20121123

පැස්ටල් චිත්‍ර

16 X 20 in
Painted with Pentel Semi-soft Pastel
which was gifted by Mr. Amal Karunathlake

of Homrun pas Comany.
---------------------------------------------------------------------------------------------


ඉතිරි චිත්‍ර බොහොමයක් ඇඳල තියෙන්නෙ
Rembrandt Soft Pastal කියන වර්ගයෙන්.

සාමාන්‍යයෙන් මේ පැස්ටල් වලින් අඳිද්දි
පැස්ටල් කූර විතරයි පාවිච්චි කරන්නෙ.

ඒත් මේ චිත්‍ර වල තියන බොඳ වුණ ගතිය ගන්න
ඇඟිල්ලෙන් බොඳ කළා.

16 X 20in
From a Photo by Steve McCurry
 -------------------------------------------------------------------------------







16 X 20
Pentel Oil Pastel
----------------------------------------------------------------------


20 X 32 in
Painted with Pentel Semi-soft Pastel
which was gifted by Mr. Amal Karunathlake
of Homrun pas Comany.
 -------------------------------------------------------------------------------

0n 20 X 25 Lanka Bristol board
Painted with Pentel Semi-soft Pastel
which was gifted by Mr. Amal Karunathlake
of Homrun pas Comany.
 ================================================





16 X 20
At a Hotel near the Railway Station of Poona,
where OSHO lived.
-------------------------------------------------------------------------------








මගේ ජීවිතයේ මට හමු වූ වැදගත්ම නාඳුනන පුද්ගලයායි මේ.

කිසිදු සැලකිය යුතු බාහිර හේතුවක් නොමැතිව
බලවත් මානසික ආතතියකට ගොදුරුව
කොණ්ඩයත් රැවුලත් වවාගෙන
සමාජය තුළම සමාජයෙන් ඉවත්ව විසුවෙමි.

1991 අලුත් අවුරුදු සමයේදී මා හඳුනන සමාජයෙන් පලාගොස්
නුවර, ගලහ පාරේ නිල්ලඹ යෝගාශ්‍රමයේ හිස සඟවාගෙන
සැනසිල්ලේ සිටින දිනවල Thiery නම් මේ ප්‍රංශ ජාතික සංචාරකයා
මගේ අල්ලපු කාමරයේ නවාතැන් ගෙන සිටියේය.

ඉන් පිටවන්නට සූදානම් වූ දින උදය ආහාරයෙන් පසු
මා හමුවට පැමිණි ඔහු, නිහඬතාවය බිඳීම ගැන සමාව අයැද
මා මෙතෙක් පුහුණු කළ භාවනා ක්‍රම ගැන විමසීය.
මා කෙටියෙන් පිළිතුරු දුන් පසු ඒ ක්‍රම ගැන කිසිවක්ම නොකී ඔහු
"ලබන මාසෙ ඉන්දියාවෙ ඉඳල හොඳ විපස්සනා ගුරුවරයෙක් එනවා.
මම ඒ පාඨමාලාව හත් වරක් කරල තියනවා.
කැමති නම් කරන්න"
ඔහු දැඩි විශ්වාසයෙන් යුතුව එක එල්ලේම පැවසීය.

ඔහු ලංකාවට පැමිණි අරමුණ ඉටුකරගනිමින්,
පසුව ඥාණානන්ද නමින් තාවකාලිකව පැවිද්ද ලබා සිටි ඔහුයි මේ.
--o--
1991 වෙසක් පොහොය දිනවල බෙන්තොටදී
S. N. Goenka තුමා ඉගැන්වූ
   දින දහයක විපස්සනා පාඨ මාලාව හැදෑරීම ඇරඹුවෙමි.

මගේ ජීවිතයත්, ධර්මයත් පිළිබඳ අවබෝධය
දැඩි ලෙස වෙනස් කරමින්, තියුණු කරමින්
මට මා තුළ මා දකින්නට පළමු වරට අවස්ථාව ලබාදුන් 
ඒ දෛවෝපගත විපස්සනා පාඨමාලාවෙන් පසුව
මම මගේ මාර්ගෝපදේශක සහෘදයා සොයාගෙන
දොඩන්දූවේ, පොල්ගස්දූවේ ආරණ්ය සෙනසුනට ගියෙමි.
එහි දින හතරක් විසුවෙමි.
ඔහු මෙසේ සිතුවමට නැගුවෙමි.
==================================================


2 comments:

  1. පැස්ටල් වලින් මෙචර දෙයක් පුළුවන් කියල දන්නේ අද.නියමයි :)

    ReplyDelete
  2. මමත් ආස ක්‍රමයක් තමයි පැස්ටල්. හරිම අපූරුයි.

    ReplyDelete