20121123

අයුක්තියට එරෙහිවන්නා

https://c479107.ssl.cf2.rackcdn.com/files/3590/width668/Poland_far_right.jpg
අයුක්තියට එරෙහිවීම නොකරන කෙනෙකු වුවත්
අයුක්තියට එරෙහිවන්නා අගයකළ යුතුය.

අයුක්තියට එරෙහි වීම යනු
හැමවිටම අයුක්තියට එරෙහිව
සටන් වැදීම නොවේ.

තමන් අයුක්තිගාමී නොවීමම
උපරිමයෙන් අයුක්තියට එරෙහිවීම
වියහැකි අවස්ථා ඇත.

මේත් එවන් අවස්ථාවකි.
ජයගත නොහැකි බව දැන දැන
අයුක්තියට එරෙහි වීම
නාස්තියකි.

ඕනෑම සටනකදී
ස්ථාවරයන් ගොඩ නැගෙන්නේ
කරුණු හතරක් මතය.
1, ප්‍රතිවාදියා ගැන අවබෝධය.
2, ප්‍රතිවාදියාගේ ශක්ති මට්ටම.
3, අප ගැන අවබෝධය.
4, අපේ ශක්ති මට්ටම.

මේ සාධක ගැන නිසි ගෞරවයකින් තොරව
හැඟීම් බරව එළඹෙන සටන් පරදිනු නියතය.


ප්‍රබල හැඟීමත් දත්මිටි කෑමත්
සටන් වදින්නන්ට මිස
සටන් මෙහෙයවන්නන්ට සුදුසු
ආයුධ නොවේ.

No comments:

Post a Comment