20141230

නිවන - සරලයි

වෙනස්වීම
සත්වයාගේ කයට දුකකි.

වෙනස නිසා ඇතිවෙන දුක් අතරෙන්
තෝරාගත් කොටසක් ප්‍රිය කරන සත්වයා
ඌ ප්‍රිය කරන දුක සැපක් ලෙස විඳියි.

ස්පර්ශ වූ යමක් නිසා
සත්වයෙකු තුල වෙනසක් සිදුවෙයි.

උගේ ශරීරයට ස්පර්ශය තොරතුරකි.
ඒ තොරතුර මනස දැනගත යුතුය.

ස්පර්ශය නිසා වේදනාව උපදී.

සත්වයා වේදනාව හඳුනාගනී.

උගේ කය විඳින දුක
වේදනාවෙන් පිළිබිඹු වෙයි.

කය විඳින දුක නිසා ඇතිවෙන වේදනාව
මනසට සංඥාවකි.

ඌ ඒ සංඥාව හඳුනාගන්නාවිට
සත්වයාගේ මනස තුල
සිදු විය හැකි වෙනස ආකාර තුනකි..
1, ඌට වේදනාව නොදැනේ..
2, ඌ වේදනාවට කැමතිය.
3, ඌ වේදනාවට අකමැතිය.

මේ අවස්ථා තුන තුලම දුක පවතී.

1, කයෙහි වෙනස දුකකි.
2, නිසල මනස වෙනස් වීම දුකකි.
3, නිසල මනස වෙනස් වීම දුකකි.
මේ තුනම නැති තැන ඇත්තේ නිවනයි.

1, කයේත් මනසේත් වෙනස්කම්
සත්වයාට දැනීමට නම්
ඌ කය ගැනත් වේදනාව ගැනත්
සිහිය පිහිටුවා ගත යුතුය.
2, ඒ දැනීම දුකක් නොවීමට නම්
ඒ වේදනාව හඳුනාගන්නා විට
කැමති හෝ අකැමති නොවී විසිය යුතුය.

තම කය හා සිත තුළ සිදුවෙන
සියලුම වෙනස්කම්
දැනෙන සත්වයෙක් ඒ සියලු වෙනස් කම් ගැන
කැමැත්තක් හෝ අකමැත්තකින් තොරව
සිහියෙන් පසුවෙන විට
ඒ සත්වයා තුළ නිවන පවතී.

20141223

මිනිසාගේ නිදහස් කැමැත්ත

Charith Suranga  
[[[ ස්වච්ඡන්දය කියන්නේ මට තේරෙන විදිහට තමන්ගේ කැමැත්ත.]]]

මිනිසාගේ ස්ව-කැමැත්ත
ස්වාභාවික සාධක ගණනාවක් විසින්
සකස් කරන දෙයක්..

මේ තෝරාගැනීමේ ක්‍රියාවලිය
ස්වභාව ධර්මයෙහි අන් සියලුම දේ මෙන්
ඉබේට සිදුවෙන ක්‍රියාවක්.
ගසක අතු හිරු එළිය දෙසටත්
මුල් ජලය දෙසටත් ගමන් කිරීම මෙන්ම
මිනිසාගේ සියලු තෝරා ගැනීම
බාහිර හා අභ්‍යන්තර සාධක විසින් කරන
ඔහුගේ පාලනයෙන් තොරව සිදුවෙන
පෙළඹවීම් රැසක අතුරු ඵල පමණයි.

ආහාරයක සුවඳ දැණුනාම
කය තුළ සිදු වෙන උත්තේජන විසින්
ආහාරයට කාමච්ඡන්දය ඇති වෙනවා.
ඔහු ඒ ආහාරය තෝරාගත්තෙ..
ආහාරය සොයා ගත්තෙ
තමන් විසින් කියා
ඔහු හිතනවා.

මළ පහවීම පවා
තමන් කරන ක්‍රියාවක් ලෙසයි
ඔහු හිතන්නෙ.
.
Nadeesha Nimalka
[[[[ මට තේරෙන්නෙ නැත්තෙ මෙන්න මේ කොටස 
"මෙලොව බිහිවන ඕනෑම සදාචාර පද්ධතියක් ෆ්රී විල් නම් ඇක්සියම් එක මත රදාපවතියි"]]]]
දෙවියන් වහන්සේ මිනිසා මැවුවා නම්
ඔහු වැරදි කරන්නෙ ඇයි කියල ඇහුවාම
ලැබෙන පිළිතුර " මිනිසාට වැරදි කරන්නට හෝ
හොඳ කරන්නට නිදහස් කැමැත්තක් තියනවා" කියලයි.

බුදු දහමත් එහෙම කියනවා.

අත්තනාව කතං පාපං
අත්තනා සංකිළිස්සති.
තමන් කරනා පාපයෙන්
තමාම කිළිටි වෙයි.

බුදු දහම තුළදි
මේ ධර්මතාවය අදාළ වෙන්නෙ
සම්මුති සත්‍යයක් වශයෙනුයි..

මිනිසා කරන හොඳ නරක
ඔහුගෙ වගකීමක් වෙන්නෙ
ශීල සමාධි මට්ටමේදියි.

විපස්සනාවෙන් පහළ වෙන ප්‍රඥාවෙදි
තමන් කියා කෙනෙක් නැති බව වැටහෙනවා.

අත්තාහි අත්තනෝ නත්ථි.
කොහි නාථෝ පරෝසියා.
තමාට තමාත් නැති විට
තවෙකෙකුගේ පිහිටක් කොයින්ද?

විදර්ශනාවෙදි
ඔහු සිදුවෙන සියලු වෙනස්කම් ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් වෙසෙන විට
ඔහු කරන කිසිවක් නැහැ..

සිත සහ කය තුළ නිරන්තරයෙන් සිදු වෙන
ස්වයංක්‍රීයක්‍රියාවලිය ඉබේට සිදු වෙන වා.
ඒ ක්‍රියාවලිය පිළිබඳව
සිහියෙන් සහ උපේක්ෂාවෙන් වෙසෙන කෙනාට
තමන් කිසිවක් නොකරන බව වැටහෙනවා.

අන් අවස්ථාවලදි ඔහු සැබැවින්ම කරන්නෙ
එක්කො අවසිහියෙන් සිටීම..
නැත්නම් කැමති අකැමති වශයෙන් වර්ග කරගෙන
ප්‍රතික්‍රියා දැක්වීම.

විදසුනෙන් මේ දෙකම අහෝසි කරනවා.

මම කරනවා කියල ඔහු හිතන දේ
විදසුන මගින් නතර වෙනවා.
තමන් තුළ සිදු වෙන ක්‍රියාවලිය
කෙනෙක් සත්‍ය වශයෙන් දකින්නෙත්
නිවැරදිව වෙසෙන්නෙත්
විදසුන් වඩන විටයි..

තමන් තුළ සිදු වෙන ක්‍රියාවලිය
තමන් කරනවා, තමන්ට වෙනවා කියල
වරදවා වටහාගෙන දුක් විඳින මිනිසා
විදසුන් පුහුණුවත් සමග
කෙමෙන් කෙමෙන් දුකෙන් මිදෙනවා.

[[[ඊලඟට මම "ස්වච්ඡන්දය" කියන වචනෙට හරි නිර්වචනයක් දන්නෙත් නෑ. ]]]

පරමාර්ථ වශයෙන් එහෙම දෙයක් නෑ.. :)

20141221

මහා ඇලෙන්සැක්‌ඩර් අධිරාජයා බෞද්ධ භික්‌ෂුවක්‌ හමුවේ...

ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි.

ක්‍රි.පූ. 336 දී රජ වී වසර දෙකකට පසු ඇරැඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇතිකරන ලදී.

වයස විස්‌සේදී රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු වයස අවුරුදු විසි දෙකේදී මහා දිග්විජය අරඹා එකොළොස්‌ අවුරුද්දක්‌ යුද්ධ කර දැවැන්ත අධිරාජ්‍යයක්‌ ගොඩනංවා ජයග්‍රාහී ලෙස ආපසු තම රටට එමින් සිටියදී ක්‍රි.පූ. 369 දී නොහොත් වයස අවුරුදු තිස්‌තුනේදී අතරමඟ බැබිලෝනියාවේදී මියගියේය. ඔහුට තම අධිරාජ්‍යය භුක්‌ති විඳීමට කාලයක්‌ නොවීය.

ඇලෙක්‌සැන්ඩර්ගේ ආපසු හැරීම ගැන පාසල් අධ්‍යාපනය තුළදී ඉගැන්වූ කරුණ වූයේ අවුරුදු ගණනක්‌ තම ගම්බිම්වලින් දරු මල්ලන්ගෙන් ඉවත්ව යුද්ධ කරමින් සිටි හමුදාවට යුද්ධය හොඳටම ඇතිවී ඉන් හෙම්බත්වී සිටි බවත්, අවසන් වරට පරාජය කළ පෝරස්‌ රජු ද (පංජාබයේ) දරුණු සටනක්‌ කිරීම හා ඔහුගේ අභීත, එඩිතර ගතිගුණ ඇලෙක්‌සැන්ඩර්ගේ මනස සෙලවීමට සමත්වූ බවත්ය.

නමුත් තමාගේ දිග්විජය චාරිකාව ගැන සටහන් තබා ඇති ඇලෙක්‌සැන්ඩර් ගේ වාර්තාවල කියෑවෙන්නේ වෙනත් දෙයකි. පෝරස්‌ රජු පිsළිබඳ සාධකය හා යුද්ධ හමුදාව හෙම්බත්ව සිටීම පිළිබඳ විස්‌තරද එහි ඇතුළත් වුවත්, තමාගේ ආපසු හැරීමට හේතුව බව දක්‌වන්නේ රජුගේ සිතට කා වැදී ගිය එක්‌තරා අවබෝධාත්මක හැඟීමකි. මේ අවබෝධය ඔහුට ලබාදී ඇත්තේ බෞද්ධ භික්‌ෂුවක විසිනි. මේ තරම් විශාල අධිරාජ්‍යයක්‌ ගොඩනැංවුවත් රජු විසින් එය භුක්‌ති විඳින්නේ කෙසේද යනුවෙන් භික්‌ෂුව විසින් විමසන ලද ප්‍රශ්නයට අධිරාජ්‍යයා නිරුත්තර විය. ඔහුට එය අවබෝධ වූයේ එවිටය.

ඉතා භයානක යුද්ධයකින් පෝරස්‌ රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු රජු හා හමුදාව දින කිහිපයක්‌ විවේක සුවයෙන් ගත කළේ ගතට මෙන්ම සිතටද සහනයක්‌ අවශ්‍ය වූ නිසාය. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක්‌ විය. එහි සිටි බෞද්ධ භික්‌ෂුවක්‌ ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී සිටියේය. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු අවබෝධ කරදීමේත්, උපදෙස්‌ දී ප්‍රශ්න විස¹ලීමේත් මහා වියතකු ලෙස කීර්තියක්‌ ලබා තිබුණි. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව මුණ ගැසීමට ගියේය.

තමා ග්‍රීසියේ පිලිප් රජු ගේ පුතා බවත්, ලොව මෙතෙක්‌ කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක්‌ හරහා අවුත් මුළු පොළොතලයෙන් අඩකඩ වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුණි. ඊට සාවධානව ඇහුම්කන් දුන් භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරායා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි. ඇලෙක්‌සැන්ඩර්ට ද අවශ්‍ය වුයේ සංවාදයේ යෙදීමට නිසා ඔහු ඉතා කැමැත්තෙන් ඒ සඳහා අවසර දුනි. ඉන් අනතුරුව බෞද්ධ භිකෂුන් වහන්සේ ඇසූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්‌වේ.

භික්‌ෂුව - මහා අධිරාජය මින් පෙර නො ඇසූ විරූ මහා දිග්විජයක්‌ කිරීමට ඔබ සමත් වුවත් ඔබද මිනිසෙකි. ඔබට නිදිමත ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් - එසේය. නිදිමත ඇති වේ.

භික්‌ෂුව - එවිට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ හා දෙපය පන්ජාබයේ පිහිටන පරිදි මුළු අධිරාජ්‍යය වසා ගනිමින්ද?

ඇලෙක්‌සැන්ඩර් - නැත. කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය ඇඳක නිදමි.

භික්‌ෂුව - මහා අධිරාජය ෘ ඔබට බඩගිනි ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් - එසේය. බඩගිනි ඇති වේ.

භික්‌ෂුව - එවිට ඔබ මුළු මහත් අධිරාජ්‍යයේම ඇති අග්‍ර වූ ධාන්‍ය, පළතුරු, මස්‌ හා කිරි හැම වර්ගයකින්ම ආහාරයට ගන්නේද?

ඇලෙක්‌සැන්ඩර් - නැත. සාමාන්‍ය පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක්‌ පමණක්‌ ගනිමි.

භික්‌ෂුව - මහා අධිරාජයෘ ඔබට පිපාසය ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් - එසේය. පිපාසය ඇති වේ.

භික්‌ෂුව - එවිට ඔබ, ඔබගේ මහා අධිරාජ්‍යයේ ඇති ගංගා හයෙන්ම ජලය මුසු කළ මහා පැන් කළයක්‌ පානය කරන්නේද?

ඇලෙක්‌සැන්ඩර් - නැත. දිය බඳුනෙන් අවශ්‍ය ප්‍රමාණයට පැන් බොමි.

භික්‌ෂුව - එසේ නම් ඔබ විසින් ගොඩනැංවූ ඔය මහා අධිරාජ්‍යය ඔබ විසින් භුක්‌ති විඳින්නේ කෙසේදැයි විස්‌තර කළ හැකිද?

මෙහිදී ඇලෙක්‌සැන්ඩර් නමැති මිහිතලයේ විශාලම අධිරාජ්‍යය ගොඩනඟා තිබූ අධිරාජ්‍යයා තමා හිඳගෙන සිටි අසුනින් නැගිට ආරාමයට එන අනෙකුත් සැදැහැතියන් කරන්නා සේ පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළ බව ඇලෙක්‌සැන්ඩර් රජුගේ වාර්තාවල සඳහන් වේ. දිග්විජයෙහි ඇති නිසරු බව මෙම කෙටි සංවාදයෙන් පසු අවබෝධකර ගැනීමට තිස්‌තුන් හැවිරිදි ඇලෙක්‌සැන්ඩර්ට හැකිවිය.

එදින රාත්‍රියේ තමන්ට නින්ද නොගිය බවත්, ආරාමයේ භික්‌ෂුව විසින් කියූ දේවල් ගැනම සිතමින් සිටි බවත්, පසුදින උදය වරුවේම ආරාමය වෙත ගිය ඇලෙක්‌සැන්ඩර් තම තීරණය උන්වහන්සේට දන්වා සිටි බවත් සටහන් කර ඇත. එහි සඳහන් වන්නේ තවදුරටත් රටවල් යටත් කර ගැනීම අවසන් කර ආපසු හැරීමට තීරණය කළ බවයි.

යටත්කර ගත් ප්‍රදේශ පාලනයට සේනාපතිවරුන් හමුදාංක සමග නතර කර ඇලෙක්‌සැන්ඩර් ආපසු හැරුණේ අගනුවරට ආපසු ගිය වහාම ආරාමයක්‌ ඉදිකරන බව හා එහි විසීමට භික්‌ෂුන් වහන්සේලා කිහිප නමක්‌ වඩම්මාගෙන යැමට දූතයන් එවන බවට ඉහත කී නායක භික්‌ෂුන් වහන්සේට ප්‍රතිඥ දීමෙන් පසුවය.

මේ කිසිවක්‌ ඉටු කිරීමට ප්‍රථම, එනම් තම රට බලා ආපසු යැමටද ප්‍රථම අතරමඟ බැබිලෝනියාවේදී (වත්මන් ඉරාකය) ඇලෙක්‌සැන්ඩර් හදිසියේ මියගියේය. එම නිසා ඔහුගේ බලාපොරොත්තු හා සැලසුම් සියල්ල ඉන් අවසන් විය.

ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් 2003 නවම් මස බෞද්ධාලෝකය සඟරාවට සපයන ලද ලිපියක්‌ ඇසුරිණි)

-සනත් ලියනගේ/දිවයින
- See more at: http://www.yuthukama.com/2014/12/BuddhistMonk.html#sthash.tCwWar26.dpuf

සී.එෆ්.එල්. බල්බයේ කළුවර සටහන

බටහිර විද්‍යාව එකැස් කණෙකි.

බටහිර විද්‍යාව එක ගැටළුවක් විසඳනවිට
ඉන් ඇතිවන අතුරු ගැටළු සංඛ්‍යාව කෙළවරක් නැත..
=====================================

සී.එෆ්.එල්. බල්බයේ කළුවර සටහන
ගැමුණු සාලිය පෙරේරා

නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඩේ භාවිත කර ඉවත් කළ, සී.එෆ්.එල්. (CFL) බල්බ විශාල සංඛ්‍යාවක්‌ විය. මෙහි සේවය කරන කම්කරු මහත්වරුන්ගෙන් මෙම බල්බ වලට කුමක්‌ කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක්‌ තමන් නොදන්නා බැවිත් තැන් තැන්වල ගොඩ ගසා තබන බවත්ය. බලශක්‌ති සංරක්‌ෂණය කර ගැනීමේ, විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක්‌ ලෙස මෙම "සී.එෆ්.එල්." බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර, ලොව ඇතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිත කිරීම තහනම් කරමින්, "සී.එෆ්.එල්." බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් ද සිටී.

වසරින් වසර නිවෙස්‌ තුළ, කුණු ගොඩවල් තුළ පාරේ තොටේ, ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ "සී.එෆ්.එල්." බල්බ වලට කළ යුතු දේ, නොඑසේනම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේ දැයි ඒවා අලෙවි කරන්නන් හෝ බලධාරියෙකු අපට කියා නොදෙන බැවින් වත්මන් සමාජය මදි නොකියන්න අත්විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටළු වලට අමතරව තවත් ගැටළුවක්‌ බවට "සී.එෆ්.එල්." බල්බ පත් වන්නට පෙරාතුව මේ පිළිබදව අවධානය යොමු කිරීම මැනවැයි සිතමි.

සී.එෆ්.එල්. බල්බයකින් ජලය ගැලුම් 6,000 ක්‌ විස බවට පත් කරයි.

ලංකාවේ දැනට භාවිත කර ඉවත දමන සියලුම සී.එෆ්.එල්. බල්බ අවසානයේදී මහපොළොවට, ජලමූලාශ්‍ර වලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900 ක්‌ පමණ මෙසේ සී.එෆ්.එල්. බල්බ අක්‍රමවත්ව බැහැර කරනු ලබන බව සොයාගෙන ඇත.

මෙසේ බැහැර කරන එක්‌ සී.එෆ්.එල්. බල්බයක "රසදිය" මිලි ග්රෑම් 5 ක්‌ පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක්‌ වන අතර, එක්‌ බල්බයක ඇති රසදිය ප්‍රමාණයෙන් ජලය ගැලුම් 6,000 ක්‌ දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබයි. කෙසේ වෙතත් පරිසරයට රසදිය අනාරක්‌ෂිතව බැහැර කෙරෙන තවත් මූලාශ්‍ර තිබේ. සම්ප්‍රදායික උෂ්ණත්ව මාපකයක රසදිය මිලි ග්රෑම් 500 ක්‌ පමණ තිබෙන අතර, ගල් අ`ගුරු දහනයෙන් ද විශාල ලෙස රසදිය පරිසරයට බැහැර කෙරේ. මෙම "රසදිය" පරිසරයේදී "මෙතිල් මර්කරි" නමැති ජීවීන්ට අතිශයින්ම විෂ සහිත සංයෝගයක්‌ බවට පත් වන අතර, මෙම "මෙතිල් මර්කරි" පස, ජලය හරහා ශාක, ආහාර භෝග වලට අවශෝෂණය කෙරෙන අතර, මෙම සංයෝගය බොහෝ කාලයක්‌ යන තුරු පරිසරයෙන් ඉවත් නොවී (විනාශ නොවී) පවතිනු ඇත. අනෙක්‌ අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්‌සේ දිගින් දිගටම එක්‌ රැස්‌ වන බැවින්, ආහාර දාමයේ ඉහළින්ම සිටින මාංශ භක්‌ෂකයින් ට පක්‌ෂීන් ට සහ විශේෂයෙන් මිනිසාට කරනු ලබන අනතුර ඉතාම බරපතල බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරනු ලබති.
Hg - මර්කරි අඩංගු බවට සලකුණ

"මෙතිල් මර්කරි" වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්‌නායූ පද්ධතියට හානි පමුණුවන අතර, ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා, වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස්‌ කළ නොහැකි ආබාධ ඇති විය හැකි බවත්, ගර්භනී මවුවරුන් ට හා ළදරුවන් ට කුඩා ප්‍රමාණයකින් වුව බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බවත් "කාල්ටන්" සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය "රොබර්ට්‌ බර්ක්‌" ප්‍රකාශ කර ඇත. ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්තාවකට අනුව සෑම වසරකදීම ඇමරිකානු දරුවන් 60,000 ක්‌ පමණ ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළදී "මෙතිල් මර්කරි" රසායනයේ බලපෑමට ලක්‌වීම නිසාවෙන් සංකූලතා සහිතව දරුවන් ඉපදෙන බව පෙන්වා දී ඇත. ((http://en.wikipedia.org/wiki/Methylmercury )
බිඳුණු "සී.එෆ්.එල්." බල්බයකින් සිදුවන අනතුර.
මෙම බල්බයක්‌ කාමරයක්‌ තුළදී බිඳී ගියොත්, එක්‌ බල්බයක්‌ තුළ ඇති රසදිය ප්‍රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නොවන රසදිය මට්‌ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය - EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප්‍රමාණයක්‌ බව සොයා ගෙන තිබේ. රසදිය වාෂ්පයට නිරාවරණය වීම, සෞඛ්‍ය ආබාධ වලට ලක්‌ වන්නට සිදු වන කාරණාවක්‌ වනු ඇත. මෙය නූපන් දරුවන්ට, ළමයින්ට, වියපත් අයට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන ඈයින්ට විශේෂයෙන් අවදානම් බව පැවසේ. අනෙක්‌ අතට කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට්‌ එක මත, අවුරුදු 20 ක්‌ පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතලකම සිතා ගත හැකි වනු ඇත. මේ අනුව, එක්‌ බල්බයක්‌ ඔබේ කාමරය තුළදී බිඳී යාම, එය හුදෙක්‌ විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක්‌ පමණක්‌ නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගත පරම්පරාවක දරුවන් මේ රසදිය වලින් දූෂිත පරිසරයේ කාපට්‌ මත, ඇඳ ඇතිරිළි මත කෙළි සෙල්ලම් කරනු ඇත. එබැවින් "සී.එෆ්. එල්. බල්බ" පරිහරණය කිරීමේ දී, ඇමරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට ද වැදගත්ය. (http://www2.epa.gov/cfl/cleaning-brokencfl#instructions )

01. "සී.එෆ්. එල්. බල්බ" මාරු කරන විට දී, කිසි විටෙකත්, බල්බය රත්ව තිබෙන විට සිදු නොකරන්න. (රත් වූ බල්බ සිසිල් වූ බල්බයකට වඩා භයානකය.)

02. කාමරයක්‌ තුළ දී සී.එෆ්.එල්. බල්බයක්‌ කැඩී ගියහොත්, එම කාමරයේ සිටින සියලුම කුඩා දරුවන්, ගර්භනී මවුවරු, ඇතුළු අවදානම් සහගත අය ව වහාම ඉවත් කරන්න. (රසදිය වාෂ්පයට නිරාවරණය වන්න එපා)

03. ඉන් අනතුරුව සියලුම දොර ජනෙල් මිනිත්තු 15 ක්‌ පමණ විවෘත කර තබන්න.

04. කාමරයේ විදුලි පංකා ක්‍රියාත්මකව පවතිනවා නම්, ඒවායේ විදුලිය විසන්දි කරන්න.

05. එක්‌ වරක්‌ භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැළ`ද ඉතිරි කටු කැබලි ප්‍රවේශමෙන් ඉවත් කරන්න.
කාමරයේ ගෙබිම හා බිත්ති තෙත රෙදි කඩකින් හෝ තෙත පත්තර කඩදාසි වලින් පිස දමන්න.

06. එම කාමරයේ ඇති සියලුම ඇඳ ඇතිරිලි, රෙදි පිළි, යළි භාවිත නොකර ඉවත් කරන්න.

07. සියලුම ඉවත් කළ ද්‍රව්‍ය සීල් කළ පොලිතීන් ඇසුරුමකට දමා "අන්තරාදායක කසළ" ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න. (අපේ රටේ පළාත් පාලන ආයතන මගින් එවැනි අන්තරාදායක කසළ වෙනමම එකතු කිරීමක්‌ සිදු නොකරන බැවින් මෙය අපට අදාළ නොවේ.)

සී.එෆ්.එල්. සහ එල්.ඊ.ඩී. බල්බ දැල්වීමෙන් පිළිකා අවධානම ඉහළ යනවාද ?

"සී.එෆ්.එල්" බල්බ (ප්‍රමුඛ ලෙසත්) සහ එල්.ඊ.ඩී. (LED) බල්බ (යම් ප්‍රමාණයකටත්) දැල්වීමේදී නිකුත් කෙරෙන දීප්තිමත් නිල් ආලෝකය දිවා කල ආලෝකයට තරමක්‌ සමාන වන බැවින්, රාත්‍රී කාලයේදී අපේ මොළයේ "පයිනියල්" ග්‍රන්ථියෙන් (Pineal) නිකුත් කෙරෙන "මෙලටොනින්" හෝමෝනය ශ්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්‍රොස්‌ටේ්‍රට්‌ ග්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක්‌ විය හැකි බවත්, ඊශ්‍රායලයේ "හයිෆා" සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය "ඒබ්‍රහම් හෙයිම්" විසින් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබා දී ඇති ප්‍රකාශයක සඳහන්ව තිබේ. ((http://www.telegraph.co.uk/health/healthnews/82 )

88982/Energy-savinglight-bulbs-couldtr i g g e r - b r e a s t -cancer.html)) කවර හෝ ආලෝක ප්‍රභවයක්‌ තුළ රාත්‍රී වැඩ මුර වල නිරත වන හෙදියන්, හා වෙනත් සේවිකාවන්හට පියයුරු පිළිකා වැළ`දීමේ අවදානම ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද පිළිගෙන තිබේ. මෙම අවදානම අවම කර ගත හැකි ලෙස දීප්තිමත් සුදු පැහැය වෙනුවට රාත්‍රි කාලයේදී සෞඛ්‍යයට හිතකර වන ආලෝක ප්‍රභවයන් නිකුත් කෙරෙන බල්බ නිෂ්පාදනය කිරීම පිළිබඳව නිෂ්පාදකයනුත්, මෙවැනි ආලෝක ප්‍රභවයන්ට වැඩි කාලයක්‌ නිරාවරණය නොවීමට පාරිභෝගිකයනුත් උනන්දු විය යුතු බව හාවඩ් සරසවි වෛද්‍ය පීඨය අවධාරණය කර ඇත. (http://www.health.harvard.edu/…/m…/blue-light-hasa-dark-side)

අනෙක්‌ අතට "සී.එෆ්.එල්." බල්බ වැඩි වෙලාවක්‌ දැල්වීමේ දී "විද්යුත් චුම්බක කිරණ" සහ "µSනෝල්", "නැප්තලීන්", සහ "ස්‌ටයිරීන්" වැනි රසායනික ද්‍රව්‍යයන් ද නිකුත් කෙරෙන බවත්, දීර්ඝ කාලයක්‌ මෙම කිරණ වලට සහ රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම අනතුරුදායක විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අ`ගවන අතර, "සී.එෆ්.එල්." බල්බ වලින් නිකුත් කෙරෙන "විද්යුත් චුම්භක කිරණ" වලින් පිළිකා අර්බුද ඇති කරවිය හැකි දැයි සොයා බැලීමට තවදුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේ රජයේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්‌වෙන වාර්තාවකද මෙම කිරණ වලින් ආරක්‌ෂා වීම පිළිබඳ අවධාරණය කර තිබේ. ((http://www.parliament.uk/…/res…/briefingpapers/SN04958/theph
a s i n g - o u t - o f -incandescent-light-bulbs)

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන විද්‍යාඥයන් අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක්‌ මෙම ආලෝකයට නිරාවරණය නොවී සිටීමත්, හිස අසලින් මෙම බල්බ නොදැල්වීමත්, විශේෂයෙන් පාඩම් කටයුතු සිදු කරන ළමුන් "සී.එෆ්.එල්." බල්බ වෙනුවට සාමාන්‍ය බල්බ යෙදූ "ටේබල් ලෑම්ප්" භාවිත කිරීමත් වඩා සුදුසු බව යි.

ඇතැම් රටවල් "සී.එෆ්.එල්."බල්බ භාවිතය සීමා කරමින් සිටී.
"සී.එෆ්.එල්." බල්බ භාවිතයේ දී ඒවා අවදානම් සහගත ලෙස පරිහරණය නොකරනවානම් සහ භාවිතයෙන් ඉවත් කළ බල්බ ප්‍රතිචක්‍රීකරණය කිරීම නිසි ලෙස සිදු කරනවානම්, (මෙම බල්බ සියයට 95 ක්‌ පමණ සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කරන්නට පිළිවන් වීම මෙහි ඇති වාසි සහගත තත්ත්වයකි.) මේවායේ ඇති අවදානම අවම කර ගත හැකි බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. අනෙක්‌ අතට, සාම්ප්‍රදායික බල්බ මෙන් නොව, සී.එෆ්.එල්. බල්බ දීර්ඝ කාලයක්‌ යන තුරු භාවිත කළ හැකි වීම මේවායේ තිබෙන තවත් වාසි සහගත තත්ත්වයකි. එහෙත් වගකීමේ සහතිකයේ සඳහන් වන කාලය ඉක්‌ම ගිය වහාම දැවී යන ලෙස මේවා නිෂ්පාදනය කර තිබීම මේවායේ තිබෙන බරපතල අවාසියකි. සංවර්ධිත රටවල සාමාන්‍යයෙන් වසර 5 කට වඩා වැඩි කාලයක වගකීමේ සහතිකයක්‌ පාරිභෝගිකයින්ට ලබා දිය යුතු බවට වන නීති ක්‍රියාත්මක වුවත්, නීති රීති දුර්වල රටවල තත්ත්වය එසේ නොවන්නේය. "තෝමස්‌ අල්වා එඩිසන්" විසින් දැනට වසර 100 කටත් පෙර නිෂ්පාදනය කර ඇති ලොව පළමු සාමාන්‍ය විදුලි බුබුළු තවමත් දැල්වෙන අතර, වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම තම ඒකායන පරමාර්ථය කර ගත්, නිෂ්පාදකයින් විසින් අඩු කාලයක දී දැවී යන ලෙස විදුලි බල්බ නිෂ්පාදනය කිරීම නිසාවෙන් අපගේ ආර්ථිකය පමණක්‌ නොව, සමස්‌ත පරිසරයත්, ජීවී හා මානව පැවැත්මත් අනතුරේ හෙළා ඇති බව පැහැදිලිය.

නවසීලන්ත රජය සාම්ප්‍රදායික විදුලි බුබුළු භාවිතය තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කරවා ගෙන ඇත. ජර්මන් රජය විසින් එරට පොදු ස්‌ථාන, ආරෝග්‍ය ශාලා තුළ "සී.එෆ්.එල්." බල්බ භාවිත කිරීම තහනම් කර තිබේ. ඇමරිකාවේ කැරොලිනා ප්‍රාන්ත රජය "සී.එෆ්.එල්." බල්බ භාවිත කිරීම සීමා කරන්නට නීති සකස්‌ කර ඇත. සියලුම සංවර්ධිත රටවල් "සී.එෆ්.එල්." බල්බ ඇතුළු ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා, ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම් වලට ම පවරා තිබේ. (උදා. http://www.hse.gov.uk/wate/waste-electrical.htm )

පූර්ණ තරගකාරී වෙළෙඳපොළ රටාව අපේ රටට ඇවිත් දැන් බොහෝ කලක්‌ ගෙවී ගොසින්ය. වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම් දනව්වකම තිබෙන පෙට්‌ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප්‍රකාරයේ බඩු භාණ්‌ඩ වලින් පිරී ගොසිනි. එහෙත් ඒ බඩු භාණ්‌ඩ පිළිබඳව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගොස්‌ නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්‌ටු දෙකේ කුණු කසළ වලට අපේ රට වේගයෙන් කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් වෙමින් පැවතියද, එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳව වන දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට අපේ රට පත් වන්නේ ඉතාමත් සෙමෙන්ය.

මොහොතක්‌ හිතන්න. ඔබේ, ඔබේ දරුවාගේ, ඔබේ සමීපතමයන්ගේ ජීවිත ආරක්‌ෂා විය යුතුය. එපමණක්‌ද නොව, ඔබේ අසල්වාසීන්, මිතුරන්, ෙෆ්ස්‌ බුක්‌ මිතුරන් ද , මේ හැමෝමත් , අපේ ග්‍රහ ලෝකයත් ආරක්‌ෂා විය යුතුය. ඔවුන් දැනටමත් භාවිතයෙන් ඉවත් කරන "සී.එෆ්.එල්, බල්බ" කුණු ගොඩට, ගෙවත්තට, පාරට, කාණුවට, ගංගා ඇළ දොළවලට දමමින් සිටිනවා ඇති. (අනෙකුත් කසළ දමන්නාක්‌ මෙන්) එසේ කිරීමෙන්, බිඳී ගිය මෙම බල්බ වල කටුවලට තුවාල කර ගනිමින් ද සිටිනවා විය හැකිය. බලධාරීන් හෝ ව්‍යාපාරිකයින් අප වෙනුවෙන් තීරණ ගනි තැයි අපේක්‌ෂා කළ නොහැකිය. කල් ඇතිව පරෙස්‌සම් වීමත්, පරිභෝජනයට  උචිත දේ තෝරා ගැනීමටත් අපට පුලුවන. අනතුරක්‌ ඇති වන්නට පෙර සූදානම ඇඟට ගුණය.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‌ෂක
ඇල්ල (බණ්‌ඩාරවෙල)

20141219

විද්‍යාව යැපෙන මිනිසාටයි. බුදු දහම ස්වාධීන මිනිසාටයි

කර්මයෙහි ක්‍රියාකාරිත්වය ගැන
නොවිසඳෙන ගැටළු තියන අය
එහෙම දෙයක් නැහැ කියලා
ප්‍රතික්ෂෙප කරලා
මෝහයට වැටෙන්න කැමති නැත්නම්
කර්මය ඇතුළු නියාම ධර්ම පහ
තමන්ම හඳුනාගෙන
තමන් තුළ දකින දේ අනුව
මේ ගැටළු තමන්ම විසඳාගත යුතුයි.
නියාම ධර්ම මොනවද කියල
පොඩි දරුවෙකුට වුණත් පෙන්වා දෙන්න
බුදු දහම දන්න කෙනෙකුට පුලුවන්..

ගැටළු විසඳා ගැනීම
විමසන අයගෙ පුද්ගලික වගකීමක්..
ආහාර දෙන්න පුලුවන්..
දිරවා ගැනීම ලබන්නාගෙ වගකීමක්..
විද්‍යාවෙදි වගේ
කෘතිමව නිශ්පාදනය කළ පෙත්තක් දීම
බුදු දහමෙ ක්‍රමය නොවෙයි..

බුදු දහම
ස්වාධීන පුද්ගලයන්ට සුදුසු දහමක්..
විද්‍යාව වගේ
අනිකා මත යැපෙන දැනුමක් නොවෙයි..

විද්‍යාත්මක දැනුම පවතින්නෙ
අනුන්ගෙ සොයාගැනීම් අදහන අය
ඒ දැනුමට දක්වන භක්තිය නිසා සහ
ඒ දැනුමට හැකි පමණින් දක්වන
දායකත්වය නිසයි..

බුදු දහම පවතින්නෙ
බුදුන් වහන්සේගෙ සොයාගැනීම් අනුව
තමන් පිළිබඳව අවබෝධ කරගෙන
තමන්ට ඇති වී තිබෙන ප්‍රශ්න වලින් මිදෙන්නත්
ඉදිරියට ප්‍රශ්න ඇති කර නොගන්නත්
ස්වාධීනව ක්‍රියා කරන්නට
කෙනෙක් තුළ ඇති ශක්තිය මතයි..

ඔබ යැපෙන්නෙක් නම්
විද්‍යාවෙන් ප්‍රශ්න වලට විසඳුම් සොයන්න.
ස්වාධීන නම් බුදු දහමට අනුව
ප්‍රශ්න විසඳා ගන්න.

ඔබ ජාතිවාදියෙක්ද?

ජාතිවාදය හැදෙන්නෙ
මිනිසෙක් උපදින තැන අනුව
ඔහු තීරණය නොකළ
සමාජ සම්මතයකට අනුව
මිනිසා විසින් කළ වර්ගීකරණයෙන්.

ජාතිවාදය ඇතිවෙන්නෙ
කල්ලියක හැසිරීමෙන්..
ජාතිවාදය මිනිසා දෙස නොබලා
බාහිර කරුණු මත වරද කරුවෙක් කරලා
ඔහුට හානි පමුණුවනවා.
හෙළා දකිනවා.
ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමටත්
සාධාරණ විදියට හිතන සැබෑ මිනිසුන් තුළ
සත්‍ය දකින්නට තරම්
ශීලය, සමාධිඅය හා ප්‍රඥාව
අවශ්‍යයි..

ආගමික බව හෝ නිරාගමික බව
පුද්ගලිකයි..
කෙනෙක් ඒ කරුණ අනුව
තව කෙනෙක් හෙළාදකින විට
තමන් වෙනුවෙන් නැගී සිටින්නට
අදාළ තැනැත්තාට පුලුවන්.

ජාතිවාදයෙදි එහෙම බැහැ..
ජාතිවාදීන් හැමවිටම කල්ලියක්..
තමන් හෙළා දකින ගන්ධයක් තැවරුණ තැන්
ඉව අල්ලමින් සොයමින් යන
ඉව දැනෙන විට තැන නොතැන නොබලා
පුද්ගලයා නොබලා බුරමින් යන
ඇස් නැති කල්ලියක්..

ඔබ ජාතිවාදයට විරුද්ධව
එක ජාතියක කෙනෙකුට යමක් කිව්වොත්
ඔබ ඉබේම අනික් ජාතියට අදින එකෙක් විදියට
හංවඩු ගැහෙනවා. ලැයිස්තුගත වෙනවා.

ජාතිවාදීන්ගෙ අඳබාල භාවය
අත්දැකීමෙන් හඳුනාගන්න නම්
ජාතිවාදයට එරෙහි වෙන්න.

ඔබට දෙපැත්තෙම ජාතිවාදීන් එක්වෙලා
පහර දේවි..
ඔවුන් දෙපිරිසම එක පිරිසක්..

ඔවුන් ද්වේශයෙන් ඉන්නෙ එකම කඳවුරක.
ද්වේශයෙන් හැසිරෙන්නෙ එකම විදියකට..

ජාතියට ආදරේ කළ පමණින්
ඔබ ඒ කඳවුරට අයත් වෙන්නෙ නැහැ.
ද්වේශය හා මාන්නය අවශ්‍යයි..

ඔබ ඔබේ ජාතියට ආදරේ වීම
ස්වාභාවිකයි..
ඒ ජාතිය ලොව අන් ජාතීන්ට වඩා
උසස්යැයි සිතමින්
ඒ මතය තහවුරු කරන්නට
කටයුතු කිරීමත් ස්වාභාවිකයි..
ඒත්
ඔබේ ආදරය ඔබට සීමා වූ විට
ඔබටත් අන් අයටත් සැනසිලිදායකයි..

ජාතියට ඇති ඔබේ ආදරය රැකගෙන
අන් ජාතීන්ටත් ඒ සඳහා ඇති අයිතිය
පිළිගනිමින්...
ඒ අයිතියට ගරු කරමින්
සියලු ජාතීන් දෙස
මිනිසුන් මෙන් සොයුරන් මෙන් දකින්න
ඔබට හැකි නම්
කුමන ජාතියකට අයත් වුවත්
ඔබ මිනිසෙක්...

.

ඔබත් මාත් උදෙසා ලොව සුවපත් කරන්න

20141211

ජාතිවාදී ක්‍රිකට් මැච්

ක්‍රිකට් මැච් එකක් බලන කොට
මැච් එක බලන අය අතරෙ ඉන්න
මුස්ලිම් හා සිංහල ජාතිවාදීන්
මැච් එක බලනවාට වඩා
එකිනෙකාගෙ ජාතිවාදය දකිනවා..

මුස්ලිම් ජාතිවාදීන්
සිංහල ජාතිවාදීන් දකිනවා
ඔවුන් ගැන හිතමින් විඳවනවා.

සිංහල ජාතිවාදීන්
මුස්ලිම් ජාතිවාදීන් දකිනවා
ඔවුන් ගැන හිතමින් විඳවනවා.

ජාතිවාදීන් අනික් ජාතිවාදීන් සමග
මනසින් අඬදබර කරගනිද්දි
මැච් එක බලන අය
ක්‍රිකට් ක්‍රීඩාව රස විඳිනවා.
වෙන දෙයක් දකින්නෙ නැහැ..

ඇත්ත දකින අය
මේ ජාතිවාදී දෙපිරිසත්
රස විඳින ක්‍රීඩා ලෝලී පිරිසත්
මැච් එකත්...
සියල්ලම දකිනවා.

හොඳම තැන එතැනයි..

ජීවිතය තුළින් රත්රන් පෙරාගන්න.

සාමාන්‍ය පසෙන්
රත්රන් පෙරාගන්න බැහැ.
රත්රන් පෙරාගන්න
රත්රන් ඉල්ලමක් විය යුතුයි.
රත්රන් නොවෙන දේ ඉවත් කළාම
රත්රන් ඉතිරි වෙනවා.
පස් අරන් රත්රන් එකතු කළාට
පස් රත්රන් වෙන්නෙ නැහැ.

ප්‍රඥාවත් රත්රන් වගෙයි.
ප්‍රඥාවත් පිටින් එකතු කරන්න බැහැ.
පොත පතින් දේශන වලින්
ලබාගන්න බැහැ.

තව කෙනෙකුගෙ අත්දැකීම් මත
ඔහු පෙරාගන්නා රත් රන් වැනි දැනුම
අපේ පස් ගොඩට එකතුකළාට
අපේ පස් ගොඩ රත්‍රන් වෙන්නෙ නැහැ.
අපේ පස් වල ට්‍රත් රන් නැත්නම්
අපි වටින අය විදියට
බලන අයට පෙන්වන්න හැර
ඒ රත්රන් වලින් අපිට ඇති
ප්‍රයෝජනයක් නැහැ.
විශ්ව විද්‍යාල උපාධි වලින් කියවෙන්නෙ
අප විසින් මේ තැනැත්තාට
මෙතරම් රත්රන් ප්‍රමානයක්
එකතු කර ඇත කියලයි.
රත්රන්  ඉල්ලමක් හඳුනාගන්න
දක්ෂතාවය නැති ආයතන ප්‍රධානීන්
ඔවුන් රැකියාවට අරන්
ඔවුන්ගෙන් වැඩක් කරගන්න සටන් කරනවා.

ප්‍රඥාව වැඩෙන මාර්ගය
බුදු දහමෙ ක්‍රමවේදයක් විදියට
උගන්වනවා.
ඒ හැර වෙනත් මගක්
කිසිවෙකුටත් නැහැ..

අන් සියලුම මාර්ග වලදී කෙරෙන්නෙ
නිස්සාර පසට රත්රන් එක් කිරීමයි.
කොතරම් රත්‍රන් එක් කළත්
නිස්සාර පස පිරිසිදු රත්රන් වෙන්නෙ නැහැ.

ඔහු මියෙන තුරුම
පස නිසරුව පවතිනවා.

බුදු දහම සඳහන් වෙන
විපස්සනා පුහුණුව
ප්‍රඥාව වැඩීමෙ එකම මාර්ගයයි.

විපස්සනා වඩන කෙනෙක්
ඒ මොහොත තුළ
ප්‍රඥාවෙන් ජීවිතය දකිනවා.
ඔහු ඒ මොහොතට කැමතිත් නැහැ.
අකමැතිත් නැහැ.
ඔහු ඒ මොහොත
තමාට සාපේක්ෂව මෙන්ම
ඒ පවතින ස්වභාවයෙන්....
එහි සැබෑ ස්වරූපයෙන්ම දකිනවා.
ඔහු ඒ මොහොත විනිශ්චය කරන්නෙ නැහැ.
ඔහු ඒ මොහොතට
තමාට සාපේක්ෂව අගයක් දෙන්නෙ නැහැ.
ඒ මොහොත පවතින ආකාරය
පවතින විදියටම ඔහු දන්නවා.
ඒ මොහොත පෙරාපු රත්රන් මොහොතක්.

ඒ පෙරාපු රත්රන් මොහොත
දෙකක් තුනක් හතරක් පහක් ලෙස
කෙමෙන් වර්ධනය වෙන විට
ඔහුගෙ නිසරු පස වියෝජනය වෙලා
ජීවිතය රත්රන් බවට පත් වෙනවා.

ප්‍රඥාව වැඩෙන්නට නම්
කෙනෙක් ප්‍රඥාව වැඩෙන විදියට
ජීවත් විය යුතුයි
ජීවිතය ගෙවද්දි
අපට මුහුණ දෙන්නට සිදුවෙන දේවල් වල
ප්‍රතිඵලයක් විදියට
අප තුළ සිදු වෙන වෙනස්කම් ඇසුරෙන් හැර
ප්‍රඥාව ලබාගත හැකි වෙනත් මගක් නැහැ.
ඔහු තමන් තුළ සිදුවෙන වෙනස්කම්
සම්පූර්ණයෙන් දැකිය යුතුයි.
ඒ සිදුවෙන වෙනස්කම් වලට
උපේක්ෂාවෙන් විසිය යුතුයි.

සිහියෙන් වෙසෙන නිසා
මෝහ සංස්කාර රැස් වෙන්නෙ නැහැ.
උපේක්ෂාවෙන් වෙසෙන නිසා
අත්දැකීම් කැමති අකැමති බව අනුව
හොඳ නරක ලෙස වර්ග නොකරන නිසා
රාග සහ ද්වේශ සංස්කාර
අලුතෙන් එකතු වීම වළකිනවා.
නව සංස්කාර නැති වෙන කොට
විඥාණයෙ රැස්වෙලා තියන කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
ඉවත්වෙලා යනවා.
නිසරු පස වියෝජනය වෙලා
රත්රන් ඉතිරි වෙනවා.
ඔහුගෙ ප්‍රඥාව මතු වෙනවා.

20141130

රාග-ද්වේෂයන්හි අඩු වැඩි වීම මිනිස් ආයුෂ කෙරෙහි බලපානුයේද?

Kavindu Pathirana ‎තුලාව (justice)
[[ රාග ද්වේෂයන්හි අඩු වැඩි වීම මිනිස් ආයුෂ කෙරෙහි බලපානුයේද? ]]

රාගය ද්වේශය
ස්වාභාවිකව ඇතිවෙන්නෙ
සත්වයා යම් යම් දේට පොළඹවන්නයි.

ආහාර ගැනීමට, ප්‍රජනනයට,
රාගය නිසා පෙළඹෙනවා.
ද්වේශය නිසා
සතුරන්ට බියෙන් පළා ගිහින් හෝ
කෝපයෙන් ගැටීමෙන්
ආරක්ෂාව සලස්වා ගන්න
සත්වයා පෙළඹෙනවා.

සියුම් විදියට, කූට ආකාරයට
සැලසුම් සහගතව ක්‍රියා කළත්..
මිනිසාත් රාගයෙන් හා ද්වේශයෙන්
කරගන්නෙ මේ දේවල් තමයි..

රාගය හා ද්වේශය ඇතිවෙද්දි
සිතෙහි සහ කයෙහි
සිදු වෙන ජෛව රසායනික වෙනස් වීම්
කයෙහි නිරෝගී බවට බාධාවක්.

ආවේග ප්‍රබල වෙන තරමට
හානියත් ප්‍රබලයි..
රාගය හෝ ද්වේශය
උපාදාන වීමෙන්..
කෙනෙක් උමතු වෙනවා.
කෙනෙක් මියයනවා.

එවැනි අන්තයකට
කෙනෙක් පත්වෙන්නෙ
එකවර නෙමෙයි..
බිඳුවෙන් බිඳුව එක් වෙලා
කළයක් පිරෙන්නාක් මෙන්
රාගයත් ද්වේශයත් නිසා
මිනිසාගේ නිරෝගී බව
දිනෙන් දින ඛාදනය වෙනවා.

සතුන්ගේ මෙන් නොව
මිනිසාගේ මේ ආවේග වලට
ඔහු මවන හිස් චිත්ත රූප
හේතු වෙනවා.
චිත්ත රූපය බොරුවක් වුණත්
ආවේගය සත්‍යයක්..

රාගය හා ද්වේශය විසින්
සිතෙහි හා කයෙහි ඇතිවෙන
වෙනස් වීම් ගැන සිහියෙන්
ඒ වෙනස් වීම් වලට උපේක්ෂාවෙන්
වෙසෙන්නට පුහුණු වීම් නිසා
සිතට හා කයට සිදු වෙන හානිය
අවම කරගන්න පුලුවන්.
කලින් සිදු වුණ හානිත්
මකාගන්න පුලුවන්..

20141119

ආගමිකයා - නිරාගමිකයා

.ආගමිකයෙක්
ඉච්ඡාභංගත්වයෙන් කරන උමතු ක්‍රියාවන්
නිරාගමිකයාටත් පොදුයි.

ආගමිකයාට සරණක් ඇති නිසා
රකින්න විනයක් ඇති නිසා
ආගමිකයෙක් සමග සසඳන්න
පරමාදර්ශී චරිත ආගමිකයාට තියනවා.
ඔවුන් සිල්වත්ද, සිත සමාහිතද, ප්‍රඥාව වැඩෙනවද කියා
ඔවුන් සැලකිලිමත් වෙනවා.

නිරාගමිකයාට සරණක් නැති නිසා
රකින්න විනයක් නැති නිසා
නිරාගමිකයා අපරාධකරුවෙක් වුණත්
සසඳන්න තියන ප්‍රමිතිය
තවත් සාමාන්‍ය දුර්වලතා ඇති මිනිහෙක් සමග පමණයි..

නිරාගමිකයාට අභියෝගයක් නැහැ..
තමන්ට වඩා ලොකු අපරාධ කරුවෙක් පෙන්වලා
මම ඊට වඩා හොඳයි කියල
සැනසෙන්න නිරාගමිකයාට පුලුවන්
වෙනස එපමණයි..

ආගමිකයා වුණත් නිරාගමිකයා වුණත්
ඉච්ඡාභංගත්වයට පත් වුණාම
ආවේග ශීලී වුණාම
වැටෙන තැන එකයි.

ආගමිකයා වුණත් නිරාගමිකයා වුණත්
ආවේග ශීලී වුණාම
කරන්නෙ මොනවද කියල ඔහු දන්නෙ නෑ..
ඔහුට සිහිය නැහැ..
සිහිය ආවත් ඔහුට තමන් පාලනය කරගන්න බෑ.

ආගමිකයා කෝපයට පත් වුණාම
එක විදියකටත්
නිරාගමිකයා කෝපයට පත් වුණාම
තව විදියකටත්
කෝපයට පත් වෙන්නෙ නෑ.

දෙන්නගෙම කයෙහි සිදුවෙන රසායනික ක්‍රියා එකයි..
මනසෙහි ඇතිවෙන වියරු ස්වභාවය එකයි..

ඔවුන් වෙනස් වෙන්නෙ
ඒ කෝපය සමනය කරගෙන
ආත්ම දමනය කරගන්න
උත්සාහ කරන වෙලාවටයි.

ආගමිකයා සතුව මෙවලම්
ටිකක් තියනවා.
කෝපයට පත්වෙන කෙනෙක්
මේ ආකාරයට හැසිරිය යුතුයි කියලා
ආගමෙන් කෙරුණු මග පෙන්වීමක්..
කිසියම් ප්‍රමිතියක් තියනවා.
ඔහුට සිදුවෙන හානිය ගැනත් ඔහු හිතනවා.

නිරාගමිකයාට සරණක් නැති නිසා
රකින්න විනයක් නැති නිසා
තමන් අමතක කරන්න පුලුවන්..

නිරාගමිකයාට හිතන්න තියෙන්නෙ
නීතියෙන් හෝ සමාජයෙන් ඇතිවෙන
ප්‍රශ්න විතරයි.

සැබෑ නිරාගමිකයා යනු
දහම නොදන්නා කෙනෙකු හෝ
නොදන්නා දහම් ප්‍රතික්ෂේප කරන
අඳ බාලයෙකු නොවේ..

දහම නොදන්නා නමුත්
සත්‍යය සොයන ස්වාධීන ගවේශකයෙකි..
ඔහු ඉක්මණින් හෝ ප්‍රමාද වී හෝ
සත්‍යය සොයා ගනු ඇත..

ඔහු පල්ල හිල්වූ මල්ලක් ගෙන
විද්‍යාවට කඩේ යන්නෙක් නොව
හිස් මල්ලක් ගෙන
දකින සියල්ල තුළ
සත්‍යය සොයන්නෙකි.

ඔහුගේ මල්ල හිස්වී තියෙන්නේ
මල්ලෙහි පල්ල හිල්වී ඇති නිසා නොව
ඔහු තවමත් සත්‍යය නොදුටු බැවිනි..

Stephen Howking දහම නොදුටු සැබෑ නිරාගමිකයෙක්

ඔබේ චරිතය හඳුනාගන්න.

මිතුරන් පස් දෙනෙක් රාත්‍රී සාදයකට යනවා.

එක් මිතුරෙක් රිසි පරිදි මත්පැන් බීලා
රිස් පරිදි නිදැල්ලේ හැසිරෙනවා.
කයිවාරු ගහනවා... නටනවා.

දෙවැනි මිතුරා සිල් රකින කෙනෙක්.
ඔහු මේ සියල්ල පිළිබඳව ද්වේශයෙන්
සාදයත්, මත්පැන් පානයත්,
අවිචාරවත් හැසිරීමත්
දැඩි ලෙස විවේචනය කරනවා.

තුන්වැනි මිතුරා
බීල නටන්න හිතේවි කියල හෝ
බීල නටන අය ගැන
කෝපයක් ඇති වෙයි කියලා හෝ..
නිදිමත වෙයි කියලා හෝ
අසල තිබුණ යමක් අරන්
අහුවෙන දෙයක් කියවනවා.

හතර වෙනි මිතුරා කාල බීලා
තමන්ගෙ පුටුවෙ නිදි.
ඔහු මේ කිසිවක් දන්නෙ නෑ.

පස් වැනි මිතුරාට මේ සියල්ල දකිනවා.
ඒ සියල්ල ඔහුට දැනෙනවා. හැඟෙනවා.
මත්පැන් බීලා
විනෝදයෙන් කල් ගත කරන මිතුරාත්
ද්වේශයෙන් හැසිරෙන සිල්වතාත්
වෙනත් අරමුණකට හිත යොමු කරගෙන
තමන්ගෙ ලෝකයක ඉන්න මිතුරාත්
සිදුවෙන කිසිවක් නොදැන
මෝහයෙන් නින්දට වැටී සිටින මිතුරාත්
ඔහුට පෙනෙනවා.
සාදය පවතින ආකාරයත්
මොහොතින් මොහොතට වෙනස් වෙන ආකාරයත්
ඔහුට පෙනෙනවා. දැනෙනවා. හැඟෙනවා.
ඒ සියලු තොරතුරු දකිනවිට ඇසෙන විට
ඔහුතුල උපදින හැඟීම් ආවේග ගැනත්
ඔහුට සිහිය තියනවා.
ඇතුළතත් බැහැරත් සියල්ල දකිමින්, අසමින්,
හැඟීම් සහ සිතුවිලි ඇතිවෙද්දි
ඒ සියල්ල වෙනස් වෙන ආකාරයත් දකිමින්
හැම දෙයක් මැ දැනෙන සිහියෙන්
සම්පජානෝ සතියෙන් වෙසෙන ඔහු
ඒ කිසිවක් කැමැත්තෙන් අල්ලා ගන්නෙත් නැහැ..
අකැමැත්තෙන් ප්‍රතික්ෂෙප කරන්නෙත් නැහැ.
නිවුණු සිතින් කල් ගත කරලා
සාදය හැරයන්න අවස්ථාව පැමිණෙනතුරු
සැනසිල්ලෙන් ඉන්නවා.

අපි හැම දෙනෙක්ම
මුල් අවස්ථා හතර අතර
එකින් එකට මාරු වෙමින්
නොකඩවාම පසු පස එන දුකෙන්
මිදෙන්න වෑයම් කරනවා.

මේ එක් එක් චරිතය රඟපාන අවස්ථාවන්හි
මම දැන් රඟපාන්නෙ මේ චරිතයයි
මා වෙනස් වෙන්නෙ මේ මේ විදියටයි
කියා දකින්න ඔබට පුලුවනි නම්
ඔබ කල් යාමේදී
පස් වැනි අවස්ථාවෙ තැනැත්තා බවට
කෙමෙන් කෙමෙන් පත්වෙයි.

බුදු දහම අනුව
සතර සතිපට්ඨානයෙන් වෙසෙමින්
පුහුණුවෙන  විදසුන් වඩන්නෙක්
පස් වැනි අවස්ථාවට පත් වී
සියල්ල වෙනස් වෙන ආකාරය දකිමින්
හැම දෙයක් මැ දැනෙන සිහියෙන්
සම්පජානෝ සතියෙන් වෙසෙන ඔහු
ඒ කිසිවක් කැමැත්තෙන් අල්ලා ගන්නෙත් නැහැ..
අකැමැත්තෙන් ප්‍රතික්ෂෙප කරන්නෙත් නැහැ.
නිවුණු සිතින් කල් ගත කරලා
සාදය හැරයන්න අවස්ථාව පැමිණෙනතුරු
සැනසිල්ලෙන් වෙසෙනවා..

මේ මොහොතේ
මේ සටහනට ඔබ ප්‍රතිචාර දක්වන්නේ
කී වෙනි මිතුරා ලෙසද?
ඔබට පිළිතුරක් නැත්නම්
ඔබ හතර වැනි ආකාරයේ පුද්ගලයෙක්.
නින්දෙන් පිබිදෙන්න.
පස්වැන්නා මෙන් හැසිරෙන්නට
සුදුසුකම් ඇති කෙනෙක් විය හැකියි, ඔබ .

20141117

කාමය::: තවත් එක ප්‍රිය ජනක සංවේදනාවක්.

කයින් මනසින් නිරෝගී මිනිසෙකුට
කාමය බින්දුවෙ ඉඳලා
සියයටම යන්න හැකියාව තියනවා.

කාමය කියන්නෙ කයෙන් විඳින තවත්
එක ප්‍රිය ජනක සංවේදනාවක්.
වියළි දර කැබැල්ලක් ගින්නට සමීප කළාම
දැල්වෙනවා වගේ සාමාන්‍ය සංසිද්ධියක්,
උණුහුමක් විදියටත් විඳින්න පුලුවන්..
දැවීම විඳින්නත් පුලුවන්.

කාමයට විශාල වටිනාකමක් දෙන අයට
ජීවිතයෙ සතුටු වෙන්න වෙනත් දේවල් නැහැ.
ඔවුන්ට මනස සතුටු කරන්න කය නැතුව බැහැ.
සිතාර් වාදනයක්, බට නලා වාදනයක්...
රස විඳින්න බැරි කෙනෙකුට
කාමය සියුම්ව විඳින්න බැහැ.

කාමය විඳින ආකාරය
පුද්ගලයාගෙන් පුද්ගලයාටත්
අවස්ථාවෙන් අවස්ථාවටත් වෙනස් වෙනවා.

ගොරෝසු හිතක් තියන කාමුක පුද්ගලයෙක්
කාමයෙන් වියරු වැටිලා,
බලු පොරයක් වගේ අමුවෙන් විඳින්නත් පුලුවන්.
ඔහු බිරිඳත් දූෂණය කරන්නෙක්.

ස්ත්‍රී දූෂකයෙක් කාමය විඳින්නෙ
කයින් නෙවෙයි. මනසින්..
කායිකව ඔහු කරන්නෙ මොකක්ද කියල
ඔහුගෙ මනස දන්නෙ නෑ.
ඔහුට සිහිය නෑ.
ඔහු සිතින් මවා ගත්ත සුවය සොයාගෙන
කඟ වේනෙක් වගේ දුවනවා.

කෝපයෙන් වියරු වැටුණ කෙනෙකුට
කායිකව තමන්ට වෙන හානිය හෝ
අනික් අයට වෙන හානිය දැනෙන්නෙ නෑ වගේ
ස්ත්‍රී දූෂකයෙකුටත් ඔහු පිළිබඳව
දැනෙන දේ ඉතාම සීමිතයි.
විපස්සනාවෙ අනිත් කෙළවරෙයි ඔහු ඉන්නෙ.
ඔහුට ඔහු ගැන සිහියත් නෑ..
ඔහුට සිදුවෙලා තියන දේ ගැන
උපේක්ෂාවත් නෑ.

ජීවිතයෙ ප්‍රිය දේ රස විඳින්න
යම් පමණකට නිවුණ මනසක් අවශ්‍යයි.
කුසගින්නෙ ඉන්න කෙනෙකුට
ආහාරයක් රස විඳින්න බෑ.

දරදඬු අත්තනෝමතික,
මාන්නාධික පුද්ගලයන්
සාමාන්‍යයෙන් කාමය විඳින්නෙත්
කුසගින්නෙ ඉන්න කෙනෙක් වගෙයි..
ඔවුන්ගෙ කාමය
සාමාන්‍ය තරුණියක් නිසා
උද්දීපනය නොවෙන්න පුලුවන්.
ඒ ඔහු සාන්තු වරයෙක් නිසා නොවෙයි..
කම්මලේ බල්ලාට හෙණ ගැහුවත්
දැනෙන්නෙ නෑ වගෙයි.

ඔවුන්ට කාමය ඇවිස්සෙන්න ප්‍රබල රූප අවශ්‍යයි.
ප්‍රබල කාම උත්තේජකයක් නිසා
කාමය ඇවිස්සුණාම
ඔවුන්ට අන් කිසිවක් පෙනෙන්නෙ නැහැ.
ඔවුන් කාමය විඳින්නෙ බැකෝ යන්ත්‍ර වගෙයි.

මලක් නෙලා ගන්නවා වෙනුවට ඔවුන් කරන්නෙ
මල් පඳුර පොළවත් එක්කම උගුල්ලා ගැනීමයි.

ගණිකා වෘත්තිය නීතිගත කළයුත්තේ ඔවුන් වෙනුවෙනුයි.
සාමාන්‍ය යුවතියන් මේ චරිත වලින් රැක ගැනීමටයි.

නිවුණ සන්සුන් සිතකට
ඉතාම සියුම් විදියට, ශෘංගාරය විදියට
කාමය විඳින්නත් පුලුවන්.
ගීතයක් ඇසීමෙන්,
චිත්‍රයක්, නර්තනයක් නරඹීමෙන්
මිනිසා විඳින තෘප්තියට
රාගය නිශ්‍රිතයි.
දේශකයාගේ ස්වභාවය අනුව
ධර්ම දේශනාවක වුණත්
රාගය මිශ්‍ර වෙන්න පුලුවන්.
භක්ති ගීයක පවා ශෘංගාරය තියනවා.

ශෘංගාරය කියන්නෙ
කෙනෙක් තමා තුළ
තම මනස තුළම විඳින හැඟීමක්.
කය භාවිතා වෙන්නෙම නැති තරම්.
මොළයත් ස්නායු පද්ධතියත්
උත්තේජනය වීම
ශෘන්ගාරයට ප්‍රමාණවත්.
ස්වාභාවිකව හැදුණ වැඩුණ දරු දැරියන්
ප්‍රේමයෙන් බැඳෙන මුල අවදියේ
මේ ශෘංගාරය විඳිනවා.
පසු කාලීනව
කයට ඇබ්බැහි වෙනකොට
පමණ ඉක්මවා ගියොත්
මනස නිර්වින්දනය වෙනවා.
කයත් නිර්වින්දනය වෙනවා.
මත්පැනට ඇබ්බැහි වුණ කෙනෙකුට වගේ
වැඩි වැඩියෙන් ප්‍රබල උත්තේජක සොයන්න වෙනවා.
අපේ සංස්කෘතිය විසින් සීමා පණවන්නෙ
තරුණ තරුණියන්ගෙ සංවේදී භාවය රැකග්ගන්නයි.
ඔවුන් කාමයෙන් මත් වෙලා කාම බේබද්දන් වුණොත්
ඔවුන්ගෙ ජීවිතයෙ රස නැති වෙනවා.
කෙනෙක් නිරාගමික වෙන්න
සංවේදී බව පිරිහීම ප්‍රබල හේතුවක්.

තවත් කෙනෙක්..
කාමයට මෝහයෙන්
ගහක් ගලක් වගේ නිර්වින්දිතව ඉන්නත් පුලුවන්.

සමථ භාවනා වැඩීමෙන්,
සිත තදින් එකඟ කරගත යුතු
කලා නිර්මාණ ආදියේ යෙදීමෙන්
පොත පතට ඇබ්බැහි වීමෙන්
ස්වයං මෝහනයට පත් වුණාමත්
කාමයට නිර්වින්දිතව ඉන්න පුලුවන්.
ඔහුගෙ බිරිඳටත් ඔහු නිර්වින්දිතයි.
ඔහුට බිරිඳ අනුග්‍රාහකයෙක් පමණයි.
ඔවුන්ගෙ කායික සම්බන්ධය වෘත්තීයයි.
බිරිඳ රඳවා ගන්න අවශ්‍ය ටික දීම ප්‍රමාණවත්.
යාන්ත්‍රිකව විවාහ ජීවිත ගත කරන අය
අනියම් ඇසුරෙන්වත් සැනසෙන්නෙ නැහැ..
බාලගිරි දෝෂය අද නොවෙයි හෙට.. වගේ
ඔවුන් කාමය නශ්ඨකාමයට හැරෙන තුරු
තෘප්තිය සොයා වල්වදිනවා.

ඔවුන් යටපත් කරන කාමය
යම් හේතුවක් මත මතු වුණොත්
ආත්ම දමනය ගිලිහෙන්න තියන
අවකාශ වැඩියි.

පුද්ගලයා ස්වභාවයෙන් සාහසික නම්..
අත්තනෝමතික නම්, රළු නම්, මුරණ්ඩු නම්,
කාමයෙන් උමතු වෙලා
ස්ත්‍රී දූෂණයට, මිනී මැරීමට පවා
පෙළඹෙන්න පුලුවන්.
මාතලේ තරුණිය විනාශ කළ පුද්ගලයා
එවැන්නෙක් විය හැකියි.
ඔහුට හොඳ එකඟ සිතක් තිබුණා.
ඒත්
සොරකමට පැමිණි ඔහු
කාමයට හිත යොමු කළාම
ඔහුගේ දැහැන බිඳුණා නොවෙයි..
දැහැන වෙනස් වුණා.
සොරකමට යෙදූ සිත,
ස්ත්‍රී දූෂණයට මිනී මැරීමට පෙළඹුණා.
කාමය යටපත් කිරීමත්
තාවකාලික විසඳුමක්.

කාමය උද්දීපනය වෙද්දි
කාමයට සංවේදීව
කාමය පිළිබඳව සිහියෙන්
කාමයට උපේක්ෂාවෙන්
සැනසිල්ලෙ ඉන්නත් පුලුවන්.
බුදුන් වහන්සේ පෙන්වා දෙන විසඳුම එයයි.

විපස්සනා වඩනපුද්ගලයා
තමන්ගෙ කයෙත් සිතෙත් වෙන වෙනස් වීම පිළිබඳව
සිහිය දියුණු කරන නිසා
ඔහු කාමය ඉතා සියුම් අවස්ථාවෙදිම දකිනවා.
උපේක්ෂාව දියුණු කරන නිසා
මනස කැළඹෙන්නෙ නැහැ.
කාමය උත්තේජනය වීමෙන්
කයෙහි ඇතිවෙන සුඛ වේදනා අනුව
මනසෙහි රාගයට හා
කාමච්ඡන්දයට අනුව
වෙනස්වීම උපාදාන කර නොගෙන..
කාමයට අනිශ්‍රිතව වෙසෙන නිසා
කාමය පෝෂණය වෙන්නෙ නැහැ.

පුද්ගලයින්ගෙ මානසික තත්වය මත
ඔහු ඉන්න තැන අනුව
ඔහු සමග ඉන්න අය අනුව
කාමය විඳින ආකාරයත්
කාමයට බැඳෙන ආකාරයත්
වෙනස් වෙනවා.

කාමය කියන්නෙ ගින්නක්..
කාමය සිහියෙන් විඳිය යුතු සුවයක්..
සීතලෙන් මිදෙන්න උණුහුමක් වුණාට
අවසිහියෙන් භාවිතා කිරීමෙන්
ගින්නට පිළිස්සීම අනුවණ කමක්.

තමන් නොපිළිස්සෙන්නත්
අනික අය පුළුස්සන්නෙ නැතිව ඉන්නත්
කෙනෙක් ඉගෙන ගත යුතුව තියනවා.
ඉගෙන ගන්න කෙනෙක් අතින් වැරදි වෙනවා.
වැරදි කරන කෙනෙකුට
සිදුවෙන්න පුලුවන් ලොකුම වරද
වරදක් කරන බව නොදන්නා කමයි.

බුදුන් වහන්සේගෙ දහම මිනිසාට  වටින්නෙ
ගිහියෙක් විදියට විඳිය යුතු කාමය ගැන
කෙනෙක් දැනගත යුතු හැම දෙයක්මත්
කාමයට මුහුණ දෙන ආකාරයත්
කියා දෙන නිසයි..

20141113

යුවතියකගේ ඇඳුම් එහා මෙහා වීම මාරාන්තික විය හැකියි.

1,
ඇඳේ නිදාගෙන හිටියා ගෑනු ළමයෙක්.

2,
එයාගේ ඇඳුම් එහා මෙහා වෙලා තිබුණා.

3,
එයා ගැන මට ආසාවක් ඇතිවුණා.

ඉඳුරන් පහෙන් සහ මනසින් විඳින
කාමයට කැමැත්ත කියන එක
හැම සත්වයෙකුටම තියන
ස්වාභාවික හැඟීමක්...

මනසෙ කාමයට ඇති කැමැත්ත
කයට කුසගින්න වගෙයි..
කය ආහාර සොයනවා වගේම
මනසත් මනෝ සංචෙතනා ආහර සොයමින්
විඥ්ඥාණය පෝෂණය කරනවා.

කය කුසගින්න නිවා ගනිද්දි
සතෙක් මරාගෙන කන්න...
හොරකම් කරගෙන කන්න හිතුණොත් ඇරෙන්න
සමාජයක් වශයෙන් ඇති කරන හානිය අඩුයි..

ඒත් කාමය නිවාගන්න හිතෙන කෙනෙක්
තෝරාගන්න ක්‍රියාමාර්ග වලදි..
ස්වයං වින්දනය හැර
අනික් හැම දේකදිම
තව කෙනෙක් පාවිච්චි වෙනවා.

තව කෙනෙක්  පාවිච්චි වෙනකොට
ගැටළු සංකීර්ණයි.

ගැටළු ගැන කතා කරනකොට
සමහර කෙනෙක් කලබල වෙලා
"නෑ නෑ එහෙම ගැටළුවක් නෑ..
ඕක ඔයාගෙ ප්‍රශ්නයක් " කියල බැහැර වෙන්නෙ
වරද්ද ගත්තොත්
ඔවුන්ටත් ගැටළු නැති නිසා නෙවෙයි.

සමහර කෙනෙක්
කාමයට ඇති කැමැත්ත බලවත් නිසා
මනස අන්ධ වෙනවා.
සමහර කෙනෙකුට පෙනුණත්
අත්තනෝමතිකව
ඒ ගැටළු නොසලකා හරිනවා.

මේ ස්ත්‍රී දූෂකයාට වුණෙත් ඒකයි.
-----------------------------------------------------
මාස හයකට ආසන්න කාලයක් අභිරහසක්ව පැවැති මාත‍ලේ වරාපිටියේ විසි හතර හැවිරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වූ ලලනි නදීශා මෙනවිය ඝාතනය කර දූෂණය කළ අයුරු, එම ඝාතනයට අත්අඩංගුවට ගත් ඩෙන්සිල් ජයවර්ධන නම් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් ඉදිරියේ පා‍පොච්චාරණය කොට තිබෙනවා. 
ඒ මෙසේය.

 A.
මම කාමරේට එබිකම් කළේ ගෙනියන්න
පුළුවන් දෙයක් තියෙනවද කියල බලන්නයි.

B.
මුළු කාමරේම අඳුරුයි.

C,
වහ‍ලේ වීදුරු උළු කැටෙන්.
ඇඳට විතරක් හඳ එළිය වැටිල තිබුණා.

1,
ඇඳේ නිදාගෙන හිටියා ගෑනු ළමයෙක්.

2,
එයාගේ ඇඳුම් එහා මෙහා වෙලා තිබුණා.

3,
එයා ගැන මට ආසාවක් ඇතිවුණා.

4,
මම ඇය ළඟට ගිහින් අතේ තිබුණ මිටියෙන් ඔළුවට පහරක් ගැහුවා.

5,
පස්සේ එයාව උස්සගෙන එළියට ගෙනාවා."

http://static.lankadeepa.lk/admin/wp-content/uploads/file/01(1193).jpg
 මාතලේ කටුදෙණිය වරාපිටියේ බන්නැහැක මුදියන්සේලා වලව්වේ
ලලනි නදිශා වරාපිටිය (23) මරා දැමුණු තරුණියයි.
  2014 05  24දා ඇයගේ වැඩිමහල් සොහොයුරාගේ විවාහ මංගලොත්සවය නිවසේ  තිබු  බවත් අතර පස්වරුවේ සියලු දෙනා නිවසින් බැහැර වි ඇති අතර  ඇය තමා සමග නිවසේ නිදා ගත් බවත් පාන්දර අවදි බලන විට දියණිය නොසිටි බවත් මව චන්ද්‍රකාන්ති මහත්මිය පැවසුවාය.
මියගිය නදිශා මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන්  උසස් පෙළ සමත්ව 
පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ  බාහිර උපාධිය හදාරමින් සිටියාය.

ලලනි නදිශා මෙනවියගේ සහෝදරයාගේ විවාහ මංගල උත්සවය පැවැති 2014 මැයි 23 දින
මධ්‍යම රාත්‍රියේ සැකකරු නිවසට ඇතුල්වි ඇත්තේ මනාලියට ලැබුණු දැවැද්ද සහ මුදල් සොරාගැනිමේ අරමුණින් බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.
http://mininews.lankahotnews.net/2014/11/blog-post_3.html
------------------------------------------------------------------------------

කයෙහි එක් පෙදෙසක
ඉතා සුළුකාලයක් තුළ
ස්වාභාවිකව ඇතිවෙන
ප්‍රිය ජනක වේදනාවක් විඳින්නට
ඔහු තව කෙනෙකුට
ජීවිතයක් අහිමි කළා.
ඔහුගෙ ජීවිතයත්
අනතුරකට හෙලා ගත්තා.

මිනිසෙක් කම්සුව විඳීම වැරදි නැහැ.
සෝවාන් වුණත් කම්සුව විඳින්න පුලුවන්.

ඒ සුළු මොහොතක වින්දනය ලබාගන්න
ඔහු ගත් සාහසික අත්තනෝමතික ක්‍රියාමාර්ගය
සමාජයක් විදියට වැරදියි.. අමානුෂිකයි.

පුද්ගලයෙක් විදියට හානිකරයි.
අඳබාලයි.

ඔහු ඒ තත්වයට වැටෙන්න
හේතු කිහිපයක් බලපෑවා.

ඔහු ඒ නිවසට ගියේ හොරකම් කරන්නයි.
හොරකමට මුල්වෙන්නෙත් රාගයමයි.

ඔහුගෙ චිත්තය රාග චිත්තයක්.

මුලු කාමරයම අඳුරු වෙලා තියෙද්දි
ඇඳුම් එහා මෙහා වුණ කාන්තා සිරුරට
ආලෝකය වැටිල තියනවා දකින විට
මුල් අරමුණ සිතින් ගිළිහුණා.
ඔහු තුළ වූ රාග චේතනාව වෙනස් වෙලා
සම්භෝග කාමයට ඇති කැමැත්තට හැරුණා.

වෙනත් පිරිමියෙක් කාලයක් තිස්සෙ
කාන්තාවක් පසු පස ගිහින්..
පෙනුම, මුදල්, සමාජ තත්වය ආදී
නොයෙක් දේ මගින් පොළඹවාගෙන
සමහරවිට
නීතිප්‍රකාර විවාහයෙනුත් බැඳිලා
ප්‍රයෝගයෙන් විඳින කම්සුවය
ඔහු ඉතාම සාහසික විදියට
විනාඩි කිහිපයක් තුළ ලබාගන්න ගිහින්
එක ජීවිතයක් නැති කරලා
තමන්ගෙ ජීවිතයත් ඇතුළුව
ඇගේ නෑසියන්.. හිතමිතුරන්
නීතිය රකින්නන් ආදී
විශාල පිරිසකට ගැටළු ඇති කලා.

http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/11/Nadeesha-Mahesh-www.nethfm.com-04.jpg

ඇඳුම එහා මෙහා වීම නිසාම
ඇයට ඇගේ ජීවිතය අහිමි වුණාද කියා
ඔබේ හැඟීම් අනුව, අත්දැකීම් අනුව
ඔබටත් සිතා බලන්නට පුළුවන්.

මේ තීරණාත්මක, දෛවෝපගත රාත්‍රියේදී
ඇය හොඳින් පෙරවගෙන නිදා සිටියා නම්...
කුමක් විය හැකිව තිබුණාද
කියා කිවහැක්කේ
මේ දූෂකයාට පමණයි.

ඒත් කාන්තාවකගේ අඟපසඟ දැක
හැඟීමක් පහළ වෙන  ඕනෑම කෙනෙකුට
ඒ අඟපසඟ ආවරණය වුණොත්
තමන්ට දැනෙන හැටි සසඳා බලන්න
හැකි විය යුතුයි..

කවුරු හරි වරදක් කරද්දි
ආත්ම දමනය නැති වීම ඔහුගෙ වරදක්..
ආත්ම දමනය තමන්ගෙ වගකීමක්.
ඉන් එහාට නීතිය ඔහුට බලපානවා.
ඒ වගේම වගකීමක්
තමන්ගෙ ආරක්ෂාව සලසා ගැනීමටත්
පුද්ගලයෙකුට වගකීමක් තියනවා.
නීතියෙන් ආරක්ෂා කරන්නෙ ඒ අයිතියයි..
අද ඔහු පසුපස එළවන්නෙ
ඇයට අහිමි වූ ඒ අයිතියයි.

ඇය තම කයට අවධානය ලබා ගන්නට
ඉන් තෘප්තියක් ලබන්නට කැමැත්තෙන්
ඒ අයිතිය නොසලකා හැරියා නොවෙයි.
මේ සිද්ධියෙදි මේ තරුණියට
කරන්න දෙයක් නෑ.

ප්‍රසිද්ධ ස්ථානයක
අඩනිරුවතින් හැසිරෙන කතක මෙන්
ඇය සිය කැමැත්තෙන් අඟපසඟ
ප්‍රදර්ශනය කළේ නැහැ.
ඒත් මේ පුරුෂයාගේ මානසිකත්වයට
තවත් පුරුෂයන් පත්වීම නිසා
දූෂණයට ලක්වෙන, මැරුම් කන
අඩ නිරුවත් කාන්තාවන් සහ
ඔවුන් දැක පහළවූ
රාගයට, කාමච්ඡන්දය ගැන
සිහියෙන් හා උපේක්ෂාවෙන්
ආත්ම දමනය කර නොගැනීම නිසා
වරදෙහි බැඳුණ තරුණයන්ටත්
ඇඳුම සාධකයක් නෙවෙයි
කිව හැකිද?.

.කාමුක උත්තේජනයකදි හේතු දෙකක් බලපානවා.

1,
බාහිර රූපය.

2,
රාගික සිතිවිලි ඇතිවෙන ආකාරයෙන්
රූප දකිද්දි, කතා අහද්දි..
කතා කරද්දි ඇතිවෙන රාග සංස්කාර

මෙවැනි අවස්ථාවකට මුහුණ දීමෙන්
රත්වෙන අය රත් වෙන්නෙත්
මත්වෙන අය මත් වෙන්නෙත්
වහල් වෙන අය වහල් වෙන්නෙත්
ඇඳුම එහා මෙහා වෙලා පෙනෙන
ස්ත්‍රී අඟ පසඟ වලට නිසා නෙමෙයි...
ඒ අඟ පසඟ නිමිති කරගෙන
හිතේ ඇතිවෙන රාගික සංකල්ප අනුව
තමන්ගෙම හිතේ පහළ වෙන
කාමුක ආවේගයටයි..

දූෂණය කරන කෙනා දූෂණය කරන්නෙත්
සාමාන්‍ය කෙනෙක් සුහදව තෘප්තිමත් වෙන්නෙත්
ඒ ආවේගය මුදා හැරීමෙන්..

නිමිත්තක් ලෙස කාන්තා සිරුර දකිද්දි
එහි ස්වභාවය අනුවත්
දකින්නාගෙ ස්වභාවය අනුවත්
ආවේගය අඩු වැඩි වෙනවා.

ඝංඨාවකට වදින පහරත්
වදින ඝංඨාවත් අනුව
හඬ අඩු වැඩි වෙනවා.

රාගික සිතිවිලි ඇතිවෙන ආකාරයෙන්
රූප දකිද්දි, කතා අහද්දි..
කතා කරද්දි ඇතිවෙනරාග සංස්කාර විඥාණයෙ එක් රැස් වෙලා තියනවා.

බාහිර රූපයෙන් ලැබෙන උත්තේජනයට අනුව
ඔහුගෙ විඥාණයෙ තියන
රාග සංස්කාර මතු වෙලා
ඔහුගෙ හිත කැළඹෙනවා.
ඒ කැළඹුණු හිත තමයි
කාමය සොයන්නෙ.

මද කිපුණ ඇතෙකුට,
ඍතුව උදාවුණ සත්වයෙකුට
මේ පෙළඹවීම කායිකයි.

අතීතය හා අනාගතය ගැන
ප්‍රබල හැඟීමක් තියන නිසා
මිනිසෙක් සිතන, කියන කරන දේට
ඔහුගෙ විඥාණයෙ 
රාග සංස්කාර වලින් ලබන පෝෂණය
ඉතා ප්‍රබලයි.

ආත්ම දමනයෙන් යුතු කෙනෙක් නම්
මේ අභ්‍යන්තරික පෙළඹවීම
උපේක්ෂාවෙන් දමනය කරගෙන
සමාහිත සිතේ පහළ වෙන
ප්‍රඥාවෙන් කටයුතු කරනවා.

නොදැමුණු, සාහසික, අත්තනෝමතික කෙනෙක් නම්
ආවේගයට ඉඩදීලා, ඔහුට රිසි පරිදි
කාමයෙන් තෘප්තිමත් වෙනවා.
ඔහුට සිහිය එන්නෙ ඊට පසුවයි..

පමාදෝ මච්චුනෝ පදං කියන්නෙ ඒ නිසයි.
ඔහු මළමිනියක් වගෙයි..
සජීවී මිනිසෙක් නම් ඔහුට සිහිය තියනවා.
උපේක්ෂාවෙන් කටයුතු කරනවා.

මේ ප්‍රකාශ කියවන අයත්
මේ තියන දේට
කිසි සේත් අදාළ නැති විදියට
සිතන්නෙ, ප්‍රකාශ නිකුත් කරන්නෙ
මෙහි තියන දේට වඩා
විඥාණය කැළතීමෙන්
තමන්ගෙ හිත තුළ කැළඹෙණ
ආවේගවලට අනුවයි..
ඒ සිතුවිලි, ප්‍රස්තුතයට වඩා
කියවන කෙනාගෙ අත්දැකීම් සහ
සිතුම් පැතුම් වලට සාපේක්ෂයි..

ස්ත්‍රී දූෂකයා තුළ
ශීලය තිබුණා නම්
ඔහු ඒ රාත්‍රියෙහි එතනට එන්නෙ නැහැ.
සමාධිය තිබුණා නම්
සොර සිතට මුල්වෙන කාමච්ඡන්දය
සමථයකට පත් කරගන්න තිබුණා.

මේ පිළිබඳව කියවන බොහෝ අයට වඩා මේ ස්ත්‍රී දූෂකයා සංවේදීයි.
ඔහුට ආත්ම අවබෝධයක් තියනවා.

මේ ස්ත්‍රී දූෂකයා තුළ
තමන් ගැන සිහිය තියනවා..
තමන් වරදට පෙළඹුණේ
ඇඳුම එහා මෙහා වීම නිසා බව
ඔහු දන්නවා.

ඒ බව නොදන්නා අයට
ඔහුත් ඔහුගේ ජීවිතයත්
හොඳ ආදර්ශයක්..

http://www.hollywoodchaos.com/content/posts/781/tila-tequila-shops-for-revealing-clothes-sans-her-myspace-friends-page-view-img-1.jpg
බටහිර රටවල්වල
කාන්තාවන් අඩ නිරුවතින් යාම
ප්‍රශ්නයක් නොවෙන බව සත්‍යයක්.
ඒත් එයින් පෙනෙන්නෙ
බටහිර රටවල්වල පිරිමින්ගෙ
සංවේදී බවෙහි අඩුවක් මිසක්
ඔවුන් කාමච්ඡන්දයෙන් තොර
සාන්තුවරයින් බව නොවෙයි.

කම්මලේ බල්ලට හෙණ ගැහුවත් ඇහෙන්නෙ නෑ.. වගේ
මෝහයට පත්වීමක් ඔවුන්ට සිදු වෙනවා.
සමාජයක් විදියට හොඳයි..
පුද්ගලයින් විදියට ඔවුන් සිතින් කයින් මළ මිනිස්සු.

මේ කාන්තාවගෙ පහළ කොටස නිරුවත්.
http://i.dailymail.co.uk/i/pix/2014/11/14/1415942787993_wps_33_image010_png.jpg

කිසිවෙක් දෙවරක් හැරී බැලුවෙ නෑ කියල
මේ පිළිබඳ ලිපියෙ තියනවා.
http://i.dailymail.co.uk/i/pix/2014/11/14/1415942782362_wps_32_image008_png.jpg
නිරුවත දැකීමෙන්ම ගිලිහුණු සංවේදී බව නිසා
ඒ මිනිස්සුන්ගෙ අවසිහියෙ ප්‍රබලතාවය නිසා
ඔවුන්ට ඒ බව පෙනෙන්නෙ නැහැ..

මඟුල් ගෙයක, දානෙ ගෙයක, සාදයක..
ආහාර පිළියෙළ කරන අයට
කෑම රුචිය නැති වීම වැනි දෙයක්
ඔවුන්ටත් සිදු වෙනවා.
මෝහයට පත්වීමක් ඔවුන්ට සිදු වෙනවා.
ඒ නැතිවුණ සංවේදී බව ලබා ගන්න
ඔවුන් කෘතිම උත්තේජක, නිල් චිත්‍රපටි,
නිරුවත් සඟරා, සමලිංගික සේවනය,
බහු ස්ත්‍රීපුරුෂ සම්භෝගය ආදී
විකෘති මාර්ග වලට යොමුවෙනවා.

ස්වාභාවික මාර්ග ඇහිරෙණ විට
විකෘති මාර්ග වලට යොමු වීම
ස්වාභාවික සංසිද්ධියක්..

20141103

ජිල්මාට් නිරාගමිකත්වය ආත්ම වංචාවක්..

ආගමක් කියන්නෙ
තමන් නොදන්න දෙයක් ගැන
විශ්වාසයෙන් කටයුතු කිරීම
කියල කියනවා නම්...
ආරම්භයෙදි බුදු දහම ආගමක්..

1,
බුදුන් වහන්සේ බුදු බවට පත්වුණ බව,
2,
දෙසන ලද දහම නිවැරදි බව,
3,
ඒ දහම අනුව ශ්‍රාවකයන්ට
පහත දැක්වෙන ප්‍රතිලාභ ලැබෙන බව
අදහන්න වෙනවා.

පින් කිරීමෙන් හොඳක් සිදුවෙන බව..
පව් නොකිරීමෙන් නරකින් වළකින බව
අදහන්න වෙනවා.

බුදු දහමට අනුව ක්‍රියා කිරීමෙන්
සතර සතිපට්ඨානය වැඩීමෙන්..
1,
තමන්ට විශුද්ධිය ලැබෙනවා.
2,
තමන්ට දුකෙන් මිදෙන්න පුලුවන්.
3,
තමන්ගෙ ප්‍රඥාව දියුණු වෙනවා.
4,
තමන් නිවන් දකිනවා.
කියල අදහන්න වෙනවා.

ශ්‍රද්ධාව පළවෙනි පියවර.
ඔහු වීර්යයෙන් සතිය පිහිටුවා ගන්නවා.
සමාධිය වැඩෙනවා.
ප්‍රඥාව දියුණු වෙනවා.

ශ්‍රද්ධා
වීර්ය
සති.
සමාධි
ප්‍රඥා

බුදු දහමෙදි
ශ්‍රද්ධාව අවශ්‍ය වෙන්නෙ
සතිය පිහිටුවා ගන්න
වීර්ය වඩන්නට පමණයි.
සතිය සමාධිය ප්‍රඥාව වැඩෙනකොට
ශ්‍රද්ධාව දියුණු වෙනවා.
බුදු දහම නිවැරදි බව
අත්දැකීමෙන්ම වැටහෙනවා.
කුසලට යොමු වෙනවා.
පාපයෙන් වලකිනවා.
ජීවිතය නිවෙනවා.

ඒ විදියට
බුදු දහම
ආගමක් විදියට ආරම්භ කරලා
ආත්ම අවබෝධයෙන්
ප්‍රඥාව ලබාගන්නට මග පෙන්වනවා.
සැබෑ නිරාගමිකයා රහතන් වහන්සේයි..

ජිල්මාට් නිරාගමිකත්වය ආත්ම වංචාවක්..
නිරාගමිකත්වයට එකම මග
බුදු දහමයි..

20141023

දොස් කියන විට රොස් නොවන්න

වැනුමේදීත් බැණුමේදීත් නොසැලීමේ ගුණය මතු කරන කතා පුවතකි

ධනපාල ගුණසේකර ලියයි..

දිනක් බුදුන් වහන්සේ රජගහ නුවර සිට නාලන්දා නුවර බලා වඩිනු පිණිස භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ගමන් ඇරඹූ හ. අතරමඟදී නාලන්දා නුවර බලා යමින් සිටි සුප්පිය නමැති පිරිවැජියෙක් ද ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙක් ද බුදුන් වහන්සේගේ පිරිවර පසු පසින් ම එන්නට වූ හ.

මෙසේ යන ගමනේදී අන්‍යාගමිකයකු වූ සුප්පිය පිරිවැජියා බුදුන් වහන්සේගේ නුගුණ කියමින් උන් වහන්සේට නොයෙක් අයුරින් නිගා කරමින් ගිය අතර ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ඔහුට පිළිවදන් දුන්නේ ය. මෙසේ මග දිගට ම පැවතුණු ඔවුන්ගේ විවාදය භික්ෂූන් වහන්සේට ද ඇසිණි. එහෙත් භික්ෂූන් වහන්සේ ඊට පිළිතුරු නොදී නිහඬ ව ම ගමන් කළහ.

අතරමඟදී සන්ධ්‍යාව එළැඹි හෙයින් බුදුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාර හෙවත් රජුට අයත් ගොඩනැගිල්ලක රාත්‍රිය නවාතැන් ගත් සේක. සුප්පිය හා අතවැසි බ්‍රහ්මදත්ත තරුණයා ද සඟ පිරිස සමග ම රාජාගාරයෙහි නවාතැන් ගත්හ. එදින සන්ධ්‍යා භාගයේ රාජාගාර ශාලාවෙහි විවේකී ව ගත කළ භික්ෂූන් වහන්සේලාගේ කතා-බහට මාතෘකාව වූයේ සුප්පිය පිරිවැජියා හා ඔහුගේ අතවැසියා අතර වූ විවාදය යි.

“සුප්පිය මග දිගට ම බුදුන් වහන්සේට නිගා කළා; අවමන් කළා; බුදුන් වහන්සේ තුළ නැති අගුණ ඇති බැව් පැවසුවා. එහෙත් ඔහුගේ අතවැසියා වුණත් බ්‍රහ්මදත්ත ඒ සියලු විවේචනයන්ට පිළිතුරු දුන්නා; බුදුන් වහන්සේගේ ගුණ ම වර්ණනා කළා” භික්ෂු නමක් පැවැසී ය.

“ඇත්තෙන් ම එක මග ගියත් මොන තරම් වෙනස් අදහස් තිබෙන දෙන්නෙක් ද? ලෝකයේ හැටි කල්පනා කරන කොට හරි පුදුම හිතෙනවා.”

මෙසේ භික්ෂු පිරිස පිළිසඳරෙහි යෙදී සිටි අතරේදී බුදුන් වහන්සේ ඔවුන් වෙතට පැමිණි සේක. භික්ෂූහු නැගිට බුදුන් වහන්සේට නමස්කාර කොට නිහඬ වූ හ.

“මහණෙනි, මා මෙතැනට ඒමට පෙර ඔබ කුමන කරුණක් ගැන කතිකා කරමින් සිටියෝ ද?” බුදුන් වහන්සේ විචාළහ.

“ස්වාමීනි, මේ ලෝකයේ එක් අයෙක් අනෙකාට වඩා වෙනස් ය. සමාන දෙදෙනකු ලොව නැතැ යි ඔබ වහන්සේ අපට කියා දුන් කරුණ කොතරම් සත්‍ය දැ යි අපි කථා කරමින් හුනුමු,” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.

“භික්ෂූනි, මේ හදිසියේ එබඳු කතා-බහක් ඇති වීමට හේතුව කිමෙක් ද?”

“ස්වාමීනි, අපේ පිරිස පසුපසින් නාලන්දාවට ම යමින් සිටි සුප්පිය නම් පිරිවැජියෙකුත් ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙකුත් පැමිණියහ. සුප්පිය මග දිගට ම ඔබ වහන්සේගේ නුගුණ කියමින් ඔබ වහන්සේට අවමන් කරමින් පැමිණියේ ය. සුප්පිය කියන කියන දෙයට එරෙහි වූ බ්‍රහ්මදත්ත තරුණයා ඔබ වහන්සේගේ ගුණ ම වර්ණනා කළේ ය. එක් මග ගිය ද මොවුන් දෙදෙනා එකිනෙකාගෙන් හාත්පසින් ම වෙනස් පුද්ගලයන් බව අපි තේරුම් ගතිමු.” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.

“භික්ෂූනි, තොප පවසන්නේ සත්‍යයකි. එසේ ම සුප්පිය පිරිවැජියා මට නින්දා කරනු අසා ඔබ කෝප වූවහු ද?” බුදුන් වහන්සේ විචාළ සේක.

භික්ෂූන් වහන්සේ නිහඬ ව සිටියා විනා ඊට පිළිවදන් නුදුන්හ.

“භික්ෂූනි, යමෙක් මගේ හෝ මා ඉගැන්වූ ධර්මයේ හෝ ඔබගේ හෝ නුගුණ කියනු ඇසුණ හොත් කිසි විටෙකත් ඉන් ඔබ කෝප නොවිය යුතු ය. මන්ද? ඔබ කෝප වුව හොත් ඉන් පාඩුව අත් වන්නේ ඔබට ම නිසා ය” බුදුන් වහන්සේ වදාළහ.
==================================================
බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් බුදු වදන්

5. ´´මහණෙනි,
අනුන් මාගේ හෝ නුගුණ කියද්ද,
ධර්මය ගැන හෝ නුගුණ කියද්ද,
සංඝයාගේ හෝ නුගුණ කියද්ද,
ඒ නුගුණයෙහි තොප විසින්
කෝප නොකොට යුත්තේය,
අමනාප නොඉපදවිය යුත්තේය,
සිත් අසතුටු නොකටයුත්තේය.
ඒ නුගුණ කියන්නන් කෙරෙහි
ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ
නොසතුටු වන්නාහු නම්
එයින් තොපටම අන්තරාය වන්නේය.
කිමෙක්ද තෙපි අනුන්ගේ සුභ සිද්ධිය
අසුභ සිද්ධිය දන්නහුද?´´

6. ´´ස්වාමීනි ඒ දැනීම නැත´´

´´මහණෙනි,
අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ නුගුණ කියද්ද,
එවිට තොප විසින් මෙය,
මේ හෙයින් වෙන්ට නුපුළුවන.
මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත.
මෙය අප කෙරෙහි දකින්ට නැත.
බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´.

´´මහණෙනි,
අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ ගුණ කියද්ද,
ඒ ගුණ කීමෙහි තොප විසින්
ප්‍රීති නොකොට යුත්තේය.
සිත් අසතුටු නොකට යුත්තේය.
සිත්හි උඩඟු බව නොකට යුත්තේය.
මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ ගුණ කියද්ද,
තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි
ඉදින් සතුටු වන්නාහු නම්
සිත් අසතුටු වන්නෝවූ නම්
උඞගු වන්නෝවූ නම්
තොපට එයින් අවැඩ වන්නේය´´.

7. ´´මහණෙනි,
අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ ගුණ කියද්ද,
එවිට තොප ඒ කරුණ පිළිබඳව
මෙය මේ හෙයින් පැහැදිලිය,
සත්‍යය, මේ (ගුණය) අප කෙරෙහි ඇත්තේය.
මෙය අප කෙරෙහි දකින්ට ලැබේයයි
ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය´´.

දොස් කියන විට රොස් නොවන්න

වැනුමේදීත් බැණුමේදීත් නොසැලීමේ ගුණය මතු කරන කතා පුවතකි.
දිනක් බුදුන් වහන්සේ රජගහ නුවර සිට නාලන්දා නුවර බලා වඩිනු පිණිස භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ගමන් ඇරඹූ හ. අතරමඟදී නාලන්දා නුවර බලා යමින් සිටි සුප්පිය නමැති පිරිවැජියෙක් ද ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙක් ද බුදුන් වහන්සේගේ පිරිවර පසු පසින් ම එන්නට වූ හ.
මෙසේ යන ගමනේදී අන්‍යාගමිකයකු වූ සුප්පිය පිරිවැජියා බුදුන් වහන්සේගේ නුගුණ කියමින් උන් වහන්සේට නොයෙක් අයුරින් නිගා කරමින් ගිය අතර ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ඔහුට පිළිවදන් දුන්නේ ය. මෙසේ මග දිගට ම පැවතුණු ඔවුන්ගේ විවාදය භික්ෂූන් වහන්සේට ද ඇසිණි. එහෙත් භික්ෂූන් වහන්සේ ඊට පිළිතුරු නොදී නිහඬ ව ම ගමන් කළහ.
අතරමඟදී සන්ධ්‍යාව එළැඹි හෙයින් බුදුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාර හෙවත් රජුට අයත් ගොඩනැගිල්ලක රාත්‍රිය නවාතැන් ගත් සේක. සුප්පිය හා අතවැසි බ්‍රහ්මදත්ත තරුණයා ද සඟ පිරිස සමග ම රාජාගාරයෙහි නවාතැන් ගත්හ. එදින සන්ධ්‍යා භාගයේ රාජාගාර ශාලාවෙහි විවේකී ව ගත කළ භික්ෂූන් වහන්සේලාගේ කතා-බහට මාතෘකාව වූයේ සුප්පිය පිරිවැජියා හා ඔහුගේ අතවැසියා අතර වූ විවාදය යි.
“සුප්පිය මග දිගට ම බුදුන් වහන්සේට නිගා කළා; අවමන් කළා; බුදුන් වහන්සේ තුළ නැති අගුණ ඇති බැව් පැවසුවා. එහෙත් ඔහුගේ අතවැසියා වුණත් බ්‍රහ්මදත්ත ඒ සියලු විවේචනයන්ට පිළිතුරු දුන්නා; බුදුන් වහන්සේගේ ගුණ ම වර්ණනා කළා” භික්ෂු නමක් පැවැසී ය.
“ඇත්තෙන් ම එක මග ගියත් මොන තරම් වෙනස් අදහස් තිබෙන දෙන්නෙක් ද? ලෝකයේ හැටි කල්පනා කරන කොට හරි පුදුම හිතෙනවා.”
මෙසේ භික්ෂු පිරිස පිළිසඳරෙහි යෙදී සිටි අතරේදී බුදුන් වහන්සේ ඔවුන් වෙතට පැමිණි සේක. භික්ෂූහු නැගිට බුදුන් වහන්සේට නමස්කාර කොට නිහඬ වූ හ.
“මහණෙනි, මා මෙතැනට ඒමට පෙර ඔබ කුමන කරුණක් ගැන කතිකා කරමින් සිටියෝ ද?” බුදුන් වහන්සේ විචාළහ.
“ස්වාමීනි, මේ ලෝකයේ එක් අයෙක් අනෙකාට වඩා වෙනස් ය. සමාන දෙදෙනකු ලොව නැතැ යි ඔබ වහන්සේ අපට කියා දුන් කරුණ කොතරම් සත්‍ය දැ යි අපි කථා කරමින් හුනුමු,” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
“භික්ෂූනි, මේ හදිසියේ එබඳු කතා-බහක් ඇති වීමට හේතුව කිමෙක් ද?”
“ස්වාමීනි, අපේ පිරිස පසුපසින් නාලන්දාවට ම යමින් සිටි සුප්පිය නම් පිරිවැජියෙකුත් ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙකුත් පැමිණියහ. සුප්පිය මග දිගට ම ඔබ වහන්සේගේ නුගුණ කියමින් ඔබ වහන්සේට අවමන් කරමින් පැමිණියේ ය. සුප්පිය කියන කියන දෙයට එරෙහි වූ බ්‍රහ්මදත්ත තරුණයා ඔබ වහන්සේගේ ගුණ ම වර්ණනා කළේ ය. එක් මග ගිය ද මොවුන් දෙදෙනා එකිනෙකාගෙන් හාත්පසින් ම වෙනස් පුද්ගලයන් බව අපි තේරුම් ගතිමු.” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
“භික්ෂූනි, තොප පවසන්නේ සත්‍යයකි. එසේ ම සුප්පිය පිරිවැජියා මට නින්දා කරනු අසා ඔබ කෝප වූවහු ද?” බුදුන් වහන්සේ විචාළ සේක.
භික්ෂූන් වහන්සේ නිහඬ ව සිටියා විනා ඊට පිළිවදන් නුදුන්හ.
“භික්ෂූනි, යමෙක් මගේ හෝ මා ඉගැන්වූ ධර්මයේ හෝ ඔබගේ හෝ නුගුණ කියනු ඇසුණ හොත් කිසි විටෙකත් ඉන් ඔබ කෝප නොවිය යුතු ය. මන්ද? ඔබ කෝප වුව හොත් ඉන් පාඩුව අත් වන්නේ ඔබට ම නිසා ය” බුදුන් වහන්සේ වදාළහ.
“යම් කෙනෙක් ඔබට දොස් නගන විට හෝ ඔබගේ නුගුණ කියන විට ඒ ගැන කෝප නො වන්න. එසේ කෝප වුව හොත් සිදු වන්නේ නුගුණ කියන තැනැත්තා කියන්නේ ඇත්තක් ද බොරුවක් ද කියා විචාරශීලි ව සිතන්නට ඔබට නොහැකි වීම යි.
“එසේ නම් ඔබ කළ යුත්තේ කිමෙක් ද? යමකු ඔබගේ නුගුණ කියන විට ඒ නුගුණ මැදහත් සිතින් විමසා බලා, ඒවායේ යම් අල්ප වූ හෝ සත්‍යයක් වේ නම් ඒ අනුව එම වරද නිවරද කරගැනීම නො වේ ද?
“එපමණක් නොව, මා ගැන ද යමක් කී විට ඔබ එයින් කම්පනයට හෝ උද්දාමයට පත් නොවිය යුතු ය. කළ යුත්තේ ඒ කියන දෙයෙහි සත්‍යය විමසා උපේක්ෂාවෙන් පිළිගැනීම පමණකි,” බුදුන් වහන්සේ උපදෙස් දුන් සේක.
- See more at: http://www.namaskara.lk/?sid=article&dt=2013/01&id=2013/01/npg42_0#sthash.jTuLPd6h.dpuf