20130225

ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් නැහැ


මහා චත්තාරීසක සූත්‍රය
වරදවා තේරුම් ගැනීමෙන්
ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්
ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් ඇතැයි
පෙර නොඇසූ අමුතුම දහමක්
අදහන කොටසක්
අප සමාජයේ ඉන්නවා.
ඔවුන් මෙසේ කියනවා.
------------------------------------------------------

අපි වඩන ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් තියනව. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයකුයි, ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයකුයි දෙකක් තියනව කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලා. නමුත් අපි අහල තියනවද එහෙම එකක්? ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් ගැන? එතකොට ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල එකක් තියනව. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මෙහෙම එකක්. ඒ ලෞකික වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙලෙස් සහිතයි. නිවනට නෙවෙයි සුගතියට හේතු වෙනව කියල. කෙලෙසුන්ගෙන් මුදවන නිවනට හේතුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය අපි තෝරගන්න ඕන. කොහොමද ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පත්වෙන්නෙ කියල අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. මජ්ජිම නිකායෙ මට මතක හැටියට, මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රයෙ හොඳට පැහැදිලිව ඔය ටික දේශනා කරල තියනව. නමුත් අපි ඕක බැලුවෙ නැත්නම් තෝරගත්තෙ නැත්නම් අපිට හරි අමාරුයි යථාර්ථය තෝරා ගන්න. ඔන්න ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය වටහාගත්තොත් අපිට පුලුවන්කම ලැබෙනව හරියටම අන්න ඒ ධර්ම මාර්ගය වටහාගන්න.
------------------
https://sites.google.com/site/hiddenbuddhism/written-files/cd01f07-0---d2
=========================================================
ඉහත ප්‍රකාශය සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්.


 මහා චත්තාරිසක සූත්‍රයෙ
ආර්ය අෂ්ඨාංගික මාර්ග
දෙකක් නැහැ.....

මහා චත්තාරිසක සූත්‍රයෙ
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි හැර
මුල් අංග පහ වෙනම
විස්තර වෙනවා.

පළවෙනි සුගති මාර්ගයට
අංග පහයි.
1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව අංග සහිත
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
පඤ්චාංගික මාර්ගයක් තියනවා.

සම්මා සමාධිය වැඩෙන්නට හේතුවෙන
දෙවෙනි සුගති මාර්ගයට අංග හතයි.
1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
6, සම්මා වායාම
7, සම්මා සති
මේ මාර්ගාංග නිසා වැඩෙන
සම්මා සමාධියත් සමග
අරියා අනාසවා ලොකුත්‌තරා
අෂ්ඨාංගික මාර්ගයක් තියනවා.




විදසුන් නොවඩන නමුත්
සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන
යහපත් මනුෂ්‍යයාට
අවශ්‍ය මූලිකාංග පහක්
විස්තර කරන පඤ්චාංගික මාර්ගය
එතනින් එහාට යන්නෙ නැහැ.
ඒ පහ පැත්තකින් තියන්න.
ඒ පහ කොහොමවත්
අටක් වෙන්නෙ නැහැ.

ආර්ය අශ්ඨාංගික මාර්ගයේ
කරුණු මත පදනම්ව
1. සම්මා දිට්ඨිය
2. සම්මා සඞ්කප්පය
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
ලෝකෝත්තර මාර්ගාංග පහ
1. සම්මා දිට්ඨි
2, සම්මා වායාම ,
3, සම්මා සති පදනම්ව
සම්මා සමාධියට හේතුවෙන
මාර්ගාංග හතක් බවට පත්වෙන අයුරු
මහා චත්තාරිසක සූත්‍රයෙ
ප්‍රධාන මාතෘකාවයි.

මේ කතා කරන්නෙ නිවන ගැනවත්
දුක නිවීම ගැනවත් නෙවෙයි.
මේ කතා කරන්නෙ
සම්මා සමාධිය ගැනයි.

හැම ලෝකෝත්තර මාර්ගාංගයකටම
සම්මා දිට්ඨි, සම්මා වායාම,
සම්මා සති අවශ්‍යයි.

ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය සහ ප්‍රඥා බලය
ලේකෝත්තර සම්මා දිට්ඨියෙ
එක් අවශ්‍යතාවයක්
.
[[ප්‍රඥාව වැඩෙන්න විදසුනෙන් බව
බුදුන් වහන්සෙ ප්‍රකාශ කරල තියනවා.]]

සම්මා වායාම
අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය
ඡන්දං ජනේති වායමති,
විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති,
උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය
ඡන්දං ජනේති වායමති විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති.

සම්මා වායාමයෙ විස්තර වෙන
උපන් නූපන් කුසල් අකුසල් මොනවාද?
බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ
සඳහන් කරනවා.

කුසල් අකුසල් රැස්වෙන ආකාර දෙකකි.
අන් සියලු වැරදි නිවැරදි ක්‍රියා
පින් පව් වලට අයත් වෙයි.

මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.
ඒ පහ කුමක්ද?
කාමච්ඡුන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.
----------------------------------------------------------
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.

සම්මා සතිය නිසා
වැඩෙන ප්‍රඥාවෙන් ඇතිවෙන
සම්මා දිට්ඨිය
පළවෙනි ලෝකෝත්තර
මාර්ගාංගයයි.

ඉතිරි මාර්ගාංග හැම එකකටම
1. සම්මා දිට්ඨි,
2, සම්මා වායාම,
3, සම්මා සති, පාදක වෙනවා.

සම්මා සමාධිය ඉහත කී
මාර්ගාංග හතේ ප්‍රතිඵලයයි.

ඒ අනුව බලන විට
මුලින් කියන ලද
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
පඤ්චාංගික මාර්ගය
අරියා අනාසවා ලොකුත්‌තරා
මාර්ගාංග බවට පත්වෙන්නෙ
මූලිකවම
සම්මා සතිය, [ සතර සතිපට්ඨානය ]
එනම් විදර්ශනාව නිසයි.

මේ අනුව කෙනෙක්
ලෝකොත්තර මාර්ගයට
ඇතුල් වෙන්නෙ විදසුන නිසයි.