සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”
මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.
අත්තානං දමයන්ති පණ්ඩිතා.
බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”
මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.
අත්තානං දමයන්ති පණ්ඩිතා.
බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..
පිරිසිදු වෙන්නට හැකියාව ලැබෙන්නේ
ආත්ම දමනය ඇත්තාට පමණයි.
---------------------------------------------------------------------------
දෙවැන්නා - සාමාන්‍ය රිය එළවන අන් ජනයා -
කෝපය පාලනය කර නොගෙන
කෝපයේ තෝන් ලණුව ඔහේ අල්ලාගෙන
රියට කැමති තැනක යන්නට
ඉඩ දෙන්නායි.
දමනය කරගන්නටත් ක්‍රම තුනක් තියනවා.
කෝපය ඉවතලන්නා
අනුගමනය කරන්නෙ දෙවැනි ක්‍රමයයි..
පළවෙනි ක්‍රමය
කෝපය තියෙද්දි ප්‍රතික්‍රියා නොකිරීම.
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි
බුදුන් වහන්සෙ සඳහන් කරන්නෙ
කාටත් පොදු ඒ ක්‍රමය අනුවයි..
කාට වුණත් පටන් ගන්න වෙන්නෙ එතනින්..
දෙවෙනි ක්‍රමය
කෝපය තියෙද්දි
හිත හුස්මට හෝ
තමන් හුරුකළ
වෙනත් අරමුණකට යොමු කිරීම..
කෝපය ඉවත ලන්නා කියන්නෙ ඔහුටයි..
ඔහුගෙ කෝපයත්
පළමු වැන්නාගේ කෝපයත්
හිතේ ඉඩ කොටසක් වහගෙන පදිංචි වෙනවා.
පළමුවැන්නාගේ කෝපය ක්‍රියාවෙන්,
වචනයෙන් සහ
දින ගණනක් හෝ කාලයක් තිස්සෙ මුල් අදිමින්
විශාල ප්‍රදේශයක් වසා පැතිරෙන්න පුලුවන්.
ඔහුට සිහිය තියනවා.
සිදුවෙන දේට උපේක්ෂාව නැහැ.
දෙවැන්නාට කෘතිම උපේක්ෂාවක් තියනවා.
ඔහු සිදුවෙන දේට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ.
කෙනෙක් ඔහුට බණිනවා.
ඔහු ගීතයක් රස විඳිනවා.
ඔහුට උපේක්ෂාව තිබුණට
සිහිය නැහැ.
තෙවැන්නාට තමා තුළ ඇතිවී ඇති කෝපයත්
ඒ කෝපයෙන් ඔහුගෙ කයෙහි හා සිතෙහි
ඇතිවී තියන වෙනසත් හොඳින් පෙනෙනවා.
ඔහුට තමා පිළිබඳව සිහිය තියනවා.
ඒ වගේම ඒ සිදුවී ඇති වෙනසට උපේක්ෂාවත් තියනවා.
ඔහු කෝපයෙන් වියරු නොවැටී
අවශ්‍ය ප්‍රතිචාරය
සන්සුන්ව දක්වනවා.
ඔහු කරන ප්‍රකාශය දැඩි හෝ
රළු වෙන්න පුලුවන්.
එහෙත් ද්වේශය නැහැ.
දුක කියන්නෙ පලවෙනි ආර්ය සත්‍යය..
ඔබට තාඩන පීඩන කරන අය
ප්‍රායෝගිකව ඒ සත්‍යය ඔබට වටහා දෙනවා.
දුකෙන් මිදෙන්න හිතෙන්නෙ
සිහියෙන් දුක් විඳපු අයයි..
දුකෙන් වියරු වැටෙන අය
වෙනත් පිස්සු වැඩ කරද්දි
දුකෙන් මිදෙන්න හිතෙන්නෙ
සිහියෙන් දුක් විඳපු අයයි..
.
දුකෙන් මිදීම කියන්නෙ
අවසාන වශයෙන් නිවන් දැකීම වුණාට
මේ මොහොතෙත්
දුක සහ දුකෙන් මිදීම තියනවා.
මේ මොහොතෙ දුකෙන් මිදන ක්‍රමය
තෙවැනි ක්‍රමයයි.
අනිත් ක්‍රම දෙකම
බුද්ධොත්පත්තියට පෙර සිටම තිබුණා.
මේ පිළිබඳව දැනුමත් තිබුණා.
මේ ක්‍රමය ප්‍රායෝගිකව සොයාගෙන
ලොවට දායාද කළේ
බුදුන් වහන්සේයි.
බුදු දහමෙහි හරයත්, කේන්ද්‍රයත්,
පදනමත්, කැණිමඬලත් මෙයයි.
===============================================රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී...
ආත්ම දමනය ඇත්තාට පමණයි.
---------------------------------------------------------------------------
දෙවැන්නා - සාමාන්‍ය රිය එළවන අන් ජනයා -
කෝපය පාලනය කර නොගෙන
කෝපයේ තෝන් ලණුව ඔහේ අල්ලාගෙන
රියට කැමති තැනක යන්නට
ඉඩ දෙන්නායි.
දමනය කරගන්නටත් ක්‍රම තුනක් තියනවා.
කෝපය ඉවතලන්නා
අනුගමනය කරන්නෙ දෙවැනි ක්‍රමයයි..
පළවෙනි ක්‍රමය
කෝපය තියෙද්දි ප්‍රතික්‍රියා නොකිරීම.
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි
බුදුන් වහන්සෙ සඳහන් කරන්නෙ
කාටත් පොදු ඒ ක්‍රමය අනුවයි..
කාට වුණත් පටන් ගන්න වෙන්නෙ එතනින්..
දෙවෙනි ක්‍රමය
කෝපය තියෙද්දි
හිත හුස්මට හෝ
තමන් හුරුකළ
වෙනත් අරමුණකට යොමු කිරීම..
කෝපය ඉවත ලන්නා කියන්නෙ ඔහුටයි..
ඔහුගෙ කෝපයත්
පළමු වැන්නාගේ කෝපයත්
හිතේ ඉඩ කොටසක් වහගෙන පදිංචි වෙනවා.
පළමුවැන්නාගේ කෝපය ක්‍රියාවෙන්,
වචනයෙන් සහ
දින ගණනක් හෝ කාලයක් තිස්සෙ මුල් අදිමින්
විශාල ප්‍රදේශයක් වසා පැතිරෙන්න පුලුවන්.
ඔහුට සිහිය තියනවා.
සිදුවෙන දේට උපේක්ෂාව නැහැ.
දෙවැන්නාට කෘතිම උපේක්ෂාවක් තියනවා.
ඔහු සිදුවෙන දේට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ.
කෙනෙක් ඔහුට බණිනවා.
ඔහු ගීතයක් රස විඳිනවා.
ඔහුට උපේක්ෂාව තිබුණට
සිහිය නැහැ.
තෙවැන්නාට තමා තුළ ඇතිවී ඇති කෝපයත්
ඒ කෝපයෙන් ඔහුගෙ කයෙහි හා සිතෙහි
ඇතිවී තියන වෙනසත් හොඳින් පෙනෙනවා.
ඔහුට තමා පිළිබඳව සිහිය තියනවා.
ඒ වගේම ඒ සිදුවී ඇති වෙනසට උපේක්ෂාවත් තියනවා.
ඔහු කෝපයෙන් වියරු නොවැටී
අවශ්‍ය ප්‍රතිචාරය
සන්සුන්ව දක්වනවා.
ඔහු කරන ප්‍රකාශය දැඩි හෝ
රළු වෙන්න පුලුවන්.
එහෙත් ද්වේශය නැහැ.
දුක කියන්නෙ පලවෙනි ආර්ය සත්‍යය..
ඔබට තාඩන පීඩන කරන අය
ප්‍රායෝගිකව ඒ සත්‍යය ඔබට වටහා දෙනවා.
දුකෙන් මිදෙන්න හිතෙන්නෙ
සිහියෙන් දුක් විඳපු අයයි..
දුකෙන් වියරු වැටෙන අය
වෙනත් පිස්සු වැඩ කරද්දි
දුකෙන් මිදෙන්න හිතෙන්නෙ
සිහියෙන් දුක් විඳපු අයයි..
.
දුකෙන් මිදීම කියන්නෙ
අවසාන වශයෙන් නිවන් දැකීම වුණාට
මේ මොහොතෙත්
දුක සහ දුකෙන් මිදීම තියනවා.
මේ මොහොතෙ දුකෙන් මිදන ක්‍රමය
තෙවැනි ක්‍රමයයි.
අනිත් ක්‍රම දෙකම
බුද්ධොත්පත්තියට පෙර සිටම තිබුණා.
මේ පිළිබඳව දැනුමත් තිබුණා.
මේ ක්‍රමය ප්‍රායෝගිකව සොයාගෙන
ලොවට දායාද කළේ
බුදුන් වහන්සේයි.
බුදු දහමෙහි හරයත්, කේන්ද්‍රයත්,
පදනමත්, කැණිමඬලත් මෙයයි.
===============================================රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී...
ද්වේශය පහළ වූ විට
ReplyDeleteමා දුකෙන් මිදෙන ක්‍රමය මෙයයි..
------------------
මා තුළ ද්වේශය පහළ වෙද්දී
ශරීරය තුළ
ගැටෙන්නට, පහර දෙන්නට හෝ
හැකි ඉක්මණින් පලායන්නට
සතෙකුට උපකාරීවෙන හෝමෝන
මා තුළත් ඉපදී ක්‍රියාත්මක වෙනවා.
එය ද්වේශය මුල් කරගත්
ශාරීරික වෙනසක්..
ශරීරය තුළ සිදුවෙන
රසායනික වෙනස්වීම් ඍජුවම
අපට පාලනය කරන්න බැහැ..
ඒ ශාරීරික වෙනසට ඉඩ ලැබුණොත්
ඉන් මගේ හිත කැළඹෙනවා.
සාමාන්‍යයෙන්
හැමදෙනා තුළම සිදු වන්නේ එයයි.
එහෙත් මා ලද විපස්සනා පුහුණුව නිසා
ඒ ස්වාභාවික ශාරීරික වෙනස
මගේ හිත අවුල් කරන්නට පෙරම
කයෙහි මතුවෙන වේදනා මාලාව
මා හඳුනාගන්නවා.
ඒ වේදනා පිළිබඳව සිහියෙන්
ඒ වේදනා වලට උපේක්ෂාවෙන් වෙසෙමින්
මා සන්සුන්ව අවස්ථානුකූලව
හැසිරෙනවා.
මෙය න්‍යායක් නොවෙයි..
දිය බඳුනක් රත් කරගන්නාක් මෙන්
ප්‍රායෝගික ක්‍රමයක්..
දියෙහි වැටුන කෙනෙක්
ඵිනා ගොඩ වෙන්නක් මෙන්
පුහුණු විය හැකි
ප්‍රායෝගික ක්‍රමයක්..
බුදු දහමෙහි අරමුණ දුකෙන් මිදීමයි.
ReplyDeleteද්වේශය පහළ වූ කෙනෙක්
ද්වේශයෙන් ක්‍රියා නොකළොත්
ද්වේශය දකින්නට ඇති එකම සලකුණ
කයෙහි ඇති වෙන වේදනා පමණයි..
ඔබට ද්වේශය පහළ වූ බව
ඔබ දැනගන්නේ
ඔබ තුල පහළ වෙන වේදනා නිසයි.
සබ්බේ ධම්මා වේදනා සමො සරණා.
සිතෙහි ඇති වෙන ඇම ධර්මතාවයක්ම
ශාරීරික වේදනාවක් සරණ කොට පවතිනවා.
සිතෙහි ද්වේශය දකින්නට බැහැ..
සිතෙහි ද්වේශය කෙනෙක් දකින්නේ
කයෙහි වේදනා නිසයි.
ඒ වේදනාව පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටින විට
ද්වේශය සංසිඳෙනවා.
ද්වේශය සංසිඳෙනතුරු
සිහියත් උපේක්ෂාවත් ඇති නිසා
ඔහු සිත කය වචනයෙන්
සංවරයි..
ඒ අවස්ථාව බුදුන් වහන්සේ
මෙලෙසින් අගය කරනවා.
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”
යමෙක් සිතෙහි
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි මම කියමි.
සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.