20160806

ආගමික මිථ්‍යා විශ්වාස වලින් සිදුවෙන යහපත කුමක්ද?


ආගම් වලට මිථ්‍යා විශ්වාසවලට
විරුද්ධ වෙන නිරාගමිකයන්
දේවවාදී ආගම්වලින් මිථ්‍යා විශ්වාස වලින්
දුක් විඳින මිනිසාට දෙන සහනය ගැන
කතා කරන්නෙ නැහැ.

දේවවාදී ආගම් වලින් සහ
නොයෙකුත් මිථ්‍යා විශ්වාස වලින්
මිනිසා විඳින දුකෙන් තාවකාලිකව මුදවාගෙන
සහනයක් ලබා දෙන්න ක්‍රම යොදනවා.
සමාජයක් අපරාධ වලට යොමු නොවී
නිරවුල්ව ජීවත් වෙන්න මේ උපක්‍රම අවශ්‍යයි.
අද සමාජයෙ සංහිඳියාව නැති වෙන්න
මේ විශ්වාස බැහැර වීමත් හේතු වෙනවා.

සමන් ජයලත් නිරාගමිකයෙක් නොවී
ආගමික විශ්වාස දරණ කෙනෙක් වුණා නම්
දෙවියන්ට බය කෙනෙක් වුණා නම්
සදෙව්මි සේයා අදත් ජීවත් වෙනවා.
ඔහුත් නිදහසේ ජීවත් වෙනවා.

ඔහු අපරාධකරුවෙක් වුණේ
ඔහුගෙ හැඟීම් පාලනය කරගන්න
වෙනත් ක්‍රමයක් නොලැබුණ නිසයි.
රාගයෙන් හිත වියරු වැටුණාම
එයින් හානි නොවෙන්න නම්
පාලනය කරගන්න ක්‍රමයක් අවශ්‍යයි.

සමන් ජයලත් මෙන් සිත් රාගයෙන් දැවෙන
පව් පින් නොතකන උගත් බුද්ධිමත්
කාමුක නිරාගමිකයන් පිරිසක් එකතු වෙලා
සාමාන්‍ය පෙළ අසමත් සදෙව්මි සේයාවන්ට
උගන්වන්න කියා නේවාසික කඳවුරක් අටවා
දෙමව්පියන්ගෙන් රු. 140,000කුත් අරගෙන
සිත් සේ දැරියන් දූෂණය කරන සිදුවීමක්
අපි මහනුවරින් ඇහුවා.

ද්වේශයෙන් කුපිත වුණ මිනිහෙක්
තමන්ගෙ තරහකාරයෙක් මරන්නෙ නැතුව
ඔහු මරන්න කියා පත්තිනි දෙවියන්ගෙන් ඉල්ලන එක
ඔහු මරා දානවාට වඩා හොඳ නැද්ද?
ඒ මිනිහා තමන්ගෙ ද්වේශය
දෙවියන්ට ආරෝපණය කරලා
දෙවියන් මත යැපීමෙන්
ඔහුගෙ ජීවිතයත් අනික් ජීවිතයත්
දෙකම බේරෙනවා.

ජල මට්ටම වැඩි වුණාම
හිත් බැම්ම බිඳෙන්නෙ නැතුව රැක ගන්න
වාං දොරටු තිබීම
ජීවිතයකට ආශීර්වාදයක්.

තමන්ගෙත් තව අයගෙත් ජීවිත බේරිලා
පූජා වට්ටිය කපුවා කෑවට කමක් නෑ.

බාර් එකට ඒ සල්ලි දීල අවසිහියෙන් ඉන්නවාට වඩා
සිහියෙන් සොයාගන්න ඒ ක්‍රමය හොඳයි.

ආවේග ශීලී කෙනෙකුට
ඇත්තටම අවශ්‍ය වෙන්නෙ
ඔහුගෙ හිතේ දැවෙන ද්වේශයෙන්
තාවකාලිකව මිදෙන මගක්.
ඔහුට විපස්සනා වඩන්න සුදුසුකම් නෑ.
සමථ භාවනා වඩන්න ඔහුට බෑ.
ශීලය රකින්න තරම් ආත්ම දමනයක් ඔහුට නෑ.

තනිව නැගී හිටින්න බැරි කෙනෙකුට
කෙළින් හිටගන්න කිහිලි කරු අවශ්‍යයි.
ආගම්වලින් මිථ්‍යා විශ්වාස වලින්
කිහිලි කරු අවශ්‍ය අයට සපයනවා.
දේව ඇදහිල්ල කිහිලි කරුවක්.

සෝවාන් වෙන්න රහතන් වහන්සේ අවශ්‍යයි කියන්නෙ
ඒ මිථ්‍යා විශ්වාසයෙම බෞද්ධ ස්වරූපයටයි.
රහතුන්ගෙන් බණ අහලා සෝවාන් වෙන්න පුළුවන්ද?
එවැනි දේශකයන් ළඟට රොක් වෙන පිරිස අතර
බෞද්ධයන්ට වඩා ඉන්නෙ අන්‍යාගමික දේවවාදී බැති මතුන්.
ඔවුන් හොයන්නෙ ජීවමාන දේව පුත්‍රයෙක්.
ජීවමාන අලුත් නබි කෙනෙක්.
කාමභෝගී ක්‍රිශ්ණා කෙනෙක්.

ඒ බැතිමතුන් අතර ඉන්න
නායකයාට සමානව හිතන කපටි රැළක්
ඔහු වටා ආරක්ෂක වළල්ලක් බඳිනවා.

දහම කණපිට පෙරළා දේවවාදී රුවක් දී
ඒ බැතිමතුන්ගෙ මල් පාවාඩ මතින්
යන
 නිරාගමික ශාස්තෘ වරයා
ඔවුන්ගෙ සිත් පහන් වල ශ්‍රද්ධාව නිවන් යනවා.

සෝවාන් වෙන්න රහතන් වහන්සේ කෙනෙක් සෙව්වත්
ස්වර්ගයට මග කියන දේව පුත්‍රයා සෙව්වත්
"නිවන් දකින්නට එන්න.
මාර්ගය මමයි."
කියන මාවත් සියල්ලම තියෙන්නෙ
තමන්ගෙ හිතේ සහනය සඳහා
අනුන් මත යැපෙන අය සඳහායි.
ඔවුන්ට එල්ලෙන්න වැලක් අවශ්‍යයි.

තමන් දෙවියන්ගෙ පණිවිඩ කාරයෙක් කියන්න
හිතේ හයිය නැති ආගමික පූජකයන්  කපුවන්
තමන් සේවකයන් විදියට රඟපාමින්
පන්සල් පල්ලි දේවාල ආශ්‍රම මගින්
ඔවුන් කල්ලි ගහලා නළවනවා
අපිට දකින්න ලැබෙනවා.

දේවවාදී ආගම්වලින් මිථ්‍යා විශ්වාස වලින්
නැළවෙන්න තොටිල්ලක් සොයා මානසික ළදරුවන් සඳහා
ළදරුවෙකුට ගැලපෙන අන්ධ විශ්වාස මාලාවක්
ඔවුන් වෙනුවෙන් සකස් කරලා තියනවා.

ඒ මානසික සහනය
ඒ විශේෂ පුද්ගලයාට ලබා දෙන්න
වෙන ක්‍රමයක් තියනවාද?

ද්වේශයෙන් දැවෙන මානසික ළදරුවන්
මේ බොළඳ ක්‍රම හැර වෙනත් ක්‍රමයකින්
ඒ ද්වේශයෙන් මුදවාගෙන සහනය සලසන්න හැකිවන්නෙ
බුදු දහමට පමණයි.
ඒ සඳහාත් විශේෂ සුදුසුකම් පෙළක් අවශ්‍යයි.
ඒ නිසා දැඩි දුකකින් පෙළෙන කෙනෙක්
ඒ දුකෙන් මිදෙන්න හිතාගෙන දැඩි කැප වීමකින්
බුදු දහමට යොමු වුණොත්
මේ සුදුසුකම් ඔහු සම්පාදනය කරගන්නවා.

මානසික සහනය
ආවේගශීලී පුද්ගලයාට ලබා දෙන්න
මේ ක්‍රම හැරෙන්න වෙනත් ක්‍රම තියනවාද?

ආවේගශීලී පුද්ගලයා බුද්ධිමත්ව සිතිය යුතුයි කියන
නිරාගමික කෝකටත් තෛලය මෙහිදී පලක් වෙන්නෙ නෑ.

බුද්ධිමත්ව හිතන්න පුලුවන් කෙනෙකුට
පන්සිල් රැකීමත් සුලු දෙයක්.
ඒත්
දැන දැනම සිල් පද පහම බිඳින
බුද්ධිමතුන් ඉන්නවා.

නිරාගමිකයන් කියන්නෙත් බුද්ධිමතුන් පිරිසක්.
පින් පව් ප්‍රතික්ෂේප කරන බුද්ධිමතුන් පිරිසක්.
අපි නිරාගමිකයි කියල කියන්නෙ
අපිට යහපත අයහපත පින් පව් ගාණක් නෑ කියන එකයි.
යහපත අයහපත පින් පව් පිළිගන්න අය
ආගම්
ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.

නූගත් මෝඩ මිනිස්සුන්ටත්
පින් පව් ගාණක් නෑ.
ඔවුන් පිළිවෙතින් නිරාගමිකයි.
නූගත් මෝඩ මිනිස්සු
තමන්ගෙ චර්යාවට නිරාගම කියා නමක් දීලා
ඒ බාල චර්යා ස්වභාවය බෞතීස්ම කරලා
තවත් චූල සම්ප්‍රදායක් හදාගන්නෙ නෑ.

උගත් බුද්ධිමත් නිරාගමිකයන්ට මෙන්
හිතට විරුද්ධව තමන් කරන වැරදි වැඩ
සමාජය හමුවේ සාධාරණීකරණය කරන
කෙස් පැලෙන තර්ක
ඒ නූගත් මෝඩ නිරාගමිකයන්ට නෑ.
ඔවුන් ආත්ම වංචාවෙන් තොරව
තමන්ගෙ පාඩුවේ
හිතට එකඟව තමන්ගෙ පව්කම් වල යෙදෙනවා.

පව් කරන්න අවකාශ නැති තැනක

පව්
කරන්න බැරි වෙලාවක
නූගත් මෝඩ නිරාගමිකයෙකුගෙ හිත
ආවේගශීලී වුණාම
මත්පැන් වැනි භෞතික විසඳුමක් ඉක්මවා ගිය
යම් පාරභෞතික සහනයක් ඔහුට අවශ්‍ය වෙනවා.
වෙනදා හුරුවුණ මාර්ගයෙ යන්න බැරි නිසා හෝ
ඒ මාර්ගයෙ යන්න අකමැති නිසා
නූගත් මෝඩ නිරාගමිකයන්ට අවශ්‍ය වෙන්නෙ

දැවෙන හිත නිවා ගැනීම පමණයි
.

මිනිස්සුන්ගෙ හිත් ආවේග වලින් කම්පා වුණාම
ආගමික විශ්වාසයක් ක්‍රියා කරන්නෙ
සහනයක් ලබා දෙන කූල් ඩ්‍රින්ක් එකක් වගෙයි.
"බොන්න සීතල වතුර වීදුරුවක්"
එයින් ඔවුන්ගෙ ද්වේශය නැතිවෙන්නෙ නෑ.
හිතට මතුවුණ ද්වේශය සමනය වෙනවා.
ඔවුන්ට අවශ්‍ය තාවකාලික සහනයක්.

තර්කයෙන් මේ අන්ධ විශ්වාස විනිවිද දකින
බටහිර ර
වල් වල වෙසෙන බුද්ධිමත් නිරාගමිකයන් සහ
මුස්ලිම් ක්‍රිස්තියානි හින්දු සික් ආදී අන්‍යාගමිකයන්
කිසිදු ඇදහීමක් අවශ්‍ය නැති
ශීල සමාධි ප්‍රඥා මාර්ගය සහිත
විපස්සනා මාර්ගයට යොමුවෙනවා.

ඔවුන්ගෙ ප්‍රශ්න ප්‍රායෝගිකවත් න්‍යායිකවත්
ඔවුන්ගෙ ඇස් ඉදිරිපිටම විසඳෙනවා.
විසඳෙන ආකාරයත් ඔවුන් දකිනවා.

.
අපිට නිතර දෙවේලේ හමුවෙන
පහත් පෙළේ නිරාගමිකයාගේ පටු චින්තනය
ඔවුන්ගෙ හෘද සාක්ෂිය රවටා ගැනීමක් බව
පැහැදිලිව හෙළි වෙන්නෙ
බුදු දහමේ ශීල සමාධි  ප්‍රඥා මාර්ගයත්
අන්ධ මිථ්‍යා විශ්වාස ගොඩට දමා
ප්‍රතික්ෂේප කරන විටයි.
.
ශීලයත් සමාධියත් ප්‍රඥාවත් පිළිබඳව
ඍජු සංවාදයක් කරන්න ඔවුන් ඉදිරිපත් වෙන්නෙ නෑ.
වසර දෙදහස් පන්සියයක් පුරා
මිනිසා දුකෙන් මුදවන්න ක්‍රියා කළ
ශීල සමාධි ප්‍රඥා මාර්ගය හඳුනා ගත් කෙනෙක්
අනිවාර්යයෙන් ඒ මාර්ගයෙ ගමන් කරන බව
ඔවුන්ගෙ උප විඥාණය ඔවුන්ට කියන නිසා
ඔවුන් පැකිළෙනවා.


නිරාගමික
තොටිලි වැටෙන් පනින පුතුන්ට
තෙරුවන් සරණයි.