20170507

ගොමා වර්ජනයේ බොනිකර තරුව මෙවර හෙළි වුණා.


අඛණ්ඩ වර්ජනයක් පිළිබඳව
කලක් තිස්සේ පාරම් බෑවද
තවත් සංකේත වර්ජනයක්වත්
ඉදිරි කාලය තුළ කරගන්න බැරි තැනටයි
ගොමා කල්ලිය අද පත් වෙලා තියෙන්නෙ.

වර්ජන කියා මෙතුවක් කල් කළ බොරුව
මේ පරාජිත වර්ජනයේදී හෙළි වුණා.

සමස්ත ලංකා වර්ජනය සංවිධානය කළ
වෘත්තීය සමිති නායකයාම
දවල්ටත් වෙනදා මෙන්ම වැඩ කොට
රන්ජන් ඇතුළු දොළොස් දෙනෙකුට
රාත්‍රියටත් චැනල් කරන්නට වෙලාව දෙමින්
වර්ජකයන්ට ද්‍රෝහී වූ අවස්ථාවක්
සමස්ත වර්ජන ඉතිහාසයේම නැතුව ඇති.
මේ අපූර්ව හොරට වැඩ කිරීම මගින්
වෘත්තීය සමිති නායකයන් අතර
පාදෙණිය ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති.

සැබෑ වර්ජනයක ගරුත්වය, අභිමානය නොතකා
වාහනයටයි දරුවාගේ පාසලටයි ආදී වශයෙන්
හැම හිසේ ඇම්මකටම වර්ජන කරමින්
වර්ජනය නොයෙක් ආකාරයෙන් අවභාවිතා කළ
ගොමා කල්ලියේ අදූරදර්ශී වෛද්‍යවරු
ඒ තියුණු අවිය මොට කරගෙන අවසානයි.

ගොමා වර්ජන කියන්නෙ ජිල්මාට් ඔළු බක්කෙක්.
මහා දැවැන්ත ප්‍රතිරූපෙ ඇතුළෙ
පුංචි ලිලිපුට්ටෙක් ගේම දෙනවා.
සමහරු රැවටෙනවා.

බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය
මහා වෛද්‍ය වර්ජනයක් ලෙස හුවා දක්වා
කැවුම් කන්න යෝදයන් වන සිංහලයා
රවටන්නට ඔවුන් කලක් සමත් වුණා.

අනෙක් ක්ෂේත්‍රවල වර්ජකයනුත්
ගොමා ජිල්මාට් කරන්න හුරු වුණොත්
රටේ ජනතාවටත් රජයටත් විශාල සේවයක්.
ඒ වර්ජනය මැයි 05දා අසාර්ථක වූ
ඓතිහාසික වර්ජනය වගේ වෙයි.
අපි එදාට ගොමා වෛද්‍යවරුන්ට ස්තූති කරනවා.

ගොමා වර්ජන වල විශේෂත්වය
රට පුරා වෛද්‍යවරු බහුතරයක්
වෙනදා මෙන්ම වැඩ කරන අතර
බාහිර රෝගී අංශය වර්ජනය කිරීම මගින්
රෝගීන්ගෙන් පිරිසක් වෙනුවෙන් පමණක්
ප්‍රතිකාර වර්ජනය කිරීමේ මායාවයි.

බාහිර රෝගී අංශ වෛද්‍යවරුන් පමණක්
වර්ජනය කරඝෙන යන අතරත්
අනෙකුත් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට
වෙනදා මෙන්ම ඔවුන් බැඳී සිටීම නිසා
ඔවුන්ගේ වෘත්තියට හානියක් වෙන්නෙ නෑ.
වෘත්තික අවදානමකුත් නෑ.
බාහිර රෝගී අංශයට එන
සීමිත පිරිසකගේ දුක හැරෙන්න
පොදු ජනතා අප්‍රසාදයත් නෑ.

බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු කරන
ඔවුන්ට සීමා වූ පාර්ශවික වර්ජනය
සමස්ත ක්ෂේත්‍රයේම වර්ජනයක් මෙන්
බාහිර ලෝකයට මවා පෙන්වුවත්
සත්‍ය වශයෙන් සිදු වන්නේ
බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු පමණක්
වැඩ වර්ජනයේ යෙදීමයි.
ඔවුන්ට පවා එදින සේවයට වාර්තා
කරන්නට බාධාවක් නැත.

වර්ජනය සංවිධානය කරන නායකයාගේ පටන්
අති විශාල වෛද්‍ය වරු පිරිසක්
වෙනදා මෙන්ම වැඩ කරමින්
ගොමා වෛද්‍ය කල්ලිය
වචනයෙන් ලෝකයට පෙන්වන්නේ
සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයම
වර්ජනයට සහභාගිවන්නක් මෙනි.

"බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු පමණක්
වර්ජනයේ යෙදෙනවා" කියා කියනවිට
වර්ජනයේ රූපික විශාලත්වය
විශාල ලෙස අඩුවෙයි.
ඔවුන් බහුලව ප්‍රයෝජනයට ගන්නා
වෙළඳ මාධ්‍යරූපී ප්‍රචාරණයට
ඇඟිල්ලක් ඉදිමුණ මිනිසා
"ඉදිමුණ මිනිසෙක්" ලෙස හැඳින්වීම
ගොමා අරමුණු සඳහා වාසි සහගතය.

අඟුටු මිට්ටන් දැවැන්තයන් කිරීම සහ
දැවැන්තයන් අඟුටුමිට්ටන් කිරීම
ගොමා කල්ලියට ඉතා පහසු දෙයක්.
"හැම වෛද්‍යවරයෙක්ම බුද්ධ්මතෙකි" ය
යන මිථ්‍යා විශ්වාසය දරන ජනතාවට
ගෝනි බිල්ලන් මවා පෙන්වීම පහසු ක්‍රියාවකි.

මෙවැනි උප්පරවැට්ටි
තර්ක කොට ඔප්පු කළ නොහැකි වුවද
බැටළු වෙස් ගත් සිවලුන් කිහිප වරක් දකින විට
අණ්ඩපාලයන්ගේ වල්ගය හඳුනාගත හැකි
නිසග ඉවක් සිංහලයාට පිහිටා ඇත.

අද වෛද්‍යවරුන්ගේ වර්ජන වල
පිළියම් කළ නොහැකි පිරිහීමට හේතුව
සාමාන්‍ය නූගත් මිනිසාගේ ප්‍රඥාව ගැන
ඔවුන් තුළ ඇති අවතක්සේරුවයි.

රෝග සහ ප්‍රතිකාර ඉගෙනීම යනු
සියල්ල දක්නා සර්වඥභාවය ලැබීමක් ලෙස සිතන
ගොමා වර්ගයේ වෛද්‍යවරු මානසිකව වෙසෙන්නේ
පොළවට මීටර් කිහිපයක් ඉහළිනි.

මෙඩිසින් අහසේ සිට ලෝකය බලන
ගොමා වෛද්‍යවරයා මිනිසුන් දකින්නේ
ඔවුන්ගේ මෙඩිසින් රන් කෙවිටෙන් දක්කනු ලබන
මරි මෝඩයන්, ගොන් මී හරකුන්, බූරුවන්,
උන්මත්තකයන්, ඇල්සයිමර් කාරයන් ආදී වශයෙනි.
පාදෙණියගේ පටන්ම ගොමා වෛද්‍යවරු කුපිත වූ විට
මේ දූෂිත හැඟීම් වචන වලින්ම අසාගත හැකිය..
මම පුද්ගලිකවද නිතරම අසා ඇත්තෙමි.

ගොමා වෛද්‍යවරුන්ගේ
ජිල්මාට් වර්ජන වල සැබෑ ස්වභාවය
අපට වඩා හොඳින් හඳුනා ගත හැකි
වර්ජනය හුරු වැඩකරන ජනතාව විසින්
කලක් තිස්සේ පසක් කරන්නට ඇත.

මැයි පස් වෙනිදා
ඓතිහාසික ලෙස පරාජය වූ
සංකේත වර්ජනයෙන් අප දුටුවේ
ගොමා කල්ලියේ වර්ජන පිළිබඳව
වැඩ කරන ජනතාව තුළ ඇති
බරපතළ අවිශ්වාසයයි.

වෛද්‍ය වෘත්තියට ඇති පොදු සිවිල් බලය
ගොමා වෛද්‍ය කල්ලිය විසින් නිරතුරුවම
පුද්ගලික වාසියට අවභාවිතා කරනවා.
දූෂණය කරනවා.

එය වෛද්‍ය ක්ෂේත්‍රයට කරන අපරාධයක්..

මේ අත්තනෝමතික අවභාවිතාවෙන්
වඩාත්ම හානියක් වෙන්නෙ
සැබෑ කාරුණික වෛද්‍යවරුන්ටයි.
ඔවුන්ට ලැබිය යුතු නිසි ගෞරවයත්
මේ ආත්මාර්ථකාමීන් විසින් පැහැරගෙන
බිඳ දමනවා.
ක්ෂේත්‍රයේම ගරුත්වය පිරිහෙනවා.

1 comment:

  1. ඉතාම අගනා ලිපියකි!!!

    ReplyDelete