tag:blogger.com,1999:blog-7259769777226395666.post5302218684297190511..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී......Unknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7259769777226395666.post-62866631477144334802014-05-12T10:49:04.679+05:302014-05-12T10:49:04.679+05:30බුදු දහමෙහි අරමුණ දුකෙන් මිදීමයි.
ද්වේශය පහළ වූ ක...බුදු දහමෙහි අරමුණ දුකෙන් මිදීමයි.

ද්වේශය පහළ වූ කෙනෙක්
ද්වේශයෙන් ක්‍රියා නොකළොත්
ද්වේශය දකින්නට ඇති එකම සලකුණ
කයෙහි ඇති වෙන වේදනා පමණයි..
ඔබට ද්වේශය පහළ වූ බව
ඔබ දැනගන්නේ
ඔබ තුල පහළ වෙන වේදනා නිසයි.

සබ්බේ ධම්මා වේදනා සමො සරණා.
සිතෙහි ඇති වෙන ඇම ධර්මතාවයක්ම
ශාරීරික වේදනාවක් සරණ කොට පවතිනවා.

සිතෙහි ද්වේශය දකින්නට බැහැ..
සිතෙහි ද්වේශය කෙනෙක් දකින්නේ
කයෙහි වේදනා නිසයි.

ඒ වේදනාව පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටින විට
ද්වේශය සංසිඳෙනවා.
ද්වේශය සංසිඳෙනතුරු
සිහියත් උපේක්ෂාවත් ඇති නිසා
ඔහු සිත කය වචනයෙන්
සංවරයි..

ඒ අවස්ථාව බුදුන් වහන්සේ
මෙලෙසින් අගය කරනවා.

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ්රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

යමෙක් සිතෙහි
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-26487021274477770142014-05-12T10:44:23.085+05:302014-05-12T10:44:23.085+05:30ද්වේශය පහළ වූ විට
මා දුකෙන් මිදෙන ක්‍රමය මෙයයි..
-...ද්වේශය පහළ වූ විට
මා දුකෙන් මිදෙන ක්‍රමය මෙයයි..

මා තුළ ද්වේශය පහළ වෙද්දී
ශරීරය තුළ
ගැටෙන්නට, පහර දෙන්නට හෝ
හැකි ඉක්මණින් පලායන්නට
සතෙකුට උපකාරීවෙන හෝමෝන
මා තුළත් ඉපදී ක්‍රියාත්මක වෙනවා.

එය ද්වේශය මුල් කරගත්
ශාරීරික වෙනසක්..

ශරීරය තුළ සිදුවෙන
රසායනික වෙනස්වීම් ඍජුවම
අපට පාලනය කරන්න බැහැ..

ඒ ශාරීරික වෙනසට ඉඩ ලැබුණොත්
ඉන් මගේ හිත කැළඹෙනවා.
සාමාන්‍යයෙන්
හැමදෙනා තුළම සිදු වන්නේ එයයි.

එහෙත් මා ලද විපස්සනා පුහුණුව නිසා
ඒ ස්වාභාවික ශාරීරික වෙනස
මගේ හිත අවුල් කරන්නට පෙරම
කයෙහි මතුවෙන වේදනා මාලාව
මා හඳුනාගන්නවා.

ඒ වේදනා පිළිබඳව සිහියෙන්
ඒ වේදනා වලට උපේක්ෂාවෙන් වෙසෙමින්
මා සන්සුන්ව අවස්ථානුකූලව
හැසිරෙනවා.

මෙය න්‍යායක් නොවෙයි..
දිය බඳුනක් රත් කරගන්නාක් මෙන්
ප්‍රායෝගික ක්‍රමයක්..
දියෙහි වැටුන කෙනෙක්
ඵිනා ගොඩ වෙන්නක් මෙන්
පුහුණු විය හැකි
ප්‍රායෝගික ක්‍රමයක්..Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.com