20170629

"වෛද්‍ය මනසට නීති අවුල්"


"වෛද්‍යවරුන්ට නීති අවුල්"
වෛද්‍යවරුන්ට නීති වටහාගන්න බැහැ.

ඔවුන් විද්‍යාවේ සුපුරුදු ක්‍රමයට
උපකල්පන ඇති කරගෙන, ඒ උපකල්පන
සිද්ධාන්ත බවට පත්කරගන්න
උපක්‍රම සොයනවා.

නීතියෙදි එහෙම බැහැ.
නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
දැනටමත් පවතින නීති අනුවයි.

ධුර කාලය "දීර්ඝ කිරීම"
"නැවත පත් කිරීම"ක් විදියට
වෛද්‍යවරු අර්ථ දැක්වීම නිසා
ඒ දීර්ඝ කිරීම පත්වීමක් වෙන්නෙ නෑ.

"වෛද්‍යවරුන්ට නීති අවුල්" කියන
සිද්ධාන්තය වෛද්‍ය පාදෙණියටත් සත්‍යයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, සභාපති
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය
තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට තමන් පියවර ගත් බව
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න
2017 ජනවාරි 26 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ දීර්ඝ කිරීම ජුනි 30දායින් අවසන් වුණා.
දීර්ඝ කිරීමක් කියන්නෙ පවතින ධුර කාලය
තව මාස හයකින් දීර්ඝ කිරීමක්.
දීර්ඝ කිරීමක් කියන්නෙ නව පත්වීමක් නොවෙයි.

මේ දීර්ඝ කිරීම පත්වීමක් ලෙස
පටලවා ගන්නා වෛද්‍ය පාදෙණිය
ජනපති මෛත්‍රීට ලිපියක් යොමු කරමින්
තම නොදන්නාකම ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා
අයකු පත් කිරීමට වෛද්‍ය ආඥා පනතට අනුව
සෞඛ්‍ය ඇමැතිවරයාට බලය පැවරී ඇතත්
ධුර කාලය අවසන් වීමට පෙර
තනතුරෙන් ඉවත් කළ හැක්කේ
සභාවේ කමිටු සාමාජිකයන්ට පමණක් කියා
වෛද්‍ය පාදෙණිය කියනවා.

දීර්ඝ කිරීමක් කළා,ඒ දීර්ඝ කිරීම අවසන්.
කමිටු සාමාජිකයන්ට කළ හැක්කේ කුමක්ද?

මේ ඔහුගේ තවත් අඳබාල තර්කයක්.
කෙනෙකු කියන දේක වචන වෙනස් කොට
තමන්ගේ වචන දමා අරුත් වෙනස් කොට
තර්ක ගොඩ නගන්නට වෛද්‍යවරු
බොහෝ විට පෙළඹෙනවා.
මේ පුරුද්ද කපටිකමකට වඩා
ඔහු කරන දේ ඔහු නොදන්නාකම විය හැකිය.

මේ තවත් එවැනි වචන පැටලිල්ලක්.

වෛද්‍ය සභාවේ සභාපති තනතුරට
අයකු පත් කරන්නේ
වෛද්‍ය ආඥා පනතට අනුව
විෂය භාර අමාත්‍යවරයා විසින්
වසර පහක කාලයක් සඳහා බවත්
කාලෝ ෆොන්සේකා "දෙවන ධුර කාලයේ"
වැඩ භාරගෙන මාස හයක් ගතවී ඇත.
එබැවින් තවත් වසර හතරහමාරක් ඉතිරිව ඇතැයි
වෛද්‍ය පාදෙණිය කියන්නේ
"ධුර කාලය දීර්ඝ කිරීම" පත් කිරීමකට සමානයි
යන අඳ බාල උපකල්පනයෙන්.

වෛද්‍ය පාදෙණිය ඇතුළු වෛද්‍ය සංගමය
මෙතරම් බොළඳ වන්නේ කෙසේදැයි
ඇදහිය නොහැකි තරම්ය.

එහෙත් ස්වභාවයෙන්ම වෛද්‍යවරු
නීති කටයුතු වලට අසමත්ය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS කියල
නිර්ණායකයක් සකස් කරල තියනවා.
මේ නිර්ණායකය ඒ අයුරින් පිළිගන්න
වෛද්‍ය සිසුන් කැමති නැහැ.

අවම සුදුසු කම SSS කිව්වාම
වෛද්‍ය ශිෂ්‍යයාට ලොකු ගැටලුවක්.
ඔහු අහන්නෙ "එහෙම වෙන්නෙ කොහොමද?
අපේ එක පීඨයකවත් SSS කවුරුවත් නැහැනෙ?"

වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම
SSS කියල වෛද්‍ය සිසුන් පිළිගන්නෙ නැත්තෙ
දැන් වෛද්‍ය විද්‍යාලෙ SSS අය නැති නිසයි.

අවම සුදුසුකම ප්‍රකාශ කරන්න
එක වසරක ඉන්න සිසුන්ගෙ ප්‍රතිඵලවලින් බැරි බව
ඔවුන් කෙසේවත් වටහා ගන්නෙ නෑ.

ජීව විද්‍යා උසස්පෙළ ප්‍රතිඵල තියන
වෛද්‍ය සිසුන්ට මේ අවම සුදුසුකම් කතාව
තේරුම් ගන්න බැහැ.

අවම සුදුසුකම කියන්නෙ
ඒ වසරෙ අවම ප්‍රතිඵල නොවෙයි,
හැමදාටම පොදු නීතියක් බව
වෛද්‍ය විද්‍යාත්මක චින්තන රටාවෙන් සිතන
වෛද්‍ය ශිෂ්‍යයාට තෙරුම් ගන්න බෑ.

තමන්ගෙ මිම්ම කෝදුවක් වුණ පළියට
වතුරෙ දිග මනින්න බැහැනෙ.
වතුරෙ දිග මනින්න පරිමාව යොදාගන්නත්
ඔහු සූදානම් නෑ.

එක් විෂය ධාරාවක දැනුම් රටාවකට හුරු වුණ
කෙනෙකුට තවත් විෂය ධාරාවක ගැටළුවක්
මාහා ප්‍රහේළිකාවක් වෙන්නෙ ඇයි?

එක විෂය ධාරාවකින් මොළයෙ ඇති කරන
ක්‍රියාකාරී රටාව ඒ ධාරාවට පමණක් ආවේණිකයි.

වෛද්‍ය ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
නීති ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
ගිණුම්කරණ ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
ඉංජිනේරු ශිෂ්‍යයෙකුගෙ චින්තන රටාවත්
ආදී වශයෙන් විවිධ චින්තන රටා
එකිනෙකට ඉතාමත්ම වෙනස්.

වෛද්‍ය ශිෂ්‍යයාගෙ ගැටළුවකදි
ඔහු ඇති කරගන්න උපකල්පන මත
පරීක්ෂණ පවත්වමින් නිගමනවලට එළඹෙනවා.
බටහිර වෛද්‍යවරයාට
රෝගය නිශ්චිත නැත්නම්
ප්‍රතිකාර කරන්නෙත් ඒ විදියටමයි.

ඔහු අවම සුදුසුකම වශයෙන්
අද වෛද්‍ය පීඨවල ඉන්න සිසුන්ගෙ ප්‍රතිඵල
උපකල්පනය කරමින් සොයා බැලුවම
ඔහුට ලැබෙන දත්ත SSS වලට වඩා ඉහළයි.
ඔහුගෙ චින්තන රටාවට අනුව
වෛද්‍ය පීඨයෙන් පීඨයටත් අවම සුදුසුකම වෙනස්.
ඉතින් ඔහු අපට පෙන්වන්නෙ ඒ දත්තයි.

ඔහු හිතන විද්‍යාත්මක රටාව අනුව
ඔහුගෙ කෝඑණයෙ දෘෂ්ඨියට අනුව
ඔහු නිවැරදි බව ඔහුට සහතිකයි.
කොපමණ පැහැදිලි කළත්
ඔහු වටහාගන්නෙ නෑ.

නීති ශිෂ්‍යයා හිතන්නෙ ක්‍රියා කරන්නෙ
දැනට රටේ "පවතින නීති" අනුවයි.
ඒ නීති ප්‍රායෝගිකව
රටේ පවතින ආකාරය
ඔහුට අදාළ නෑ.
තමන්ගෙ ගැටලුව විසඳාගන්නට
වඩාත්ම නීත්‍යානුකූල ක්‍රමයට
තමන්ට සොයාගත හැකි විසඳුම
පවතින නීති රටාව තුළ
නීති ශිෂ්‍යයා සොයනවා.

වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS
ඔහුගෙ ක්ෂෙත්‍රයට අදාළ වෙන
සරල නිර්ණායකයක්.

ඒ නිර්ණායකය සත්‍ය වෙන්න නම්
ඒ සුස්දුසුකමෙන් සිසුන් ගත යුතුයි
කියා ඔහු හිතන්නෙ නෑ.
SSS සුදුසු කම ඇති කෙනෙක්
ක්වදාවත්ම බඳවා නොගත්තත්
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS කියා
නීති ශිෂ්‍යයා පිළිගන්නවා.

වෛද්‍ය ශිෂ්‍යයාත් නිකමට හෝ කලක්
නීතිය හැදෑරුවොත් ඔහුට මේ වෙනස
හඳුනාගත හැකි ප්‍රමාණයටවත්
මොළයෙ නීතිමය ප්‍රදේශය
උත්තේජනය කරගන්න පුලුවන්.

ඔවුන්ගෙ මොළයෙ නීතිගරුක ප්‍රදේශය
ඔවුන් කවදාවත් පුහුණු කරල නෑ.

වෛද්‍ය පාදෙණිය, වෛද්‍ය කාලෝ පවා
මේ නීතිමය ඌණතාවයෙන් පෙළෙනවා.
නීති වෙනස් කරගන්න අයුතු බලපෑම් කිරීමට
ඔවුන්ගේ සිතුවිලි ඔවුන් පොළඹවන්නේත්
ඒ අනුව නීතියට අභියෝග කරමින්
නීතියට නින්දා අවමන් කරමින්
ඔවුන්ගේ උගත්කම්වලට නොසරිලන සේ
හිරිකිතයක් නැතිව හැසිරෙන්නේත්
මේ ඌණතාවය නිසයි.

වෛද්‍ය ශිෂ්‍යයෙකුට මහා ගැටළුවක් වන
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS නීතිය
නීති ශිෂ්‍යයෙකුට නම් මොහොතෙන් වැටහේවි.

වෛද්‍ය ශිෂ්‍යයෙකුගෙ භාෂාවෙන්
ඔවුන්ගෙ ක්ෂේත්‍රයෙ අවස්ථාවක්
අපිට සලකා බලන්න පුළුවන්.

මොළයට හානියක් නොවෙන්න
අවශ්‍ය අවම ඔක්සිජන් ප්‍රමාණය
සියයට 80ක් කියල අපි කිව්වොත්
එක් නිශ්චිත රටක මිනිස්සු
කවදාවත් එතනට නොබහින්න පුලුවන්.
ඒ නිශ්චිත පිරිසෙ අයගෙ මොළය පත්වෙන
අවම ඔක්සිජන් සීමාවෙ දර්ශකය
සියයට 90ක් වුණා කියලා ඒ නිසා
මොළයට හානියක් නොවෙන්න
අවශ්‍ය අවම ඔක්සිජන් ප්‍රමාණය
සියයට 70 කියල නියම කරන්න
ඒ පිරිසට අයිතියක් නෑ.

දැන් මේ ලිපිය කියවා
වෛද්‍ය ශිෂ්‍යයන් මගෙන් අහන්නෙ
මේ අවම ඔක්සිජන් ප්‍රමාණයත්
අවම සුදුසුකමත් සැසඳෙන්නෙ කොහොමද
කියල වෙන්න පුලුවන්.

[ පසු වදනක් ]
වෛද්‍ය ක්ෂේත්‍රයේ අයට
මේ සරල සත්‍යය වටහා ගැනීම
මෙතරම් අසීරු වෙන වෙනත් හේතුවක්
අපිට දකින්න පුලුවන්.

වෛද්‍යවරුන්ගේ උසස් පෙළ ප්‍රතිඵලය
ප්‍රසිද්ධියේ හෙළි නොකරන සමහරු
 සමාජයේ වෙසෙන්නේ
උසස්පෙළ ප්‍රතිඵල ලෙස AAA ගත්
වෘත්තිකයන් පිරිසක් වගෙයි.
සමාජයේ උසස්පෙළ නැති අය
ඔවුන් හෙළා දකින්නෙත් ඒ නිසයි.

මේ මාන්නය ඇති පිරිසට
වෛද්‍ය විද්‍යාව සඳහා අවම සුදුසුකම SSS කීම
මදිකමක් ලෙස හිතෙනවා ඇති.

ඒ නිසාත් ඒ මට්ටමේ අය අප අතර නෑ
කියා වාද කරනවා විය හැකියි.

මේ දෙකෙන් කුමක් මුල්වේද යන්න
අවස්ථාවෙන් අවස්ථාවට සලකා බලා
තීරණය කළ යුතුයි.








2 comments:

  1. Docters do Mahinda contract. That the reson why do protast always no here any people.

    ReplyDelete
  2. වෛද්‍ය සභා සභාපතිගේ සේවා දිගුව
    අනිවාර්යයෙන්ම වසර 5 ක්‌ විය යුතු නෑ
    - සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්

    උපාලි ද සේරම්

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ව්‍යවස්‌ථාව අනුව එහි සභාපතිවරයාගේ සේවා ධුර කාලය වසර පහක්‌ වුවත් පත්කළ සභාපතිවරයාගේ සේවා කාලය අවසන් වූ විට ලබාදෙන සේවා දිගුව අනිවාර්යයෙන්ම වසර පහක්‌ විය යුතු නැතැයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්‌ඩාර මහතා 'දිවයින' ට පැවසීය.

    වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ වසර පහක සේවා කාලයෙන් පසු ලබාදුන් මාස හයක සේවා දිගුව අවසන්ව ඒ මහතා ඉවත්ව යැම පිළිගත නොහැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන තර්කය පදනමක්‌ නැති බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

    ඕවා පදනමක්‌ නැති තර්ක විතරයි නෙ. වෛද්‍ය සභාවේ ව්‍යවස්‌ථාව අනුව එහි සභාපති ධුරයට අලුතින් පත්වන තැනැත්තාගේ සේවා ධුර කාලය වසර පහකට සීමා වෙනවා. එම සේවා කාලයෙන් පසු සේවා දිගුවක්‌ ලබාදීමට අවශ්‍ය නම් එය සෞඛ්‍ය ඇමැතිවරයාගේ කැමැත්ත මත යම් කාලසීමාවකට ලබාදිය හැකියි. එම සේවා දිගුව අනිවාර්යයෙන්ම වසර පහක්‌ කියා තීරණය කර නැහැ.

    ReplyDelete