20121123

හුදෙකලාව විසීම උතුම්

කල්ලි ගැහෙන එක
දුර්වලකමේ හා පරපෝෂණයෙ ලක්ශණයක්.


ජාති අන්ධයන් අහිංසකයි.
දෘෂ්ඨි අන්ධයන් අනර්ථකරයි.
මන්ද ඔවුහු අඳබාල රැල වැඩි කර ගැනීමට
කල්ලි ගැසීමේ රෝගයෙන් පෙළෙන බැවිනි.

බුදුන් වහන්සෙටවත්
සැරියුත් මුගලන් තෙරුන් වහන්සෙලාටවත්
කල්ලි හිටියෙ නැහැ.

සංඝ සමාජය කියන්නෙ
එක පුද්ගලයෙක් වටා ගොඩ නැගුන
කල්ලියක් නෙමෙයි.

නිවන් දුටු හෝ
නිවන සොයන
තනි ස්වාධීන පුද්ගලයන්ගෙන් සැදුන
එකිනෙකා මත යැපෙන්නෙ නැති
නිදහස් සමාජයක්.

කල්ලි වාදයෙන් පෙනෙන්නෙ
ඔවුන් ලෞකික දැහැන් වඩමින්
කල්ලි නායකයාට
භජන් ගයමින්
ලෝකයෙන් වෙන්වෙලා
තමන්ගෙ කුඩා ලෝකයක් හදාගෙන
තමන්ටම වෙනම දහමක් හදාගෙන
නිවන් මගෙන් බැහැරව
යන බවයි.

‘‘එකස්‌ස චරිතං සෙය්‍යො,
නත්‌ථි බාලෙ සහායතා;
එකො චරෙ න ච පාපානි කයිරා,
අප්‌පොස්‌සුක්‌කො මාතඞ්‌ගරඤ්‌ඤෙව නාගො’’ති.

බාලයන්ගේ සහායෙන් තොරව
හුදෙකලාව විසීම උතුම්ය.
තනිව වනයෙහි හැසිරෙන
මාතංග හස්තියා මෙන්
විසීමෙන් පව්ද නොපිරේ.

No comments:

Post a Comment