Ramzy Razeek
[[[ බෞද්ධ දර්ශනයේ අවසන් අරමුණ නිවනය. නිවන යනු නැවත උප්පත්තියකින් තොර තත්වයකට පත්වීමය. මනුශ්ය ජීවිතය යනු දුකකි. මේ දුකින් මිදීම සඳහා කලයුත්තේ නැවත ඉපදීම වලක්වාලීමය. ]]]
ඔබ මේ කතා කරන්නෙ
සිඟිති පාසලේ ඉඳලම දුක් විඳගෙන
කාටවත් ලොකු ප්‍රයෝජනයක් නැති
නාමික උපාධියක් ලබන්න
ජීවිතේ හොඳම කාලය ගත කරන
හිස් පුද්ගලයන් ගැන කියනවා වගේ
සානුකම්පිත හැඟීමකින්.
ඒත් බුදු දහමට අනුව හැසිරෙන කෙනෙක්
බුදු දහම පිළ්පදින මොහොතක් පාසා
ඔහු දුකෙන් මිදෙනවා.
පන්සිල් බිඳින කෙනෙක්
පන්සිල් රකින මොහොතෙදි
ඔහු දුකෙන් මිදෙනවා.
මිනිහෙක් මරන්න පිහිය උස්සලා
පැත්තකට දැම්මොත්
ඔහු දුකෙන් මිදෙනවා.
පන්සිල් රකින මොහොතෙදි
ඔහු බාහිර විඳින්න තියන දුකෙන් මිදෙනවා.
ඔහුට ඉතිරිවෙන්නෙ හිතේ දැවීම කැළඹීමයි.
සීලය අවසන් විසඳිම නොවෙයි.
දුකෙන් මිදෙන්න සමාධි ප්‍රඥාත් අවශ්‍යයි.
සමාධිය වඩලා
කැළඹුණ හිත සමාහිත කරගත්තාම
හිතේ දැවීමෙන් කැළඹීමෙන් විඳින දුක නිවෙනවා.
හිතේ දැවීම කැළඹීම පවතින තුරු ඔහුත් දුක් විඳිනවා.
දුකෙන් මිදෙන මග සපිරෙන්න
හිතේ දැවීම කැළඹීම තිබුණත්
දුක් නොවිඳ ඉන්න ඔහු පුහුණු විය යුතුයි.
විදසුන අවශ්‍ය වෙන්නෙ
ඒ බව වැටහෙන තැනැත්තාටයි.
විපස්සනා වඩන කෙනෙකුට
දුක පවතිද්දිමත්
ඒ ගැන සිහියෙන් ඒ දුකට
උපේක්ෂාවෙන් ඉන්න පුලුවන්.
ඔහු මානසික දුකත් විඳින්නෙ
කායික වේදනා මට්ටමෙයි.
ඔහු කායිකව දුක් වින්දාට
මානසික දුකක් නෑ.
දුකෙන් මිදිය යුත්තෙ මේ මොහොතෙයි.
බුදු දහම නිවන ගැන කතා කරන්නෙ දෙවනුවයි.
මේ මොහොතෙ සිට නිවන දක්වාම
දුකෙන් මිදෙන්න බුදු දහම මග පෙන්වනවා.
Ramzy Razeek
[[[ පිලිගන්න බෑ. එක එක්කෙනා පරස්පර මත ඉදිරිපත්කරනවා. මුලින්ම බෞද්දයා එක මතයකට ආ යුතුය.
අතුල සහෝදරයාගේ විග්‍රහයට අනුව මේ බවයේදීම දුකින් මිදිය හැකිය. නමුත් බෞද්ද මූලාශ්‍රවල සඳහන් වන්නේ දුකින් මිදීමට නම් උපත නවතාලිය යුතු බවය. බෞද්ද මූලාශ්‍රවලට අනුව ජීවත්වීම දුකකි. ]]]]
බෞද්ධයන් දෙදෙනෙකුට
එක මතයක් තිබිය නොහැක.
මතයන් සත්‍ය නොවේ.
දහම පිළි නොපදින කෙනෙක්
එක් මතයක එල්බගෙන ජීවත් විය හැක.
එහෙත් දහම පිළිපදින
එකම බෞද්ධයෙකු වුවද
දිනෙන් දින බුදුන් වහන්සේ දෙසූ දේ
වටහා ගනිමින් පසුවෙන්නෙකි.
බුදු දහම පුද්ගලානුබද්ධය.
මට කළ හැක්කේ
බුදුන් වහන්සේ දෙසූ දේ
පැහැදිලි කිරීමයි.
බුදුන් වහන්සේ කළේත් එපමණකි.
ඔබේ විමුක්තිය ඔබ සතුය.
ඔබ බුදු දහම ඉගෙනගෙන ඇත්තේ
ඉතා කුඩා පටු මනසක් ඇති
විනය පිළිනොපදින භික්ෂූන්ගෙන් විය හැක.
ඔබට බුදු දහම දැන ගැනීමට අවශ්‍ය නම්
ප්‍රායෝගිකව බුදු දහම හදාරන්න.
මේ මොහොතේ දුකෙන් මිදෙන අයුරු
ඔබට අත්දකින්නටත් පුහුණු වෙන්නටත් හැක.
ලොව පුරා මුස්ලිම් භක්තිකයන්
මේ ක්‍රමය හදාරනවා.
http://vipassanapuhunuwa.blogspot.com/
Ramzy Razeek
[[[ ජීවිතය තුලදී 100% දුකින් මිදීම ප්‍රායෝගික නොවේ. දුකින් මිදීමට ගන්නා උත්සාහයද දුකකි. ඒ සඳහා වෙහෙස විය යුතුය. අප කැමති වුනත් නැතත් අපට ජීවිතය තුල අහිනිවීම් බොහෝය. ලෙඩ රෝගවලට ගොඳුරුවෙයි. විභාගවලින් අසමත් වෙයි. ඥාතීන්ගේ අභාවය අපව දුකට පත් කරයි. ]]]
ඔබ සැබැවින්ම දුක් විඳින්නේ
මේ බාහිර සිදුවීම් නිසා නොවේ.
ඒ දේ පිළිබඳ දැන්ගැනීමෙන් පසු
ඔබේ සිතත් කයත් තුළ සිදුවෙන
වෙනස්වීම් නිසාය.
ජීවිතයේ සිදුවෙන සිදුවීම් නිසා
ඔබ තුළ සිදුවෙන වෙනස් වීම්
ඔබට අප්‍රිය නම්
ඔබ දුක අත් විඳියි.
ඒ වෙනස ඔබට ප්‍රිය නම්
ඔබ විඳින්නේ සැපකි.
ඔබට සැපක් හෝ දුකක් වන්නේ
ඔබ තුළ ඒ මොහොතේ ඇතිවෙන
වේදනා සමුච්චයයි.
කයත් සිතත් තුළ සිදුවෙන
වෙනස් වීම් සමුච්චයට
කය-වේදනා මට්ටමේදීම
සිහියෙන් හා උපෙක්ෂාවෙන් දකින්නට
සතිපට්ඨානයෙන් මග පෙනවයි.
තමා ගැන සිහියෙන් සිටීම
ලොව කිසිදු දහමකට පටහැණි නැත.
මේ මොහොතේ
කයත් සිතත් තුළ සිදුවෙන
වෙනස් වීම් සමුච්චයට
කය-වේදනා මට්ටමේදීම
සිහියෙන් හා උපෙක්ෂාවෙන් වෙසෙන්නට
ඔබට හැකි නම්
ඔබේ සිතට දුකක් වේදනාවක් නැත.
මානසික වේදනා ගෙන දෙන
සිත් රිදවන ප්‍රශ්න සියල්ලම
ආර්ය ශ්‍රාවකයෙකුට
කයෙහි වේදනාවක් පමණයි.
ඇසූ පිරූ තැන් ඇති
ආර්ය ශ්‍රාවකයෙක්
කායිකවූ එක් වේදනාවක් විඳී.
මානසික වේදනා නොවිඳී.
බුදුන් වහන්සේ ලොවට දායාද කළ
දුකෙන් මිදෙන මග එයයි.
--------------------------
සල්ල සූත්‍රය
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1
සුව වේදනාවත් විඳියි.
2
දුක් වේදනාවත් විඳියි.
3
නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1
සුව වේදනාවත් විඳියි.
2
දුක් වේදනාවත් විඳියි.
3
නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?
මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
කායික වේදනාව ද
චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
...
ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයෙක්
කායිකවූ එක් වේදනාවක් විඳී.
මානසික වේදනා නොවිඳී.
බුදුන් වහන්සේ ලොවට දායාද කළ
දුකෙන් මිදෙන මග එයයි.
===========================================================
විපස්සනා වැඩූ මුස්ලිම් භක්තිකයෙකුගේ අත්දැකීම
[[[ බෞද්ධ දර්ශනයේ අවසන් අරමුණ නිවනය. නිවන යනු නැවත උප්පත්තියකින් තොර තත්වයකට පත්වීමය. මනුශ්ය ජීවිතය යනු දුකකි. මේ දුකින් මිදීම සඳහා කලයුත්තේ නැවත ඉපදීම වලක්වාලීමය. ]]]
ඔබ මේ කතා කරන්නෙ
සිඟිති පාසලේ ඉඳලම දුක් විඳගෙන
කාටවත් ලොකු ප්‍රයෝජනයක් නැති
නාමික උපාධියක් ලබන්න
ජීවිතේ හොඳම කාලය ගත කරන
හිස් පුද්ගලයන් ගැන කියනවා වගේ
සානුකම්පිත හැඟීමකින්.
ඒත් බුදු දහමට අනුව හැසිරෙන කෙනෙක්
බුදු දහම පිළ්පදින මොහොතක් පාසා
ඔහු දුකෙන් මිදෙනවා.
පන්සිල් බිඳින කෙනෙක්
පන්සිල් රකින මොහොතෙදි
ඔහු දුකෙන් මිදෙනවා.
මිනිහෙක් මරන්න පිහිය උස්සලා
පැත්තකට දැම්මොත්
ඔහු දුකෙන් මිදෙනවා.
පන්සිල් රකින මොහොතෙදි
ඔහු බාහිර විඳින්න තියන දුකෙන් මිදෙනවා.
ඔහුට ඉතිරිවෙන්නෙ හිතේ දැවීම කැළඹීමයි.
සීලය අවසන් විසඳිම නොවෙයි.
දුකෙන් මිදෙන්න සමාධි ප්‍රඥාත් අවශ්‍යයි.
සමාධිය වඩලා
කැළඹුණ හිත සමාහිත කරගත්තාම
හිතේ දැවීමෙන් කැළඹීමෙන් විඳින දුක නිවෙනවා.
හිතේ දැවීම කැළඹීම පවතින තුරු ඔහුත් දුක් විඳිනවා.
දුකෙන් මිදෙන මග සපිරෙන්න
හිතේ දැවීම කැළඹීම තිබුණත්
දුක් නොවිඳ ඉන්න ඔහු පුහුණු විය යුතුයි.
විදසුන අවශ්‍ය වෙන්නෙ
ඒ බව වැටහෙන තැනැත්තාටයි.
විපස්සනා වඩන කෙනෙකුට
දුක පවතිද්දිමත්
ඒ ගැන සිහියෙන් ඒ දුකට
උපේක්ෂාවෙන් ඉන්න පුලුවන්.
ඔහු මානසික දුකත් විඳින්නෙ
කායික වේදනා මට්ටමෙයි.
ඔහු කායිකව දුක් වින්දාට
මානසික දුකක් නෑ.
දුකෙන් මිදිය යුත්තෙ මේ මොහොතෙයි.
බුදු දහම නිවන ගැන කතා කරන්නෙ දෙවනුවයි.
මේ මොහොතෙ සිට නිවන දක්වාම
දුකෙන් මිදෙන්න බුදු දහම මග පෙන්වනවා.
Ramzy Razeek
[[[ පිලිගන්න බෑ. එක එක්කෙනා පරස්පර මත ඉදිරිපත්කරනවා. මුලින්ම බෞද්දයා එක මතයකට ආ යුතුය.
අතුල සහෝදරයාගේ විග්‍රහයට අනුව මේ බවයේදීම දුකින් මිදිය හැකිය. නමුත් බෞද්ද මූලාශ්‍රවල සඳහන් වන්නේ දුකින් මිදීමට නම් උපත නවතාලිය යුතු බවය. බෞද්ද මූලාශ්‍රවලට අනුව ජීවත්වීම දුකකි. ]]]]
බෞද්ධයන් දෙදෙනෙකුට
එක මතයක් තිබිය නොහැක.
මතයන් සත්‍ය නොවේ.
දහම පිළි නොපදින කෙනෙක්
එක් මතයක එල්බගෙන ජීවත් විය හැක.
එහෙත් දහම පිළිපදින
එකම බෞද්ධයෙකු වුවද
දිනෙන් දින බුදුන් වහන්සේ දෙසූ දේ
වටහා ගනිමින් පසුවෙන්නෙකි.
බුදු දහම පුද්ගලානුබද්ධය.
මට කළ හැක්කේ
බුදුන් වහන්සේ දෙසූ දේ
පැහැදිලි කිරීමයි.
බුදුන් වහන්සේ කළේත් එපමණකි.
ඔබේ විමුක්තිය ඔබ සතුය.
ඔබ බුදු දහම ඉගෙනගෙන ඇත්තේ
ඉතා කුඩා පටු මනසක් ඇති
විනය පිළිනොපදින භික්ෂූන්ගෙන් විය හැක.
ඔබට බුදු දහම දැන ගැනීමට අවශ්‍ය නම්
ප්‍රායෝගිකව බුදු දහම හදාරන්න.
මේ මොහොතේ දුකෙන් මිදෙන අයුරු
ඔබට අත්දකින්නටත් පුහුණු වෙන්නටත් හැක.
ලොව පුරා මුස්ලිම් භක්තිකයන්
මේ ක්‍රමය හදාරනවා.
http://vipassanapuhunuwa.blogspot.com/
Ramzy Razeek
[[[ ජීවිතය තුලදී 100% දුකින් මිදීම ප්‍රායෝගික නොවේ. දුකින් මිදීමට ගන්නා උත්සාහයද දුකකි. ඒ සඳහා වෙහෙස විය යුතුය. අප කැමති වුනත් නැතත් අපට ජීවිතය තුල අහිනිවීම් බොහෝය. ලෙඩ රෝගවලට ගොඳුරුවෙයි. විභාගවලින් අසමත් වෙයි. ඥාතීන්ගේ අභාවය අපව දුකට පත් කරයි. ]]]
ඔබ සැබැවින්ම දුක් විඳින්නේ
මේ බාහිර සිදුවීම් නිසා නොවේ.
ඒ දේ පිළිබඳ දැන්ගැනීමෙන් පසු
ඔබේ සිතත් කයත් තුළ සිදුවෙන
වෙනස්වීම් නිසාය.
ජීවිතයේ සිදුවෙන සිදුවීම් නිසා
ඔබ තුළ සිදුවෙන වෙනස් වීම්
ඔබට අප්‍රිය නම්
ඔබ දුක අත් විඳියි.
ඒ වෙනස ඔබට ප්‍රිය නම්
ඔබ විඳින්නේ සැපකි.
ඔබට සැපක් හෝ දුකක් වන්නේ
ඔබ තුළ ඒ මොහොතේ ඇතිවෙන
වේදනා සමුච්චයයි.
කයත් සිතත් තුළ සිදුවෙන
වෙනස් වීම් සමුච්චයට
කය-වේදනා මට්ටමේදීම
සිහියෙන් හා උපෙක්ෂාවෙන් දකින්නට
සතිපට්ඨානයෙන් මග පෙනවයි.
තමා ගැන සිහියෙන් සිටීම
ලොව කිසිදු දහමකට පටහැණි නැත.
මේ මොහොතේ
කයත් සිතත් තුළ සිදුවෙන
වෙනස් වීම් සමුච්චයට
කය-වේදනා මට්ටමේදීම
සිහියෙන් හා උපෙක්ෂාවෙන් වෙසෙන්නට
ඔබට හැකි නම්
ඔබේ සිතට දුකක් වේදනාවක් නැත.
මානසික වේදනා ගෙන දෙන
සිත් රිදවන ප්‍රශ්න සියල්ලම
ආර්ය ශ්‍රාවකයෙකුට
කයෙහි වේදනාවක් පමණයි.
ඇසූ පිරූ තැන් ඇති
ආර්ය ශ්‍රාවකයෙක්
කායිකවූ එක් වේදනාවක් විඳී.
මානසික වේදනා නොවිඳී.
බුදුන් වහන්සේ ලොවට දායාද කළ
දුකෙන් මිදෙන මග එයයි.
--------------------------
සල්ල සූත්‍රය
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1
සුව වේදනාවත් විඳියි.
2
දුක් වේදනාවත් විඳියි.
3
නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1
සුව වේදනාවත් විඳියි.
2
දුක් වේදනාවත් විඳියි.
3
නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?
මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
කායික වේදනාව ද
චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
...
ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයෙක්
කායිකවූ එක් වේදනාවක් විඳී.
මානසික වේදනා නොවිඳී.
බුදුන් වහන්සේ ලොවට දායාද කළ
දුකෙන් මිදෙන මග එයයි.
===========================================================
විපස්සනා වැඩූ මුස්ලිම් භක්තිකයෙකුගේ අත්දැකීම
සිරකරුවන් දහසකට අධික පිරිසක් සඳහා
1994 අප්‍රේල් මස 4දා සිට දස දිනක් පුරා
ඉන්දියාවේ නවදිල්ලියේ තිහාර් සිපිරිගෙයිහිදී
එස්.එන්.ගොයෙන්කා තුමා
සහ ඔහුගේ සහායක ගුරුවරුන් පවත්වන ලද
විපස්සනා පාඨමාලාව පිළිබඳ වාර්තා චිත්‍රපටයකි.
1994 අප්‍රේල් මස 4දා සිට දස දිනක් පුරා
ඉන්දියාවේ නවදිල්ලියේ තිහාර් සිපිරිගෙයිහිදී
එස්.එන්.ගොයෙන්කා තුමා
සහ ඔහුගේ සහායක ගුරුවරුන් පවත්වන ලද
විපස්සනා පාඨමාලාව පිළිබඳ වාර්තා චිත්‍රපටයකි.
No comments:
Post a Comment