සක්මන් කරන මළුවේදී බැඳි හාද
දස්කොන් ඇගෙ නමට ජීවිතය දීමෙන්
අවසන් නොවීය.
දස්කොන් ලොබ බැඳි ප්‍රමිලාවගේ
රහස් තැනක ඇති උපන් ලපය
ඔහුගේ ජීවිතයට අවසන් තිත තැබුවේ
ඔහුගේ නම ඉතිහාස ගත කරවිමිනි.
මෑත ඉතිහාසයේද එවැනි අවස්ථා
අපට හමුවෙයි.
කැපී පෙනෙන රූප රාජිනියක් හිමි කරගැනීමේ අභිමානයට
අන් පිරිමින් තුළ බලය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හැකි නිසා
තම ජීවිතයත් අන් ජීවිත දහස් ගණනකුත් අනතුරේ හෙළමින්
පිරිමි තවත් පිරිමින් හා ගැටුණු අවස්ථා
මිනිස් ඉතිහාසයෙහි සුලබය.
සුදුසුකම් විරහිතව
නායකත්වයට ලොබ බඳින බොහෝ පිරිමින්
රූප රාජිනියන් තෝරාගන්නේද එහෙයිනි.

ස්ත්‍රීන් සඳහා පොර බැදීම
කල්ලි ගැසී ජීවත් වෙන හැම සතෙකුටම පොදුය.
රාම රාවණ යුද්ධය, ට්‍රෝජන් යුද්ධය ඇති වුණේ
ස්ත්‍රීන් මුල් කරගෙනය.
රූපයෙන් පිරිමියා වසඟ කර ගැනීමට
ස්ත්‍රියට ඇති ස්වාභාවික සත්ව ලක්ෂණයට
වහල් නොවෙන පිරිමියා
පිරිමියෙක්ද?
ඒ ලක්ෂණයට වහල් වෙන පිරිමියා
පිරිමියෙක්ද?
සැබෑ පිරිමියා කවරෙක්ද?
ස්ත්‍රියක් දුටු විට
ඇය නොදැනෙන පිරිමියා නරුමයෙකි.
ඔහු අස්වාභාවිකය.
ඇය රැඳෙන තාක් ඇය වටා කැරකෙන
නික්ම යන විට ඇය පසුපස වැටෙන පිරිමියා වහලෙකි.
ස්ත්‍රියට තමා වසඟ වන්නේත්
ඇය හිමි කරගෙන සැනසෙන්නට සිතන්නේත්
ඇගේ රූපයෙන් කුල්මත් වූ සිතෙහි නලියන
කාමයට ඇති කැමැත්ත නිසා බව
වටහාගන්නට තරම් ප්‍රඥාව ඇත්තන්
මිනිසුන් අතර විරලය.
සිතෙහි ස්වභාවය දකිමින්
ඒ ස්වභාවයට උපේක්ෂාවෙන් පසුවෙන
ස්ත්‍රියකගේ පැමිණීමෙන් කුල්මත් නොවන
ස්ත්‍රියක පිටවීමෙන් නොතැවෙන පිරිමියා
සැබෑ පිරිමියෙකි..
පසුගිය දිනවල
ෆේස්බුක් සමාජ ජාලය පුරා හමා ගිය
දුල්මිණිට වශී වූවන් දෙස උපහාසයෙන් බැලීමේ රැල්ල
පසුගිය කාලයේ බෙහෙවින් පිරිහුණ අපේ සමාජය
තිරිසනාගේ සිට මිනිසාගේ දිසාවට හැරෙමින් ඇති බවට
සියුම් ඉඟියක් විය හැක..

කහවත්තේදී
මව සමග ඝාතනය වූ රුවැති දියණිය නිසා
රාගයෙන් උමතු වූ පිරිස්
අනතුරුව උපන් ද්වේශයෙන් සාහසික වූහ.

තමන්ගේ වියරුවට හේතුව
ඒ යුවතියගේ රූපයට වසඟවීම බව
ඔවුන් හඳුනා නොගත්තෝය.
තිරිසන් සතෙක් සාහසිකව හැසිරෙන විට
තමන් කරන්නේ කුමක්ද, ඒ ක්‍රියාවට මුල්වූ
චිත්ත ධාරාව දකින්නට හැකියාවක්
ඒ අසරණ තිරිසනාට නැත.
මිනිසා
මිනිස් කමෙන්
තිරිසනා ඉක්මවා යන්නේ
ඔහුට ඇති තමා දැකීමේ හැකියාව නිසාය.
සිත කෙනෙකු පොළඹවන විට
සිත පෙළඹවීමට වහල් නොවී
උපේක්ෂාවෙන් වෙසෙන්නට ඔහුට ඇති හැකියාව
මිනිසා තවත් තලයකට උසස් කරනු ලබයි.
මිනිසත් බවෙහි අග්‍රඵලය වන රහත් බව
මිනිසා සාක්ෂාත් කරගන්නේ
තමා දැකීමට ඇති සිහියත් ඒ දකින දේට ඇති උපේක්ෂාවත්
උපරිම තලයට දියුණු කිරීමෙනි.
දුල්මිණි රැල්ල ගලා ගිය ස්වරූපය තුළ අප දුටුවේ
කාමයෙන් වියරු වැටී ඇය පසුපස යන
කාමුක අඳබාල තරුණයන් නොවේ.
එසේ හැසිරෙන්නට
තමා පොළඹවන ආශාව හඳුනාගෙන
ඒ ආශාව වෙන්කරගෙන
උපහාසයෙන්, නින්දා අපහාස කරන
ප්‍රඥාවන්ත තරුණ පිරිසකි.
ඒ පිරිස වටහා ගැනීමට නොහැකිව
ඔවුන් ඇගේ රූපයට වසඟවූවන් ලෙස
වරදවා වටහාගත් අයද විය.
~ මොනවද මේ සෙවල පෝස්ට් ~
තිස්සගේ දුව ගැන පිස්සු වැටුණු
ශ්‍රීලාංකික උගත්, බුද්ධිමත්, අති පණ්ඩිත, ටෙක්නෝ සැවී, හයිපර් සෝෂල්,
සුපර් ඉන්ටෙලිජන්ට් තරුණ ප්‍රජාව වෙතයි.
ඕන ගොරකා කෑල්ලක්
ෆවුන්ඩේෂන් ටිකක් උලාගෙන, කොන්ඩේ බාගෙට ටින්ට් කරලා, තඩි සන්ග්ලාස් දෙකක්
දාලා, සිංහලෙන් ගොත ගහනකොට උඹලා සේරම ක්ෂණික මෝචනයට මෙහා හෝල්ට් එකේ ඉන්නේ
කියලා පේනවා. උඹලගේ නපුන්සක කොලු කම ඉස්සරහා මෙලෝ බඩුවකට ලුබ්රිකේට් වෙන්නේ
නැති නිසා උඹල ඉන්න අහේනිය දකිද්ද්දී අපිටනං පුදුම වෙන්න දෙයක් නෑ. සායක්
හැට්ටයක් දකිද්දී ඇස් කටට ගිහින් කට පුකට යන උඹලා වගේ උන් අතර ඉපදුන එක අපේ
පිරිමි කමටත් ලැජ්ජාවක් මල්ලිලා. මෙලෝ රහක් නැති හාල් කෑලි රුපියල් 350/-
මේකප් සෙට් එකෙන් සැබෑ ජීවිතයේදී උඹලගේ දත් ගලවන හැටි උඹලගේ ඔය පොස්ට්
වලින් හිතාගන්න පුළුවන්.
ගෑනියෙක්ගේ නියම සුන්දරත්වය
හඳුනාගන්න බැරි නපුන්සක ප්‍රජාවක් ඉන්න බව මතක්වෙද්දී මට නං දුක හිතෙන්නේ
අපේ කලාව, සිනමාව, රුචිකත්වය වගේ දේවල් ගැන.උඹලා එකෙක්වත් හරි හමං ගෑනියෙක්
එක්ක හරි හමං සම්භන්ධයක් පවත්වලා නැති බවනං ෂුවර්. ඒක වෙන්න ඇති උඹලගේ ඔය
බාග කෑලිත් උඹලට හොරෙන් මග තොටේදී නියම පිරිමි දිහා බල බල හුල්ලන්නේ.
ගෑනියෙකුගේ
අගය තියෙන්නේ ඔය උඹලා හිතං ඉන්න තැන නෙවෙයි. ඔය ඉලව්ව හැමෝගෙම එකයි.
ගැඹුරු අධ්‍යාත්මයක් තියෙන, හොඳ රස වින්දනයක් තියෙන, කළා කාමී, දක්ෂ,
උපතින්ම හැඩ ගෑනියෙක්ගෙන් ජීවිතයට ලැබෙන රසය ඔය පොමනේරියන් බැල්ලියෝ
සීයකගෙන් වත් ගන්න බැහැ.
ලිප්ස්ටික් ටිකක්, කියුටෙක්ස් ටිකක් දැක්ක ගමන් සරම තේමාගන්ඩ එපා බං. ටිකක් කොල්ලෝ වගේ ස්ටේඩී හිටපං.
අපිට නං ඔය ජාතියේ නංගිලා දාන ෂෝ ඉතිං පඩ!
ඔවුන්ට ලැබුණේ මෙවන් පිළිතුරුය.
එකෙන්ම.
අපි අපේ ෆන් එක ගන්නේ සීමාවක් ඇතුලෙ බව
උඹලා දන්නවා අපි දන්නවා.
වැදගත් එච්චරයි.
බෑණලා සෙට් එකට ජය!
=======================================
දුල්මිණීගේ කැඩුනු සිංහල උච්චාරණය
උපහාසයට ලක් කිරීමෙන් පටන් ගැනෙන
මේ සිදුවීම් දාමය
ගස්වල රූප බැලීමට නඩ පිටින් යන,
වරායවලට වතුර පිරවීම් බලන්නට නඩ පිටින් යන,
විශ්‍රාමික දේශපාලකයින් බැලීමට නඩ පිටින් වන්දනාවේ යන
ශ්‍රී ලාංකීය සාමුහික විනෝදයේ
තවත් එක් දිගුවක් ලෙස දුටු අයද විය.
තව දින දෙක තුනකින් සභා තොමෝ සතුටින් විසිර යනු ඇතැයිද
සතියකින් සියල්ල අමතකව යනු ඇතැයිද ඔවුහු සිතති..
===============================================මේ එවැනි අදහසක්.
නොලියමි
කියලා හිතපු මාතෘකාවක් ගැන ලියන්න ඕනමය කියලා හිතුනා හේතු දෙකක් හින්දා..
එකක් Upul අයියගෙ සටහන.. අනික ෂෙයාර් කරපු වීඩියෝවක් ගැන හිතවත්ම
කෙනෙක්ගෙන් කන පිරෙන්න අහගන්න වුනු ගුණ ගායනය..
තිස්සගේ
දියණියගේ "මට සිංහල බා" භාෂාව හැසිරවීම සහ "පොෂ්" පෙනුම උපහාසයට ලක්වීම
දියුණු සමාජයක නොවිය යුතු අශිෂ්ට සිදුවීමක් බව සැබෑය.. යම් පුද්ගලයෙකුට
තවකෙකුට වාතයක් නොවී තමාට රිසි පරිදි හැසිරීමේ අයිතිය තිබිය යුතු බව අපද
අවිවාදාත්මකව පිළිගන්නා අතර තිස්සගෙ දූ වූ පමණින් ඇයටද එම අයිතිය අහිමිවී
යායුතුයැයි නොසිතන්නෙමුය..
උපුල්
අයියාගේ පැහැදිලි කිරීමට අනුව මේ මාතෘකාව වයිරල් වීම අප සමාජයේ බිඳ වැටීම
පෙන්වන කැඩපතක්ය.. සමාජය දරුණු බිඳ වැටීමකට ලක්ව ඇති බව සැබෑය.. වෙන
කවරදාකවත් නොවු පරිද්දෙන් මැතිවරණ පරාජයකින් පසු පරාජය නොපිළිගන්නා "මරලා
හරි දිනිය යුතු" තැනකට සමාජය පිරිහී ඇත (දේශපාලනමය අදහසකින් නොව පරිහාණියේ
තරම දැක ගත හැකි ළඟම උදාහරණය එය බැවින් ඉදිරිපත් කල බව කරුණාවෙන් සලකන්න.. )
එනමුත්
දුල්මිණීගේ කැඩුනු සිංහල උච්චාරණය උපහාසයට ලක් කිරීමෙන් පටන් ගැනෙන
සිදුවීම් දාමය මෙමි ෂෙයාර් වන ගෲෆියක් සැදී දිනයක් දෙකක් ඇතුලත සාමාජිකයින්
දස දහසකට එහා වර්ධණය වීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ලිංගික කුහකත්වය දෝරේ
ගලායාමක් ලෙසින් දැකීමට සාහසික විය යුතු නැති බව මගෙ අදහසයි..
සිදුවුයේ
දේශපාලනික හැල හැප්පීම් මැද ගෙවීගිය ශ්‍රී ලාංකීය බුකි අවකාශයේ සියල්ලන්ටම
එක්වී "ෆන්" එකක් ගැනීමේ හදිසි අවස්ථාවක් ලැබීමයි.. එය එක්තරා දුරකට
කාලකන්නි "ෆන්" එකක් බව ඇත්තය.. එනමුත් මෙය ගස්වල රූප බැලීමට නඩ පිටින් යන,
වරායවලට වතුර පිරවීම් බලන්නට නඩ පිටින් යන, විශ්‍රාමික දේශපාලකයින් බැලීමට
වන්දනාවේ යන ශ්‍රී ලාංකීය සාමුහික විනෝදයේ තවත් එක් දිගුවක්ය.. බොහෝ විට
තව දින දෙක තුනකින් සභා තොමෝ සතුටින් විසිර යනු ඇත.. සතියකින් සියල්ල අමතකව
යනු ඇත..
උපුල්
අයියාගේ විවේචනය සාධාරණය.. එහි දොසක් නැත.. එනමුත් අමතක නොකල යුතුව ඇත්තේ
අපි තවමත් ශිෂ්ටාචාරයේ අතරමඟක සිරවී මංමුලාවී සිටින ජාතියක් බවය.. අවුරුදු
තිහක් තිස්සේ ඔළු ගණන් කරමින් විනෝද වෙමින් සිටි පුනරුත්ථාපනය විය යුතු
ජාතියක් බවය..
තිස්සගේ දූ පව්ය.. ඉතා පව්ය.. හරි හමන් විනෝදාංශයක් නුපුහුණු ජාතියක් වන අපි ඊටත් වඩා පව්ය..
— feeling තිස්සගේ දූ බිමින් තියමුද..
=================================
ප්‍රභාකරන්ගේ වැනි පත උඩු රැවුලකට,
සිල් රෙද්දෙන් වසාගත් මැර පෞරුෂයකට වහල්වී
හඬා වැලපෙමින් මැදමුලන වන්දනා කරන
වැඩිහිටි සහ මහළු කාන්තාවන් මෙන්ම
දුල්මිණිගේ රූ සපුවට වහ වැටී
තිස්සට උපකාර කරන්නට කැපවෙන
ළඳ බොළඳ ෆේස්බුක් තරුණයාද
මැතිවරණයකදී ඡන්දය දෙන්නේ
ලිංගික ආශාවෙන් කුල්මත් වීමෙන් බව කියන
විදර්ශනීය ප්‍රකාශද ෆේස්බුක් ජාලය තුළ අප දුටුවෙමු.
කුස ගින්න තරම් පොදු නැතත්
කාමාශාව වරදක් නොවේ.
සත්ව වර්ගයා පවතින්නේ
සතුන් විඳින ලිංගික තෘප්තිය නිසාය.
පසිඳුරන්ගෙන් ගන්නා
ප්‍රිය අප්‍රිය අරමුණු නිසා
සිතෙහි කැමැත්තක් අකැමැත්තක්
ඇති නොවෙන හෝ
සිතෙහි කැමැත්තක් අකැමැත්තක් වෙන බව
නොදන්නා තරම් කය ගැන මෝහයෙන් වෙසෙන
සිතක් මිස කයක් නැති ඇවිදින මළ කඳන් වැනි
නිර්වින්දනයට ලක්වූ නරුම මිනිසුන් හැර
ප්‍රජනන හැකියාවෙන් යුත් ගැහැණියක් හා පිරිමියෙක්
ප්‍රජනනයට සුදුසු පරිසරයක හමු වූ විට
ලිංගිකව ආකර්ශණය වීම ස්වාභාවිකය.
එහි වරදක් නැත.
රූපයට ආකර්ෂණය වූ මිනිසා ඉන් කැළඹී
තමා තුළ සිදු වූ කායික මානසික වෙනස නොදැක
තමාගේ තරාතිරම, වගකීම්, යුතුකම් ආදිය
නොපෙනෙන නොහැඟෙන තිරිසනෙකුගේ මට්ටමට
පහත වැටෙන්නට කාමය මුල් වූ විට
කාමාශාවත් වරදක් වන්නේය.
අවදානම් වන්නේය.
හානිකර වන්නේය.

මෙහිදී තිරිසනෙකු මෙන් හැසිරීම පමණක් නොව
තිරිසනා ඉක්මවා යෑම වුවද ඔහුට අපහසු නොවේ.
මිනිසා තිරිසනා ඉක්මවා යායුත්තේ
තිරිසන් කමෙන් නොවේ.
මිනිස් කමෙනි.
මිනිස් කම නම් තම කය විසින්
සිත පොළඹවන අයුරු දැකීමය.
ඒ පෙළඹීමට වහල්වී
තමා නොමග යන ආකාරය දැකීමය
ස්ත්‍රියකගේ රුවක් ඇසෙහි ස්පර්ෂ වූ විට
ඔහු ඇය හඳුනාගෙන නතර වුවොත්
ඔහු මිනිසෙකි.
තිරිසන් සමාජයක පිරිමි සතෙක්
ප්‍රිය ජනක ගැහැණු සතෙකු දකින අවස්ථාවෙහිදී
මින් පෙර ගැහැණු සතුන් හා එක්වීමෙන්,
රමණයෙහි යෙදීමෙන් තමා විඳි
සුඛ වේදනාවන් නිසා පහළවූ
රාග සංස්කාර තැන්පත් වූ විඥාණය කැළතෙමින්
මේ ගැහැණු සතාද හිමි කරගෙන
බාධාවකින් තොර තැනකට ගොස්
තම කය කුල්මත් කළ ඒ සුඛ වේදනා
යළිත් වරක් විඳින්නට ඇති ආශාවෙන් කුල්මත් වී
තම සත්ව කොටසට ආවේණික ක්‍රියා කාරකම් වල යෙදීම
අස්වාභාවික නොවේ.
මේ ප්‍රවණතාවය ගල් යුගයේ මිනිසාට ස්වාභාවිකය.
නොදියුණු, නුපුහුණු මනසක් ඇති ගෝත්‍රිකයා
කාමයෙන් වියරු වැටී සන්තර්පණයට පෙළඹීම සහ
ඒ සඳහා ගත හැකි සියලු පියවර ගැනීම
සාධාරණ ස්වභාවික සහජ ආශාවකට නතු වීමක් ලෙස
අද කාලයේ පවා පිළිගැනෙයි.
මේ ස්වභාවික ආශාවට පියාපත් දෙන්නට
ඒ පෙළඹීම ජයගන්නට ඇති බාධක ඉවත් කරන්නට
තම ජීවිතය ගත කොට ලබා ගත් දැනුම සහ
සිය තර්ක බුද්ධිය කැප කරන
තමත් ගෝත්‍රික මානසිකත්වයෙන් නොමිදුණ
ආචාර්ය මහාචාර්ය වරුන්ට අපට දැකිය හැක.
එවැනි උගත් බුද්ධිමත් ගෝත්‍රිකයන් අතර
තමන්ගේ ගෝත්‍රික හැඟීම දකිමින්
ඒ හැඟීම දෙස උපහාසයෙන් බලමින් විනෝද වෙන අතරම
තමා මෙන්ම කාමාශාව නිසා
ඇස ගිණිකණ වැටෙන සම වයස් සොයුරු කැළ මෙන්ම
ගෝත්‍රික හැඟීමෙන් නොමග යන
කයෙන් වයසෙන් මේරූ බොළඳ වැඩිහිටියන්ද
තමන්ගේ සිත දකින
සත්‍යය දකින පැණවත් පිරිසක් කරන්නට
අනියම් ලෙසින් හෝ දායකත්වය ලබා දෙමින්
දුල්මිණි රැල්ල සිනාවට ලක් කළ ප්‍රඥාවන්ත තරුණ කැළ
අගය කළ යුතුය.
මේ ඔවුන්ගේ විවිධාකර නිර්මාණ රැල්ලයි.





































.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)