ධනපාල ගුණසේකර ලියයි..
දිනක් බුදුන් වහන්සේ රජගහ නුවර සිට නාලන්දා නුවර බලා වඩිනු පිණිස භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ගමන් ඇරඹූ හ. අතරමඟදී නාලන්දා නුවර බලා යමින් සිටි සුප්පිය නමැති පිරිවැජියෙක් ද ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙක් ද බුදුන් වහන්සේගේ පිරිවර පසු පසින් ම එන්නට වූ හ.
මෙසේ යන ගමනේදී අන්‍යාගමිකයකු වූ සුප්පිය පිරිවැජියා බුදුන් වහන්සේගේ නුගුණ කියමින් උන් වහන්සේට නොයෙක් අයුරින් නිගා කරමින් ගිය අතර ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ඔහුට පිළිවදන් දුන්නේ ය. මෙසේ මග දිගට ම පැවතුණු ඔවුන්ගේ විවාදය භික්ෂූන් වහන්සේට ද ඇසිණි. එහෙත් භික්ෂූන් වහන්සේ ඊට පිළිතුරු නොදී නිහඬ ව ම ගමන් කළහ.
අතරමඟදී සන්ධ්‍යාව එළැඹි හෙයින් බුදුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාර හෙවත් රජුට අයත් ගොඩනැගිල්ලක රාත්‍රිය නවාතැන් ගත් සේක. සුප්පිය හා අතවැසි බ්‍රහ්මදත්ත තරුණයා ද සඟ පිරිස සමග ම රාජාගාරයෙහි නවාතැන් ගත්හ. එදින සන්ධ්‍යා භාගයේ රාජාගාර ශාලාවෙහි විවේකී ව ගත කළ භික්ෂූන් වහන්සේලාගේ කතා-බහට මාතෘකාව වූයේ සුප්පිය පිරිවැජියා හා ඔහුගේ අතවැසියා අතර වූ විවාදය යි.
“සුප්පිය මග දිගට ම බුදුන් වහන්සේට නිගා කළා; අවමන් කළා; බුදුන් වහන්සේ තුළ නැති අගුණ ඇති බැව් පැවසුවා. එහෙත් ඔහුගේ අතවැසියා වුණත් බ්‍රහ්මදත්ත ඒ සියලු විවේචනයන්ට පිළිතුරු දුන්නා; බුදුන් වහන්සේගේ ගුණ ම වර්ණනා කළා” භික්ෂු නමක් පැවැසී ය.
“ඇත්තෙන් ම එක මග ගියත් මොන තරම් වෙනස් අදහස් තිබෙන දෙන්නෙක් ද? ලෝකයේ හැටි කල්පනා කරන කොට හරි පුදුම හිතෙනවා.”
මෙසේ භික්ෂු පිරිස පිළිසඳරෙහි යෙදී සිටි අතරේදී බුදුන් වහන්සේ ඔවුන් වෙතට පැමිණි සේක. භික්ෂූහු නැගිට බුදුන් වහන්සේට නමස්කාර කොට නිහඬ වූ හ.
“මහණෙනි, මා මෙතැනට ඒමට පෙර ඔබ කුමන කරුණක් ගැන කතිකා කරමින් සිටියෝ ද?” බුදුන් වහන්සේ විචාළහ.
“ස්වාමීනි, මේ ලෝකයේ එක් අයෙක් අනෙකාට වඩා වෙනස් ය. සමාන දෙදෙනකු ලොව නැතැ යි ඔබ වහන්සේ අපට කියා දුන් කරුණ කොතරම් සත්‍ය දැ යි අපි කථා කරමින් හුනුමු,” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
“භික්ෂූනි, මේ හදිසියේ එබඳු කතා-බහක් ඇති වීමට හේතුව කිමෙක් ද?”
“ස්වාමීනි, අපේ පිරිස පසුපසින් නාලන්දාවට ම යමින් සිටි සුප්පිය නම් පිරිවැජියෙකුත් ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙකුත් පැමිණියහ. සුප්පිය මග දිගට ම ඔබ වහන්සේගේ නුගුණ කියමින් ඔබ වහන්සේට අවමන් කරමින් පැමිණියේ ය. සුප්පිය කියන කියන දෙයට එරෙහි වූ බ්‍රහ්මදත්ත තරුණයා ඔබ වහන්සේගේ ගුණ ම වර්ණනා කළේ ය. එක් මග ගිය ද මොවුන් දෙදෙනා එකිනෙකාගෙන් හාත්පසින් ම වෙනස් පුද්ගලයන් බව අපි තේරුම් ගතිමු.” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
“භික්ෂූනි, තොප පවසන්නේ සත්‍යයකි. එසේ ම සුප්පිය පිරිවැජියා මට නින්දා කරනු අසා ඔබ කෝප වූවහු ද?” බුදුන් වහන්සේ විචාළ සේක.
භික්ෂූන් වහන්සේ නිහඬ ව සිටියා විනා ඊට පිළිවදන් නුදුන්හ.
“භික්ෂූනි, යමෙක් මගේ හෝ මා ඉගැන්වූ ධර්මයේ හෝ ඔබගේ හෝ නුගුණ කියනු ඇසුණ හොත් කිසි විටෙකත් ඉන් ඔබ කෝප නොවිය යුතු ය. මන්ද? ඔබ කෝප වුව හොත් ඉන් පාඩුව අත් වන්නේ ඔබට ම නිසා ය” බුදුන් වහන්සේ වදාළහ.
==================================================
බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් බුදු වදන්5. ´´මහණෙනි,
අනුන් මාගේ හෝ නුගුණ කියද්ද,
ධර්මය ගැන හෝ නුගුණ කියද්ද,
සංඝයාගේ හෝ නුගුණ කියද්ද,
ඒ නුගුණයෙහි තොප විසින්
කෝප නොකොට යුත්තේය,
අමනාප නොඉපදවිය යුත්තේය,
සිත් අසතුටු නොකටයුත්තේය.
ඒ නුගුණ කියන්නන් කෙරෙහි
ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ
නොසතුටු වන්නාහු නම්
එයින් තොපටම අන්තරාය වන්නේය.
කිමෙක්ද තෙපි අනුන්ගේ සුභ සිද්ධිය
අසුභ සිද්ධිය දන්නහුද?´´
6. ´´ස්වාමීනි ඒ දැනීම නැත´´
´´මහණෙනි,
අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ නුගුණ කියද්ද,
එවිට තොප විසින් මෙය,
මේ හෙයින් වෙන්ට නුපුළුවන.
මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත.
මෙය අප කෙරෙහි දකින්ට නැත.
බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´.
´´මහණෙනි,
අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ ගුණ කියද්ද,
ඒ ගුණ කීමෙහි තොප විසින්
ප්‍රීති නොකොට යුත්තේය.
සිත් අසතුටු නොකට යුත්තේය.
සිත්හි උඩඟු බව නොකට යුත්තේය.
මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ ගුණ කියද්ද,
තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි
ඉදින් සතුටු වන්නාහු නම්
සිත් අසතුටු වන්නෝවූ නම්
උඞගු වන්නෝවූ නම්
තොපට එයින් අවැඩ වන්නේය´´.
7. ´´මහණෙනි,
අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ ගුණ කියද්ද,
එවිට තොප ඒ කරුණ පිළිබඳව
මෙය මේ හෙයින් පැහැදිලිය,
සත්‍යය, මේ (ගුණය) අප කෙරෙහි ඇත්තේය.
මෙය අප කෙරෙහි දකින්ට ලැබේයයි
ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය´´.
දොස් කියන විට රොස් නොවන්න
වැනුමේදීත් බැණුමේදීත් නොසැලීමේ ගුණය මතු කරන කතා පුවතකි.දිනක් බුදුන් වහන්සේ රජගහ නුවර සිට නාලන්දා නුවර බලා වඩිනු පිණිස භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ගමන් ඇරඹූ හ. අතරමඟදී නාලන්දා නුවර බලා යමින් සිටි සුප්පිය නමැති පිරිවැජියෙක් ද ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙක් ද බුදුන් වහන්සේගේ පිරිවර පසු පසින් ම එන්නට වූ හ.
මෙසේ යන ගමනේදී අන්‍යාගමිකයකු වූ සුප්පිය පිරිවැජියා බුදුන් වහන්සේගේ නුගුණ කියමින් උන් වහන්සේට නොයෙක් අයුරින් නිගා කරමින් ගිය අතර ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ඔහුට පිළිවදන් දුන්නේ ය. මෙසේ මග දිගට ම පැවතුණු ඔවුන්ගේ විවාදය භික්ෂූන් වහන්සේට ද ඇසිණි. එහෙත් භික්ෂූන් වහන්සේ ඊට පිළිතුරු නොදී නිහඬ ව ම ගමන් කළහ.
අතරමඟදී සන්ධ්‍යාව එළැඹි හෙයින් බුදුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාර හෙවත් රජුට අයත් ගොඩනැගිල්ලක රාත්‍රිය නවාතැන් ගත් සේක. සුප්පිය හා අතවැසි බ්‍රහ්මදත්ත තරුණයා ද සඟ පිරිස සමග ම රාජාගාරයෙහි නවාතැන් ගත්හ. එදින සන්ධ්‍යා භාගයේ රාජාගාර ශාලාවෙහි විවේකී ව ගත කළ භික්ෂූන් වහන්සේලාගේ කතා-බහට මාතෘකාව වූයේ සුප්පිය පිරිවැජියා හා ඔහුගේ අතවැසියා අතර වූ විවාදය යි.
“සුප්පිය මග දිගට ම බුදුන් වහන්සේට නිගා කළා; අවමන් කළා; බුදුන් වහන්සේ තුළ නැති අගුණ ඇති බැව් පැවසුවා. එහෙත් ඔහුගේ අතවැසියා වුණත් බ්‍රහ්මදත්ත ඒ සියලු විවේචනයන්ට පිළිතුරු දුන්නා; බුදුන් වහන්සේගේ ගුණ ම වර්ණනා කළා” භික්ෂු නමක් පැවැසී ය.
“ඇත්තෙන් ම එක මග ගියත් මොන තරම් වෙනස් අදහස් තිබෙන දෙන්නෙක් ද? ලෝකයේ හැටි කල්පනා කරන කොට හරි පුදුම හිතෙනවා.”
මෙසේ භික්ෂු පිරිස පිළිසඳරෙහි යෙදී සිටි අතරේදී බුදුන් වහන්සේ ඔවුන් වෙතට පැමිණි සේක. භික්ෂූහු නැගිට බුදුන් වහන්සේට නමස්කාර කොට නිහඬ වූ හ.
“මහණෙනි, මා මෙතැනට ඒමට පෙර ඔබ කුමන කරුණක් ගැන කතිකා කරමින් සිටියෝ ද?” බුදුන් වහන්සේ විචාළහ.
“ස්වාමීනි, මේ ලෝකයේ එක් අයෙක් අනෙකාට වඩා වෙනස් ය. සමාන දෙදෙනකු ලොව නැතැ යි ඔබ වහන්සේ අපට කියා දුන් කරුණ කොතරම් සත්‍ය දැ යි අපි කථා කරමින් හුනුමු,” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
“භික්ෂූනි, මේ හදිසියේ එබඳු කතා-බහක් ඇති වීමට හේතුව කිමෙක් ද?”
“ස්වාමීනි, අපේ පිරිස පසුපසින් නාලන්දාවට ම යමින් සිටි සුප්පිය නම් පිරිවැජියෙකුත් ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙකුත් පැමිණියහ. සුප්පිය මග දිගට ම ඔබ වහන්සේගේ නුගුණ කියමින් ඔබ වහන්සේට අවමන් කරමින් පැමිණියේ ය. සුප්පිය කියන කියන දෙයට එරෙහි වූ බ්‍රහ්මදත්ත තරුණයා ඔබ වහන්සේගේ ගුණ ම වර්ණනා කළේ ය. එක් මග ගිය ද මොවුන් දෙදෙනා එකිනෙකාගෙන් හාත්පසින් ම වෙනස් පුද්ගලයන් බව අපි තේරුම් ගතිමු.” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
“භික්ෂූනි, තොප පවසන්නේ සත්‍යයකි. එසේ ම සුප්පිය පිරිවැජියා මට නින්දා කරනු අසා ඔබ කෝප වූවහු ද?” බුදුන් වහන්සේ විචාළ සේක.
භික්ෂූන් වහන්සේ නිහඬ ව සිටියා විනා ඊට පිළිවදන් නුදුන්හ.
“භික්ෂූනි, යමෙක් මගේ හෝ මා ඉගැන්වූ ධර්මයේ හෝ ඔබගේ හෝ නුගුණ කියනු ඇසුණ හොත් කිසි විටෙකත් ඉන් ඔබ කෝප නොවිය යුතු ය. මන්ද? ඔබ කෝප වුව හොත් ඉන් පාඩුව අත් වන්නේ ඔබට ම නිසා ය” බුදුන් වහන්සේ වදාළහ.
“යම් කෙනෙක් ඔබට දොස් නගන විට හෝ ඔබගේ නුගුණ කියන විට ඒ ගැන කෝප නො වන්න. එසේ කෝප වුව හොත් සිදු වන්නේ නුගුණ කියන තැනැත්තා කියන්නේ ඇත්තක් ද බොරුවක් ද කියා විචාරශීලි ව සිතන්නට ඔබට නොහැකි වීම යි.
“එසේ නම් ඔබ කළ යුත්තේ කිමෙක් ද? යමකු ඔබගේ නුගුණ කියන විට ඒ නුගුණ මැදහත් සිතින් විමසා බලා, ඒවායේ යම් අල්ප වූ හෝ සත්‍යයක් වේ නම් ඒ අනුව එම වරද නිවරද කරගැනීම නො වේ ද?
“එපමණක් නොව, මා ගැන ද යමක් කී විට ඔබ එයින් කම්පනයට හෝ උද්දාමයට පත් නොවිය යුතු ය. කළ යුත්තේ ඒ කියන දෙයෙහි සත්‍යය විමසා උපේක්ෂාවෙන් පිළිගැනීම පමණකි,” බුදුන් වහන්සේ උපදෙස් දුන් සේක.
- See more at: http://www.namaskara.lk/?sid=article&dt=2013/01&id=2013/01/npg42_0#sthash.jTuLPd6h.dpuf

මේකත් ඉතින් පුරුදු කරලම ලබාගන්න ඕන ගුණයක් නේද?
ReplyDeleteඅනුන් කියනා දේකට තමන් කෝප වීම අනුන්ගේ වරදකට තමන් දඬුවම් ලබන්නා වාගේ කියා කියනවා ආසා තිබේ
කෝප වන්න ප්‍රධාන හේතු දෙකක් ඇති බව හාමුදුරු නමකුත් ලඟදී දේශනා කලා ගුවන් විදුලියේ බණකට
1. තමන් ආසාකල තමන් සතු යැයි සිතූ දෙයක් තමන්ගෙන් බැහැර යාම
2. තමන් අකමැති තමන් ලඟ නැති යැයි සිතූ දෙයක් තමන්ට ලැබීම
හෙමින් සීරුවේ හිතුවම ගොඩක් දේවල් මේ දෙකට ඌණනය කරන්න් හැකි බව වැටහුණා
Deleteපියෙහි විප්‌පයොගො දුක්‌ඛො.
අප්‌පියෙහි සම්‌පයොගො දුක්‌ඛො:
1. තමන් ආසාකල තමන් සතු යැයි සිතූ දෙයක් තමන්ගෙන් බැහැර යාම
2. තමන් අකමැති තමන් ලඟ නැති යැයි සිතූ දෙයක් තමන්ට ලැබීම
කවුරු කිවුවත්...
දුක නිවන සත්‍යයක් නම්
බුදු දහම තුළ තිබිය යුතුයි..