20131218

සොබා සොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි අප දුටුවේ




සොබා සොඳුරු සිරි මෙලොවේ...
කේ. කේ. සමන් කුමාර ලියයි.-------------------------------------------------

සුමිත්ත අමරසිංහ‍

සුදු පැහැ යුරෝපීය ඇ`දුමින් සැරසුණු ඔහු සිංහල සිනමාවට සිය ජීවිතයටත් වඩා ආදරය කළා. කිසිදු කළබලයකින් තොරව නිරවුල්ව, සන්සුන්ව කතා කළ ඒ මිනිසා නොමසුරුව තමා දත් දෙය අනෙකුන්ට බෙදා දුන්නා. සිංහල සිනමාව වෙනුවෙන් විවෘත ආර්ථිකයේ මහා සැඩපහර ඉදිරියේ ඔහු නොසැලී මහා සටනක් ඇරඹුවා. ඒ සුන්දර ආදරණීය මිනිසාගේ ඇසින් සැබැවින්ම අප ලෝකය දුටුවා.

සොබා සොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි අප දුටුවේ

සිංහල සිනමා ඉතිහාසයෙන් වෙන් කළ නොහැකි ලෙස විදිහට ඔහුගේ නාමය සිංහල සිනමාවේ දැවැන්තයන් අතර ඉහළින්ම සටහන්ව තිබෙනවා. සිංහල සිනමාව නිර්මාණාත්මක ශ‍්‍රව්‍ය දෘෂ්‍ය කලා මාධ්‍යයක් බවට පත් කිරීමට ඔහු මහත්සේ දායක වුනා. ඒ විතරක් නෙමෙයි ඔහු සිංහල සිනමාව රූපමය ගුණයෙන් පෝෂණය කළ බොහෝ සිනමා ඡායාරූපවේදීන්ගේ ගුරුවරයකුත් වුනා. සැබැවින්ම ඔහු පරපුරකට සෙවන් දුන් මහා වනස්පතියක් .
sumi

1933 අගෝස්තු 5 වනදා මහවැවදී ඉපදුණු ඔහුගේ පියා ආයුර්වේද වෛiවරයකු විණි. පියාට ඔහුව වෛiවරයකු කිරීමට  ඕනෑ වුවත් ඔහු එයට අකමැති විය. කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු වූ ඔහුට එහි ඉගෙනුම ලබද්දී ඡායාරූප ශිල්පය ගැන ඇල්මක් ඇති විය. ඔහු නිරන්තරයෙන්ම චිත‍්‍රපට නරඹන්නට පුරුදු විය. එම චිත‍්‍රපටවල කැමරාකරණයෙන් ඔහු මෝහනයට පත් විය. එහෙත් ඔහුට ඒ ඉගෙනීමට ඉඩක් නොවීය. ඔහුගේ පියා කිසිසේත්ම ඊට ඉඩ නොදෙන බව සක්සුදක්සේ පැහැදිලිය. ඡායාරූපකරණය ඉගෙන ගන්නට ඉන්දියාවට යාමට අවසර ඉල්ලා ඔහු සිය දෙමාපියන්ට කරුණු පැහැදිළි කරන්නට උත්සාහ කළත් එයින් කිසිදු පලක් නොවීය. ඔවුහු ඒ එක්සැණින් ප‍්‍රතික්ෂේප කළෝය.පියාගේ වචනය අවසන් තීරණය විය. ඒ නොතකා හරින්නට නොහැකි විය.
එහෙත් ඔහුට සියල්ල මනාව තේරුම් ගන්නා සුළු සොයුරියක සිටියාය. ඔහු ඇයට සිය කතාන්දරය කියා තමා වෙනුවෙන් දෙමාපියන්ට කරුණු පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටියේය. ඇයගේ මැදිහත් වීමෙන් සුමිත්තට ඉන්දියාවට යාමට අවසරය ලැබිණි. කල් නොමරා නොපමාව දින කිහිපයක් ඇතුළත ඔහු ඉන්දියාව බලා පිටත් විය. ඒ ගමන අපට ලෝකය දකින්නට දෙනෙත් පෑදූ සුමිත්ත අමරසිංහ නමැති සිනමා ඡායාරූපවේදියා කැ`දවාගෙන ඒමට ගැටවරයකු ගිය වීර වික‍්‍රමාන්විත චාරිකාවක් විය.
වසර හතරක් ඉන්දියාවේ සිටි ඔහු පළමුව බොම්බායේ ෆේමස් සිනෙ ස්ටූඩියෝස් ඇන්ඞ් ලැබෝටරීස් ආයතනයට සිනමා ඡුායාරූපකරණය ඉගෙන ගත්තේය. පසුව ඔහු බොම්බායේ ඇකඩමි ඔෆ් සිනෙ ආර්ට් ඇන්ඞ් සයන්සස් ආයතනයෙන්ද සිනමාකරණය හැදෑරීය. අනතුරුව කල්කටාවේ නැෂනල් ෆිල්ම් ලැබෝටරීස් ආයතනයෙන් වර්ණ සිනමා ඡායාරූපකරණය ගැන මාස තුනක පාඨමාලාවක් හැදෑරීය. 1952දී බොම්බායේ මහා ලක්ෂ්මී චිත‍්‍රාගාරයේ සිනමා කලාව පිළිබ`ද ඩිප්ලෝමාව ලබා ගත්තේය. ප‍්‍රවීන ඉනුදියානු කැමරා අධ්‍යක්ෂකවරුන් යටතේ කැමරාකරණය හදාල ඔහු හින්දි චිත‍්‍රපට කීපයක සහාය කැමරා ශිල්පියකු ලෙසද ඉන්දියාවේදී කටයුතු කළේය.
2322135664 18cef2fbca
නැවත ලංකාවට පැමිණි සුමිත්තව කෙනත් හියුම්ගේ රූපවාහිනී චිත‍්‍රපටයක් වූ එලිපන්ට් බෝයි චිත‍්‍රපටයේ සහාය කැමරා ශිල්පියා ලෙස තෝරා ගත්තා. ඉන්පසු රන්මුතුදුව සහ ගැටවරයෝ  චිත‍්‍රපටවල සහාය කැමරා ශිල්පියකු ලෙස ඔහු සම්බන්ධ වුණා.  
1960දී සංදේශය චිත‍්‍රපටයේ සහාය කැමරා අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කිරීමෙන් පසු රජයේ චිත‍්‍රපට අංශයට බැ`දී වසර තුනක් එහි සේවය කළේය. එම කාලය තුළ ඔහු කැපී පෙනෙන වාර්තා චිත‍්‍රපට ගණනාවක් නිර්මාණයට දායක විය. ඒවා එතෙක් රජයේ චිත‍්‍රපට අංශයෙන් එළි දුටු ඒකාකාරී වාර්තා චිත‍්‍රපටවලට වඩා අපූර්වත්වයෙන් යුතු විණි. රාජකීය ලංකා ගුවන් හමුදාව ස`දහා නිර්මාණය කළ වින්ග්ස්  ඕවර් ද සිලෝන් සහ සිලෝන් ටෝයිස් වැනි චිත‍්‍රපටයන් මේ අතර කැපී පෙනෙන සුලූ විය. එසේම එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක චරිතය අලලා නිර්මාණය කෙරුණු ඩෝන් ඔෆ් නිව් ඊරා චිත‍්‍රපටයේ ඔහු විශාල කාර්්‍යභාරයක් ඉටු කළේය.
එහෙත් සියත් ලකුණින් යුත් තමන්ගේම යමක් කිරීමට එහි ඉඩකඩක් නොවීය. සිනමාව සම්බන්ධයෙන් ඇල්මක් තිබූ තවද රජයේ සේවකයන් සමග එක්ව නිවාඩු දිනවලදී වෘතාන්ත චිත‍්‍රපටයක් කිරිමට ඔහු උත්සාහ කළේය. එහෙත් සුමිත්ත ඉතා ඉක්මනින් රජයේ සේවයෙන් වෙහෙසට පත්ව ඉන් ඉවත් විය.
20121129-sinhala-cinema-5
වෘත්තීය වශයෙන් තිබිච්ච අවදානම නොතකා ඔහු සිනමා කලාවට පෙම් බැන්දා. සිනමා ඡායාරූපකරණ කටයුතු සොයා ගන්න එක තරමක් අසීරු කටයුත්තක් වුනත් ඔහු නොසැලී සිය අරමුණ වෙනුවෙන් කැපවී උන්නා. එම යුගයේ ජනප‍්‍රිය කතාවක් තිබුණා. ඒක තමා චිත‍්‍රපටි කරන එක හො`දයි . ඒත් බත් කන්න රස්සාවකුත් කරපන් පුතේ කියන එක. සුමිත්ත මේ අවදානම නොසලකා සිය ජීවිතය සිනමාව වෙනුවෙන් කැප කළා.
ඔහු 1965 සාරවිට චිත‍්‍රපටයේ සම කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස යළි සිනමාවට එක්විණි. සුමිත්ත 1966දී තනිවම කැමරා අධ්‍යක්ෂණය කළ වෙසතුරු සිරිත වර්ණ චිත‍්‍රපටයක් විණි. කල්කටාවේ නැෂනල් ෆිල්ම් ලැබෝටරීස් ආයතනයෙන් වර්ණ සිනමා ඡායාරූපකරණය පිළිබ`දව ලැබූ තුන් මසක පුහුණුව එහිදී ඔහුට බොහෝ සේ ඉවහල් විය. එහි එළිමහන් දර්ශණ ඇස පිනවන සුළු විය. සෝමබන්ධු විද්‍යාපතිගේ කලා අධ්‍යක්ෂණයේ වර්ණ සංකලනයන් මනාව හසුකර ගන්නට ඔහු සමත් විය. කල්කටාවේ පුහුණුව මෙන්ම රජයේ චිත‍්‍රපට අංශයේ වාර්තා චිත‍්‍රපට තුළින් ලද පරිචයද මෙම වර්ණ සංකලනයනුත්, එළිමහන් දර්ශණත් අපූරු අරුමැසියාවකින් සටහන් කරන්නට සුමිත්තට ඉවහල් විය. සැබැවින්ම සුමිත්ත ගැන සැවොම කතා කරන්නට ගත්තේ එය ප‍්‍රදර්ශණය කිරීමත් සමගය. එය එතරම්ම දක්ෂ, අපූර්ව කැමරා අධ්‍යක්ෂණයක් විය.  


http://www.films.lk/uploads/photos/dvd/dvd_2820.jpg

1966දී ඔහු පරසතු මල් චිත‍්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වෙමින් සිංහල සිනමාවට නව මානයක් හ`දුන්වා දෙන්නට දායක විය. එය ඔහුගේ පළමු කලූ සුදු චිත‍්‍රපටය විණි.

ඔහුගේ කටයුතු එතරම් බරපතල ලෙස නොසැලකූ 
සියල්ලන්ගේම ඇස් අරවන්නට එය සමත් විණි. 
ඒ සමගම සිනමා කර්මාන්තයේ ප‍්‍රමුඛතමයන් කිහිපදෙනා අතරට ඔහු එක් විය. 

 http://www.films.lk/uploads/films/poster/Parasathu-Mal-140_3.jpgපරසතුමල් ගාමිනී පොන්සේකාගේ පළමු ප‍්‍රයත්නය වූ අතර සුමිත්ත දකුණු අත මෙන් ඔහු සමග සිටියේය. පරසතුමල් චිත‍්‍රපටයේ ඇතැම් දර්ශණ අදටත් සිංහල සිනමාවේ අපූර්වතම දර්ශණයන් ලෙස අපට ඉතිරිව පවතී.
ඔහුගේ ඊළ`ග චිත‍්‍රපටය වූයේ 1967දී තිරගතවූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රන්සළු චිත‍්‍රපටයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සියළු චිත‍්‍රපටයන්හි කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස ඊට පෙර කටයුතු කොට තිබුනේ විලී බ්ලේක් නම් කෘතහස්ත සිනමා ඡුායාරූපවේදියාය. එහෙත් ලෙස්ටර් පළමු වරට රන්සළු ස`දහා පිටස්තරයකු තෝරා ගත්තේය. ඔහු පැහැදිලිවම සුමිත්ත කෙරේ දැඩි විශ්වාසයක් තැබුවේය. සුමිත්ත රන්සළු චිත‍්‍රපටය  උදෙසා 1968 දී හො`දම කැමරා අධ්‍යක්ෂක වශයෙන් පස්වන සරසවි සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර විණි. 

ar10011710-11969දී ඔහු සුගතපාලද සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත‍්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා විය. ඔහු එහි කැමරා අධ්‍යක්ෂකවරයාට අමතරව කාර්මික උපදේශකද විණි. හන්තානේ කතාව සිංහල සිනමාවේ සුවිශේෂ මතක සටහනක් සේම එහි සුමිත්තගේ කැමරාකරණයද සිංහල සිනමා ඡායාරූපකරණයේ සුවිශේෂ මංසලකුණක් විය. ඒ සමග ප‍්‍රදර්ශනය කිරීමට පරේක්ෂණාත්මක චිත‍්‍රපටයක්ද සුමිත්ත අතින් නිර්මාණය විණි. දුම්රියක් තුළ දෙබස් හෝ පසුබිම් සංගීතයෙන් තොරව පසුබිම් ශබ්ද පමණක් යොදාගෙන එය නිර්මාණය කෙරිණි.
හන්තානේ කතාව සහාය කැමරා අධ්‍යක්ෂකවරයා වූයේ ඩොනල්ඞ් කරුණාරත්නය. සහාය කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් ඔහු පමණක් නොව එම තිරරචනයට දායක වූ ධර්මසේන පතිරාජා වැනි පසුකලක ප‍්‍රවීන සිනමාවේදියකු බවට පත්වූවන් පවා සුමිත්තගෙන් බොහෝ දේ ඉගෙන ගත්තේය. http://www.ljpspfoundation.org/sites/default/files/Ransalu-170429_462x306.jpgලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රන්සළු හා  දෑස නිසා චිත‍්‍රපටවල කැමරාව මෙහෙයවද්දී පසුකලෙක ප‍්‍රවීන කැමරා ශිල්පියකු වූ කේ.ඒ. ධර්මසේන විදුලි කාර්මික ශිල්පයද, කැමරාකරණයද සුමිත්ත අමරසිංහ යටතේ පුහුණු විය. 


http://www.ljpspfoundation.org/sites/default/files/timthumb.php__1.png
ඇහැටුවැව ගම්මානයේ අතිදුෂ්කරතා වි`දිමින් පිටිසර සුන්දරත්වය රූපයට නංවන්නට සුමිත්ත කෙතරම් කැපවිණිද යත් දෑස නිසා තිරගතවී වැඩිකලක් යන්නට මත්තෙන් ඇහැටුවැව සිනමාකරුවන්ගේ පාරාදීසයක් විණි. ඉන් ටික කලක් ඇවෑමෙන් ඒ විදේශීය සංචාරකයන්ගේද පාරාදිසයක් විණි. සුමිත්තගේ කැමරාකරණය එයට මං විවර කළේය.  
http://www.ljpspfoundation.org/sites/default/files/15773050.pnghttp://www.ljpspfoundation.org/sites/default/files/63347153.png
චන්ද්‍රලාල් මනමේන්ද්‍ර ඔහු යටතේ ගුරුහරුකම් ලද තවත් කැමරා අධ්‍යක්ෂකවරයෙකි.  ඇන්ඩෘ ජයමාන්න වන් කෘතහස්ත සිනමා ඡායාරූපවේදීන් පවා සුමිත්තගෙන් උපදෙස් පැතුවෝය. හාර ලක්ෂය චිත‍්‍රපටයේදී සිරමැදිරියක පසුතල නිර්මාණයෙන් පසු අධ්‍යක්ෂක ටයිටස් තොටවත්ත කැමරා අධ්‍යක්ෂක ඇන්ඩෲ ජයමාන්නට චිත‍්‍රාගාරයේ දොර ඇර රූපගත කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ පසුතලය තුළට ඉරඑළිය වැටෙනා ලෙසය. එහෙත් චිත‍්‍රාගාරයේ සිරවී තිබී එළිමහනට එමින් සිටි සිනමා කර්මාන්තය තුළ ඒ වන විට එවැනි පියවර අභියෝගාත්මක විය. ඒ වන තෙක්ම චිත‍්‍රාගාර තුළ රූප ගත කෙරුණේ දොර වසාගෙනය.  එහිදී ඇන්ඩෘා ජයමාන්න සුමිත්ත අමරසිංහ අමතා ඔහුගෙන් උපදෙස් පැතුවේය. නිහතමානීව පසුතලයට පැමිණි සුමිත්ත සියල්ල විමසා බලා උපදෙස් දී යන්නට ගියේය. හාර ලක්ෂය අදටත් සිංහල සිනමාවේ අමරණීය සිහිවටනයක් වෙයි.
ඇන්ඩෲ ජයමාන්න සුමිත්තගේ උපදෙස්  ගැන කියන්නෙ ගුරුවරයෙක්වත් නොකරන විදිහට මට උදව් කළා. ඒත් ඇන්ඩෲ ජයමාන්නයන් සුමිත්ත ගැන කරන වැදගත්ම ස`දහන ඔහුගේ කැමරාකරණය හෝ සිනමාව හා බැ`දුණු කිසිවක් නෙමෙයි. ඔහුගේ මිනිස්කම ගැනයි.
මම මේ මනුස්සයා පස්සෙ ගියෙ
කැමරාව ඉගෙන ගන්න  ඕනෙකමක් නිසාම නෙමෙයි.
මේ මනුස්සයාගෙන් මනුස්සකම ඉගෙන ගන්න.
ඇන්ඩෲ ජයමාන්න වැනි සිංහල සිනමාවේ දැවැන්තයෙක් කරපු ඒ ප‍්‍රකාශය සුමිත්ත අමරසිංහ ගැන අතිශය ප‍්‍රබල චිත‍්‍රයක් අප ඉදිරියේ මවනවා. හන්තානේ කතාවේ නිළියක් විදිහට සිනමාවට පිවිසුන සමන්ති ලැනරෝල්ගේ මතකයනුත් සුමිත්ත අමරසිංහගේ මිනිස්කම ගැන අපට යමක් කියා දෙනවා. හන්තානේ කතාව අතරෙ දෙමාපියන්ගෙ විරෝධතා මැද පෙමින් බැ`දුණු ඇගේ විවාහයට අත්සන් කළ සුමිත්ත තමන්ගෙ නිවසෙ චාම් මංගල උත්සවයකුත් පිළියෙළ කළා.

සංස්ථා සභාපතිවරයා වශයෙන් සිටි කාලයේදී සංස්ථාව විවේචනය කළ කිසිවෙක් සමග ඔහු තරහා ගත්තේ නැත. ඒවා පෞද්ගලික, මනෝබද්ධ ගැටළු බවට පත් කර ගත්තේ නැත. තමා සමග විවිධ වාදයන්හි පැටලූණු පුවත්පත් කලාවේදීන්, තමාව විවේචනය කළ පුවත්පත් කලාවේදීන් සමග ඔහු පෙර සේම ඇසුරු කළේය.  ඕනෑම විටෙක පුවත්පත්වලට සංවාදයන් ලබා දුන්නේය. එම ලේඛකයන්ගේ පොත් දොරට වැඩුම් ආදියට නියමිත වේලාවටත් කලින් ගොස් සහභාගී විය . එම පුවත්පත් ආයතන සංවිධානය කළ සම්මාන උළෙලවලට උපකාර කළේය . ඔහු සතුව පැවති මිනිස්කම, අහිංසකකම, නිහතමානීකම මෙන්ම ඒ දැවැන්ත පෞරෂයද ඇදහිය නොහැකි තරම්ය.
සැබැවින්ම ඔහු මහා වනස්පතියක් විය. එහෙත් තම සුවිසල් අතුපතරින් ඔහු තමාට පහළින් වන තුරුලතාවන්ට, කුඩා පැලෑටිවලට වැටෙන හිරු එළිය මුවා කළේ නැත. ඒ පැලවලට ලැබෙන පෝෂණය හෝ ජලය උරා ගත්තේද නැත. ඒ වෙනුවට සිය තුරුපත් ඔහු අනෙකුත් තුරු ලතාවන්ටද, පැලෑටිවලටද ජීවය දෙන පොහොර බවට පත් කළේය.


පරසතුමල් චිත‍්‍රපටයේ සුමිත්තගේ කැමරා අධ්‍යක්ෂණය ගැන පැහැදුණු නිෂ්පාදකවරයා මහගමසේකරගේ තුන්මංහන්දිය චිත‍්‍රපටයට සුමිත්තව තෝරා ගත්තේය. 

thu






එය මහගමසේකරයන්ගේ පළමු මෙන්ම අවසාන චිත‍්‍රපයටය විණි. මහගමසේකරයන්ට ඒ උදෙසා සුමිත්තගෙන් ලැබුණු දායකත්වය අති විශාල විය.


හන්තානේ කතාව, බක්මහ දීගේ,  දුහුළු මලක්, පෙම්බර මධූ, වසන්තයේ දවසක්, කළුදිය දහර, දඬුමොනර, සූරියකාන්ත, දෙවෙනි ගමන, ඉන්දුට මල්මිටක්, වසන්ත විල්ඔරු වානවිල්  වැනි චිත‍්‍රපට තිහකට සුමිත්ත කැමරා අධ්‍යක්ෂණයෙන් දායක විය. ඒ සියල්ල සිංහල සිනමාව තුළ සුවිශේෂ මං සලකුණු තැබූ සිනමා කෘතිීන් විණි. 
Vijaya-Swarna-Hanthane-Kathawa

Malini-1වසන්තයේ දවසක් චිත‍්‍රපටය උදෙසා 1979දීද , ආරාධනා චිත‍්‍රපටය උදෙසා 1981දීද දිනූ ජනාධිපති සම්මානයන් ඇතුළුව සම්මාන 8 කින් ඔහු එම මෙහෙවර උදෙසා පිදුම් ලැබීය. ඔහු අවසන් වරට කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූයේ අහස් මාළිගා චිත‍්‍රපටය ස`දහාය.  
චිත‍්‍රාගාරයේ සිරවී තිබූ කැමරාව එළිමහනට ගෙන ඒමේ අභියෝගය බාර ගත් කිහිපදෙනා අතර ඔහු ප‍්‍රමුඛයකු විය. එයට රජයේ චිත‍්‍රපට ඒකකයේ ඔහු ලත් පුහුණුව ඉවහල් විණි. රජයේ චිත‍්‍රපට ඒකකයේ කාර්මික අංශය මුල් යුගයේ බි‍්‍රතාන්‍ය ජාතිකයන්ද , අනතුරුව ඉතාලි ජාතික ශිල්පීන්ද විසින් මෙහෙයවනු ලැබිණි. ඔවුන්ගෙන් පසු එය බාර ගැනීම එක්තරා අභියෝගයක් විය. යුරෝපීයයන්ගේ කාර්මික ඥානය හා දක්ෂතාව සමග තර`ග කිරීම ලෙහෙසි කටයුත්තක් නොවීය. එහිදී ඉන්දියාවේ පුහුණුව ලබා සිටි සුමිත්තගේ පරිණතබවද එම අභියෝගය බාර ගැනීමට රජයේ චිත‍්‍රපට අංශයට මහත් රුකුලක් විණි.
මුල් යුගයේ චිත‍්‍රාගාරයේ සිරවී තිබූ කැමරාව එළිමහනට ගෙන ඒම ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් රේඛාව චිත‍්‍රපටය හරහා සිදු විණි. පසුව ගම්පෙරළිය වැනි චිත‍්‍රපටවල සාර්ථකත්වය එළිමහන් දර්ශණ ඇතුළත් චිත‍්‍රපට නිෂ්පාදනයට දිරි දුන්නේය. පරසතුමල් වැනි චිත‍්‍රපටයකදී සුමිත්තට රජයේ චිත‍්‍රපට අංශයේ කටයුතු කිරීමෙන් බාහිර කැමරාකරණය පිළිබ`ද ලද පුහුණුව බොහෝ වැදගත් විය. ඔහු සිය පාසල් මිතුරා වූ නිහාල්සිංහ මෙන්ම බාහිර කැමරාකරණයට ලැදි, එළිමහනේ දර්ශණ තලවල කටයුතු කළ අයෙකු විණි. ඔහු පසුතල දර්ශණයන්හි රූපගත කිරීම් සිදු කොට ඇත්තේ ඉතා කලාතුරකිනි.
සුමිත්ත එළිමහන් කැමරාකරණය තුළදී සොබාදහමේ සෞන්දර්්‍යය පමණක් හසු කරගත් සෞන්දර්්‍යවාදියෙක් නොවීය. ජීවිතය පිළිබ`ද, මනුෂ්‍ය වර්ගයා පිළිබ`ද ඔහුගේ දැක්ම ඔහුගේ රූපවල සෞම්‍ය මුදු බව තුළ දකිත හැකිය. උතුරා යන මානවීය හැ`ගුමන් සේම ජීවිතය පිළිබ`ද උපේක්ෂාව අන් ලාංකීය සිනමා ඡුායාරූපවේදියකුගෙන් පළ නොවූ පරිදි ඔහුගේ රූපරාමුවල දකිත හැකිය. සැබැවින්ම ඒ දාර්ශණික තලයකට අපව කැ`දවා ගෙන යන්නකි.
එසේම ඔහු අපූර්වතම නැවුම් කැමරා කෝණ ගවේෂණය කළේය. ඒ කිසිවිටෙකත් සිනමා මූලධර්මවලටම සීමා නොවීය. න්‍යාය පරතෙරට දත් ඔහු ඉන් ඔබ්බට යාමට සිය පළමු පියවරයන් තුළදීම සමත් විණි. ඔහුගේ රූපරාමුවලින් පළ වූයේ ඔහුගේ ජීවිතය හා මානව වර්ගයා කෙරේ වන උපේක්ෂාවයි. ඔහුගේ හදවතේ මුදු බවයි. මිනිසකු වශයෙන් ඔහුගේ අව්‍යාජ බව මෙන්ම සුන්දරත්වයයි.
1964 අගෝස්තු 27 වනදා සුමිත්ත සුමිත‍්‍රා පෙරේරා මෙනවිය සමග අතිනත ගත්තා. 1966 සැප්තැම්බර් 29 වනදා ඔවුන්ට දියණියක උපන්නා. ඈ දිලිනි අමරසිංහ . ඇය ඡායාරූප කලාවේදිනියක්.
සුමිත්ත 1962දී ලංකා චිත‍්‍රපට කර්මාන්ත කොමිෂන් සභාවට සාක්ෂි දීමෙන් පටන්ගත් දේශීය චිත‍්‍රපට කර්මාන්තය රැුකගැනීමේ ඔහුගේ සටන මරණය දක්වාම ඔහු අඛණ්ඩව ගෙන ගියේය. 1968දී ඔහු ස්වදේශීය චිත‍්‍රපට ආරක්ෂක මණ්ඩලය පිහිටුවීය.  චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කිරීමට පෙර සුමිත්ත ශ‍්‍රී ලාංකීය සිනමාව ස`දහා සටනක් ගෙන ගියේ තම පුද්ගලික වියදමිනි. 1970දී චිත‍්‍රපට සමාගම්වල ඒකාධිකාරයට එරෙහිව සටන් වැදුණු පිරිස සමග සුමිත්ත එක්ව කටයුතු කළේය. එහිදී චිත‍්‍රපට සංස්ථාව බිහි කිරිම ස`දහා තමා සතුවූ ඉඩකඩම් පවා උගස් කළේය.
එහෙත් තම සටන පල නොදැරීම ගැන පසු කලෙක ඔහු බොහෝ සේ කලකිරී සිටියේය. එහෙත් ඔහු සිය සටන අත් නොහැරියේය. 1994දී චිත‍්‍රපට සංස්ථාවේ සභාපති ධුරය ඔහුට හිමි විය. ඒ වන විට බි`ද වැටී තිබූ සිනමාවත්, චිත‍්‍රපට සංස්ථාවත් ගොඩ නැගීමට සිටින එකම පුද්ගලයා ලෙස බොහෝ දෙනා ඔහු කෙරේ විශ්වාසය තැබීය. ඔහුව ඒ ස`දහා පත් කළ යුතුව තිබුනේ ඊට බොහෝ කලකට පෙර බවද ඇතැම් අය පවසා සිටියෝය.
mahagama sekera2
ඇත්තෙන්ම ඔහුට බොහෝ අවස්ථාවල ඒ ස`දහා ආරධනා කරනු ලැබූවත් ඔහු ඒ ප‍්‍රතික්ෂේප කළේය. එයට හේතු වූයේ ඒ ඒ අවස්ථාවන්හි පැවති දේශපාලන වාතාවරණයන්ය. දේශපාලනඥයන් කියන විදිහට තමාට නටන්නට නොහැකි බව ඔහු පැහැදිළිවම කීවේය. 1994දී ඔහු එම ධුරය භාර ගත්තේද බොහෝ දෙනාගේ ඉල්ලීම්වලින් පසුය. දේශපාලන ඇ`ගිලි ගැසීම්වලින් තොරව සංස්ථාව ගොඩ නැංවීමට ඇති අවස්ථාව පැහැර හැරීම අපරාධයක් යැයි මිතුරන්ගේ පෙරැුත්තයෙන් පසු අවසානයේ ඔහුව එක`ග කරවා ගන්නට හැකි විය. එවකට සිටි ජනාධිපතිනිය සංස්ථාව ගොඩ නැංවිය යුතු බැවින් ඒ භාර ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ අසනීප තත්වය නිසා වැඩි වශයෙන් වෙහෙස නොවී දිනකට පැය දෙක බැගින් ගෙන ප‍්‍රතිපත්ති හා තීරණ ක‍්‍රියාත්මක කරන ලෙස ඒ සමගම ඉල්ලනු ලැබිණි.
එහෙත් ඔහුගේ සේවය පැය දෙකකට සීමා නොවීය. උදෑසන සිට රාති‍්‍රය වනතුරුම ඔහු සිය සේවයට කැප විණි. සිය තනතුර ආභරණයක් කොට නොගත් ඔහු පෙර සිටි නිහතමානී, අවිහිංසක, අවංක, සුන්දර මිනිසාම විය.  සැබවින්ම මෙම සභාපති ධුරය නිසා ඔහුට ආර්ථික වශයෙන් සිදුවූයේ විශාල පාඩුවකි. වෘත්තීය වශයෙන් සිය කටයුතු අතහැර දමන්නට හෝ අන් අයට පවරන්නට ඔහුට සිදු විය.
1971 අංක 47 දරණ චිත‍්‍රපට සංස්ථා ආඥා පනත විවෘත ආර්ථිකය තුළ කි‍්‍රියාත්මක කිරීමේ උභතෝකෝටික අභියෝගය ඔහු ඉදිරියේ තිබිණි. විදේශිය චිත‍්‍රපට ප‍්‍රදර්ශනයෙන් අමතර මදුලක් අය කර, එයින් මධ්‍යම චිත‍්‍රපට අරමුදලක් පිහිටුවීමද ඇතුළුව සිනමාවේ අභිවර්ධනය ස`දහා බොහෝ යෝජනාවන් ක‍්‍රියාත්මක කිරිමට ඔහු සැදී පැහැදී සිටියේය.
ඒත් සිංහල සිනමාවෙ අවාසනාවට ඔහුගේ ධුර කාලය වසරකට සීමා වුණා.
රෝගීව සිටියදී ඒ නොතකා අධික ලෙස ඔහු වෙහෙසුණා. ඔහුට විවේක ගන්න කියලා කියන්න කවුද අමුත්තෙක් ඇවිත් හිටියා. නියමිත වේලාවට වැඩ කරන්නට පුරුදුව සිටිය ඔහු  සිය බිරි`ද සුමිත‍්‍රාත් එක්ක දකුණු පළාතෙ විනෝද චාරිකාවක නිමා කරලා ඒ ගමන්ම චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල රැුස්වීමකට ආවා. එදා ඉ`දලම ඔහුට ආවේණික වෙච්ච කැපවීම තමා ඒ. ඉන් දින දෙකකට පස්සෙ ඔහුව කැ`දවාගෙන යන්න අමුත්තෙක් ආවා. ලෝකය දකින්නට අපගේ දෑස් පෑදුව ඒ සදාදරණීය මිනිසා 1995 දෙසැම්බර් 13 වනදා චිත‍්‍රපට සංස්ථාවේ සේවයේ යෙදී සිටියදීම ඒ අමුත්තා සමග යළි නොඑන්නටම යන්න ගියා.
සොබා සොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි අප දුටුවේ
කේ. කේ. සමන් කුමාර