20130112

ඔබට ආගමක්, නීතියක් අවශ්‍යද?

.

ඔබට ආගමක් නැතුව
ජීවත් වෙන්න පුලුවන්,
ඔබ දැනටමත්
රහතන් වහන්සේ කෙනෙක් නම්.

ආගම අවශ්‍ය නැත්තේ
පව්කාරයන්ට,
සල්ලාලයන්ට,
වංචාකාරයන්ට සහ
රහතන් වහන්සේලාටය.

නීතිය තියෙන්නෙ
තිරිසන්නු
න් වගේ
සමාජය නොදැනෙන පිරිසගෙන්
සමාජය රැකගන්නයි.

ඔබ මිනී මරනවා නම්,
හොරකම් කරනවා නම්,
අනාචාරයේ හැසිරෙනවා නම්,
දූෂණ වංචා කරනවා නම්,
නීතියට ඔබ අවශ්‍යයි..

ආගම තියෙන්නෙ
තමන්ගෙ හැසිරීම නිසා
සමාජයට හානිවෙන බව
තමන්ට හානිවෙන බව
වැටහෙන පිරිසටයි.

ඔවුන්ගෙන්
අරතරම් ලොකු කරදරයක්
සමාජයට නෑ.
ඒත් තමන් පාලනය කරගන්න
ඔහුට ආගමික උපක්‍රම අවශ්‍යයි.
ආගමක, නීතියක අවශ්‍යතාවය
ඉක්මවා යන්න පුලුවන් වෙන්නෙ
ඒ දෙකටම පිටින්
වැරදි නොකරන කෙනෙකුටයි.

ඔබට තරහ එනවා නම්
බය හිතෙනවා නම්
කාමය උත්සන්න වෙනවා නම්
දුක හිතෙනවා නම්
ඔබට ආගම අවශ්‍යයි.

ඔබ මිනී මරනවා නම්,
හොරකම් කරනවා නම්,
අනාචාරයේ හැසිරෙනවා නම්,
බොරු කියනවා නම්,
මත්පැනට ඇබ්බැහි වෙලා නම්
ඔබට ආගම අවශ්‍යයි..

ඒ දුර්වලකම් තියාගෙන
නිදැල්ලේ හැසිරෙනවා නම්
ඔබ සමාජයට වෛරසයක්.

එයින් දුක් විඳින්නෙ
ඔබ විතරක් නෙමෙයි.
ඔබ හමුවෙන හැම කෙනෙකුටම
ඔබේ රෝගී තත්වය බලපානවා,

සමාජය ඔබෙන් රැක ගන්න
නීතිය විසින් ඔබව පාලනය කරන්න
උත්සාහ කරනවා.
ඔබට ඔබේ රෝග සුව කරගන්න
හෝ යටපත් කරගන්න
ආගම උදව් කරනවා.

ඔබ මේ දෙක ප්‍රතික්ෂේප කරනවා නම්
එක්කෝ ඔබ රහත් වෙලා.
නැත්නම් සමාජය නොතකන
අත්තනෝමතික නරුමයෙක්.

එවැන්නන් බහුතරයක්,
පවුලෙ තනි දරුවා හෝ
පවුලෙ බාලයා.
එහෙම නැත්නම් පවුලෙ
වඩාත්ම කොන්වූ දරුවා.

කුඩා කල පවුල තුළ
දෙමාපියන් දුර්වල නිසා හෝ
තමන්ගෙ දරුණු කම නිසා
අත්තනෝමතිකව ජීවත් වෙලා
ඊට ඇබ්බැහි වුණ අයට
විනය හුරු නැහැ.
ඔවුන් නීතිය ආගම
ප්‍රතික්ෂේප කරනවා.

නීතියට අනුකූලව
ජීවත් වෙන කෙනාට
ශික්ෂණයක් තියනවා.

ආගමට අනුකූලව, සිල්වත්ව
ජීවත් වෙන කෙනාගෙ
ශික්ෂණය ඊට ඉහළයි.

ආගමට අනුකූලව,
සමාධියෙන් යුක්තව
ජීවත් වෙන කෙනාගෙ
ශික්ෂණය ඊටත් ඉහළයි.

ආගමට අනුකූලව,
ප්‍රඥාවෙන්
ජීවත් වෙන කෙනාගෙ
ශික්ෂණය අන්තිම ඉහළයි.

ආගමක් නීතියක් නැතිව
අත්තනෝමතිකව
නිදහසේ හැසිරෙන කෙනා
සමාජ දේහයේ වෛරසයක්...
ඔහු ඉන්නෙ
සමාජෙ අන් සියල්ලන්ටම පහලින්.

ආගමත් නීතියත්
වැඩියෙන්ම අවශ්‍ය ඔහුටයි..