20170325

සතුරු මරුවාට දරුවා මිතුරු කරන ප්‍රතිශක්තිකරණය.


සිඟිති පාසලක නොමිලේ පැවැත්වුණ
"දරුවන්ට පෝෂණය ලබාදෙමු"
වැඩ සටහනකට අපි සහභාගි වුණා.
වෙනත් ක්‍රීඩා, චිත්‍ර ඇඳීම් ආදියට
තෑගිබෝග සහතික බෙදා දෙමින්
ළමුන්ට ප්‍රියජනක පරිසරයෙ
එක අවස්ථාවක අනුග්‍රාහක සමාගම හදන
මාගරින් සමග මුං ඇට කාටත් බෙදුවා.
ඔවුන් කිව්වෙ
දරුවන් මාගරින් රසට හුරු කරලා
ඔවුන් පෝෂ්‍යදායී ආහාරවලට
හුරු කරගන්න පුලුවන් කියලයි.

පෝෂණය ගැන කියලා අම්මලාගේ ඇස් වහල
සමාගම කරන්නෙ ඔවුන්ගෙ මාගරින් වලට
දෙමාපියන්ව හුරු කිරීමයි.

දෙමාපියන්ට පිළිගන්න පුලුවන් හේතුවක්
දරුවන්ගෙ යහපතට සම්බන්ධව දුන්නොත්
සමාගමට කරගන්න අවශ්‍ය සියලුම දේ
දෙමාපියන් කැමැත්තෙන් කරල දෙනවා.
වෙළඳ ව්‍යාපාරිකයන්ට
දරුවා පාරිභෝගිකයෙක් කරගන්න අවශ්‍ය නම්
නොවරදින දොරටුව
දෙමාපියන්ගෙ හිත් දමනය කර ගැනීමයි.

මෙසේ පාරිභෝගිකයන් කරගන්නා දරුවන්
ඇබ්බැහි කරගැනීම දෙවෙනි පියවරයි.

මේ තමයි අපේ ලිපියෙ පදනම.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

අපි පවුලම නිර්මාංශයි..
සමහර වෙලාවට, අපේ දෝණි
හතු, සෝයා පවා "මස් වගෙයි"
කියා ප්‍රතික්ෂේප කරනවා.

ඒ වගේම මස් මාංශ
ආහාරයට ගන්නා පවුල්වල දරුවන්
මස් මාංශ වලට හුරු වෙනවා.

රෝල්ස්, එළවළු රොටි,
මාළු පාන් කන්න හුරුවුණ ළමයි
පිළුණු කෑමක් කාල ලෙඩ වෙන්නෙ නෑ.

පේව්මන්ට් එකේ හැදෙන ළමයින්ට
දූවිල්ලට කිවිසුම් යන්නෙ නෑ.
සෙම්ප්‍රතිෂ්‍යාව, හතිය,
කැස්ස හැදෙන්නෙ නෑ.

මත්පැන් බාගයක්, තුන්කාලක්
නිතර බොන පුරුදු කාරයෙක්
කාලකින් වෙරි වෙන්නෙ නෑ.

අද කාලකින් වෙරි වෙන කෙනෙකුට
කාලයක් යද්දි කාලත් මදි වෙනවා.
කාලක් ගත්තට ඔහුගෙ කය
පෙර මෙන් ප්‍රතික්‍රියා දක්වන්නෙ නෑ.
කාලකින් ඔහු තුළ සිදුවෙන වෙනසට
දැන් ඔහු සංවේදී නෑ.
ඔහුගෙ සංවේදී බව පිරිහෙනවා.

අද පැනඩෝල් එකකින් සංසිදෙන කැක්කුමට
ඊළඟ වතාවෙ එක පැනඩෝල් එකක් මදි වෙනවා.
පැනඩෝල් එකක් ගත්තට ඔහුගෙ කය
පෙර මෙන් ප්‍රතික්‍රියා දක්වන්නෙ නෑ.
කලින් දැනුණ මට්ටමේ කැක්කුම්
දැන් ඔහුට දනෙන්නෙ නෑ.

ඔහුගෙ කය කලින් ඔහුට දැනුම් දීපු
කැක්කුම් අංශක ගණන දහයක් නම්
දැන් ඒ අංශක ගණන ඔහුට දැනෙන්නෙ නෑ.
දැන් ඔහුට කැක්කුම දැනෙන්න දහය ඉක්මවා
දොළහට පහළොවට එන්න ඕනෙ.
ඒ ප්‍රමාණයෙන් ඔහු නිර්වින්දනය කරන්න
එක පැනඩෝල් එකක් මදි.

කාලක් බීල වෙරි වෙන නවකයාත්
කාලක් නොදැනෙන බේබද්දාත් අතර
වෙනසට හේතුව කුමක්ද?
බේබද්දා නවකයාට වඩා
කායිකව ශක්තිමත්ද?

වඩා සංවේදී කවුද?
නවකයා දිගටම මත්පැන් බිව්වොත්
ඔහුගෙ සංවේදී බවට කුමක් වෙයිද?

ඇයි මෙහෙම?

බොහෝ දෙනෙක් හිතන්නෙ
බේබදා බීමෙන් ශක්තිමත් වෙලා කියලයි.

ඔරොත්තු දීමේ ශක්තිය වැඩි වෙන්නෙ
ඔවින්ගෙ ඉන්ධිය සංවේදීතාවයත්
මානසික අවධිභාවයත්
විනාශ කරගෙනයි.


බටහිර ඖෂධවලට හුරු වෙන අයත්
මෙවැනිම අන්තයන් කරා ගමන් කරනවා.

මේ චරිත වයසට යද්දි
ඔවුන්ගෙ ඔරොත්තුදීම ටිකෙන් ටික වැඩි වෙලා
කිසිම දෙයක් නොදැනෙන තත්වයට
ඔවුන්ගෙ සිතත් කයත් පත් වෙනවා.

මිනිසුන්, සතුන් සීපාවුන්, ගහකොළ ආදී
කිසිම දෙයක් නොදැනෙන ඇවිදින මළකඳක්
මිය යන දවස එනතුරු
බලාගත් අතේ බලාගෙන කල් ගෙවනවා.

මේ ජීවිතවලට ඖෂධ දැනෙන්නෙ නෑ.
සිත මිය ගිය ඔවුන්ගෙ නිර්වින්දනය වූ කය
ඖෂධ වලට ප්‍රතිචාර දක්වන්නෙ නෑ.

මේ නිර්වින්දිත කයම කාලෙකට පෙර
බටහිර ඖෂධ වලට අති සංවේදීව ප්‍රතිචාර දක්වමින්
බරපතල ආසාත්මිකතා ගැටළු ඇතිවුණ
සියුමැලි කයක් විය හැකියි.
නොයෙක් රසායනික සංයෝගවලින් පහර කෑ
ඔවුන්ගෙ සංවේදී ශරීරය කල් යාමේදී රළු වී
ඒ රසායනික සංයෝග වලට හුරු වෙනවා.

අද කාලෙ වැඩිහිටියන්ට වඩා
දරුවන්ට බටහිර ඖෂධ වර්ග හුරුයි.
බටහිර වෛද්‍ය විද්‍යාව විසින්
දරුවන් උපදින්නටත් පෙර
මවු කුසේ සිටියදීම
මවට දෙන රසායනිකයන් මගින්
ඖෂධවලට හුරු කිරීම
ඖෂධ සමාගම් වල
පළමු පියවරයි.

ඉපදුණ වහාම
ළදරුවාගෙ මොළකැටි ශරීරයේ පවතින
ස්වාභාවික ප්‍රතිශක්තිකරණ රටාව
කෘතිම ප්‍රතිශක්තියට හුරු කිරීම
එහි දෙවෙනි පියවරයි.

කෘතිම ප්‍රතිශක්තිය ඇතිකරන්නට
ඔවුන් භාවිතා කරන්නෙත්
ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති කරන
ප්‍රතිශක්තික මතකයමයි කියා
වෛද්‍යවරු කියනවා.

ඇවිදින ළමයෙකුට කිහිලි කරු දීමෙන්
ඔහුගෙ ඇවිදීමේ හැකියාව සියතට ගන්නා
බටහිර ඖෂධවේදී සමාගම්
සිය සහාය නැතිව ආරක්ෂාවක් නැති තැනට
උපක්‍රම ශීලීව දරුවා හුරු කරමින්
අසරණ දරුවාගේ මුළු ජීවිතයම
ඖෂධ සමාගම් වල ග්‍රහණයට නතු කරගන්නවා.

ප්‍රතිශක්තිකරණය මගින්
දරුවා සමග සම්බන්ධ වෙන
බටහිර ඖෂධ වේදියාගේ නියෝජිතයා වන
පවුලේ වෛද්‍යවරයා වෙත නොකඩවා යන්නට
දරුවාගේ මවුපියන් හුරු වෙනවා.

දරුවා මෙන්ම ඔවුන් රෝගී වූ විටත්
ඉබේ මග හැරීයන සුළු කැක්කුම් වලදී පවා
වෛද්‍යවරයා වෙත යන්නට
මවුපියන් හුරු වෙනවා.

ආහාර අඩු කරලා විවේකයෙන් තැබීමෙන්
දිනක් දෙකක් ගතවී ඉබේට සුව වෙන
සුළු සුළු රෝග සඳහා පවා
ඔවුන් වෛද්‍යවරයා කරා දුවන්නේ
මේ ඇබ්බැහි වීම මතයි.
ඖෂධ නිපදවන්නෙ
ලාභ ලබන ව්‍යාපාරිකයන්..
ඇමරිකාවේ
ප්‍රතිශක්තිකරණ ඖෂධ නිපදවන සමාගම්
නීතියෙන්ම සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.
ඔවුන්ට නඩු දාන්න අවසර නෑ.

1980 දශකයේ මුල් භාගයේදී
ප්‍රතිශක්තිකරණ ඖෂධ නිපදවන
ඇමරිකානු සමාගම් වසා දමන්නට
ඖෂධ සමාගම් හිමි කරුවන්ට සිදුවන්නේ
ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් හානි සිදු වූ
ග්‍රාහකයන්ට වන්දි ගෙවීමට සිදු වී
ඒ සමාගම් බංකොළොත් වීමයි.
අවසානයේ ඉතුරුවුණේ එක සමාගමක් පමණයි

ප්‍රතිශක්තිකරණ ඖෂධ.නිපදවන සමාගම්
නැවත පණගන්වන්නට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස
එවකට පැවති ඇමරිකානු රජය විසින්
ම්ලේච්ඡ ගෝත්‍රික පනතක් මගින්
ඖෂධ නිපදවන සමාගම් කරන වැරදි
නිදහසේ කරන්නට අවසර දුන්නා.
දැන් ඖෂධ සමාගම් වලට නඩු දාන්න අවසර නෑ.

මේ නෛතික ආවරණයෙන් ලද ආරක්ෂාව තුළ
ප්‍රතිශක්තිකරණ ඖෂධවල ගුණාත්මක භාවය
පරීක්ෂා කිරීමට සහ හානිකර බව
අවම කිරීමට කළ යුතු පරීක්ෂණ
අනෙක් ඖෂධ පරීක්ෂා කරන ප්‍රමාණයට
ප්‍රතිශක්තිකරණ ඖෂධ පරීක්ෂා කරන්න
ස්වභාවයෙන්ම අවශ්‍යතාවයක් නෑ.
තුන්වෙනි ලෝකයේ රටවල් වල
ඒ ඖෂධ පරීක්ෂා කර බලා
වාර්තා සපයන්න සූදානම් වුණ
බැතිමත් පිරිස් අඩුවක් නෑ.

වෙළඳ උපක්‍රම දන්නා වාණිජ ලෝකය තුළ
ඖෂධ නිෂ්පාදන සමාගම් වල කොඳු නාරටිය ලෙස
ප්‍රතිශක්තිකරණය හඳුන්වන්නේ ඇයි?

දෙමාපියන් තුළ ඇති බිය අවුළුවා
දරුවාට ප්‍රතිශක්තිය දීමෙන්
ජීවිත කාලයම බටහිර ඖෂධ ගන්නා
පාරිභෝගිකයෙක් බිහිකරගන්නට
ඖෂධ සමාගම් සමත් වන්නේ
ප්‍රතිශක්තිකරණය නිසයි.