විශ්වයෙහි පැවැත්ම පිළිබඳව හැදෑරූ
ලොව පළමු පෙළේ විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් විසින්
The Theory of Everything - සියලු දේ පිළිබඳ න්‍යාය යන මැයෙන්

පවත්වන ලද දේශන හතක් ඇසුරින් සකස් කරන ලද
ඔහුගේ The Theory of Everything නමැති කෘතියෙන්
මහින්ද ගුණවර්ධන විසින් කරන ලද පරිවර්තනයකි මේ.
1970 ගණන් පුරාවට ම මම ප‍්‍රධාන වශයෙන් වැඩ කරමින් සිටියේ කළු කුහර
සම්බන්ධව ය. කෙසේ නමුත්, 1981 දී විශ්ව විද්‍යාව පිළිබඳව වතිකානුවේ පැවැති
සම්මන්ත‍්‍රණයකට සහභාගි වූ අවස්ථාවේ දී විශ්වයේ ආරම්භය සම්බන්ධ ප‍්‍රශ්න
පිළිබඳව මා තුළ වූ උනන්දුව නැවත ඉස්මතු විය. විද්‍යාවේ ප‍්‍රශ්නයක්
සම්බන්ධයෙන් ‘සූර්යයා පෘථිවිය වටා ගමන් කරනවා’ යනුවෙන් නීතියක් පැනවීම
මගින් කතෝලික පල්ලිය වස වැරැුද්දක් කර තිබුණි. ශත වර්ෂ ගණනාවකට පසු, දැන්,
විශේෂඥයන් ගණනාවක් ගෙන්වා ගෙන විශ්ව විද්‍යාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම
වඩා හොඳ යැ යි එය තීරණය කර තිබුණි. සම්මන්ත‍්‍රණය අවසානයේ දී ඊට
සහභාගීවූවන්ට, පාප් වහන්සේ සමග ප්‍රෙක්ෂකාගාරයක එක්වන්නට අවසර ලැබුණි. මහා
පිපිරුමට පසු විශ්වයේ පරිනාමය ගැන අධ්‍යයනය කළාට කමක් නැත, එහෙත් මහා
පිපිරුම යනු නිමැවුම් අවස්ථාව වන බැවින්, එය දෙවියන්ගේ කෘතියක් වන නිසා, එ්
පිළිබඳ විමසීම නොකළ යුතු යැයි ඔහු අපට කීවේ ය.
සම්මන්ත‍්‍රණයේ දී එයට මොහොතකට පෙර මා ප‍්‍රකාශ විෂය පිළිබඳව ඔහු නොදැන සිටීම ගැන එ් අවස්ථාවේ දී මම සතුටට පත්වීමි. ගැලීලියෝට අයත් වූ ඉරණම සම්බන්ධව කතා කරන්නට මට උවමනාවක් නොතිබුණි. ගැලීලියෝ ගැන මට විශාල ශෝකයක් තිබේ, එක් අතකින් ඔහු මියගොස් හරියටම අවුරුදු 300කට පසු මා ඉපදුනු නිසා ය.
මහා පිපිරුම් මොඩලය
මගේ ලේඛනය කුමක් සම්බන්ධයෙන් ද යන්න පැහැදිලි කිරීම් වස්, මුලින්ම, ”ගිනියම් මහා පිපිරුම” අනුසාරයෙන් පොදුවේ පිලිගැනීමට ලක්ව ඇති විශ්වයේ ඉතිහාසය ගැන විස්තර කරන්නෙමි. මෙය උපකල්පනය කරන්නේ, මහා පිපිරුම දක්වා දිවෙන විශ්වය පිළිබඳව විස්තර කෙරෙන ෆ‍්‍රීඞ්මාන් මොඩලයකි. මෙවැනි මොඩලවලට අනුව විශ්වය ප‍්‍රසාරණය වීමේ දී එහි ඇති පදාර්ථවල උෂ්ණත්වය සහ එ්වායේ විකිරණශීලීත්වය පහළ බසී. සරලව සලකා බලන විට, උෂ්ණත්වය, අංශුවල සාමාන්‍ය ශක්තියේ මිනුමක් වන හෙයින්, මේ සිසිල්වීම පදාර්ථය කෙරෙහි වන ප‍්‍රධාන බලපෑමක් වෙයි. ඉතා ඉහළ උෂ්ණත්වවල දී අංශු ඉතා වේගයෙන් චලනය වෙමින් පවතිනු ඇති අතර, න්‍යෂ්ටික හෝ විද්‍යුත් චුම්බක බල හේතු කොට ගෙන එ්වා එකිනෙක අතර හටගන්නා ආකර්ෂණයෙන් බේරී යා හැකි ය. එහෙත් එ්වා සිසිලනය වන විට, අංශු අතර ඇතිවන ආකර්ෂණය නිසා එ්වා එකිනෙක ආකර්ෂණය වී කැටි ගැසෙනු ඇති බව බලාපොරොත්තු විය හැකි ය.
මහා පිපිරුමේ දී, විශ්වය ශුන්‍ය ප‍්‍රමාණයෙන් වූ අතර, අනන්ත ප‍්‍රමාණයෙන් ගිනියම්ව තිබිය යුතු වෙයි. එහෙත්, විශ්වය ප‍්‍රසාරණය වීමේ දී විකිරණයේ උෂ්ණත්වය පහත වැටෙන්නට ඇත. මහා පිපිරුමෙන් තත්පරයකට පසු අංශක මිලියන දස දහසක පමණ ප‍්‍රමාණයකට උෂ්ණත්වය අඩු වන්නට ඇත. මෙය සූර්යයාගේ මධ්‍යයේ ඇති උෂ්ණත්වය මෙන් දහස් ගුණයකි. එමෙන් ම හයිඩ‍්‍රජන් බෝම්බ පිපිරීමේ දී හට ගන්නා උෂ්ණත්වය තරමට ම ඉහළ අගයකි. මේ අවස්ථාවේ දී විශ්වයට විශාල වශයෙන් පොටෝන, ඉලෙක්ට්‍රෝන සහ නියුටි‍්‍රන සහ එ්වායේ ප‍්‍රති අංශු ද ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ප‍්‍රමාණයක් ද අයත් විය.
තවදුරටත් විශ්වය ප‍්‍රසාරණය වෙමින් ද උෂ්ණත්වය පහළ වැටෙමින් ද තිබිය දී විශාල ගැටුම්වලින් නිපදවෙන ඉලෙක්ට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන යුගල අනුපාතය එ්වා විකිරණයට හැරවීම මගින් සිදුවන විනාශ වීමේ අනුපාතයට වඩා අඩු තත්ත්වයකට වැටුණි. එ්නිසා ඉලෙක්ට්‍රෝන සුළු ප‍්‍රමාණයක් පමණක් ඉතිරි කර ඉතිරි ඉලෙක්ට්‍රෝන සහ ප‍්‍රති ඉලෙක්ට්‍රෝන විකිරණයට හැරී වඩ වඩා පොටෝන නිපදවිය.
මහා පිපිරුම සිදු වී තත්පර සියයකට පමණ පසු උෂ්ණත්වය අංශක මිලියන එක් දහසක් දක්වා පහත වැටුණි. මෙය උණුසුම් වැඩි ම තාරකාවල අභ්‍යන්තර උෂණත්වය යි. මේ උෂ්ණත්වයේ දී ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලට බලගතු න්‍යෂ්ටික බලයේ ආකර්ෂණයෙන් මිදෙන්නට තවදුරටත් ප‍්‍රමාණවත් ශක්තියක් නොපවතී. එ්වා එකට එකතු වී එක් ප්‍රොටෝනයක් හා එක් න්‍යුට්‍රෝනයක් අයත් ඩියුටීරියම් හෝ බැර හයිඩ‍්‍රජන් හෝ න්‍යෂ්ටි නිෂ්පාදනය කරයි. ඉන්පසු ඩියුටීරියම් න්‍යෂ්ටිවලට තවත් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකතු වී ප්‍රෝටෝන දෙකක් සහ න්‍යුට්‍රෝන දෙකක් සහිත හීලියම් න්‍යෂ්ටි නිපදවනු ලබයි. ඉතා කුඩා ප‍්‍රමාණවලින් ලිතියම් හා බෙරිලියම් වැනි බර ලෝහ ද තිබේ.
ගිනියම් මහා පිපිරුම් මොඩලයේ දී ප්‍රෝටොන් සහ නියුට්‍රෝන් ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ හීලියම් න්‍යෂ්ටි බවට පත් වූ බවට ගණනය කළ හැකි ය. ඉතා කුඩා ප‍්‍රමාණයක් බැර හයිඩ‍්‍රජන් බවටත් අනෙක් අංශු බවටත් පත් විය. ඉතිරි නියුට්‍රෝන සාමාන්‍ය හයිඩ‍්‍රජන් පරමාණුවල න්‍යෂ්ටි වශයෙන් ප්‍රොටෝන් බවට දිරා පත් විය. මේ අනාවැකි නිරීක්ෂණ සමග ඉතා හොඳින් එකඟ වෙයි.
ගිනියම් මහා පිපිරුම් මොඩලය ගිනියම් මුල් අවධිවල දී ඉතිරි වූ විකිරණය නිරීක්ෂණය කළ හැකි බවට අනාවැකි පළ කරයි. කෙසේ නමුත්, විශ්වයේ ප‍්‍රසාරණය නිසා උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යයට වඩා අංශක කිහිපයකට ඉහළ අගයක් දක්වා අඩු විය. මෙය 1965 දී පෙන්සියාස් සහ විල්සන් විසින් සොයා ගන්නා ලද විකිරණශීලීතාවේ මයික්‍රෝ තරංග පසුබිම මගින් පැහැදිලි කරන ලද තත්ත්වය යි. මේ නිසා යටත් පිරිසෙයින් මහා පිපිරුමෙන් පසු පළමුවන තත්පරයේ දී ඇති වූ තත්ත්වයේ පැහැදිලි චිත‍්‍රය පිළිබඳ අපට ඉමහත් ලෙස ස්ථිර විශ්වාසයක් තිබේ. මහා පිපිරුමෙන් පැය කිහිපයකට පසු හීලියම් සහ අනෙක් අංශු නිෂ්පාදනය නතර විය. ඉන්පසු, ඊළඟ අවුරුදු මිලියන දක්වා වැදගම්මකට ඇති විශේෂත්වයක් සිදු නොකරමින් විශ්වය ඔහේ ප‍්‍රසාරණය වෙමින් තිබුණි. අවසානයේ දී, උෂ්ණත්වය අංශක කිහිප දහසකට අඩු වූ විට, ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිවලට එ්වා අතර විද්‍යුත් චුම්බක ආකර්ෂණය මැඩ පැවැත්වීමට තරම් ප‍්‍රමාණවත් ශක්තිය නැති විය. එවිට, එ්වා එකිනෙක එ්කාබද්ධ වී පරමාණු බවට පත්වීම ආරම්භ විය.
විශ්වය සම්පූර්ණ එ්කකයක් ලෙස සැලකූ විට එය ප‍්‍රසාරණය වීමත් සිසිල් වීමත් දිගට ම සිදු විය. කෙසේ නමුත්, සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා යාන්තමින් වැඩි ඝනත්වයෙන් යුත් කලාපවල ප‍්‍රසාරණය, අමතර ගුරුත්වාකර්ෂණයේ බලපෑම හේතු කර ගෙන අඩු විය. අවසානයේ දී ඇතැම් කලාපවල ප‍්‍රසාරණය නැවතී එ්වා නැවත බිඳ වැටෙන්නට හේතු විය. එ්වා බිඳ වැටෙමින් තිබිය දී මේ කලාපවලින් පිටත වූ ද්‍රව්‍යවල ගුරුත්වාකර්ෂණ ඇදීම එ්වා ස්වල්ප වශයෙන් කරකවන්නට පටන් ගත්තේය. බිඳ වැටීම් සිදුවන කලාපය කුඩා වීමේ දී එ්වා වඩාත් වේගයෙන් බමන්නට පටන් ගනියි. මෙය හරියට ම ස්කේට් ක‍්‍රීඩකයන් ඔවුන්ගේ අත් ඇදීම මගින් අයිස් මත වඩා වේගයෙන් බමන පරිද්දෙනි. අවසානයේ දී, ප‍්‍රමාණවත් තරමට කලාප කුුඩා අවස්ථාවල දී එ්වා ගුරුත්වයේ ආකර්ෂණය සමබර කර ගැනීමට හැකි වන තරම් වේගයෙන් බමන්නට පටන් ගත්තේය. මේ ආකාරයට, භ‍්‍රමණය වන ගැලැක්සිවල උපත සිදු විය.
කාලය ගතවීමේ දී, ගැලැක්සි, ඊටත් වඩා කුඩා එමෙන් ම, තමන්ගේ ම ගුරුත්වය යටතේ වූ වලාකුළුවලට බිඳ වැටුණි. මේවා හැකිළීමේ දී, වායුවල උෂ්ණත්ව න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයා ආරම්භ කිරීමට හැකි තත්ත්වය දක්වා උණුසුම් විය. මේවා හයිඩ‍්‍රජන් වඩා වඩා හීලියම් බවට පත් කළේ ය. ඉවත් වූ තාපය පීඩනය වැඩි කරන ලද අතර, වළාකුළු තවදුරටත් හැකිළීම නතර කළේ ය. මේවා මේ තත්ත්වයෙන්, අපගේ සූර්යයා වැනි තාරකා ලෙසින් දීර්ඝ කාලයක් පැවති අතර, හයිඩ‍්‍රජන් හීලියම් දවාලීමේ දී නිකුත් වන ශක්තිය තාපය සහ ආලෝකය ලෙසට විකිරණය කළේ ය.
බෙහෙවින් විශාල දැවැන්ත තාරකාවලට එ්වායේ බලවත් ගුරුත්ව ආකර්ෂණය සමබර කර ගැනීම සඳහා වඩාත් ගිනියම් වීම අවශ්‍ය විය. මෙය න්‍යෂ්ටික විලයනය ප‍්‍රතිකි‍්‍රයා වඩා කඩිනමින් ව සැකසීම කෙරෙහි බල පෑ අතර, මේ හේතුව නිසා එ්වායේ හයිඩ‍්‍රජන් අවුරුදු මිලියන සියයක් තරම් අඩු ප‍්‍රමාණයකට ප‍්‍රමාණවත් විය. එවිට, එ්වා තරමක් සංකෝචනය වූ අතර, තවදුරටත් රත් වීමේ දී හීලියම්, කාබන් හා ඔක්සිජන් වැනි වඩා බර මූල ද්‍රව්‍ය බවට පරිවර්තනය ආරම්භ විය. කෙසේ නමුත්, මෙය, එතරම් විශාල ප‍්‍රමාණයක් ශක්ති ප‍්‍රමාණයක් මුදා හළේ නැත. කළු කුහර සම්බන්ධ මගේ දේශනයේ දී පැහැදිලි කළ පරිදි මේ නිසා ගැටලූවක් පැන නගියි. ඊළ`ගට ඇති වූ දෙය එතරම් පැහැදිලි නැති වුවත්, තාරකාවේ මධ්‍ය ප‍්‍රදේශ ඉතා ඝන තත්ත්වයෙන් යුත් නියුට්‍රෝන තරු හෝ කළු කුහර බවට බිඳ වැටෙයි. තාරකාවේ පිටත කලාප සුපර්නෝවා නමින් හඳුන්වනු ලබන අති දැවැන්ත පිපිරුමකට බඳුන් විය හැකි අතර, ඒ නිසා ගැලැක්සියේ අනෙක් තරු වඩාත් බැබලීමට ලක් වෙයි. තරුවේ ජීවිතයේ අවසාන කාලය ආසන්නයේ දී නිපදවෙන ඇතැම් බර මූලද්‍රව්‍ය ගැලැක්සියේ වායුව තුළට විසි වෙයි. මේවා ඊ ළ`ග තරු පරම්පරාවේ සමහර අමුද්‍රව්‍ය නිපදවයි.
අපගේ සූර්යයා දෙවන හෝ තුන්වන හෝ පරම්පරාවේ තාරකාවක් වන නිසා එහි මෙවැනි බර මූල ද්‍රව්‍යවලින් සියයට 2ක් පමණ අන්තර්ගත ය. කලින් තිබුණු සුපර්නෝවාවල ශේෂ අන්තර්ගත වූ භ‍්‍රමණය වන වායු වලාවකින් එය අවුරුදු මිලියන පන්දහසකට පමණ පෙර නිර්මාණය විය. එ් වලාකුළට අයත් වායුවලින් වැඩි ප‍්‍රමාණයක් සූර්යයා නිර්මාණය කිරීමට හෝ පුපුරා යන්නට හෝ ඇත.
කෙසේ නමුත්, සූර්යයා වටා කක්ෂ ගත වී ඇති පෘථිවිය වැනි ද්‍රව්‍ය සෑදීමට වඩා විශාල මූල ද්‍රව්‍යවල කුඩා ප‍්‍රමාණයක් එකට එකතු විය.
විවෘත ප‍්‍රශ්න ආරම්භයේ දී බෙහෙවින් රත් ව තිබී ප‍්‍රසාරණය වන විට සිසිල් වූ විශ්වයක් ගැන වූ මේ චිත‍්‍රය අද දවසේ අපට තිබෙන සියලූම නිරීක්ෂිත සාක්ෂි හා එකඟ වෙයි.
එසේ වුවත්, එය පිළිතුරු නො සැපයූ ප‍්‍රශ්න ගණනාවක් ඉතිරි කර තිබේ. පළමු වැන්න: ආරම්භක විශ්වය එ් සා රත් වූයේ ඇයි? දෙවැන්න: විශ්වය විශාල පරිමාණයෙන් එ්කාකාරී වූයේ ඇයි - අවකාශය සෑම ලක්ෂ්‍යයක දී ම සහ සෑම දිශාවක දී ම එක ම ලෙසින් දිස් වන්නේ ඇයි?
තුන්වැන්න: නැවත ඝට්ටනය වීම යන්තම් වැළැක්වීම ප‍්‍රමාණවත් තරමේ තීරණාත්මක ප‍්‍රසාරණ අනුපාතයට ආසන්නයෙන් විශ්වය ආරම්භ වූයේ ඇයි? මහා පිපිරුමට තත්පරයකට පසුව ඇති වුණු ප‍්‍රසාරණ අනුපාතය මිලියන එක් දහස් මිලියන ප‍්‍රමාණයකින් පංගුවකින් වෙනස් වූයේ නම්, විශ්වය කිසි දිනෙක වර්තමාන ප‍්‍රමාණයට ළඟා නො වන තරමට නැවත බිඳී යන්නට ඉඩ තිබුණි. අනෙක් අතට, ප‍්‍රසාරණ අනුපාතය එක් තත්පරයක දී එ් ප‍්‍රමාණය මෙන් වැඩි වුණි නම්, විශ්වය බෙහෙවින් ප‍්‍රසාරණය වී මේ වන විට, මුළුමණින් ම හිස් විය හැකි ව තිබුණි.
හතරවැන්න: විශ්වය මහා පරිමාණයෙන් ඉතා ම එ්කාකාරී ද සමජාතීය ද වුව එහි ප‍්‍රාදේශීය තරු හා තාරකා මණ්ඩල වැනි ගැට අඩංගු ය. මුල් කාලීන විශ්වයේ එක් කලාපයක සිට අනෙක් කලාපයට ඝනත්වයෙහි කුඩා වෙනස්කම්වලින් සංවර්ධනය වන්නට ඇතැ යි කල්පනා කරනු ලැබේ. මේ ඝනත්ව උච්ඡාවචනවල ආරම්භය කුමක් ද?
සාමාන්‍ය සාපේක්ෂතාවාදයට, එයට ම පමණක් මේ තත්ත්ව ගැන පැහැදිලි කළ නො හැකි වන අතර, ඉහත ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට ද නො හැකි ය. මීට හේතුව වන්නේ එය, මහා පිපිරුම් එ්කත්වය අවස්ථාවේ දී විශ්වය අනන්ත ඝනත්වයකින් ආරම්භ වූ යේ යැ යි අනාවැකි පළ කරන නිසා ය. එ්කත්වයේ දී සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ අනෙක් භෞතික නියම සියල්ල ද බිඳ වැටෙයි. එ්කත්වයෙන් පැන නැගිය හැක්කේ කුමක් දැ යි අනාවැකි කීමට කිසිවෙකුට නො හැකි ය. මා, ඉහත දී පැහැදිලි කරන ලද පරිදි මෙහි අදහස වන්නේ න්‍යායේ මහා පිපිරුමට පෙර සිදු වී ඇතැයි සිතන ඉසව්වලින් අප නිරීක්ෂණය කරන දේවල් කෙරෙහි බලපෑම් කළ නො හැකි දේවල් කපා හැරිය යුතු බව ය. අවකාශ-කාලයට මහා පිපිරුමේ දී මායිමක් තිබිය යුතු ය. විශ්වය මහා පිපිරුම් අවස්ථාවේ දී අප අද නිරීක්ෂණය කරන තත්ත්වයට මග පෙන්වන ආකාරයේ ක‍්‍රමයකට අනුව ආරම්භ වූයේ ඇයි? විශ්වය එ්කාකාර වී නැවත බිඳ වැටීම වැළැක්විය හැකි තීරණාත්මක සීමාවේ නතර වූයේ ඇයි?
විශ්වය සඳහා තිබිය හැකි වූ මූලික වින්‍යාස සැලකිය යුතු සංඛ්‍යාවක් පරිනාමය වී අප නිරීක්ෂණය කරන විශ්වය ගොඩ නැගුනේ යැ යි පෙන්විය හැකි නම් වඩාත් සතුටට පත් විය හැකි ය.
එය එසේ නම්, යම් ආකාරයක අහඹු මූලික කොන්දේසි යටතේ සංවර්ධනය වූ විශ්වයෙහි අප නිරීක්ෂණය කරන කලාප වැනි එ්වා ගණනාවක් තිබිය යුතු ය.
බෙහෙවින් වෙනස් කලාප ද තිබිය හැකි ය. කෙසේ නමුත්, මේ කලාප ගැලැක්සි සහ තරු නිර්මාණය වීමට සුදුසු නො වීමට ද පුළුවන. යටත් පිරිසෙයින් අප දන්නා පරිදි බුද්ධිමත් ජීවය ආරම්භ වීම සඳහා අත්‍යවශ්‍ය මූලික කොන්දේසි තිබේ. මේ අනුව එවැනි කලාප වෙනස් නිසා, නිරීක්ෂණය කිරීමට එ්වායේ ජිවීන් අඩංගු නැත.
විශ්ව විද්‍යාව ගැන සැලකීමේ දී අප ජීවත් වන්නේ බුද්ධිමත් ජීවයට සුදුසු කලාපයක බවට වන තෝරා ගැනීමේ මූල ධර්මය සැලකිල්ලට ගත යුතු ය. මේ බෙහෙවින් ප‍්‍රත්‍යක්ෂ සහ මූලික සැලකිල්ලට භාජනය කිරීම ඇතැම් විට ඇන්ත්‍රොපික් මූල ධර්මය ලෙස හඳුන්වනු ලැබේ. අනෙක් අතට විශ්වයේ මුල් අවස්ථාව අප අවට නිරීක්ෂණය කරන දෙය ලෙස වන ලෙස ඉතා ම ප‍්‍රවේශමෙන් තෝරා ගැනීමට සිදු වූ යේ යැ යි සිතන්න. එවිට, විශ්වයේ ජීවය අඩංගු වන වෙනත් කලාපයක් තිබීමට ඉඩ නැති තරම් ය.
මා කලින් පැහැදිලි කළ රත් වූ මහා පිපිරුම් ආකෘතියේ දී එක් කලාපයක සිට තවත් කලාපයකට තාපය ගලා යන්නට තරම් ප‍්‍රමාණවත් කාලයක් විශ්වයට නො තිබුණි. මින් අදහස් කරන්නේ අප නිරීක්ෂණය කරන සෑම දිශාවකට ම අයත් ක්ෂුද්‍ර තරංග පසුබිමෙහි එක ම උෂ්ණත්වය තිබෙන පරිදි විශ්වයේ විවිධ කලාප හරියට ම එක ම උෂ්ණත්වයක් තුළ ආරම්භ විය යුතු ව තිබුණු බව ය.
මේ වන තෙක් නැවත බිඳී නො යන පරිදි විශ්වයේ මූලික ප‍්‍රසාරණ අනුපාතය ඉතා නිවැරදි ව තෝරා ගැනීම ද අවශ්‍ය විය. මින් අදහස් කෙරෙන්නේ රත් වූ මහා පිපිරුම් ආකෘතිය කාලයේ ආරම්භය දක්වා නිවැරදි නම්, විශ්වයේ මූලික අවස්ථාව, ඉතා ප‍්‍රවේශමෙන් තෝරා ගත යුතු ව තිබුණු බව ය. අප වැනි ජීවීන් මැවීමේ චේතනාවෙන් යුත් දෙවියන්ගේ කි‍්‍රයාවක් ලෙස විශ්වය මේ ආකාරයට ආරම්භ වූයේ ඇයි දැ යි පැහැදිලි කිරීම අතිශයින් ම දුෂ්කර ය.

උද්දමනකාරී ආකෘතිය
------------------------------------
රත් වූ මහා පිපිරුම් ආකෘතියේ මුල් අවස්ථාව පිළිබඳ මේ දුෂ්කරතාව මඟ හැරීම සඳහා, මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ඇලන් ගුත් නව ආකෘතියක් ඉදිරිපත් කළේ ය. ඊට අනුව, ආරම්භක වින්‍යාස රාශියක් වර්තමාන විශ්වය වැන්නක් නිර්මාණය කිරීම සඳහා පරිණාමය වන්නට පුළුවන. ආරම්භක විශ්වයට ඉතා ක්ෂණිකව හෝ දර්ශක ලෙස හෝ ප‍්‍රසාරණයක් තිබිය හැකි බවට ඔහු යෝජනා කළේ ය. මේ ප‍්‍රසාරණය උද්ධමනකාරී ය. (උද්ධමනය යනු සෑම රටක ම සිදුවන මිල ගණන් ඉහළ හෝ පහළ හෝ යාම විස්තර කෙරෙන පදයකි.* සමහරවිට, මිල උද්ධමනය සම්බන්ධ ලෝක වාර්තාව හිමි වන්නේ මාක් එකකට වඩා අඩු ව තිබූ පාන් ගෙඩියක මිල මාස කිහිපයකට පසු මාක් මිලියන ගණනකට ඉහළ නැගි පළමුවැනි ලෝක යුද්ධයෙන් සුළු කලකට පසු ජර්මනියට ය.) එහෙත් අප සිතන උද්ධමනය තත්පරයකින් මිලියන, මිලියන, මිලියන, මිලියන, මිලියනයක තරම් ඉතා සුළු වෙනසකට හෝ සිදුවන විශ්වයේ ප‍්‍රමාණයේ අති මහත් වෙනසකි. සත්‍ය වශයෙන් ම එ් වර්තමාන රජයට පෙර ය.
විශ්වය බෙහෙවින් රත් වූ මහා පිපිරුමෙන් ආරම්භ වූ බවට ගුත් යෝජනා කළේ ය. එවැනි අධික උෂ්ණත්වවල දී ප‍්‍රබල සහ දුර්වල න්‍යෂ්ටික බල හා විද්‍යුත් චුම්බක බලය යන සියල්ල තනි බලයකට එ්කාබද්ධ වන බව අපේක්ෂා කළ හැකි ය. විශ්වය ප‍්‍රසාරණය වීමේ දී, එය සිසිල් වූ අතර, අංශු ශක්තිය පහළ බසී.
අවසානයේ දී සංක‍්‍රාන්ති අවධිය උදා වූ අතර, බල අතර සමමිතිය බිඳ වැටුණි. ප‍්‍රබල බලය දුර්වල සහ විද්‍යුත් චුම්බක බලවලින් වෙනස් විය. එක් සරල නිදසුනක් වන්නේ ජලය සිසිල් කරන විට මිදෙන අවස්ථාවේ ඇති වන සංක‍්‍රාන්ති අවධිය යි. ද්‍රව ජලය සෑම ලක්ෂ්‍යයක දී සෑම දිශාවකට ම එක සේ සමමිතික ය. කෙසේ නමුත්, අයිස් ස්ඵටික නිර්මාණය වීමේ දී එ්වාට නිශ්චිත ස්ථාන අයත් වන අතර, එ්වා එක් දිශාවකට පෙළ ගැසෙයි. මෙය ජලයේ සමමිතිය බිඳ දමයි. ජලය සම්බන්ධ ප‍්‍රශ්නයේ දී, ප‍්‍රවේශමෙන් එය ”සුපිරි සිසිල්” තත්ත්වයට පත් කළ හැකි ය. එනම්, අයිස් ගොඩ නගන්නේ නැති ව මිදෙන උෂ්ණත්වයෙන් -සෙන්ටිගේ‍්‍රඞ් අංශක 0න්- පහළට අඩු කළ හැකි ය. විශ්වය මීට සමාන ආකාරයකට හැසිරෙන්නට ඇතැ යි ගුත් යෝජනා කළේ ය. බල අතර සමමිතිය බිඳෙන්නේ නැති ව උෂ්ණත්වය තීරණාත්මක අගයට වඩා අඩු වන්නට ඇත. මෙය සිදු වූ යේ නම්, සමමිතිය බිඳෙන අවස්ථාවට වඩා ශක්තිය වැඩි වී විශ්වය අස්ථායී තත්ත්වයකට පත් විය යුතු ය.
මේ සුවිශේෂ අමතර ශක්තියට ගුරුත්වාකර්ෂණ විරෝධී බලපෑමක් තිබෙන බව පෙන්විය හැකි ය. එය සාමාන්‍ය විශ්ව විද්‍යාත්මක නියතයක් පරිදි හැසිරෙයි.
විශ්වයේ ස්ථිතික ආකෘතියක් ගොඩ නැගීමට උත්සාහ දැරීමේ දී අයින්ස්ටයින් සාමාන්‍ය සාපේක්ෂතාවාදයට විශ්ව විද්‍යාත්මක නියතයක් හඳුන්වා දුන්නේ ය. කෙසේ නමුත්, මේ ප‍්‍රශ්නයේ දී විශ්වය දැනටමත් ප‍්‍රසාරණය වෙමින් තිබුණි. මේ නිසා මේ නියතයේ විකර්ෂණ ප‍්‍රතිඵලය විශ්වය සදාකාලික වර්ධන අනුපාතයකින් ප‍්‍රසාරණය වීමට සලස්වන ලදී. සාමාන්‍ය පදාර්ථ අංශු ප‍්‍රමාණයට වඩා වැඩියෙන් තිබුණු කලාපවල පවා කි‍්‍රයාත්මක විශ්ව විද්‍යාත්මක නියතයේ විකර්ෂණය හේතු කර ගෙන පදාර්ථයේ ගුරුත්වාකර්ෂණය අධි ප‍්‍රමාණ විය. මෙසේ, මෙවැනි කලාප ද ත්වරණ උද්ධමනකාරී ස්වරූපයකට අනුව ප‍්‍රසාරණය විය.
විශ්වය ප‍්‍රසාරණය වීමේ දී, පදාර්ථ අංශු තව තවත් ඈත් විය. ප‍්‍රසාරණය වන විශ්වයේ කිසිදු අංශුවක් අයත් නැති එ්වා ඉතිරි වෙයි. එය තවමත් බල අතර සමමිතිය නො බිඳුණු සුපිරි සිසිල් අවස්ථාවේ පැවතුනි. බැලූනයක් පුම්බන විට එහි රැුලි ඉවත් වී සුමට වන පරිද්දෙන්, ප‍්‍රසාරණයේ දී විශ්වයේ ඕනෑ ම අසමාකාර තත්ත්වයක් සුමට වෙයි. මේ අනුව, විශ්වයේ වර්තමාන සුමට ද එ්කාකාරී ද තත්ත්වය, එකිනෙකට වෙනස් එ්කාකාර නො වූ මුල් අවස්ථා ගණනාවකින් පරිණාමය විය.
ප‍්‍රසාරණ අනුපාතය ද නැවත බිඳ වැටීමේ තීරණාත්මක අගය ආසන්නය දෙසට නැඹුරු විය.
තවද, උද්ධමන අදහසට අනුව, විශ්වයේ මෙතරම් විශාල පදාර්ථ ප‍්‍රමාණයක් තිබෙන්නේ මන්දැ යි යන්න ද පැහැදිලි කළ හැකි ය. අප නිරීක්ෂණය කරන විශ්වයේ කලාපය තුළ 1,080ක් පමණ අංශු තිබේ. එ්වා පැමිණියේ කොහි සිට ද? ක්වොන්ටම් වාදයට අනුව, ඊට පිළිතුර වන්නේ අංශු හා ප‍්‍රතිඅංශු යුගල වශයෙන් ශක්තියට එ්වා නිෂ්පාදනය කළ හැකි බව ය. එහෙත් ශක්තිය පැමිණෙන්නේ කොහි සිට දැ යි ප‍්‍රශ්නයක් පැන නගී. පිළිතුර වන්නේ විශ්වයේ ශක්තියේ මුළු එකතුව හරියට ම ශූන්‍යය වන බව ය.
විශ්වයේ පදාර්ථය ධන ශක්තියෙන් ගොඩ නැගේ. කෙසේ නමුත්, පදාර්ථ සියල්ල ගුරුත්වය මගින් ඇද ගන්නා බව ය. ළඟ තිබෙන පදාර්ථ කොටස් දෙකක ශක්තිය එකිනෙකට බොහෝ දුරින් තිබෙන පදාර්ථ දෙකක ශක්තියට වඩා අඩු ය. මීට හේතුව වන්නේ එ්වා වෙන් කිරීම සඳහා ශක්තිය වැය කිරීමට සිදු වන නිසා ය. එ්වා ආකර්ෂණය කරන ගුරුත්ව බලයට විරුද්ධ ව එ්වා ඇදිය යුතු ය. මේ අනුව, ගුරුත්ව ක්ෂේත‍්‍රයට ඍණ ශක්තියක් තිබෙන බව දැනේ. විශ්වය සම්පූර්ණයෙන් ම සැලකිල්ලට භාජනය කළ විට, ඍණ ශක්තිය මගින් ධන ශක්තිය සම්පූර්ණයෙන් ම අවලංගු කරන බව පෙන්වා දිය හැකි ය. මේ අනුව, විශ්වයේ සම්පූර්ණ ශක්ති ප‍්‍රමාණය ශූන්‍යය වේ.
දෙවරක් ශූන්‍යය යනු ශූන්‍යය යි. මේ අනුව, සංස්ථිති නියමය උල්ලංඝණය නො කර විශ්වයට ධන ශක්ති ප‍්‍රමාණය ද ඍණ ශක්ති ප‍්‍රමාණය ද දෙගුණ කළ හැකි ය. ප‍්‍රසාරණයේ දී පදාර්ථ ශක්ති ඝනත්වය පහළ යන විශ්වයේ සාමාන්‍ය ප‍්‍රසාරණයේ දී මෙය සිදු නො වේ. කෙසේ නමුත්, ප‍්‍රසාරණය සිදුවන විට, සුපිරි සිසිලන තත්ත්වයේ දී ශක්ති ඝනත්වය නියත ව පවතින නිසා උද්ධමනකාරී ප‍්‍රසාරණයේ දී එය සිදු වෙයි. විශ්වය ප‍්‍රමාණයෙන් දෙගුණ වන විට, ධන පදාර්ථ ශක්තිය සහ ඍණ ගුරුත්ව ශක්තිය යන දෙක ම දෙගුණ වෙයි. මේ නිසා මුළු ශක්ති එකතු ව ශූන්‍යය ලෙස ම පවතී. උද්ධමනකාරී අවධියේ දී විශ්වයේ ප‍්‍රමාණය අති විශාල ලෙස ඉහළ යයි. මේ නිසා අංශු නිර්මාණය සඳහා තිබෙන ශක්තිය බෙහෙවින් වැඩි වෙයි. ගුත් සඳහන් කළ පරිදි ”නොමිලේ ලැබෙන කෑම වේල තරම් දෙයක් නැතැ යි කියමනක් තිබේ. එහෙත් නොමිලේ ලැබෙන ඉහළ ම කෑම වේල විශ්වය යි.”

මතු සබැඳේ
---------------------------
පරිවර්තනය - මහින්ද ගුණවර්ධන
================================================================

පරිවර්තනයේ දෝෂ තිබේ නම් එ්වා ගැන සඳහන් කරන්න.
ස්තුති පූර්වකව ඒවා නිවැරැදි කර ගැනීමට කැමැතියි
- මහින්ද ගුණවර්ධන