20170609

රහත් රූකඩයක් වන සමන්ත හිමි ළඟ විෂාදයට නිසි විසඳුමක් නෑ.

විෂාදයට හොඳම විසඳුම ඇත්තේ
සැබෑ බුදු දහම තුළයි.
 --------------------------------------------------
ෆේස්බුක් සමාජ ජාලයේ
75.000ක් ඉක්මවූ සාමාජිකත්වයකින් යුතු
"තුලාව" නම් සමූහයේ පළ වූ ඡන්ද විමසීමක්.
ඔබගේ හිතවතෙකු හෝ නෑදැයෙක්, සියදිවි හානිකරගැනිමට තරම් ජිවිතය කලකිරීමෙන් හෝ කුඩු මත්ද්‍රව්‍ය වලින් ඇබ්බැහි වි ජීවිතය කාලකන්නි කරගන්නේ නම් ඔබ ඔහුව හෝ ඇයව, ජිවිතය වෙනස්කර ගැනීමට යොමුකරවන්නේ කා වෙතද?
(වෙනත් අයෙක් වේ නම් කොමෙන්ට් කරනු මැනවි)
LikeShow more reactions
Comment
සියදිවි හානිකරගැනිමට තරම්
ජිවිතය කලකිරීමෙන් හෝ කුඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි
ජීවිතය කාලකන්නි කරගන්නා කෙනෙක්
මගේ උපකාරය ඉල්ලුවොත්
දස දිනක් ඇතුළත
කිසිම බාහිර බෙහෙතක ආධාරයක් නැතිව
තනිකරම මනස සහ කය අතර
සබඳතාවයම පමණක් භාවිතා කරමින්
ඔහු නැවත විෂාදයට පත් නොවෙන විදියට
ඔහු විසින්ම ඔහු වෙනස් කරගත හැකි
නිශ්චිත ක්‍රමවේදයකට
මම ඔහු යොමු කරනවා.

මා ඔහුට කිසිවක් උගන්වන්නේ නැති බවත්
ඔහු කිසිවක් හෝ කිසිවෙක් ඇදහිය යුතු නැති බවත්
ඔහු යමක් දැන ගත්තොත් ඒ සියල්ලම
ඔහුම විඳ පසක් කරගන්නා
ඔහු තුළින්ම පසක් කරගන්නා සත්‍යතා බවත්
සහතික කරන්න පුලුවන්.

අන්තර්ජාලයෙන් හඳුනාගත්
මා මෙතෙක් නොදුටු මිතුරෙක්
මසකට පමණ පෙර
දුරකථනයෙන් කතා කළා.

ඔහු කතා කළේ බලවත් සිත් වේදනාවකින්.
ඔහු පසුවුණේ විශාදයෙන්.

ඔහුගෙ සිගරට් බීම, මත්පැන් බීම, හදිසි කෝපය,
ආර්ථික ගැටළු, පවුලේ ඇතිවෙන ගැටළු ගැන
සැකෙවින් මට පැවසුවා.

ඔහු දිනකට සිගරට් 30ක් හතලිහක් අතර
දුම් පානය කළ කෙනෙක්.
මත්පැන් පානය කළ කෙනෙක්.

සිගරට් නැති වුණාම
ලේ එනතුරු දිව විකාගන්නා බව
ඔහු එදා මට පැවසුවා.

ඔහු විෂාදයෙන් මිදෙන්නට
සිගරට් සහ මත්පැන් භාවිතා කළා.
සිය දිවි නසාගත හැකි තරම්
බලවත් විෂාදයෙන් පෙළෙන්නෙක්
දිවි රැකගන්නා ආරක්ෂක කපාටය
සිගරට්-මත්පැන් ආදියයි.

මෙවැනි පිරිස් එකට එක්වෙන්නටත්
මත්පැන් භාවිතා කරනවා.

කිසි කෙනෙක් ජන්මයෙන්
දුම්බීම මත්පැන් බීම අරන් එන්නෙ නෑ.
මගේ මිතුරාත් ඒ වගෙයි.

සංවේදී කුඩා දරුවෙකුට
මත්පැන් පොවන්න බැහැ..
ඔහුට දුම්පානය කරන්න බැහැ.

දුම් බීම සහ මත්පැන් පානයට අදාළව
කුඩා දරුවා නිතැතින්ම වාරිත්‍ර ශීලය රකින්නෙක්.

ඔහු දුම්බීමෙන් මත්පැනින් වැළකී සිටීම
ඔහු ඔහුගේ කයට සංවේදී වෙනතුරු
පමණයි.

දුම්බීමට මත්පැනට ඇබ්බැහි වෙන
හැම කෙනෙක්ම
කුඩා කල ඒ වාරිත්‍ර ශීලය රැකි අයයි.

පසු කාලීනව මානසික ප්‍රශ්න සහ
පාප මිත්‍ර සේවනය නිසා
කෙනෙක් දුරාචාරයට යොමු වෙනවා.

ඇබ්බැහිකමෙන් මිදෙන්න අවශ්‍ය වුණත්
තමන්ගෙ කය ගැන සිහිය නැති කෙනෙකුට
වේදනා ගැන සිහිය නැති කෙනෙකුට
දුම්බීමෙන් මත්පැනින් වළකින්න බැහැ.

වාරිත්‍රයක් විදියට දුම්බීමෙන් මත්පැනින්
නිශ්චිතව වැලකෙන ක්‍රමය
තමන්ගෙ කය ගැන වේදනා ගැන
සිහිය දියුණු කිරීම පමණයි.

තමන්ගේ කය ගැන
හොඳින්ම සිහිය තියන කුඩා දරුවෙකුට
මත්පැන් පොවන්න බැහැ..
දුම්පානය කරන්න බැහැ.

ඒ දෙකට පුරුදු වෙන්න
ඔහු පිළිබඳ ඔහුගේ සිහිය
යම් මට්ටමකට දුර්වල විය යුතුයි.
කාය වේදනා දෙක ගැන සිහිය
ඒ මට්ටමට දියුණු කරගන්න
යම් කෙනෙක් ක්‍රියා කළොත්
ඔහු දියුණු කළ සිහිය තියන තුරු
ඔහුට මත්පැන් බොන්න බැහැ..
ඔහුට දුම්පානය කරන්න බැහැ.

කාය වේදනා දෙක ගැන
සිහිය දියුණු කළ කෙනෙකුට
දුම්බීමත් මත්පැන් බීමත්
"කරන්න බෑ.."

මා ඔහු ඉහත කී ක්‍රමවේදයට යොමුකළා.
ඒ දස දින පුහුණුවෙන් පසුව
ඔහු අද දුම්බීමෙන් සහ මත්පැනෙන්
සම්පූර්ණයෙන්ම මිදිලා.

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
විෂාදයට හොඳම විසඳුම ඇත්තේ
සැබෑ බුදු දහම තුළයි.

සමන්ත හිමි ළඟ විෂාදයට නිසි විසඳුමක් නෑ.

විෂාදයට ඔවුන්ගේ විසඳුම පෙන්වා දෙන්න කියා
මා ඔහුට සහ ඔහුගෙ ගෝලයන්ට අභියෝග කරනවා,

ඔහුගෙ ක්‍රමය මත්පැන් මෙන් තාවකාලිකයි.

සමන්ත හිමි එදා පිළියන්දල ගියා නම්
ඔහු විෂාදයට බඳුන් වෙනවා.
එදා ප්‍රශ්න එනවිට පැනලා නොගියා නම්
ඔහුගේ අග්‍ර ශ්‍රාවක Ashramawasi Bhikku Dhamma Jaatha
පිළියන්දල වේදිකාව මතම විෂාදයට බඳුන් වෙනවා.
විෂාදයට මුල්වෙන කැළඹීමකට පත් නොවී
මනස සංවරව වචනය සංවරව තබාගෙන
ෆේස්බුක් සංවාදයක යෙදෙන්නවත්
ඔවුන්ට බැහැ.

ඔවුන් විෂාදයෙන් මිදෙන්නට
ආශ්‍රමය භාවිතා කරනවා.
හැඳුනුම් පත් දෙන්නේ නැතිව
සාමාන්‍ය පන්සලක මෙන් දොරටු විවෘත කළොත්
ඔවුන් විෂාදයට බඳුන් වෙන විදිය
බලා ගන්න පුලුවන්.

ඔහු දෙන විසඳුමත්
මනෝ වෛද්‍යවරු දෙන විසඳුමත්
අතර වෙනස සරලයි.
ප්‍රතිඵලය මානසිකව සමානයි.
මේ දෙකෙන්ම කරන්නේ සංවේදී බව නසා
පුද්ගලයා මෝහයට පත් කිරීමයි.

මනෝ වෛද්‍යවරයා ශාරීරිකව
පුද්ගලයා මෝහයට පත්කරනවා.
සමන්ත හිමි මානසිකව ඒ දේම කරනවා.

මනෝ වෛද්‍යවරයා කරන දේ හානිකරයි.
ඒ රසායනික ද්‍රව්‍යවලින් ඇති කරන වෙනස
ගන්නා කාලය, ප්‍රමාණය හා මාත්‍රාව අනුව
ආපසු හැරවීම අසීරු වෙන්න පුලුවන්.
ආපසු සිහි එළවා ගන්න බැරි වෙන්නත් පුලුවන්.

සමන්ත හිමිගෙ ක්‍රමය තාවකාලිකයි.
මනසට හානියක් නැතිව
විදසුනට යොමු වීමෙන් මිදෙන්න පුලුවන්.
වෙනස එපමණයි.

=======================================
විෂාදයට හොඳම විසඳුම පිළිබඳව
සැබෑ බුදු දහම තුළ ඇති ක්‍රම වේදය ගැන
වැඩි විස්තර සඳහා
මේ යොමුව භාවිතා කරන්න.

දුම් බීම මත්පැන් බීම පහසුවෙන් නතර කරන්න පුලුවන්


No comments:

Post a Comment