20180105

මහින්ද පොහොට්ටුවෙ අනියම් භාර්යාවක්.



කොහොමත් ඉදිල වැටෙන්න යන මහින්ද
කෙක්කෙන් ඇනල කඩන්නෙ මොනවටද කියා
මේ වෙලාවෙ මෛත්‍රී සිතිය යුතුයි.

ජන විඥාණය ගැන අද ඉන්න
ඉහළම විශේෂඥයා මෛත්‍රී කියලයි මම හිතන්නෙ.
ඔහු දවසින් දවස පියෙන් පිය ඉදිරියට යන්නෙ
ජන විඥාණය සීරුවෙන් වෙනස් කර ගනිමින්.
ඒ විශ්වාසය දිනෙන් දින වැඩි වෙනවා.

සැබෑ පාලකයෙකුට වටින්නෙ
ජනතාව සිතන පතන ඡන්දෙ දෙන විදිය විනා
පාලකයා වැටෙන තුරු සිහින මවන
ප්‍රතිවාදී දුර්වලයන් කියන කරන
බොළඳ දේවල් නොවෙයි.

එකතු කිරීමක් කළත් අඩු කිරීමක් කළත්
උත්තරයට වැඩිම ඡන්ද ගණනක් ගන්න
මැතිවරණයකදි මෛත්‍රීට සිදු වෙනවා.

මහින්ද පක්ෂයෙන් ඉවත් කිරීම
මේ වෙලාවෙ අවශ්‍ය නෑ..
"මහින්ද පක්ෂෙ තියාගන්න එක
මේ වෙලාවෙ පක්ෂයට හොඳ නම් ඉඳපුවාවේ"
කියා හිතන එක මෛත්‍රීට වාසියි.

දැන් මහින්ද එල්ලිලා ඉන්නෙ කූඩැල්ලෙක් වගේ.
ඡන්දෙ පැරදිලා ජනේලෙ එල්ලුනාටත් වඩා
මේ ඉන්න ඉරියව්ව ඔහුගෙ ප්‍රතිරූපයටත්
ආත්ම අභිමානයටත් ප්‍රබල පහරක්.

මහින්ද පාක්ෂිකයාගෙ නායකයෙක්.
ජාතික මට්ටමේ නායකයෙක් නොවෙයි.
මෛත්‍රී මෙතෙක් පහළ වූ නායකයන් අතුරෙන්
වඩාත්ම ජාතික මට්ටමේ නායකයායි.
ඔහුගෙ අනුගාමිකයන් හැම පක්ෂයකම ඉන්නවා.
ඔහු ශ්‍රීලනිප සභාපති වුණත්
ඔහු වගකියන්නෙ ජනතාවට විනා
ශ්‍රීලනිපාක්ෂිකයාට නොවෙයි.

"මත්පැන් බීල අහුවුණොත්
මම පත් කළ අයටත් ඡන්දෙ දෙන්න එපා"
කියල මෛත්‍රීට ප්‍රසිද්ධියෙ කියන්න පුලුවන්
ඔහු ශ්‍රීලනිපාක්ෂිකයාට යටත් නැති නිසයි.

වසර තුනක් තිස්සේ එජාපය සමග නිදි වැදුණත්
මෛත්‍රීගේ ශ්‍රීලනිපාක්ෂික කන්‍යාභාවය
අද වෙන තුරුත් රැකගන්න මෛත්‍රී සමත්වුණා.

මහින්ද පොහොට්ටුව සමග
එකම එක රැයකට එක් වෙලා
ඔහුගෙ ශ්‍රීලනිපාක්ෂික කන්‍යාභාවය බිඳගත්තා.
දැන් ඔහු පොහොට්ටුවෙ අනියම් භාර්යාවක්.

රටේ මොන තරම් ජනප්‍රිය වුණත්
අනියම් භාර්යාවට ගරුත්වයක් ලැබෙන්නෙ නෑ.

දැන් විවාහ කරල දීලා යවනවාට වඩා
ගෙදර දොරේ වැඩක් පලක් කරගෙන
ඔහෙ ඉන්න අරින එක හොඳයි.

ශ්‍රීලනිපාක්ෂිකයන් දැන් දන්නවා
මහින්ද ශ්‍රීලනිපයට අයිති නෑ කියලා.
මෛත්‍රී ඔහු ඉවත් නොකර ඉවත් කළා.

ශ්‍රීලනිපය දෙකට කඩනවාට වඩා
පාක්ෂිකයාට තීරණයක් ගන්න දීල
පාක්ෂිකයා දෙගිඩියාවක තැබීමත්
මෛත්‍රීට සහ ශ්‍රීලනිපක්ෂයට වාසියි.

මහින්ද එක්ක ඉන්න පිරිස
කොට්ඨාශ මන්ත්‍රී කමෙන් දිනුවොත්
මෛත්‍රීට එකතු වෙන එක වළක්වන්න
මහින්දට හෝ වෙන කෙනෙකුට බැහැ.

දැන් තමන්ගෙ ඡන්දයට
මොකද කරන්නෙ කියා දෙවරක් හිතන්න
ශ්‍රීලනිපාක්ෂිකයාට සිදු වෙනවා.

රටේ මොන තරම් ජනප්‍රිය වුණත්
අනියම් භාර්යාවට ගරුත්වයක් ලැබෙන්නෙ නෑ.

පිට මිනිහෙක් එක්ක ගිහින්
දේශපාලනික චරිතයත් කෙළෙසාගෙන
පක්ෂය අත් හරින පුද්ගලයා දෙස
පාක්ෂිකයා බලන්නෙ ආත්ම අවමානයෙන්.
"මහින්දට අපි නැතුවට කමක් නෑ"
කියා මිනිස්සුන්ට හිතෙන එක
වළක්වන්න බෑ.

"අපිටත් මහින්දට නැතුවට කමක් නෑ"
ඔවුන් හිතුවොත් වරදක් නෑ.
බහුතරය එහෙම හිතාවි.
එස් බී, කෙහෙළිය, විමලේ වගේ අය
දේශපාලනික ආත්මය පාවා දී ගිය ගමන
අද ජනතා කුණුකූඩයෙන් අවසන් වෙලා.
ඔවුන්ට වගේ අත් නොහැර යන පිරිසක්
මහින්දටත් හැමදාම ඉඳීවි.

ජැක්සන් කියන
ජන මූල නායක මහින්ද
පොහොට්ටුව සමග වල් වැදීමෙන්
ජන මුල් සිඳ ගැනීම මෝඩකමක්.

මහින්ද ජනේලෙ එල්ලිලා ඉඳන්
දැඩි තීරණයක් අරන් පැන්නා නම්
මේ වගේ ලිස්සා වැටෙන්නෙ නෑ.
දැනටමත් මිනිස්සු මහින්ද අත්හැරලා.
දැන් මහින්දට ආත්මය බේරා ගන්න නම්
ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා.
එතෙක් ඉවසීම මෛත්‍රීට වාසි දායකයි.

ජනතාව තවමත් මෛත්‍රී දන්නෙ නෑ.
ඔවුන් බලාපොරොත්තුවෙන විධායක මැර බලය
මෛත්‍රී භාවිතා කරන්නෙ නෑ.
ඔහු අපේ පොලීසිය මෙන් හැසිරෙන්නෙ නෑ.
ඔහු ක්‍රියා කරන්න ඉලංචේලියන් වර්ගයේ
නඩු කාරයෙක් වගෙයි.

ජනතාව මෛත්‍රී ගැන නොදන්න එක
විශ්මයට පත් වෙන්න කරුණක් නොවෙයි.
අවුරුදු පණහක් ඇසුරු කළත්
මහින්ද තවමත් මෛත්‍රී දන්නෙ නෑ.

ඉවත් නොකරම බැරි නම්
මහින්ද ඉවත් කරන්න හොඳම වෙලාව
මැතිවරණයට කලින්දා රෑ වෙන්නත් පුලුවන්.
මැතිවරණය දවසෙ උදේ වෙන්නත් පුලුවන්.

තැනට සුදුසු විදියට
සුදුසු වෙලාවට ඇනේ ගහන්න
මෛත්‍රී දන්න බව රටත් දැන් දන්නවා.


No comments:

Post a Comment