20160709

විය දණ්ඩක දුර බලාගෙන ඇවිදින්න
කියා බුදුන් වහන්සේ විසින්
භික්ෂූන්ට උපදෙස් දීල තියනවා.

අද මම පුතාටත් දෝණිටත් ( අවු 11, 9 )
ඒ ක්‍රමය කියල දුන්නා.
පාසලේ ගේට්ටුව අසලින් එනවිට
දෝණි එන්නෙ එහෙමයි කියා
ඇය කිව්වා.

 මේ ක්‍රමය වරින් වර
ඔවුන්ට හඳුන්වා දීම හැර
පුරුද්දක් කරන්නට උත්සාහ කිරීමෙන්
පලක් වෙන්නෙ නෑ.

සිහිය පිහිටුවා ගැනීම
ස්වාධීන තීරණයක් විය යුතුයි.

හමුදා විනය තුළ හුරු කරන්නෙත් මෝහයයි.
සිහිය නොවෙයි.

බුදු දහමට අදාළ ක්‍රියාකාරකම් වලදි
කුඩා දරුවන්ගේ ග්‍රහණය කිරීමේ හැකියාව
වැඩිහිටියන්ට වඩා වැඩියි.

බුදුන් වහන්සේ මිම්මක් කියන විට
මේ වගේ නිශ්චිත අංකයක් කියන්න බැරි
එක් එක් පුද්ගලයාට ආවේණික මිම්මක්
තමන්ටම තීරණය කරගත හැකි
පොදු මිමි භාවිතා කළා.
ඒ අනුව අදහස් වෙන්නෙ
කිසියම් පොදු පරාසයක් විනා
නිශ්චිත තැනක් නොවෙයි.

විය දණ්ඩක දුර බලාගෙන ඇවිදිනවිට
අපිට පෙනෙන වපසරිය
අපට දකින්න අවශ්‍යම ප්‍රදේශයයි.
ඒ විදියට ඇවිදින කෙනෙකුට
වාහනයක යන කෙනෙකුට වගේ
තමන්ට සාපේක්ෂව
පරිසරය පසු පසට යන බව පෙනෙනවා.

සමහර වෙලාවට සාමාන්‍ය විදියට ඇවිද්දත්
ඔහුට ඒ ආකාරයට
පරිසරය පසු පසට යන බව පෙනෙනවා
කියා පුතා කිව්වා.
පුතාට කුඩා කාලයෙත්
එක දිනක් මේ ක්‍රමයට ඇවිදින්න කියා
වෙනස ඇහුවා. - ඔහුට මතකයි.
ඊට කලකට පසු
ඔහු නැවත කරල බැලුවා කිව්වා.

මේ ආකාරයට වියදණ්ඩක දුර බලාගෙන
''වෙනස්වීම'' ගැන අවධානයෙන් ඇවිදින විට
තමන් පිළිබඳ සිහිය දියුණු වෙනවා.

කලක් තිස්සේ
අසෝ තැනැත්තාගේ දේශනා ඇසීමෙන්
තමන්ගේ සිත නිවී ඇතැයි
උදාන වාක්‍ය කියන්නන්ගේ
සිත සැබැවින්ම නිවී ඇත්නම්
 විය දණ්ඩක දුර බලාගෙන ඇවිදීම
සිතට සුවයක්.

සැබැවින්ම සිත නිවුණු කෙනෙක්
හිස හරවා වටපිට බැලුවත්
ඔහුට සාපේක්ෂව
පරිසරය වෙනස් වෙන විදිය
පැහැදිලිව පෙනෙනවා.

ඉතා සරල දෙයක් මෙන් පෙණුනත්
මේ දැක්ම බොහෝ දෙනෙකුට
අලුත්ම අත්දැකීමක්.

සාමාන්‍ය කෙනෙකුට
මේ විදියට පෙනෙන්නෙ නෑ.
ඔහු දකින්නෙ
ස්ථාවර ලොවක
තමන් වෙනස් වෙමින් ඉන්නවා වගෙයි.
ඔහු තමන්ට සාපේක්ෂව
ලොවේ වෙනස්වීම දකින්නෙ
ඉතාම අල්ප වශයෙනුයි.

සාමාන්‍ය කෙනෙකුට
වෙනස්වීම් පෙනෙන්නෙ නැත්තෙ
ඔහුගෙ සිත හැම විටම
කුමක් හෝ පිළිබඳව සිතමින්
කිසියම් අරමුණක එල්බගෙන
ඔහුත් සමගම වෙනස් වෙන නිසයි.

සාමාන්‍ය කෙනෙක්  කියන්නෙ
පිළිගැනීමේ නිලධාරිනියක් මෙන්
ඔහුගෙ හිතට එන හැම කෙනෙකුටම
හැම දුරකථන ඇමතුමකටම
තොරතෝංචියක් නැතුව පිළිතුරු දෙන
කැළඹුණ සිතක් ඇත්තෙක්.

මෙවන් කැළඹුණ සිතැත්තෙක්
තමා පිළිබඳව හෝ
අවට ගැන සිහියෙන් ඉන්නෙ කොහොමද?

එවැනි කෙනෙකුට
සිත නිවන මගක් ලෙස
මානසික නිර්වින්දනකාරක දී
තමන් වටා කල්ලියක් ගොඩ නගා ගන්නවා.
ඒ ක්‍රමවලට සිත නිවාගන්නා අය
සිහිය වන්දිය වශයෙන් ගෙවමින්
මානසික නිර්වින්දනකාරකය යොදාගෙන
මෝහයට පත්වෙනවා.

ඔවුන්ගෙ සිත නිවෙනවා.
අරමුණු නැති සිතුවිලි නැති සිතක්
නිවී පවතින්නෙ අන්ධකාරය නිසයි.
මෝහ අන්ධකාරයෙ පවතින සිතක් ඇත්තෙක්
සමාජය තුළ හැසිරෙන්නෙ
නරුමයෙක් වගෙයි.

ඔහු අත්තනෝමතිකයි.
සම්ප්‍රදාය විරෝධීයි.
සංස්කෘතියට එරෙහිව සටන් කරන්නෙක්.
ඔහු ආගම් වලට විරුද්ධයි.
ඔහු විද්‍යාව භක්තියෙන් අදහන්නෙක්.
නිරාගම අදහන්නෙක්.

ඔහුට ආගම කියන්නෙ
ඔහුට පිටින් සහ ඔහු ඇතුළත ලෝක දෙකක් ඇතිබව
නොයෙක් ආකාරයෙන් පසක් කරදෙන
ඔහුට හතුරු නිර්දය ආයතනයක්.

ඔහු ඉන්න මෝහයෙන් ඔහු අවදි කරන
හැම දේටම ඔහු විරුද්ධයි.

ඔහුගෙ කය, ඔහු තුළ ඇතිවෙන වේදනා
ඔහුගෙ සිතේ පවතින මෝහය බිඳින
ඔහුගෙ නිර්වින්දනයට බාධා පමුණුවන හිංසාවක්.
ඔහු විපස්සනා වඩන්නෙ සිත ගැන පමණයි.
ඒ චිත්තානුපස්සනාව
අතී
යෙන් සහ අනාගතයෙන් මුදවා
ඔහු වර්තමානය තුළ මෝහයෙන් ඉන්න
භාවිතා කරන නිර්වින්දකයක්.
ඔහුගෙ කය ගැන
ඔහු ගැන සිහිය දියුණු කරන
කායානුපස්සනාව, වේදනානුපස්සනාව
ඔහුගෙ මෝහයට හිරිහැරයක්.

මැණිකක් රකිනා නාරජිඳෙකුසේ
ඔහු මුලු ලොවම හෝ තමන්ගෙ 
මෝහය සඳහා
කැප කරන්න සූදානම්.
බිරිඳගේ හෝ පෙම්වතියගේ කුසතුළ වැඩෙන
කිරිකැටි බිළිඳා තමන්ගෙ නිවුණ හිතට
තමන් වෙසෙන මෝහයට බාධාවක් නම්
ඔහු ඒ බිළිඳා ඝාතනය කරන්න කැමතියි.
ඒ සඳහා
තමන් වැනි අය සමග සංවිධානය වී
ගබ්සාව නීතිගත කරගන්නට ඔහු සූදානම්.

පෙම් බැඳුමකින්, විවාහයකින් සිත කැළඹෙනවා නම්
ගණිකා වෘත්තිය නීතිගත කරගන්නට හෝ
සමලිංගිකයෙකු සමග විවාහ වෙන්නට
ඔහු කැමතියි.

සිහිය වෙනුවට මෝහය හුවමාරු කරන
ඕනම කෙනෙක් තුළ මේ ලක්ෂණ තියනවා.

කාමයට කැමති අය
මේ ආකාරයට තමන්ගෙ කාමය විඳින්න
තම පරිසරය සකස් කරගන්නා අතරෙ
කාමයත් මෝහයට බාධාවක් කියා හිතන අය
පොත්පත් කියවීමට හුරුවෙනවා.

පොත්පත්වල තියන වචන අතර අතරමං වී
ආගමක්, දර්ශනයක්, හෝ විද්‍යාව ඇසුරෙන්
තමන්ගේ මෝහය නොබිඳ සිත පවත්වාගත හැකි
කිසියම් මෝහණීය කාර්යයක යෙදෙනවා.

මත්පැනට, සංගීතයට, සිනමාවට,
ක්‍රියාකාරී දේශපාලනයට යොමුවී
ඒ පරාසය තුළ සිත රඳවාගෙන
ඒ කාර්යයෙන් මෝහනය වෙන පිරිසකුත් ඉන්නවා.

තවත් කෙනෙකුගේ මෝහකාරක නිර්වින්දකය
ව්‍යාපාරය, වෘත්තිය හෝරැකියාවයි.

සමාජයේ ඉහළ තැනක සුවසේ වෙසෙන
හැම දෙනෙකුම තමන්ගෙ හිත නිවාගෙන ඉන්නෙ
කිසියම් මෝහණීය කාර්යයයක හෝ
මෝහකාරක නිර්වින්දකයක මාර්ගයෙන්
සිත මෝහයට පත්කර ගැනීමෙනුයි.

ඔබත් ඔබ අවට වෙසෙන අයත්
සිතේ කැළඹිල්ලෙන් දුක් විඳින
සංවර පුද්ගලයන් නොවෙයි නම්
ඔබත් ඔවුනුත් සිත නිවාගන්නට
මෙවැනි උපක්‍රම භාවිතා කරනවා.
සිත කැළඹුණු වෙලාවට
ඕනම කෙනෙක් සොයන්නේ
තමන් මෝහනය කරන
හොඳම මාර්ගයයි.

නැවත ඒ මෝහකාරකය භාවිතයෙන්
මෝහය ඇති කරගැනීම නිසා
ඔවුන්ගෙ සිත නැවතත් නිවී පවතිනවා.

තමන් ගැනත්, තමන්ගෙ පරිසරය ගැනත්
සිහියෙන් ඉන්න පුහුණු නොවුණ කෙනෙක්
තමන්ගෙ සිත නිවිලා කියා කියනවා නම්
ඔහු ඇවිදින මළ කඳක්.
ඇස් ඇරගෙන නිදා සිටින කෙනෙක්.
මෝහය තුළ ජීවත් වෙන කෙනෙක්.

ඔහු සිත නිවාගෙන තියෙන්නෙ
පවතින පියවි ලොව තුළ නොවෙයි.
ඔහුම නිර්මාණය කරගත්
අන්ධකාරයක් තුළයි.

ඔබේ සිත කතා කරන දේවල්,
සිත ගමන් කරන තැන දෙස
විනාඩි කිහිපයක් බලා ඉන්න.
බල්ලට ඇති වැඩකුත් නෑ,
හෙමින් ගමනකුත් නෑ කියන කියමන
ඔබට මතක් වෙයි.

ඔබේ සිත කැළඹුණ සිතක් නොවෙයි නම්
ඔබේ සිත නිවී ඇත්නම්
ඔබට ඔබේ කය දැනෙන්නේ නෑ.
ඔබේ ඉරියවුව දන්නෙ නෑ.
මෝහයෙන් සිටින කෙනෙකුගෙ කය
වේදනා නොදැනෙන හිස් කෝම්බයක් වගෙයි.
කුණ බැහැපු ගසක් වගෙයි.

කවර මෝහකාරකයකින් හෝ
සිත මෝහයට පත් කරගෙන නිවා ගැනීම
ස්වයං මායාවක්. ස්වයං ඉන්ද්‍රජාලමක්.

සත්‍ය වශයෙන්ම
සිත නිවුණ කෙනෙකුගෙ සිත
අවදියෙන් පවතිනවා.

සිහියෙන් සිත පවත්වාගන්න
අපිට හුරු වෙන්න පුරුදු වෙන්න බැහැ.
සිහියෙන් සිටීම පුහුණුවක්.
ඇබ්බැහියක් නොවෙයි.

තමන් ගැනත් අවට පරිසරය ගැනත්
සිහිය පවත්වාගන්න
තීරණය කරන කෙනෙකුට
සිහිය පිහිටුවා ගන්න පුලුවන්.
ඒ තීරණයට එළඹෙන තුරු
ඔහු මෝහයත් කැළඹුණු සිතත් අතර
මාරුවෙමින් ජීවත් වෙනවා.

සිත නිවුණ කෙනෙකුගෙ සිත
නිරතුරුවම පවතින්නෙ ඔහු තුළමයි.
ඔහුට තමන්ගෙ හුස්ම දැනෙනන්වා.
ඉරියව් වෙනස් වෙන ආකාරය දැනෙනනවා.
තමන්ට සාපේක්ෂව
පරිසරය වෙනස් වෙන බව දැනෙනවා.

සිත හොඳින් නිවෙන
සංවේදී කෙනෙකුට
සමහර අවස්ථාවල
කය තුළ රුධිර සංසරණය
හෘද ස්පන්දනය පවා දැනෙන්නෙ පුලුවන්.

ඔහු විය දණ්ඩක දුර බලාගෙන ඇවිදිනවිට
වාහනයක යන කෙනෙකුට වගේ
තමන්ට සාපේක්ෂව
පරිසරය පසු පසට යන බව පෙනෙනවා.

ඔබ ඉන්න අසුනෙන් නැගිටලා
විනාඩියක් දෙකක්
විය දණ්ඩක දුර බලාගෙන ඇවිදල බලන්න.

වාහනයක යන කෙනෙකුට වගේ
තමන්ට සාපේක්ෂව
පරිසරය පසු පසට යන බව පෙනෙනවාද කියා
විමසා බලන්න.

ඔබේ සිත පවතින ආකාරය ගැන සිහියෙන් ඉන්න.

ඔබ ඉන්නෙ කැළඹුණ අවුල් වූ සිතකින්ද.?
ඔබ ඉන්නෙ මෝහයෙන්ද?
ඔබ ඉන්නෙ අවදියෙන්ද?

එන්න, සිත නිවී ඇත්දැයි බලන්න. - සරල පරීක්ෂණයක්.

විය දණ්ඩක දුර බලාගෙන ඇවිදින්න
කියා බුදුන් වහන්සේ විසින්
භික්ෂූන්ට උපදෙස් දීල තියනවා.

අද මම පුතාටත් දෝණිටත් ( අවු 11, 9 )
ඒ ක්‍රමය කියල දුන්නා.
පාසලේ ගේට්ටුව අසලින් එනවිට
දෝණි එන්නෙ එහෙමයි කියා
ඇය කිව්වා.

 මේ ක්‍රමය වරින් වර
ඔවුන්ට හඳුන්වා දීම හැර
පුරුද්දක් කරන්නට උත්සාහ කිරීමෙන්
පලක් වෙන්නෙ නෑ.

සිහිය පිහිටුවා ගැනීම
ස්වාධීන තීරණයක් විය යුතුයි.

හමුදා විනය තුළ හුරු කරන්නෙත් මෝහයයි.
සිහිය නොවෙයි.

බුදු දහමට අදාළ ක්‍රියාකාරකම් වලදි
කුඩා දරුවන්ගේ ග්‍රහණය කිරීමේ හැකියාව
වැඩිහිටියන්ට වඩා වැඩියි.

බුදුන් වහන්සේ මිම්මක් කියන විට
මේ වගේ නිශ්චිත අංකයක් කියන්න බැරි
එක් එක් පුද්ගලයාට ආවේණික මිම්මක්
තමන්ටම තීරණය කරගත හැකි
පොදු මිමි භාවිතා කළා.
ඒ අනුව අදහස් වෙන්නෙ
කිසියම් පොදු පරාසයක් විනා
නිශ්චිත තැනක් නොවෙයි.

විය දණ්ඩක දුර බලාගෙන ඇවිදිනවිට
අපිට පෙනෙන වපසරිය
අපට දකින්න අවශ්‍යම ප්‍රදේශයයි.
ඒ විදියට ඇවිදින කෙනෙකුට
වාහනයක යන කෙනෙකුට වගේ
තමන්ට සාපේක්ෂව
පරිසරය පසු පසට යන බව පෙනෙනවා.

සමහර වෙලාවට සාමාන්‍ය විදියට ඇවිද්දත්
ඔහුට ඒ ආකාරයට
පරිසරය පසු පසට යන බව පෙනෙනවා
කියා පුතා කිව්වා.
පුතාට කුඩා කාලයෙත්
එක දිනක් මේ ක්‍රමයට ඇවිදින්න කියා
වෙනස ඇහුවා. - ඔහුට මතකයි.
ඊට කලකට පසු
ඔහු නැවත කරල බැලුවා කිව්වා.

මේ ආකාරයට වියදණ්ඩක දුර බලාගෙන
''වෙනස්වීම'' ගැන අවධානයෙන් ඇවිදින විට
තමන් පිළිබඳ සිහිය දියුණු වෙනවා.

කලක් තිස්සේ
අසෝ තැනැත්තාගේ දේශනා ඇසීමෙන්
තමන්ගේ සිත නිවී ඇතැයි
උදාන වාක්‍ය කියන්නන්ගේ
සිත සැබැවින්ම නිවී ඇත්නම්
 විය දණ්ඩක දුර බලාගෙන ඇවිදීම
සිතට සුවයක්.

සැබැවින්ම සිත නිවුණු කෙනෙක්
හිස හරවා වටපිට බැලුවත්
ඔහුට සාපේක්ෂව
පරිසරය වෙනස් වෙන විදිය
පැහැදිලිව පෙනෙනවා.

ඉතා සරල දෙයක් මෙන් පෙණුනත්
මේ දැක්ම බොහෝ දෙනෙකුට
අලුත්ම අත්දැකීමක්.

සාමාන්‍ය කෙනෙකුට
මේ විදියට පෙනෙන්නෙ නෑ.
ඔහු දකින්නෙ
ස්ථාවර ලොවක
තමන් වෙනස් වෙමින් ඉන්නවා වගෙයි.
ඔහු තමන්ට සාපේක්ෂව
ලොවේ වෙනස්වීම දකින්නෙ
ඉතාම අල්ප වශයෙනුයි.

සාමාන්‍ය කෙනෙකුට
වෙනස්වීම් පෙනෙන්නෙ නැත්තෙ
ඔහුගෙ සිත හැම විටම
කුමක් හෝ පිළිබඳව සිතමින්
කිසියම් අරමුණක එල්බගෙන
ඔහුත් සමගම වෙනස් වෙන නිසයි.

සාමාන්‍ය කෙනෙක්  කියන්නෙ
පිළිගැනීමේ නිලධාරිනියක් මෙන්
ඔහුගෙ හිතට එන හැම කෙනෙකුටම
හැම දුරකථන ඇමතුමකටම
තොරතෝංචියක් නැතුව පිළිතුරු දෙන
කැළඹුණ සිතක් ඇත්තෙක්.

මෙවන් කැළඹුණ සිතැත්තෙක්
තමා පිළිබඳව හෝ
අවට ගැන සිහියෙන් ඉන්නෙ කොහොමද?

එවැනි කෙනෙකුට
සිත නිවන මගක් ලෙස
මානසික නිර්වින්දනකාරක දී
තමන් වටා කල්ලියක් ගොඩ නගා ගන්නවා.
ඒ ක්‍රමවලට සිත නිවාගන්නා අය
සිහිය වන්දිය වශයෙන් ගෙවමින්
මානසික නිර්වින්දනකාරකය යොදාගෙන
මෝහයට පත්වෙනවා.

ඔවුන්ගෙ සිත නිවෙනවා.
අරමුණු නැති සිතුවිලි නැති සිතක්
නිවී පවතින්නෙ අන්ධකාරය නිසයි.
මෝහ අන්ධකාරයෙ පවතින සිතක් ඇත්තෙක්
සමාජය තුළ හැසිරෙන්නෙ
නරුමයෙක් වගෙයි.

ඔහු අත්තනෝමතිකයි.
සම්ප්‍රදාය විරෝධීයි.
සංස්කෘතියට එරෙහිව සටන් කරන්නෙක්.
ඔහු ආගම් වලට විරුද්ධයි.
ඔහු විද්‍යාව භක්තියෙන් අදහන්නෙක්.
නිරාගම අදහන්නෙක්.

ඔහුට ආගම කියන්නෙ
ඔහුට පිටින් සහ ඔහු ඇතුළත ලෝක දෙකක් ඇතිබව
නොයෙක් ආකාරයෙන් පසක් කරදෙන
ඔහුට හතුරු නිර්දය ආයතනයක්.

ඔහු ඉන්න මෝහයෙන් ඔහු අවදි කරන
හැම දේටම ඔහු විරුද්ධයි.

ඔහුගෙ කය, ඔහු තුළ ඇතිවෙන වේදනා
ඔහුගෙ සිතේ පවතින මෝහය බිඳින
ඔහුගෙ නිර්වින්දනයට බාධා පමුණුවන හිංසාවක්.
ඔහු විපස්සනා වඩන්නෙ සිත ගැන පමණයි.
ඒ චිත්තානුපස්සනාව
අතී
යෙන් සහ අනාගතයෙන් මුදවා
ඔහු වර්තමානය තුළ මෝහයෙන් ඉන්න
භාවිතා කරන නිර්වින්දකයක්.
ඔහුගෙ කය ගැන
ඔහු ගැන සිහිය දියුණු කරන
කායානුපස්සනාව, වේදනානුපස්සනාව
ඔහුගෙ මෝහයට හිරිහැරයක්.

මැණිකක් රකිනා නාරජිඳෙකුසේ
ඔහු මුලු ලොවම හෝ තමන්ගෙ 
මෝහය සඳහා
කැප කරන්න සූදානම්.
බිරිඳගේ හෝ පෙම්වතියගේ කුසතුළ වැඩෙන
කිරිකැටි බිළිඳා තමන්ගෙ නිවුණ හිතට
තමන් වෙසෙන මෝහයට බාධාවක් නම්
ඔහු ඒ බිළිඳා ඝාතනය කරන්න කැමතියි.
ඒ සඳහා
තමන් වැනි අය සමග සංවිධානය වී
ගබ්සාව නීතිගත කරගන්නට ඔහු සූදානම්.

පෙම් බැඳුමකින්, විවාහයකින් සිත කැළඹෙනවා නම්
ගණිකා වෘත්තිය නීතිගත කරගන්නට හෝ
සමලිංගිකයෙකු සමග විවාහ වෙන්නට
ඔහු කැමතියි.

සිහිය වෙනුවට මෝහය හුවමාරු කරන
ඕනම කෙනෙක් තුළ මේ ලක්ෂණ තියනවා.

කාමයට කැමති අය
මේ ආකාරයට තමන්ගෙ කාමය විඳින්න
තම පරිසරය සකස් කරගන්නා අතරෙ
කාමයත් මෝහයට බාධාවක් කියා හිතන අය
පොත්පත් කියවීමට හුරුවෙනවා.

පොත්පත්වල තියන වචන අතර අතරමං වී
ආගමක්, දර්ශනයක්, හෝ විද්‍යාව ඇසුරෙන්
තමන්ගේ මෝහය නොබිඳ සිත පවත්වාගත හැකි
කිසියම් මෝහණීය කාර්යයක යෙදෙනවා.

මත්පැනට, සංගීතයට, සිනමාවට,
ක්‍රියාකාරී දේශපාලනයට යොමුවී
ඒ පරාසය තුළ සිත රඳවාගෙන
ඒ කාර්යයෙන් මෝහනය වෙන පිරිසකුත් ඉන්නවා.

තවත් කෙනෙකුගේ මෝහකාරක නිර්වින්දකය
ව්‍යාපාරය, වෘත්තිය හෝරැකියාවයි.

සමාජයේ ඉහළ තැනක සුවසේ වෙසෙන
හැම දෙනෙකුම තමන්ගෙ හිත නිවාගෙන ඉන්නෙ
කිසියම් මෝහණීය කාර්යයයක හෝ
මෝහකාරක නිර්වින්දකයක මාර්ගයෙන්
සිත මෝහයට පත්කර ගැනීමෙනුයි.

ඔබත් ඔබ අවට වෙසෙන අයත්
සිතේ කැළඹිල්ලෙන් දුක් විඳින
සංවර පුද්ගලයන් නොවෙයි නම්
ඔබත් ඔවුනුත් සිත නිවාගන්නට
මෙවැනි උපක්‍රම භාවිතා කරනවා.
සිත කැළඹුණු වෙලාවට
ඕනම කෙනෙක් සොයන්නේ
තමන් මෝහනය කරන
හොඳම මාර්ගයයි.

නැවත ඒ මෝහකාරකය භාවිතයෙන්
මෝහය ඇති කරගැනීම නිසා
ඔවුන්ගෙ සිත නැවතත් නිවී පවතිනවා.

තමන් ගැනත්, තමන්ගෙ පරිසරය ගැනත්
සිහියෙන් ඉන්න පුහුණු නොවුණ කෙනෙක්
තමන්ගෙ සිත නිවිලා කියා කියනවා නම්
ඔහු ඇවිදින මළ කඳක්.
ඇස් ඇරගෙන නිදා සිටින කෙනෙක්.
මෝහය තුළ ජීවත් වෙන කෙනෙක්.

ඔහු සිත නිවාගෙන තියෙන්නෙ
පවතින පියවි ලොව තුළ නොවෙයි.
ඔහුම නිර්මාණය කරගත්
අන්ධකාරයක් තුළයි.

ඔබේ සිත කතා කරන දේවල්,
සිත ගමන් කරන තැන දෙස
විනාඩි කිහිපයක් බලා ඉන්න.
බල්ලට ඇති වැඩකුත් නෑ,
හෙමින් ගමනකුත් නෑ කියන කියමන
ඔබට මතක් වෙයි.

ඔබේ සිත කැළඹුණ සිතක් නොවෙයි නම්
ඔබේ සිත නිවී ඇත්නම්
ඔබට ඔබේ කය දැනෙන්නේ නෑ.
ඔබේ ඉරියවුව දන්නෙ නෑ.
මෝහයෙන් සිටින කෙනෙකුගෙ කය
වේදනා නොදැනෙන හිස් කෝම්බයක් වගෙයි.
කුණ බැහැපු ගසක් වගෙයි.

කවර මෝහකාරකයකින් හෝ
සිත මෝහයට පත් කරගෙන නිවා ගැනීම
ස්වයං මායාවක්. ස්වයං ඉන්ද්‍රජාලමක්.

සත්‍ය වශයෙන්ම
සිත නිවුණ කෙනෙකුගෙ සිත
අවදියෙන් පවතිනවා.

සිහියෙන් සිත පවත්වාගන්න
අපිට හුරු වෙන්න පුරුදු වෙන්න බැහැ.
සිහියෙන් සිටීම පුහුණුවක්.
ඇබ්බැහියක් නොවෙයි.

තමන් ගැනත් අවට පරිසරය ගැනත්
සිහිය පවත්වාගන්න
තීරණය කරන කෙනෙකුට
සිහිය පිහිටුවා ගන්න පුලුවන්.
ඒ තීරණයට එළඹෙන තුරු
ඔහු මෝහයත් කැළඹුණු සිතත් අතර
මාරුවෙමින් ජීවත් වෙනවා.

සිත නිවුණ කෙනෙකුගෙ සිත
නිරතුරුවම පවතින්නෙ ඔහු තුළමයි.
ඔහුට තමන්ගෙ හුස්ම දැනෙනන්වා.
ඉරියව් වෙනස් වෙන ආකාරය දැනෙනනවා.
තමන්ට සාපේක්ෂව
පරිසරය වෙනස් වෙන බව දැනෙනවා.

සිත හොඳින් නිවෙන
සංවේදී කෙනෙකුට
සමහර අවස්ථාවල
කය තුළ රුධිර සංසරණය
හෘද ස්පන්දනය පවා දැනෙන්නෙ පුලුවන්.

ඔහු විය දණ්ඩක දුර බලාගෙන ඇවිදිනවිට
වාහනයක යන කෙනෙකුට වගේ
තමන්ට සාපේක්ෂව
පරිසරය පසු පසට යන බව පෙනෙනවා.

ඔබ ඉන්න අසුනෙන් නැගිටලා
විනාඩියක් දෙකක්
විය දණ්ඩක දුර බලාගෙන ඇවිදල බලන්න.

වාහනයක යන කෙනෙකුට වගේ
තමන්ට සාපේක්ෂව
පරිසරය පසු පසට යන බව පෙනෙනවාද කියා
විමසා බලන්න.

ඔබේ සිත පවතින ආකාරය ගැන සිහියෙන් ඉන්න.

ඔබ ඉන්නෙ කැළඹුණ අවුල් වූ සිතකින්ද.?
ඔබ ඉන්නෙ මෝහයෙන්ද?
ඔබ ඉන්නෙ අවදියෙන්ද?