20160130

නිවන ගිහි බෞද්ධයාගේ දෙවන අරමුණයි.


[[[ තෙරුවන් සරණ යන බෞද්ධයාගේ ඒකායන පරමාර්ථය විය යුත්තේ සසරින් එතෙර වීම..... මිසක් වෙන අනං මනං විකාර නොවෙයි.... ]]]

මේ ඉතාම වැරදි ආකල්පයක්..
නිවන ඒකායන අරමුණ වන්නේ පැවිද්දාටයි..
නිවන ගිහි බෞද්ධයාගේ දෙවන අරමුණයි.
ඔහුගේ පළමු අරමුණ දුකෙන් මිදීමයි..
දුකෙන් මිදෙන්නාගේ
දුකෙන් මිදීමේ ක්‍රියාවලියේ කූටප්‍රාප්තිය නිවනයි

දුක කියන ගැටලුව
අනික් හැම ගැටලුවක් තුළම තියනවා.
හැම මොහොතකම තියනවා.
මේ මොහොතේ පටන්ම දුකෙන් මිදීමට
තෙරුවන් සරණ යන්නාට මග පෙන්වීම
බුදු දහමෙහි අරමුණයි.

දුක විභාග පාස් නොවීම ද....?
දුක රස්සාවේ ගැටළු ද...?දුක පවුල් ප්‍රශ්න ද...?
 
මේ හැම දේකින්ම මිනිස්සු දුක් විඳිනවා.
මේ ගැටළුව තියෙද්දි..
ඒ ගැටළුව විසඳන්න කටයුතු කරද්දි
දුක් නොවිඳ ඉන්න මාර්ගය
බුදුන් වහන්සේ කියා දෙනවා.
මේ මොහොතේ සිට නිවන් දකින තුරුම
මොහොතක් පාසා දුක නිවෙන්නෙ
ඒ මාර්ගයේ ගමන් කිරීමෙනුයි.

බුදු දහමෙන් විභාගය පාස් වෙන්නෙ නෑ.
ඒත් බුදු දහම පිළිපදින්නා
විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය
සමාහිත හිතක් ලබාගන්නවා.
විභාගයට ඔහුගෙ ශක්ති පමණින් පිළිතුරු දෙනවා.
ප්‍රතිඵල එන තුරු දුක් විඳින්නෙ නෑ.
ප්‍රතිඵල ආවම දුක් විඳින්නෙ නෑ.
ඊ ළඟට ගතයුතු පියවර ගන්නවා.

බුදු දහමෙ ඒකායන අරමුණ
නිවන් දැකීම වශයෙන් සලකා ක්‍රියා කළ යුත්තේ 
පැවිද්දායි.
ගිහි පැවිදි බෞද්ධයාගේ පළමු අරමුණ දුකෙන් මිදීමයි.
දුකෙන් මිදීමේ කූටප්‍රාප්තිය නිවනයි.

බුදුන් වහන්සේ ලොවට දායාද කළ
විපස්සනා මාර්ගයේ ගමන් කිරීමෙන්
නිවනට අමතරව තවත් වරප්‍රසාද
හතරක් හිමිවෙනවා.

ඉන් එකක් හිත පිරිසිදු වීම.
ඉන් දෙක කාය චිත්ත දුක් වේදනා..
සෝතැවුල් දුක් දොම්නස් වලින්
ඒ මොහොතේ පටන්ම මිදීම.
අනික් එක සංවේදී බව, ප්‍රඥාව දියුණු වීම.
නිවන අවසාන ප්‍රතිඵලයයි..

ගිහියාත් පැවිද්දාත්
දවසේ පැය විසි හතර තුළම මුහුණ දෙන
හැම ප්‍රශ්නයකදීම දුක් නොවිඳ ඉන්න
බුදු දහමට අනුව පුලුවන්.
විසඳුම ඒ පහසුකම තුළ
සොයා ගැනීම අදාළ තැනැත්තාගේ
හැකියාව මතයි තියෙන්නෙ.

බුදුන් වහන්සේ සෙව්වෙත්, සොයා ගත්තෙත්
අපට ලබා දුන්නෙත් එකම දෙයයි.
ඒනම් අපි විඳින දුක් වලින්
මේ මොහොතෙ පටන්ම විඳින දුක්වලින්
මේ මොහොතෙ පටන්ම මිදෙන මගයි..

අපි තෙරුවන් සරණ යායුත්තේ
මේ මොහොතෙ පටන්ම විඳින දුක්වලින්
මේ මොහොතෙ පටන්ම මිදීම සඳහායි.
-------------------------------
ජීවත්වීමේ කලාව

10 comments:

  1. මෙතැන මට පෙනෙන පැටලිලි කිහ්හිපයක්ම තියෙනවා.ඒ තමයි ' දුක'කියන වචනයේ සත්‍ය අර්ථ නිරුපනය. ඔබ මේ දුක කියා කියන්නේ පාලියෙන් 'දුක්ඛ' කියන දෙයද?

    //නිවන ඒකායන අරමුණ වන්නේ පැවිද්දාටයි..
    නිවන ගිහි බෞද්ධයාගේ දෙවන අරමුණයි.
    ඔහුගේ පළමු අරමුණ දුකෙන් මිදීමයි..
    දුකෙන් මිදෙන්නාගේ
    දුකෙන් මිදීමේ ක්‍රියාවලියේ කූටප්‍රාප්තිය නිවනයි


    නිවන ඒකායන අරමුණ වන්නේ පැවිද්දාට කියා කොතනද දේශනාකර තිබෙන්නේ? පැවිදි වීමෙන් එය 'පහසු' වෙනවා මිසක් වෙනත් දෙයක් සිදුවෙන්නේ නැහැ නේද?

    ගිහියාගේ ඒකායන අරමුණ දුකෙන් මිදීම කියා කියන්නේ කුමක්ද? දුකෙන් මිදීම කියන්නේ කුමක්ද? මේ ලිප්යා සම්පුර්ණයෙන් කියෙව්වම මට හිතුනේ රචකයා අදහස් කරන්නේ එදිනෙදා ප්‍රශ්න වලට උත්තර සපයාගැනීම කියායි. ( වැරදි වෙන්න පුළුවන්. ලියුම්කරු අදහස් කරපු දේ මට හිතුන හැටි තමයි)

    එදිනෙදා ප්‍රශ්නවලට පිළිතුරු සපයාගන්න ආකාරය බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. නමුත් 'ඒවායින් දුකෙන් මිදෙන්න' බැහැ. විතරක් 'තාවකාලික' සෙවනක් ලැබෙනවා මිසක් විඳවීම අඩුවෙන්නේ නැහැ නේද?
    දුකෙන් මිදීමේ ක්‍රියාවලියේ අවසානය ලෙස නිවන ලබන්නට නම්, එදිනෙදා ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් එහාට යන්න වෙනවා. එය අත්තක්. ගිහිව හිඳ ඒ අවබෝධය ලබන්නට නම් පෙර කල කුසල් ඉතා විශාල ප්‍රමාණයක් තියෙන්නට ඕනේ. ඒ නිසා එය ඉතාම දුර්ලභ, අපහසු වැඩක්.

    සංවාදයට විවෘත ද නොදැන උනත් මම මගේ අදහසේ යම් කොටසක් කිව්වා.

    ReplyDelete
    Replies
    1. 1,
      නිවන ඒකායන අරමුණ වන්නේ පැවිද්දාට කියා කොතනද දේශනාකර තිබෙන්නේ? පැවිදි වීමෙන් එය 'පහසු' වෙනවා මිසක් වෙනත් දෙයක් සිදුවෙන්නේ නැහැ නේද?

      පැවිද්දෙක් පැවිදිවෙන්නට
      චීවරය ඉල්ලා සිටින්නේ
      නිවන් දකින්නට කටයුතු කරනවා
      කියන නිශ්චිත පොරොන්දුව මතයි.
      ඔහු දිවි හිමියෙන් ඒ සඳහා කටයුතු කරන්නට
      ඔහුගේම වචන වලින් බැඳී සිටිනවා.

      ගිහියාගේ නිශ්චිත පොරොන්දුවක් නෑ.

      පැවිදි වීමෙන් ලැබෙන් පහසුව බාහිරයි.
      විදසුන් වඩද්දී ඔහුට ඇතිවෙන ගැටලු අමුතු වෙනසක් නෑ.
      ඔහුත් සිත කය වෙනස්වෙන ආකාරය ගැන සිහියෙන්
      ඒ වෙනස්වීම් වලට උපේක්ෂාව වැඩිය යුතුයි.
      ගිහි පැවිදි දෙදෙනාටම
      විදසුන් වැඩීමේදී අභියෝගය එකයි.

      Delete
    2. 2,
      ගිහියාගේ ඒකායන අරමුණ දුකෙන් මිදීම කියා කියන්නේ කුමක්ද? දුකෙන් මිදීම කියන්නේ කුමක්ද? මේ ලිප්යා සම්පුර්ණයෙන් කියෙව්වම මට හිතුනේ රචකයා අදහස් කරන්නේ එදිනෙදා ප්‍රශ්න වලට උත්තර සපයාගැනීම කියායි. ( වැරදි වෙන්න පුළුවන්. ලියුම්කරු අදහස් කරපු දේ මට හිතුන හැටි තමයි)

      හරියටම බැලුවොත්
      සත්වයාගේ මුලු පැවැත්මේම අරමුණ
      දුකෙන් මිදීමයි..
      ඔහො හැම මොහොතකම යමක් කරන්නෙ
      එක්කො කරන දේ කිරීම දුකක් නිසා.
      නැත්නම් කරන්නට යන දේ නොකිරීම
      ඔහුට දුකක් ඇති කරාවි කියා හිතන නිසා.

      බුදු දහම අනුගමනය කරන ගිහියාට
      නිවන සඳහා පැවිද්දෙක් මෙන්
      දිවි හිමියෙන් කැප වෙන්න බැහැ.
      ඔහු අවම වශයෙන් සිවුපසය
      ස්වොත්සාහයෙන් හෝ
      සිඟා කෑමෙන් ලබා ගත යුතුයි.

      ඔහු බුදු දහමෙන් බලාපොරොත්තු වෙන්නෙ
      ඔහු ජීවත් වීමෙදි පහළ වෙන ගැටළු වලදි
      ඔහු විඳින දුකෙන් මිදෙන්නයි.
      මේ මොහොතෙ අපි විඳින දුකත්
      මුළු සසර පුරා අපි විඳින දුකත්
      එකම දුකක්.

      මේ සිදු වෙන නිරන්තර වෙනස් වීම
      අපට ගලපා ගැනීමට වෑයම් කිරීම නිසා
      අපි විඳින දුක තමයි
      මුලු සසර පුරාම අපි විඳින්නෙ.

      එදිනෙදා ප්‍රශ්නවලට
      ඔහු සපයාගන්න පිළිතුර වෙන විදසුන
      දිගින් දිගට පුහුණු වීමෙන්
      යම් දිනක ඔහු සසරෙන් මිදෙනවා.
      එහෙම වෙන්න නම්
      මේ මොහොතෙ දුකෙන් ඔහු මිදිය යුතුයි..
      සෝ තැවුල් ඉක්මවා
      දුක් දොම්නස් අස්තංගත වීමට
      විදසුන් හැර වෙනත් මගක් නෑ.

      Delete
    3. නිවැරදියි. පැවිද්ද ඉල්ලනවිට පොරොන්දුවක් වෙනවා. මොකද, සමහරු පැවිද්ද ඉල්ලාගෙන එන්නට වෙනත් කාරනා තිබෙන නිසා (1. ගිලන්ව සිටීම, 2. අනාථ කෙනෙකු වීම 3. මහලු වීම ආදී වශයෙන්; රට්ටපාල සුත්‍රය ) එහෙම එන්නේ ගිහි ජීවිතය කම්කටොලු ගහන නිසා. එදාවේල සරිකරන්නට, පවුල් නඩත්තු කරන්නට අපමණ වෙහෙසක් ගතයුතු නිසා පැවිද්ද බැලු බැල්මට ඉතාම පහසු මාර්ගයක් වගෙයි පෙනෙන්නේ. ඒ නිසයි එහෙම පොරොන්දුවක් ගන්නේ.

      ගිහි අප එහෙම පොරොන්දු වෙනවා විටින් විට. පන්සිල් වලින්, දසසිල් වලින් ඉඳහිට පොරොන්දු වෙනවා අප නිවැරදි මාර්ගයේ හෝ ඉන්නවා කියා. ( දස කුසල් /පුන්යක් ක්‍රියා කරමින්) නමුත් ඒකායන අරමුණ නම් නිර්වානයම තමයි නේද? ගිහිව සිට හෝ ඒ ගමන යන උදවිය අතේ ඇඟිලි ගානට ඉන්නවා. හැබැයි වැඩිදෙනෙක් ජිවිතේ අවුල් කරගන්නවා ගිහිව ඒක කරන්න ගිහින්.

      ඔබ දෙවනුව කිව්වා සේ විදසුන් වැඩිය යුතුයි. විදසුන් වඩන්නේ නිර්වාණය අරමුණු කරගෙනම විය යුතුයි. මොකද කියනවා නම් ධ්‍යාන වලට ආපු අය කොතෙකුත් හිටියා බුද්ධ කාලේ උනත්. නමුත් ඔවුන් නිවන් දැක්කේ නැහැ නේද? ඒ කියන්නේ ඇත්තම දුක නිවීම ලැබුවේ නැහැ. මේ ලිපිය සාරවත්.

      Delete
    4. 3,
      එදිනෙදා ප්‍රශ්නවලට පිළිතුරු සපයාගන්න ආකාරය බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. නමුත් 'ඒවායින් දුකෙන් මිදෙන්න' බැහැ. විතරක් 'තාවකාලික' සෙවනක් ලැබෙනවා මිසක් විඳවීම අඩුවෙන්නේ නැහැ නේද?
      එදිනෙදා ප්‍රශනවලදිත්..
      මුලු සසර පුරාමත් දුකට හේතුවෙන්නෙ
      වේදනා නිසා උපදින තණ්හාව අනුව
      තණ්හාව නිසා උපදින
      උපාදානයම පමණයි.

      මේ මොහොතටත් මුළු සසරටමත්
      වෙනත් ගැටලුවක් සත්වයාට නැහැ.
      උපාදානයම පමණයි.

      Delete
    5. 4,
      දුකෙන් මිදීමේ ක්‍රියාවලියේ අවසානය ලෙස නිවන ලබන්නට නම්, එදිනෙදා ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් එහාට යන්න වෙනවා.//
      නැහැ..
      මෙතනින්, මේ මොහොතෙන්..
      දැන්ම පටන්ගන්න වෙනවා.
      කාලෝ අයං තෙ.
      දැන් තමයි වෙලාව

      Delete
    6. 5,
      ගිහිව හිඳ ඒ අවබෝධය ලබන්නට නම් පෙර කල කුසල් ඉතා විශාල ප්‍රමාණයක් තියෙන්නට ඕනේ. ඒ නිසා එය ඉතාම දුර්ලභ, අපහසු වැඩක්. ///

      ඔබ එහෙම හිතනවා නම්
      පෙර කළ කුසල් නැත්නම්
      කුසල් රැස්කිරීම
      දැන් මේ මොහොතෙන්ම අරඹන්නෙ..
      නූපන් කුසල් උපදවා ගන්න..
      විදසුන් වඩන්න..

      කුසල් අකුසල් රැස්වෙන ආකාර දෙකකි.
      අන් සියලු වැරදි නිවැරදි ක්‍රියා
      පින් පව් වලට අයත් වෙයි.
      බුදුන් වහන්සෙ
      අකුසල රාසි සූත්‍රයෙ මෙසේ
      සඳහන් කරනවා.

      මහණෙනි,
      අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
      නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
      මහණෙනි, පංච නීවරණ යනු
      සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.
      ඒ පහ කුමක්ද?
      කාමච්ඡුන්ද නීවරණය,
      ව්‍යාපාද නීවරණය,
      ථීනමිද්ධ නීවරණය,
      උද්ධච්චකුක්කුච්ච නීවරණය,
      විචිකිච්ඡා නීවරණයයි.
      ----------------------------------------------------------
      මහණෙනි, කුසල් රැස යැයි
      යමකට කියනු ලබන්නේ නම්
      නිවැරදිව කිව යුත්තේ
      මේ සතර සතිපට්ඨානයටයි.
      මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
      සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

      කවර වූ සතරෙක්ද?

      ___මහණෙනි, යම් මහණෙක්,
      1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
      කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

      2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
      [කයෙහි වෙනස් වීම්]
      වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

      3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
      සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

      4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
      පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
      [සිතෙහි වෙනස්වීම්]
      දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

      මහණෙනි, කුසල් රැස යැයි
      යමකට කියනු ලබන්නේ නම්
      නිවැරදිව කිව යුත්තේ
      මේ සතර සතිපට්ඨානයන්ටයි.
      මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
      සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

      සතර සතිපට්ඨානය කියන්නෙ
      සම්මා සතියයි.
      නූපන් කුසල් රැස..
      එනම් සම්මා සතිය
      පිහිටුවා ගැනීමට වෑයම් කිරීම
      සම්මා වායාමයයි..

      Delete
  2. විදසුන් වඩන්නා
    නිර්වාණය අරමුණු කරගතයුතුමයි කියා
    අනිවාර්ය අවශ්‍යතාවයක් නෑ.
    සතිපට්ඨානයේ ආරම්භයේ එන
    මේ වාක්‍යය හොඳින් විමසන්න.

    1, සත්වයාගේ විශුද්ධියට,
    2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
    3, දුක් දොම්නස් අස්තංගත වීමට
    4, ප්‍රඥාව ඉහළ යාමට
    5, නිවන සාක්ශාත් කිරීමට
    “එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

    මේ අනුව...
    නිවන හැර අනෙක් අරමුණු හතරම හෝ
    ඉන් එකක් නිසා
    කෙනෙක් විදසුනට යොමු වෙන්න පුලුවන්.

    කුමන අරමුණකින් කළත්
    කෙනෙක් විදසුන් වඩන විට
    මේ ප්‍රතිඵල පහම ඔහුට ලැබෙනවා.

    බොහෝ ධර්ම දේශකයන්
    මේ සත්‍යය නොදන්නා කම නිසා
    කෙනෙක් නිවනටම යොමු කරනවා.
    ඔහුට විදසුනෙන් මේ මොහොතෙ ලැබිය හැකි
    මුල් ප්‍රතිඵල හතර ඔහුට අහිමි වෙනවා.
    6,
    හිස ගිනි ගත්තෙකු එගිනි නිවන සේ
    මේ විඳින දුකෙන් මිදෙන්නට
    මේ මොහොතත්
    උපයෝගී කරගත යුතුයි.

    ReplyDelete
  3. විදසුන් වඩනවා කියන්නෙ මොකක්ද. බන පොත්වල තිබුනට මේක කරන්නෙ කොහොමද කියල මට පැහැදිලි නෑ. මේක අභ්‍යාස ක්‍රමයක්ද පිළිවෙතක්ද

    ReplyDelete
    Replies
    1. පුහුණුවෙන ප්‍රායෝගික ක්‍රමයක්
      දස දිනක් වෙන් කරගෙන හදාරන්න..
      http://vipassanapuhunuwa.blogspot.com/

      Delete