20151223

එක මොහොතක් ඇස් දෙකකින්..



Rahubadda Ariyawansa
තාමත් තරහද මැනිකේ
............................................

පුන්සද ඇවිත් අන්න - එබිකම් කරනවා....
රන්සළු අතරින් හැඩ - සදවත පෙනෙනවා ...
පන්සිලු හිත යට සිට - කවියක් කියනවා ....
රන්කද තරහද තව - හෙමිහිට අහනවා ...


තිබුනත් එලිය ගෙපැල - කලුවර පිරිලා ....
නිවහන පාලුයි නුඹෙ - කටහඬ මැකිලා ....
තුන් තිස් පැය වලින්ම - දින තුන ගෙවිලා ...
තවමත් නැත්ද සොදුර - තරහව නිමිලා ....


උයලා දුන්නත් බත - රස නැහැ තිබුණේ ....
කදුලක රසයද මගෙ - දිවගට දැනුනේ ....
දැන්වත් කතාකරයි - ඊයෙත් හිතුනේ ....
අදවත් හිනාවෙලා - ඉදපන් ළදුනේ.....


=============================
මහගමසේකර

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා..
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුළෙන් විදුලිය කෙටුවා..

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොලු මල් වැට වටකෙරුවා..
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා..

ගල මතු පිට මල පිපෙන්න //
මල වට බබරිඳු නටන්න//
වැහි වහලා ගඟ පිරෙන්න//
ගඟ උතුරා හිත පිරෙන්න//

ගල මතු පිට මල පිපෙන්න
මල වට බබරිඳු නටන්න
වැහි වහලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනා වෙයන් කළු හිනා වෙයන්
වෙලා මෙගේ හිත හිනාවකින් තව
හිනා වෙයන් කළු හිනාවෙයන් //

හිනා වෙයන් කළු හිනාවෙයන් /////


ගායනය: W.D. අමරදේව

No comments:

Post a Comment