පොතකින් ගන්න දේ විද්‍යාත්මක වුණත්
කියවන දේ අදහනවා ඇරෙන්න
වෙන කරන්න දෙයක් නෑ.
පාසල් ගුරුවරු කතා කරන්නෙ
ආගමික පූජකයො වගේ.
ඔවුන් දරුවන්ට උගන්වන්නෙ
"විද්‍යාව අදහන්න" කියලා.
මග්ව දරුවා
පාසලෙන් ඉගෙන ගන්නෙත් ඒ විදියට.
ඔවුන් ගුරුවරු ප්‍රශ්න කරන්නෙ නෑ.
දරුවෝ ගුරුවරු අදහනවා.
දැල්වෙන ඉටිපන්දමක්
වීදුරුවකින් වැහුවාම නිවෙන බව
ඇස් දෙකෙන් නොදැකපු ළමයි
ලක්ෂගණනක් මේ රටේ ඇති.
ඔවුන් දහනයට ඔක්සිජන් අවශ්‍යයි කියා
අදහන පිරිසක්.
පාසල් අධ්‍යාපනයෙන්
ආගම තියන තැනට විද්‍යාව දැම්මාට
ආගමික ඇදහිලි රටාව වෙනස් වෙලා නෑ.
විද්‍යාව අදහන පිරිස
ලෝකෙටත් අදහන්න බල කරනවා.
ආගමික රටාවම තමයි.
විද්‍යාව ඉගෙන ගත්තා කියලා
මිනිස්සු විද්‍යාත්මකව හිතන්නෙ නෑ.
විද්‍යා අධ්‍යාපනයත් ආගමක් වගේ තමයි
දරුවන්ට ලබා දෙන්නෙ.
විද්‍යා ගුරුවරයා විද්‍යාඥයා අදහනවා.
දරුවා ගුරුවරයා අදහනවා.
ආගම තමයි විද්‍යාව.
ගුරුවරයා තමයි පූජකයා.
අපි පුංචි කාලෙ පාසලේ
ගෙදර ඇවිත් පරීක්ෂණවත් කෙරුවා.
අපි කූඩලු පැල දිගේ තීන්ත යනවා දැක්කා.
හිරු එළිය වැටෙන්නෙ නැතුව
පැලෑටි සුදුපාට වෙනවා දැක්කා.
විඳලා ප්‍රත්‍යක්ෂ කළා.
එතන අදහන්න දෙයක් නෑ.
අපි ආගම දිහා බලන්නෙත් ඒ විදියට.
ආනාපාන සති කරල බලනවා.
විපස්සනා වඩලා බලනවා.
පොතේ තිබුණටවත්,
හාමුදුරුවො කිව්වටවත්
විශ්වාස කරන්නෙ නෑ.
සෝ තැවුල් දුක් දොම්නස් ආවම
විපස්සනා ක්‍රමය යොදල බලනවා.
සෝ තැවුල් දුක් දොම්නස් නැති වෙනවා
විඳ ප්‍රත්‍යක්ෂ කරනවා.
අදහන්න අවශ්‍ය නෑ...
දරුවා විද්‍යාත්මකව හිතනවා නම්
"මිනිසා වදුරාගෙන් පර්ණාමය වුණා" කියලා
ඩාවින් ඔහුට කියන කොට
"මිනිස්සු වඳුරන්ගෙන් පරිණාමය වෙනව නං
තාම වඳුරො ඉන්නෙ ඇයි? කියල අහන්න ඕන.
ඒක වැදගත් ප්‍රශ්නයක්..
ඩාවින් අදහන අය
ආගමික ක්‍රමයකට ඩාවින්ව අදහනවා.
දෙවියො ඉන්නවා කියා අදහන අයට
ඒ බව ඔප්පු කරන්න තර්ක තියනවා.
ඩාවින්ව අදහන අයටත් එහෙම තමයි.
දහම සහ විද්‍යාව
විඳ පසක් කලයුතු දේවල්.
තර්කයෙන් ඔප්පු කල යුතු නෑ...
No comments:
Post a Comment