20160525

සමථ විපස්සනා විවාදාභිමුඛ හමුව 2 -සිරිධම්ම හිමි - අතුල සිරිවර්ධන

 
සිරිධම්ම හිමි
තවමත් ඇසූ පිරූ තැන් නැති
පුහුදුන් කෙනෙක්..
ඔහු ත්‍රිපිටකය අසා තිබුණට පුරා නෑ.


සමථ අත්දැකීමකට
නිවන් අවබෝධය ලෙස මුලා වී සිටින නිසා
සමථ හා විපස්සනා අතර ඇති විශාල පරතරයම
ඔහුත් මාත් අතර පවතිනවා.

අද අප අතර ඇති 
සමථ විපස්සනා පරතරය දරාගෙන
ඔහුට යළි මා මුණ ගැසිය නොහැකියි.

එදා විවාදය අවසන් වෙද්දී
බුදු දහම පිළිබඳව මා පළ කළ අදහස වලට
විවාදයකින් තොරව එකඟ වී
නැවත හමුවෙන අරමුණෙන්
සුහද ප්‍රතිවාදීන් ලෙස වෙන්වූ තැනම
අදත් මා සිටිනවා.

නැවත අපි හමු වෙනවා නම්
එතනින් පටන් ගන්න මම කැමතියි.

මහ හඬින් බුරමින් ඔහුට ආරක්ෂාව සපයන
සිඟිති පාසල් දරුවන් මෙන් බොළඳ
ලාබාල අඳබාල ගෝලයන් පිරිස
ෆේස්බුක් සමාජ ජාලය තුළ මා සමග ගැටුණාට
මට ඔහු ඒ පිළබඳව ඔහු සමග හෝ
ඔවුන් සමග පවතින ගැටළුවක් නෑ.

තවමත් ඔහුගේ දේශනාව අනුව
ඔහු රහත් නැහැ කියා මම තවමත් කිඔයනවා.
ඔහු උගන්වන විපස්සනාව වැරදියි.
රහතන් වහන්සේ කෙනෙක්
සමථය උගන්වන්නේ නෑ.

මහා සතිපට්ඨාන සූත්‍රය හදාරා
බුදුන් වහන්සේට ශ්‍රද්ධාවෙන්
කිසිවක් අඩු නොකර, කිසිවක් එක් නොකර
ඒ දේශනාව උගන්වන්නට අවශ්‍ය නම්
ඔහුට මූලික සුදුසුකම් තියනවා.

ජන්මයෙන්ම එන පුහු මාන්නයත්,
කලක් තිස්සේ පුරුදු වී ඇබ්බැහිවූ
ගණ සංගණිකාරමතාවයත් නිසා
ඔහු නොමග ගොස් සිටියත්
නැවත මගට වැටෙන්නට අවශ්‍ය
අපූර්ව නිහතමානී බවක් සහ
අල්ලාගෙන සිටින දේ වහා අත් හළ හැකි
දකුණේ එඩිතර බවත් ඔහුට තියනවා.
මටත් එහෙමයි.
මමත් මගේ වැරදි
තේරුම් ගත් මොහොතේම හදා ගන්න කෙනෙක්.
ඔහු පිළිබඳවත් මට ඒ විශ්වාසය තියනවා.
අප එකට ගත කළ පැය දෙක තුළ
ඒ විශ්වාසය මට ඇති වුණා.

කවදාක හෝ
ඔහු නැවත මට මුහුණ දෙනවා නම්
එදින වන විට
ඔහු කායානුපස්සනා වේදනානුපස්සනා දෙක
අලුතෙන්ම අත්දැකලා  හඳුනාගෙන ඉඳීවි.
චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා නිවැරදිව
අත්දැකීමෙන් හඳුනාගෙන ඉඳීවි.
ඔහුගෙ ප්‍රබල සමථය ඔහුට සහායක් වෙයි.

ඔහු එක මොහොතකට හෝ
නිවැරදිව විපස්සනා වැඩුවොත්
ඒ මොහොතේම
ඔහු ආර්යශ්‍රාවකයෙක් වෙනවා.
ඒ මොහොතේම
ඔහුගෙ වැරදි බොහෝ ප්‍රමාණයක්
ඔහු තේරුම් ගනීවි.
දා ඡායාවක් මෙන් දුටු මාත්
ඔහුට පැහැදිලිව පෙනේවි.

ඔහු ආර්ය ශ්‍රාවකයෙක් වුණොත්
එකම තලයකට පා තබා ඇති
අප අතර ගැටුමක් නෑ.
මට එදිනට ඔහු විපස්සනා සහෘදයෙක්..

ගිහි ආර්ය ශ්‍රාවකයෙක් විසින්
පැවිදි ආර්ය ශ්‍රාවකයෙකුට දක්වන ගරුසරු
ඔහුට එදිනට සුදුසු අයුරින් මගෙන් ලැබෙයි.
අපට සුහදව කථා කළ හැකි බොහෝ දේ තියනවා.

කායානුපස්සනා වේදනානුපස්සනා .
චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හතරම
සමස්තයක් ලෙස
නිවැරදිව වඩා
ආර්ය ශ්‍රාවකයෙකු වන්නට
ඔහුට තෙරුවන් සරණ ලැබේවා.

No comments:

Post a Comment