20150419

මම ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි?

( සංඝරක්ඛිත හිමි හෙවත් ඩෙනිස් පිලිප් මහතාගේ දේශන ඇසුරෙනි.)
මැදගම ධම්මානන්ද හිමි
මහනුවර අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික




ඔබ ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි?
යන්න බොහෝ දෙනා මගෙන් අසන ප්‍රශ්නයකි.
මම කුඩා කාලයේ පල්ලියට යාමට කැමැත්තක් නොදැක්වූවෙමි.
නමුත් මට එහි යන්නට සිදුවුණි.
මා ක්‍රමයෙන් වැඩන විට,
මගේ දැනුම පුළුල් වනවිට
දෙවියන් වහන්සේ පිළිබඳ
මගේ හැඟීම් වෙනස් විය.
මම අනෙකුත් ආගම් හදාරන්නට පටන් ගතිමි.

බුදුදහම ගැන මට උසස් දැනුමක් ලැබුණි.
එය විෂය දැනුමෙන් ඔබ්බට ගොස්
ප්‍රායෝගික පුහුණුවෙන් ලද අවබෝධයකි.
ඉස්ලාම් හා ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ට
කුරානය හා බයිබලය නමින්
ශුද්ධ ග්‍රන්ථ තිබේ.
බෞද්ධයන්ට එක පොතක් නොවෙයි
පුස්තකාලයක් ම ඇත.

පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් ලියැවුණු
ධර්ම ග්‍රන්ථ තිබේ.
මහායාන, ථේරවාද හා තිබ්බත වශයෙන් ඒවා විවිධයි.
ඒ සියල්ලම හැදෑරීම අනවශ්‍යයි.
ඔබට කැමැති දෙයක් තෝරාගත හැකිය.
ත්‍රිපිටකයේ එන සුත්ත නිපාතය හා
ධම්මපදය අනුව කටයුතු කිරීම වුවත්
බෞද්ධයකු වන්නට ප්‍රමාණවත් වෙයි.

විශ්වාසය (Belief - බිලීෆ් ) සහ
ශ්‍රද්ධාව ( Faith - ෆේත් ) යනුවෙන්
ඉංගී‍්‍රසි වචන දෙකක් ඇත.
විශ්වාසය අනුව හේතු සෙවීමක්,
තර්ක කිරීමක් නොකොට
සත්‍යය පිළිගැනීමයි.
ඒ ගැන විමසිය නොහැක.
දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කළ නොහැකිය.
දේවවාක්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව ඇදහීම
විශ්වාසය (Belief - බිලීෆ් ) යි.

පොතපත කියවීමෙන්,
හේතු සාධක සොයාගැනීමෙන් හා
ප්‍රායෝගික පුහුණූවීමෙන් ලැබෙන අත්දැකීම් මත
සිතෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව ( Faith - ෆේත් )යි.
එය බුද්ධිමය පිළිගැනීමකි.
බුදුරදුන් සැබැවින්ම බුද්ධත්වයට පත්වෙලාද? යන්න වුවත්,
විමසා බලන්නට බුදුදහමෙහි අවසර ඇත.

යම් කෙනෙකු බුදුදහම පිළිගන්නේ
තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා දැනුම
පදනම් කරගත් ශ්‍රද්ධාවෙනි.
ඒ අනුව විශ්වාසය හා ශ්‍රද්ධාව
යන වචන දෙකෙහි තේරුම වෙනස්ය.

විශ්වාසය මඟින් සිදුවන්නේ
අපේ බුද්ධිය පටු සීමාවක් තුළ කොටුවීමකි.
එය මනුෂ්‍යත්වයේ වර්ධනයට බාධාවකි. ශ්‍
රද්ධාව මත පිහිටා තිබෙන බුදුදහම විවෘත යි.
නිදහස් දෙයකි.

මම දෙවියන් වහන්සේ විශ්වාස නොකරනවා නම්,
මම තවදුරටත් කිතුනුවකු නොවෙයි.

බෞද්ධයන් යාච්ඥා කරන්නේ නැත.
බුදුරදුන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත.
ඔවුන් සිදුකරන්නේ වන්දනාවයි.
එය බුදුරදුන් කෙරෙහි පැහැදීම
නැතිනම් පැහැදිලිවීම නිසා ඇතිවන
ශ්‍රද්ධාවෙන් සිදුකරන ;ගෟරවයකි.
බුදුරදුන්ගේ ප්‍රඥාා ශක්තියට ප්‍රශංසාවකි.

බටහිර ජනයා අලුත් ආගම් සොයා එන්නේ
පැරණි ආගම ගැන අමනාපයෙන් ද?
යන්න මගෙන් අසන ප්‍රශ්නයකි.
එහෙම පිරිසක් සිටින්නට පුළුවනි.
මැවුම්කාර දෙවියන් පිළිබඳ
විශ්වාසය බිඳ වැටීම නිසාත්,
එවැනි වෙනස් වීමක් සිදුවෙයි.
ඇතැමුන් අදේවවාදි පැත්තට නැඹූරු යි.
ඒ අය යොමුවන්නේ බුදුදහම දෙසටය.
අනෙක් කරුණ තමයි
ක්‍රිස්තියානි ආගමේ පිළිපදින්නට තිබෙන දේවල් අඩුයි.
බුදුදහමේ පිළිපැදීමට තිබෙන කාරණා බහුල යි.
ඒ පිළිපැදීම් මඟින්
ජීවිතයේ හා මනසේ වෙනසක් සිදුවෙයි.
එවැනි අලුත් අත්දැකීම් ලබාගැනීමට කැමැති පිරිසක්
බටහිර රටවල සිටිති.
ජේසුතුමා බඩුමුට්ටු පටවාගෙන
රටින් පිටවන අකාරයේ කාටුන් චිත්‍රයක්
මම ජර්මනියේ සඟරාවක දුටුවෙමි.
එහි මාතෘකාව වුණේ
ක්‍රීඩාවෙන් පැරදීම යන්නයි.
 අතීතයේ ක්‍රිස්තියානි ආගමට
විශාල ශක්තියක් තිබුණි.
අනෙකුත් ආගම් ඇදහීම
එයින් පාලනය කෙරුණි.
දඬුවම් පැනවුණි.
දැන් ඒ තත්ත්ව වෙනස් වී ඇත.

අනිකුත් ආගම් ගැන දැන ගැනීමට
විවිධ මාධ්‍යයන් පවතියි.
බෞද්ධ හා හින්දු ආගම් අදහන අය
බටහිර රටවල පදිංචිව සිටිති.
බුදුුදහම බටහිර ලෝකයේ ප්‍රචලිත වන්නේ
ඒ හේතුවෙනි.

මගේ මිතුරකු
ඔහු ගැන මට හඳුන්වා දුන්නේ
ඔහු උපතින්ම බෞද්ධයෙක් යනුවෙනි.
ධර්මය ගැන තේරුමක් අවබෝධයක් නොමැතිව
කුඩා දරුවකු බෞද්ධයකු වන්නේ කොහොමද?
බෞද්ධයකු වීම ආධ්‍යාත්මික වර්ධනයක් තුළින්
සිදුවිය යුත්තකි.

ආගම මව්පියන්ගෙන් ලැබුණු දෙයක් වුවත්,
කෙනෙකුට වෙනත් ආගමක් පිළිපැදීමට අයිතියක් තිබේ.
බෞද්ධයකු වන්නේ කෙසේද?
එය සරලව මෙන්ම සවිස්තරව පිළිතුරු දියහැකි ප්‍රශ්නයකි.

සාමාන්‍යයෙන් බුද්ධ, ධම්ම හා සංඝ යන
තෙරුවන් සරණ යාමෙන්
බෞද්ධයකු බවට පත්වෙයි.
 නමුත් එය තහවුරු වන්නේ
තෙරුවන් අනුගමනය කිරීමෙනි.
බුදුදහමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ
ධර්මය පිළිපැදීමෙන් පමණයි.

පැවිදි බව කියන්නේ
ජීවිතය මුළුමනින්ම ධර්මය කෙරෙහි
යොමුකිරීමකි.
එය ප්‍රසිද්ධියේ පොරොන්දු වීමකි.
පැවැදි නොවී ගිහි බෞද්ධයකු ලෙස ද
ජීවත් විය හැක.
භාවනාව, පිරිසුදු ජීවිතය හා පන්සිල් රැකීම
ගිහි බෞද්ධයකුගේ පිළිවෙතයි.

ලංකාව, තායිලන්තය, චීනය ආදි රටවල
බුදුදහම තිබේ.
ඒ ඒ රටවල අනුගමනය කරන බෞද්ධ සිරිත්, විරිත්
සම්ප්‍රදායන්හි වෙනස්කම් පවතියි.
ඒ රටවල් භූගෝලීය වශයෙන් වෙන්ව පැවතීම
එයට එක් හේතුවකි.

කාතෝලික ආගම පාලනය කරන වතිකානුව මෙන්
බුද්ධාගම පාලනය කරන මාධ්‍ය ඒකකයක්,
මූලස්ථානයක් නොමැතිකම
බුදුදහම මුල්කරගත් සංස්කෘතිය හා සම්ප්‍රදාය
නිදහසේ සංවර්ධනය වීමට තවත් හේතුවකි.
එවැනි වෙනස්කම් තිබුණත්,
කර්මය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි
මූලික බෞද්ධ ඉගැන්වීම් සෑම රටකම නොවෙනස්ව පවතියි.

බුදුදහම ආධ්‍යාත්මය තේරුම් ගැනීමට මඟ පෙන්වන
ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතකි.
බුදුදහමෙහි සඳහන් භාවනාව කෙරෙහි
දිනපතා යොමුවන්නේ නැතිනම් ,
එයින් ප්‍රතිඵල ලබාගත නොහැක.
තමන්ගේ ජීවන රටාව අනුව
භාවනාවේ යෙදීම අමාරු බව සමහරු කියති.
දිනකට විනාඩි විස්සක් භාවනාවේ යෙදෙන්න.
එම කාලය ක්‍රමයෙන් වැඩි කරගන්න.

මිනිස්සු විවිධයි.
භාවනාවෙන් මනස වෙනස් කෙරෙන නිසා
සමහරු භාවනාවට භයයි.
ඇතැමුන්ට භාවනාව ගැන
වැරැදි වැටහීමක් ඇත.
ඔවුන් සිතන අන්දමට
භාවනාව යනු ජීවිතයෙන් පලායාමකි.
ඒ විවේචන කරන අයගේ කටයුතු දිහා බැලුවත්,
ජීවිතයෙන් පලායාමක් දකින්නට පුළුවන.
පැය දෙක තුනක් රූපවාහිනිය දෙස බලා සිටීම
සැබෑ ජීවිතයෙන් පලායාමක් නොව්ද?
එසේම මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන්නේ
සාමාන්‍ය ලෝකයෙන් වෙන්වීමක් නොවේද?
ඔබ එවිට ජීවත්වන්නේ සැබෑ ලෝකයේ නොවේ.
එහෙත් භාවනාව එවැනි දෙයක් නොවේ.
භාවනාවෙන් සිදුකරන්නේ
අපේ ජීවිතයට සමීපව එබී බැලීමකි.

වයස්ගත, අසනීපයෙන් පසුවන අපට
ජීවත්වන්නට සිදුවන්නේ අනුන්ගේ උපකාරයෙනි.
අසනීපයෙන් නැතිනම් වයස්ගතව සිටින කෙනකුට
වුවමනා දෙය වෙලාවට නොලැබුණොත්,
නොසන්සුන් බවක්, තරහක් සිතේ ඇතිවෙයි.
ඔහුට නිතරම පෙනෙන්නේ සාත්තු සේවකයන්,
පවුලේ පිරිස, දරවන් කරන හැමදේම වැරැදි විදියට යි.
ඔවුන්ට විරුද්ධව මැසිවිලි නැඟීම, දොස් කීම,
පැමිණිලි ඉදිරිපත් කිරීම එවැනි අයගේ පුරුද්දකි.
හිතුවක්කාර මුරණ්ඩු ගති මතුවෙයි.

මා සිතන පරිදි,
කෙනකු කයික වශයෙන් පිරිහෙන්නට පෙර
භාවනාව මඟින්
මානසික ශක්තිය ගොඩනගා ගෙන තිබුණා නම්,
රෝගී වනවිට, වයස්ගත වනවිට ඇතිවන නොසන්සුන් බව,
කෝපය, ගැටුම්කාරී ස්වභාවයන් පාලනය කරගන්නටත්,
මානසික ශක්තියක් ගොඩනඟා ගන්නටත්
ඔහුට හැකියාවක් ලැබෙයි.
මොකද? මේ ජීවිතයේ ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන දේවල්
හා ජීවිතයේ අනිත්‍යතාවය ගැන අවබෝධයක්
භාවනාවෙන් පුද්ගලයකුට ලැබෙන බැවිනි.

බුදුදහම අනුගමනය කිරීමේ දී
පෞද්ගලික උපදේශකයකු ද සිටිය යුතුදැයි? යි
සමහරු අසති.
අතීතයේ දී වර්තමානයේ තරම්
ධර්මය දැනගන්නට පහසුකම් තිබුණෙත් නැත.
ඒ නිසා කිසියම් ධර්මෝපදේශකයකු සොයා යාමට සිදුවුණි.
දැන් පුද්ගල සම්බන්ධතා, පොත්පත් හා
ධර්මය උගන්වන මධ්‍යස්ථාන බහුලව ඇත.
එමඟින් ධර්මය දැනගන්ට පහසුයි.

හැම දෙයක්ම පියවරෙන් පියවර පෙන්වා දීම
සමහරුන්ට උවමනා කරයි.
එහෙත් බුදු දහමේ හැම දෙයක් ම
එසේ කළ නොහැකියි.
මොකද? ආධ්‍යාත්මික වර්ධනය යනු
මනස දියුණුු කරගැනීමේ දී
තමන්ගේ ම අත්දැකීම් මත
ප්‍රායෝගිකව ගොඩනගා ගත යුත්තක් නිසයි.

ඔබ කලක් ධර්මය අනුව පුහුණු වනවිට
ඔබම ඔබගේ ගුරුවරයා බවට පත්වෙයි.
ඊළගට ගතයුතු පියවර ඔබට ම වැටහෙයි.
සද්ධිවිහාරිකයන් සමග ඔබේ අත්දැකීම් හා
ගැටලු සාකච්ඡා කළහැක.
එවිට ඒ අය ඔබට මඟ පෙන්වනු ඇත.

( සංඝරක්ඛිත හිමි හෙවත්
ඩෙනිස් පිලිප් මහතාගේ දේශන ඇසුරෙනි.)
මැදගම ධම්මානන්ද හිමි -මහනුවර අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික

20150418

අවිද්‍යාව කියන්නෙ මෝහය නොවෙයි.



සරලව අවිද්‍යාව කියන්නෙ
විද්‍යාමාන විය යුතු දෙයක්
විද්‍යාමාන නොවීමයි.
එක ඇසක් වසාගත් කෙනෙකුට
ඒ ඇසට පෙනිය යුතු දේ
පෙනෙන්න නැහැ.
ඔහු ගන්න තීරණවලදි ඒ තීරණ ගන්නෙ
එක ඇසකින් දකින තොරතුරු මතයි.

මිනිසාගේ මනසෙහි තියන
එකැස් කණ ස්වභාවය අවිද්‍යාවයි.
ඔහු ඉන් මුදවා ගන්නෙ විදසුන මගින්.

විදසුන මගීන් ඔහුගේ සිහිය පුළුල්වෙද්දි
අනිත් ඇසත් විවර වීමෙන්
ඔහුගෙ දැක්ම සම්පූර්ණ වෙනවා.
ඔහු ප්‍රඥාවෙන් ලෝකය දකිනවා.

මිනිසා බුද්ධිය, විද්‍යාව,
මනෝ විද්‍යාව, දර්ශනය ආදී
නොයෙක් මෙවලම් නිපදවාගෙන
වසාගත් ඇසෙන් වෙන අඩුව
පිරිමසාගන්න හැදුවත්
ගැටළුව තව තවත් සංකීර්ණ වෙනවා මිස
විසඳුමක් ලැබෙන්නේ නැහැ..

කිසියම් දෙයක් ඉන්ද්‍රියක ස්පර්ශ වූ විට
ඉන් සංවේදනාවක් උපදිනවා.
ඔහු ඒ සංවේදනාව
ප්‍රිය වේදනාවක්
අප්‍රිය වේදනාවක්
ප්‍රිය අප්‍රිය නැති වේදනාවක්
ලෙස හඳුනා ගන්නවා.

එකම සංවේදනාව
ව්‍රෙක ඔහුට ප්‍රිය වෙනවා.
වරෙක අප්‍රිය වෙනවා.

සංවේදනාව සීතල හෝ
උණුසුම වෙන්න පුලුවන්.
ඔහු ඉන්න අවස්ථාවෙ සීතලට හා උණුසුමට සාපේක්ෂව
ඔහුට දැනෙන සීතල හෝ උණුසුම
ඔහුට ප්‍රිය හෝ අප්‍රිය වෙනවා.

එවිට ඇතිවෙන ප්‍රිය අප්‍රියභාවය මත
ඔහු ඒ ස්පර්ශය ලබා දුන් වස්තුවට ඇලෙනවා.
ඒ වස්තුව හිමිකරගන්නට වෑයම් කරනවා.

ඔහු වින්ද රසය තියෙන්නෙ
ඔහු නොදකින සංවේදනාව තුලයි.
බාහිර වස්තුව කරන්නෙ
ඔහු තුළ සංවේදනාවක්
උත්තේජනය කිරීම පමණයි.
ප්‍රිය සංවේදනාව
නැවත නැවත ලබා ගැනීමට
ඔබ ඒ වස්තුව හිමි කරගන්නත්
ඒ අසල ගැවසෙන්නත් පෙළඹෙනවා.
අප්‍රිය සංවේදනාවකින් මිදෙන්නත්
ඔහු නැවත නැවත උත්සාහ කරනවා.
ඒ සංවේදනා ඇති කරන වස්තූන්ට
දෙයාකාරයෙන් සලකනවා.

ප්‍රිය දේට රාගයෙන් හා
අප්‍රිය දේට ද්වේශයෙන් සලකනවා.

මිනිසා ඇතුළු සත්වයන් දන්නෙ
මේ ප්‍රිය අප්‍රිය බව පමණයි.
ඒ අවස්ථාව තෙක් සියල්ලම
අවිද්‍යාවටයි අයිති වෙන්නෙ.
ඔහු ඒ අවස්ථාව ප්‍රිය කිරීම සහ
අප්‍රිය කිරීම මත සිදුවෙන වෙනස
ඔහු දන්නෙ නැති නිසා
ඒ මොහොතෙත් අවිද්‍යාව තියනවා

මෝහය කියන්නෙ
අපි විඳින අත්දැකීම් වල
ප්‍රිය හෝ අප්‍රිය නොවන අත්දැකීම් වලටයි.

සංවේදනා හඳුනා ගන්නා අවස්ථාවෙදී
ප්‍රිය හෝ අප්‍රිය නොවන නිසා
අපි හඳුනා නොගෙන අත්හරින
සංවේදනා මෝහ ගණයට අයත් වෙනවා.
ඔබ පානය කරන වතුර
මෝහයට හොඳ උදා හරණයක්.

වතුරටත් රසක් සිසිලසක් හෝ උණුසුමක් තියනවා.
ඒත් ඔබට ඒ වෙනස් කම් දැනෙන්නෙ නැහැ..
වතුර කිවුල් රස නම් අකමැති වෙනවා.
රස වෙනසක් නැත්නම් වතුර වතුරමයි.
වතුරෙන් ඔබ ලබන අත්දැකීම
අයිතිවෙන්නෙ මෝහයටයි.

රාග ද්වේශ මෝහ තුනට
අත්දැකීමක් බෙදෙන්නට පෙර
අවිද්‍යාව තියනවා.
ප්‍රිය වුණත් අප්‍රිය වුණත්
ප්‍රිය හෝ අප්‍රිය නැති වුණත්
තමන් තුළ ඒ හැඟීම ඇති වෙන බව
ඒ මොහොතෙම නොපෙනෙන කෙනෙකුට
ඒ අවස්ථා තුනෙත් අවිද්‍යාව තියනවා.

අවිද්‍යාව කියන්නෙ මෝහය නොවෙයි.
මෝහය කියන්නෙ අවිද්‍යාව නොවෙයි.
මෝහය අවිද්‍යාවෙ එක අංගයක් පමණයි.
අවිද්‍යාව නිසා ඇතිවෙන
රාග ද්වේශ මෝහ සංස්කාර වලින්
එක අංගයක් පමණයි.

තමන් තුළ සිදු වෙන වෙනස් කම් ගැන
සිහිය පිහිටුවා නොගන්නා තුරු
සත්වයා තුළ අවිද්‍යාව තියනවා.
දවසෙ හැම මොහොතක්ම ගතවෙන්නෙ අවිද්‍යාවෙන්.
අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා.

අවිද්‍යාව නැති වෙන්නෙ විදසුන වැඩීමෙන්.

සිතත් කයත් වෙනස් වෙන හැටි දකින,
ඒ වෙනස් වීම වලට උපේක්ෂාව වඩන
ඒ වෙනස්වීම් වලට ඇති වෙන ප්‍රිය අප්‍රිය බව හෝ
ප්‍රිය අප්‍රිය නොවන බව දකින
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් වෙසෙන සුළු පිරිසක්
මොහොතින් මොහොත අවිද්‍යාව නැති කරනවා.

අවිද්‍යාව නැසෙන විට
ප්‍රඥාව පහළ වෙනවා.

සංවාදයට විවෘතයි.

20150414

අතිජාත, අනුජාත, අවජාත දරුවන්


අතිජාත, අනුජාත, අවජාත දරුවන්  සහ
මවුපියවරුන්ගේ ලක්ෂණ සසඳමින්
බුදුන් වහන්සේ දෙසූ සූත්‍රයයි මේ.

කෙටි අදහස.
1, තිසරණ සරණ නොගිය, පන්සිල් නොරකින මවුපියන්ගේ
තිසරණ සරණ ගිය, පන්සිල් රකින දරුවන්
අතිජාත දරුවන්ය.

2, තිසරණ සරණ ගිය, පන්සිල් රකින මවුපියන්ගේ
තිසරණ සරණ ගිය, පන්සිල් රකින දරුවන්
අනුජාත දරුවන්ය.

3, තිසරණ සරණ ගිය, පන්සිල් රකින මවුපියන්ගේ
තිසරණ සරණ නොගිය, පන්සිල් නොරකින දරුවන්
අවජාත දරුවන්ය.

“නුවණැති මාපියෝ 
අතිජාත වූ ද අනුජාත වූ ද පුත්‍රයන් කැමති වන්නා හ. 
අවජාත දරුවන් නො කැමති වන්නාහ. 
අවජාත පුත්‍රයා කුලය නසන්නෙක් වන්නේ ය”

“නුවණැති මාපියෝ කරුණු පසක් බලමින් දරුවකු කැමති වෙති. 
අප විසින් පෝෂණය කරන ලද තැනැත්තේ මහලු කාලයේ දී අප පෝෂණය කෙෙර්ය. 
වැඩක් ඇති වූ කල්හි අපට එය කරන්නේය. 
දරුවා නිසා අප ගේ කුලපරම්පරාව බෝ කල් පවත්නේ ය, අපගේ උරුමය පවත්නේ ය, 
අප මළ කල්හි අප උදෙසා දන් දෙන්නේ ය
යන මේ කරුණු බලාපොරොත්තුවෙන් 
නුවණැත්තෝ දරුවකු කැමති වන්නාහ” 
 ______________________________
______
‘‘තයොමෙ, භික්‌ඛවෙ,
පුත්‌තා සන්‌තො සංවිජ්‌ජමානා ලොකස්‌මිං.
කතමෙ තයො?
අතිජාතො, අනුජාතො, අවජාතොති.

‘‘කථඤ්‌ච , භික්‌ඛවෙ,
පුත්‌තො අතිජාතො හොති?

ඉධ, භික්‌ඛවෙ,
පුත්‌තස්‌ස මාතාපිතරො හොන්‌ති
න බුද්‌ධං සරණං ගතා,
න ධම්‌මං සරණං ගතා,
න සඞ්‌ඝං සරණං ගතා;
පාණාතිපාතා අප්‌පටිවිරතා,
අදින්‌නාදානා අප්‌පටිවිරතා,
කාමෙසුමිච්‌ඡාචාරා අප්‌පටිවිරතා,
මුසාවාදා අප්‌පටිවිරතා,
සුරාමෙරයමජ්‌ජපමාදට්‌ඨානා අප්‌පටිවිරතා,
දුස්‌සීලා පාපධම්‌මා.
පුත්‌තො ච නෙසං හොති
බුද්‌ධං සරණං ගතො,
ධම්‌මං සරණං ගතො,
සඞ්‌ඝං සරණං ගතො;
පාණාතිපාතා පටිවිරතො,
අදින්‌නාදානා පටිවිරතො,
කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතො,
මුසාවාදා පටිවිරතො,
සුරාමෙරයමජ්‌ජපමාදට්‌ඨානා පටිවිරතො,
සීලවා කල්‍යාණධම්‌මො.
එවං ඛො, භික්‌ඛවෙ,
පුත්‌තො අතිජාතො හොති.

‘‘කථඤ්‌ච , භික්‌ඛවෙ,
පුත්‌තො අනුජාතො හොති?

ඉධ, භික්‌ඛවෙ,
පුත්‌තස්‌ස මාතාපිතරො හොන්‌ති
බුද්‌ධං සරණං ගතා,
ධම්‌මං සරණං ගතා,
සඞ්‌ඝං සරණං ගතා;
පාණාතිපාතා පටිවිරතා,
අදින්‌නාදානා පටිවිරතා,
කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතා,
මුසාවාදා පටිවිරතා,
සුරාමෙරයමජ්‌ජපමාදට්‌ඨානා පටිවිරතා,
සීලවන්‌තො කල්‍යාණධම්‌මා.
පුත්‌තොපි නෙසං හොති
බුද්‌ධං සරණං ගතො,
ධම්‌මං සරණං ගතො,
සඞ්‌ඝං සරණං ගතො;
පාණාතිපාතා පටිවිරතො,
අදින්‌නාදානා පටිවිරතො,
කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතො,
මුසාවාදා පටිවිරතො,
සුරාමෙරයමජ්‌ජපමාදට්‌ඨානා පටිවිරතො,
සීලවා කල්‍යාණධම්‌මො.
එවං ඛො, භික්‌ඛවෙ,
පුත්‌තො අනුජාතො හොති.

‘කථඤ්‌ච , භික්‌ඛවෙ,
පුත්‌තො අවජාතො හොති?

ඉධ, භික්‌ඛවෙ,
පුත්‌තස්‌ස මාතාපිතරො හොන්‌ති
බුද්‌ධං සරණං ගතා,
ධම්‌මං සරණං ගතා,
සඞ්‌ඝං සරණං ගතා;
පාණාතිපාතා පටිවිරතා,
අදින්‌නාදානා පටිවිරතා,
කාමෙසුමිච්‌ඡාචාරා පටිවිරතා,
මුසාවාදා පටිවිරතා,
සුරාමෙරයමජ්‌ජපමාදට්‌ඨානා පටිවිරතා,
සීලවන්‌තො කල්‍යාණධම්‌මා.
පුත්‌තො ච නෙසං හොති
න බුද්‌ධං සරණං ගතො,
න ධම්‌මං සරණං ගතො,
න සඞ්‌ඝං සරණං ගතො;
පාණාතිපාතා අප්‌පටිවිරතො,
අදින්‌නාදානා අප්‌පටිවිරතො,
කාමෙසුමිච්‌ඡාචාරා අප්‌පටිවිරතො,
මුසාවාදා අප්‌පටිවිරතො,
සුරාමෙරයමජ්‌ජපමාදට්‌ඨානා අප්‌පටිවිරතො,
දුස්‌සීලො පාපධම්‌මො.

එවං ඛො, භික්‌ඛවෙ,
පුත්‌තො අවජාතො හොති.

ඉමෙ ඛො, භික්‌ඛවෙ,
තයො පුත්‌තා සන්‌තො සංවිජ්‌ජමානා ලොකස්‌මි’’න්‌ති.

‘‘අතිජාතං අනුජාතං, පුත්‌තමිච්‌ඡන්‌ති පණ්‌ඩිතා;
අවජාතං න ඉච්‌ඡන්‌ති, යො හොති කුලගන්‌ධනො.
‘‘එතෙ ඛො පුත්‌තා ලොකස්‌මිං, යෙ භවන්‌ති උපාසකා;
සද්‌ධා සීලෙන සම්‌පන්‌නා, වදඤ්‌ඤූ වීතමච්‌ඡරා;
චන්‌දො අබ්‌භඝනා මුත්‌තො, පරිසාසු විරොචරෙ’’ති.
අයම්‌පි අත්‌ථො වුත්‌තො භගවතා, ඉති මෙ සුතන්‌ති. පඤ්‌චමං.
_____________________________________
පුත්‌ත සුත්‌තං
ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාළි
තික නිපාතය

20150412

නිරාගමික වී නිර්වින්දනය වෙනවාද?





නිරාගමික රටවල්වල අපරාධ අඩුයි.
සිරගෙවල් අඩුයි.
නිරාගමික ක්‍රමය
මිනිසා නිර්වින්දනය කිරීමයි.
වැරදි නොකරන ඔවුන්
ඔවුන්ගේම මනස සිරවී ඉන්නා පිරිසක්.

නිරාගමික සමාජවල
කරුණාව දයාව වැනි හැඟීම් අඩුයි.
නිරාගමික රටවල්වල
වැඩිහිටි නිවාස වැඩියි.
දෙමාපියන් මහළුවූ පසු
රෝහලේදී මරාදැමීම් වැඩියි.
ඒ තීරණ ගන්නා දරුවන් මහළු වූ පසු
ඔවුන්ගේ ඉරණමත් එයමයි.

යන්ත්‍රානුසාරයෙන් ජීවත්වෙන ඔවුන් අතින්
අපරාධ සිදුවන්නේ නැහැ.
හැඟීම් නැති මිනිසුන්ට
වැරදි කරන්න අවශ්‍ය නෑ.
හැඟීම් වලින් කරන පෙළඹවීම නැත්නම්
වැරදි සිදුවන්නේ නැහැ.
ඔවුන් ස්පාර්ක් ප්ලග් එක දුර්වලවූ
පෙට්‍රල් ටැංකි හිඳුණු වාහන වගෙයි.
ගෙවත්තෙන් පිට යන්නේ නැහැ.

අපරාධ කරන්නේ හැඟීම් ඇති මිනිසුන්.
හැඟීම්බර මිනිසුන් ඇති රටවල් වල
අපරාධ වැඩියි.
කරුණාව දයාව වැනි හැඟීම් සහිත මිනිසුන්,
නෑ හිත මිතුරු සබඳතාත් ප්‍රබලයි.
නව සොයාගැනීම්,
මිනිස්බව ඉක්මවායන දක්ෂයන් වන්නේ
හැඟීම් බර මිනිසුන් හැඟීම් පාලනය කරගෙන
නිර්මාණශීලීව හැඟීම් යොදා ගැනීමෙන්.

අපරාධ වලට විසඳුම
හැඟීම්බර මිනිසුන් මදකිපුණු අලියන් මෙන් අල්ලා
නිරාගමික කොට නිර්වින්දනය කිරීම නොවෙයි.

යහපත් සමාජයක් වියයුත්තේ
ආගමෙන් දහමෙන්
ආත්ම දමනය කරන අතර
අපරාධවලට සමානුපාතිකව
දඬුවම් දැඩි කරමින්
නීතිය මනාව පිහිටුවීමයි.

නිරාගමිකත්වය තුළ
නිර්වින්දනය වූ මිනිසා
නිර්මාණශීලීත් නැහැ..
ප්‍රඥාවන්තත් නැහැ.

ඔවුන් නිස්සරණ තත්වයට එන්නේ
ආස්වාදය විඳීමෙන් පසුව
ආදීනව දැකීමෙන් නොවෙයි.

අපරාධ නොකරන නිරාගමිකයන්
ජීවත් වෙන්නේ මෝහයෙන්.
මානසිකව අඳගොලු බිහිරි නිරාගමිකයන්
අපරාධ නොකිරීම අරුමයක් නැහැ.
ඊට අවශ්‍ය මානසික ශක්තිය
ඔවුන් සතුව නැහැ.

හැඟීම් නැති මිනිසා
ඇවිදින මළමිනියක්..
ඔහු ළඟ නරක නැහැ..
ඔහුගෙ ඇති හොඳකුත් නැහැ.

හොඳ මිනිසුන් යනු
නරකට එළඹිය හැකි පරිසරයක
නරකට පෙළඹීමට හැකියාවත් ඇතිව
නරකට යොමු නොවී
ආත්ම දමනයෙන් යුතුව
ජීවත් වෙන සංවේදී මිනිසුන්ය.

ආගමක් දහමක් බිහිවෙන්නෙ
ජීවිතයෙ අත්දැකීම් වලදි
කාමය, භය, තරහ ආදී ආවේග නිසා
සමාජයට හානි වෙන අයුරින් හැසිරී
තිරිසන් සතුන්ගේ මට්ටමට වැටීම
වරදක් ලෙස සලකන මිනිසුන්
ඉන් මිදීමට දරණ ප්‍රයත්නය නිසයි.

මිනිසා තිරිසනාගෙන් මුදාගැනීමට
ශක්තිය ඇති ආගම්
වසර දහස්ගණන් කල් පවතිනවා.
ආගමෙන් දහමෙන් පෝෂණය වෙන මනස
හැඟීම් නිවැරදිව උපයෝගී කරගන්නවා.

ආගමෙන් දහමෙන් පෝෂණය වෙන මිනිසුන්
මිනිසුන් අතර මිනිසුන් ලෙස ජීවත් වෙනවා.

සංවේදී බව රැකගෙන
යහපත් මිනිසුන් ලෙස ජීවත්වන්නට ඇති
සරලම පහසුම මග
ආගම සහ දහමයි..




නිවන ඇත - නිවන නැත


නිවන ඇත කියා
සහතික කරන්න තරම්
මා ප්‍රඥාවන්තත් නෑ.
කටට ආ පළියට
නිවන නැත කියා කියන්න තරම්
මා මෝඩත් නැහැ.

කලක් විදසුන් වැඩූ කෙනෙකු විදියට
නිවන තිබිය යුතුයි කියා
අත්දැකීමෙන් කියන්න පුලුවන්.
දුක් පැමිණි විට විදසුන් වැඩීම තුළින්
ඒ දුකෙන් දුක් නොවිඳ ඉන්නා විට
සියලු දුක් වලින්
දුක් නොවිඳ සිටිය හැකි
නිවනද තිබිය යුතු යැයි
අත්දැකීමෙන් කිව හැකියි.
නාම රූප පැවැත්ම එකක් නොවෙයි..
දෙකක්...

එකිනෙක මත යැපෙන දෙකක්..
ඒ දෙක අතර පරතරය ඉවත් කළොත්
ඒ දෙක එකක් වෙනවා..
පැවැත්ම ඉවර වෙනවා..
නිවන් දකිනවා...
නාම රූප අතර පරතරය ඇති කරන්නෙ
කෙලෙස් වලින් නිර්මාණය වුණ විඥ්ඥාණයයි.
විපස්සනාවෙන්
කෙලෙස් නැසෙන කොට
විඥ්ඥාණය මැකෙනවා.
ප්‍රඥාව ඉතිරි වෙනවා.
නාම රූප දෙක එකක් වෙලා
මේ මොහොත තනි අත්දැකීමක් විදියට
ඒකීය පුද්ගලයෙක් විදියට විඳිනවා.
නිවන් දකිනවා.

20150411

කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන විශ්මිත සිංහළ වෙදකම



පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි.

තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.
කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ.

දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි.
ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ හිරිගල්කැටිය හන්දියෙන් හැරී කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවෙයි.

උළු පට්ටලේ ගෙදර අන්ද්‍රයස් වික‍්‍රමනායක ආරච්චි වෙද මහතාටත් ඔහුගේ බිරිඳ වූ නබඳව විතානගේ කුසුමලතා මහත්මියටත් දියණියන් දෙදෙනකි. ඉන් අනතුරුව තුන්වැනි දරුවා ලෙස 1976 අගෝස්තු 25 වැනි දින පුත් කුමරකු උපත ලබන්නේ වෙදකම ඉදිරියට රැුගෙන යාමේ අන්ද්‍රයස් වෙද මහතාගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. මේ කුමරු නන්දසිරි නම් වූවේය.

බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනයට ගිය නන්දසිරි නිවසේ සිටින සෑම මොහොතකම සිය පියාගේ වෙද කමට හෙද කමෙන් සහය වූයේ එය මනාව අධ්‍යයනය කරමිනි. පාඩම් පොත්වලට අමතරව පැරණි වෙද පොත් කියවීමටත් ඔහු කාලය ගත කළේ ඒ පිළිබඳව තිබූ නොනිමි ආශාව හේතුවෙනි.
ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ නන්දසිරි පාසල් අධ්‍යාපනය හදාරා අවසන් වනවිටම වෙදකමට බැස්සේ පියා ජීවත්ව සිටියදීම ඔහුට යෝද ශක්තියක් වෙමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය කුසුමා වික‍්‍රමනායක ආරච්චි තරුණිය ද සොහොයුරා සමග වෙදකම ආරම්භ කළාය.

ඔවුන්ගේ වෙදකම වූයේ සිංහල කැඩුම් බිඳුම් වෙදකමයි. ඊට අමතරව පීනස සුව කිරීම, නහරගත ආබාධ සුව කිරීම හා කාන්තා රෝග සුවපත් කිරීමත් පරපුරෙන් පැවත ආවේය. එහෙත් ඒ සියල්ල අභිබවමින් මතුවී තිබෙන්නේ විශේෂඥ විෂයක් වූ කැඩුම් බිඳුම් වෙදකමයි.

සිය පිය පරපුරෙන් ලැබුණු පැරණි පුස්කොළ පොත් ඇතුළු වෙද පොත් රැුසක් ද පැරණි වෙද වට්ටෝරු ද ඔහු අධ්‍යයනය කළේය. එමෙන්ම වර්තමානයේ බටහිර වෛද්‍ය ක‍්‍රමය අනුව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් එම ප‍්‍රතිකාරවලින් සුවපත් නොවී ඔහු සොයා පැමිණෙන විට ඒවා යළි සැකසීමේ ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කිරීමට ඔහුටත් සොහොයුරියටත් සිදුව තිබේ.

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.

ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.

‘‘ එදා සිංහල වෙදකමට අනුව අවශ්‍ය වූ ඇත් දළ කුඩු, උරුලෑවාගේ අස්ථි කුඩු සහ ගව අඃ, හරක් අඃ ආදිය අද සොයා ගන්න දැන් හැකියාවක් නැහැ. ඒ නිසා පැයෙන් දෙකෙන් අස්ථි පිළිසකර කිරීමේ වෙදකම කිරීමනම් අපහසු දෙයක්. අපි දැන් කරන්නේ ගස්වල පොතු, කොළ ආදී පස් පංගුව යොදාගෙන අස්ථි වෙදකම කිරීමයි. ඒ සඳහා යම් කාලයක් ගතවනවා.’’

බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද අස්ථි සම්බන්ධයෙන් නම් ශී‍්‍ර ලංකාවේ බහුතර ජනතාවක් තවමත් විශ්වාස තබන්නේ පැරණි සිංහල අස්ථි වෙදකමට බව නොරහසකි. ඇටයක් කැඩුණු විට, උළුක්කුවක් හෝ පෙරළීමක් සිදුවූ විට සිංහල වෙද මහත්තයකු සොයා යා යුතු යැයි සිතිවිල්ලක් බොහෝ අය තුළ තිබේ. එහෙත් ඕනෑම අයකු අනතුරකදී කෙලින්ම යන්නේ රජයේ රෝහලටය. එහි ගිය විට යළි සිංහල වෙද ගෙදරට යාමට සිදුවන්නේ රෝගියාගේ කැමැත්තෙන් හෙවත් බලෙන් ටිකට් කපාගෙනය.

‘‘ බටහිර වෙදකම අනුව අස්ථි යළි සකස්කැර ගන්න ගිහින් ප්ලාස්ටර් දාගෙන, ඇණ සවිකරලා, එහෙමත් නැත්නම් අධාරක තහඩු ශරීරය ඇතුළට සවිකරගෙන පවා අවසානයේ අපේ ළ`ගට එනවා. ඇතැම් ඇයගේ අත පය ඇද වෙලා නැත්නම් කොට වෙලා සදාකාලික ආබාධිතයන් බවට පත්වෙලා තමයි එන්නේ. එවැනි රෝගීන් සුවකරන්න බැරි මට්ටමටම ආවට පස්සේ අපි ළගට එනවා. ඒත් අස්ථියක් කැඩුණු අළුතම අපි ළගට එනවානම් ඕනෑම ආකාරයක කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව අපට තිබෙනවා. ’’

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ තම පියාගේ කාලයේ අකුරටියේ අමරවංශ හිමියන්ට අසීරු ප‍්‍රතිකාරයක් කැර ඇති බවයි. ඒ හිමියන් සහ ගනේගම සරණංකර හිමියන් වරක් රිය අනතුරකට ලක්ව තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ අකුරටියේ අමරවංශ හිමියන් මාර්ගයේ පසෙක හාන්සිකොට තබා ඇත්තේ ඒ හිමියන් අපවත්වී ඇතැයි සිතමිනි. ඒ අවස්ථාවේ හිමියන්ගේ පාදයක් යන්තමින් සෙළවෙන ආකාරය යමකු දැකීම හේතුවෙන් උන්වහන්සේ වහාම රෝහල්ගත කැරුණි.

වෛද්‍යවරුන් පැවසුවේ ස්ථාන කිහිපයකින් කැඞී ගිය හිමියන්ගේ පාදය කිසිදා සුව කළ නොහැකි වනු ඇති බවයි. අවිදීමට පමණක් නොව ඇඳෙන් බැසීමට පවා නොහැකිව සිටි අමරවංශ හිමියන්ට පිහිටට ආවේ වික‍්‍රමාරච්චි මහතාගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකි. මේ දෙදෙනා ගොස් විද්‍යාලෝක පිරිවෙනේ දී අමරවංශ හිමියන්ට ප‍්‍රතිකාර කළහ. කිසිදා පය බිමතබා ඇවිදීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටි අමරවංශ හිමියෝ දින 13 න් පාද බිම තැබූහ. මාසයක් ගතවීමට පෙර ඇවිද ගියහ.

තවත් බරපතළ රෝගියකු වූයේ බද්දේගම මාකුරුගොඩ ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකි. දබරයකදී ඔහු යකඩ පොලූ වලින් පහරකා ආබාධිත වී සිටියේය. රෝහලට ගෙන යන විට ඔහුගේ එක්පාදයක දිවිත්ව අස්ථියක් කැඞී ගොස් තිබේ. එහි ඇතුළත කුහරයක් ද හටගෙන තිබිණි.

‘‘ අපෙ තාත්තා ඒ කුහරයට බෙහෙත් තෙල් කාලක් විතර පුරවනවා. මාස එකහමාරක් ප‍්‍රතිකාර කරනකොට ඒ ඇට පෑහිලා කුහරය නොපෙනී ගියා රෝගියා ටික දිනකින්ම සුව වුණා. ඒ කාලේනම් වැඩිපුරම එන්නේ ගස්වලින් වැටිලා එන කට්ටිය දැන් එන්නේ රිය අනතුරු වලට ලක්වීමෙන් අත් පා අහිමි වූ පිරිස. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා දැන් වැඩිපුරම එන්නේ රිය අනතුරුවලට ලක්වූ අය. ඇතැම් අය එනවිට කකුලේ විශාල තුවලා පවා තියෙනවා. මේ තුවාල සුවපත් කිරීමේ හැකියාව අපේ වෙද පරපුරෙන් උරුම වුණත්. දැන් ඒවාට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා ගැනීම ඉතාමත්ම අපහහසුයි. ඒ නිසා දැන් එවැනි තුවාල ඉක්මණින් සුවපත් කරන ආලේපන වර්ග සකස් කරන්නේ නැහැ. ’’

වෙද මහතා පවසන්නේ සිංහල වෙදකමට අනුව ඉතාමත් අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කලාඳුරු පවා නොමැති බවයි. කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එවැනි ශාක සොයාගත නොහැකි වීම සිංහල වෙදකමට බරපතළ හානියක් බව ද හෙතෙම කියයි. මුවකීරිය, ලූණු වරණ වැනි අස්ථි පෑහීමට ගන්නා ශාක වර්ග මෙන්ම රත්නෙටොල් ද සොයා ගැනීම ඉතාමත්ම අසීරු වී තිබේ. අස්ථි බිඳුම් සඳහා ඖෂධ සෑදීමට යොදා ගන්නා ගොනිකා කොල මේ වනවිට සොයා ගැනීමට නොහැකි තරමටම වඳවී ගොසිනි. වෙද මහතා පවසන්නේ ගොනිකා කොළ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා බවයි.

තෙල්, ගුලි, කල්ක , චූර්ණ ආදී සියල්ල සකසන උළුපට්ටලේ ගෙදර අතීතයේ සිට භාවිතා කළ සමපාක හෙවත් හිසෙන් ඉහළ ගල්වන තෙල්, කරපාක හෙවත් හිසෙන් පහළ ගල්වන තෙල් හා ශරීර අභයන්තරයට ගල්වන තෙල් වර්ග තුනකි. වර්තමානයේ ඒවා සකසා ගන්නේ ද වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණයෙනි.

‘‘ අස්ථියක් බිඳෙනවිට අස්ථිය සමග එන ස්නායු බිඳීම්, අස්ථිය සමග ඇති පටක තුවාල වීම් තිබෙනවා. මේ තුවාල වේලෙන්න කසාය දෙනවා. කසාය කියන්නේ ශරීරය ඇතුළේ තුවාල වේලීම ඉක්මන් කරන්න දෙන බෙහෙතක්. මේ සිය`එ දේ යොදාගෙන තමයි අපි වෙදකම කරගෙන යන්නේ. ’’

අස්ථි කෑලි වලට කැඞී වෙන්වී ගිය ද ඒවා එකතුකොට රෝගියා යළි ඇවිද්දවීමට පවා සමත්වන මේ සිංහල වෙද මහතා පවසන්නේ ලෙඩාගේ තත්ත්වය, ඔහුගේ නිරෝගී ස්වභවාය හා ඖෂධ භාවිතා කරන පිළිවෙල හා රෝගියාට ලැබෙන සාත්තුව අනුව සුවවීමට ගතවන කාලය තීරණය වන බවයි.
වෙද මහතා හමුවීමට ගොස් සිටි කාලයේදී අපට පෙනී ගියේ වසර ගණනාවක් පැරණි කැඩුම් බිඳුම් සහිත රෝගීන් පවා එහි ගෙන එන බවයි. එමෙන්ම උකුළු ඇටය කැඞී ගිය රෝගීන් පවා පැමිණ සුවපත් වී සිටින අයුරු ද දක්නට ලැබිණි. පාදය කපා ඉවත් කිරීමට තීරණය කැර තිබූ රෝගීන් පවා මේ වෙදගෙදරින් ප‍්‍රතිකාර ලබා ඇවිද යති.

වෙද මහතා පවතින්නේ බොහෝ දෙනා රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබාගෙන ගැටළු ඇතිකරගෙන එන බවයි. කකුල පසාරු කරගෙන යන උණ්ඩයක් වැනි දෙයක් පවා බෙහෙත් බැඳ ඉවත් කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තිබෙන බව ද ඔහු පවසයි.

කකුලක හෝ අතක බිඳුණු අස්ථියක් යළි සකස් කිරීම සඳහා ශරීරයට ලෝහමය ආධාරක ඇතුළු කිරීම බටහිර වෙදකමට අනුව සිදුකරන්නකි. එසේ සිදුකළ අවස්ථාවේදී අස්ථිවලට බෙහෙත් යෙදුව ද එය සාර්ථක නොවන බව ද වෙද මහතා පවසයි. එවැනි තහඩු යොදා නොමැතිනම් වැරදි ලෙස ඇති අස්ථිය යළි බුරුල් කිරීම සඳහා හමට පිටින් බෙහෙත් බැඳ යළිත් අස්ථිය නිසි පරිදි සකස්කොට බෙහෙත් බැඳ සුවකරයි.

උ`එපට්ටලේ ගෙදර වික‍්‍රමනායක ආරච්චි වෙද පරපුර සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරගෙන යන්නේ ව්‍යාපාරයක් ලෙසින් නොවේ. ජනතාව වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙනි. ඔවුන් පවසන්නේ ඖෂධ සෑදීම වෙනුවෙන් වැයවන සුළු මුදලක් පමණක් තමන් අයකරන බවයි.

උදේ සිට සවස් වනතුරුම රෝගීන් විශාල පිරිසක් නිරන්තරවම පැමිණෙන මේ වෙද ගෙදර නිතරම පිරී ගොසිනි. තරුණ පරපුර සිංහල වෙදකමෙන් ඈත්වන යුගයක එය තම උරුමය පමණක් නොව යුතුකම ද ලෙස සළකා එහිම යෙදී සිටින නන්දසිරි වික‍්‍රමාරච්චි වෙද මහතා සිය ජීවනෝපාය සොයා ගන්නේ ඉඩම් වගා කිරීමෙනි. ඒ වෙනුවෙන් ඔහු කාලය කලමණාකරණය කරගන්නේ අසීරුවෙනි. ඔහු පවසන්නේ තම පරපුරෙන් උරුම වූ සිංහල වෙදකම තවත් සියවස් ගණනක්කල් නොනැසී පවත්වාගැනීම තම යුතුකම හා වගකීම වන බවයි.

විශේෂ ස්තූතිය
අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාට
( නුඹ වෙනුවෙන් උපන් මගේ ලෝකය ~ ~ My WoRld for You ~෴ පිටුවෙන්)

ලිපිනය
ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ
හිරිගල්කැටිය හන්දියෙන් හැරී
කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට
මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවේ.

මාතෘ ඝාතක කොටකෙතන පුත්‍රයා බිහිවූයේ කෙසේද?


කොටකෙතන මව මැරූ පුත්‍රයා
එක රැයකින් බිහිවූ අපරාධ කරුවෙකු නොවෙයි.
විවෘත ආර්ථිකයෙන් පටන්ගෙන
අපරාධකරුවන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම
පාලනයෙන් සුරක්ෂිත කෙරුණු යුගයක් දක්වා වූ
අමානුෂික වර්ධනයක තවත් ප්‍රතිඵලයක්.
=======================================================

‘‘පෙම්වතිය මට ත්‍යාගයක් ලබාදුන්නා. ඊට වඩා හොඳ තෑග්ගක් මිලදී ගන්න මවගෙන් රුපියල් 1500ක් මා ඉල්ලා සිටියා. නරුමඊට අකමැත්ත පළකළා. පසුව මම මන්නා පිහියක් රැගෙන සියදිවි නසාගන්නා බවට මවට තර්ජනය කළා. මා මුළුතැන්ගෙට යනවිට පසුපසින් මව පැමිණියා.


මා පසුපස හැරී ගැසූ පළමු පහර මව වළක්වාලීමට උත්සාහ කළා. එහිදී ඇගේ දකුණු අතෙහි මාපටගිල්ල කැපී අනතුරුව පිහි තලය නළලටද වැදුණා. පසුව මා ලේ වහනය වන හිස ෂොපිං බෑගයකින් ආවරණය කර නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ඇළට රැගෙන ගොස් දැමුවා. සරම ගලවා විසිකර මන්නා පිහියද විසිකර නිවසට පැමිණ නිදාගත්තා.‘‘

කොටකෙතන මවගේ ඝාතනය ගැන 
පුතා පාපොච්චාරණය කරයි.
 
"කොටකෙතන අනිත් මරණත් එක්ක අම්මගෙ මරණයත් සමාන කරන්න ඕන නිසා කුස්සියෙ තිබුණු මන්නා පිහිය අරන් අම්මට බරපතල තුවාල සිදු කළා.එහෙම කළේ කොටකෙතන අනිත් කාන්තාවෝ මරලා තිබුණෙ එහෙම නිසයි. ලේ විලක් මැද්දෙ හිටපු අම්මව මමම උස්සගෙන ගිහින් ගඟ ගාව ගසක් මුල හැංගුවා.”
==========================================================

බුදු දහමට අනුව
දූෂිත ජනතාවක් කියන්නෙ
දූෂිත පාලනයක ප්‍රතිඵලයක්.

රජු දූෂිත වූ පසු ඇමති වරුත්
ඇමති වරු දූෂිත වූ පසු නිලධාරිත්
නිලධාරි දූෂිත වූ පසු රටේ ජනතාවත් දූෂිත වෙන බව
බුදුන් වහන්සේ දේශනාකොට තියනවා.

මේ සත්‍යය පසුගිය වසර ගණනාවක් පුරා අප දුටුවා.

2008 සිට කොටකෙතන ප්‍රදේශයේ
ඝාතනයක් සිදු කරන්නට අවශ්‍ය කෙනෙකුට
පරිසරය සකස් වී තියනවා.
"කොටකෙතන අනිත් මරණත් එක්ක අම්මගෙ මරණයත් සමාන කරන්න ඕන නිසා කුස්සියෙ තිබුණු මන්නා පිහිය අරන් අම්මට බරපතල තුවාල සිදු කළා.එහෙම කළේ කොටකෙතන අනිත් කාන්තාවෝ මරලා තිබුණෙ එහෙම නිසයි. ලේ විලක් මැද්දෙ හිටපු අම්මව මමම උස්සගෙන ගිහින් ගඟ ගාව ගසක් මුල හැංගුවා.”
මේ පාපොච්චාරණය හෙළි කරන්නේ
ඝාතනයක් සිදු කරන්නට අවශ්‍ය කෙනෙකුට
සකස්වූ නරුම පරිසරයක
ඒ ප්‍රවණතාවයට ගොදුරු වූ
මන්ද බුද්ධික තරුණයෙකුගේ කතාවයි.

පවුලක උපදින ලොකු දරුවාට
විශේෂ අවධානයක් ලැබෙනවා.
ඒ අවධානය ඔහුගෙම දෙයක් විදියටයි
ඔහු සලකන්නෙ.
දෙවැන්නා ඉපදුනාම
වැඩිමලා දෙවෙනි තැනට වැටිලා
බාලයා රජ වෙනවා.
තුන්වැන්නා ඉපදුණාම
අවධානය වැඩිමලාට සහ
බාලයාට බෙදෙනවා.
මද්දුමයා තනිවෙනවා.
ඔහු එක්කො , හීනමානයෙන් පෙළෙන
අහ්ංසකයෙක් වෙනවා.
නැත්නම් දාමරික නහරයෙක් වෙනවා.
ඔහු අනික් අයට වඩා
වෙනස් කෙනෙක් වෙනවා.
ඔහු දෙමාපියන්ට පවුලට බැඳීම අඩුයි.
තිදෙනාම ස්ත්‍රී හෝ පුරුෂ වූ විට
මේ තත්වය තවත් බරපතලයි..
ඔහු, ඔහුට සලකන අයට වහල් කෙනෙක්.

කොටකෙතන මාතෘ ඝාතකයා එවැන්නෙක්..
ඔහුගේ මානසික පීඩනය
මේ ගැටළුවට හේතුවක්  වෙන්න පුලුවන්..

නීතියෙන් ඔහුට හිමි දඬුවම ලැබිය යුතුයි..
සොබා දහම ඉදිරියේ
ඔහු කළේ ආනන්තරිය පාප කර්මයක්.
සමාජය වගකිවයුතු නමුත්
වරදට සමාව දීමට
එය පදනමක් නොවෙයි.
ආගමෙන් නොහික්මෙන අයට
නීතිය තියෙන්නෙ
ඒ සීමාව තුළ තියාගන්නයි.
සීමාව ඉක්මවීමට හේතුව
ඉක්මවීමේ වරදට
නිදහසට කරුණක් නොවෙයි..

පසුගිය කාලයේ සැක කරුවන් රැසක්
සැඟවූ ආයුධ පෙන්වන්නට ගොස් මියගියා.
පැනයන්නට ගොස් දියේ ගිලී මියගියා.
පසුව සැකකරුවෙක් හසුවනවිට
ඔහු වරද කළත් නැතත්
ඔහු ආයුධ පෙන්වන්නට ගෙනයන්නට
පසුබිමක් සකස් වුණා.
------------------------------------------------
"ත්‍රිරෝද රියේ ණය බේරන්න මිතුරාත්
තවත් සිව් දෙනෙකුත් මරයි" සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ගයන් 2013-11-06 18:20:02 [[[මේ වගේ අපරාධකාරයින් ගැන මානුෂික පැත්තෙන් බලනවට වැඩිය හිරේදීම තීරණයක් ගත්තා නම් හොඳයි ]]]
----------------------------------------------------------
කිසියම් අපරාධයක් සිදු වූ පසු
ඒ ප්‍රදේශයේ බලවතුන්
කොටකෙතන පුත්‍රයා මෙන්
ඒ සිදුවීම දඩමීමා කරගෙන
දඩයම කරන්නට පෙළඹුණා නම්
එහි අරුමයක් නෑ.

කොටකෙතන පුත්‍රයා අහම්බෙන් කළ ඝාතනය
අනෙක් ඝාතනවලට සමාන කරන්නට
සිදුවීමෙන් පසුව ගත් තීරණය
සිය හතුරෙකු නැති කරන්නට සැලසුම් කරන කෙනෙක්
පූර්ව සූදානමකින් කරන්නත් පුලුවන්.
සමහර ඝාතන එසේ සිදුවන්නටත් ඇති.

2015 ජනවාරි දක්වා ඝාතන 17කින් පසුව
මෙසේ සිදුවූ හෙළිදරව්ව
කොටකෙතන ඝාතන රැල්ලේ නිමාව
වෙන්නට පුලුවන්..

කිසියම් පාලකයෙක්
කලක් රට පාලනය කරන විට
ඔහුගේ චින්තන රටාව සහ ක්‍රියා කලාපය
ඉහළ සිට පහළට කාන්දු වෙනවා.
බහුතරයක් ඇමතිවරු, බහුතරයක් නිලධාරි
සහ බහුතරයක් ජනතාව
ඊට අනුගත වෙනවා.
රජුගේ මානසිකත්වයට අනුගත වෙන බහුතරය
රජු වෙනුවෙන් පෙනී සිටිනවා.
අසුන් හතර දෙනෙකු අදින කරත්තයක්
අසුන් තිදෙනෙක් අදින දිසාවට ගමන් කරනවා.

අධාර්මික පරිසරයක අධාර්මික ජනතාව
වැඩි වැඩියෙන් වැරදි කරනවා.
ජනතාව වැඩි වැඩියෙන් වැරදි කරනවිට
වැරදි කරන්නට සුදුසු ලෙස පරිසරයත් සකස් වෙනවා.
ඔවුන් වැඩි වැඩියෙන් වරදට පෙළඹෙනවා.
නීතිය වල්වැදුන රටක අවනීතිය රජ කරවා
වැරදි කරන ජනතාවක් පාලනය කිරීම පහසුයි.
නීතිය වල්වැදුන රටක
රජයට හිතැති අය වැරදි කිරීම
රජයට ගැටළුවක් නොවෙයි.
ඔවුන් රජයේ පැවැත්ම සහතික කරනවා.
රජයට විරුද්ධ අය රජයට බියෙන්
මුනිවත රැකගෙන දුක් විඳිනවා.

අධාර්මික පාලකයා
සෙමින් බෝවෙන වසංගත රෝගයක් වගෙයි..
ඔහුගේ පාලන සමයේ
මතුපිටින් අතුකොළ දළු ලන නමුත්
දීර්ඝකාලීනව
සමාජ දේහය කුණ බසිනවා.
ඔහුගෙ පාලනය ඔහුටත් දීර්ඝකාලීන
සියදිවි නසා ගැනීමක් වෙනවා.
හොඳ වුණත් නරක වුණත්
සැම දේකටම සීමාවක් තියනවා.
අධාර්මික රජයකට වුණත් අවසානයක් තියනවා.

ශක්තිමත් නායකයන් ලෙස
ජනතාව හඳුන්වන පාලකයන්
ඇතුළාන්තයෙන් දාමරික සිත් ඇත්තන්.
සුදු පිරුවටයකින්
සිය දුර්දාන්තභාවය සඟවා
ජනතාව ඉදිරියේ හැසිරුණත්
සමස්තයක් ලෙස රට හැසිරෙන ආකාරය

ගඩාෆි වැනි පාලකයන් රට සංවර්ධනය කළත්
ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනය වූයේ
මිනිස් සිත් සතන් වලට
ඔහු කළ හානියට සරිලන අයුරින් විය හැකියි.

රජෙකුගේ මූලිකම සුදුසුකම
ඔහුගේ ධාර්මික භාවයයි..
ධාර්මික රජෙකුගේ පාලනය තුළ
ජනතාව විඳින සැනසිල්ල නිසා
ඔහු අතින් සිදු විය හැකි
යම් යම් අඩුපාඩු සහ වැරදි වලට
සමාව දිය හැකි වනු ඇත.

==========================================================


‘‘මෙට්ටේ හැමතැනම ලේ, කුස්සියට යනකොට එතනත් ලේ ගොඩක්‘‘
සැමියාගේ බාල සහෝදරයත් නිවසට ඇවිත්
ඝාතකයා පාදවලට මේස් දමාගෙන ආවාදැයි සැකයක්

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ කාන්තාවගේ මරණයට හේතුව බර ආයුධයකින් හිසට සිදුවූ පහරදීමක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ ඊයේ (2015 - 04 - 07) සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඇයගේ හිස් කබලට දැඩි ලෙස හානි සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි. එසේම මියගිය කාන්තාවගේ සිරුරේ බරපතල කැපුම් තුවාල 6 ක් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


39 හැවිරිදි චාන්දනී ස්වර්ණලතා නැමති තුන්දරු මව අතුරුදන්ව ඇති බවට ඇයගේ සැමියා විසින් පොලීසියට පැමිණිලි කර තිබුණේ පස්වනදා අලූයමයි. අනතුරුව නිවසේ සහ මිදුලේ තිබූ ලේ පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය කළ පොලීසිය ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා. පදිංචි නිවසට ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයක තිබියදී ස්වර්ණලතාගේ සිරුර සොයාගත්තේ ඊයේ පස්වරුවේයි.





ඇය ඝාතනය වන විට නිවසේ සිටි පුත්‍රයා ප්‍රථම වතාවට මේ වන විට මාධ්‍යයට සිද්ධිය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඔහු පැවසු කරුණු පහතින්..


‘‘7.45ට විතර මං කාලා කාමරේට යන්න හදනකොට අම්මත් කාමරේට ගියා. අම්මා කාමරේට ගිහින් එහෙන්මම නිදාගත්තා. මමත් ඊට පස්සේ සාලේ ලයිට් නිවලා කාමරේට ගිහින් දොර වහගෙන නිදාගත්තා.

මට එහෙම්ම නින්ද ගියා. තාත්තා 2ට විතර ඇවිත් කතා කළා. කතා කළාම තමයි ඇහැරුනේ. ඊට පස්සේ අම්මා කොයි කියලා ඇහුවා. අම්මා කාමරේ කීවම කාමරේ ඇතුලට ගියා. යනකොට මෙට්ටේ හැමතැනම ලේ තිබුණා. ඊට පස්සේ කුස්සිය පැත්තට යද්දි එතනත් ලේ ගොඩක් තිබුණා. තාත්තා එක්ක ඊට පස්සේ එහෙන්ම එළියට ඇවිත් මාමලාටත් කතා කරලා පොලිසියට කීවා.‘‘


අත්අඩංගුවට ගත් කුෂාන් පොලිසියට කීව කතාව

‘‘පෙම්වතිය තෑග්ගක් දුන්නා, ඊට වඩා හොඳ තෑග්ගක් මට දෙන්න ඕනි වුනා,
ලේ ගලන හිස ෂොපින් බෑගයකින් අාවරණය කලා‘‘
 
කොටකෙතනේ අබිරහස් ලෙස මියගිය කාන්තාව ඝාතනය කර ඇයගේම පුත්‍රයාවන 18 හැවිරිදි කුෂාන් පසුගියදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු බියකින් හා සැකයකින් තොරව මාධ්‍යට අදහස් දක්වනු ලැබුවා. එමෙන්ම ඔහු විසින් මවගේ මියගිය සිරුර හමුවන විට හඬා වැළපෙමින් ලොවටම පෙනෙන්ට ශෝකය පළකර සිටියා.


මව් මරා ආනන්තරීය පාපකර්මයක් සිදුකරගත් ඔහු පසුගියදා සිය මවගේ මියගිය සිරුර හමුවූ අවස්ථාවේ මෙන්ම ඇයගේ මෘත ශරීරයේ රෝහලේ තැම්පත් කර ඇති අවස්ථාවේ හැසිරුනේ කිසිවක් නොදන්නා අයෙක් ලෙසිනුයි.

ඔහු මාධ්‍යට සිද්ධිය සම්බන්ධයෙන් පවසමින් කියලා සිටියේ මව ඝාතනය වන අවස්ථාවේ ඔහුට නින්ද ගොස් සිටි බවයි. එමෙන්ම මවගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසි ගිය බවත් ඔහු පැවසුවේ දුක්බර මුහුණක් ලොවට පෙන්වමිනුයි.

නමුත් සියල්ල අවසානයේ මව මරාදැමූවේ පෙම්වතියට ලබාදෙන්නට ත්‍යාගයක් ගැනීමට මුදල් ලබා නොදුන් නිසා බවට ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා. ඔහු පොලිසියට පාපොච්චාරණය කර කරුණු වලින් කොටසක් පහතින්..


මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුෂාන් මහේෂ් නමැති මිය ගිය කාන්තාවගේ දෙවැනි පුත්‍රයාය. සිද්ධිය සිදුවූ දිනයේ සැකකරු රාත්‍රී 8 ට නින්දට ගිය බව පැවසුවත් පොලිස් පරීක්ෂණවලදී ඔහු රාත්‍රී 10 වනතෙක්ම සිය පෙම්වතිය සමඟ ජංගම දුරකතනයෙන් කෙටි පණිවුඩ හරහා සම්බන්ධ වෙමින් සංවාදයේ යෙදී සිටි ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.


යොවුන් සේනාංකයට සම්බන්ධවී නේවාසික පුහුණුවක් ලබමින් සිටි ඔහු සති අන්තයට පමණක් නිවසට එන අතර පසුගිය 3වැනි සිකුරාදා ඔහු නිවසට පැමිණ තිබේ.මොහු මෙම ඝාතනයෙන් පසුව සිය මව අභිරහස් ලෙස ඝාතනය වූ බවට අඟවමින් හැසිරී ඇති අතර පසුව මෙම ඝාතනය ඔහු විසින් පෙම්වතියට යොමුකරන ලද එස්.එම්.එස් පණිවිඩ හරහා පොලිසියට හෙළිවන තෙක්ම සඟවාගෙන ඇත.




20150408

නිරාගමිකයන් බිහිකිරීම ලාභදායී ව්‍යාපෘතියක්..




ආගමිකයන් ආවේග ශීලී වුණාම
ඒ ආවේග වලින් මිදෙන්න
හිතට සැනසීම ලබාගන්න
ඔවුන් සිද්ධස්ථානයට
පූජකයන්ට වැය කරන
දන් දෙන මුදල අල්පයි.



නිරාගමිකව ජීවත් වෙන අය
ආවේග ශීලී වුණාම
ඒ ආවේග නිසා රෝගී වුණාම
ඒ දුක් වේදනාවන්ගෙන් සැනසීම ලබන්න
මත්පැන් බෝතලයට, දුම්වැටියට..
ප්‍රියසාදවලට, විනෝද ගමන් වලට,
දොස්තරලාට, නිදි බෙහෙත් වලට,
නිර්වින්දක වලට, උත්තේජක වලට
වියදම් කරන මුදල අසීමිතයි.



නිරාගමිකයන්ගෙ වැරදි දිවිපෙවෙත නිසා
කායික රෝග මානසික රෝග හදාගෙන
දොස්තර වරුන්ගෙ පිහිට සොයා ආවම
ඔවුන් සහ ෆාමසි කරුවන් ගරන මුදල
තැබෑරුම්කරුවන් ගරන මුදල
පූජකයන් ගරන මුදලට වඩා
සිය දහස් ගුණයකින් වැඩියි.

රෝගීන් පෝලිම දැක්කාම
එයින් සතුටුවෙන දොස්තර වරු
ආගමිකයන් සැනසිල්ල ලබනවාට අකමැතියි.
ඔවුන් නිරාගමික කළොත්
ඒ පිරිසත් අර පෝලිමට එකතු වෙනවා.
දොස්තරට අලුත් ගෙයක්, අලුත් වාහනයක්
ලබාගන්න පොටක් පෑදෙනවා.
මිනිසුන් නිරාගමික කිරීම
ඔවුන්ගේ දුක් කරදරවලින් මුදල් ගරන
තැබෑරුම් කරුවාට, දොස්තරට,
නීතිඥයන්ට සහ අනෙකුත් අදාළ ව්‍යාපාරිකයන්ට
මුදල් ගැරීමේ ව්‍යාපෘතියක්..

20150406

සෝම හාමුදුරුවෝ මැරුම් කෑවෙ ට්‍රැක් පැන්න නිසාද?



පහත සඳහන් පාඨය
ෆේස්බුක් සමූහයක උණුසුම් විවාදයකදී
මා විසින් කළ ප්‍රකාශයක්.

මා එයින් අදහස් කළේ කුමක්ද නොදැන
මේ ප්‍රකාශය යොදාගෙන
ෆේස්බුක් ජාලයේ කෙනෙක් කළ අර්ථ දැක්වීමක්
විශාල පිරිසක් අතර Share වෙමින් පවතින අතර
මා එයින් අදහස් කළේ කුමක්ද කියා
කිහිප දෙනෙකු විමසුවා.

මේ පිළිතුර ඔවුන්ටයි.

භික්ෂූන් ගන්නා ක්‍රියා මාර්ග දෙස ඔබ බලන්නේ
ඔබට සාපේක්ෂව නම්
ඔබට මා වැරදියි කියා සිතෙන්නට පුලුවන්.

ඔවුන් ගන්නා ක්‍රියා මාර්ගය
ඔබට වාසි නම්
ඔබ ඔවුන් අගය කරනවා.

භික්ෂුවක් සිවුර ඉල්ලාගන්නේ
නිවන් දකින්නට කටයුතු කරනවා
කියන පොරොන්දුව තෙවරක් දීමෙන් පසුවයි..

ඒ මොහොතේම
ඔහු යායුතු මග ඔහු තෝරා ගන්නවා.
නිවන් දකින්නට කටයුතු නොකර
ඔහු වෙනත් මගක යනවා නම්
ට්‍රැක් පැනීමක් සිදු වෙනවා.

ශ්‍රී ලංකාවටත්, භික්ෂු සමාජයටත්
ඉතාම වටිනා චරිතයක් වූ
සෝම හාමුදුරුවන් අපවත් කරවන්නට හේතු වූ
උන්වහන්සේගේ ට්‍රැක් පැනීම 

දෙයාකාරයකින් සිදුවීයැයි මම අදහමි.

මම සෝම හාමුදුරුවො පළමුවෙන්ම  දුටුවෙ
1986 විතර උන්වහන්සේ වජිරාරාමයෙ ඉන්න දවස්වලයි.
මම උන්වහන්සේගෙ කුටියෙදිත්
තවත් කිහිපදෙනෙක් සමග
සෝම හාමුදුරුවන් හමුවී තියනවා.
මහරගම භික්ෂු මධ්‍යස්ථානයෙදි
දම් දෙසුම් අසා තියනවා.
ඒ දිනවල උන්වහන්සේ පිළිබඳව
මගේ ලොකු ප්‍රසාදයක් තිබුණා.

අපවත් වෙන්න ආසන්න කාලයෙ
මගේ ගම අසල පන්සලකට වැඩිය අවස්ථාවෙ
පන්සලේ හාමුදුරුවන්ගෙ ඉල්ලීමට
සෝම හාමුදුරුවන්ගෙ දම්දෙසුම
වීඩියෝ කරලත් දුන්නා.
ඒත්
ඒ වෙනකොට
උන්වහන්සේ යායුතු මග වෙනස් කොට
අතුරු මගක ගමන් කිරීම නිසා
මගේ පැහැදීම සීමාවුණේ
භික්ෂුවක් ලෙස කරන ලද
කටයුතු වලටයි.

ට්‍රැක් පනිනවා කියන යෙදුම
භාවිතා කිරීමට මට සිදු වූයේ
ෆේස්බුක් සමූහයක උණුසුම් විවාදයකදී
ඒ වෙලාවේ මා සමග ගැටෙමින් සිටි
පුද්ගලයන්ගේ මානසිකත්වයට අනුව
වටහාගන්නට හැකිවිය යුතු ආකාරයෙන්
මා කියන දේ කිව යුතු වූ නිසායි.

ට්‍රැක් පනිනවා කිව්වත්..
අතුරු මගක ගියා කිව්වත්
මම එයින් අදහස් කරන දේ එකමයි.

මුගලන් රහතන්වහන්සේ
පවා ට්‍රැක් පැනලා තියනවා.
විශ්වයේ අවසානය සොයා ගිය
උන් වහන්සේ මුදාගත්තෙ
බුදුන් වහන්සේයි.

සෝම හාමුදුරුවො රහත් වෙලා නැහැ..
පුහුදුන් භික්ෂූන් වහන්සේ කෙනෙක් විදියට
උන්වහන්සේ ට්‍රැක් පැනීම අරුමයක් නොවෙයි.

අප භික්ෂූන් වහන්සේ දෙස බැලිය යුත්තේ
පුහුදුන් අපේ කෙටි මිනුම් දඬුවලට අනුව නොවෙයි.

මම සෝම හාමුදුරුවො දකින්නෙ
මගේ කෝණයෙන් නොවෙයි..
බුදුන් වහන්සේ
පැවිද්දන්ට ගත කරන්න
නියම කළ ජීවිතයක් තියනවා.

බුදුන් වහන්සේ විසින්
ගරු කටයුතු, පිදිය යුතු
භික්ෂූන් හැසිරිය යුතුයැයි
පෙන්වාදී ඇති ආකාරයට
අප අතර හැසිරෙන භික්ෂූන් වහන්සේ
හැසිරෙනවාද යන්න සිතෙහි තබාගෙන
අප උන්වහන්සේලා දෙස බැලිය යුතුය.

භික්ෂූන් වහන්සේලා හැසිරිය යුත්තේ
"ඔබවත්, මම වත්, වෙනත් කෙනෙකුවත්"
නියම කරන ආකාරයෙන් නොවේ.
බුදුන් වහන්සේ නියම කළ ආකාරයෙනුයි.

තමා දීපයක් කොට වෙසෙන්න.

තමා සරණයි, අන් සරණක් නැත.

ධර්මය දීපයයි, ධර්මය සරණයි.

අන් සරණක් නැත.


  කෙසේද මහණෙනි
තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

මහණෙනි, යම් මහණෙක්,
1, කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
2, වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
3, සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
4, දහම්හි දහම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මහණෙනි එසේ
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත
-----------------------------------------------------------
http://tipitaka.org/sinh/cscd/s0103m.mul2.xml
දීඝනිකායේ චක්‌කවත්‌තිසුත්‌තං
නිවන් දකින්නට කටයුතු කරනවා
කියන පොරොන්දුව තෙවරක් දී
සසුන් ගතවන පැවිද්දාට 
බුදුන් වහන්සේ දෙන
ප්‍රධානම උපදෙසක් නම්
'' ගිහිගෙය අත්හැර පැමිණි භික්ෂුව
ගිහියන්ගෙන් වෙන්ව විසිය යුතුය'' යන්නයි.

ගැඹුරු ළිඳකට එබෙන්නාක් මෙන්
අවදානම පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නට
ගිහියන් අතර ප්‍රවේශමෙන් හැසිරෙන මෙන්
බුදුන් වහන්සේ පැවිද්දාට උපදෙස් දෙයි.

"මම ගිහියන්ගේ ආකාරයෙන්
වෙනස් ආකාරයට පැමිණියේ වෙමි" යිද
"මම ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරිය යුතුය"යි ද
පැවිද්දා නිතර නිතර මෙනෙහි කළයුතු බව
අංගුත්තර දසක නිපාතයෙහි දැක්වේ.
-[ශාසනාවතරණය]

https://www.scribd.com/doc/210922988/Shasanavatharanaya


ගිහි ගෙයටත් නැතිව මහණ කමටත් නැතිව
දෙලොවක අතරමං වූ පැවිද්දා
ගමටත් නැති, වනයටත් නැති
දෙකොණෙහිම අශූචි තැවරුණ
සොහොන් පෙණෙල්ලක් වැනියයි
බුදුන් වහන්සේ දෙන උපමාව
බැලූ බැල්මට
නිග්‍රහයක් මෙන් පෙණුනද
කරුණා පෙරදැරිවම කිවූ වදනකි.

මහා සමුදුර වන්
නිවන කරාම යොමුවුණ නදියක් ලෙස
ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපමා කරමින්
බුදුන් වහන්සේ දේශනා කළ
දාරුක්ඛන්දොපම සූත්‍රයේද
බුදුන් වහන්සේ මෙසේ කිවූහ.

මහණෙනි ,
ඔබ පිලිපදිනා අරි අටැඟි මගද
මෙම නදිය වැන්නකි.

ගඟ නොනැවතී සයුරට ගලා බස්නා සේ
එම අරි අටැඟි මගද
නිවන අරමුණු කොටම පවතී.

ගඟෙහි ගලා බස්නා මහත්වූ ලී කඳන් වන් වූ ඔබ
ගිහිකම් කරන්නාවූ
ගිහියන් ගේ වැඩට අනුබල උපකාර වෙමින්
පවත්නා වූ අයෙක් වෙත්නම් ,
මිනිසුන් විසින් කොකු දමා
තම ප්‍රයෝජනයට දියෙන් ඇද ගන්නා වූ
කොටයක් හා සම වන්නේය.

බුදුන් වහන්සේ නියම කළ
නිවන් මගෙහි යායුතු භික්ෂුවක්
ඉන් පිට පැන වෙනත් මගක යන්නේ නම්
ඒ ගමන ට්‍රැක් පැනීමක් නොවන්නේද?

ඒ පළමු ආකාරයේ ට්‍රැක් පැනීමය.

සෝම හාමුදුරුවන්
රුසියාවේදී අපවත් වීම
අපවත් කිරීමක් ලෙස බොහෝ දෙනෙක්
සැක පහළ කරති.
උන්වහන්සේ දේශපාලනික වශයෙන්ද
ට්‍රැක් පැන්නායයි මා සිතන්නේ
ඒ පදනමෙහි පිහිටා සිටිමිනි.

ගිහි පැවිදි කිසිවෙක්
අසීමාන්තිකව ජනප්‍රිය වනවිට
ඔහුගේ ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගත හැකි
කූට පුදගලයන් ඔවුන්ට සමීප වෙයි.
ඔහුගේ ජනප්‍රියත්වය දඩමීමා කරගෙන
ඔවුන්ගේ ගමන යන්නට
ඔව්න්ගේ බලය සඳහා
ජනතාව දඩයම් කරගන්නට
ඔවුහු වෑයම් කරති.

ජනප්‍රිය පුද්ගලයාට පහසුකම් සලසන කපටි පුද්ගලයා
ඔහු තමන්ට රිසි මාවතකට යොමු කරයි.
කැමැත්තෙන් ඒ මගෙහි යන පුද්ගලයෝ
ලාභ සත්කාරවල උරුමය ලබති.

සෝම හාමුදුරුවන්ගේ චරිතය අනුව
උන් වහන්සේ සිය කැමැත්තෙන්ම ආත්මය පාවාදී
තවෙකෙකු තනන මගක ගමන් කරන්නට තරම්
නිවටවේයැයි සිතිය නොහැක.

මේ වනවිට
බුදුන් වහන්සේ අනුදැන වදාළ නිවන් මගිනුත් පැන
දේශපාලනයට පිවිස සිටි සෝම හාමුදුරුවෝ
තවත් ගිහියෙකු තනන මාර්ගයක ගමන් කරනු ඇතැයි
සිතිය නොහැක.

ඒ පළමු ආකාරයේ ට්‍රැක් පැනීමය.

සෝම හාමුදුරුවන්
තමන්ගේම මගක් ගැනීම
තමන්ට සිදු වූ පාඩුවක් හෝ
පහරක් විය හැකි යැයි සිතූ කිසිවෙකු
සිංහල බෞද්ධයන් එකාවන්ව හැඬවූ
ඒ ඛේදවාචකය සැලසුම් කරන්නට ඇත.

උන්වහන්සේගේ අභාවයෙහි අළු මතින්
හෙළ උරුමය බිහි විය.
ජනප්‍රිය විය.

අන් කිසිදු පදනමක් නොමැතිව
සෝම හාමුදුරුවන් සිංහල බෞද්ධයාට
ලබා දුන් ශක්තියේ පිහිටෙන්
හෙළ උරුමය ගිය මග  කෙසේ වුවත්
හෙළ උරුමය ගිය දුර බලනවිට
උන්වහන්සේ බුදු මගෙන් පැන ගමන් කළ මග
ලෞකික වශයෙන් කොතරම් ප්‍රබලද යන්න
අපට වටහා ගත හැක.

සෝම හාමුදුරුවෝ
ඒ ගමන තනිවම ගියා නම්
ශ්‍රී ලාංකික දේශපාලනය තුළ
කවර වෙනසක් වනු ඇති දැයි
කිසිවෙකුටත් සිතාගත නොහැක.

20150403

කම් සුව විඳීම සම්මා වායාම විය හැකිද?





[[ මම අහන්නේ රතිසුවය ගැන. ඔබ රතිසුව විඳින්නේ නොඇලීද ? ]]
======================================================

රති කෙළිය පමණක් නොවේ..
දවසේ පැය විසි හතර තුල
කරන්නට සිදුවෙන ඕනෑම කෙළියකදී
තමන් සිතන කියන කරන හැම දෙයක් ගැනම
හැම ඉරියව්වක් ගැනම... 
මල පහ කිරීමෙදි පවා
තමන් තුල හා බාහිර සිදු වෙන දේත්
කාය වේදනා චිත්ත ධම්ම වශයෙන්
සමස්තයක් ලෙස සිහියෙන් විසීමටත්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් විසීමටත්
බුදුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ
උපදෙස් දෙනවා.

විදසුන් වඩන්නෙකුට
දවසේ පැය විසි හතර තුල
තමන් තුල හා බාහිර සිදුවෙන හා තමන් කරන කියන
හැම දේකදීම
සිහියත් උපේක්ෂාවත් පවත්වාගන්න
වෑයම් කළ හැකියි.

සාර්ථකවන නිමේශය
සම්මා සතිය ලෙසත්
අසාර්ථක වෙන අවස්ථා
සම්මා වායාම ලෙසත් ගැනෙනවා.

දවසේ පැය විසි හතර තුල
සිදුවෙන හා කරන කියන
හැම දේකදීම
සිහියත් උපේක්ෂාවත් පවත්වාගන්න
විදසුන් වඩන්නා දරණ වෑයම
සම්මා වායාම වෙන්නෙ
බුදු වදන් අනුවමයි.

විදසුන් වඩන්නා උත්සාහ කරන්නෙ
නූපන් කුසල් උපදවා ගන්නටයි..

නූපන් කුසල් උපදවා ගැනීමට
වීර්ය වැඩීම

සම්මා වායාමයෙ අංග හතරෙන් එකක්.

බුදුන් වහන්සේ මෙසේත් කියනවා.
" කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.

මහණෙනි, 
මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි
."
 
============================================
ප්‍රායෝගිකව විපස්සනා වඩන්නට පුහුණුවෙන්න.
 
=============================================