20180104

කුඩු කාරයෝ, බටහිර බෙහෙත් සහ විපස්සනා.


1
''උඹලා එකපාර පෙති කීයක් ගහනවද''

''තූන හතරක්, අම්මො පැණිවලට දියකරලනම් කවදාවත් බොන්නැ.''

''උඹටත් ඔව්වා බීලා පිස්සු හැදිලා තියනවද.''

''අපි ඉතින් ගානට මිම්මට කිරලා මැනලා ලාවටනේ ගන්නේ....
පුල් ආතල්.''

''මොනවද බං ඔය පෙති.''

''පිස්සන්ට දෙන ඒවා, පැණි ඇවිල්ලා කැස්සට දෙන ඒවා.''

''ෆාමසී වලින් තූන්ඩුවක් නැතූව කොහොමද බං ගන්නේ,
දැන් ඉස්සර වගේ දෙන්නැ නේද''''

''බම්බුව ඕනතරම් ගන්ඩ පුලුවන්,
ඇරත් දැන් ඕනතරම් ගන්ඩ බඩු තියනවා එළියේ''

''කීයක් විතර වෙනවද මචං''

''එළියේ පැණියක් 800ක් විතර වෙනවා, පෙත්තක් 20ට 30ට විකුණනවා.
මෝරුන්ට ,හාවන්ට ගාණ වැඩියි. ෆාමසියෙන් ගත්තොත් ලාභයි''
===========================================
2
ගංජා විනාශකාරීද ? තහනම් කල යුතුද ?
මනෝ වෛද්‍ය Ruwan Jayatunga
https://www.facebook.com/permalink.php?story_fbid=690746667979652&id=100011329762598
===========================================
3
Samitha Sandanuwan[[[බටහිර බෙහෙත් වර්ග ( කැස්සට බොන සිරප් වර්ග, වේදනා නාශක වර්ග, නිදි පෙති සහ මානසික දුබලතා ඇති අයට දෙන බෙහෙත් ) වලින් වෙන විනාශය ගංජා වලින් වන විනාශයට වඩා වැඩියි නේද?]]]]
===========================================

මත්ද්‍රව්‍ය ගන්න අය සොයන්නෙ මොනවාද?
මත්ද්‍රව්‍ය සහ බටහිර බෙහෙත් අතර
සම්බන්ධයක් තියනවද?

අවට තියන දේට
අපි සංවේදී නැති වෙලාවට
අපේ හිතේ දවස පුරාම
රාග ද්වේශ මෝහ සංස්කාර මතු වෙනවා.

මේ සංස්කාර කායික වේදනා විදියට
හැඟීම් විදියට සහ සිතුවිලි විදියට
අපි දවස පුරාම අත්දකිනවා.

මේ වේදනාවලට බෙහෙත් අවශ්‍ය නැතත්
හැම වේදනාවක්ම
රෝග ලක්ෂණයක් කියා උපකල්පනය කරල
බෙහෙත් සොයාගෙන යන එක
සාමාන්‍ය ජනතාව කරන එක දෙයක්.
සිතුවිලි සහ හැඟීම් පස්සෙ ගිහින්
ක්‍රියා කිරීම කතා කිරීම
අනෙක් ක්‍රියාකාරකම්.

මේ තුනම මග හරින්න අවශ්‍ය අය
ආගමික පුද පූජාවලට, සමථ භාවනාවට
මත්පැනට මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා.

ආගමික ක්‍රම වලින් මේ සංස්කාර මතුවීම
සමනය කරලා තාවකාලික සැනසුමක් ලබා දෙනවා.
ඒ සැනසීම ලබා ගන්නා විට ඔවුන් පවුලෙන්
සමාජයෙන් ඈත්වෙලා තනිවෙන්න පුලුවන්.
ඒත් ඔවුන්ගෙන් තමන්ට හෝ අනුන්ට කරදර නෑ.
නිරාගමිකයන්ට නම් ඇහේ කටු අනිනවා වගේ.
එහෙම වෙන්නෙ ඔවුන්ගෙ පිළිවෙතට විරුද්ධ නිසයි.

සිතේ කැළඹීම, මානසික කම්කටොළු
කායික වේදනා ආදියෙන් මිදෙන්න
මත්පැනට මත්ද්‍රව්‍ය වලට යොමු වෙන
ආත්ම දමනය හීන පුද්ගලයන් ගන්න
මත්ද්‍රව්‍ය පමණ ඉක්මවා යන වෙලාවට
එමගින් කයත් මනසත් අතර සම්බන්ධය බිඳිලා
ඔවුන්ගෙ සිතේ පාලනය ගිලිහීම නිසා
රුවන් කියන රෝග ලක්ෂණ පහළ වෙනවා.

මත්ද්‍රව්‍යවලින් මිදෙන්න අවශ්‍යතාවයෙන්
ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න කැමති කෙනෙකුට
මේ සියලු මානසික ගැටළු වලට
හොඳම ප්‍රතිකාරය විපස්සනා වැඩීමයි.

අපේ හිතේ දවස පුරාම මතු වෙන
රාග ද්වේශ මෝහ සංස්කාර
කායික වේදනා මට්ටමෙන්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් දකින්න
දස දිනක පුහුණුව ප්‍රමාණවත්.

විපස්සනා වඩන්නට යොමුවෙන කෙනෙක්
නිසි පරිදි විපස්සනා ක්‍රමය ග්‍රහණය කළොත්
ඒ පුහුණුවෙ යෙදෙන ප්‍රමාණය සහ
ඔහුගෙ අවංක අවශ්‍යතාවය අනුව
ජීවිතයටම මත්ද්‍රව්‍ය වලින් මිදෙනවා.
-Athula Siriwardhane

http://vipassanapuhunuwa.blogspot.com/2012/12/blog-post_12.html


No comments:

Post a Comment