්
ඒ ලෝගුව පූජක ලෝගුවක් මෙන්
හුදු ජන සම්මතවාදී ලෝගුවක් වෙනවා.
වෛද්‍යවරුන්ගේ ලෝගුවත් එවැන්නක්.

සමාජය ඉදිරියේ
වෛද්‍යවරයා කුමන තත්වයක් දැරුවත්
නීතිය ඉදිරියේ ඔබ පත්ව ඇත්තේ
ප්‍රමිති නිර්ණායක රහිතවයි.

වෛද්‍යවරයාගේ ප්‍රමිතිය නීතිය පිළිගන්නේ නෑ.

එවැන්නෙක් ප්‍රතිශක්තිය ගැන දක්වන මතය
විශ්වාස කරන්නේ කොහොමද?
එන්නතක් වැරදී
ළදරුවෙක් මිය ගිය විටක
ඒ දරුවාගේ දෙමාපියන් විසින්
"එන්නත දුන් වෛද්‍යවරයාට
නෛතික ප්‍රමිතියක් නැත" යන කරුණ මත
උසාවියක නඩුවක් පැවරුවහොත්
වෛද්‍යවරයා මුහුණ දෙන තත්වයට
නෛතික පිළියම කුමක්ද?

20170322

ලොව අන් ළදරුවන් වෙනුවෙන් ඔබේ දරුවා බිලිදෙන්න.



උසස් පෙළ විද්‍යා අධ්‍යාපනය ආරම්භ වෙන්නෙ
ගෙම්බන් කැපීමෙන්...
ඔහු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නෙ
සිතක් නැති, හැඟීම් නැති වේදනා නොදැනෙන කයක්
විච්ඡේදනය කිරීමෙන්.

වෛද්‍යවරයෙක් වෙලා එළියට එද්දි
මිනිස් ප්‍රාණයත්
විදුලිය, චුම්බක ශක්තිය වගේ හිතන
යාන්ත්‍රික මිනිසෙක් බිහි වෙනවා.

ප්‍රතිශක්තිකරණයෙදි
ඔහු එන්නත් විදින ළදරුවන් පිරිස
මීයන්, වඳුරන් වැනි තවත් නියැදියක් විතරයි.
මිය යන දරුවෙක් කියන්නෙ
සංඛ්‍යා ලේඛනයක කුඩා ප්‍රතිශතයක්.

ඔහුගෙ කරුණාව ඔහුගෙ දරුවාට විතරයි.
ඔහුගෙ දරුවාට අදාළව ඔහු සංවේදීයි.
කොතරම් සංවේදීද කිව්වොත්
ඔහුගෙ දරුවාට ප්‍රතිකාර කරන්න
ඔහු තවත් වෛද්‍යවරයෙක් ළඟට යායුතුයි.

එන්නතක් විද මිය යන දරුවා
මිය යන මීයන්, වඳුරන්, ළදරුවන් විශාල නියැදියක
අල්ප මාත්‍ර ප්‍රතිශතයක් පමණයි.

එන්නත් නිසා මියයන ළදරුවෙක් ගැන කියද්දි
"ආ.. සුළු දෙයක්නෙ...
තව කොයි තරම් දරුවො හොඳට ඉන්නවද?
ඒ දරුවා මැරුණාට අනික් දරුවොන්ට
ලොකු සෙතක් වෙනවනෙ.
බලන්න මේ සංඛ්‍යා ලේඛන.
ඔය ළදරුවා අයිති වෙන්නෙ
ඉතාම කුඩා ප්‍රතිශතයකට" කියලයි
වෛද්‍යවරු කියන්නෙ .

ඒ කුඩා ප්‍රතිශතය අයිති වෙන්නෙ
එන්නත වෙනුවෙන් ජීවිතය දුන්
මීයන් වඳුරන්ගෙ ගණයටයි.

මරණයට පත්වුණ ළදරුවාගෙ දෙමාපියන්ට
ඒ ඔවුන්ගේ ආදරණීය ළදරුවා.
මුළු ලෝකෙම ළමයි හොඳින් හිටියත්
එන්නතක් පැහැරගත් තමන්ගෙ දරුවා
ඉතිරි කර ගිය සදාතනික හිස් තැන
සංඛ්‍යා ලේඛන වලින් වහගෙන
නරුම සතුටක් ලබන්න ඔවුන්ට බැහැ.

අලුතෙන් එන්නතක් හදන සමාගම
"ලොව අන් ළදරුවන් වෙනුවෙන් දරුවා බිලිදෙන්න"
වෛද්‍යවරුන්ට අවස්ථාවක් දෙමින්
ඒ එන්නත පරීක්ෂා කරල බලන්න
වෛද්‍යවරුන්ගෙ ළදරුවන් ඉල්ලා සිටියොත්
"එන්නතක් වෙනුවෙන් මිය යන ළදරු ජීවිත
මිනිස් වර්ගයාට සෙතක්" කියන
සමාජ සේවක වෛද්‍යවරු කී දෙනෙක් 
මිනිස් වර්ගයාට සෙතක් වෙනවා කියමින්
" ආ මෙන්න මගේ ළදරුවාත් ගන්න" කියා
එන්නත් හදන සමාගමේ නියැදියට
තමන්ගෙ දරුවා ප්‍රදානය කරාවිද?

20170320

මිනිසා තිරිසනෙක් මෙන් කෝපවෙන්නේ....



කෝපය
සත්වයාට අවියකි. මෙවලමකි.
කිසියම් හානිකර තත්වයකදී
ඒ තත්වයෙන් මිදීම සඳහා
සත්වයෙකුට පහළ වන ආවේගයකි.

හානියක් සිදුවෙන්නට යන අවස්ථාවක
සත්වයාට විකල්ප දෙකක් ඇත.
ඔහුට එතනින් පළා යා හැක.
නැත්නම් ඒ තත්වය ජයගත හැක.

සිතන්නට කතා කරන්නට නොහැකි
තිරිසන් සත්වයාට ඇති එකම අවිය
කායික හෝමෝන ක්‍රියාකාරිත්වයෙන්
ඔහු තුළ ජනිතවෙන බිය හෝ කෝපයයි.
පහල වූ ආවේගය කුමක් වුවද
වහා ක්‍රියා කරන්නට අවශ්‍ය පරිදි
සතාගේ කය සකස් වෙයි.

ආශ්වාස ප්‍රශ්වාසය වේගවත් වීම,
හෘදස්ඵන්දනය-රුධිර පීඩනය වැඩිවීම
ආදී සටනට හෝ පළායාමට අවශ්‍ය ලෙස
කය සූදානම් කිරීමක් මොළයෙන් සිදු වෙයි.

සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේද සිදුවෙන
කායික සූදානමට හේතුවෙන සකස්කිරීම
මොළයේ පහළ කොටසින් සිදු වෙයි.
කෝපයෙන් හා බියෙන් ක්‍රියා කරන සතෙක්
සිතා ක්‍රියා නොකරයි.

එහෙත් මිනිසාට සිතා ක්‍රියා කළ හැක.
ඒ සඳහා මිනිස් මොළයෙහි ඉහළ කොටස
සිතා ක්‍රියා කරන මිනිසාට ආධාර වෙයි.
නොසිතා ක්‍රියා කරන මිනිසා වුවද
ක්‍රියාවෙන් තිරිසනෙකුට සමාන වන්නේ
ඔහුගේ මොළයෙහි පහළ කොටස පමණක් යොදාගෙන
ගැටළු විසඳාගන්නට පෙළඹීමෙනි.

වාචිකව වුවද මේ වෙනස් කම්
පැහැදිලිව දක්නට හැකිය.
සතෙකු මෙන් පහළ මොළයෙන් ක්‍රියා කරන්නා
අසභ්‍ය වචන, රළු වචන භාවිතා කරයි.
ඒ වචන වල වටහාගන්නට දෙයක් නැත.
ඒ වචන වලින් ඔහු කරන්නට වෑයම් කරන්නේ
ප්‍රතිවාදියා සටනට පොළඹවා ගැනීම හෝ
පළා යන්නට පෙළඹවීමයි.
සිතා මතා ක්‍රියා කරන කෙනෙක් වුවත්
මත්පැන් පානයෙන් පසු ඉහළ මොළය අක්‍රියව
පහළ මොළයෙන් ක්‍රියා කරන්නට පෙළඹෙමින්
අඬ දබර වලට යොමුවන්නේද
මේ ආකාරයටය.

කෝපයට පත්ව ඇති නමුදු
සිය ගැටලුව විසඳාගන්නට
පහල මොළය සමග ඉහළ මොළයද
මිශ්‍රව භාවිතා කරන්නන්ගේ වචන වල
තර්කානුකූල අදහස සමග
ඵරුෂවාචී විශේෂණ පදද මිශ්‍ර වී ඇත.
උසස් වෘත්තික තනතුරු දරණ නමුත්
වචනයෙන් ක්‍රියාවෙන් මැර ස්වභාවයක්
සමහරුන් තුළ දිස්වන්නේ මේ නිසාය.

ඉහල මොළයෙන් පමණක් ක්‍රියා කරන්නා
කෝපය බිය මිශ්‍ර කර නොගෙන සිතන නමුත්
ඔහුගේ තර්කවල, චින්තනය තුළ ඇත්තේ
හැඟීම් රහිත නරුම බවකි.
ඔහුගේ වචන අසන අනෙකා තුළ
හැඟීම් පහළ නොවේ.

ගුරුවරු සහ දේශකයන්ගේ වචන වලට
පහළ මොළයෙන් එකතුවෙන ශක්තියක් නැත.

සමථ භාවනා වඩන්නා විසින්
ඉහළ සහ පහළ මොළය අක්‍රියව තබාගෙන
නිවන් දුටුවාක් මෙන් සැනසිල්ලෙන් වාසය කරයි.
සමන්ත භද්‍ර නිවන ලෙස අර්ථ දක්වන
සිත ශූන්‍ය වීම සිදු වන්නේ
සාමාන්‍ය මිනිසාට සාපේක්ෂව බලන විට
මොළය අක්‍රියව තබා ගැනීමෙනි.
ඔහු වෙසෙන්නේ මෝහය තුළයි.

පිළියන්දලදී මෙන්
අවදානම් අවස්ථාවක් ජයගන්නට
ඉහළ මොළය භාවිතා කිරීම අසීරු බව
සමන්ත හිමිට වැටහුණ විට පළායන්නේ
මොළයේ පහල කොටස ක්‍රියා කිරීමෙනි.

සමථ භාවනා වඩන්නාද
ඉහළ සහ පහළ මොළය භාවිතා කරන්නේ
හැකිතාක් අවම වශයෙන් බැවින්
ක්‍රියා කරන විට ඉහළ මොලයෙන් සිතන විට
හැඟීම් රහිත නරුමයෙක් මෙන් ක්‍රියා කරන අතර
තිරිසන් කම වැඩි පහළ මොළයෙන් ක්‍රියා කරන විට
මැරයෙකු දාමරිකයෙකු මෙන් ක්‍රියා කරයි.
 මේ සඳහා උදාහරණයක් වන
සමන්ත හිමිගේ චර්යාව මේ වනවිට
පහළ මොළයෙන් ඉහළ මොළයට
මාරුවෙමින් පවතියි.

විදසුන් වඩන කෙනෙක් පුහුණුවන්නේ
මේ සියල්ලටම වෙනස් ආකාරයකටය.
කායිකව ක්‍රියා කරන්නට පොළඹවන පහළ මොළය
සතෙකුගේ මෙන් ක්‍රියාත්මක වන විට පවා
මොළයත් ස්නායු පද්ධතියත් ඇතුළුව
සමස්ත කයෙහිම ක්‍රියාකාරිත්වය ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් පසුවෙන අතර
ඉහළ මොළයෙන් සිතන්නටත් ක්‍රියා කරන්නටත්
විදසුන් වඩන්නාට හැකිය.

විදසුන් වඩන්නාද අන් අය මෙන්ම
සමාජීය සත්වයෙක් වන බැවින්
ඔහුගේ වචන සහ ක්‍රියා භාවිතා කරමින්
ඔහු වෙසෙන පරිසරය උත්තේජනය කරමින්
උත්තේජනවලට ප්‍රතිචාර දක්වමින්
තමන්ගේ ගමන නිදහසේ යන කෙනෙකි.

සියලු කායික වෙනස් වීම් ගැන
මොහොතින් මොහොතට පවත්නා සිහියත්
ඒ වෙනස්වීමවලට ඇලීමෙන් සහ
ඒ වෙනස් වීම සමග ගැටීමෙන් තොරව
මානසික ආවේග වලට නතු නොවී
මානසික වේදනාත් කායිකව දකිමින්
ඒ මොහොතට අවශ්‍ය ලෙස ක්‍රියා කිරීමට,
ඔහුට අවශ්‍යවෙන කායික හා මානසික සංයමය,
වාචික සංවරය සමග එක්ව පවතින
කායික හා මානසික ක්‍රියාකාරී බවද
ඔහු සතුව පවතින්නේය.

ඉහත විස්තර කළ රටාවන්ට අනුව
ඔබ දෙසත්
ඔබ අවට සිටින අය දෙසත් බලන විට
ඔබේ ඉහළ මොළය සහ පහළ මොළය
කවර ප්‍රතිශතවලින් ක්‍රියා කරන්නේද යන්න
ඔබට මැනගත හැකි වනු ඇත.

ඉහළ මොළයෙන් පමණක් ක්‍රියා කරන
තාර්කික පුද්ගලයා නරුමයෙකි.

ඉහළ මොළය සහ පහළ මොළය
මිශ්‍රව ක්‍රියා කරන්නා
තර්කානුකූලව සිතන දාමරිකයෙකි.

පහළ මොළයෙන් ක්‍රියා කරන්නා තිරිසනෙකි.

සමස්ත මොළයම භාවිතා කරමින්
සිදු වෙන සියල්ලම ගැන සිහියෙන්
සිදු වෙන සියල්ලටම උපේක්ෂාවෙන්
ක්‍රියා කරන්නා විදසුන් වඩන්නාය.

20170313

ගාල්ලේ පුදුම දොස්තර නාමල් ගමගේ - අපේ යුගයේ ජීවකයාණෝ


1998 සිට 2015 වනවිට
හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදුකොට ඇති
විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ
(2014) සිදුකොට ඇති හෘද සැත්කම් සංඛ්‍යාව 579 කි.
රෝගීන් විසින් වෛද්‍ය ගමගේ හඳුන්වනු ලබන්නේ
'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන්. 
වෛද්‍ය නාමල් ගමගේ
වෛද්‍ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද
බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය.
අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය.
කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ
මේ වෛද්‍යවරයා කාබනික පොහොර යොදා ගනිමින්
වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්,
කුඹුරට බැස අස්වද්දන්නෙකි.
ඊට ගැමියෝ ද උදව් උපකාර කරති.

ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද
නාමල් ගමගේ මහතා විය යුතුය.
පැහෙන කිරි වැදෙන වී කරල්
තම කුඹුරේ නැළවෙන කාලයට
සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන)
මේ දොස්තර ගොවියා
ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි.
 
 ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
.

1998 වන විටත්
ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන ලද්දේ
කොළඹ පමණි.

කොළඹින් පිට පළාත්වල
ඊට සුදුසුකම් නැතැයි පොදු පිළිගැනීම විය.
ඒ මතය බිඳ දමමින් දැඩි දුෂ්කරතා මැද
වෛද්‍ය නාමල් ගමගේ විසින්
ගාල්ල කරාපිටිය රෝහලේ
අනෙකුත් සැත්කම් සිදු කරන ශල්‍යාගාරයක
හදවත් සැත්කම් ආරම්භ කළේය.
එය සාර්ථක විය.

තමන්ගේ සාර්ථකත්වය පෙන්වූ ඔහු
දිගින් දිගටම කරාපිටියට හදවත් සැත්කම් සඳහා
වෙනම ඒකකයක් ලබා දෙන ලෙස
ඉල්ලීම් කළේය.

ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයේ
ධෛර්යවත් අරගලය ජය ගනිමින්
2003 වසරේදී නව හෘද ශල්‍ය ඒකකය විවෘත කෙරිණි.
ඉන් පසුව දිනකට හදවත් සැත්කම් 4, 5 බැගින්
මාසයකට සැත්කම් 60ක් 70ක් පමණ
වෛද්‍ය නාමල් ගමගේ ප්‍රධාන කණ්ඩායම සිදු කළේය.
දිනපතා සැත්කම් ආරම්භ කරන ලද්දේ
අලූයම තුනට පමණය.
මේ ආකාරයට වසරකට සිදු කරන ලද
සැත්කම් ප්‍රමාණය 700ක් පමණ විය.

ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන
කොළඹ, නුවර, කුරුණෑගල ආදී අනෙක් සියලූම ශල්‍යාගාරවල
දිගු පොරොත්තු ලේඛන තිබේ.
( 2017 මාර්තු වන විට මහනුවර ශික්ෂණ රෝහලේ
හෘද සැත්කම් පොරොත්තු ලේඛනය පන්දහස ඉක්මවා ඇත.
සතියකට කෙරෙනුයේ සැත්කම් තුනක් පමණි.)

අලුත් හදවත් රෝගියකුගේ සැත්කම සඳහා දින ලැබෙන්නේ
වසරකට හෝ ඊට වැඩි කාලයකට පසුවයි.
මේ නිසා ඉඩකඩම් විකුණා හෝ මුදල් සපයා ගත හැකි අය
පෞද්ගලික අංශයේ රෝහල්වලින්
රුපියල් ලක්ෂ 10 සිට 20 පමණ දක්වා මුදලක් ගෙවා
සැත්කම් කර ගනියි.
ඒ හැකියාව නොමැති,
නියමිත දිනය එන තෙක්
කල් අල්ලා සිටිය නොහැකි රෝගීන්ට සිදු වන්නේ
මිය යාමටය.
එය ලංකාවේ සාමාන්‍ය තත්වයයි.

එසේ තිබියදී
කරාපිටිය රෝහලේ
හදවත් සැත්කම් රෝගීන්ගේ පොරොත්තු ලේඛනය
2008 වසරේදී අවසන් විය.
එතැන් පටන් රෝගියකු සඳහා
සැත්කමක් කළ යුතු යැයි නිගමනය කළ දිනයේ සිට
මසක කාලයක් තුළ සැත්කම සිදු කරනු ලැබීය.
එය මුළුමනින්ම
වෛද්‍ය නාමල් ගමගේ ප්‍රමුඛ
කාර්ය මණ්ඩලයේ ජයග්‍රහණයකි.
මේ නිසා මිය යාමට ඉරණම් කෙටී සිටි රෝගීන්
දහස් ගණනකට ජීවත් වීමට වරම් ලැබිණි.
ජුනි 14, 2015 ජනක තුෂාර

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

"අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව
ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි.
පුංචි දරුවන් ගැන
අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා.

ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්.
ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි.
1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා
දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ.
සමහර දිනට මා කියනවා
අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා
ඒ ලිපිනයට ලියුම් යවන්ඩ.
දුරකථන ඇමතුමක් දෙන්ට කියලා.
සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු
ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක්
පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම
ඒ ඥාතින් මා හමුවෙලා කියනවා
'ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි' කියලා.
අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා.
මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්,
ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා.
එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට
ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ.
ඒකට කාලයක් යනවා."

බැටරියක ආලෝක ධාරාවකින් 
බයිපාස් සැත්කම කළ කරාපිටියේ හිතහොඳ දොස්තර

උපාලි සමරසිංහ - http://www.silumina.lk/

ඒ 2015 08 08 දා හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්‍රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැ‍ගෙන්නට වීය. රෝහල අසල ට්‍රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්‍රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්‍ය වෛද්‍ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.

කීර්තිමත් හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්‍ය වෛද්‍ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි.

වෛද්‍ය නාමල් ගමගේ බැටරියක දුබල ආලෝකය ඇසුරු කැර රෝගියාගේ උරහිස මැස්ම පටන් ගත්තේය. ඒ වන විට කරන්නට තිබුණේ ද ඒ ටික පමණය. විදුලි එළියෙන් කරන කාර්යභාරයටත් වඩා පරිස්සමින් වසර 16 ක ක අත්දැකීම් හා පරිචය ඇසුරුකොට එතුමා සාර්ථකව ශල්‍යකර්මය නිමා කළේය. මෙය ලෝක වාර්තාවක් බව අප දන්නා වුවත් වෛද්‍ය නාමල්ට එය ගණනක් නැතිය. ඒ නිසා එතුමා ඉන් උදම් නොවේ.

ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. හදිසි අවස්ථාවක ක්‍රියා කරන්න මා පුරුදු වෙලා ඉන්නවා. ඔය වෙලාව වෙනකොට ඔපරේෂන් එකේ ගොඩක් කරලා ඉවරයි. කරන්න තිබුණෙ දෙකට කපා පැලු උරහිස නැවත මැසීමයි. අකුණක් වැදිලා ට්‍රාන්ස්පෝමර් හා ජෙනරේටර් දෙකම පිච්චිලා ගියා. රෝහල අඳුරේ ගිලුණා. මං බයිෆාස් සැත්කම නැවැත්තුවෙ නෑ. එහෙම වුණානම් අනතුරුදායකයි. එදා උදේ 3 ට විතර වැඩ පටන් ගත්තේ. මේ සිද්ධිය වෙනකොට උදේ 5.45 ට විතර ඇති. මං සීරුවට පුංචි බැටරියක ආලෝක ධාරාවකින් මැස්ම කළා. රෝගියා දැන් සුවෙන් ඉන්නවා. වෛද්‍යතුමා මට එසේ කීවේ එය ඉතා සුළු සිද්ධියක් ලෙස සලකමිනි.

එහෙත් අපට එය බරපතළ පාඩමකි. චැනල් කරමින් අතිවිශාල මුදල් නියම කරන ඔපරේෂන්වලට තම හත්මුතු පරම්පරාවක් හම්බ කළ සල්ලි ඉල්ලන ඉන්ෂුවරන්ස් එක ඉවරනම් තම පෞද්ගලික රෝහලින් ලෙඩා රජයේ රෝහලට ගෙන යන්නට නියම කරන, ඔපරේෂන් කරන අතර වෙනත් බහුවිධ කාරණාවලට හිත යොමු කරන ඇතැම් ජීවක පරම්පරාවක් සිටින මේ රටේ එතුමා අපට පරමාදර්ශයකි. හිපොක්‍රටිස් නියමය රකින සැබෑ වෛද්‍යවරයෙකි.


ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ගැන මම අතිශයෝක්ති වර්ණනයක් නොකරමි. ප්‍රායෝගික ලෝකයෙන්ම එතුමා වීර්යවන්ත සැබෑ මානවවාදියකු බවට ඕනෑතරම් නිදර්ශන රෝගීන් අතරින්ම සොයා ගත හැක්කේය. එතුමා 98 වසරේ සිට 2015 මේ දක්වා ජීවිත 12,000 ක් ශල්‍ය වෛද්‍යකර්ම සිදුකැර සුවකළ ජීවකයෙකි. පුරා අවුරුදු 16 ක් හරිහැටි නින්දක් පවා නොලබා රජයේ වැටුපට කටයුතු කරන්නෙකි. පොරොත්තු ලේඛනයේ සිටින සුවහසක් ලෙඩුන් වෙනුවෙන් කඳුළක් හලන එකම වෛද්‍යවරයා බව මම දනිමි. එනිසා මුල් කාලයේ ඔහුට කිසිඳු ඉඩක් විශ්‍රාමයක් නොලැබුණේය.

එහෙත් දැන්නම් ඔහු සමග මහන්සිව කටයුතු කරන තවත් වෛද්‍යවරු දෙදෙනෙක් කරාපිටිය හෘද හා උරස් ශල්‍ය ඒකකයේ සිටිති. මුල් කාලේ යාපනයෙන්, ත්‍රිකුණාමලයෙන්, ‍කොළඹින් මතු නොව මහනුවරින් ද ලෙඩ්ඩු මෙහි ගෙන ආහ. ඒ මෙහි ඔපරේෂන් කටයුතුවල වේගවත්කම හා පරිස්සම නිසාය. පෞද්ගලික රෝහලක ලක්ෂ ගණනකට ඔපරේෂන් කිරීමට වඩා තම මවගේ අභිප්‍රාය අනුව අහිංසක දුප්පතුනට සේවය කිරීම මේ වෛද්‍යවරයාගේ පැතුමය. මේ සිදුවීමත් එක්කම එතුමන්ගේ අතීත කතාව ස්මරණය කිරීම වැදගත්ය. 2010 වසරේදී සිළුමිණ ජාතික පුවත්පතට මා ලියූ ‘මගේ අම්මා’ නම් හෘදයාංගම ලිපි සරණියේදී මෙතුමන් ගැන කියැවුණු කොටසක් නැවත ලියමි.

දුප්පතුනට සේවය කරන්ට මට උගැන්නුවෙ මගේ අම්මා. මං වෛද්‍ය විද්‍යාලයයට ඇතුළුවන කාලෙත් මගේ අම්මාගේ අතේ මැණික් කටුවේ ඇදයක් තිබුණා. ඒ ඇදය කෙසේ හෝ හරිගස්සන්ට ඕනෑ කියලා හිතලා මං ප්‍රාර්ථනා කළා. මට ‍ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්ට ලැබේවා` යි කියලා. අම්මත් ඒ පැතුමෙන් හිටියෙ. මගේ ජීවිතේ බොහෝ පිරිසක් අම්මලා පුංචි දරුවන් මං ඔපරේෂන් කරලා සුව කරපු අවස්ථා තිබුණා. තිඛෙනවා. එහෙත් මගේ වෛද්‍ය ජීවිතයේ මා වඩාත්ම සතුටු වෙච්ච දවස මගේ අම්මාගේ අත ඔපරේෂන් කරලා අර පුංචි කාලෙ දුටු ඇදය හරිගැස්සු දවසයි.

ඇයි` මේ ලෙඩා හෙණ ගහන වැස්සේ කළුවරේ ඔපරේෂන් කරලා ගලවාගත්ත එක ගැන සතුටු නැද්ද? මම ඇසුවෙමි. මොකෝ නැත්තෙ, මම හරිම සතුටුයි. ඒත් වෛද්‍යවරයෙක් වශයෙන් ඒක මගේ රාජකාරිය. මේක ඒ අතරින් එක අවස්ථාවක් විතරයි.


ඔබතුමා වඩාත්ම සසල වූ දවස් ඇද්ද?

අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි. පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා. ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්. ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි. 1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ. සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ. දුරකථන ඇමතුමක් දෙන්ට කියලා. සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි කියලා. අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා. මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්, ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා. එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ. ඒකට කාලයක් යනවා.

මේ දොස්තර සංවේදිය. අවංකය. අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළුමහත් විශ්වයම අපොහොසත් යැයි වරක් නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලුතර් කිං කීවේය. මේ ජීවකයා සල්ලිවලට ගන්නට බහුවිධ පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරවලට බැරිය. ඔහු අහිංසක ජනතාව වෙනුවෙන්ම කැපවී හිඳී. එතුමාගේ අවංකකම ගැන දොරමඩලාව, අමාදහර වැනි වැඩසටහන්වලදී පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා නිතර කතා කරයි.

ඒ කාලයේ වෛද්‍ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද හෙතෙම බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය. අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය. කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ මේ වෛද්‍යවරයා කාබනික පොහොර යොදා ගනිමින් වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්, කුඹුරට බැස අස්වද්දන්නෙකි. ඊට ගැමියෝ ද උදව් උපකාර කරති. ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද නාමල් ගමගේ මහතා විය යුතුය. පැහෙන කිරි වැදෙන වී කරල් තම කුඹුරේ නැළවෙන කාලයට සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන) මේ දොස්තර ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි.

යම් හෙයකින් අඳුරේ කටයුතු කරන්නට බැරියැයි ශල්‍ය වෛද්‍යවරයා කීවානම් එය කෙතරම් බරපතළ ඛේදවාචකයක්දැයි මම ඔඛෙන් අසමි. ජාතීන් අතර සංහිඳියාව ද සුරකින මුස්ලිම් මහතකුගේ ජිවිතය වෙනුවෙන් තම රාජකාරිය අකුරට ඉටුකළ මේ වෛද්‍යවරයාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.


 උපාලි සමරසිංහ - http://www.silumina.lk/

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

20170310

මට ලක්ෂ එකසිය විස්සක් නෑ.

ලක්ෂ එකසිය විස්සක් තිබුණත්
මගේ දරුවන්ට වෛද්‍ය විද්‍යාව
උගන්වන්න මගේ කැමැත්තක් නෑ.
මම වගේම ඔවුනුත් කැමති
කලා විෂයකින් ජීවිකාව හොයාගෙන
ගත කරන සැහැල්ලු ජීවිතයකටයි.

නිවාස, ආහාර, ඇඳුම් පැළඳුම්..ආදී
සියල්ලක්ම අවශ්‍ය ප්‍රමාණයට තිබීමෙන්
අපි තෘප්තිමත් වෙනවා.
ඒ නිසා අපිට රජයේ වෛද්‍ය විද්‍යාලය හෝ
සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැන හිතද්දි
හිතේ කෑදර කමකින් හෝ
ද්වේශයකින් තොරව බලන්න පුලුවන්.

වෛද්‍යවරයා කියන්නෙ
තනතුර තියන නිසා අපේ ගරු සත්කාර ලැබිය යුතු
අපූරු දිව්‍යමය සත්වයෙක් කියා
මා හෝ මගේ දරුවන් නොසිතන නිසා
ලාභ, සත්කාර, ගරු නම්බු පතාගෙන
වෛද්‍ය ඨානාන්තරය කරා යන උමතුවත් අපට නෑ.
ඒ උමතුව තියන අය ගැනත් කරුණාවක් විනා
හෙළා දැකීමක් නෑ.

කවර අරමුණකින් හෝ අවශ්‍ය කැපවීම කරලා
වෛද්‍යවරයෙක් වෙලා රෝහලකට යන කෙනෙක්
ලාභ සත්කාරාධ්‍යාශය වැනි රෝග සුව වී
දයා කරුණා බර වෛද්‍යවරයෙක් වුණොත්
දහස් ගණනක් සුවපත් කරන්න ඔහුට පුලුවන්.
එවැනි වෛද්‍යවරුන් අපි ප්‍රාර්ථනා කරනවා.

ප්‍රමිතිය ගැන කතා කරද්දි
සමස්ත වෛද්‍ය විද්‍යාල නවයෙම
ප්‍රමිතිය ඇති වෙනවා දකින්න මම කැමතියි.
ප්‍රමිති නිර්ණායක තිබුණා නම්
ඈත වෛද්‍ය විද්‍යාල දරුවන්ට
පශු වෛද්‍ය විද්‍යා ආචාර්යවරුන්ගෙන්
වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න වෙන්නෙ නෑ.

සයිටම් කියන්නෙ තුවාලයක් නොවෙයි.
ලංකාවෙ වෛද්‍ය විද්‍යාල කියන සර්වාංග රෝගයෙ
එක අසාධ්‍ය අංගයක්.
ප්‍රමිතිය වෛද්‍ය විද්‍යාල නවයෙම තියෙන්න ඕන.
සයිටම් එකේ ප්‍රමිතිය නෑ
කියන සමහර වෛද්‍ය පීඨවලට
සයිටම් ප්‍රමිතියවත් නැහැ.
කිසිම වෛද්‍ය විද්‍යාලයකට
නීතිගත ප්‍රමිති නිර්ණායක නෑ..

ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය විද්‍යාලයකින්
වෛද්‍යවරයෙක් වෙන්න සුදුසු දරුවෙක්
ඒ සඳහා ආශාවෙනුත් ඉන්නවා නම්
මුදල් වියදම් කරලා හරි
ඒ අරමුණ ඉෂ්ඨ කරගන්න අවස්ථාවක්
ලක් බිම තුළ තියනවා දකින්න මම කැමතියි.

මගේ තරුණ වියේදි
ඇමරිකාවෙ චිත්‍රකථා ඇඳීම උගන්වන
Joe Kubert විද්‍යාලයට යන්න අවශ්‍ය
සියලු සුදුසුකම් සපුරාගෙනත් මට යන්න බැරි වුණේ
මට හෝ
මා වෙනුවෙන් වියදම් කරන්න කැමති
වෙනත් කිසිවෙක් ළඟ හෝ
අවශ්‍ය මුදල් නොතිබුණ නිසා.
දුර්වල හිතක් තියන කෙනෙක් වුණා නම්
සිය දිවි නසා ගන්න තරම්
ඉච්ඡාභංගත්වයක් මට තිබුණා.

සයිටම් ඉන්න පිරිසට විතරක් නොවෙයි..
අනාගතයෙ උසස්පෙළ සමතුන් අතරෙ මුදල් තියන අයට
මුදලුත් තියෙද්දි ඒ අවස්ථාව නැති වෙනවා දකින්න
මම කැමති නෑ.

ඒ පිරිස වෙනුවෙන්
මට කරන්න පුලුවන් දේවල් මම කරනවා.
ඔවුන්ට කවදා හරි ඒ අවස්ථාව ලැබුණාම
මටත් දැකලා සතුටු වෙන්න පුලුවන්.
ඒ සතුට වෙනුවෙන් අද විඳින
මේ දුක මට බරක් නොවෙයි.

මගේ වගේ හිතක් ඔබට නැත්නම්
මම කියන දේත්, කරන දේත්
ඔබට තේරුම් ගන්න පුලුවන් කියා
මම හිතන්නෙ නෑ.
ඒ නිසා,
ඔබ කියන දේත්, කරන දේත්
මට බරක් නොවෙයි.

20170307

Facebook ත්‍රස්තවාදීන්ගෙන් කරදරද?


සැබෑ විරුද්ධ මතධාරීන් කවුද?

විරුද්ධ මතධාරීන් අතර නොකඩවාම වාද කරන
ශීලාචාර  මහත්වරුත් ඉන්නවා.
ඔවුන්ට කියවන්න පුලුවන්, හිතන්න පුලුවන්,
පැහැදිලිව ලියන්න පුලුවන්.

ආවේගශීලී වෙන විරුද්ධ මතධාරී පිරිස
අතින් පයින් විසඳුම් සොයන මතවාදී ගොලුවන් පිරිසක්.

පැහැදිලිව ලියන මතය කියවාගන්නටත්
කියවාගත් දේ වටහා ගන්නටත්
තමන්ගෙ මතය වචනයට නගා
පිළිවෙළට ලියා ගන්නටත් නොහැකිව
කුණුහරුප කියන, අවලාද නගන,
නින්දා අපහාස කරන ගෝත්‍රිකයන්
විරුද්ධ මතධාරීන් කියා පෙනෙන්නෙ
ඒ ආවේගශීලී විරෝධයෙන් පමණයි...
ඔවුන් දරණ මතයක් නෑ..
මතයක් තිබුණත් ප්‍රකාශ කරන්න දන්නෙ නෑ..

ආවේගයෙන් වෙවුලන ඔවුන් සුදුසු
ශීලාචාර සංවාදවලට නොවෙයි.
ඒ හැඟුම් බර චරිත සුදුසු
පාරෙ බෝඩ් උස්සගෙන කෑ ගහන්න,
වතුර පාරට කඳුලු ගෑස් වලට
ඉස්සරහට යවන්න විතරක් බව
රජයේ වෛද්‍ය සංගමයත් අන්තරේත්
හොඳටම දන්නවා.

කතා කරන්න පුලුවන් දෙතුන් දෙනෙක්
වේදිකාවට නැගලා ඔවුන් ෆෝම් කළාට පස්සෙ
ඔවුන් හිටු කියල වැඩේට බහිනවා.

ෆෝම් කරපු කථිකයන්, සුනිල්/නන්දා මාලනීලා
රට පැනලා ජීවිත රැක ගනිද්දි 89 දි මැරුම් කෑවෙත්
ඉදිරියෙදි කැරැල්ලක් ආවොත් මැරුම් කන්නෙත්
මේ කියවන්න බැරි, හිතන්න බැරි,
කතා කරගන්න බැරි, ලියන්න බැරි
ඊනියා විරුද්ධ මතධාරී ගොලුවන් පිරිසම තමයි.

අදහස වචනයට නගන්නට බැරි නම්
අතට අහුවෙන දේකින් පහර දීම හැර
වෙනත් විකල්පයක් නැහැ.

උතුරෙ අවි අතට ගත්තෙත්
දකුණෙ අවි අතට ගත්තෙත්
මිනිසුන් ලෙස ශීලාචාරව අදහස් පළකිරීමට
තමන්ගේ ඇති නොහැකියාවෙන් හැඟුම් බරවී
අවිචාරයෙන් හැසුරුණ පිරිසයි.

ඔබත් ඔවුන්ගෙන් කෙනෙක් නම්
ආවේගයෙන් වෙවුලන වෙලාවට
මේ බුදු වදන සිහි කරන්න.

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

20170305

වයෝවෘද්ධ පිරිමියෙක් තරුණ කාන්තාවක් සමග විවාහ වීම පිරිහීමට කාරණාවක්ද?

https://www.facebook.com/groups/thulawa/permalink/1489714174385941/
Comments
Gimhana Wedage
Gimhana Wedage මේ ප්‍රශ්නයේදී මට තදින් දැනෙන්නේ පුතුන්ගේ වේදනාව. දේපල ප්‍රශ්නය වේදනාවට වැඩි බරක් දෙනවා වෙන්න පුළුවන්. සමාජයට මුහුණ දීමේ ප්‍රශ්නයත් තියෙනවා. නමුත් පුතා විසින්ම ප්‍රශ්නය ප්‍රසිද්ධ කිරීමෙන් පෙනෙන්නේ සමාජයෙන් වසන් වීමට වඩා බලපාන වෙනත් හේතුවක් තියෙන බවයි. 

මෙවන් වූ ආත්මාර්ථකමි පියෙකුට වඩා මම පිඩාවට පත් වූ පුතා ගැන සංවේදියි.
Like · Reply · 56 mins
Manju Dissanayake
Manju Dissanayake බුද්ධ දෙශනාවට අනුව එහෙම තමයි
Like · Reply · 54 mins
Athula Siriwardhane
Athula Siriwardhane .බුද්ධ දේශනාවෙ නිර්ණායක කිහිපයක් තියනවා.
.‘‘අතීතයොබ්‌බනො පොසො,
ආනෙති තිම්‌බරුත්‌ථනිං;
තස්‌සා ඉස්‌සා න සුපති,
තං පරාභවතො මුඛං’’.

1, අතීතයොබ්‌බනො පොසො,
තාරුණ්‍යය අතීතයට ගිය
මේ කියන්නා තරුණයෙක් වෙන්නත් පුලුවන්.
මහල්ලන් වගේ ජීවත් වෙන තරුණයන් ඉන්නවා.
අභ්ෂේක් ළඟ නැති තාරුණ්‍යයක්
අමිතාබ් තුළ තියනවා.
තාරුණ්‍යය කායික මානසික දෙකෙන්ම තියනවා.
කායික මහළු බව සිතින් ප්‍රතික්ෂේප නොකරන තාක්
ඔහුගෙ මානසික තාරුණ්‍යය රැකෙනවා.

2, ආනෙති තිම්‌බරුත්‌ථනිං;
බිරිඳ ඉතා රූමත්, 
කාමය මතු කරන්නියක වීම.
මේ ආකාරයේ බිරිඳක්
තෝරාගන්නට හේතුවත් එයම නම්
මොන වයසක සැමියෙකුට වුණත්
පිරිහීමට හේතුවක් වෙන්න පුලුවන්.

3, තස්‌සා ඉස්‌සා න සුපති,
රකින්නට නිදි මැරීම.

මේ අවශ්‍යතා සපිරීම පිරිහීමට හේතු වෙනවා.
Like · Reply · 3 · 1 min · Edited
Gimhana Wedage
Gimhana Wedage ඔබට දරුවන් සිටිනම්, කෙදිනකවත් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් දරුවන්ට පිඩාවක් නොදෙන්න වගබලා ගත යුතුයි. නොඑසේ නම් දරුවන් බිහිකිරීමෙන් වලකින්න.
Like · Reply · 1 · 51 mins
Nimna Pawan Udunuwara
Nimna Pawan Udunuwara Meke mokakda daruvanta peedava??? Daruvange tiyena narrow minded gathiya neda me penne???
Like · Reply · 45 mins
Gimhana Wedage
Gimhana Wedage ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්, පිළිතුර බොහොම දාර්ශනිකයි කියනවනේ.
Like · Reply · 34 mins
Athula Siriwardhane
Athula Siriwardhane .ගිම්හාන ගැටලු කිහිපයක් මතු කරනවා.
මේ හැම එකකටම විසඳුම් පෞද්ගලිකයි.
පොදු විසඳුම් නෑ.

ආසන්නම ගැටලුව
තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් දරුවන්ට පිඩාවක් නොදීම
අවශ්‍යයි කියා මම නම් හිතන්නේ නැහැ.
දරුවන්ගේ පන්නරය වැඩි වීම
ඔවුන් ශක්තිමත් වීමට වඩා වැදගත්.
යකඩයක් ආරක්ෂා කරනවාට වඩා
පන්නරය දී වානේ කිරීමයි කළ යුත්තෙ.

සුඛ විහරණය සහ පිඩාව අර්ථ දක්වන විදිය
එකිනෙකාට වෙනස් වීම නිසාත් ගැටළු එන්න පුලුවන්.
පුද්ගලිකව මම නම් දරුවන්ට සැප දෙනවාට වඩා
දුක් විඳින්නට හිතා මතා යොමු කරන පියෙක්.

කුඩාම කාලේ බස් එකේ වීදුරුවෙන් පිට බලාගෙන
ජනේලයෙ බටය අල්ලාගෙන නිදි කිරන දරුවා
නින්ද ගොස් වැටෙන තුරුම උකුලට ගන්නෙ නෑ...
අපේ බාධා කිරීමකින් තොරව
ඔහුගෙ දරා සිටීම ශක්තිය දියුණු විය යුතුයි...

වයස 8 පුතාත් වයස 6 දෝණිත් සමග
පොසොන් දිනේ පයින් ඇවිදගෙන ගිහින්
කානිවල් බලා, වෙළඳ පොලේ සැරි සරා
උදේ පහ වෙන තුරුම කන් කෙඳිරියක් නැතුව
ගෙදර එන්න ඔවුන්ට පුලුවන් වුණේ
සුඛ විහරණය කියන මායාව මග හැර 
ජීවිතේ සැබෑ ස්වරූපයට ඔවුන් හුරු නිසයි.

දරුවෙක් විඳින දුක වැළැක්වීමෙන්
ඔවුන්ගේ පන්නරය නැති වෙනවා නම්
ඒ දුක ඔහුට දෙන පෝෂණයක්. 
කුඩා කල සැපට හැදෙන දරුවාට
විකල්ප දෙකයි තියෙන්නෙ.

එක, බොළඳ, සුකොමල වැඩිහිටියෙක් විදියට
නොවිඳිනා දුක් මානසිකව විඳීම.
අනික, නරුම, ගොරෝසු, හැඟීම් නැති
තාර්කික, යාන්ත්‍රික ජීවිතයක් ගෙවීම.
ඔහු සතුට, තෘප්තිය දන්නෙ නැහැ.
Like · Reply · 28 mins · Edited
Sanjaya Kelum
Sanjaya Kelum Api kohoma kiuwath, budu hamuduruwo deshana karenm piriheemata karunak lesa
Like · Reply · 1 · 40 mins
Wijjayasri Paranagama
Wijjayasri Paranagama Adarayata wayasaka adaala netha
Like · Reply · 28 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
වයෝවෘද්ධ පුද්ගලයා සහ යුවතියගේ චරිත ලක්ෂණ,
රුචි අරුචි, ගති පැවතුම්, චර්යාවන් සහ
එකිනෙකා ඇසුරෙන් තෘප්තිමත් වීම ආදී
සියල්ලම මත ඔවුන්ගේ ජීවිත රඳා පවතිනවා.

එවැනි විශාල පරතරයක දෙන්නෙක් ආකර්ෂණය වීමට
ඔවුන් අතර ලොකු ගැලපීමක් තිබිය යුතුයි.
ඔවුන්ට එන ගැටළු අපූර්වයි.
ඒ අපූර්ව ගැටළු විසඳාගැනීමෙදි
අපූර්ව විසඳුම් සොයා ගන්නට ඔවුන්ට හැකි නම්
ජීවිතය ගැටළුවක් වෙන එකක් නෑ.
Like · Reply · 16 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
වික්ටර්. ලෙලුම් දෙන්නාගේම චරිත
හිතේ බරක් තැවීමක් නැතිව ගත කරන්නට
මට හැකි වෙන බව විශ්වාසයි.

ඒ අනුව මම වික්ටර් අනුමත කරනවා.
ලෙලුම්ට අනුකම්පා කරනවා.
ඔහු පවුලේ බාලයා ලෙස
ඉතාම බොළඳ විදියට හැදුන
නොවැඩුණ තරුණයෙක්.
Like · Reply · 14 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
මගේ දරුවන් මගෙන් වෙන්වුණාට පසුව
මට ඔවුන් ගැනවත් ඔවුන්ට මා ගැනවත්
වගකීමක් ඇත්නම් අපි හිතන විදිය අනුව විනා
කිසිදු සංස්කෘතික, සදාචාරාත්මක වගකීමක්
අපි අතර නැතැයි සලකන්නට මම කැමති,
දෙපාර්ශවයේම සුබ සෙත සඳහායි.

මා මහමගට වැටුණත්
ඔවුන් සිය කැමැත්තෙන් හෝ විවාහ වෙන කෙනෙකුගේ
බල කිරීම නිසා නොසලකනවා නම්
මම ඔවුන්ට දොස් කියන්නේ නැහැ.
මම ඔවුන්ට සලකන ආකාරය අනුව
මම දොස් විඳින්නෙත් නෑ.

වික්ටර් නිවැරදියි.
ඔහු නිදහස් පුද්ගලයෙක්.
ලෙලුම් විඳින දුක 
ඔහුගේ බොළඳ කමේ විපාකයක්.
Like · Reply · 8 mins
Deeptha Kumara
Deeptha Kumara man hithuwa samalingikayanta dakwapu virodayama oba methanadith dakwavi kiyala 😃😃😃
Like · Reply · 4 mins
Athula Siriwardhane
Athula Siriwardhane ඔබ මා ගැන දන්නෙ ඉතාම ටිකයි. :)
Like · Reply · Just now
Athula Siriwardhane
Athula Siriwardhane .
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්, 
පිළිතුර බොහොම දාර්ශනිකයි කියා 
ගිම්හාන කියන නිසා.
ඍජුවම මට අදාළවම පිළිතුරු ලිව්වා.
Like · Reply · 6 mins