20151221

හිත පිරිසිදු කරගන්න FACEBOOK හොඳ තෝතැන්නක්.



Nadeeka Chaminda
මම දැන් ෆේස්බුක් වාද මග හරිනවා...

මතුවන ද්වේශය සියුම් ලෙස දැනෙන නිසා..
හැබැයි මග හැරීම හැම විටම සුදුසු නැතිව ඇති..
----------------------------------------------------------
Athula Siriwardhane .
මම ද්වේශය පාලනය කරගන්න ඉගෙන ගත්තෙ
ෆේස්බුක් විවාද වලදිමයි...



 අපි දවස පුරා මුහුණ දෙන
ද්වේශ සහගත අත්දැකීම් වලදි
හිතේ උපදින ද්වේශ සංස්කාර
විඥාණයෙ තැන්පත් වෙන්නෙ
ද්වේශ කෙලෙස් විදියටයි.

වර්තමාන හේතුවක් මත හිතේ ද්වේශයක් ඉපදුණාම
විඥාණයෙ තියන අනුසය ද්වේශය උත්තේජනය වෙලා
අමතර ද්වේශයක් උත්පාදනය වෙනවා.

කෙනෙක් පොඩි හේතුවකටත් ද්වේශයෙන් වියරු වැටෙන්නෙ
විඥාණයෙන් මතුවෙන කෙලෙස්  හේතුවෙන්
කයෙහි මතුවෙන අප්‍රිය වේදනා දරන්න බැරි නිසයි.

විපස්සනා කරන කෙනෙකුට
හිතේ ඇතිවෙන ද්වේශය
කයෙහි ඇති වෙන අප්‍රිය සංවේදනාවක් විදියට
සිහියෙන් දකින්න පුලුවන්...
උපේක්ෂාවෙන් ඉන්න පුලුවන්..

 

විඥාණයෙ යටපත් වෙලා තියන 
අනුසය කෙලෙස් මතු වෙලා
සංස්කාර විදියට
හිතේ ඇති වෙන ද්වේශය නිසා
කයෙහි උපදින අප්‍රිය සංවේදනාවට
උපේක්ෂාවෙන් ඉන්න පුහුණුව තියන
විදසුන් වඩන්නෙකුට
ඒ ද්වේශය
සංවාදය මුහු නොකොට
සංවාදය අරන් යන්න පුලුවන්..

යටපත් වෙලා තියන අනුසය කෙලෙස් මතු වෙලා
සංස්කාර විදියට පෝෂණය වෙන්න ඉඩ තියන
පැරණි ද්වේශයත්
දැන් ඇතිවුණ අලුත් ද්වේශයත් දෙකම
සිහිය සහ උපේක්ෂාව නිසා නිරුද්ධ වීමෙන්
හිත පත්ලත් මතුපිටත් පිරිසිදු වෙනවා.

වචනය අසංවර පුද්ගලයන් සමග ගැටිලා
වචනය සංවර කරගන්න පුහුණු වෙන්න
ෆේස්බුක් හොඳම තැනක්..
සංවර
වචනය අපට ඉතුරු වෙනවා.විපස්සනා

No comments:

Post a Comment