20150227

දුක සත්‍යයක්.. සැප මිථ්‍යාවක්..



ඔබ අත්දකින දේ ගැන..
ඔබ දන්න කියන මිනිස්සු ගැන
ඔබ කරන රැකියාව..
සබන් වර්ගය, දත් බෙහෙත්..
ඔබ ආහාර ගන්න තැන්..
ඔබ ගන්න ආහාර වර්ග
මේ හැම දෙයක්ම
ඔබ හිතා මතා වෙනස් කරන්නෙ
බොහෝ විට
කලින් දරපු මතය
මිථ්‍යාවක් නිසා නොවෙයිද?

ඔබ දරන මතය සාපේක්ෂයි..
සාපේක්ෂ දේ මිථ්‍යාවක්.
සත්‍යය කාට වුණත්..
කවදා වුණත් එකයි..

සාපේක්ෂ දේ මිථ්‍යාවක්.

සත්‍යය කාට වුණත්..
කවදා වුණත් එකයි..

සත්‍යය අකාලිකයි..

මිථ්‍යාව සාපේක්ෂයි..

ගින්න දුකක්..
උණුහුම සැපක්.

දුක සත්‍යයක්..
සැප මිථ්‍යාවක්..

ගින්න දුකක්..
ගිනි තපින කෙනාට සැපක්.
ගින්නට පිළිස්සෙන කෙනා
දුක සත්‍යයක් බව දන්නවා.

ගින්නෙ උණුහුම විඳලා
සීතල නැති කරගන්න කෙනා
ගින්න සැපක් කියා සලකනවා.
ඔහු විඳින සැප මිථ්‍යාවක්..

ගින්නට පිළිස්සෙන බව දන්න කෙනාටත්
සීතල වෙලාවට ගිනි තපින්න පුලුවන්..
අත්දැකීමෙන් ගින්නෙහි ස්වභාවය දන්නා
ගින්න හඳුනන ප්‍රඥාවන්තයාට
ගින්න සැපක් කියන මිථ්‍යා දෘෂ්ඨිය  නැහැ..

ප්‍රඥාවන්තයා
සීතල වෙලාවට ගිනි තපිනවා.

 ඔහු ගින්නෙන් විඳින සැප
ඔහුට දැනෙන සීතලට සාපේක්ෂව විඳින
මිථ්‍යා සැපක් බව ඔහු දන්නවා.
සීතල වෙලාවට ගිනි තපිනවා.

මිථ්‍යාව ප්‍රඥාවෙන් දැකිය යුතුයි.
එනම් වෙනස්වීම් සිදු වෙන විට
සිදු වෙන ආකාරයෙන්ම දැකිය යුතුයි.

සීතලට ගිනි තපින කෙනෙක්
සීතලට සාපේක්ෂ වුණත්
ගින්නෙ උණුසුම දුකක් බව දන්නවා.

සත්‍යය සොයන්නා මිථ්‍යාව දකිනවා.
මිථ්‍යාව සොයන්නාට සත්‍යයත් මිථ්‍යාවක්..

20150224

ජවිපෙ හැමදාම උත්ප්‍රේරකයක්..

ජවිපෙ 
හැමදාම 
 ධන හෝ ඍණ උත්ප්‍රේරකයක්...

කවුරු හෝ බලයෙන් පහ කරන්න..
කවුරු හෝ බලයෙ පිහිටුවන්න 
ඍජුව හෝ අනියම් ලෙසින් හවුල් වෙනවා.

ජවිපෙ හැමදාම එහෙමයි..

කැප වීමෙන් වැඩකරන සාමාජිකයා
සමාජවාදයෙ 
සැබෑ ස්වරූපය ජවිපෙන් හඳුනාගෙන
සමාජ ප්‍රවාහයට අනුගත වෙමින්
අනෙක් පක්ෂ වලට එකතු වෙනවා.

නැත්නම් තමන්ගෙ වැඩක් බලාගන්නවා.

නායකයො ටික
හැමදාම ඉන්නවා.

ඉන්න පිරිස හැලෙන කොට
අලුත්
සාමාජික පිරිසක් එකතු වෙනවා.

සෙක්කුව පුරුදු විදියට කැරකෙනවා.

20150222

ඔබේ ලෝකයේ මැවුම් කරු ඔබේ නිර්ණායකයි..




ඔබ කෙනෙකුගේ වටිනාකම මනින
නිර්ණායක මොනවාද..?


ඔහු උපන් ආගම හෝ ජාතිය මත
ඔබ ඔහු පිළිබඳව තීරණ ගන්නවාද?

දෙව්දත් තෙර බුදුන් වහන්සේගේ
උපතින් ළඟම ඥාති සහෝදරයෙක්.
ගිහි කල බිරිඳගේ සොහොයුරා.
ජනප්‍රිය උපසපන් භික්ෂුවක්.
අජාසත් රජුගේ සමීප හිතවතෙක්..
දෙව්දත්  වටිනා කෙනෙක්ද?

ක්‍රිස්තුන් වහන්සේ ගෝලයන්
දොළොස් දෙනෙක් තෝරාගත්තා.
ඔවුන් අවසානය තෙක්ම රැඳී සිටියා.
උන්වහන්සේ පාවා දුන් ජුදාස්
උන්වහන්සේගේම ගෝලයෙක්.
ජුදාස්   වටිනා කෙනෙක්ද?

මෙවැනි උදාහරණ ඔබේ ජීවිතයෙන්
කොතරම් සොයාගත හැකිද?

සත්හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මගින්
බුදු දහමට සම්බන්ධ වූ ධර්මාශෝක රජු සමග
මුලු දඹදිව එක සේසත් කළ
චණ්ඩාශෝක නම් මැරයා සසඳන විට
ඔබේ නිර්ණායක අනුව
ඔබ තෝරාගන්නේ කවුද?

ඔබ වටා සිටින ඔබට වටිනා පිරිස
තෝරාගැනීමේදී ඔබ උපයෝගී කරගත්
ඔබේ නිර්ණායක මොනවාද?

ඔහුගේ හෝ ඇයගේ මන බඳින රුව..?
ආගම, ජාතිය, රැකියාව,...?
ආයතනය්, වාහනය, නිවස..?
අධ්‍යාපන සහතික, සමාජයේ තනතුරු.. ?
නෑ හිතමිතුරන්ගේ තරාතිරම...?
අතීතයේ කළ කී දේ...?
අනාගතයේ කරනු ඇතැයි සිතන දේ...?
ඔබට සලකන ආකාරය...
ඔබව අගය කරන ආකාරය...

කිසිවෙකුගේ ජීවිතයක
සැබෑ වටිනාකම නිර්ණය කිරීමේදී
මේ කිසිදු නිර්ණායකයක් නිවැරදිද?

පන්සිල් රකින කෙනෙක්
උපතින් මිනීකන ගෝත්‍රිකයෙකු වීම
ඔහු සමීපව ඇසුරු කරන්නට
ඔබට ගැටළුවක්ද?

අවම වශයෙන්
පස් පවින්වත් වැළකීමට තරම්
ආත්ම දමනයකින් තොර කෙනෙක්
ඔහුගේ චරිතය වසාගෙන ඇති
අනෙක් පිරුවට ඉක්මවා දකින්නට
ඔබට නොහැකිවන්නේ ඇයි.?

ඔබේ මනස සකස්වී ඇත්තේ
ස්වාධීන මිනිසෙකු ලෙසද?

නැත්නම්
ලොකු කල්ලියක් සොයාගෙන
ඒ කල්ලියේ බලයෙන් කුල්මත්වෙමින්
කල්ලිය සමග ගමන් කරන
කල්ලිවාදී චින්තනයකින්ද?

බාහිර ලෝකය අගය කරන දේ
ඔවුන් අනුව අගය කරන විට
ඔබ හිස්මුදුනේ තබාගෙන ඉන්නා දේ
ඔවුන්ට සාපෙක්ෂව ඔවුන්ට වටිනා දේ නොවේද?

උපතින් මිනීකන ගෝත්‍රිකයෙක් වුවත්
ශීලයෙන් සමාධියෙන් හා
ප්‍රඥාවෙන් යුතු කෙනෙක් නම් ඔහු අගය කරන්නට
ඔහු සමීපව ඇසුරු කරන්නට තරම්
ඔබ ස්වාධීනද?

ගෝත්‍රික හැසිරීම්වලින් යුතු නම්
දෙමාපියන් සොයුරු සොයුරියන් නෑසියන් පවා
ඈත්කර තබන්නට තරම්
ඔබ පවිත්‍රද?

ඔබ වටිනාකම් මනින නිර්ණායක අනුවම
ඔබ රැස්කරගන්නා සම්පත්ද නිර්ණය වන බව
ඔබට වැටහෙනවාද?

ඔබ වටිනාකම් මනින නිර්ණායක අනුවම
ඔබ රැස්කරගෙන ඇති දේත්..
ඔබ වටා සිටින පිරිසත්
ඔබේ ජය පරාජයත්,
ඔබේ සාර්ථකත්වය අසාර්ථකත්වයත් ඇතුළු
මුළු ජීවිතයම තීරණය වෙයි.

ඔබ බාහිර ලෝකයේ වටිනාකම් මනින නිර්ණායක අනුව
ඔබේ ඇතුළාන්තය නිර්මාණය වෙයි..
ඔබේ ඇතුළාන්තය අනුව බාහිර ලෝකය
නිර්මාණය වෙයි..

ඔබේ ලෝකය ඔබේ නිර්ණායක අනුව
ඔබ විසින්ම සකස් කරගත් ඔබේම නිර්මාණයයි....
ඔබේ ලෝකය වෙනස් වෙන්නට නම්
ඔබේ නිර්ණායක වෙනස් කරගන්න.

20150220

කලාව දේශපාලනය ධර්මය -පොදු රටාවයි වැදගත් වෙන්නෙ

.Yasantha Buddhika Gamage[[[ ඔබේ අදහස් සහ ආකල්ප ලියවෙන post තුලින් ජීවිතේට වැදගත් දේවල් නිහඩව නිසලව මම ඉගෙනගත්ත. චායාරුප ,අධ්‍යාත්මික සංකල්ප, මේ වගේ දේවල් ලියවුනු ඔබේ දෑතත් මනසත් මෑතකදී සිට දේශපාලනීකරණය වෙලා... ඔබේ මනස පිලිබදව උසස් හැගීමකින් සලකාගෙන ඉන්න අපිට ඔබේ මේ පක්ෂග්‍රහී පළකිරීම් ඔස්සේ හැගෙන්නේ ඔබේ මනසත් අපේ මනසත් සම තලයක මිස වෙනසක් නොවන බවක්. වෙනසක් ඇත්තේ ඔබට හොද ලිවීමේ හැකියාවක් පවතින බව පමණක් ම මිස ඔබ පවසන දේවල් ඔබවත් පිලිපදින්නෙක් නොවන බව පසක් වීමයි.... මේ ලියන්නේ ආරෝවකින් නෙමෙයි... දුකකින්... හේතුව ගත යුතුයමක් ඇතියයි සිතු මිනිසුන් හුදෙක් මිනිසුන්ම පමණක් වීමේ වේදනාව....]]]

මමත් ඔබ වැනිම
ඔබේ තලයේම මිනිසෙක් බව වැටහීම
මට නම් ලොකු සතුටක්..
වෙනස තියෙන්නෙ මම දකින කෝණය විතරයි.
මම එක කෝණයකින් ලෝකය බලන කෙනෙක් නොවෙයි..
මම ධර්මය දකින්න උත්සාහ ගන්නෙ
බුදුන් වහන්සේගෙ කෝණයෙන්..
කලාව හා දේශපාලනයෙදිත්
ටොල්ස්ටෝයි, ලින්කන් වැනි චරිත වල කෝණ
මට උපකාරී වෙනවා.

මම ලියනදේ දකින්න..
එයින් ගන්න දෙයක් තියනවා නම් ගන්න.
නැත්නම් බැහැර කරන්න.

මම මා වටා කල්ලි හැදෙන ආකාරයට
ක්‍රියා කරන්නෙ නෑ.
ඔබ නිතරම දකින්නෙ
ජනතාව ප්‍රිය කරන රටාවක් සොයාගෙන
ඒතුළ ජීවිතය දිය කර හරින
යාන්ත්‍රික මිනිසුන්.
මම ඒ අනතුරට බඳුන් වෙන්න කැමති නෑ.

මමත් ඔබ වගේම
ජීවිතයෙන් ඉගෙන ගන්න කෙනෙක්.
අපි තව ජීවිතයකට අරන් යන්නෙ
මේ ජීවිතයෙන් ඉගෙනගත් දේ අතුරෙන්
ප්‍රඥාව බවට පත්වූ ස්වල්පය පමණයි..

කාලෙන් කාලෙට එන වැදගත් ප්‍රවණතා තුළ
මටත් ඉගෙනගතයුතු බොහෝ දේ තියනවා.
මම ලියන්නෙ ඒ ඒ කාලවලදි
පරිසරයෙ සිදු වෙමින් පවතින දේ ඇසුරෙන්
මා විසින් පසක් කරමින් සිටින දේයි..

උදාහරණයක් විදියට
කෙනෙකුගෙ බලයෙන් ප්‍රයෝජන ගන්නා අය
ඔහුට බලය නැති වුණාම ඒ දේවල් නැති නිසා
ඔහු  තනිකිරීම අළුත් දෙයක් නොවෙයි..

ප්‍රේමකීර්තිගෙ වැඩ තහනම් වුණ කාලෙදි
ඔහු ගැන නොසෙවූ නොබැලූ අය
ඔහුට රැකියාව ලැබුණ පසු ආවම
ඒ ගැන ප්‍රේමකීර්ති සතුට ප්‍රකාශ කරන කොට
ඔහුගෙ අම්මා ඒ බව මතක් කර දුන්නා.
ප්‍රේමකීර්තිගෙ මුහුණෙ තිබුණෙ
අපට සුපුරුදු අහිංසක සිනහවමයි.
ඔවුන් ආවත් නැතත්
ඔහු සතුටක් හෝ දුකක් නොවිඳින බව
ඒ අහිංසක සිනහවෙන් පෙණුනා.
නිර්මලා ඒ පාඩම ඉගෙන ගෙන තිබුණා නම්
ප්‍රේමකීර්තිත් රසිකයනුත් අතර
පරතරයක් හැදෙන්නෙ නෑ.
අර්ථ විරහිතව ඇය දැවෙන ඇගේ වෛරය නිසා
අපේ ප්‍රේමකීර්ති අපට අහිමි වෙලා.
ඒ එක පැත්තක්

අදත් මම මහින්ද වටා සිටි කලාකරුවන් ගැන
පැහැදිලි කිරීමක් කරන්නෙ
මා ඒ දකින ප්‍රවණතාවය
මුළු රටටම දැනෙන
කැපී පෙනෙන දෙයක් නිසයි.

මට මග හැරිලා තිබුණ දෙයක්
තව කෙනෙකුටත් මග හැරෙන්න පුලුවන්.
ඒ දේ දැක්කම
ඔවුන් වෙනුවෙන් මම ලියනවා.
ඒ ලියන දේ කියවලා
මට නොපෙනුන දෙයක්
තව කෙනෙක් පෙන්වාවි..
මමත් ඉගෙන ගන්නවා.

මහින්ද වටා සිටි කලාකරුවන්
මහින්ද තනි කිරීම ගැන
මට සතුටක් හෝ දුකක් නැහැ..
පවතින සත්‍යයක් තෙරෙන වෙලාවට
හැඟීමක් පහළ වෙන්නෙ නැහැ..

මහින්ද කවදාවත් පරදින්නෙ නෑ කියමින්
ඔහු වටා රොක්වී හිටිය අය
පැරදුණාම මේ වගේ නොසලකා හරීවි කියලා
ඔවුන්වත් හිතන්න නැතුව ඇති.

පොප්සිකල් එක ඉවරවුණාම
ලී පතුර වීසි කිරීම ස්වාභාවිකයි..
මේ මොහොතෙ ඔබට තියෙන්නෙත් එවැනි හැඟීමක්.
ඔබ ප්‍රිය කරන දෙයක් ලියවෙන්නෙ නැහැ..
ඔබට අප්‍රිය මාතෘකාවක්
මම රස විඳිමින් ඉන්නවා.
මා ලබන ආශ්වාදය කුමක්ද කියා
ඔබ සිතනවා.

ආස්වාද, ආදීනව, නිස්සරණ

නිස්සරණ,
එනම් යම් දෙකට යටත් නැති තැනට
සිත පත්වෙන්න නම්
ආදීනව පෙනෙන තරමට
අස්වාදයක් විඳිය යුතුයි..

ඔය අවස්ථා තුන එකෙනෙකට වෙනස්
ඒත් එකිනෙකට බැඳුණ දාමයක්..

සත්‍යය දකින්න නම්
ආහාරයක් හඳුනා ගන්න නම්
මිතුරෙක් හඳුනා ගන්න නම්
මේ අවස්ථාවන් පසු විය යුතුයි..

මට කලාවත් දේශපාලනයත් ධර්මයත්
වෙනසක් නැහැ..
ඒ හැම දේකම තියන සබඳතා
ක්‍රියා කරන පොදු රටාවයි වැදගත් වෙන්නෙ.

එක තැනක මම කියන දෙයක්
ඔබේ හිතට ගැලපුණ නිසා
පුද්ගලිකව මට බැඳෙන්න එපා.
ඒ කියන දේ විමසා නොබලා
සත්‍යයි කියල හිතන්නත් එපා.

ඔබව පහදා ගන්න හිතාගෙන හෝ
ඒ පැහැදීම රැකගන්න හිතාගෙන හෝ
මම අදහස් ප්‍රකාශ කරන්නෙ නෑ.
එහෙම වෙන්නෙ අහම්බෙන්.
මම ක්ෂණයක් පාසා වෙනස් වෙනවා.
ඔබත් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා.
අපි දෙදෙනා සමපාත වෙන අවස්ථාව
අපට ප්‍රියජනක බව ඇත්ත..
ඒත් එතන රැඳිය යුතු නැහැ..
එහෙම රැඳෙන අය වැඩෙන්නෙ නැහැ..

සමහරවිට
මගෙන් ඔබට වෙන ප්‍රබලම සේවය
එක පරාසයක ස්වර වලට හුරුවී ඉන්න ඔබට
වෙනත් ස්වර පරාසයකින් ඇමතීම විය හැකියි..
ඔබේ පරාසය වර්ධනය කරගැනීම
ඔබේ වගකීමක්..

ස්ත්‍රීන්ගේ හැටහතර මායම්...



01. නෙතග බැල්ම
02. ඇස් කරකවමින් බැලීම
03. ඇස් පියවමින් බැලීම
04. ඇස් නෙරවා බැලීම
05. ඇස් අඩවන්කොට බැලීම
06. විටින් විට හොරෙන් මෙන් බැලීම
07. යම් දෙයක් ළඟ තබාගෙන සිඹීම
08. සුසුම් හෙළීම
09. කොක් හඬලා සිනාසීම
10. බොරු කැස්සක් මවා පෑම
11. දිව දික් කිරීම
12. දිව විකා පෙන්වීම
13. දිව නැටවීම
14. මහ හඬින් කෑරීම
15. දිවෙන් තොල් පිරිමැදීම
16. තම බඩ අතගෑම
17. තම පය කැසීම
18. තම අත කැසීම
19. ළමැදෙහි අත තබාගෙන සිටීම
20. දෙඅත් බැඳගෙන සිටීම
21. මහපටැඟිල්ලෙන් පොළොවේ ඉරි ඇඳීම
22. දෙපා ගස්සමින් ඇවිදීම
23. පයින් පය ගැටීම
24. ඇසක් සම්පූර්ණයෙන්ම වසා ගෙන සිටීම
25. වෙන අතක් බලාගෙන සිටීම
26. නාසය හකුළා ගැනීම
27. කට කොනකින් සිනාසීම
28. තොල් පෙරළමින් සිනාසීම
29. ඇඳිවත ලිහා නැවත හැඳීම
30. තමන්ට හුරු අතක් වැනීම
31. අවේලාවේ නිදා ගැනීම
32. ‍ෙදාරකඩ රැකගෙන සිටීම
33. දෙපා විහිදාගෙන සිටීම
34. උඩ බලාගෙන සිටීම
35. පියයුරු හිරවන සේ ඇඳුම් ඇදීම
36. පියයුරු නැටවීම
37. උරහිස් තාලයකට නැටවීම

38. මඳක් නැමී බැලීම
39. ඉඟටිය නැටවීම
40. ආපසු හැරී බැලීම
41. පෙකනිය පෙනෙන සේ වස්ත්‍ර ඇඳීම
42. කිසි දෙයක් කතා නොකර සිටීම
43. විකට වචන දෙඩවීම
44. බොරු නෑකම් කියමින් කතා කිරීම
45. පුරුෂයන්ගේ අගුණ කීම
46. කාන්තාවන්ගේ අගුණ කීම
47. ශබ්ද නඟමින් කතා කිරීම
48. බොරුවට අෑනුම් ඇරීම
49. කරබාගෙන නිසොල්මන්ව සිටීම
50. කතාවේදී ඉතා සුරතල් බොලඳ බවක් පෙන්වීම
51. හනික එක්වරම දුව ගොස් ගෙතුළට වැදීම
52. ‍ෙදාර, ජනෙල්, කවුළු ආදියෙන් එබෙමින් කතා කිරීම
53. තම කොණ්ඩය ලිහාගෙන ඇවිදීම
54. පැලඳ ගෙන සිටින ආභරණ වරින් වර ස්පර්ශ කිරීම
55. තම ශරීරයේ අවයව පෙනෙන ලෙසින් සිටීම
56. තම ශරීරයේ අවයව පෙනෙන ලෙසින් ඇවිදීම
57. තම ශරීරයේ අවයව පෙනෙනසේ නිදා ගැනීම
58. ඇඳිවතේ කොනක් අල්ලාගෙන ඇවිදීම
59. දරුවන් සමඟ බොරු සුරතල් කිරීම
60. කෝප වූ ලෙසින් කතා කිරීම
61. බුලත් විට ආදිය කෑමේ ගිජු බවක් දැක්වීම
62. හිටි හැටියේ ක්ලාන්ත ගතියක් පෙන්වීම
63. විචිත්‍ර ලස්සන දේවල්වලට වැඩි කුහුලක් ඇතැයි පෙන්වීම
64. පොඩි දේකට වුවද බියසුලු බවක් පෙන්වීම


උපුටා ගැනීමකි..
(http://www.mawbima.lk/117-79191-news-detail.html)

මහින්දගෙ එකම වත්කම ඔහු උපයා ගත් මිනිස්සු....



මහින්දගෙ එකම වත්කම

ඔහු මොන විදියට හැසුරුණත්
ඔහුට බැතිමත්ව වෙසෙන
මහින්ද පාක්ෂික මිනිස්සු බව ඇත්ත.

අපි මේ දහස් ගණනින් දකින්නෙ
මහින්දගෙ වත්කම් දාල තියන
බඳුන් ටික විතරයි.

මේ බඳුන් ප්‍රමාණය
ඔහුට නැවත බලය ලබාදෙන්න ඇතිද?

ජනපතිවරණය දිනන්න නම්
ඒ බඳුන් ප්‍රමාණය ප්‍රමාණවත් වුණේ නැහැ..
ඔහුට ඡන්දය දුන් බඳුන් 58 ලක්ෂයම ඔහුගෙද?

ඒ බඳුන් කීයක් අද අතුරුදහන් වෙලාද?

ගම්වල ඉන්න නූගත් අහිංසක ජනතාව
මහින්ද බලන්න පෝලිම්වල වේලුණාට
රජයේ වියදමෙන් පිටින් රන් ආලේප කරපු
ජැක්සන්ලා, රවීන්ද්‍රලා, මාලනීලා වගේ
සම්මානනීය ජනකාන්ත බඳුන්
අද මහින්දට දකින්නවත් ලැබෙනවද?

සම්මානනීය ජනකාන්ත බඳුන්වල සැබෑ ස්වභාවය
බන්දු සමරසිංහ විසින්
තත්පර පහළොවකින් පමණ
වසර කිහිපයකට පෙර
මහින්දට
පහදා දුන් හැටි අපට මතකයි.


අද පඳුරු අස්සෙ හැංගිලා
මීළඟට වෙන්නෙ මොකක්ද කියා කල් බලමින්
සැඟවී ඉන්න බොහෝ දෙනෙක්
මහින්ද බලයට එන ලකුණු පෙණුනොත්
මලුත් එල්ලගෙන නකුට වනමින්
අපේ ජනමූල නායකයා, අපේ රජා කියමින් දුවගෙන ඒවි.

මහින්දගෙ පරාජයෙන් නොසැලී
ඔහු වෙනුවෙන් පෙනී සිටින
මහින්දගෙ වත්කමට හිමි
දහස් ගණක් වූ මේ බඳුන් ඇතුලෙ
මොනවද පිරිලා තියෙන්නෙ.?
මහින්ද  තුල මොනවද පිරිලා තියෙන්නෙ.?

සැබෑ වටිනා කම තියෙන්නෙ
ඔය බඳුන් ඇතුලෙ තියන
මොළය
හදවත
මිනිසත් බව
සදාචාරය
අවංක කම
කරුණාව
ප්‍රඥාව 
වගේ දේවල් වලයි.

අපි විමසිය යුත්තෙ
එවැනි වටිනා දේවල් වලින්
මේ  බඳුන් කොතරම් පිරිලා තියනවද
කියන එකයි.

මේ දහස් ගණන් බඳුන් ඇතුළෙ පිරිලා තියෙන්නෙ
හොරකම,
මැරකම,
වංචාව,
බොරුව,
දූෂණය,
වාචාල කම,
කෑදරකම,
ද්වේශය නම්
ඔය වත්කම
මහින්දගෙ විනාශයට
හුදකලා වීමට නින්දාවට, අපහාසයට
දුකට පසුතැවිල්ලට, තමයි හේතු වෙන්නෙ.

මහින්ද පැරදුණෙත්
ඔහුගෙ වත්කම  වූ බඳුන්වල
වටිනා දෙයක් නොතිබුණ නිසයි..

මහින්දගෙ වත්කම කොතරම්ද කියලා
බඳුන් හෙළවෙනකොට එන
සද්දෙන්ම හිතා ගන්න පුළුවන්..

======================================================


 මේ වගේ වෙලාවට
මහින්ද අනික් දේශපාලනඥයන්ට වඩා
හැඟීමෙන් වැඩ කරනවා.
මිනිස්සු අහුවෙලා හිටියෙ මේ ගතියට..

ඒත් ඒක සුළු මොහොතයි..

මේ හැඟීම
මුළු රටේම ජනතාව ගැන තිබුණා නම්
මැරෙන තුරු ජනපති වෙලා ඉන්න තිබුණා.

මේ ස්වභාවයට නම් මමත් කැමතියි..

ඒත් මහින්දගෙ නායකත්වය
මම පිළිගන්නෙ නෑ.
මහින්ද ඉස්සරහින් තියාගෙන
හොරු තමයි රජ කරන්නෙ...

මහින්දගෙ ජනප්‍රියත්වය

මහින්ද ජනාධිපති කෙනෙක් වෙලත්
අපි ළඟට එනවා කියන හැඟීම
මේ මිනිස්සුන්ගෙ තියනවා.
ජනපති වෙන්න ඉස්සර
මෙහෙම දෙයක් තිබුණෙ නෑනෙ..
මට නම් මහින්ද එදත් එකයි..
අදත් එකයි..
මට කවදාවත් ඔහුව
නායකයෙක් විදියට දැනුණෙ නෑ.
පැරදිලා ඉන්න මහින්ද
ජනපති මහින්දට වඩා
සැබෑ පෙනුමයි..


20150219

ආගම ප්‍රතික්ෂේප කළත් ඔබේ සජීවී බව රැකගන්න



  • Janith Wimukthike  දිව්‍යලෝක,අපායන්,කර්ම විපාක, සංසාරය යන වචන නැතුව ඔබේ ආගම ගෙනියන්න පුලුවන්නම් මම ඔබ සමඟ එකඟ වෙනව
    ==================================================


    .Janith
    පටිච්ච සමුප්පාදය දැනගත් තැනැත්තා ධර්මය දන්නේය
    ධර්මය දැනගත් තැනැත්තා පටිච්ච සමුප්පාදය දන්නේය

    කියලා බුදුන් වහන්සේ කිව්වා.
    ඒ තුළ ඔබ කියන වචන නැහැ.
    • බුදු දහමෙහි ප්‍රායෝගික මාර්ගය වන
      සතර සතිපට්ඨානය තුළ ඔබ කියන වචන නැහැ.
      1, සත්වයාගේ විශුද්ධියට,
      2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
      3, දුක් දොම්නස් අස්තංගත වීමට
      4, ප්‍රඥාව ඉහළ යාමට
      5, නිවන සාක්ශාත් කිරීමට
      “එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.
      කවර වූ සතරෙක්ද?
      ___මහණෙනි, යම් මහණෙක්,
      1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
      කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
      2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
      [කයෙහි වෙනස් වීම්]
      වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
      3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
      සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
      4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
      [සිතෙහි වෙනස්වීම්]
      දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

    • නිරාගමිකයන් බුදු දහම නොදන්නා නිසයි
      ඔවුන් බුදු දහම හෙළා දකින්නෙ.

      තමන් තුළ හා බාහිර ලෝකයේ සිදුවෙන දේ ගැන
      සිහියෙන් සහ උපේක්ෂාවෙන් වෙසෙන්න
      දිව්‍යලෝක,අපායන්,කර්ම විපාක, සංසාරය අවශ්‍ය නැහැ.

      දිව්‍යලෝක,අපායන්,කර්ම විපාක, සංසාරය...
      විද්‍යාවට විශ්වය ප්‍රසාරණය වීම වැනි

      මිනිස් ජීවිතයට ඍජුව අදාළ නැති
      සමහරුන්ගෙ මානසිකත්වයට අවශ්‍ය දේවල්..

    • බුදු දහම ගැන කතා කරන්න
      ඉන් ලැබිය හැකි ප්‍රයෝජන ගැන කතා කරන්න
      මේ මොහොත ගත්තත් ඇති..
      මීට කලින් මොහොතවත්
      මීළඟ මොහොතවත් අවශ්‍ය නැහැ..

      බුදු දහමට අනුව දකිනවා නම්
      ඔබට මේ මොහොතෙත් නොපෙනෙන
      බොහෝ දේ දැකිය හැකියි.
      ඔබ ඉන්නෙ සිහියෙන් නොවෙයි..
      මේ මොහොතෙ
      ඔබ අවට ඇසෙන ශබ්ද
      කොතරම් තියනවද.?
      ඒ ශබ්ද
      මෙතෙක් ඔබට නොඇසුණේ ඇයි??
      ඔබ ඉන්නෙ සිහියෙන් නොවෙයි..

      අනික් හැම ඉන්ද්‍රියයකටම
      සිත යොමු කරන්න.
      ඒ හැම එකක්ම පසුවෙන්නෙ අඩ නින්දෙ..
      ඔබ ඉන්නෙ සිහියෙන් නොවෙයි..

      සිහිය නැති නිසා
      උපේක්ෂාවෙන් ඉන්න අවශ්‍යත් නෑ..
      ඔබ ඉන්නෙ මෝහයෙන්..
      මෝහයෙන් පසුවෙන කෙනෙකුට
      දහමක් අවශ්‍ය නෑ.

      දහම අවශ්‍ය වෙන්නෙ
      සිහියෙන් ඉන්න කෙනෙකුට...
      හිත දමනයක් නැති...
      ඒත් සිහියෙන් ඉන්න කෙනෙකුට.

      සිහිය දියුණු කරන්නට
      දිව්‍ය ලෝක, සසර අවශ්‍ය නැහැ.
      මීට කලින් මොහොතවත්
      මීළඟ මොහොතවත් අවශ්‍ය නැහැ..
      මේ මොහොත ප්‍රමාණවත්..

      ආගම ප්‍රතික්ෂේප කරනවා නම්
      ප්‍රතික්ෂේප කරන්න.
      ඒත් ඒ සමග ඔබේ සිතේ තියන
      සජීවී බව, සංවේදී බව
      ප්‍රතික්ෂේප නොකරන්න..

      ලුණුවල ලුණු රස නැති වුණොත්
      ඒ ලුණුවලින් ඇති ඵලය කුමක්ද.?සිහිය රැකගන්න..
      සිහිය දියුණු කරන්න.
      1, සත්වයාගේ විශුද්ධියට,
      2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
      3, දුක් දොම්නස් අස්තංගත වීමට
      4, ප්‍රඥාව ඉහළ යාමට
      5, නිවන සාක්ශාත් කිරීමට
      “එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

  • 20150217

    උපතින් නොව ක්‍රියාවෙන් මුස්ලිම් වූ සිංහලයන්..


    ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් වනු ඇතැයි
    ඇතැමුන් තුළ බියක් පවතී.

    බහු භාර්යා සේවනයෙන් ඇඳුමෙන් පැළඳුමෙන්
    කාන්තාවන් වහලුන් බවට පත් කරගන්නා
    අශීලාචාර වහල් සමාජයක් ලෙස අර්ථ දැක්වෙන
    මුස්ලිම් රාජ්‍යය බිහිවීම වැළැක්වීමේ අදිටනින් කැපවූ
    ජාත්‍යාලයෙන් ආගමාලයෙන් ඔද වැඩුණ
    දියුණු ශිෂ්ඨාචාරයට හිමිකම් කියන
    නව නිදහස් චින්තක සිංහලයන්ට
    මග හැරුණ සත්‍යයක් මතු කිරීම වැදගත්ය.

    මුස්ලිම්  විරෝධීන්න්ට නොපෙනෙන නමුදු
    එවන් මුස්ලිම් රාජ්‍යයක් තුළ අද අහිමි නිදහසක් ලබන
    ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් වීම ප්‍රිය කරන
    මුස්ලිම් චර්යාවෙන් යුත් සිංහලයන් පිරිසක්ද සිටිති.

    ඒ සිංහලයන් පිරිස නම්
    සිය වියදමින් හෝ
    තම ආයතනයේ වියදමින් හෝ
    රජයේ වියදමින් හෝ
    සිය බිරිඳට හා පවුලට අමතරව
    වෙනත් කාන්තාවක් හෝ කිහිපදෙනෙක්
    නඩත්තු කරමින්
    බහුභාර්යා සේවනයේ යෙදෙන,
    මුස්ලිම් ස්වරූපී සිංහලයන්ය.

    තෙවෙනි සිල් පදය කඩන බැවින්
    බොදුනු සිල්වතුන්ද නොවන ඔවුන්
    ක්‍රියාවෙන් මුස්ලිම් ආගමිකයන්ය.

    සැමියාගේ බහුභාර්යා සේවිත චර්යා රටාවට
    සිය කැමැත්තෙන් හෝ කරන්නට අන් දෙයක් නැති කමෙන්
    ආරක්ෂාව පතා අකමැත්තෙන් අනුගතවන
    කාන්තාවන් හා දරුවන් අප නිතර දකින්නෙමු.

    මුස්ලිම් ජාතිකයන්
    ස්ව ආගමික සොහොයුරන්ට මෙන්
    අදත් ඔවුන්ට සැලකුවත්
    අරුමයක් නොවනු ඇත
    සිංහලයන්ද ඔවුන් වෙන් කරගෙන
    මුස්ලිම් අන්වර්ථ නාමයක් දී
    මුස්ලිම් ජාතිකයන් මෙන් සැලකීම
    වඩාත් සුදුසුය...

    මේ බහු භාර්යාසේවිත සිංහලයන්
    මතු යම් දිනක මුස්ලිම් රාජ්‍යයක් බිහිවුවහොත්
    අද සිය භාර්යාවන් පිරිස සඟවාගෙන සිටින
    වංචාවේ බුර්කාව ඉවත් කරගෙන
    සැබෑ බුර්කාව පළඳවාගෙන
    අනියම් සේවනය නීත්‍යානුකූල කරගෙන
    මුස්ලිම් ආගමිකයන් වී නිදහසේ වෙසෙනු ඇත.
    ඔවුන්ට මුස්ලිම් රාජ්‍යයක් යනු
    නිදහසේ තෝතැන්නකි.

    ඔබත්
    සිය බිරිඳට හා පවුලට අමතරව
    වෙනත් කාන්තාවක් හෝ කිහිපදෙනෙක්
    නඩත්තු කරමින්
    බහුභාර්යා සේවනයේ යෙදෙන,
    ක්‍රියාවෙන් මුස්ලිම් ආගමිකයෙක්ද?

    ඔබ අවට එසේ ජීවත්වෙන
    බහුභාර්යා සේවනයේ යෙදෙන නිසා
    ක්‍රියාවෙන් මුස්ලිම් ආගමිකයන් වන අය
    කී දෙනෙකු සිටීද?

    ඔවුන් දැනටමත්
    චින්තනයෙන් හා ක්‍රියාවෙන්
    මුස්ලිම් රාජ්‍යයක කොටස්කරුවන් නොවේද?.

    සිය වියදමින් හෝ
    තම ආයතනයේ වියදමින් හෝ
    රජයේ වියදමින් හෝ
    සිය බිරිඳට හා පවුලට අමතරව
    වෙනත් කාන්තාවක් හෝ කිහිපදෙනෙක්
    හොඳින් නඩත්තු කරමින්
    බහුභාර්යා සේවනයේ යෙදෙන,
    දැනටමත් ක්‍රියාවෙන් මුස්ලිම් ජීවිත ගත කරන
    මේ සිංහලයන් පිරිස පළමුව මුදා ගැනීමට
    මුස්ලිම් විරෝධී සිංහලයන්ට සිදුවෙනු ඇත.
    ඔවුන්ට ඒ cශක්තිය ඇත්ද?

    මෙහි බරපතලම අවස්ථාව වන්නේ
    බහු භාර්යා සේවනයෙන් ඇඳුමෙන් පැළඳුමෙන්
    කාන්තාවන් වහලුන් බවට පත් කරගන්නා
    අශීලාචාර වහල් සමාජයක් ලෙස අර්ථ දැක්වෙන
    මුස්ලිම් රාජ්‍යය බිහිවීම වැළැක්වීමේ අදිටනින් කැපවූ
    ජාත්‍යාලයෙන් ආගමාලයෙන් ඔද වැඩුණ
    දියුණු ශිෂ්ඨාචාරයට හිමිකම් කියන
    නව නිදහස් චින්තක සිංහලයන්
    බහු භාර්යා සේවිතයන් වූ විටය.

    20150214

    දුල්මිණිට වශී වූවන් දෙස උපහාසයෙන් බැලීමේ රැල්ල


    සක්මන් කරන මළුවේදී බැඳි හාද
    දස්කොන් ඇගෙ නමට ජීවිතය දීමෙන්
    අවසන් නොවීය.

    දස්කොන් ලොබ බැඳි ප්‍රමිලාවගේ
    රහස් තැනක ඇති උපන් ලපය
    ඔහුගේ ජීවිතයට අවසන් තිත තැබුවේ
    ඔහුගේ නම ඉතිහාස ගත කරවිමිනි.
    මෑත ඉතිහාසයේද එවැනි අවස්ථා
    අපට හමුවෙයි.

    කැපී පෙනෙන රූප රාජිනියක් හිමි කරගැනීමේ අභිමානයට
    අන් පිරිමින් තුළ බලය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හැකි නිසා
    තම ජීවිතයත් අන් ජීවිත දහස් ගණනකුත් අනතුරේ හෙළමින්
    පිරිමි තවත් පිරිමින් හා ගැටුණු අවස්ථා
    මිනිස් ඉතිහාසයෙහි සුලබය.

    සුදුසුකම් විරහිතව
    නායකත්වයට ලොබ බඳින බොහෝ පිරිමින්
    රූප රාජිනියන් තෝරාගන්නේද එහෙයිනි.


    ස්ත්‍රීන් සඳහා පොර බැදීම
     කල්ලි ගැසී ජීවත් වෙන හැම සතෙකුටම පොදුය.


    රාම රාවණ යුද්ධය, ට්‍රෝජන් යුද්ධය ඇති වුණේ
    ස්ත්‍රීන් මුල් කරගෙනය.

    රූපයෙන් පිරිමියා වසඟ කර ගැනීමට
    ස්ත්‍රියට ඇති ස්වාභාවික සත්ව ලක්ෂණයට
    වහල් නොවෙන පිරිමියා
    පිරිමියෙක්ද?

    ඒ ලක්ෂණයට වහල් වෙන පිරිමියා
    පිරිමියෙක්ද?

    සැබෑ පිරිමියා කවරෙක්ද?

    ස්ත්‍රියක් දුටු විට
    ඇය නොදැනෙන පිරිමියා නරුමයෙකි.
    ඔහු අස්වාභාවිකය.

    ඇය රැඳෙන තාක් ඇය වටා කැරකෙන
    නික්ම යන විට ඇය පසුපස වැටෙන පිරිමියා වහලෙකි.

    ස්ත්‍රියට තමා වසඟ වන්නේත්
    ඇය හිමි කරගෙන සැනසෙන්නට සිතන්නේත්
    ඇගේ රූපයෙන් කුල්මත් වූ සිතෙහි නලියන
    කාමයට ඇති කැමැත්ත නිසා බව
    වටහාගන්නට තරම් ප්‍රඥාව ඇත්තන්
    මිනිසුන් අතර විරලය.

    සිතෙහි ස්වභාවය දකිමින්
    ඒ ස්වභාවයට උපේක්ෂාවෙන් පසුවෙන
    ස්ත්‍රියකගේ පැමිණීමෙන් කුල්මත් නොවන
    ස්ත්‍රියක පිටවීමෙන් නොතැවෙන පිරිමියා
    සැබෑ පිරිමියෙකි..



    පසුගිය දිනවල
    ෆේස්බුක් සමාජ ජාලය පුරා හමා ගිය
    දුල්මිණිට වශී වූවන් දෙස උපහාසයෙන් බැලීමේ රැල්ල
    පසුගිය කාලයේ බෙහෙවින් පිරිහුණ අපේ සමාජය
    තිරිසනාගේ සිට මිනිසාගේ දිසාවට හැරෙමින් ඇති බවට
    සියුම් ඉඟියක් විය හැක..


    කහවත්තේදී
    මව සමග ඝාතනය වූ රුවැති දියණිය නිසා
    රාගයෙන් උමතු වූ පිරිස්
    අනතුරුව උපන් ද්වේශයෙන් සාහසික වූහ.

    තමන්ගේ වියරුවට හේතුව
    ඒ යුවතියගේ රූපයට වසඟවීම බව
    ඔවුන් හඳුනා නොගත්තෝය.

    තිරිසන් සතෙක් සාහසිකව හැසිරෙන විට
    තමන් කරන්නේ කුමක්ද, ඒ ක්‍රියාවට මුල්වූ
    චිත්ත ධාරාව දකින්නට හැකියාවක්
    ඒ අසරණ තිරිසනාට නැත.

    මිනිසා
    මිනිස් කමෙන්
    තිරිසනා ඉක්මවා යන්නේ
    ඔහුට ඇති තමා දැකීමේ හැකියාව නිසාය.

    සිත කෙනෙකු පොළඹවන විට
    සිත පෙළඹවීමට වහල් නොවී
    උපේක්ෂාවෙන් වෙසෙන්නට ඔහුට ඇති හැකියාව
    මිනිසා  තවත් තලයකට උසස් කරනු ලබයි.

    මිනිසත් බවෙහි අග්‍රඵලය වන රහත් බව
    මිනිසා සාක්ෂාත් කරගන්නේ
    තමා දැකීමට ඇති සිහියත් ඒ දකින දේට ඇති උපේක්ෂාවත්
    උපරිම තලයට දියුණු කිරීමෙනි.

    දුල්මිණි රැල්ල ගලා ගිය ස්වරූපය තුළ අප දුටුවේ
    කාමයෙන් වියරු වැටී ඇය පසුපස යන
    කාමුක අඳබාල තරුණයන් නොවේ.
    එසේ හැසිරෙන්නට
    තමා පොළඹවන ආශාව හඳුනාගෙන
    ඒ ආශාව වෙන්කරගෙන
    උපහාසයෙන්, නින්දා අපහාස කරන
    ප්‍රඥාවන්ත තරුණ පිරිසකි.

    ඒ පිරිස වටහා ගැනීමට නොහැකිව
    ඔවුන් ඇගේ රූපයට වසඟවූවන් ලෙස
    වරදවා වටහාගත් අයද විය.
    ~ මොනවද මේ සෙවල පෝස්ට් ~

    තිස්සගේ දුව ගැන පිස්සු වැටුණු ශ්‍රීලාංකික උගත්, බුද්ධිමත්, අති පණ්ඩිත, ටෙක්නෝ සැවී, හයිපර් සෝෂල්, සුපර් ඉන්ටෙලිජන්ට් තරුණ ප්‍රජාව වෙතයි.

    ඕන ගොරකා කෑල්ලක් ෆවුන්ඩේෂන් ටිකක් උලාගෙන, කොන්ඩේ බාගෙට ටින්ට් කරලා, තඩි සන්ග්ලාස් දෙකක් දාලා, සිංහලෙන් ගොත ගහනකොට උඹලා සේරම ක්ෂණික මෝචනයට මෙහා හෝල්ට් එකේ ඉන්නේ කියලා පේනවා. උඹලගේ නපුන්සක කොලු කම ඉස්සරහා මෙලෝ බඩුවකට ලුබ්රිකේට් වෙන්නේ නැති නිසා උඹල ඉන්න අහේනිය දකිද්ද්දී අපිටනං පුදුම වෙන්න දෙයක් නෑ. සායක් හැට්ටයක් දකිද්දී ඇස් කටට ගිහින් කට පුකට යන උඹලා වගේ උන් අතර ඉපදුන එක අපේ පිරිමි කමටත් ලැජ්ජාවක් මල්ලිලා. මෙලෝ රහක් නැති හාල් කෑලි රුපියල් 350/- මේකප් සෙට් එකෙන් සැබෑ ජීවිතයේදී උඹලගේ දත් ගලවන හැටි උඹලගේ ඔය පොස්ට් වලින් හිතාගන්න පුළුවන්.

    ගෑනියෙක්ගේ නියම සුන්දරත්වය හඳුනාගන්න බැරි නපුන්සක ප්‍රජාවක් ඉන්න බව මතක්වෙද්දී මට නං දුක හිතෙන්නේ අපේ කලාව, සිනමාව, රුචිකත්වය වගේ දේවල් ගැන.උඹලා එකෙක්වත් හරි හමං ගෑනියෙක් එක්ක හරි හමං සම්භන්ධයක් පවත්වලා නැති බවනං ෂුවර්. ඒක වෙන්න ඇති උඹලගේ ඔය බාග කෑලිත් උඹලට හොරෙන් මග තොටේදී නියම පිරිමි දිහා බල බල හුල්ලන්නේ.

    ගෑනියෙකුගේ අගය තියෙන්නේ ඔය උඹලා හිතං ඉන්න තැන නෙවෙයි. ඔය ඉලව්ව හැමෝගෙම එකයි. ගැඹුරු අධ්‍යාත්මයක් තියෙන, හොඳ රස වින්දනයක් තියෙන, කළා කාමී, දක්ෂ, උපතින්ම හැඩ ගෑනියෙක්ගෙන් ජීවිතයට ලැබෙන රසය ඔය පොමනේරියන් බැල්ලියෝ සීයකගෙන් වත් ගන්න බැහැ.

    ලිප්ස්ටික් ටිකක්, කියුටෙක්ස් ටිකක් දැක්ක ගමන් සරම තේමාගන්ඩ එපා බං. ටිකක් කොල්ලෝ වගේ ස්ටේඩී හිටපං.

    අපිට නං ඔය ජාතියේ නංගිලා දාන ෂෝ ඉතිං පඩ!


    ඔවුන්ට ලැබුණේ මෙවන් පිළිතුරුය.




    එකෙන්ම.
    අපි අපේ ෆන් එක ගන්නේ සීමාවක් ඇතුලෙ බව
    උඹලා දන්නවා අපි දන්නවා.
    වැදගත් එච්චරයි.
    බෑණලා සෙට් එකට ජය!
    =======================================
    දුල්මිණීගේ කැඩුනු සිංහල උච්චාරණය 
    උපහාසයට ලක් කිරීමෙන් පටන් ගැනෙන
    මේ සිදුවීම් දාමය

     ගස්වල රූප බැලීමට නඩ පිටින් යන,
    වරායවලට වතුර පිරවීම් බලන්නට නඩ පිටින් යන,
    විශ්‍රාමික දේශපාලකයින් බැලීමට නඩ පිටින් වන්දනාවේ යන
    ශ්‍රී ලාංකීය සාමුහික විනෝදයේ
    තවත් එක් දිගුවක් ලෙස දුටු අයද විය.

    තව දින දෙක තුනකින් සභා තොමෝ සතුටින් විසිර යනු ඇතැයිද
    සතියකින් සියල්ල අමතකව යනු ඇතැයිද ඔවුහු සිතති..
    ===============================================
    මේ එවැනි අදහසක්.

    නොලියමි කියලා හිතපු මාතෘකාවක් ගැන ලියන්න ඕනමය කියලා හිතුනා හේතු දෙකක් හින්දා.. එකක් Upul අයියගෙ සටහන.. අනික ෂෙයාර් කරපු වීඩියෝවක් ගැන හිතවත්ම කෙනෙක්ගෙන් කන පිරෙන්න අහගන්න වුනු ගුණ ගායනය..

    තිස්සගේ දියණියගේ "මට සිංහල බා" භාෂාව හැසිරවීම සහ "පොෂ්" පෙනුම උපහාසයට ලක්වීම දියුණු සමාජයක නොවිය යුතු අශිෂ්ට සිදුවීමක් බව සැබෑය.. යම් පුද්ගලයෙකුට තවකෙකුට වාතයක් නොවී තමාට රිසි පරිදි හැසිරීමේ අයිතිය තිබිය යුතු බව අපද අවිවාදාත්මකව පිළිගන්නා අතර තිස්සගෙ දූ වූ පමණින් ඇයටද එම අයිතිය අහිමිවී යායුතුයැයි නොසිතන්නෙමුය..

    උපුල් අයියාගේ පැහැදිලි කිරීමට අනුව මේ මාතෘකාව වයිරල් වීම අප සමාජයේ බිඳ වැටීම පෙන්වන කැඩපතක්ය.. සමාජය දරුණු බිඳ වැටීමකට ලක්ව ඇති බව සැබෑය.. වෙන කවරදාකවත් නොවු පරිද්දෙන් මැතිවරණ පරාජයකින් පසු පරාජය නොපිළිගන්නා "මරලා හරි දිනිය යුතු" තැනකට සමාජය පිරිහී ඇත (දේශපාලනමය අදහසකින් නොව පරිහාණියේ තරම දැක ගත හැකි ළඟම උදාහරණය එය බැවින් ඉදිරිපත් කල බව කරුණාවෙන් සලකන්න.. )

    එනමුත් දුල්මිණීගේ කැඩුනු සිංහල උච්චාරණය උපහාසයට ලක් කිරීමෙන් පටන් ගැනෙන සිදුවීම් දාමය මෙමි ෂෙයාර් වන ගෲෆියක් සැදී දිනයක් දෙකක් ඇතුලත සාමාජිකයින් දස දහසකට එහා වර්ධණය වීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ලිංගික කුහකත්වය දෝරේ ගලායාමක් ලෙසින් දැකීමට සාහසික විය යුතු නැති බව මගෙ අදහසයි..

    සිදුවුයේ දේශපාලනික හැල හැප්පීම් මැද ගෙවීගිය ශ්‍රී ලාංකීය බුකි අවකාශයේ සියල්ලන්ටම එක්වී "ෆන්" එකක් ගැනීමේ හදිසි අවස්ථාවක් ලැබීමයි.. එය එක්තරා දුරකට කාලකන්නි "ෆන්" එකක් බව ඇත්තය.. එනමුත් මෙය ගස්වල රූප බැලීමට නඩ පිටින් යන, වරායවලට වතුර පිරවීම් බලන්නට නඩ පිටින් යන, විශ්‍රාමික දේශපාලකයින් බැලීමට වන්දනාවේ යන ශ්‍රී ලාංකීය සාමුහික විනෝදයේ තවත් එක් දිගුවක්ය.. බොහෝ විට තව දින දෙක තුනකින් සභා තොමෝ සතුටින් විසිර යනු ඇත.. සතියකින් සියල්ල අමතකව යනු ඇත..

    උපුල් අයියාගේ විවේචනය සාධාරණය.. එහි දොසක් නැත.. එනමුත් අමතක නොකල යුතුව ඇත්තේ අපි තවමත් ශිෂ්ටාචාරයේ අතරමඟක සිරවී මංමුලාවී සිටින ජාතියක් බවය.. අවුරුදු තිහක් තිස්සේ ඔළු ගණන් කරමින් විනෝද වෙමින් සිටි පුනරුත්ථාපනය විය යුතු ජාතියක් බවය..

    තිස්සගේ දූ පව්ය.. ඉතා පව්ය.. හරි හමන් විනෝදාංශයක් නුපුහුණු ජාතියක් වන අපි ඊටත් වඩා පව්ය..
    — feeling තිස්සගේ දූ බිමින් තියමුද..

    =================================
    ප්‍රභාකරන්ගේ වැනි පත උඩු රැවුලකට,
    සිල් රෙද්දෙන් වසාගත් මැර පෞරුෂයකට වහල්වී
    හඬා වැලපෙමින් මැදමුලන වන්දනා කරන
    වැඩිහිටි සහ මහළු කාන්තාවන් මෙන්ම
    දුල්මිණිගේ රූ සපුවට වහ වැටී
    තිස්සට උපකාර කරන්නට කැපවෙන
    ළඳ බොළඳ ෆේස්බුක් තරුණයාද
    මැතිවරණයකදී ඡන්දය දෙන්නේ
    ලිංගික ආශාවෙන් කුල්මත් වීමෙන් බව කියන
    විදර්ශනීය ප්‍රකාශද ෆේස්බුක් ජාලය තුළ අප දුටුවෙමු.

    කුස ගින්න තරම් පොදු නැතත්
    කාමාශාව වරදක් නොවේ.
    සත්ව වර්ගයා පවතින්නේ
    සතුන් විඳින ලිංගික තෘප්තිය නිසාය.

    පසිඳුරන්ගෙන් ගන්නා
    ප්‍රිය අප්‍රිය අරමුණු නිසා
    සිතෙහි කැමැත්තක් අකැමැත්තක්
    ඇති නොවෙන හෝ
    සිතෙහි කැමැත්තක් අකැමැත්තක් වෙන බව
    නොදන්නා තරම් කය ගැන මෝහයෙන් වෙසෙන
    සිතක් මිස කයක් නැති ඇවිදින මළ කඳන් වැනි
    නිර්වින්දනයට ලක්වූ නරුම මිනිසුන් හැර
    ප්‍රජනන හැකියාවෙන් යුත් ගැහැණියක් හා පිරිමියෙක්
    ප්‍රජනනයට සුදුසු පරිසරයක හමු වූ විට
    ලිංගිකව ආකර්ශණය වීම ස්වාභාවිකය.
    එහි වරදක් නැත.

    රූපයට ආකර්ෂණය වූ මිනිසා ඉන් කැළඹී
    තමා තුළ සිදු වූ කායික මානසික වෙනස නොදැක
    තමාගේ තරාතිරම, වගකීම්, යුතුකම් ආදිය
    නොපෙනෙන නොහැඟෙන තිරිසනෙකුගේ මට්ටමට
    පහත වැටෙන්නට කාමය මුල් වූ විට
    කාමාශාවත් වරදක් වන්නේය.
    අවදානම් වන්නේය.
    හානිකර වන්නේය.

    මෙහිදී තිරිසනෙකු මෙන් හැසිරීම පමණක් නොව
    තිරිසනා ඉක්මවා යෑම වුවද ඔහුට අපහසු නොවේ.

    මිනිසා තිරිසනා ඉක්මවා යායුත්තේ
    තිරිසන් කමෙන් නොවේ.
    මිනිස් කමෙනි.

    මිනිස් කම නම් තම කය විසින්
    සිත පොළඹවන අයුරු දැකීමය.
    ඒ පෙළඹීමට වහල්වී
    තමා නොමග යන ආකාරය දැකීමය
    ස්ත්‍රියකගේ රුවක් ඇසෙහි ස්පර්ෂ වූ විට
    ඔහු ඇය හඳුනාගෙන නතර වුවොත්
    ඔහු මිනිසෙකි.

    තිරිසන් සමාජයක පිරිමි සතෙක්
    ප්‍රිය ජනක ගැහැණු සතෙකු දකින අවස්ථාවෙහිදී
    මින් පෙර ගැහැණු සතුන් හා එක්වීමෙන්,
    රමණයෙහි යෙදීමෙන් තමා විඳි
    සුඛ වේදනාවන් නිසා පහළවූ
    රාග සංස්කාර තැන්පත් වූ විඥාණය කැළතෙමින්
    මේ ගැහැණු සතාද හිමි කරගෙන
    බාධාවකින් තොර තැනකට ගොස්
    තම කය කුල්මත් කළ ඒ සුඛ වේදනා
    යළිත් වරක් විඳින්නට ඇති ආශාවෙන් කුල්මත් වී
    තම සත්ව කොටසට ආවේණික ක්‍රියා කාරකම් වල යෙදීම
    අස්වාභාවික නොවේ.

    මේ ප්‍රවණතාවය ගල් යුගයේ මිනිසාට ස්වාභාවිකය.
    නොදියුණු, නුපුහුණු මනසක් ඇති ගෝත්‍රිකයා
    කාමයෙන් වියරු වැටී සන්තර්පණයට පෙළඹීම සහ
    ඒ සඳහා ගත හැකි සියලු පියවර ගැනීම
    සාධාරණ ස්වභාවික සහජ ආශාවකට නතු වීමක් ලෙස
    අද කාලයේ පවා පිළිගැනෙයි.

    මේ ස්වභාවික ආශාවට පියාපත් දෙන්නට
    ඒ පෙළඹීම ජයගන්නට ඇති බාධක ඉවත් කරන්නට
    තම ජීවිතය ගත කොට ලබා ගත් දැනුම සහ
    සිය තර්ක බුද්ධිය කැප කරන
    තමත් ගෝත්‍රික මානසිකත්වයෙන් නොමිදුණ
    ආචාර්ය මහාචාර්ය වරුන්ට අපට දැකිය හැක.

    එවැනි උගත් බුද්ධිමත් ගෝත්‍රිකයන් අතර
    තමන්ගේ ගෝත්‍රික හැඟීම දකිමින්
    ඒ හැඟීම දෙස උපහාසයෙන් බලමින් විනෝද වෙන අතරම
    තමා මෙන්ම කාමාශාව නිසා
    ඇස ගිණිකණ වැටෙන සම වයස් සොයුරු කැළ මෙන්ම
    ගෝත්‍රික හැඟීමෙන් නොමග යන
    කයෙන් වයසෙන් මේරූ බොළඳ වැඩිහිටියන්ද
    තමන්ගේ සිත දකින
    සත්‍යය දකින පැණවත් පිරිසක් කරන්නට
    අනියම් ලෙසින් හෝ දායකත්වය ලබා දෙමින්
    දුල්මිණි රැල්ල සිනාවට ලක් කළ ප්‍රඥාවන්ත තරුණ කැළ
    අගය  කළ යුතුය.

    මේ ඔවුන්ගේ විවිධාකර නිර්මාණ රැල්ලයි.