20170507

වෛද්‍ය වෘත්තිය යහපත්, වෛද්‍යවරු විෂමයි.


වෛද්‍යවරුනි,
අපේ ගෞරවය ඔබ දිනා ගත යුතුයි.
 අපේ හිත පිරෙන්න 'ගෞරවය' තියනවා
ගෞරවය ලබා ගැනීම ඔබ සතුයි.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
සහෘද ලාංකික වෛද්‍යවරුනි,
මේ අවකාශයේ සිදු වන සංවාද වලදී ඔබ කළ සේවයන් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන්න. මේ අවකාශයේ සිටිනා මිනිසුන් ගෙන් ඔබට ලැබෙන අනුකම්පාවක්, හෝ දයාවක් නැති අතර ඔබ තවත් එක් පුද්ගලයෙක් පමණක් බැව් මතක තබා ගන්න. ඔබ රාජකාරියට එපිටින් සේවය කලත් ඒවා මේ අවකාශයට අවශ්‍ය නැත. ඒවා ඔබේ හිතේ පමණක් තබා ගත යුතු දෑ පමණි.
FACEBOOK
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මේක අසාධාරණ ඉල්ලීමක්. උපුල්.
ඒ වගේම අසත්‍ය ප්‍රකාශයක්.

යම් වෛද්‍යවරයෙක් හෙලි කරන සේවාව
තමන්ගේම පුද්ගලික සේවාව නම්
අපි අගය කරනවා.
පොදුවේ දොස්තර වරු කරන සේවාව
කවුරුවත් අපට කියා දෙන්න අවශ්‍ය නැහැ.
අපි ඔවුන් ගැන දන්නවා.
වෛද්‍ය ක්‍රමය කුමක් වුවත්
සැබෑ කාරුණික වෛද්‍යවරයා මිහිබට දෙවි කෙනෙක්.
ඒත් ඔවුන්ගේ නම විකුණමින් අනුකම්පාව යදින
අකාරුණික මුදලාලිලාට අපි රැවටෙන්නේ නැහැ.

වෛද්‍ය නාමල් ගමගේ වැන්නවුන්ට
කෙළෙහි ගුණ දක්වන්න බැහැ දකින්න ඇවිත්
ඔහු හමු නොවුණාම පාවහන් සඟලටත් වැඳල යන
කෙළෙහි ගුණ දත් ජනතාවක් අතරයි අපි වෙසෙන්නෙ.
මා ඔහු දැක නැතත්,  මට කළ දෙයක් නැතත්
දැනට පණස් දහසක් ඉක්මවා කියවන
ඔහු ගැන සංසරණී බ්ලොග් ලිපියට ලැබුණ
විශ්මිත ප්‍රතිචාරයෙන් මා දුටු ඔහු ගැන
මා දන්නා සාමාන්‍ය තොරතුරු අනුව
ඔහුගේ පාවහන් සඟලට වඳින්නට මාත් සූදානම්.

බුද්ධදාස රජතුමාත් මේ පරපුරේම කෙනෙක්.
ඔහු අද වෛද්‍යවරුන් අතර විශ්ව ආදර්ශයක්.
එවැනි වෛද්‍යවරුන් අදත් අප අතර සිටිනවා.
ඒ වෛද්‍යවරුන්ගේ යහපත් කම් නිසා
තවත් වෛද්‍යවරයෙකුගේ අයහපත් කමට
අපි සමාව දෙන්නේ නෑ.

වෛද්‍යවරුනි,
ඔබේ ගෞරවය ඔබම දිනා ගත යුතුයි.
ඒ ගෞරවය අපේ හිත පිරී තියනවා
ලබා ගැනීම ඔබ සතුයි.

දොස්තර හැසිරීම් නිසාම දැවෙන හිත
එවැනි කෙනෙක් දුටුවාම සුවපත් වෙනවා.
ඒ අවස්ථාව වළක්වන්න එපා උපුල්.

වෛද්‍ය රෝහිත ප්‍රදීප් කුපිත වූ විට
මා සමග තදින් ගැටුම් වලට යොමුවුණ
මට ඉතාම පහත් විදියට සැලකුව කෙනෙක්.

ඒ කිසිවෙක් සමග පුද්ගලික තරහක් මට නැතත්
එවැන්නන් පිළිබඳව මටත් අප්‍රසාදයක් තියනවා.
ඔහු කරන ලද සේවාවන් පිළිබඳව
ඔහු විසින් කරන ලද සංවේදී සටහනක්
මා කියෙව්වා.
ඒ පුද්ගලික සටහන දැකීමෙන්
මා තුළ රෝහිත කෙරෙහි වූ අප්‍රසාදය
ඉතාම විශාල ප්‍රමාණයකින් පහවුණා.
ඔහුගේ චරිතය පිළිබඳව වූ මගේ ප්‍රතිරූපයත්
ඒ අයුරින්ම නිවැරදි වුණා.

උපුල් සමගත් මගේ මොන ගැටුම් තිබුණත්
උපුල්ගේ චරිතය සහ යහපත් හැසිරීම් ගැන
මා තුල ඇති ගෞරවය එසේමයි.
සමහර විෂය වලින් අසමත් වීම හෝ සමත්වීම
සමස්ත පුද්ගලයා අගය කරන්නට හෝ
සමස්ත පුද්ගලයා හෙළා දකින්නට
සාධාරණ හේතුවක් නොවෙයි.

දරුවයි ගෑණියි දාල ගිය සිදුහත්ගෙ දහම
කියමින් බුදු දහම හෙළා දකින,
කුරුසියෙ ඇණ ගැසුම් කෑවා කියමින්
ක්‍රිස්තුන් වහන්සේ හෙළා දකින
මන්ද බුද්ධිකයන් නොවෙමු, අපි..

No comments:

Post a Comment