20150411

මාතෘ ඝාතක කොටකෙතන පුත්‍රයා බිහිවූයේ කෙසේද?


කොටකෙතන මව මැරූ පුත්‍රයා
එක රැයකින් බිහිවූ අපරාධ කරුවෙකු නොවෙයි.
විවෘත ආර්ථිකයෙන් පටන්ගෙන
අපරාධකරුවන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම
පාලනයෙන් සුරක්ෂිත කෙරුණු යුගයක් දක්වා වූ
අමානුෂික වර්ධනයක තවත් ප්‍රතිඵලයක්.
=======================================================

‘‘පෙම්වතිය මට ත්‍යාගයක් ලබාදුන්නා. ඊට වඩා හොඳ තෑග්ගක් මිලදී ගන්න මවගෙන් රුපියල් 1500ක් මා ඉල්ලා සිටියා. නරුමඊට අකමැත්ත පළකළා. පසුව මම මන්නා පිහියක් රැගෙන සියදිවි නසාගන්නා බවට මවට තර්ජනය කළා. මා මුළුතැන්ගෙට යනවිට පසුපසින් මව පැමිණියා.


මා පසුපස හැරී ගැසූ පළමු පහර මව වළක්වාලීමට උත්සාහ කළා. එහිදී ඇගේ දකුණු අතෙහි මාපටගිල්ල කැපී අනතුරුව පිහි තලය නළලටද වැදුණා. පසුව මා ලේ වහනය වන හිස ෂොපිං බෑගයකින් ආවරණය කර නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ඇළට රැගෙන ගොස් දැමුවා. සරම ගලවා විසිකර මන්නා පිහියද විසිකර නිවසට පැමිණ නිදාගත්තා.‘‘

කොටකෙතන මවගේ ඝාතනය ගැන 
පුතා පාපොච්චාරණය කරයි.
 
"කොටකෙතන අනිත් මරණත් එක්ක අම්මගෙ මරණයත් සමාන කරන්න ඕන නිසා කුස්සියෙ තිබුණු මන්නා පිහිය අරන් අම්මට බරපතල තුවාල සිදු කළා.එහෙම කළේ කොටකෙතන අනිත් කාන්තාවෝ මරලා තිබුණෙ එහෙම නිසයි. ලේ විලක් මැද්දෙ හිටපු අම්මව මමම උස්සගෙන ගිහින් ගඟ ගාව ගසක් මුල හැංගුවා.”
==========================================================

බුදු දහමට අනුව
දූෂිත ජනතාවක් කියන්නෙ
දූෂිත පාලනයක ප්‍රතිඵලයක්.

රජු දූෂිත වූ පසු ඇමති වරුත්
ඇමති වරු දූෂිත වූ පසු නිලධාරිත්
නිලධාරි දූෂිත වූ පසු රටේ ජනතාවත් දූෂිත වෙන බව
බුදුන් වහන්සේ දේශනාකොට තියනවා.

මේ සත්‍යය පසුගිය වසර ගණනාවක් පුරා අප දුටුවා.

2008 සිට කොටකෙතන ප්‍රදේශයේ
ඝාතනයක් සිදු කරන්නට අවශ්‍ය කෙනෙකුට
පරිසරය සකස් වී තියනවා.
"කොටකෙතන අනිත් මරණත් එක්ක අම්මගෙ මරණයත් සමාන කරන්න ඕන නිසා කුස්සියෙ තිබුණු මන්නා පිහිය අරන් අම්මට බරපතල තුවාල සිදු කළා.එහෙම කළේ කොටකෙතන අනිත් කාන්තාවෝ මරලා තිබුණෙ එහෙම නිසයි. ලේ විලක් මැද්දෙ හිටපු අම්මව මමම උස්සගෙන ගිහින් ගඟ ගාව ගසක් මුල හැංගුවා.”
මේ පාපොච්චාරණය හෙළි කරන්නේ
ඝාතනයක් සිදු කරන්නට අවශ්‍ය කෙනෙකුට
සකස්වූ නරුම පරිසරයක
ඒ ප්‍රවණතාවයට ගොදුරු වූ
මන්ද බුද්ධික තරුණයෙකුගේ කතාවයි.

පවුලක උපදින ලොකු දරුවාට
විශේෂ අවධානයක් ලැබෙනවා.
ඒ අවධානය ඔහුගෙම දෙයක් විදියටයි
ඔහු සලකන්නෙ.
දෙවැන්නා ඉපදුනාම
වැඩිමලා දෙවෙනි තැනට වැටිලා
බාලයා රජ වෙනවා.
තුන්වැන්නා ඉපදුණාම
අවධානය වැඩිමලාට සහ
බාලයාට බෙදෙනවා.
මද්දුමයා තනිවෙනවා.
ඔහු එක්කො , හීනමානයෙන් පෙළෙන
අහ්ංසකයෙක් වෙනවා.
නැත්නම් දාමරික නහරයෙක් වෙනවා.
ඔහු අනික් අයට වඩා
වෙනස් කෙනෙක් වෙනවා.
ඔහු දෙමාපියන්ට පවුලට බැඳීම අඩුයි.
තිදෙනාම ස්ත්‍රී හෝ පුරුෂ වූ විට
මේ තත්වය තවත් බරපතලයි..
ඔහු, ඔහුට සලකන අයට වහල් කෙනෙක්.

කොටකෙතන මාතෘ ඝාතකයා එවැන්නෙක්..
ඔහුගේ මානසික පීඩනය
මේ ගැටළුවට හේතුවක්  වෙන්න පුලුවන්..

නීතියෙන් ඔහුට හිමි දඬුවම ලැබිය යුතුයි..
සොබා දහම ඉදිරියේ
ඔහු කළේ ආනන්තරිය පාප කර්මයක්.
සමාජය වගකිවයුතු නමුත්
වරදට සමාව දීමට
එය පදනමක් නොවෙයි.
ආගමෙන් නොහික්මෙන අයට
නීතිය තියෙන්නෙ
ඒ සීමාව තුළ තියාගන්නයි.
සීමාව ඉක්මවීමට හේතුව
ඉක්මවීමේ වරදට
නිදහසට කරුණක් නොවෙයි..

පසුගිය කාලයේ සැක කරුවන් රැසක්
සැඟවූ ආයුධ පෙන්වන්නට ගොස් මියගියා.
පැනයන්නට ගොස් දියේ ගිලී මියගියා.
පසුව සැකකරුවෙක් හසුවනවිට
ඔහු වරද කළත් නැතත්
ඔහු ආයුධ පෙන්වන්නට ගෙනයන්නට
පසුබිමක් සකස් වුණා.
------------------------------------------------
"ත්‍රිරෝද රියේ ණය බේරන්න මිතුරාත්
තවත් සිව් දෙනෙකුත් මරයි" සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ගයන් 2013-11-06 18:20:02 [[[මේ වගේ අපරාධකාරයින් ගැන මානුෂික පැත්තෙන් බලනවට වැඩිය හිරේදීම තීරණයක් ගත්තා නම් හොඳයි ]]]
----------------------------------------------------------
කිසියම් අපරාධයක් සිදු වූ පසු
ඒ ප්‍රදේශයේ බලවතුන්
කොටකෙතන පුත්‍රයා මෙන්
ඒ සිදුවීම දඩමීමා කරගෙන
දඩයම කරන්නට පෙළඹුණා නම්
එහි අරුමයක් නෑ.

කොටකෙතන පුත්‍රයා අහම්බෙන් කළ ඝාතනය
අනෙක් ඝාතනවලට සමාන කරන්නට
සිදුවීමෙන් පසුව ගත් තීරණය
සිය හතුරෙකු නැති කරන්නට සැලසුම් කරන කෙනෙක්
පූර්ව සූදානමකින් කරන්නත් පුලුවන්.
සමහර ඝාතන එසේ සිදුවන්නටත් ඇති.

2015 ජනවාරි දක්වා ඝාතන 17කින් පසුව
මෙසේ සිදුවූ හෙළිදරව්ව
කොටකෙතන ඝාතන රැල්ලේ නිමාව
වෙන්නට පුලුවන්..

කිසියම් පාලකයෙක්
කලක් රට පාලනය කරන විට
ඔහුගේ චින්තන රටාව සහ ක්‍රියා කලාපය
ඉහළ සිට පහළට කාන්දු වෙනවා.
බහුතරයක් ඇමතිවරු, බහුතරයක් නිලධාරි
සහ බහුතරයක් ජනතාව
ඊට අනුගත වෙනවා.
රජුගේ මානසිකත්වයට අනුගත වෙන බහුතරය
රජු වෙනුවෙන් පෙනී සිටිනවා.
අසුන් හතර දෙනෙකු අදින කරත්තයක්
අසුන් තිදෙනෙක් අදින දිසාවට ගමන් කරනවා.

අධාර්මික පරිසරයක අධාර්මික ජනතාව
වැඩි වැඩියෙන් වැරදි කරනවා.
ජනතාව වැඩි වැඩියෙන් වැරදි කරනවිට
වැරදි කරන්නට සුදුසු ලෙස පරිසරයත් සකස් වෙනවා.
ඔවුන් වැඩි වැඩියෙන් වරදට පෙළඹෙනවා.
නීතිය වල්වැදුන රටක අවනීතිය රජ කරවා
වැරදි කරන ජනතාවක් පාලනය කිරීම පහසුයි.
නීතිය වල්වැදුන රටක
රජයට හිතැති අය වැරදි කිරීම
රජයට ගැටළුවක් නොවෙයි.
ඔවුන් රජයේ පැවැත්ම සහතික කරනවා.
රජයට විරුද්ධ අය රජයට බියෙන්
මුනිවත රැකගෙන දුක් විඳිනවා.

අධාර්මික පාලකයා
සෙමින් බෝවෙන වසංගත රෝගයක් වගෙයි..
ඔහුගේ පාලන සමයේ
මතුපිටින් අතුකොළ දළු ලන නමුත්
දීර්ඝකාලීනව
සමාජ දේහය කුණ බසිනවා.
ඔහුගෙ පාලනය ඔහුටත් දීර්ඝකාලීන
සියදිවි නසා ගැනීමක් වෙනවා.
හොඳ වුණත් නරක වුණත්
සැම දේකටම සීමාවක් තියනවා.
අධාර්මික රජයකට වුණත් අවසානයක් තියනවා.

ශක්තිමත් නායකයන් ලෙස
ජනතාව හඳුන්වන පාලකයන්
ඇතුළාන්තයෙන් දාමරික සිත් ඇත්තන්.
සුදු පිරුවටයකින්
සිය දුර්දාන්තභාවය සඟවා
ජනතාව ඉදිරියේ හැසිරුණත්
සමස්තයක් ලෙස රට හැසිරෙන ආකාරය

ගඩාෆි වැනි පාලකයන් රට සංවර්ධනය කළත්
ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනය වූයේ
මිනිස් සිත් සතන් වලට
ඔහු කළ හානියට සරිලන අයුරින් විය හැකියි.

රජෙකුගේ මූලිකම සුදුසුකම
ඔහුගේ ධාර්මික භාවයයි..
ධාර්මික රජෙකුගේ පාලනය තුළ
ජනතාව විඳින සැනසිල්ල නිසා
ඔහු අතින් සිදු විය හැකි
යම් යම් අඩුපාඩු සහ වැරදි වලට
සමාව දිය හැකි වනු ඇත.

==========================================================


‘‘මෙට්ටේ හැමතැනම ලේ, කුස්සියට යනකොට එතනත් ලේ ගොඩක්‘‘
සැමියාගේ බාල සහෝදරයත් නිවසට ඇවිත්
ඝාතකයා පාදවලට මේස් දමාගෙන ආවාදැයි සැකයක්

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ කාන්තාවගේ මරණයට හේතුව බර ආයුධයකින් හිසට සිදුවූ පහරදීමක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ ඊයේ (2015 - 04 - 07) සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඇයගේ හිස් කබලට දැඩි ලෙස හානි සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි. එසේම මියගිය කාන්තාවගේ සිරුරේ බරපතල කැපුම් තුවාල 6 ක් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


39 හැවිරිදි චාන්දනී ස්වර්ණලතා නැමති තුන්දරු මව අතුරුදන්ව ඇති බවට ඇයගේ සැමියා විසින් පොලීසියට පැමිණිලි කර තිබුණේ පස්වනදා අලූයමයි. අනතුරුව නිවසේ සහ මිදුලේ තිබූ ලේ පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය කළ පොලීසිය ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා. පදිංචි නිවසට ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයක තිබියදී ස්වර්ණලතාගේ සිරුර සොයාගත්තේ ඊයේ පස්වරුවේයි.





ඇය ඝාතනය වන විට නිවසේ සිටි පුත්‍රයා ප්‍රථම වතාවට මේ වන විට මාධ්‍යයට සිද්ධිය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඔහු පැවසු කරුණු පහතින්..


‘‘7.45ට විතර මං කාලා කාමරේට යන්න හදනකොට අම්මත් කාමරේට ගියා. අම්මා කාමරේට ගිහින් එහෙන්මම නිදාගත්තා. මමත් ඊට පස්සේ සාලේ ලයිට් නිවලා කාමරේට ගිහින් දොර වහගෙන නිදාගත්තා.

මට එහෙම්ම නින්ද ගියා. තාත්තා 2ට විතර ඇවිත් කතා කළා. කතා කළාම තමයි ඇහැරුනේ. ඊට පස්සේ අම්මා කොයි කියලා ඇහුවා. අම්මා කාමරේ කීවම කාමරේ ඇතුලට ගියා. යනකොට මෙට්ටේ හැමතැනම ලේ තිබුණා. ඊට පස්සේ කුස්සිය පැත්තට යද්දි එතනත් ලේ ගොඩක් තිබුණා. තාත්තා එක්ක ඊට පස්සේ එහෙන්ම එළියට ඇවිත් මාමලාටත් කතා කරලා පොලිසියට කීවා.‘‘


අත්අඩංගුවට ගත් කුෂාන් පොලිසියට කීව කතාව

‘‘පෙම්වතිය තෑග්ගක් දුන්නා, ඊට වඩා හොඳ තෑග්ගක් මට දෙන්න ඕනි වුනා,
ලේ ගලන හිස ෂොපින් බෑගයකින් අාවරණය කලා‘‘
 
කොටකෙතනේ අබිරහස් ලෙස මියගිය කාන්තාව ඝාතනය කර ඇයගේම පුත්‍රයාවන 18 හැවිරිදි කුෂාන් පසුගියදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු බියකින් හා සැකයකින් තොරව මාධ්‍යට අදහස් දක්වනු ලැබුවා. එමෙන්ම ඔහු විසින් මවගේ මියගිය සිරුර හමුවන විට හඬා වැළපෙමින් ලොවටම පෙනෙන්ට ශෝකය පළකර සිටියා.


මව් මරා ආනන්තරීය පාපකර්මයක් සිදුකරගත් ඔහු පසුගියදා සිය මවගේ මියගිය සිරුර හමුවූ අවස්ථාවේ මෙන්ම ඇයගේ මෘත ශරීරයේ රෝහලේ තැම්පත් කර ඇති අවස්ථාවේ හැසිරුනේ කිසිවක් නොදන්නා අයෙක් ලෙසිනුයි.

ඔහු මාධ්‍යට සිද්ධිය සම්බන්ධයෙන් පවසමින් කියලා සිටියේ මව ඝාතනය වන අවස්ථාවේ ඔහුට නින්ද ගොස් සිටි බවයි. එමෙන්ම මවගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසි ගිය බවත් ඔහු පැවසුවේ දුක්බර මුහුණක් ලොවට පෙන්වමිනුයි.

නමුත් සියල්ල අවසානයේ මව මරාදැමූවේ පෙම්වතියට ලබාදෙන්නට ත්‍යාගයක් ගැනීමට මුදල් ලබා නොදුන් නිසා බවට ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා. ඔහු පොලිසියට පාපොච්චාරණය කර කරුණු වලින් කොටසක් පහතින්..


මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුෂාන් මහේෂ් නමැති මිය ගිය කාන්තාවගේ දෙවැනි පුත්‍රයාය. සිද්ධිය සිදුවූ දිනයේ සැකකරු රාත්‍රී 8 ට නින්දට ගිය බව පැවසුවත් පොලිස් පරීක්ෂණවලදී ඔහු රාත්‍රී 10 වනතෙක්ම සිය පෙම්වතිය සමඟ ජංගම දුරකතනයෙන් කෙටි පණිවුඩ හරහා සම්බන්ධ වෙමින් සංවාදයේ යෙදී සිටි ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.


යොවුන් සේනාංකයට සම්බන්ධවී නේවාසික පුහුණුවක් ලබමින් සිටි ඔහු සති අන්තයට පමණක් නිවසට එන අතර පසුගිය 3වැනි සිකුරාදා ඔහු නිවසට පැමිණ තිබේ.මොහු මෙම ඝාතනයෙන් පසුව සිය මව අභිරහස් ලෙස ඝාතනය වූ බවට අඟවමින් හැසිරී ඇති අතර පසුව මෙම ඝාතනය ඔහු විසින් පෙම්වතියට යොමුකරන ලද එස්.එම්.එස් පණිවිඩ හරහා පොලිසියට හෙළිවන තෙක්ම සඟවාගෙන ඇත.




3 comments:

  1. විකෘති ලෝකයක්

    ReplyDelete
  2. ෂෙයාර් ලිංක් එකක් දාන්න...

    ReplyDelete
    Replies
    1. මාතෘකාවට යටින් තියනවා.

      Delete