20151223

කාමයෙන් පහර ලැබ සෞන්දර්යය ඉහිරුණාට පසුව....

මාතෘකාව:
Henry Warnakulasuriya ලියූ
උසස් පෙළ සිසුවාගේ කවිය.

======================

Thiwanka Jayasekara [[[ මේ වගේ ම කවියක් මොන්ටිසෝරියේදිත් කියෙව්වා වගේ මතකයි. ...
"ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
කොටු වැටිච්ච මල් මල් හොඳ සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ"
මොන්ටිසෝරියෙන් පටන් අරන්
උසස් පෙළෙන් අවසන් වෙනකොට කවියත් වෙනස් වෙලා
ළමයත් වෙනස් වෙලා
ටීචරුත් වෙනස් වෙලා ]]]
==============================
ඔව්...
පහත්පෙළ ළමයා
උසස්පෙළ ළමයා වෙනකොට
සෞන්දර්යයේ තැනට
කාමය පත්වෙලා.
ගුරුවරිය මගින් ළමයා දූෂණය වෙලා.
.
කාමයෙන් පහර ලැබ
සෞන්දර්යය ඉහිරුණාට පසුවත්
ඉතිරිවී ඇති
සෞන්දර්යයේ පිණිකඳුල..


Henry Warnakulasuriya ලියූ
උසස් පෙළ සිසුවාගේ කවිය.

දවසින් දවසට නෙක නෙක
සාරි ඔසරි අඳින්නේ
අත් බෑගෙත්, මිරිවැඩියත්
එක පැහැයෙන් තියෙන්නේ
සුකුරුත්තං ඉහින් කනින්
පොරවාගෙන සිටින්නේ
උදෑසනින් දිලිසි දිලිසි
නුඹ එන මග බලන්නේ...

කැම්පස් යන්නට පතමින්
සැමදා පාසල් එමී
පළමු වතාවෙම කැම්පස්
තේරුණාද ගුරුතුමී
ඒක තමයි, තාම හැඩයි
කෙල්ල වාගෙ ඔබතුමී
වතුර වගේ දැනුම බෙදන
චතුර කථික ගුරුතුමී....

නුඹ පංතියෙ ඉන්නා විට
සිත සසැලෙයි විගසිනී
ගැහුවත්, බැන්නත් සැපතකි
ඉන්නා විට පෙනි පෙනී
නුඹෙ කටහඬ, නෙත'ග බැල්ම
සිනා කැලුම් දැනි දැනී
සිත ගත සලිතව යන විට
නුඹ වෙත එමි මනසිනී...

No comments:

Post a Comment