දුක සැප කියල දෙකක් නෑ.
තියෙන්නෙ එකම දෙයක් විතරයි.
එකම දේ
එක වෙලාවකට සැපයි.
එක වෙලාවකට දුකයි.
දෙවිදියකට එකම දේ දකීමින්
දුක සැප විඳීමයි
සාමාන්‍ය මිනිස් ස්වභාවය.
දුක කියන්නෙත් වේදනා.
සැප කියන්නෙත් වේදනා.
දුක කියන්නෙ අප්‍රිය වේදනා.
සැප කියන්නෙ ප්‍රිය වේදනා.
අපි දුක කියන්නෙ
ජීවිතේ අපි විඳින වේදනාවලින්
අපට අප්‍රිය වේදනාවලට.
සැප කියන්නෙ අපට ප්‍රිය වේදනා.
සැප කියන්නෙ
ජීවිතේ අපට ප්‍රිය පරාසය.
කායික වේදනාව
කයෙහි ජෛව රසායනික වෙනසක්.
මානසික වේදනාවත්
කයෙහි ජෛව රසායනික වෙනසක්.
මේ ජෛව රසායනික වෙනස් කම්වලින්
අපි අකමැති ජෛව රසායනික වෙනස
අපි දුක විදියට බැහැර කරනවා.
කයෙහි සිදුවෙන ජිව රසායනික වෙනස
අයිස් කැටයක් ස්පර්ශ වීම නම්
අපි දුකක් විදියට බැහැර කරනවා.
ඒ කායික ජෛව රසායනික වෙනසම
අයිස්ක්‍රීම් එකකින් ලැබෙද්දි "අහා සැපයි"
කියමින් අපි ආශාවෙන් රස විඳිනවා.
සීතල අඩු වුණාම ඒ අයිස්ක්‍රීම් එකම
දුකක් විදියට බැහැර කරනවා.
අසනීපයක් හැදිලා නැත්නම්
උණු වතුර බොන්න කැමති කවුද?
උණු තේ එකකින් දැනෙන
දුක් වේදනාව අපට ප්‍රියයි. සැපයි.
උණු තේ එක නිවුණාම දුකයි.
"අපොයි, මේක නිවිලනෙ"
අපි ආශාවෙන් සොයන
ඒ දුක් වේදනාව දෙන්න
නිවුණ තේ එකට බැහැ.
කයෙහි සිදු වෙන වේදනා...
උෂ්ණත්වය නිසා කයෙහි සිදු වෙන
ජෛව රසායනික වෙනස අපට ප්‍රිය නම්
අපේ මනස සැපක් කියා රස විඳිනවා.
වෙනස අප්‍රිය නම් දුකක්.
බුදුන් වහන්සේ සොයා ගත්
ජීවිතයෙහි මහා අභිරහස මෙයයි.
වේදනා පච්චයා තණ්හා.
දුක/සැප ඇති වෙන්නෙ වේදනා නිසයි.
තණ්හා පච්චයා උපාදාන
දුකට හේතු වෙන තණ්හාව නිසා
අපි දුක සැප සමග පැටලෙනවා.
දුක වගේම සැප කියන්නෙත්
කයෙහිජෛව රසායනික වෙනස්කම්.
දුකත් සැපත් වේදනා විදියට
කයෙහි වේදනා විදියට බලන්න
බුදුන් වහන්සේ කියා දුන්නා.
ඒ විදියට දකින්න නොදන්නා
ඇසූ පිරූ තැන් නැති පුහුදුන් පුද්ගලයා
කායික වේදනා මානසික වේදනා
දෙකෙන්ම දුක් විඳිනවා.
මේ වෙනස ඉක්මවා වේදනා දකින
ඇසූ පිරූ ආර්ය ශ්‍රාවකයාට
මානසික වේදනා නෑ.
දුක සැප දෙකෙන්ම ඔහු සැලෙන්නේ නෑ.
අට ලෝ දහම ඔහු දකින්නෙ
එකම විදියට කයෙහි සිදු වෙන
ජෛව රසායනික වෙනස් කම් විදියටයි...
ඒ වෙනසෙන් ඔහු අකම්පිතයි.
වසර දෙදහස් පන්සියයක් තිස්සෙ
බුදු දහම ලොව පුරා පවතින්නෙ
කයෙහි සිදු වෙන ජෛව රසායනික වෙනස නිසා
මානසික ජෛව රසායනික වෙනස් කම් ඇති කරගෙන
දුක් නොවිඳින්න සිහිය දියුනු කරගත්
ආර්ය ශ්‍රාවකයන් නිසයි.
දුක සැප කියල දෙකක් නෑ.
තියෙන්නෙ එකම දෙයක් විතරයි.
එකම දේ එක වෙලාවකට සැපයි.
එක වෙලාවකට දුකයි.
දෙවිදියකට එකම දේ දකීමින්
දුක සැප විඳීමයි
සාමාන්‍ය මිනිස් ස්වභාවය.
දුක කියන්නෙත් වේදනා.
සැප කියන්නෙත් වේදනා.
දුක කියන්නෙ අප්‍රිය වේදනා.
සැප කියන්නෙ ප්‍රිය වේදනා.
අපි දුක කියන්නෙ
ජීවිතේ අපි විඳින වේදනාවලින්
අපට අප්‍රිය වේදනාවලට.
සැප කියන්නෙ අපට ප්‍රිය වේදනා.
සැප කියන්නෙ
දුකෙහි අපට ප්‍රිය පරාසය.
20201211
දුක සැප කියල දෙකක් නෑ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment