බුදුදහමෙහි සත්‍ය බව හා කාලීන බව පෙන්වන
මේ ධර්මතාවය සලකා බලන්න.
මේ ධර්මතාවය සෝ තැවුල් ඇති වෙන
ඕනෑම කෙනෙකුට අත්හදා බැලිය හැකි
සරල ධර්මතාවයකි.
සතර සතිපට්ඨානය
සෝතැවුල් ඉක්මයාමට එකම මාර්ගය ලෙස
බුදුන් වහන්සේ දේශනා කරනවා.
සෝ තැවුල් නම්
අතීතයෙ සිදුවූ අභාග්‍යසම්පන්න සිදුවීම්,
වියෝ වීම්, අහිමිවීම් ආදිය සිහි කරමින් ශෝක වීම සහ
අනාගතයේ සිදුවිය හැකි හෝ සිදුවේයැයි සිතන
අභාග්‍යසම්පන්න සිදුවීම්,
වියෝ වීම්, අහිමිවීම් ආදිය පිළිබඳව
සිතමින් තැවීමයි.
මේ තැවීම් වලට සමානුපාතිකව කය තුළද
අප්‍රිය ජනක ජෛව රසායනික වෙනස් වීම් සිදුවෙයි.
සෝ තැවුල් වලින් දුක් විඳින්නට
මූලිකම හේතුව වන්නේ
මේ අප්‍රියජනක කායික වනස්වීම්ය.
සෝ ලතැවුලින් පීඩා විඳින විට
සිතෙහි ශෝකී බවක් ඇත.
ඇතිවෙන සිතුවිලි ශෝකී, පරාජිත සිතුවිලිය.
විටෙක මේ සිතුවිලි කෙනෙක්
මත්පැනට යොමු කරයි..
සිය දිවිනසාගන්නට පොළඹවයි.
මේ අවස්ථාවන්හි
වෙනත් අරමුණුවලට සිත යොදවා
සෝතැවුල් වලින් මිදුනද
එම අරමුණුද තාවකාලික බැවින්
නැවත සොවින් තැවෙන්නට අවස්ථාව උදාවෙයි.
කිසිදු බාහිර සාධකයක ආධාරය නැතිව
සෝ තැවුල් වලින් මිදෙන්නට මෙන්ම
ඉන් ඇතිවෙන අභ්‍යන්තර වෙනස්වීම්ද
ඒ සමගම සමනය කරගන්නට
බුදු දහමෙහි මග පෙන්වා ඇත.
සෝතැවුල් ඉක්මයාමට ඒකායන මාර්ගය වූ
සතර සතිපට්ඨානය නම්
කය පිළිබඳව සිහිය සහ උපේක්ෂාව
වේදනා පිළිබඳව සිහිය සහ උපේක්ෂාව
සිත පිළිබඳව සිහිය සහ උපේක්ෂාව
සිතුවිලි පිළිබඳව සිහිය සහ උපේක්ෂාවයි.
මේ සතර ගැන සිහියෙන් හා
මේ සතරට උපේක්ෂාවෙන් වෙසෙන විට
සෝතැවුල් ඉකමවන්නට හැකිවන්නේ කෙලෙසද.?
සෝ තැවුල් ඇති වෙන විට අපේ සිත් පවතින්නේ
අනාගතයෙහි හෝ අතීතයෙහිය.
මේ සිත වර්තමානයට ගෙන ඒම නිසා
සෝතැවුල් ඇතිවෙන අරමුණු වලින් සිත මිදෙයි.
සෝ තැවුලින් මිදෙන්නට පළමු හේතුව එයයි.
දෙවනුව වර්තමානයට ගෙන එන සිත
අප යොදවන්නේ
සිත, කය දෙකට සහ
සිත, කය දෙකෙහි වෙනස්වීම් දකින්නටය.
සෝ තැවුල් ඇතිවෙන විට ඊට අදාළව
කයෙහි ජෛව රසායනික වෙනස් වීම් සිදුවෙයි.
මේ ජෛව රසායනික වෙනස් වීම්
වේදනා ලෙස කයෙහි ප්‍රකට වෙයි.
කයෙහි අප්‍රාණික, මළානික බවක් දැනෙයි.
හදවතෙහි උගුරෙහි වෙනස්කම් දැනෙයි.
මේ වෙනස්කම් පිළිබඳව සිහියෙන් වෙසෙන විට
මේ වෙනස්වීම් වලට උපේක්ෂාවෙන් සිටිනවිට
සෝ තැවුල් ඇති වීම නතර වෙයි.
සිත මුළු කය පිළිබඳවම
සිහියෙන් පවතිද්දි සිතට විවේකයි.
සිතේ පවතින උපෙක්ෂාව නිසා
සිත විවේකයෙන් පසුවෙයි.
සිතට සාපේක්ෂව
කය විවේකයෙන් පසුවෙයි.
සිත විවේකයෙන් නිසා
මොළයත් ස්නායු පද්ධතියත්
විවේකයෙන් පසුවෙනවා.
විවේකයක් ලද විටකදි
කයෙහි සිදු වී ඇති වෙනස්කම්
යථාතත්වයට පත් කරගැනීම කයෙහි
සාමාන්‍ය ස්වභාවයක්.
ඒ අනුව කය පිරිසිදු වෙනවා.
කය අනුව සිතත් පිරිසිදු වෙනවා.
සිත නිවෙනවා.
ඒ ක්‍රියාවලියෙදි
ජෛව රසායනික අපද්‍රව්‍ය ඉවත්වෙන නිසා
කයෙහි දැනුන අප්‍රසන්න වේදනා මැකෙනවා.
ඒ අනුව
සිතත් කයත් සහනය ලබනවා.
සෝ තැවුල් ඉක්මවන්නට
සතර සතිපට්ඨානය සරණ වන්නේ එසේයි.
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත
මේ ධර්මය විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකිය.
මේ ධර්මය සැම ආගමකටම පොදුය.
මේ ධර්මය සැම ජාතියකටම පොදුය.
මේ ධර්මය සැම කාලයටම පොදුය.
මේ ධර්මය සැම ආගමකටම පොදුය.
මේ ධර්මය සැම ජාතියකටම පොදුය.
මේ ධර්මය සැම කාලයටම පොදුය.