විදසුන ගැන
අදහස් පළ කළ යුත්තේ
අත්දැකීමට සම්බන්ධවයි.
අදහස් පළ කළ යුත්තේ
අත්දැකීමට සම්බන්ධවයි.
දහම් පොත් කියවලා
ධර්මය ශ්‍රවණය කරලා
තේරුම් අරන් තියන බොහෝ දේ
අත් දැකීම ලැබෙනකොට ප්‍රතික්ෂේප වෙනවා.
අත්දැකීමට සාපේක්ෂව බලද්දි
බොහෝ පොත්පත් වල තියෙන්නෙ
අමූලික බොරු බව වැටහෙනවා.
අමූලික බොරුවක්
අත්දැකීමෙන් විඳින්නට බැරි නිසා
හැමවිටම තමන් වැරදියි කියලයි හිතෙන්නෙ.
සත්‍ය දහම විඳ ප්‍රත්‍යක්ෂ
කරගන්න පුලුවන්.
මහා සතිපට්ඨාන සූත්‍රය ඉතාම සරලයි..
පැහැදිලියි.. ප්‍රායෝගිකයි..
මනසින් විග්‍රහ කරන අයට නම්
මහා සතිපට්ඨාන සූත්‍රය සංකීර්ණයි.
පුටුවෙම ඉඳගෙන ජීවත්වෙන
ධර්ම දේශකයෙක් ලියන
පොතකින් ඉගෙන ගන්න ගියොත්
ඔබ මේ වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිටින එකත්
ඉතාම සංකීර්ණ සහ ගැටළු සහගත වැඩක්
කියල හිතන්න පුලුවන්.
මනසින් පොත්පත් විග්‍රහ කරන අය
හැමවිටම වගේ තෝරාගන්නේ
සංකීර්ණ ගැටළු සහගත විග්‍රහයන්..
බොහෝ දෙනා
බුදුන් වහන්සේගෙ සරල ධර්මය වෙනුවට
සංකීර්ණ අටුවා ටීකා ටිප්පණී
ඇසුරු කරන්න ප්‍රිය කරනවා.
දහම අත්දැකීමක් විදියට
සංවාද කරනවා නම්
සංවාද ඉතාම නිශ්චිත
සරල ක්ෂේත්‍රයකට සීමා වෙනවා.
කෙළවරක් නැතිව පහලවෙන හිතලු මත
දහම ගැන තර්කයට ගියාම
දින ගණන් වාද කරමින්
සක්වළ පුරා සැරි සරන්න පුලුවන්.
දහම තමන් තුළ දකින දෙන්නෙකුට
සංවාද කරල ඉගෙනගන්න දේ තියනවා.
පොත්වල දකින අයට
ඔවුන් දැඩිව අල්ලගෙන ඉන්න දෘෂ්ඨි
තව තවත් උපාදාන වීමෙන් එහා
කිසිවක් සිදුවෙන්නෙ නැහැ.
ආනාපාන සතිය
නිවැරදිව වඩන කෙනෙක්
මුහුණදෙන සංසිද්ධීන්
ඉතා සරලව, පේලි කිහිපයකින්
සතිපට්ඨාන සූත්‍රයෙ මුලදිම
බුදුන් වහන්සෙ විසින් විස්තර කරනවා.
එහිදී ආනාපාන සතියෙහි අරමුණ
කයෙහි ඉරියව් දකින්නට
හිත පුහුණු කිරීමයි.
ආනාපාන සතියෙන්
කෙනෙකු මුලු සිරුරටම
සංවේදී වෙනවා.
එහෙම නොවී
වෙන මොනව හරි වෙනවා නම්
ඔහුට පිහිටන්නෙ වෙන දෙයක්..
සතිය නෙමෙයි.
වේදනා වුනත්
අනුපස්සනා කරන කෙනෙකුට
වෙදනා වර්ග තුනයි තියෙන්නෙ.
ආයෙත් සාමිස හා
නිරාමිස වශයෙන් බෙදෙනවා.
එපමණයි.
වේදනා ගැන සිහියෙන් ඉන්න
උත්සාහ කරන කෙනෙකුට
ගමන සරලයි...
තර්ක විග්‍රහ අවශ්‍ය නැහැ.
ඒත් පොත් පත් කියවමින්
වේදනානුපස්සනා ගැන
තර්ක කරමින් විග්‍රහ කරමින්
කල් ගෙවන කෙනෙකුට
කල්ප ගාණක් තර්ක කළත්
වේදනා කියන්නෙ මොකක්ද කියල
දැනගන්න ලැබෙන්නෙ නැහැ.
වේදනා කියන්නෙ
මොළෙන් විඳින දෙයක් නෙමෙයි..
කයෙහි කය දකින කෙනෙකුට මිසක්
පොත්වල වේදනා හොයන කෙනෙකුට
වේදනා දකින්න බැහැ.
අනික් අනුපස්සනාත් එහෙමයි.
බුදුන් වහන්සේ තමා තුළ තමා දැක
විඳ ප්‍රත්‍යක්ෂ කරගත් දහම
උන්වහන්සේ දෙසූ අයුරින්
විඳ ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ
තමාම විසින් තමා තුළමයි.
අත් දැකීම ලැබෙනකොට ප්‍රතික්ෂේප වෙනවා.
අත්දැකීමට සාපේක්ෂව බලද්දි
බොහෝ පොත්පත් වල තියෙන්නෙ
අමූලික බොරු බව වැටහෙනවා.
අමූලික බොරුවක්
අත්දැකීමෙන් විඳින්නට බැරි නිසා
හැමවිටම තමන් වැරදියි කියලයි හිතෙන්නෙ.
සත්‍ය දහම විඳ ප්‍රත්‍යක්ෂ
කරගන්න පුලුවන්.
මහා සතිපට්ඨාන සූත්‍රය ඉතාම සරලයි..
පැහැදිලියි.. ප්‍රායෝගිකයි..
මනසින් විග්‍රහ කරන අයට නම්
මහා සතිපට්ඨාන සූත්‍රය සංකීර්ණයි.
පුටුවෙම ඉඳගෙන ජීවත්වෙන
ධර්ම දේශකයෙක් ලියන
පොතකින් ඉගෙන ගන්න ගියොත්
ඔබ මේ වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිටින එකත්
ඉතාම සංකීර්ණ සහ ගැටළු සහගත වැඩක්
කියල හිතන්න පුලුවන්.
මනසින් පොත්පත් විග්‍රහ කරන අය
හැමවිටම වගේ තෝරාගන්නේ
සංකීර්ණ ගැටළු සහගත විග්‍රහයන්..
බොහෝ දෙනා
බුදුන් වහන්සේගෙ සරල ධර්මය වෙනුවට
සංකීර්ණ අටුවා ටීකා ටිප්පණී
ඇසුරු කරන්න ප්‍රිය කරනවා.
දහම අත්දැකීමක් විදියට
සංවාද කරනවා නම්
සංවාද ඉතාම නිශ්චිත
සරල ක්ෂේත්‍රයකට සීමා වෙනවා.
කෙළවරක් නැතිව පහලවෙන හිතලු මත
දහම ගැන තර්කයට ගියාම
දින ගණන් වාද කරමින්
සක්වළ පුරා සැරි සරන්න පුලුවන්.
දහම තමන් තුළ දකින දෙන්නෙකුට
සංවාද කරල ඉගෙනගන්න දේ තියනවා.
පොත්වල දකින අයට
ඔවුන් දැඩිව අල්ලගෙන ඉන්න දෘෂ්ඨි
තව තවත් උපාදාන වීමෙන් එහා
කිසිවක් සිදුවෙන්නෙ නැහැ.
ආනාපාන සතිය
නිවැරදිව වඩන කෙනෙක්
මුහුණදෙන සංසිද්ධීන්
ඉතා සරලව, පේලි කිහිපයකින්
සතිපට්ඨාන සූත්‍රයෙ මුලදිම
බුදුන් වහන්සෙ විසින් විස්තර කරනවා.
එහිදී ආනාපාන සතියෙහි අරමුණ
කයෙහි ඉරියව් දකින්නට
හිත පුහුණු කිරීමයි.
ආනාපාන සතියෙන්
කෙනෙකු මුලු සිරුරටම
සංවේදී වෙනවා.
එහෙම නොවී
වෙන මොනව හරි වෙනවා නම්
ඔහුට පිහිටන්නෙ වෙන දෙයක්..
සතිය නෙමෙයි.
වේදනා වුනත්
අනුපස්සනා කරන කෙනෙකුට
වෙදනා වර්ග තුනයි තියෙන්නෙ.
ආයෙත් සාමිස හා
නිරාමිස වශයෙන් බෙදෙනවා.
එපමණයි.
වේදනා ගැන සිහියෙන් ඉන්න
උත්සාහ කරන කෙනෙකුට
ගමන සරලයි...
තර්ක විග්‍රහ අවශ්‍ය නැහැ.
ඒත් පොත් පත් කියවමින්
වේදනානුපස්සනා ගැන
තර්ක කරමින් විග්‍රහ කරමින්
කල් ගෙවන කෙනෙකුට
කල්ප ගාණක් තර්ක කළත්
වේදනා කියන්නෙ මොකක්ද කියල
දැනගන්න ලැබෙන්නෙ නැහැ.
වේදනා කියන්නෙ
මොළෙන් විඳින දෙයක් නෙමෙයි..
කයෙහි කය දකින කෙනෙකුට මිසක්
පොත්වල වේදනා හොයන කෙනෙකුට
වේදනා දකින්න බැහැ.
අනික් අනුපස්සනාත් එහෙමයි.
බුදුන් වහන්සේ තමා තුළ තමා දැක
විඳ ප්‍රත්‍යක්ෂ කරගත් දහම
උන්වහන්සේ දෙසූ අයුරින්
විඳ ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ
තමාම විසින් තමා තුළමයි.
No comments:
Post a Comment