20121123

හැඟීම් වලින් නොකෙළෙසෙන නි-මනස -බුදුන් වහන්සේ සහ Bruce Lee


බෘස් ලී රීති උපරිමයෙන් හදාරලා
රීති වලට වහල් නොවී සටන් කළ යුතුයි කියා උගන්වපු
අතිශයින්ම ස්වාභාවික සටන් කරුවෙක්.
ඔහු සටන් කලාව හැදෑරුවේ
සටන් කරන්න නෙමෙයි.
ආධ්‍යාත්මික දියුණුව සඳහායි.



විපස්සනා සොයන්න මා පෙළඹුවේ
ඔහුගේ නි-මනස පිළිබඳ සිද්ධාන්තයයි.

ඔහු -No-Mindedness - නමින් හැඳින්වූ
මානසික ස්වභාවය
ඊට වසර දහයකට පමණ පසුව
විපස්සනාව හමුවන තෙක්
ගවේෂණය කරන්න මා පෙළඹුවා.

Wu-hsin නම් වූ සංසිද්ධිය
නැත්නම් No-Mindedness කියන්නෙ
සියලු සිතිවිලි සහ හැඟීම්
පිට කර වසාගත් හිස් මනසක් නෙමෙයි
එසේම ඒ සිතෙහි නිසල බව
හෝ සිතෙහි නිහඬතාවයද නොවෙයි.
සිතෙහි සමාහිත බව හා නිසල බවද අවශ්‍ය නමුදු
නි-මනස නම් සිද්ධාන්තය සකස්වන්නේ
සිතුවිලි අල්ලා නොගැනීම මගිනි.

කුන්ග්-ෆු සටන් කරුවෙක් හැසිරෙන්නේ
කැඩපතක් මෙනි.
කැඩපත කිසිවක් රඳවා ගන්නේ නැත.
කිසිවක් පිළිකෙව් කරන්නේද නැත.
එයට ලැබෙන දේ එය රඳවා නොගනියි.

නි-මනස හැඟීම් වලින් නොකෙළෙසෙන ලෙස
ප්‍රතිශක්තිකරණය කළ මනසකි.

මේ පැහැදිලිවම
බුදුන් වහන්සේ දෙසූ විදර්ශනාවයි.

බුදුන් වහන්සේ
සම්පජානෝ සති කියන්නෙ
එකකට සාපේක්ෂව සියල්ල දැකීමට...

අපේ හැම ඉන්ද්‍රියකටම
සියල්ලම දැකීමෙ හැකියාව තියනවා.
නීවරණ නිසා අපිට පෙනෙන්නෙ
පවතින නීවරණය අනුව
අපිට පෙනෙන ටික විතරයි..

බුදුන් වහන්සේ සොයාගත්තෙ
තමන් දකින දේ
තනිව දැකීමෙන් මුදවලා
සියල්ලට සාපෙක්ෂව දැකීමයි..

හොඳ කලා කෘති වලත්
ඒ ගුණය තියනවා.
හොඳ කලා කෘති වල
නිකෙලෙස් බවට
එය හේතුවක් විය හැකියි.

අපේ හැම ඉන්ද්‍රියකටම
සියල්ලම දැකීමෙ හැකියාව තියනවා.
මේ මොහොතෙ ඔබ තිරයෙ මේ වචන ටික පෙණුනට
සිහියෙන් බැලුවොත්
ඔබ අවට විශාල ප්‍රදේශයක්
ඔබේ ඇසට වැටෙනවා.
මේ වචන කියවන ගමන්
ඔබට මේසය උඩ තියන
බොහෝ දේ අල්ලන්න පුලුවන්..

ඔබ තෝරා ගන්නා දේ ගැන
යොදවන අවධානය වැඩි නිසා
එය උපාදාන කරගන්නා අතර
ඔබට ලැබෙන තොරතුරු රාශියක් වැටෙන්නේ
මෝහයටයි...

සමස්ත රාමුවට සාපේක්ෂව
අරමුණ බලන්න
ඇස හුරුවෙන විට සිතත් පුළුල් වෙයි..

මම හිතන්නෙ ලෝකෙ ඉඳපු
දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයන්
බෝලය දකින්නෙ
මුළු පිට්ටනියටම සාපේක්ෂව.

ලොව පැවති බොහෝ දර්ශන පිළිබඳව
මැනවින් හදාරා ඇති බෘස් ලීගේ අරමුණ වූයේ
සිතින් අල්ලා නොගෙන සියල්ලම ගැන සිහියෙන් විසීමෙන්
මමත්වයෙන් තොරව ක්‍රියා කිරීමයි.
ඔහු අරමුණු කළ මානසිකත්වය
බුදුන් වහන්සේ විදර්ශනාවේදී හඳුන්වන්නේ
සම්පජානෝ සතිමා විහරති යනුවෙනි.

මේ රහතන් වහන්සේගේ සිහියෙහි ස්වභාවයයි.
බෘස් ලී ඔහුගෙ සටන් ක්‍රමය හදාගත්තෙත්
මේ දැක්ම මුල් කරගෙනයි..

" Wu-hsin නම් වූ සංසිද්ධිය
නැත්නම් No-Mindedness කියන්නෙ
සියලු සිතිවිලි සහ හැඟීම්
පිට කර වසාගත් හිස් මනසක් නෙමෙයි
එසේම ඒ සිතෙහි නිසල බව
හෝ සිතෙහි නිහඬතාවයද නොවෙයි.
සිතෙහි සමාහිත බව හා නිසල බවද අවශ්‍ය නමුදු
නි-මනස නම් සිද්ධාන්තය සකස්වන්නේ
අරමුණ සිතින් අල්ලා නොගෙන 
සියල්ලම ගැන සිහියෙන් විසීමෙන්
මමත්වයෙන් තොරව ක්‍රියා කිරීමයි. "
 
අනිස්‌සිතො ච විහරති, 
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
 
 

2 comments:

  1. බුදුන් දවස, අප තථාගතයාණන් වහන්සේ කිසාගෝතමියට ඇත්ත පහදා දීමට ගෙන හැර දැක්වුයේ ද පවතින සමාජයට අනුගත වූ ක්‍රියාවකි.

    බෘස්ලි ගෙන හැර දක්වමින් එම සටන්කලාව ගැන කල වීග්‍රහය අවසානය අවබෝධයට එක්වනුයේ ද, සත්‍යය පහදාදෙන වදන් පෙලකි.


    සියළුදාන අතුරෙන් උතුම් දානය ධර්මදානයැයි බුදුපියාණන් වහන්සේද දේසනාකර ඇත. මෙම ලිපියෙන් ද අතුල කර ඇත්තේ එවන් වූ පුන්‍යක්ක්‍රියාවකි.

    ReplyDelete
  2. Gihan Gallage [[[ අතුල එක් වරක ප්‍රකාශ කරනවා ඔහුගෙ ජීවිතයෙ හැරවුම් ලක්ශය වෙන්නෙ බෲස්ලි කියන චරිතය කියලා.. ඔහු එම අත්දැකීම විස්තර කරන්න උත්සාහ කරත් ඒ උත්සාහය වටිනා ගුවන් කාලයක් අපතෙ යවන්න බැරි නිසා ඒ අත්දැකීම ගැන කියන එක මඟදි නවත්තන්නට අතුලට සිදු වෙනවා..

    අතුල ඔබ කැමති නම් ඒ අත්දැකීම අප සමඟ බෙදාගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. ඒ තුළින් ඔබ ජීවිතයෙ ලබපු වෙනස කුමක්ද? භෞතිකත්වය සහ සිත අල්ලා ගැනීම නිදහස් කිරීම අවබෝධයෙන් යුක්තව කිරීමේ ක්‍රමවේදය ඔබ වටහා ගත් බව ඔබ වටහා ගත්තේ කෙසේද යන්න දැනගන්න කැමැත්තෙන් පසු වෙමි

    තුලාවෙ පළ කරන්නෙ නම් යෙහෙකි ]]]
    _________________________________________

    ස්තූතියි ගිහාන් ප්‍රවේශය ලබා දුන්නාට.
    මා ඉතාම කැමති මාතෘකාවක්.
    මේ පිළිබඳව 2012දී ලියන ලද
    සංසරණී සටහනක් අමුණා ඇති..

    බෘස් ලී රීති උපරිමයෙන් හදාරලා
    රීති වලට වහල් නොවී සටන් කළ යුතුයි කියා උගන්වපු
    අතිශයින්ම ස්වාභාවික සටන් කරුවෙක්.
    ඔහු සටන් කලාව හැදෑරුවේ
    සටන් කරන්න නෙමෙයි.
    ආධ්‍යාත්මික දියුණුව සඳහායි.

    විපස්සනා සොයන්න මා පෙළඹුවේ
    ඔහුගේ නි-මනස පිළිබඳ සිද්ධාන්තයයි.
    ===============================
    2012දී මේ පිළිබඳව ලියන ලද සටහනක්
    http://sansaranee.blogspot.com/2012/11/blog-post_9271.html
    =================================

    සිරිධම්ම හිමියන්ගේ අවලාද , අපහාස,
    උපහාස, බාධා කිරීම් සියල්ලම
    වෙනත් ඕනෑම කෙනෙකු තුළ මෙන් මා තුළත්
    අප්‍රසන්න ද්වේශ සහගත වෙනස් වීම් ඇති කරනවා.
    ඒ ද්වේශය මා තුළම ඇතිවී මා තුළම නැති වෙනවා හැර
    මගේ වචනවලට හෝ ක්‍රියාවලට මිශ්‍ර නොවීම
    ඔබ මා තුළ දුටු සංයමයයි.

    සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
    ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
    සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
    නියම රියැදුරකු යැයි මම කියමි.

    සාමාන්‍ය රිය එළවන අන් ජනයා
    නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

    “යො වෙ උප්පතිතං කොධං
    රථං භන්තං ච ධාරයෙ
    තමහං සාරථිං බ‍්‍රෑම්
    රස්මිග්ගාහො ඉතරො ජනො”

    මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
    ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
    ක්‍රෝධය පවතිද්දී
    හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
    ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
    ඒ පදනම උපකාරීවෙනවා.

    අත්තානං දමයන්ති පණ්ඩිතා.
    බුදු දහමෙ මූලිකම පදනම
    පිරිසිදු බව නොවෙයි..
    අපිරිසිදු තැනැත්තාගේ
    ආත්ම දමනයයි..
    විපස්සනා තුළින්
    මා ලද ප්‍රධානම පුහුණුව නම්
    ඒ මගින් ඇති වෙන සිත කළඹන ආවේග
    කයෙහී වේදනා මට්ටමේදී
    සිහියෙන් දකින්නටත්
    ඒ වේදනා වලට
    උපේක්ෂාවෙන් සිටින්නටත් මා ලද පුහුණුව නිසා
    ඒ ආවේග වලින් මනස අවුල් නොවීමයි.

    ReplyDelete