එක අතකින් මේ දෙන්නා දෙන්නෙක්.
තව අතකින් මේ දෙන්නා එක් කෙනෙක්.
නච සෝ නච අඤ්ඤෝ.
තව අතකින් මේ දෙන්නා එක් කෙනෙක්.
නච සෝ නච අඤ්ඤෝ.
---------------------------------------------------
සෑම සත්වයෙකුට මෙන්ම
අප්‍රමාණ කාලයක් තිස්සේ
ජීවිතයෙන් ජීවිතයට ගමන් කළ
දුරාතීතයක් මිනිසාටද ඇත.
ඔහු දැන්
ඒ අතීතය මත පදනම්ව
ඔහුගේ අනාගතය සකස් කරමින් සිටියි.
සෑම සත්වයෙකුට මෙන්ම
අප්‍රමාණ කාලයක් තිස්සේ
ජීවිතයෙන් ජීවිතයට ගමන් කළ
දුරාතීතයක් මිනිසාටද ඇත.
ඔහු දැන්
ඒ අතීතය මත පදනම්ව
ඔහුගේ අනාගතය සකස් කරමින් සිටියි.
බර්ට්‍රම් ලියනගේ විසින් පුනර්භවය පිළිබඳව කරන ලද
පසුව දැක්වෙන ප්‍රකාශය ඉතාම පැහැදිලියි..
පසුව දැක්වෙන ප්‍රකාශය ඉතාම පැහැදිලියි..
බුදු දහම සම්පූර්ණයෙන්ම බැහැර කරන කෙනෙකුට
මතුපිටින් පුනර්භවය ස්පර්ශ කරන කෙනෙකුට
කිසිම දෙයක් ගෝචර නොවෙන්න පුලුවන්.
ඒත් පුනර්භවය ගැන කිව යුතු
අත්‍යාවශ්‍ය සාරය තියනවා.
ඉඳුරන්ට සහ මනසට
ලෝකය හඳුනා ගන්න උපකාරවෙන
සරල විඤ්ඤාණයක්
ඇස කණ ආදී ආයතන හය ආශ්‍රිතව
තියනවා.
ඇසත් රූපයත් සමග ඉපදී
වේදනාව ඇති කරන්නට
සංගතවන විඤ්ඤාණය
කය මිය යද්දි
කයත් සමග නැති වෙනවා.
ඒ විඤ්ඤාණය
රූපය රූපයක් විදියට
එහි වර්ණය, හැඩය, අපට ඇති දුර
ආදී තොරතුරු ලබා ගන්නවා.
වේදනාව සුඛ, දුක්ඛ අදුක්ඛමසුඛ
වේදනාවක් ලෙස හඳුනාගෙන
රාගයෙන් ද්වේශයෙන් බැඳිලා,
අපි ඒ තොරතුරු සටහන් කරගන්නෙ
අපේ අර්ථකථනයකුත් එක්කයි.
බර්ට්‍රම් දෙවනුව කියන
රූපයත් සමග සම්බන්ධයක් නැති
විඥාණය අපිට ආවේණිකයි.
අපි ලක්ෂයක් දෙනා
එකම රූපයක් දකිද්දී
ඇසේ මතු වෙන විඤ්ඤාණය
ලොකු වෙනසක් නෑ.
ඒත් අපේ විඥාණ සටහන
ලක්ෂ ආකාරයක්.
එතනින් දෙන්නෙක් ඒ ගැන කතා කළොත්
එකිනෙකාගෙ අදහස් අනුව
ඒ විඥ්ඥාණ දෙකම වෙනස් වෙනවා.
බර්ට්‍රම් මේ වෙනස්වීම් වෙන ආකාරය
ඉතා හොඳින් පැහැදිළි කළා.
අපේ එක ජීවිතයක තොරතුරු
ඊළඟ ජීවිතයට යන්නෙ
මේ තොරතුරුත් සමගයි.
ඒ තොරතුරු පෝෂණය වෙන්නෙ
ඒ පරිසරය තුළ
අපට ලැබෙන අත්දැකීම් වලින්.
ඒ විඥාණය පරණ සංයෝගයට
අලුත් මූල ද්‍රව්‍ය එක් වෙලා හැදෙන
අලුත් සංයෝගයක්.
ඒ සංයෝගයත්
ක්ෂණයක් පාසා වෙනස් වෙනවා.
මිනිසෙක් අපරාධ කාරයෙක් වෙන්නෙත්
සාන්තුවරයෙක් වෙන්නෙත්
ඔහුගෙ විඥ්ඥාණය සැකසෙන
ආකාරය අනුවයි.
දහමක් විසින්
විඥ්ඥාණයෙහි ඇති කරන
සුබදායී වෙනස නැත්නම්
ආගමිකයෙක් විදියට
පූජක ලෝගුවක් දාගත්තාට
මැර විඥ්ඥාණය ප්‍රකට විය හැකියි.
ඔහුත් නිරාගමික මැරයෙකුත් අතර
වෙනසක් නෑ.
මතුපිටින් පුනර්භවය ස්පර්ශ කරන කෙනෙකුට
කිසිම දෙයක් ගෝචර නොවෙන්න පුලුවන්.
ඒත් පුනර්භවය ගැන කිව යුතු
අත්‍යාවශ්‍ය සාරය තියනවා.
ඉඳුරන්ට සහ මනසට
ලෝකය හඳුනා ගන්න උපකාරවෙන
සරල විඤ්ඤාණයක්
ඇස කණ ආදී ආයතන හය ආශ්‍රිතව
තියනවා.
ඇසත් රූපයත් සමග ඉපදී
වේදනාව ඇති කරන්නට
සංගතවන විඤ්ඤාණය
කය මිය යද්දි
කයත් සමග නැති වෙනවා.
ඒ විඤ්ඤාණය
රූපය රූපයක් විදියට
එහි වර්ණය, හැඩය, අපට ඇති දුර
ආදී තොරතුරු ලබා ගන්නවා.
වේදනාව සුඛ, දුක්ඛ අදුක්ඛමසුඛ
වේදනාවක් ලෙස හඳුනාගෙන
රාගයෙන් ද්වේශයෙන් බැඳිලා,
අපි ඒ තොරතුරු සටහන් කරගන්නෙ
අපේ අර්ථකථනයකුත් එක්කයි.
බර්ට්‍රම් දෙවනුව කියන
රූපයත් සමග සම්බන්ධයක් නැති
විඥාණය අපිට ආවේණිකයි.
අපි ලක්ෂයක් දෙනා
එකම රූපයක් දකිද්දී
ඇසේ මතු වෙන විඤ්ඤාණය
ලොකු වෙනසක් නෑ.
ඒත් අපේ විඥාණ සටහන
ලක්ෂ ආකාරයක්.
එතනින් දෙන්නෙක් ඒ ගැන කතා කළොත්
එකිනෙකාගෙ අදහස් අනුව
ඒ විඥ්ඥාණ දෙකම වෙනස් වෙනවා.
බර්ට්‍රම් මේ වෙනස්වීම් වෙන ආකාරය
ඉතා හොඳින් පැහැදිළි කළා.
අපේ එක ජීවිතයක තොරතුරු
ඊළඟ ජීවිතයට යන්නෙ
මේ තොරතුරුත් සමගයි.
ඒ තොරතුරු පෝෂණය වෙන්නෙ
ඒ පරිසරය තුළ
අපට ලැබෙන අත්දැකීම් වලින්.
ඒ විඥාණය පරණ සංයෝගයට
අලුත් මූල ද්‍රව්‍ය එක් වෙලා හැදෙන
අලුත් සංයෝගයක්.
ඒ සංයෝගයත්
ක්ෂණයක් පාසා වෙනස් වෙනවා.
මිනිසෙක් අපරාධ කාරයෙක් වෙන්නෙත්
සාන්තුවරයෙක් වෙන්නෙත්
ඔහුගෙ විඥ්ඥාණය සැකසෙන
ආකාරය අනුවයි.
දහමක් විසින්
විඥ්ඥාණයෙහි ඇති කරන
සුබදායී වෙනස නැත්නම්
ආගමිකයෙක් විදියට
පූජක ලෝගුවක් දාගත්තාට
මැර විඥ්ඥාණය ප්‍රකට විය හැකියි.
ඔහුත් නිරාගමික මැරයෙකුත් අතර
වෙනසක් නෑ.
------------------------------------------------------------------
By Bertram G Liyanage
මේ භවයෙන් අනෙක් භවයට යන 'ගන්ධබ්බ' ගැන
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
(සැ.යු. අන්තරාභවය නොවේ).
මහාතණ්හාසංඛයසූත්‍රයේදී
'ගන්ධබ්බස්ස පච්චුපට්ටිතෝ හෝති' කීවේ ඒක.
දැන් ප්‍රශ්නයක් තියෙනවා,
ආත්මයක් නැත්නම්
මේ ඊළඟ භවයට යන ගන්ධබ්බයා කවුද?
එය පටිසන්ධි විඤ්ඤාණය බව අටුවාව කියනවා.
දැන් අපි නිරවුල් කර ගමු
මේ පටිසන්ධි විඤ්ඤාණය ගැන.
විඤ්ඤාණය යන පදය
බුදුරජාණන් වහන්සේ අර්ථ තුනකට භාවිත කරනවා.
1. ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණය ,
2. මානස ප්‍රත්‍යක්ෂය
3. විඤ්ඤාණ ස්කන්ධය.
චක්ඛං ච පටිච්ච රූපේච චක්ඛු විඤ්ඤාණං කියා කිවේ පළමු වැන්න.
මනං ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කිව්වේ දෙවැන්න.
යදිදං රූපක්ඛන්ධෝ ... විඤ්ඤාණ ඛන්ධෝ ආදී වශයෙන් දේශනා කළේ තුන් වැන්න.
ඔය තුන් වැනි විඤ්ඤාණස්ඛන්ධය
කෙළින්ම ඉන්ද්‍රියබද්ධ ලෝකය සමග
එනම් රූපය සමග ගැටෙන්නේ නැහැ.
එය සම්බන්ධ වන්නේ අනෙකුත් ස්කන්ධ 3 සමග.
අනෙක් ස්කන්ධ 3 රූපය සමග සම්බන්ධ වෙනවා.
ඒ අනුව,
රූපය (ඉන්ද්‍රිය බද්ධ ලෝකය) --> සංවේදනය, සංජානනය, සංකල්පීකරණය --> විඤ්ඤාණය.
ඉන්ද්‍රිය බද්ධ ලෝකය සමග අප කරන ගනු දෙනු නිසා
හෙවත් අපේ අත්දැකීම් (කර්ම ලෙස ද ගත හැකියි) නිසා
අනෙකුත් ස්කන්ධ වෙනස් වෙනවා.
ඒ අනුව විඤ්ඤාණය වෙනස් වෙනවා.
මේ නිසා විඤ්ඤාණය කියන්නේ
හැම විටම වෙනස් වන
අලුත් අලුත් තත්වයන්ට පරිණාමය වන දෙයක්.
එය නිත්‍යව පවතින එක දෙයක් නොවේ.
විඤ්ඤාණය පටිච්චසමුප්පන්න යැයි කීවේ ඒ නිසා.
මිනිසෙකුගේ මරණයේදී
කරුණු තුනක් පිට වන බව
ධම්මපදය අපට පෙන්වා දෙනවා.
ඒ කියන්නේ කරුණු 3ක
ක්‍රියාකාරිත්වය නතර වෙනවා.
එනම්
1. ආයුෂය,
2. උෂ්ණය.
3. විඤ්ඤාණය.
1, ආයුෂය කියන්නේ උපතේදී තීරණය වන
සෛල බෙදී යාමේ ක්‍රියාවලිය.
2, උෂ්ණය කියන්නේ, අභ්‍යන්තර පද්ධතීන්ගේ ක්‍රියා කාරිත්වය.
3, විඤ්ඤාණය කිව්වේ මං දැන් ඉහත කී විඤ්ඤාණය.
රූපය බිඳ වැටීමත් සමග
එයට ඍජුව ම බද්ධ වූ අනෙකුත් ස්කන්ධ 3ත් වැටෙනවා.
නමුත් විඤ්ඤාණය රූපය සමග ඍජු සම්බන්ධයක් නැති නිසා
එය රූපයත් සමග බිඳ වැටෙන්නේ නැහැ.
විඤ්ඤාණය නිතර වෙනස් වන නිසා
යම් පුද්ගලයෙක් මැරෙන විට තියෙන්නේ.
ඔහු උපදින විට ඇති විඤ්ඤාණය නොවේ
වෙනස් එකක්.
නමුත් එය මුලින් තිබූ විඤ්ඤාණයෙන්
සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේත් නැහැ.
මොකද
මුලදි එකක් තිබුණ නිසා නේ
පසුව වෙනස් වෙන්නේ.
මේ වෙනස් වූ විඤ්ඤාණය
තමා විනාශ නොවී රැකී සිටීමට අවශ්‍ය නම්
ඒ සඳහා යෝග්‍ය වන්නේ කුමන භෞතිකය ද කියා දන්නවා.
ඒ අනුව
ඔහු තමා මෙතෙක් ජීවත්ව සිටි භෞතිකය නැති වූ ක්ෂණයේම
වෙනත් භෞතිකයක් වෙත සම්ප්‍රේෂණය වෙනවා.
මෙලෙස පිටවන විඤ්ඤාණය කියන්නේ තරංගයක්.
ජංගම දුරකථනයකින් ඇමතුවාම අදාළ අංකය සහිත තැනට යනවා වගේ,
රූපවාහිනියක් සුසර කළ විට අදාළ නාලිකාව පමණක් ලැබෙන්නා සේ
මෙය තමාට නියමිත භෞතිකයක් වෙත යනවා.
මොක ද,
විඤ්ඤාණයට භෞතිකයකින් තොරව ජීවත් වන්න බැහැ.
(විශේෂත්වය නම් එසේ යැවීමට කෙනෙක් අවශ්‍ය නොවීමයි).
නාමරූප පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං කීවේ ඒකයි.
මේ විඤ්ඤාණය කියන තරංගය ගමන් කරන වේගය ගැන කියන්න බැහැ.
බුදුහාමුදුරුවන් පෙන්වා දෙන්නේ එයට උපමාවක් දැක්වීම පවා අපහසු බවයි.
මෙම විඤ්ඤාණය භෞතිකයක් සොයා සම්ප්‍රේෂණය වන්නේ
මේ පෘථිවියේ පමණක් නොවේ.
මේ විශ්වයේ ඕනෑම තැනකට ඇසිල්ලකින් එය ඇදී යනවා.
බුදුහාමුදුරුවන් පෙන්වා දෙන්නේ
මරණයයි, නැවත උපතයි අතර
කාල අන්තරය දක්වන්නට නොහැකි බවයි.
දැන් අපි බලමු බෞද්ධ අනාත්මවාදී කියන දේ තුළයි
ආත්මවාදී කියන දේ තුළයි වෙනස.
මුලින් මා පෙන්වූ පරිදි විඤ්ඤාණය කියන්නේ
හැම විටම අලුත් වෙමින් යන එකක්.
ඒ අනුව ඉපදෙන කොට තියෙන විඤ්ඤාණයට වඩා
ජීවත් වෙනකොට තියෙන විඤ්ඤාණය වෙනස් .
මැරෙන කොට තියෙන විඤ්ඤාණය ඊටත් වෙනස් .
නැවත හට ගන්න කොටත් යන්තම් හෝ වෙනස් වෙනවා.
මේ විදිහට, AB --> CD --> EF --> N ආදී ලෙස
වෙනස් වෙන්න පුළුවන්..
නමුත් ආත්මයක් ඇතැයි කියන අය පැහැදිලි කරන්නේ,
AB --> AC --> AD --> AE ආදී වශයෙන්.
හැම විටම A යන්න නිත්‍යව පවතිනවා.
බුදුහාමුදරුවන් දේශනා කරන්නේ
නිත්‍යව පවතින දෙයක් නැත කියා පමණයි.
එහෙම නැතිව
මැරිලා අනෙක් භවයට මුකුත් සම්ප්‍රේෂණය වෙන්ෙන් නැහැ
කියා නොවේ.
දැන් බලමු බුදුහාමුදුරුවන්
මේ කාරණය පැහැදිලි කළ විදිහ.
උන්වහන්සේ කීවේ මැරිලා උපදින්නේ ඔහුත් නෙවේ,
වෙන කෙනෙකුත් නෙවේ කියා.
නච සෝ නච අඤ්ඤෝ.
එහෙම වෙන්නේ මෙහෙමයි.
භෞතිකය හා විවිධ ගති පැවතුම් අතින්
පුද්ගලයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
නමුත් මතකය අතින් ඔහු එක් කෙනෙක් වෙනවා.
උදාහරණයක් ලෙස, යම් ජීවිත කාලයක දී
පුද්ගලයෙක් ගත්තු ඡායා රූප එකතුවක් අරන් බලන්න.
පොඩි කාලේ එක විදිහක්, තරුණ වයසේ තව විදිහක්.
වයසට ගියාම තව විදිහක්.
මේ ඉන්නේ වෙනස් අය.
නමුත් ඒ ඡායාරූපවල අයිතිකාරයාට මතකයි
තමා ඒ සෑම අවස්ථාවක් ම පසු කල බව.
ඔහුගේ මතකය තුළ ඔහු එක් අයෙක්.
විඤ්ඤාණයේ ස්වරූපයත් ඒකයි,
AB තත්වයට වඩා CD තත්වය වෙනස්.
නමුත් පසුව කී තත්වය ඇති වෙන්නේ
මුලින් කී තත්වය ඇති වුණොත් විතරයි.
එක අතකින් මේ දෙන්නා දෙන්නෙක්.
තව අතකින් මේ දෙන්නා එක් කෙනෙක්.
නච සෝ නච අඤ්ඤෝ.