බෙල්ලන්විල හාමුදුරුවෝ
දර්ශනවාදය ආදී මිසදිටු දහම් ඇසුරු කරමින්
මහාචාර්ය පට්ටම් ගහගන්න යද්දි
ඒ මිල ගෙවන්න වෙන්නෙ ස්වාභාවිකව ලැබෙන
මනුස්සකමත් මිල කරලා බව අපි දන්නවා.
වන සතෙක් අල්ලාගෙන
තමන්ගෙ වත්තෙ හිර කරගෙන
ඌ විඳින වදහිංසාවන් ගැන හැඟීමක් නැතුව
උගෙන් තෘප්තියක් ලැබූ භික්ෂුවක් විදියට
අධ්‍යාපනයෙන් අවිහිංසාව නොවැඩුණ බව
අවිහිංසාවට සංවේදී ලොවට පැහැදිළියි.
සංවේදී ගිහියෙක්වත් අනුමත නොකරන
සත්ව හිංසාවක් තමන්ගෙ විහාරයෙ වෙද්දි
ඌට ආහාර ටිකක් දීල සැනසෙන්න
බෙල්ලන්විල හාමුදුරුවන්ට
සොබා දහම ඉඩක් තබා නැහැ.
සාමාන්‍ය භික්ෂුවකට වඩා දස්කම් ඇති
බෙල්ලන්විල හාමුදුරුවන් උපයාගත් ධනය
බුදු සසුන පෝෂණය හේතු නොවීම
අපේ රටේ සහ ජාතියේ අවාසනාවක්.
අලි ඇතුන් ගෙරින් රැකීම දෙවෙනි වෙන්නෙ
අඹුදරුවන් රැකීමටම පමණයි.
අඹුදරුවන් මෙන් මුවින් ඉල්ලුවෙ නැතත්
සතෙකුගෙ පැවැත්ම වෙනුවෙන් කැප වීම
භික්ෂුවකට කැප වහල්කමක් නොවෙයි.
භික්ෂුව නොබැඳුණු කෙනෙක්.
බුදු සසුනෙහි භික්ෂුවට පණවන ලද
විනය නීති වලට අමතරව සීලස්ඛන්ධයක්
චූල සීල, මධ්‍යම සීල, මහා සීල යනුවෙන්
බුදු දහමෙ පවතිනවා.
සීලස්ඛන්ධයෙන් එහාටත්
ඉන්ද්‍රිය සංවරය, සම්පජානෝ සතිය,
අප්පිච්ඡතාවයේ සතුට,
නීවරණ ප්‍රහාණය, ධ්‍යාන,
විවිධ ඤාණ ආදියත් තියනවා.
සිවුපසයත් ලාභ සත්කාරත් ලබමින්
ගිහි කම සිවුරෙන් වසා ගත්
අපට රහසක් නොවෙන ගිහි ජීවිතවල
මේ ලකුණු කිසිවක් සොයාගන්න බැහැ.
සිල් අතුරෙන් මූලික චූල සීලය අනුව
අලි ඇතුන් ලැබීම සම්බන්ධව ගත් කල
බුදුන් වහන්සේට අනුව භික්ෂුව ගරු කළ යුතු
සාධක දෙකක් මෙසේ දක්වන්න පුලුවන්.
මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද යත්:
මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ),
සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ,
මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.
ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින්
පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි.
මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.
අල්පේච්ඡ බවත් භික්ෂුවකගේ ගුණයක්.
මෙහි මහණ තෙමේ
කය වසා රක්නට පමණ වූ සිවුරෙන් ද,
කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි.
හේ යන යන අතැ අටපිරිකර පමණක් ගෙන ම නික්මෙයි.
යම් සේ පියා හඹන කුරුළු තෙමේ යන යන තැනට
පියාපත් බර ඇති ව ම පියා හඹා ද,
එසේ ම මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරින් ද
කුස ගිති නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි.
හේ තමා යන තැනට පාසිවුරු පමණක් ගෙන ම යෙයි.
මෙසේ මහණ තෙමේ ලත් පසයෙහි සතුටු වේ.
මෙවැනි බොහෝ ප්‍රමිති නිර්ණායක
බුදු සසුනෙහි භික්ෂුවකට අයත්.
ඒ ප්‍රමිතිය බාල වන භික්ෂුවක්
යස ඉසුරු සම්පත්, තානාන්තර ආදියෙන්
ඇතුළාන්තයේ හිස් බව වසාගෙන
මිසදිටු, දුප්ප්‍රාඥ ගිහියන්ගෙන්
ලාභ සත්කාර ලබාගෙන වැජඹේනවා.
බහුජන හිතාය, බහුජන සුඛාය,
ලෝකානුකම්පාය ආදී යුතුකම්
බුදුසසුන වෙනුවෙන් ඉටු වෙන්නෙ නැහැ.
බුදුන් වහන්සේ උගත් නූගත් දෙපිරිසම අතර
ගෞරවයට බඳුන් වෙන්නෙ ප්‍රඥාව නිසා නොවෙයි.
බුදුන් වහන්සේ සියලු සතුන්ට දක්වන ලද
මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන
සතර බ්‍රහ්ම විහරණ නිසයි.
බුදුන් වහන්සේගේ ප්‍රඥාව හඳුනාගන්න
විදසුන් වඩා ප්‍රඥාව පහළ කරගත යුතුයි.
තර්කයෙන් බුදු දහම හඳුනාගන්නා,
බුද්ධියෙන් අගය කරන තර්ක බුද්ධිය
බෙල්ලන්විල හිමියන්ට වගේම බහුල බොදුනුවන්ටත්
ප්‍රයෝජනයක් නොවන බව බොදුනු උගතුන් කරන
බහුවිධ මෝඩකම් නොපණත් කම් නිසා වැටහෙනවා.
බුදු දහම තර්ක ගෝචර නෑ.
සාමාන්‍ය ජනතාවට වුණත් බුදුන් වහන්සේගේ
කරුණාව පහසුවෙන් ප්‍රකට වෙනවා.
බුදුන් වහන්සේ මොනම හේතුවක් මතවත්
උන්වහන්සේ වෙසෙන ආරාමයක් තුළ
සතෙක් ගැටගසා තිබීම නොඉවසන බව
බොදුනුවන් නොවෙන අය පවා පිළිගන්නවා.
සැබෑ බෞද්ධ භික්ෂුව
පැලයක්වත් ගලවන කෙනෙක් නොවෙයි.
"මහණ තෙමේ පැල වන දෑ පැල වුණු දෑ
කැඩීමෙන් බිදීමෙන් වැළැක්කේ වේ. "
"අපෝ පැළයක්වත් ගලවන්නෙ නැතුව
අපි ජීවත් වෙන්නෙ කොහොමද" කියා
ගිහියන් කලබල වෙන්න අවශ්‍ය නෑ.
ගිහියන් පන්සිල් රැකීම ප්‍රමාණවත්.
තුන් සිවුරත් පාත්‍රයත් ඇතිව පිඬු සිඟා වඩිමින්
යම් සේ පියා හඹන කුරුළු තෙමේ යන යන තැනට
පියාපත් බර ඇති ව ම පියා හඹා ද,
එසේ ම මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරින් ද
කුස ගිති නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙමින්
බුදුන් වහන්සේගෙ සසුනෙ භික්ෂු විනය රකිනවා නම්
පැළයක් ගලවන්නවත් අවශ්‍ය වෙන්නෙ නෑ.
භික්ෂුව තමන් උපයාගෙන කන විදියෙ
මිථ්‍යා ආජීවයට, ගිහි චර්යාවට වැටුණාම
ගිහියෙක් වගේ අලියෙකුගෙන් වුණත් අනතුරක් වෙන තැනට
නොදැනුවත්වම පත් වෙන්න පුලුවන්.
ගිහියන්ගෙන් ඈත්වී, ගිහි චර්යාවෙන් මිදී
භික්ෂුවකට ජීවත් වෙන්න හැකි විදියට
විනය පද්ධතියක් බුදුන් වහන්සේ සකස් කළා.
සැරියුත් මුගලන් ඇතුළු අසූ මහා තෙරුන්ගේ පටන්
සියලුම සිල්වත් භික්ෂූන් වහන්සේලා විසින්
චූල සීල, මධ්‍යම සීල, මහා සීල
ආරක්ෂා කළේ බුදු සසුනෙ පැවැත්මටයි.
මහා පන්සලක් හදාගෙන, මහා ඉසුරු මැද
අලි ඇතුන් යාන වාහන ආදී ගිහි සම්පත් වල
සංකේත ලොවට ප්‍රදර්ශනය කරමින් ලබන
යස ඉසුරු ලෝභී දායක දායිකාවන්ගේ
යස ඉසුරු පිරුණ ලෝකයේ වීරයෙක් වී
බුදු සසුනට නොගැලපෙන ජීවිතයක් ගත කරන
සියලුම භික්ෂූන් විසින් යළිත් වරක් තාමා දෙස
බුදු වදනට අනුව ආවර්ජනාත්මක බැල්මක් හෙළා
තමන් නිවැරදි කරගන්නට අවස්ථාවක්
බෙල්ලන්විල හිමියන්ගේ ලබා දී තියනවා
නිවැරදිව ජීවත් වෙන භික්ෂුවකට
මේ හැම වචනයක්ම ප්‍රයෝජනවත්.
8. [ශුභ මාණව:] “පින්වන් අනඳ තෙරුනි, ඒ භවද්ගෞතමයන් වහන්සේ යම් දහමක්හුගේ ගුණ වදාරන සුලු වූ සේක් නම්, යම් දහමෙක්හි මේ ජනතාව ගැන්වූ සේක් නම්, පිවිස්වූ සේක් නම්, පිහිටිවූ සේක් නම්, ඒ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධය කවරෙ යැ?”
9. [අනඳ තෙරණුවෝ:] “මාණවය, මෙහි අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, සම්මත දෙවියන් (රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද) කොට, මධ්‍යයෙහි භද්‍රක (නිවරද) කොට, අවසනැ භද්‍රක (නිවරද) කොට, අර්‍ථ සහිත කොට, ව්‍යංජන සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පරිපුර්‍ණ කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහිත වූ) පරිශුද්ධ ශාසනබ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙයි.
10. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුරජුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්විත වූයේ, ‘ගිහිගෙයි වීසීම සම්බාධයෙකි (අවහිරයෙකි). රාගාදි රජස් නැගෙන රජස් පථයෙකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතයක් සේ කොට මේ බඹසර සරන්නට පහසු නො වේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’යි මෙසේ නුවණින් සලකයි.
11. හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වූ හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිස හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමොක්ඛසංවරයෙන් සමන්විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නේ, නිවරද වූ කායවාක්කර්‍මයෙන් සමන්විත වූයේ එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ, ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සිත් තන්හි) සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ, සිවුපසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්‍ෂාපදයන් හි සමාදන් වැ හික්මෙයි.
12. මාණවය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද යත්: මෙහි මහණ තෙමේ ප්‍රණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නො දරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නො දරන්නේ), පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ, මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.
ඔබට ඉතිරි කොටසත් කියවන්න අවශ්‍ය නම්
මේ යොමුව ඇසුරු කරගන්න.
http://www.thripitakaya.org/tipitakaya/Index/54?s=15