20160616

Facebook චෝදනාවකදි සාක්ෂි ඉදිරිපත් කළ යුත්තේ කවුද?


ෆේස්බුක් සමාජ ජාලය තුළ
ඉතා බහුලව දක්නට ලැබෙන
බරපතල සහ ඉතා හානිකර
මානසික රෝගයක් පිළිබඳව
ඔබේ අවධානය යොමු කරන්නට
මා බලා පොරොත්තු වෙනවා.

යම් කෙනෙක් අදහසක් ඉදිරිපත් කරන විට
එහි අඩුපාඩු තියෙන්නෙ පුලුවන්.
එක් කළ හැකි කරුණු තියෙන්න පුලුවන්.
උක්ත ප්‍රකාශය පිරිසිදු කරන්නට
සාධනීය අරමුණකින් කරුණු දක්වන
ගෞරවණීය අතළොස්සට
අපි ගරු කළ යුතුයි.

ඔවුන් තමන්ගෙ අදහසට
පදනම් වූ කරුණු පෙන්වනවා.
නැත්නම් ප්‍රශ්න කරන කෙනෙකුට
කරුණු පෙන්වනවා.
මා කතා කරන්නේ ඉතිරි පිරිස ගැනයි.

" ඔබ වැරදියි " කියා
තවත් කෙනෙකුට ඇඟිල්ල දිගු කරමින්
ෆේස්බුක් සමාජ ජාලයෙහි
චෝදනා කරන බහුතර
පිරිස 
චෝදනා එල්ල කරන්නෙ
ඉලක්කයක් ඇතිව නොවෙයි
කිසිදු පදනමක් ඇතිව නොවෙයි.

බොහෝ විට
ඔවුන් චෝදනා එල්ල කරන්නෙ
හිත යට පැසවන පුද්ගලික ද්වේශයකින්.
ඒ ද්වේශයේ පදනම ආගමික විය හැකියි.
දේශපාලනික විය හැකියි.
පුද්ගලික අප්‍රසාදය
ක් විය හැකියි.

සමහරු " ඔබ වැරදියි " කියන්නෙ
තනිකරම අනුමානයෙන්.
විරෝධාකල්පයක් හර
ඔහු අත කිසිම කරුණක් නෑ.
ද්වේශයෙන් කෙළත් අනුමානයෙන් කළත්
මේ දෙපිරිසම ඒ චෝදනාවට
පදනම් වූ හේතු ඉදිරිපත් කරන්නෙ නෑ.
ඇත්ත වශයෙන්ම එහෙම ඉදිරිපත් කරන්න
ඔවුන් ළඟ හේතු කිසිවක් නෑ.

ඔවුන් ඇස් පියාගෙන එවන නිපන්දුවට
අපි පහර දිය යුතුයි කියා ඔවුන් සිතන්නෙ
ඔවුන්ගෙ ක්‍රියාවෙ බොළඳ කම තේරුම් ගන්න බැරි
ෆේස්බුක් වගේ අවුල් ජාලයක
ඔවුන් ඉන්න නිසයි.

සැබෑ ලෝකයෙ නීතිය හමුවට
පදනම් විරහිත චෝදනාවක් අරන් ගියොත්
මතු ආරක්ෂාවට ලියා ගත්තත්
විභාග කරන්නෙ නෑ.

අසංක විජේසේකරත්
වක්‍රව එවැනි චෝදනාවක් කරනවා.

අසංක විජේසේකර කියන්නෙ
සිරිධම්ම ගෝලයන් අතර ඉන්න
ඔහුම පිළිගන්න නිසා විනා
සිරිධම්ම ගෝලයෙක් කියා කියන්න බැරි තරම්
ශීලාචාර බුද්ධිමත් කෙනෙක්.

ඔහු වගේ කෙනෙකුට වුණත්
සිරිධම්ම ඇසුර වැනි බාල ඇසුරකින්
කොතරම් හානියක් වෙනවාද කියා
ඔහුගේ මේ හැසිරීමෙන් පෙනෙනවා.
මේ සිදුවීම තුළ මා කී කරුණු විමසන්න.

( පහත දැක්වෙන කරුණු මගේ වෝල් එකෙන්. )
_______________________________________
මේ මගේ මුල් ප්‍රකාශයයි

රහත් බව යනු දුකෙන් මිදීමයි.
ඔබට මේ ඒ අත්දැකීම ලබන්න
රහත් විය යුතු නෑ.
ශ්‍රද්ධාවත් වීර්යයත් තියනවා නම්
මේ මොහොතෙ විඳින දුකෙන්...
මේ මොහොතෙ මිදෙන්න පුලුවන්.
ඊළඟ මොහොතට
නැවත වීර්යය අවශ්‍යයි.

ගල් පොකුණක මඩ ඉවත් කිරීමක් වගෙයි.

ඒ විදියට මේ මොහොතෙ දුක
නිවා ගන්න කෙනෙකුගෙ
දුකට හේතුවෙන කෙලෙස්
මොහොතෙන් මොහොත නැසෙනවා.

සියලු කෙලෙස් නසා රහත් වුණාම
නැවත නැවත වීර්ය වැඩීමක් අවශ්‍ය නෑ.
පිරිනිවන් පාන තුරු
නැවත දුක් විඳීමක් නෑ.
දුක් සාමාන්‍ය විදියට එනවා.
කායික දුක් පමණයි.
මානසික දුක් රහත් වුණ කෙනෙකුට නෑ.

මඩ ඉවත් කළ පොකුණ වගෙයි.
පිරිසිදු වතුර විතරයි.

https://www.facebook.com/photo.php?fbid=10206191715698555&set=gm.1225101620847199&type=3
.
පහත දැක්වෙන්නේ
අසංකගේ ප්‍රශ්නය සහ මගේ පිළිතුරු.

---------

Asanka Wijesekara
අතුලගේ අලුත් දහම ද මේ ? බුද්ධ දේශනාවේ මේ ගැන සදහන් ද

Athula Siriwardhane .
සඳහන් නැතැයි කියා ඔබ හිතන්නෙ කවර කොටසද?

මෙහි සඳහන් වෙන්නෙ
බුදු දහමට අනුව
විපස්සනා වඩන ඕනම කෙනෙකුට
පැහැදිලිව අත්දැකිය හැකි දේයි.

විපස්සනා කියා හඳුන්වන බොරුවකට
සහයෝගය දෙන කෙනෙක් විදියට...
අසංක තමන්ගෙ අවබෝධය
මෙතන ප්‍රකාශ කරනවා නම්
මම ඉතාම කැමතියි.

Asanka Wijesekara
Oba kiwwa de thripitakayen oppu kala penwanna ..
obe post eka gana ahuwe

Athula Siriwardhane
අසංක
ඔබ මගේ ප්‍රකාශය වැරදියි කියනවා.
ත්‍රිපිටක කරුණු අරන් ඒක වැරදියි කියා
ඔබේ ප්‍රකාශය තවුරු කළ යුත්තෙ ඔබ නොවේද?
ඔබ අනුමානයෙන් කියන හිතලුවක
හරි වැරදි ඔප්පු කරන්න
මම මහන්සි විය යුත්තේ ඇයි.?

චෝදනා කරන තැනැත්තා සාක්ෂි අරන් ආ යුතුයි.

සිරිධම්ම උගන්වන විපස්සනාව වැරදියි
කියා මම චෝදනා කරනවා.

ඔහු කියන්නෙත් එක අනුපස්සනාවයි.
ඒ චිත්තානුපස්සනාවත්
බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමයක් නොවෙයි.

අතීතයත් අනාගතයත් අමතක කරලා
වර්තමානයෙ ඉන්න කියා
බුදුන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ.

අතීතයත් අනාගතයත් අමතක කරලා
වර්තමානයෙ ඉන්න කියා
කිව්වොත්
බුදු දහමට පටහැණියි.

සිරිධම්ම කරන්නෙ
ඔහුගෙ වැරදි අවබෝධය රටට බෙදීමයි.

මේ චෝදනා දෙකම මම කරන්නෙ
ත්‍රිපිටකයෙන් සාක්ෂි අරගෙනයි.

ප්‍රශ්න කරන්න තරම් විපස්සනා දන්න කෙනෙක්
කියවන අය අතරෙ ඉන්නවා නම්
මම තව දුරටත් විස්තර කරනවා.
මෙතෙක් එවැනි කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ.
සමහරු මේ කරුණු දකින්නෙ
ජීවිතේ පළවෙනි වතාවට විය හැකියි.

ඔබ බොරු චෝදනාවක් කරමින්
මගෙන් සාක්ෂි ඉල්ලන එකෙන්
තේරෙන්නෙ ඔබත් ඉන්නෙ
සිරිධම්ම ඉන්න තැනම බවයි.
ඔබ ඊට වඩා ඉහළ තැනක ඉන්න කෙනෙක්.

ඔබේ චෝදනාව ඔබ කළේ
නිසි අවබෝධයකින් නම්
ඔබේ චෝදනාව
මේ වගේ ත්‍රිපිටක කරුණු සහිතව
ඔප්පු කරන්න.
http://sansaranee.blogspot.com/2016/06/blog-post_8.html

http://sansaranee.blogspot.com/2016/06/blog-post_8.html

No comments:

Post a Comment