20170313

ගාල්ලේ පුදුම දොස්තර නාමල් ගමගේ - අපේ යුගයේ ජීවකයාණෝ


1998 සිට 2015 වනවිට
හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදුකොට ඇති
විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ
(2014) සිදුකොට ඇති හෘද සැත්කම් සංඛ්‍යාව 579 කි.
රෝගීන් විසින් වෛද්‍ය ගමගේ හඳුන්වනු ලබන්නේ
'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන්. 
වෛද්‍ය නාමල් ගමගේ
වෛද්‍ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද
බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය.
අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය.
කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ
මේ වෛද්‍යවරයා කාබනික පොහොර යොදා ගනිමින්
වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්,
කුඹුරට බැස අස්වද්දන්නෙකි.
ඊට ගැමියෝ ද උදව් උපකාර කරති.

ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද
නාමල් ගමගේ මහතා විය යුතුය.
පැහෙන කිරි වැදෙන වී කරල්
තම කුඹුරේ නැළවෙන කාලයට
සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන)
මේ දොස්තර ගොවියා
ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි.
 
 ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
.

1998 වන විටත්
ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන ලද්දේ
කොළඹ පමණි.

කොළඹින් පිට පළාත්වල
ඊට සුදුසුකම් නැතැයි පොදු පිළිගැනීම විය.
ඒ මතය බිඳ දමමින් දැඩි දුෂ්කරතා මැද
වෛද්‍ය නාමල් ගමගේ විසින්
ගාල්ල කරාපිටිය රෝහලේ
අනෙකුත් සැත්කම් සිදු කරන ශල්‍යාගාරයක
හදවත් සැත්කම් ආරම්භ කළේය.
එය සාර්ථක විය.

තමන්ගේ සාර්ථකත්වය පෙන්වූ ඔහු
දිගින් දිගටම කරාපිටියට හදවත් සැත්කම් සඳහා
වෙනම ඒකකයක් ලබා දෙන ලෙස
ඉල්ලීම් කළේය.

ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයේ
ධෛර්යවත් අරගලය ජය ගනිමින්
2003 වසරේදී නව හෘද ශල්‍ය ඒකකය විවෘත කෙරිණි.
ඉන් පසුව දිනකට හදවත් සැත්කම් 4, 5 බැගින්
මාසයකට සැත්කම් 60ක් 70ක් පමණ
වෛද්‍ය නාමල් ගමගේ ප්‍රධාන කණ්ඩායම සිදු කළේය.
දිනපතා සැත්කම් ආරම්භ කරන ලද්දේ
අලූයම තුනට පමණය.
මේ ආකාරයට වසරකට සිදු කරන ලද
සැත්කම් ප්‍රමාණය 700ක් පමණ විය.

ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන
කොළඹ, නුවර, කුරුණෑගල ආදී අනෙක් සියලූම ශල්‍යාගාරවල
දිගු පොරොත්තු ලේඛන තිබේ.
( 2017 මාර්තු වන විට මහනුවර ශික්ෂණ රෝහලේ
හෘද සැත්කම් පොරොත්තු ලේඛනය පන්දහස ඉක්මවා ඇත.
සතියකට කෙරෙනුයේ සැත්කම් තුනක් පමණි.)

අලුත් හදවත් රෝගියකුගේ සැත්කම සඳහා දින ලැබෙන්නේ
වසරකට හෝ ඊට වැඩි කාලයකට පසුවයි.
මේ නිසා ඉඩකඩම් විකුණා හෝ මුදල් සපයා ගත හැකි අය
පෞද්ගලික අංශයේ රෝහල්වලින්
රුපියල් ලක්ෂ 10 සිට 20 පමණ දක්වා මුදලක් ගෙවා
සැත්කම් කර ගනියි.
ඒ හැකියාව නොමැති,
නියමිත දිනය එන තෙක්
කල් අල්ලා සිටිය නොහැකි රෝගීන්ට සිදු වන්නේ
මිය යාමටය.
එය ලංකාවේ සාමාන්‍ය තත්වයයි.

එසේ තිබියදී
කරාපිටිය රෝහලේ
හදවත් සැත්කම් රෝගීන්ගේ පොරොත්තු ලේඛනය
2008 වසරේදී අවසන් විය.
එතැන් පටන් රෝගියකු සඳහා
සැත්කමක් කළ යුතු යැයි නිගමනය කළ දිනයේ සිට
මසක කාලයක් තුළ සැත්කම සිදු කරනු ලැබීය.
එය මුළුමනින්ම
වෛද්‍ය නාමල් ගමගේ ප්‍රමුඛ
කාර්ය මණ්ඩලයේ ජයග්‍රහණයකි.
මේ නිසා මිය යාමට ඉරණම් කෙටී සිටි රෝගීන්
දහස් ගණනකට ජීවත් වීමට වරම් ලැබිණි.
ජුනි 14, 2015 ජනක තුෂාර

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

"අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව
ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි.
පුංචි දරුවන් ගැන
අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා.

ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්.
ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි.
1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා
දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ.
සමහර දිනට මා කියනවා
අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා
ඒ ලිපිනයට ලියුම් යවන්ඩ.
දුරකථන ඇමතුමක් දෙන්ට කියලා.
සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු
ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක්
පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම
ඒ ඥාතින් මා හමුවෙලා කියනවා
'ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි' කියලා.
අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා.
මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්,
ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා.
එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට
ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ.
ඒකට කාලයක් යනවා."

බැටරියක ආලෝක ධාරාවකින් 
බයිපාස් සැත්කම කළ කරාපිටියේ හිතහොඳ දොස්තර

උපාලි සමරසිංහ - http://www.silumina.lk/

ඒ 2015 08 08 දා හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්‍රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැ‍ගෙන්නට වීය. රෝහල අසල ට්‍රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්‍රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්‍ය වෛද්‍ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.

කීර්තිමත් හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්‍ය වෛද්‍ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි.

වෛද්‍ය නාමල් ගමගේ බැටරියක දුබල ආලෝකය ඇසුරු කැර රෝගියාගේ උරහිස මැස්ම පටන් ගත්තේය. ඒ වන විට කරන්නට තිබුණේ ද ඒ ටික පමණය. විදුලි එළියෙන් කරන කාර්යභාරයටත් වඩා පරිස්සමින් වසර 16 ක ක අත්දැකීම් හා පරිචය ඇසුරුකොට එතුමා සාර්ථකව ශල්‍යකර්මය නිමා කළේය. මෙය ලෝක වාර්තාවක් බව අප දන්නා වුවත් වෛද්‍ය නාමල්ට එය ගණනක් නැතිය. ඒ නිසා එතුමා ඉන් උදම් නොවේ.

ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. හදිසි අවස්ථාවක ක්‍රියා කරන්න මා පුරුදු වෙලා ඉන්නවා. ඔය වෙලාව වෙනකොට ඔපරේෂන් එකේ ගොඩක් කරලා ඉවරයි. කරන්න තිබුණෙ දෙකට කපා පැලු උරහිස නැවත මැසීමයි. අකුණක් වැදිලා ට්‍රාන්ස්පෝමර් හා ජෙනරේටර් දෙකම පිච්චිලා ගියා. රෝහල අඳුරේ ගිලුණා. මං බයිෆාස් සැත්කම නැවැත්තුවෙ නෑ. එහෙම වුණානම් අනතුරුදායකයි. එදා උදේ 3 ට විතර වැඩ පටන් ගත්තේ. මේ සිද්ධිය වෙනකොට උදේ 5.45 ට විතර ඇති. මං සීරුවට පුංචි බැටරියක ආලෝක ධාරාවකින් මැස්ම කළා. රෝගියා දැන් සුවෙන් ඉන්නවා. වෛද්‍යතුමා මට එසේ කීවේ එය ඉතා සුළු සිද්ධියක් ලෙස සලකමිනි.

එහෙත් අපට එය බරපතළ පාඩමකි. චැනල් කරමින් අතිවිශාල මුදල් නියම කරන ඔපරේෂන්වලට තම හත්මුතු පරම්පරාවක් හම්බ කළ සල්ලි ඉල්ලන ඉන්ෂුවරන්ස් එක ඉවරනම් තම පෞද්ගලික රෝහලින් ලෙඩා රජයේ රෝහලට ගෙන යන්නට නියම කරන, ඔපරේෂන් කරන අතර වෙනත් බහුවිධ කාරණාවලට හිත යොමු කරන ඇතැම් ජීවක පරම්පරාවක් සිටින මේ රටේ එතුමා අපට පරමාදර්ශයකි. හිපොක්‍රටිස් නියමය රකින සැබෑ වෛද්‍යවරයෙකි.


ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ගැන මම අතිශයෝක්ති වර්ණනයක් නොකරමි. ප්‍රායෝගික ලෝකයෙන්ම එතුමා වීර්යවන්ත සැබෑ මානවවාදියකු බවට ඕනෑතරම් නිදර්ශන රෝගීන් අතරින්ම සොයා ගත හැක්කේය. එතුමා 98 වසරේ සිට 2015 මේ දක්වා ජීවිත 12,000 ක් ශල්‍ය වෛද්‍යකර්ම සිදුකැර සුවකළ ජීවකයෙකි. පුරා අවුරුදු 16 ක් හරිහැටි නින්දක් පවා නොලබා රජයේ වැටුපට කටයුතු කරන්නෙකි. පොරොත්තු ලේඛනයේ සිටින සුවහසක් ලෙඩුන් වෙනුවෙන් කඳුළක් හලන එකම වෛද්‍යවරයා බව මම දනිමි. එනිසා මුල් කාලයේ ඔහුට කිසිඳු ඉඩක් විශ්‍රාමයක් නොලැබුණේය.

එහෙත් දැන්නම් ඔහු සමග මහන්සිව කටයුතු කරන තවත් වෛද්‍යවරු දෙදෙනෙක් කරාපිටිය හෘද හා උරස් ශල්‍ය ඒකකයේ සිටිති. මුල් කාලේ යාපනයෙන්, ත්‍රිකුණාමලයෙන්, ‍කොළඹින් මතු නොව මහනුවරින් ද ලෙඩ්ඩු මෙහි ගෙන ආහ. ඒ මෙහි ඔපරේෂන් කටයුතුවල වේගවත්කම හා පරිස්සම නිසාය. පෞද්ගලික රෝහලක ලක්ෂ ගණනකට ඔපරේෂන් කිරීමට වඩා තම මවගේ අභිප්‍රාය අනුව අහිංසක දුප්පතුනට සේවය කිරීම මේ වෛද්‍යවරයාගේ පැතුමය. මේ සිදුවීමත් එක්කම එතුමන්ගේ අතීත කතාව ස්මරණය කිරීම වැදගත්ය. 2010 වසරේදී සිළුමිණ ජාතික පුවත්පතට මා ලියූ ‘මගේ අම්මා’ නම් හෘදයාංගම ලිපි සරණියේදී මෙතුමන් ගැන කියැවුණු කොටසක් නැවත ලියමි.

දුප්පතුනට සේවය කරන්ට මට උගැන්නුවෙ මගේ අම්මා. මං වෛද්‍ය විද්‍යාලයයට ඇතුළුවන කාලෙත් මගේ අම්මාගේ අතේ මැණික් කටුවේ ඇදයක් තිබුණා. ඒ ඇදය කෙසේ හෝ හරිගස්සන්ට ඕනෑ කියලා හිතලා මං ප්‍රාර්ථනා කළා. මට ‍ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්ට ලැබේවා` යි කියලා. අම්මත් ඒ පැතුමෙන් හිටියෙ. මගේ ජීවිතේ බොහෝ පිරිසක් අම්මලා පුංචි දරුවන් මං ඔපරේෂන් කරලා සුව කරපු අවස්ථා තිබුණා. තිඛෙනවා. එහෙත් මගේ වෛද්‍ය ජීවිතයේ මා වඩාත්ම සතුටු වෙච්ච දවස මගේ අම්මාගේ අත ඔපරේෂන් කරලා අර පුංචි කාලෙ දුටු ඇදය හරිගැස්සු දවසයි.

ඇයි` මේ ලෙඩා හෙණ ගහන වැස්සේ කළුවරේ ඔපරේෂන් කරලා ගලවාගත්ත එක ගැන සතුටු නැද්ද? මම ඇසුවෙමි. මොකෝ නැත්තෙ, මම හරිම සතුටුයි. ඒත් වෛද්‍යවරයෙක් වශයෙන් ඒක මගේ රාජකාරිය. මේක ඒ අතරින් එක අවස්ථාවක් විතරයි.


ඔබතුමා වඩාත්ම සසල වූ දවස් ඇද්ද?

අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි. පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා. ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්. ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි. 1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ. සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ. දුරකථන ඇමතුමක් දෙන්ට කියලා. සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි කියලා. අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා. මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්, ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා. එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ. ඒකට කාලයක් යනවා.

මේ දොස්තර සංවේදිය. අවංකය. අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළුමහත් විශ්වයම අපොහොසත් යැයි වරක් නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලුතර් කිං කීවේය. මේ ජීවකයා සල්ලිවලට ගන්නට බහුවිධ පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරවලට බැරිය. ඔහු අහිංසක ජනතාව වෙනුවෙන්ම කැපවී හිඳී. එතුමාගේ අවංකකම ගැන දොරමඩලාව, අමාදහර වැනි වැඩසටහන්වලදී පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා නිතර කතා කරයි.

ඒ කාලයේ වෛද්‍ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද හෙතෙම බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය. අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය. කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ මේ වෛද්‍යවරයා කාබනික පොහොර යොදා ගනිමින් වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්, කුඹුරට බැස අස්වද්දන්නෙකි. ඊට ගැමියෝ ද උදව් උපකාර කරති. ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද නාමල් ගමගේ මහතා විය යුතුය. පැහෙන කිරි වැදෙන වී කරල් තම කුඹුරේ නැළවෙන කාලයට සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන) මේ දොස්තර ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි.

යම් හෙයකින් අඳුරේ කටයුතු කරන්නට බැරියැයි ශල්‍ය වෛද්‍යවරයා කීවානම් එය කෙතරම් බරපතළ ඛේදවාචකයක්දැයි මම ඔඛෙන් අසමි. ජාතීන් අතර සංහිඳියාව ද සුරකින මුස්ලිම් මහතකුගේ ජිවිතය වෙනුවෙන් තම රාජකාරිය අකුරට ඉටුකළ මේ වෛද්‍යවරයාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.


 උපාලි සමරසිංහ - http://www.silumina.lk/

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

24 comments:

  1. ලිපියේ ඇතැම් කොටස් රිපීට් වෙලා නේද? එය කියවන්නාට බාධාවක්. පොඩ්ඩක් ඒ ගැන බලා නිවැරදි කරනවානම් හොඳයි.

    ReplyDelete
  2. Naveen Madhawa Ranaweera
    ඔබට හදපත්ලෙන්ම ස්තූති කරනවා,
    මගේ ෆේස්බුක් පෝස්ට් එකකින්
    මේ වෙදැදුරු තුමා පිළිබඳව
    මා දැනුවත් කිරීම ගැන.

    පොරොත්තු ලේඛන වල දිග වැඩි වීම නිසා
    රෝගීන් මිය යනවට ඔහු සසල වූ ආකාරය
    මම කියවූයේ කඳුලු අතරින්.

    වෛද්‍ය ක්ෂේත්‍රය භාවිතා කරන්නන් සමග
    පසුගිය කාලයේ ගමන් කළ නිරුදක කතරේ
    මෙවැනි ක්ෂේම භූමි තැන තැන හමුවීම
    සැබැවින්ම අපේ වාසනාවක්.

    ReplyDelete
  3. I personally know about Dr Namal Gamage. He is a great doctor! If we have few other doctors like him our people no longer have to suffer in Health. May the noble triple gem bless you Sir!

    ReplyDelete
  4. Please learn to look at the moon. Not the finger that points the moon to you.!

    ReplyDelete
  5. හිත හොද ඡීවකයානෝ......................

    ReplyDelete
  6. ඔහුට දීර්ඝායුෂ ලැබේවා.....

    ReplyDelete
  7. මෙවැනි මිනිසුන් ජීවිතය තේරුම් ගත් මහා චරිත ලෙස ඉතිහාස ගතවෙනවා. අද ඉන්න බොහොමයක් උගතුන් තමා දන්නා දෙයින් හිස උදුම්මාගෙන ඉන්නේ.නුගතුන් දන්නා බව අන් අයට පෙන්නන්න උත්සහ කරනවා. දොස්තර නාමල්ට අපේ උත්තමාචාරය.

    ReplyDelete
  8. I personally know Dr Namal Gamage when I was working in Karapitiya hospital. I have never seen him wearing tie coats. He used to wear sandals when he comes to work in the hospital. He used to carry a bag which is similar to cleark mahaththya's bag.He is an icon for other Doctors who wish to work for poor patients.

    ReplyDelete
  9. මෙතුමා නොඉන්නට මාගේ පියානන්ද අද ජීවතුන් අතර නැත. දිර්ඝායුෂ වේවා.

    ReplyDelete
  10. I'm also grateful to the doctor. My son was also operated by him when the son was 5 months old. Now he is nine years old.

    ReplyDelete
  11. I heard this story from one of my friends.And I thoroughly believe that this information is true and for further verification you may refer this kind person Mr.Namal Gamage.It was, as I believe ,before 2006.
    Onece there was a heart patient who is well-known to my friend and they decided to go to England for the surgery refusing the sri Lankan treatments.since the patient was from southern region he or she could have easily been operated by Mr.Namal Gamage.(bcos in several ocasions he or she had been treated by Mr.Gamage). however the patient went to England for the surgery irrespective of all the facilities in SL and such a famous doctor Mr.Namal Gamage.
    It was the day of operation in an English hospital.The doctor,head of that operation, came.The patient was surprised.It was Mr.Namal Gamage.Since He is such a famous and talented person even foreign hospitals tend to get his service.Finally our patient's operation became successful.But he or she had spent a lot of money for the operation which could have been done without spending such a money in sri Lanka from the same doctor.
    Mr.Namal Gamage has a such a fame notonly in sri Lanka but also among the people in his field in abroad.


    ReplyDelete
    Replies
    1. Worth reading an article like this. Great service he render to our community. We should have more and more doctors of this caliber so that we can have a better health service in our country. I wish him long life and long service.

      Delete
  12. obta dirgausha prartana karanawa
    budusarani to Dr. Namal Gamage

    ReplyDelete
  13. මිහිපිට වැඩසිටින දෙවි කෙනෙක්

    ReplyDelete
  14. I have never met a doctor like him ever. He is humble, kind and still very brave and courageous. I still remember It is my first job as an Engineer to construct cardio Thoracic building of the Hospital. Even though I was very junior engineer at the time Dr. Namal Gamage work with us very closely. There were lot of mistakes and misunderstanding in our side as we did not know exactly how to design and construct a Cardio Thoracic complex to meet this person's requirements. With lot of problems he continued his service to the country and poor patients. I always salute him for his qualities.

    ReplyDelete
  15. He is a wonderful doctor. I have many precious memories about this great human being. How can I praise his unlimited human heart with a few limited words? May the triple gem bless you! May you live longer!

    ReplyDelete
  16. මේ ලිපිය අද වනවිට
    51500 වතාවකට වඩා කියවූ ලිපියක්.
    මගේ මිතුරෙක් ළඟදි කිව්වා
    මේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර නිසා සුවවූ කෙනෙක්
    කෙළෙහි ගුණ සලකා ඔහු බැහැ දකින්න පැමිණිලා
    හමු නොවුණොත් ඔහුගෙ පාවහන් සඟළට වැඳලා
    ආපහු යනවා කියලා.

    ReplyDelete
  17. Thilan Sasanka "Methuma dewiyek. Maage game hadee wadunu kenek. Methuma gana mama dannawa bohoma hodata. Methumage putha maath samaga eka paasale igenuma labuu athara danata rusiyaawe prathama pele wishwa widyalayaka igenuma labai. Ohu jiiwa widyaawa igena gath athara mama bauthika widyawa hadaaruwemi. Hamoma eka wage naa. Bahutharayak dena gana kiyaddi me wage minissuth innawa. Namuth methumaage e sewayata methuma samagama sewaya karana dosthara warun mohuta kopamana akul heluweda kiya rate onama kenek dakinna athi."

    ReplyDelete


  18. වෛද්‍යවරු කොහෙත් එකයි.
    "මිනිස්සු" ඉන්නෙ ටිකයි.

    සයිටම් වුණත් රජයේ වුණත්
    වෛද්‍යවරු එකයි.

    "මිනිස්සු" ඉන්නෙ ටිකයි.

    ඒත් සයිටම් පරිසරය
    රජයේ සරසවි වගේ වෛරයෙන් දූෂිත වෙලා නෑ.
    ඒ නිසා ඔවුන්ගේ සංයමයක් තියේවි.
    වෛද්‍යවරයාගේ දැනුම
    රෝගියා සුව කරන ප්‍රතිකාරය වෙන්නෙ
    ඔහුගෙ මිනිස් කමේ ප්‍රමාණයටයි.

    මේ හෘද සැත්කම් 12000ක් කළ
    වෛද්‍ය නාමල් ගමගේගෙ වචන.
    "අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව
    ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි.
    පුංචි දරුවන් ගැන
    අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා.
    ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්.
    ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි.
    1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා
    දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ.
    සමහර දිනට මා කියනවා
    අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා
    ඒ ලිපිනයට ලියුම් යවන්ඩ.
    දුරකථන ඇමතුමක් දෙන්ට කියලා.
    සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු
    ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක්
    පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම
    ඒ ඥාතින් මා හමුවෙලා කියනවා
    'ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි' කියලා.
    අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා.
    මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්,
    ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා.
    එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට
    ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ.
    ඒකට කාලයක් යනවා."

    මේ වචන කියවද්දි ඇස් වලට කඳුළු එනවා.
    ඔහුට නමස්කාර කරන්න මේ වචන ටික ඇති.

    ReplyDelete
  19. නාමල් ගමගේ සර් ගාල්ලට පමනක් සීමා වී නැත. නුවර, කුරුණෑගල, මඩකලපුව -සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම ජීවය ලබාදෙන වෛද්‍යතුමෙක්. කුරුණෑගලට ලග නුවර නිසා ඔයා නුවර යන්න කියා ආපසු එවන්නේ නෑ.

    ReplyDelete
  20. Dear doctor, you saved my cousin's life. No words are enough to thank you. Budu Saranai.

    ReplyDelete
  21. තව තවත් ලෙඩුන් සුව පත් කිරීමට මෙම උතුම් ජීවකතුමාට ශක්තිය ලැබී දී්ඝායු වෙිවා

    ReplyDelete