බටහිර රටවල්වල වෙසෙන ජනතාව
මනා හික්මීමකින් යුතු පිරිසක් ලෙස
බොහෝ දෙනෙක් හිතනවා.
ඒ රටවල් වල සිරගෙවල් නෑ කියා
උදම් අනනවා.
ඒත්...
ඔවුන් ඉන්නෙ නිර්වින්දනය විසින් තැනූ
සදාකාලික සිරගෙයකයි.
හෝටලයක කුස්සියෙ ඉන්න අයට
කෑම එපාවීම හික්මීමක් නොවෙයි.
ඔහුගේ රස සංවේදීතාවය පිරිහීමක්.
ඔබ කියන හික්මීම ඇති අයට
සියුම් දේ රස විඳීමෙ හැකියාව අඩුයි.
ඔවුන් ගන්න කෑම, රස විඳින සංගීතය, නටන නැටුම්...
මේ සියල්ලම රළුයි.. ගොරෝසුයි... කර්කශයි..
ඔවුන්ට රස කාරක නැතිව
කෑමක් කන්න බැහැ.
ගහකින් කඩාගත් පළතුරක්
අමු එළවලුවක් රස විඳින්න බෑ.
නිර්වින්දනය වීම අවාසනාවක්.
කම්මලේ බල්ලට හෙණ ගැහුවත් ගාණක් නැත්තෙ
හෙණ හඬට තියන උපේක්ෂාව නොවෙයි.
නිර්වින්දනය නිසා
ජීවිතය යහපත්ව ගත කිරීම
ආත්මදමනය හෝ හික්මීම නොවෙයි.
මන්ද බුද්ධිකයන්
හොඳ හික්මීමක් ඇති පුද්ගලයන්
කියා කියන්න පුලුවන්.
වයසට ගොස් ඉන්ද්‍රිය පිරිහුණ පුද්ගලයන්
හොඳ හික්මීමක් ඇති පුද්ගලයන්
කියා කියන්න පුලුවන්.
නිර්වින්දනය වීම හික්මීමක් නොවෙයි.
හික්මීම කියන්නේ
සාමාන්‍ය මිනිසෙකුට මෙන්
හැඟීම් පහළ වෙද්දි
ඒ හැඟීම් වලට උපේක්ෂාවෙන්
ආත්ම දමනයෙන් හැසිරීමයි.
ඉන්ද්‍රිය වලට විඳිය හැකි
උපරිම සීමාව ඉක්මවා ගොස්
නිර්වින්දනය වීම හික්මීමක් නොවෙයි.
එවැනි පුද්ගලයන් අපේ රට වැනි රටක
සති කිහිපයක් ගත කළොත්
ඔවුන්ගෙ රාගය නැවත ඇවිස්සෙනවා.
එදාට ඔවුන් යහපත්ව ඉන්න සමත් වුණොත්
ඒ ඉන්නෙ හික්මීමෙන්.
ඒ ඉන්නෙ හික්මීමෙන්.
ඒ ආත්ම දමනයට අගයක් තියනවා.
ඵුට්ඨස්ස ලෝක ධම්මේහි
චිත්තං යස්ස න කම්පති.
චිත්තං යස්ස න කම්පති.
===========================