20160830

සිරිධම්ම හිමි, ඔබ රහතෙක් නොවෙයි.



ඔබ රහතෙක් නොවෙයි.

ඔබේම වචනවලට අනුව
මේ ඔබ උගන්වන විපස්සනාවයි.
 ------------------------------------------
මං ඕගොල්ලන්ට කියන්නම්
සෝතාපන්න වෙන්න තියන කෙටි ක්‍රමයක්.
වර්තමානයේ පැවතීමමයි.
වර්තමානය තියනකොට කිසි දුකක් නෑ.
ඒ දුක නැතිව පැවැත්තුවාම
ඒ දුක නැතිකමම තමයි
එයාගෙ විපස්සනාව.
සිහියෙන් පැවතීම.
එතකොට එයා වර්තමානයට ආවාම
වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා.
ඉතිං හරිනේ එහෙනම්..
එහෙනම් ඔය මොකක්වත් බහුබූත ඕන නෑනේ.
--------------------------------------------------

චිත්තානුපස්සනාව නමින් ඔබ දෙසන/
මේ ව්‍යාජ විපස්සනාවට අමතරවත්
ඔබ දෙසන දහම තුළ
සතර සතිපට්ඨානයෙහි වැදගත්ම අංග දෙක වන
කාය වේදනා අනුපස්සනා දෙක නැත.


කාය වේදනා දෙක
 දුකෙන් මිදෙන මාර්ගයෙහි
 මුල් දෙපියවරයි.


ඔබ රහතෙක් කියා කියනවා නම්
ඔබ දෙසන්නේ බුදු දහම නම්

ඔබ දෙසන දහම තුළ
ප්‍රඥාවට පාදක වන ධර්ම අතර
කාය වේදනා දෙක තිබිය යුතුමය.

කාය වේදනා දෙක
 ආධ්‍යාත්මික පාරිශුද්ධ භාවය සඳහා
 භාවිතා කරන වෙනත් දහමක් ඇත්ද?

කාය වේදනා  පිළිබඳ සිහිය වැඩීමක් ඇත්තේ
බුදු දහම තුළ පමණි..
.
.


සිතෙහි ඇතිවෙන සියලුම දේ
වේදනා සමව සරණ කොට පවතී.

සිතෙහි යමක් ඇතිවෙන විට
ඒ හා සමගම කයෙහිද වේදනාවක් පවතී.

වේදනාවක් කියන්නෙ කයෙහි සිදුවෙන
ජෛව රසායනික ක්‍රියාවක් සිත හඳුනා ගැනීමක්.


ඒ වේදනා සිත නොදන්නෙ
සිහිය සහ උපේක්ෂාව නැති නිසයි.
රහත් වුණ කෙනෙකුට
කයෙහි සියලු වේදනා දැනෙනවා.


රහතන් වහන්සේ කෙනෙක් කියන්නෙ
කාය වේදනා දෙක ඇසුරෙන්
'මම' කියන මිථ්‍යාව පිරිසිඳ දත් කෙනෙක්.


සිත පිරිසිඳ දකින්නට නම්
කයෙහි වේදනාවද දැකිය යුතුය.
සිත පිරිසිඳ දකින්නා වේදනාවද දකී.
වේදනාව පිරිසිඳ දකින්නා සිතද දකී.

'' සුව වේදනා ය,දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා ය,
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''
බුදුන් වහන්සේ


සිරිධම්ම හිමි,
ඔබ රහතෙක් නම් වේදනා පිරිසිඳ දත යුතුයි.

වේදනා තුනෙකි.
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා යි


පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.

වේදනා පිරිසිඳ දකිනවා කියන්නෙ
එක වේදනාවක් පිරිසිඳ දැකීම නොවෙයි.
මුළු කය පුරාම දැනෙන සියලුම වේදනා
පිරිසිඳ දැකීමයි.
මේ අවස්ථාවට පත් වෙන කෙනෙක් රහත් වෙලා.

ඒ නිසයි බුදුන් වහන්සේ කියන්නෙ
හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.


කයත් වේදනාත් නොදැක
සතර සතිපට්ඨානය වඩන කෙනෙක් තුළ
විදර්ශනාව වැඩෙන්නෙ නෑ.

සාමාන්‍ය කෙනෙකුට
කයක් තියනවා කියලවත් දැනෙන්නෙ නෑ.
ඔහු තනිකරම ජීවත් වෙන්නෙ සිත තුළ.

ඔහු අත සේදීම වැනි
සරල ක්‍රියාවකින් දැනෙන
සරල අත්දැකීමවත් දන්නෙ නෑ.

කය පිළිබඳ දැනීම වැඩෙන්න
කයෙහි වේදනා දකින්න
සිත හුරු විය යුතුයි.

සතර සතිපට්ඨානය මගින් විදසුන් වඩන්නෙක්
ආනාපාන සතිය මගින්
සියලු කයට ප්‍රති සංවේදී කරන්නෙ
කය පුරාම වේදනා දකින්න හැකි වෙන්නයි.
මේ සිහිය දියුණු කරන්න
ඉරියා පථය උපකාර වෙනවා.
සබ්බ කාය පටි සංවේදී

කය පිළබඳ සිහිය -
කාය
 කයට සංවේදී වීමෙන්
කයෙහි වෙනස් වීම් පිළිබඳව -වේදනා
විදර්ශනය දියුණු කරනවා.

ඒ අතර
පටිකූල මනසිකාරය,
ධාතු මනසිකාර ආදියෙන්
මනසිනුත් කය දකින්න හුරු කරනවා.

මේ සම්මා වායාමයෙහි යෙදෙන කෙනෙකුට
අනිවාර්යයෙන්ම සිතත්, -චිත්ත
සිතෙහි ඇතිවෙන වෙනස් වීම් -ධම්ම දෙකත්
විදර්ශනය වෙනවා.

පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
.

''වේදනා පිරිසිඳ දකිනවා'' කියන්නෙ
එක වේදනාවක් පිරිසිඳ දැකීම නොවෙයි.
මුළු කය පුරාම දැනෙන සියලුම වේදනා
පිරිසිඳ දැකීමයි.
.

'' සුව වේදනා ය, දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා ය,
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''

මේ අවස්ථාවට පත් වෙන කෙනෙක් රහත් වෙලා.
.

වේදනා නාඳුනන ඔබ රහතෙක් නොවෙයි.
-----------------------------------------------

20160826

මිනිස් සිතටත් ආහාර අවශ්‍යයි.

මිනිස් සිත කියන්නෙ
 නොකඩවා ක්‍රියා කරන යන්ත්‍රයක්.
කයට වගේම
 ඒ යන්ත්‍රයටත් ආහාර අවශ්‍යයි.

 දවස පුරාම අපි බාහිර ලෝකයට
 ඇස් අයාගෙන, සවන් යොමාගෙන
 සිතට ආහාර සොයනවා.
අපි ප්‍රිය කරන්නෙ රාග නිශ්‍රිත
 ද්වේශ නිශ්‍රිත ආහාරයයි.

අපි අහන ප්‍රවෘත්ති, දකින ප්‍රවෘත්ති,
අපේ දෑසේ, දෙසවනේ ස්පර්ශ වෙද්දි
 අපි ඒ රූප විඳ සකස් කරගත්
 අපේ ආකල්ප කැළතෙනවා.. කැළඹෙනවා.
අපේ කය තුළ සුඛ දුක්ඛ වේදනා උපදිනවා.
වේදනාව සුඛ නම් රාගය උපදිනවා.
වේදනාව දුක්ඛ නම් ද්වේශය උපදිනවා.
ඉතිරි මුළු කාලය තුළම
 අපට නොදැනෙන අදුක්ඛමාසුඛ වේදනා නිසා
 මෝහය ඇති වෙනවා.

මේ ක්‍රියාවලියෙ අපි කැමති දේ
 අපි සැප වශයෙන් විඳිනවා.
අකැමති දේ දුක් වශයෙන් විඳිනවා.

සිතට දෙන ආහාරත්
 කයට දෙන ආහාර වගේම
 අපි වෙළඳපොළෙන් අරන් සකස් කරගන්නවා.
පොතක පත්තරයක පිටු පෙරළමින්
 රිමෝට් කන්ට්‍රොල් එක ඔබමින්
 ඕපාදූප කතා කරමින්
 අපි මාර්කට් එකේ ශොපින් යනවා.

සංවාද විවාද ආදියෙහි යෙදෙමින්
 අපි ඒ ආහාර රස කරගන්නවා.
සමථ භාවනාවක් මාර්ගයෙන්
 උපවාසයෙහි යෙදිලා......
මෝහ ආහාරයෙන් සිත සනසා ගන්නවා.
වෙහෙස නිවාගන්න නින්දට වැටිලා
 මෝහ ආහාරයෙන් සිත සනසා ගන්නවා.
මේ පෝෂණය අනුව
 අපේ හෙට දවස තීරණය වෙනවා.
හෙට දවසේ ආහාර තීරණය වෙනවා.

20160824

නොසැලී වෙසෙන්නාට, පස්කම් සුවයෙහි ඇලුණු කාමභෝගීන්ගේ ප්‍රතිචාරය

 
අට ලෝ දහමින් නොසැලී 

අකම්පිතව, සෝක නොකර, කිළිටි නොවී, ක්ෂේමව,
ආනෙඤ්ජ සමාපත්තියෙන් වෙසෙන පුද්ගලයා පිළිබඳව
පසිඳුරන් ඇසුරෙන් සහ මනසින් විඳින කම් සුවයට ඇලුණු පුද්ගලයන් දක්වන ප්‍රතිචාරය මෙහි දැක්වේ.
ආනෙඤ්ජ සමාපත්තිය

[ ආනෙඤ්ජ සමාපත්තිය යනු නොසැලී විසීමයි. ]

සුනක්ඛත්තය,මෙලොවැ ඇතැම් පුරුෂ පුද්ගලයෙක්
යම්හෙයෙකින් පස්කම්ගුණයෙහි ඇලුණේ වේ නම්,
සුනක්ඛත්තය,
එකාන්තයෙන් පඤ්චකාමගුණයෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගල හට
ඒ කාමගුණ සභාග වූ මැ කථාව පවතී,
ඊට අනුරූප ධර්ම වූ විතර්කය ද විතර්ක කෙරෙයි,
විචාරණය කෙරෙයි,
ඒ (කාමගුණ කථා කරන) පුරුෂයා ද භජනය කෙරෙයි,
ඔහුගෙන් සතුටට ද පැමිණෙයි,
යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි කථාව කරනු ලබන කල්හි
නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි,
දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නොබෙජෙයි,
ඔහු ගෙන් නොසතුටට පැමිණෙයි.

යම්සේ සුනක්ඛත්තය,
පුරුෂයෙක් සිය ගමින් හෝ නිගමයෙන් හෝ
බොහෝ කල් වෙන් වැ වසන්නේ ද,
හේ ඒ ගමින් හෝ නිගමයෙන් හෝ පැමිණි
නොබෝකල් ඇති අන්‍යතර පුරුෂයකු දක්නේ නම්,
හේ ඒ පුරුෂයා අතින් ඒ ගම හෝ නිගමය හෝ පිළිබඳ
ක්‍ෂෙම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පුළුවුස්නේ ය,
ඔහට ඒ පුරුෂ ඒ ගම හෝ නියම්ගම හෝ පිළිබඳ ක්‍ෂෙම බව ද
සුභික්ෂ බව ද නිරාබාධ බව ද පවසන්නේය.
සුනක්ඛත්ත,
එ කිමැයි සිතයි ද?
ඒ පුරුෂ ඒ (පැමිණි) පුරුෂයාගේ බස් අසනු කැමැතිවන්නේද,
ඇසීමට කන නමන්නේද, දැනුමට සිත එළවන්නේද, ඒ පුරුෂයාත් සෙවුනේද,
ඔහුගෙනුදු සතුටට පැමිණෙන්නේ නො වේ දැ?’ යි.

එසේ යැ වහන්ස,

එසෙයින් මැ සුනක්ඛත්තය,
තෙල කරුණ විද්‍යමාන වෙයි:
යම් හෙයෙකින් මෙලොව ඇතැම් පුරුෂපුද්ගලයෙක්
පඤ්චකාමගුණයෙහි ඇලුණේ වන්නේ ද,
සුනක්ඛත්තය,
ලොකාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලහට
ඊට අනුරූප වූ මැ කථාව පවති,
ඊට අනුරූප වූ ධර්මය මැ විතර්ක කෙරෙයි,
විචාරණය කෙරෙයි,
ඒ පස්කම් ගුණයෙහි ඇලුණු පුරුෂයා භජනය ද කෙරෙයි,
ඔහුගෙන් සතුටට ද පැමිණෙයි,
යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි වූ කථාව කරන ලබන කල්හි
අසන්නට නොරිසි වෙයි. ඇසීමට කන නො නමයි,
 දැනුමට සිත නොඑළවයි, ඒ පුරුෂයා භජනය ද නොකෙරෙයි,
එයින් සතුටට ද නොපැමිණෙයි.
හේ මෙසේ දතයුතු වන්නේ ය.
ආනෙඤ්ජ සමාපත්තිසංයොජනයෙන් යුක්ත නො වූ
පඤ්චකාමගුණාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.

සුනක්ඛත්තය,
තෙල කරුණ විද්‍යමාන වෙයි:
මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක්
ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණේ වේ ද,
සුනක්ඛත්තය,
ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට
ඊට අනුරූප වූ කථාව පවතී,
ඊට අනුරූප වූ ධර්මය විතර්කවිචාර ද කෙරෙයි,
ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි.
යළි පඤ්චකාමගුණාමිෂයෙන් යුක්ත වූ කථාව කරනු ලබන කල්හි
අසනු නො කැමැති වෙයි, ඇසීමට කන නො නමයි,
දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා ද ඇසුරු නොකෙරෙයි,
ඔහුගෙන්  සතුටු ද නොවෙයි.

යම්සේ සුනක්ඛත්තය,
නටුයෙන් ගිලිහුණු පඬුවන් වූ පත්‍රයෙක්
හරිද්වර්ණය පිණිස අභව්‍ය වේ ද,
එසෙයින් මැ සුනක්ඛත්තය,
ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල හට
යම් ලොකාමිෂසංයොජනයෙක් ඇද්ද,
එය ගිලිහුණේ වෙයි.
හේ මෙසේ දතයුතු වන්නේ ය:
ලොකමිෂසංයොජනයෙන් විසංයුක්ත වූ
ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ත ඇති
පුරුෂ පුද්ගලයෙකැ’ යි කියා යි.

 ආනෙඤ්‌ජ සූත්‍රය
ආපායික වර්ගය - තික නිපාතය - අඞ්‌ගුත්‌තර නිකාය


20160821

ත්‍රිපිටකයෙන් දහම් මිණි

 
අට ලෝ දහමින් නොසැලී 

අකම්පිතව, සෝක නොකර, කිළිටි නොවී, ක්ෂේමව,
ආනෙඤ්ජ සමාපත්තියෙන් වෙසෙන පුද්ගලයා පිළිබඳව
පසිඳුරන් ඇසුරෙන් සහ මනසින් විඳින
කම් සුවයට ඇලුණු පුද්ගලයන් දක්වන ප්‍රතිචාරය මෙහි දැක්වේ.
ආනෙඤ්ජ සමාපත්තිය

[ ආනෙඤ්ජ සමාපත්තිය යනු නොසැලී විසීමයි. ]

සුනක්ඛත්තය,මෙලොවැ ඇතැම් පුරුෂ පුද්ගලයෙක්
යම්හෙයෙකින් පස්කම්ගුණයෙහි ඇලුණේ වේ නම්,
සුනක්ඛත්තය,
එකාන්තයෙන් පඤ්චකාමගුණයෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගල හට
ඒ කාමගුණ සභාග වූ මැ කථාව පවතී,
ඊට අනුරූප ධර්ම වූ විතර්කය ද විතර්ක කෙරෙයි,
විචාරණය කෙරෙයි,
ඒ (කාමගුණ කථා කරන) පුරුෂයා ද භජනය කෙරෙයි,
ඔහුගෙන් සතුටට ද පැමිණෙයි,
යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි කථාව කරනු ලබන කල්හි
නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි,
දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නොබෙජෙයි,
ඔහු ගෙන් නොසතුටට පැමිණෙයි.

යම්සේ සුනක්ඛත්තය,
පුරුෂයෙක් සිය ගමින් හෝ නිගමයෙන් හෝ
බොහෝ කල් වෙන් වැ වසන්නේ ද,
හේ ඒ ගමින් හෝ නිගමයෙන් හෝ පැමිණි
නොබෝකල් ඇති අන්‍යතර පුරුෂයකු දක්නේ නම්,
හේ ඒ පුරුෂයා අතින් ඒ ගම හෝ නිගමය හෝ පිළිබඳ
ක්‍ෂෙම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පුළුවුස්නේ ය,
ඔහට ඒ පුරුෂ ඒ ගම හෝ නියම්ගම හෝ පිළිබඳ ක්‍ෂෙම බව ද
සුභික්ෂ බව ද නිරාබාධ බව ද පවසන්නේය.
සුනක්ඛත්ත,
එ කිමැයි සිතයි ද?
ඒ පුරුෂ ඒ (පැමිණි) පුරුෂයාගේ බස් අසනු කැමැතිවන්නේද,
ඇසීමට කන නමන්නේද, දැනුමට සිත එළවන්නේද, ඒ පුරුෂයාත් සෙවුනේද,
ඔහුගෙනුදු සතුටට පැමිණෙන්නේ නො වේ දැ?’ යි.

එසේ යැ වහන්ස,

එසෙයින් මැ සුනක්ඛත්තය,
තෙල කරුණ විද්‍යමාන වෙයි:
යම් හෙයෙකින් මෙලොව ඇතැම් පුරුෂපුද්ගලයෙක්
පඤ්චකාමගුණයෙහි ඇලුණේ වන්නේ ද,
සුනක්ඛත්තය,
ලොකාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලහට
ඊට අනුරූප වූ මැ කථාව පවති,
ඊට අනුරූප වූ ධර්මය මැ විතර්ක කෙරෙයි,
විචාරණය කෙරෙයි,
ඒ පස්කම් ගුණයෙහි ඇලුණු පුරුෂයා භජනය ද කෙරෙයි,
ඔහුගෙන් සතුටට ද පැමිණෙයි,
යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි වූ කථාව කරන ලබන කල්හි
අසන්නට නොරිසි වෙයි. ඇසීමට කන නො නමයි,
 දැනුමට සිත නොඑළවයි, ඒ පුරුෂයා භජනය ද නොකෙරෙයි,
එයින් සතුටට ද නොපැමිණෙයි.
හේ මෙසේ දතයුතු වන්නේ ය.
ආනෙඤ්ජ සමාපත්තිසංයොජනයෙන් යුක්ත නො වූ
පඤ්චකාමගුණාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.

සුනක්ඛත්තය,
තෙල කරුණ විද්‍යමාන වෙයි:
මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක්
ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණේ වේ ද,
සුනක්ඛත්තය,
ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට
ඊට අනුරූප වූ කථාව පවතී,
ඊට අනුරූප වූ ධර්මය විතර්කවිචාර ද කෙරෙයි,
ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි.
යළි පඤ්චකාමගුණාමිෂයෙන් යුක්ත වූ කථාව කරනු ලබන කල්හි
අසනු නො කැමැති වෙයි, ඇසීමට කන නො නමයි,
දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා ද ඇසුරු නොකෙරෙයි,
ඔහුගෙන්  සතුටු ද නොවෙයි.

යම්සේ සුනක්ඛත්තය,
නටුයෙන් ගිලිහුණු පඬුවන් වූ පත්‍රයෙක්
හරිද්වර්ණය පිණිස අභව්‍ය වේ ද,
එසෙයින් මැ සුනක්ඛත්තය,
ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල හට
යම් ලොකාමිෂසංයොජනයෙක් ඇද්ද,
එය ගිලිහුණේ වෙයි.
හේ මෙසේ දතයුතු වන්නේ ය:
ලොකමිෂසංයොජනයෙන් විසංයුක්ත වූ
ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ත ඇති
පුරුෂ පුද්ගලයෙකැ’ යි කියා යි.

 ආනෙඤ්‌ජ සූත්‍රය
ආපායික වර්ගය - තික නිපාතය - අඞ්‌ගුත්‌තර නිකාය

===================================

බුදුන් වහන්සේගේ විශේෂ සූත්‍ර දේශනා කොටස්
ත්‍රිපිටක දහම් මිණි හි වරින් වර පළ වේ.
http://thripitakadahammini.blogspot.com/p/blog-page.html

.........

 


20160820

යසෝධරා තෙරණියෝ පිරිනිවනට අවසර පතන්නී....


යසෝධරාපදානය

952. එක්සමයෙක්හි රම්‍ය වූ සමෘද්ධිමත් රජගහ නුවරැ 
එක්තරා ගිරිගුහායෙක්හි නරනායක වූ 
තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන සෙමෙහි -
953. එනුවරැ මනරම් මෙහෙණවරෙකැ වෙසෙන 
යශෝධරා තෙරණියනට මෙබඳු විතර්කයෙක් වූයේ යැ:
954. - 955. “නන්ද යැ, රාහුලභද්‍ර යැ, එසෙයින් මැ අග්‍රශ්‍රාවක යැ, 
සුද්ධෝදන මහරජ යැ, පජාපතිගොතමී යැ, ප්‍රසිද්ධ මහතෙරණුවෝ යැ, 
මහත් සෘද්ධි ඇති තෙරණියෝ යැ යන ඔබ 
ආස්‍රව රහිත වූවාහු (තෙල් රහිත) පහන්සිළු සෙයින් 
ශාන්තියට ගියාහු මැ වූහු.
956. ලෝකනාථයන් වහන්සේ ධ්‍රියමාන කල්හි මැ 
මම් දු ශාන්තියට යන්නෙමි” යි සිතා තමන් ආයු පමණ බලන්නී -
957. එදවසැ මැ ක්‍ෂයයට ගිය අයුසංස්කාර දැක 
පා සිවුරු ගෙන සිය අසපුවෙන් නික්මැ -
958. සිය ගණන් දහස්ගනන් මෙහෙණන් විසින් පෙරටු කරනලද 
මහත් සෘද්ධි ඇති මහත් ප්‍රඥා ඇති ඒ යශෝධරාවෝ 
සම්බුදුරජුන් කරා එළැඹුණාහ.
959. සම්බුදුහු වැඳ සක් ලකුණු ඇති ස්ථරහු වෙතැ 
එකත් පසෙකැ හුන්නා මෙවදන් බිණූහු:
960. “මහාමුනිතුමනි,  සැලකරමි: 
මම අටසැත්තෑ හැවිරිදි වෙමි. (මේ) පැසුළු වයස වෙයි, 
මරණ නමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි.
961. මාගේ වයස මුහුකුරා සිටුනේ යැ, 
මාගේ ජීවිතය මද කල් පවත්නේ යැ, 
තොප හැර යන්නෙමි, 
මා විසින් තමහට පිහිට කරගන්නා ලදි.
962. මරණ තෙම පශ්චිමකාලයෙහි ආයු පෙළ යි, 
මහාවීරයන් වහන්ස අද රැය නිවනට පැමිණෙන්නෙමි.
963. මුනිවරයන් වහන්ස, 
යම් තෙනෙකැ ජාති - ජරා - ව්‍යාධි - මරණ නැත් ද, 
යම් තෙනෙකැ ගිය සත්ව නො පැනේ ද, 
වීරයන් වහන්ස, මම එහි යන්නෙමි.”

964. මෙහි යම් පමණ පිරිස් කෙනෙක් 
ශාස්තෲන් වහන්සේ වෙතැ රැස් වැ හිඳිත් ද, 
(ඔහු මා කළ) දොසක් දනිත් නම් 
මුනිඳුන් හමියෙහි කමත්වා!

965. මහාවීරයාණෙනි, සැලකරමි: 
සසරැ සරා ඇවිදුනා සෙමෙහි තොප කෙරෙහි 
ඉදින් මාගේ දොසෙක් වී නම් එය ක්‍ෂමා කරව.”

966. ඇගේ වදන් අසා මුනීන්ද්‍රයන් වහන්සේ මෙය වදාළසේකැ: “නිවනට යන තොපට මතු කුමක් නම් කියම් ද?
967. මාගේ අනුසසුන් කරන්න, සෘද්ධි ද දක්ව, සසුන්හි ලා සියලු පිරිස් හි සැක ද සිඳලව” යි.
968. මුනිඳුන්ගේ එවදන් අසා ඒ යශෝධරා මෙහෙණ එ මුනිරජුන් වැඳ මේ වචන කිවු:
969. වීරයන් වහන්ස, ශාක්‍යකුලයෙහි උපන් ස්ත්‍රීලක්‍ෂණයෙහි පිහිටි මම් යශෝධරා වෙමි, ගිහිගෙහි දී තොපගේ ප්‍රජාපති (භාර්‍ය්‍යා) වූමු.
970. වීරයාණෙනි, මම තොපගේ නිවසෙහි එක්ලක්ෂසයානූදහසක් කාන්තාවනට ප්‍රමුඛ වූමු. සියල්ලට ඉසුරු ද වුමු.
971. රූප - ආචාර ගුණයෙන් යුතු යොවුන් වියෙහි සිටි මම ප්‍රියතෙපුල් ඇති වූමු, මිනිසුන් දෙවියන් පුදනු සෙයින් සියල්ලෝ මා පුදත්.
972. ශාක්‍යපුත්‍රයන්ගේ නිවෙස්හි සහස්‍රකන්‍යාවනට ප්‍රමුඛ වූමු. සමාන සුවදුක් ඇති උහු (ඒ කන්‍යාවෝ) නඳුනුයනෙහි දේවතා බඳු වූහු.
973. කාමධාතු ඉක්මැ වූවා රූපධාතුහි සිටියා වෙමි. ලෝකනායකයන් තබා රූපයෙන් (මට) සමාන වූවක් නැති.
974. යශෝධරාවෝ මේ ආදිය කියා අහසට පැන නැගැ බුදුරදුන්ගේ අනුදැන්මෙන් නොයෙක් සෘද්ධි දැක් වූහ.
975. කය සක්වළ හා සම යැ, හිස උතුරුදෙසින් වූ කුරු දිවයින යැ, පියාපත් යුවළ (පූර්වවිදේහ - අපරගොයාන යන) දෙ දිව් යැ, සිරුරින් දඹදිව යැ.
976. පිල්කළඹ දකුණු සයුර යැ, පියාපත් නානා (වෘක්‍ෂ) ශාඛා යැ, දෙයැස සඳහිර යැ, මෙරුපර්වතයෙන් ශිඛා යැ.
977. තුඩ සක්වළ ගිර යැ (මෙබඳු ළිහිණි‍ රුවක් මවා දඹදිවට සලකුණු වූ) දඹරුක මුල් සහිත වැ උපුටා (එයින්) පවන් සලමින් එළැඹැ ලෝකනායකයන් වහන්සේ වඳිති.
978. ඇත්රුවක් ද, එසෙයින් ම අස්රුවක් ද, පව්වක් ද, මහසයුර ද, එසේ ම සඳු ද හිරු ද මෙරුව ද සක්රුව ද දැක්වූහ.
979. වීරයන් වහන්ස, මම යශෝධරා යැ, චක්‍ෂුර්මතුන් වහන්ස, (තොප) පා වඳිමි යි (කියමින්) දහසක් ලොධා විකසිත පද්මයකින් වැසූහ.
980. බ්‍රහ්මවේශ ද මවා ශුන්‍යතාප්‍රතිසංයුක්ත ධර්මදේශනා කළාහ. (යළි මෙසේ ද කියයි:) වීරයාණෙනි, මම් යශෝධරා යැ, චක්‍ෂුර්මතාණනි, (තොප) පා වඳිමි.
981. මහාමුනිතුමනි, සෘද්ධියෙහි ද, දිබ්බසෝතධාතුයෙහි (දිව කන්හි) ද වසී වෙමි. මෙරමාසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
982. පෙරැ විසූ කඳපිළිවෙළ දන්මි, දිවැස් පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රව ක්‍ෂීණ යැ, දැන් පුනර්භවයෙක් නැති.
983. මහාවීරයන් වහන්ස, අර්‍ත්‍ථ - ධරුම - නිරුක්තියෙහි ද, එසෙයින් ම ප්‍රතිභානයෙහි ද ඥානය තොප හමියෙහි දී මට උපන.
984. මහාමුනිතුමනි, ලෝකනාථ වූ බුදුවරයන්ගේ සඞ්ගමය තොප විසින් මොනොවට දක්වන ලද යැ, තොප පිණිස මාගේ අධිකාර ද බොහෝ යි.
985. මුනිතුමනි, පෙරැදෑහි (කළ) මාගේ යම් කුශලකර්මයෙක් වේ ද එය සිහි කරනු මැනැවි, මහාවීරයාණෙනි, තොප පිණිස මා විසින් පින් රැස්කරනලද යැ.
986. මහාවීරයාණනි, අභව්‍යස්ථාන හැරපියා අනාචාර දුරු කොට තොප සඳහා මා විසින් ජීවිතපරිත්‍යාග කරන ලදී.
987. මහාමුනිතුමනි, නොයෙක් කෙළදහස්ගණන් දෑහි භාර්‍ය්‍යා පිණිස මා දුන්නහු. තොපට වැඩ පිණිස එහිලා දොම්නස් නො ද වෙමි.
988. නොයෙක් කෙළදහස් අත්බව්හි (අනුනට) උපකාර පිණිස මා දුන්නහු, මහාමුනිතුමනි, තොපට වැඩ සඳහා එහිලා නො ද දොම්නස් වෙමි.
989. මහාමුනීන්ද්‍රයන් වහන්ස, අනේකකොටි සහස්‍රජාතීන්හි ආහාර සඳහා මා (යක්‍ෂ රාක්‍ෂසාදීන්ට) දුන්නහු, තොපට අර්‍ත්‍ථ පිණිස එහිලා විරුද්ධමනස් ඇති නො වෙමි.
990. නොයෙක් කෙළදහස්ගණන් ජාතිවලැ (තොප සඳහා මාගේ) ජීවිතය පරිත්‍යාග කළමු. (සිංහව්‍යාඝ්‍රාදීන්ගෙන් වන) බියෙන් (තොප) මුදවන්නෙමැ යි මාගේ ජීවිතය (ඔවුනට) දුන්මු.
991. ශරීරගත පලඳනා ද නන්වැදෑරුම් බොහෝ වස්ත්‍ර ද ස්ත්‍රී ආභරණ ද මහාමුනිතුමනි, තොප පිණිස නො ද සඟවා තබමි. (යදිනට දෙමි).
992. මහාමුනිතුමනි, (තොප පිණිස) ධනධාන්‍ය පරිත්‍යාග කළමු. ගම් නියම්ගම් ද කෙත් ද දූපුත්හු ද පරිත්‍යාග කරන ලදහ.
993. මහාවීරයාණෙනි, සංඛ්‍යා රහිත ඇත්තු ද අස්හු ද ගවයෝ ද දැස්සෝ ද සේවිකාවෝ ද තොප සඳහා මා විසින් පරිත්‍යාග කරන ලදහ.
994. ‘යදියනට දන් දෙමි’ යි යම් බසක් මට පවසන්නහු ද (එලෙසින්) උතුම් දන් සෙන තොප පිළිබඳ වූ මාගේ දොම්නසෙක් නො ද දක්මි.
995. මහාවීරයාණනි, සසරැ විවිධ ජාතිවලැ අපමණ වූ නන් වැදෑරුම් බෙහෝ දුක් තොප පිණිස විඳුනා ලද යැ.
996. මහාමුනිතුමනි, සුවපත් වූවා (උදම් වැ) නො ද සතුටු වෙමි, දුකෙහි දි නො ද දුමනස් ඇති වෙමි. තොප සඳහා සැම තැන්හි තුලා බඳු (සම) වෙමි.
997. සම්බුදුරජාණන් වහන්සේ මගපිළිවෙළින් යම් ධර්මයක් ගෙනහැර වදාළසේක් ද, මහාමුනීන්ද්‍රයන් වහන්සේ සුවදුක් අනුභව කොට (ඒ) සම්මා සම්බෝධියට පැමිණි සේකැ.
998. බ්‍රහ්මදේව නම් වු ලෝකනායක (පුරාණ) ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අපි දෙදෙනමෝ දුටුම්හ. (අපරභාගයෙහි පහළ වූ) අන්‍ය ලොකනාථයන් වහන්සේගේ සමාගම් ද තොප විසිනුදු මා විසිනුදු ලබන ලද යැ.
999. මහාමුනිතුමනි, තොප පිණිස මා විසින් කරනලද අධිකාර බෙහෙව, බුදුකුරුදහම් සොයන තොපට මම් පරිවාරිකා වූමු.
1000. (මෙ කපින්) චතුරාසඞ්ඛ්‍යයක් අධික කොට ඇති සුවහස්වන කප්හි ලෝකනායක වූ දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
1001. පසල් දන්ව්වෙකැ (දනෝ) තථාගතයන් වහන්සේට නිමන්ත්‍රණය කොට ඔබ වඩනා මඟ තුටුසිත් ඇත්තාහු පිරිසිදු කෙරෙත්.
1002. එ සමයෙහි සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වූයේ යැ, හේ සියල්ල දක්නාසුලු වඩනා බුදුරදුනට මඟ ද සකසා දුන්නේ යි.
1003. එකල්හි මම බමුණුකුලෙහි උපන්නෙම් නමින් සුමිත්තා නම් වූ කන්‍යාවක් වූමු. (තථාගත) සමාගමයට ද එළැඹුණුමු.
1004. ශාස්තෲන් වහන්සේ පුදනු සඳහා උපුල් අටමිටක් රැගෙන (ගිය මම) ජනසමාගම මධ්‍යයෙහි (හුන්) උග්‍ර තපොව්‍රත ඇති සෘෂි කෙනෙකුන් දුටුමු.
1005. එසඳ වැහැරි මතුයෙහි හුන් අතිකාන්ත වූ මනෝහර වූ සෘෂිහු දැක “මාගේ ජීවිතය සඵල යැ” යි සිතමු.
1006. එදවසැ (සුමේධ) සෘෂිහුගේ ඵල සහිත ඒ (ජීවිත පරිත්‍යාග සඞ්ඛ්‍යාත) පරාක්‍රමය දුටුමු. පූර්වපුණ්‍යකර්ම හේතුයෙන් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි මාගේ සිත ද ප්‍රසන්න වී.
1007. උදාර මනස් ඇති සෘෂිවරයා කෙරෙහි බෙහෙවින් සිත පහදවාලූමු. (මෙසේ ද කීමු:) තපස්වීතුමනි, දියයුතු අන්දැයක් නො දක්මි, තොපට (මේ) මල් දෙමි.
1008. තවුසාණනි, (මේ උපුල් අට මිටෙන්) පස් මිටෙක් තොපට වේවා. තුන් මිටෙක් මට වේවා. එයින් (අපගේ ප්‍රාර්‍ත්‍ථනා) සිද්ධිය සම වේවා. සෘෂිතුමනි, තොපගේ බුද්ධත්වය පිණිස ද වේවා.
1009. සුමේධ තවුස් තෙමේ ඒ මල් රැගෙන බුදුබව පිණිස (එයින්) ජනසන්නිපාත මධ්‍යයෙහි වැඩම කරන මහායශස් ඇති මහර්ෂි බුදුරජාණන් වහන්සේ පිදුයේ යි.
1010. ජනසමාගම මධ්‍යයෙහි (සිටුනා) උදාරසිත් ඇති සෘෂිහු දැක මහාවීර වූ දීපඞ්කර මුනින්ද්‍රයන් වහන්සේ මෙසේ වදාළ සේකැ:
1011. (මෝ තොප හා) සමසිත් ඇති, සමකර්ම ඇති සමවැ ක්‍රියා කරන්නක් වෙයි, මහාතවුස, තොපට වැඩ පිණිස ක්‍රියායෙන් ප්‍රිය ද වේ.
1012. මනාදැකුම් ඇති, මොනොවට ප්‍රිය වූ, මන වඩන, ප්‍රිය තෙපුල් බණන, ඒ තොපගේ ධර්මයට දායාද වූ ප්‍රිය භාර්‍ය්‍යාවක් වෙයි.
1013. යම්සේ ධනහිමයෝ භාණ්ඩසමුද්ගය (ධනාගාරය) රකිත් ද, එසෙයින් කුසල්දහම් පිළිබඳ සමුද්ගය මෝ තොමෝ රක්නී යැ.
1014. ඒ තොපට අනුකම්පා කරමින් පාරමි ධර්ම පුරන්නී යැ, පඤ්ජරය (කූඩුව) බිඳ පියා පලායන සිංහයකු සෙයින් මෝ අර්හත්වයට පැමිණෙයි.
1015. මෙකපින් පෙර අපරිමෙය කපෙක්හි (දීපඞ්කර) බුදුරජාණන් වහන්සේ මට යමක් ප්‍රකාශ කළසේක් ද, එවදන් අනුව සතුටුවන මම් එසේ කරන්නක් වූමු.
1016. - 1017. එ බුදුන් කෙරෙහි සිත පහසවා ලූමු. ඒ කුශල කර්ම බලයෙන් අපමණ දෙව්මිනිස්දෑහි උපත ලබා දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සුවදුක් වළඳ කොට පැසුළු භවය එළැඹැ සිටි කල්හි ශාක්‍ය කුලයෙහි උපන්මු.
1018. රූ ඇති වෙමි, භෝග ඇත් වෙමි, යශස් හා සිල් ඇති වෙමි. එසෙයින් සර්වාඞ්ග සම්පත් ඇති වෙමි. කුසල් දහම්හි අතිසත්කෘත ද, (බෙහෙවින් කරනලද සත්කාර ඇති) වෙමි.
1019. ලාභ යැ, ගුණකර්ම යැ, සත්කාර යැ, ලෝකධර්ම සමාගම යැ යන සියල්ල ලබමි. දුඃඛිත වූ ද සිතෙක් නැති. බිය රහිත වැ වෙසෙමි.
1020. සසරැ කලකිරී දහසක් පිරිවරින් යුක්ත වැ ශාසනයෙහි පැවිදි වූමු. පැවිදි වැ පළිබෝධ රහිත වූමු.
1021. ගිහිගෙය හැරපියා අනගාරීය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූමු, අඩමසක් නො පත් කල්හි සිව්සස් අවබොධ කළමු.
1022. බොහෝ දෙන සාගරයාගේ රළ මෙන් නොයෙක් සිවුරු ද පිණ්ඩපාතය ද ගිලන්පස ද සෙනසුන් ද එළවත්.
1023. මා විසින් ක්ලෙශයෝ දවන ලදහු. සියලු භවයෝ නසන ලදහු, බැඳුම් සිඳ ඇතින්නක මෙන් ආස්‍රව රහිත වැ වෙසෙමි.
1024. බුද්ධශ්‍රේෂ්ඨයන් සමිපයෙහි ඒකාන්තයෙන් මාගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහු, බුදුන්ගේ අනුසසුන් කරන ලදී.
1025. සිවු පිළිසිඹියාවෝ ද මේ අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද පසක් කරන ලදහු, බුදුන්ගේ අනුසසුන් කරන ලදී.
1026. මෙසේ බහුවිධ වූ දුකට ද බහුප්‍රකාර වූ සම්පත්තීන්ට ද විශුද්ධභාවයට ද පැමිණියමු, සියලු සම්පත් ලබමි.
1027. ඕ යසෝධරා පින් සඳහා මහර්ෂීන්ට සිය අත්බැව දෙයි, ඈට සහායසම්පත්තීහු වෙති, නිර්වාණපදය අසංඛත යි.
1028. අතීත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද අනාගත වූ ද කර්‍මය ගෙවී ගියේ ය, මාගේ සියලු කර්ම ක්‍ෂය වී, පසැස් ඇති සර්වඥයෙනි, ඔබගේ පාසඟුළුවන් වඳිමි.
මෙසේ යසෝධරා මෙහෙණ මේ ගාථා කිවු යැ.

සංස්කාර...විඥාණ...සංස්කාර


අපි අත්දැකීමක් විඳිනකොට
අපේ රුචි අරුචි වලට ආවේණිකව
අපි ඒ අත්දැකීමට දෙන
අර්ථ කථනය ඇත්ත නොවෙයි.
ඒ අර්ථ කථනය අපේ නිසා අපිට ඇත්ත.
ජීවත් වෙන්න ඒ අර්ථ කථන අවශ්‍යයි.

අපේ අර්ථකථනවලට
සමාන අර්ථකථන තියන අය
අපි මිතුරන් ලෙස සලකනවා.
මිනිස්සු කල්ලි ගැහෙන්නෙ
ඔවුන් තුළ රැස් කරන සංස්කාර
සමාන නිසා.

සත්වයින් පිරිසක් ඉන්න රටකට
අව්ව වැටෙද්දි
ඔවුන් එකිනෙකා තුළ සංස්කාර ඇති වෙන්නෙ
ඔවුන්ගෙ ශරීර ස්වභාවයට සහ
කායික හා මානසික පරිසරයට සාපේක්ෂවයි.

රටේ මොන පළාතකදි වුණත්
අපි අව්වෙ යනකොට ඇත්තටම විඳින්නෙ
අව්වෙ තාපය නිසා අපට දැනෙන උෂ්ණත්වයයි.

සීතල පළාතකදි දැනෙන අව්ව අපිට ප්‍රියයි.
අත්දැකීම ප්‍රිය නිසා රාග සංස්කාර ඇති වෙනවා.
උෂ්ණ පළාතකදි ඒ අව්ව අපට අප්‍රියයි.
ද්වේශ සංස්කාර ඇති වෙනවා.

සංස්කාර ඇතිවෙන්නෙ
''අව්ව'' ප්‍රිය නිසා නොවෙයි.
අව්ව හැමවිටම අපිට ප්‍රිය නෑ.

අපි අව්ව ප්‍රිය කරන්නෙ
අව්ව නිසා
ඒ ඒ අවස්ථාවල
''අපි තුළ සිදුවෙන වෙනස''
අපිට ප්‍රිය නිසයි.

උෂ්ණත්වය දැනෙන්නෙ කයට.
උෂ්ණත්වය ස්පර්ශ වෙද්දි
කයෙහි වේදනාවක් ඇති වෙනවා.
සිත ඒ උෂ්ණත්වය සීතලට සාපේක්ෂව
සුඛ වේදනාවක් විදියට විඳිනවා.

සිත සුඛ වේදනාව ප්‍රිය කරද්දි
ඒ ප්‍රිය කිරීම නිසා අපි තුළ
අනවශ්‍ය අමතර වෙනස් කමක් සිදු වෙනවා.
ඒ වෙනස රාග සංස්කාරයක් විදියට
බුදු දහමෙ හැඳින් වෙනවා.

උෂ්ණ පළාතකදි ඒ අව්ව අපට අප්‍රියයි.
බාහිර උෂ්ණත්වයට සාපේක්ෂව
අපේ කයෙහි උෂ්ණත්වය වැඩිවෙද්ඩ්දි
අව්ව ඇති කරන උෂ්ණත්වයෙන්
අපි තුළ ඇති වෙන්නෙ දුක්ඛ වේදනාවක්.
ඒ වේදනාව අපට අප්‍රිය වෙද්දි
අපි තුළ ඇතිවෙන්නෙ ද්වේශ සංස්කාර.

අපේ ප්‍රිය අප්‍රිය සීමාවට හසු නොවෙන
උෂ්ණත්වය නිසා රැස්වෙන්නෙ
මෝහ සංස්කාර.

අව්ව
සීතල පලාතටත්
උෂ්ණ පළාතටත් වෙනසක් නෑ.
උෂ්ණත්වය
සීතල පලාතටත්
උෂ්ණ පළාතටත් වෙනසක් නෑ.

 නිශ්චිත වෙලාවකදි
අව්වෙ උෂ්ණත්වය මැන්නොත්
උෂ්ණත්වමාපකයෙ දර්ශකය
මේ පළාත් දෙකේදිම එකයි.

අපේ කයෙහි මතු වෙන වේදනාත්
පළාත් දෙකේදිම එකයි.
අපි අපිට සාපේක්ෂව එක වෙලාවකදි
එකම වේදනාවකින්
ෂෝක්-පට්ට වශයෙන් ආතල් ගන්නවා.
ඒ වේදනාව නිසාම
සවුත්තුයි- කුජීතයි කියමින්
ආතල් කඩා ගන්නවා.

සංස්කාර වලින් විඥාණය හැදෙනවා.
අපි සීතල පළාතක් ගැන හිතන විටම
විඥාණයෙන් රාග සංස්කාර මතුවෙලා
කයෙහි සුඛ වේදනා මාලාවක් ඇති කරනවා.
ඒ වේදනාවෙන් තණ්හාව උපදිනවා.
සීතල පළාතට යන්න ඇතිවෙන තණ්හාව
නැවත නැවත ඇතිවෙමින් උපාදාන වෙනවා.
ටික දවසකින් අපි සීතල පළාතට යන්න
කටයුතු සකස් කරගෙන
විනෝදගමනක භවයක් සකස් කරගන්නවා.

අපි සීතල පළාත තුල ජාතිය ලබනවා.
අපි නැවත රාග සංස්කාර රැස් කරනවා.
නිවාඩු කාලය ජරාවට යනවා.
අපි දුක් වෙනවා.
වැස්ස ලෙඩක්... අපි දුක් වෙනවා.
නිවාඩු කාලය මරණයට පත් වෙනවා.
අපි දුක් වෙලා ආපහු එනවා.

ඒ රාග සංස්කාර පවත්වාගන්න
සීතල පළාත්වල ගෙවල් තුළ
ගිනි උදුන් තැනෙනවා.
උෂ්ණ පළාත්වල වායු සමීකරණ, ෆෑන්
භාවිතා කරනවා.

දවස පුරාම
ස්පර්ශයෙන් වේදනාවත් වේදනාවෙන් තණ්හාවත්
තණ්හාවෙන් උපාදානයත්, භවයෙන්
ජාති ජරා මරණත් සකස් වෙනවා.

දවස පුරාම නොකඩවා ක්‍රියාත්මක වෙන
මේ සංසිද්ධි අපි තුළ දකිනවා නම්
අපි දුක් විඳින ප්‍රමාණය අඩු වෙනවා.

20160814

අදුක්ඛමාසුඛ වේදනාව - ඔබ හඳුනා නොගන්නා වේදනාව


"අප්පා... හරිම රස්නෙයි"
කියන ඔබ විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණ ගන්වන්නේ ඇයි.?
ඔබේ කය නිසාද?
ඔබේ සිත නිසාද?

නැත්නම් කයත් සිතත් අතර ක්‍රියා කරන
පණිවිඩ කරුවා වන වේදනාව නිසාද?

උෂ්ණත්වය නිසා ඔබට දැනුණ
දුක්ඛ වේදනාව නොදැනුණා නම්
ඔබ ක්‍රියාත්මක වෙනවාද?

කයෙහි දැනෙන
දුක්ඛ වේදනාව නොතිබුණා නම්
"අප්පා... හරිම රස්නෙයි" කියන සිතුවිල්ල
ඔබ විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණ ගන්වනඔබ ක්‍රියාවට යොමු කරාවිද.

ඔබ විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණ ගන්වමින් ඔබ සෙව්වේ කුමක්ද?

ඔබ විඳින දුක්ඛ වේදනාවෙන් මිදී ලබන
සුඛ වේදනාවක් නොවේද?
විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණගැන්වීමෙන් ඔබට ලැබුණ ප්‍රතිඵලය
ඔබ ප්‍රිය කරන සුඛ වේදනාවක් නිසා
ඔබේ සිත සුඛ පක්ෂයට පෙරැළෙයි.

ඔබ සෙව්වේ මේ සිත් පෙරළිය නොවේද?
සිත කියන දේ කරමින් සිත සනසන ඔබ
ඔබ කළ ක්‍රියාව සිතෙහි ක්‍රියාවක් ලෙස
දකිනවා නේද?
එහෙත් සිතෙහි නියමුවා කවුද?

විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණගැන්වීමෙන් ඔබට ලැබුණ ප්‍රතිඵලය
ඔබේ ශරීරයෙහි උෂ්ණත්වයට සමාන නම්
ඔබට සුඛ වේදනාවක් දැනෙනවාද?

ඔබ දුක් වේදනාවෙන් මිදීමෙන් සතුටු වනු ඇති.
අදුක් නිසා අසුඛ නිසාම
ඔබ හඳුනා නොගන්නා වේදනාවක්
මේ මොහොතෙහි පවතී.

දුක් වේදනාවෙන් ඔබ තුළ ද්වේශය ඇතිවී
සුඛ වේදනාවක් මතු කරගෙන
රාග සිතක් පහළ කරගත් ඔබ
දැන් ඔබ තුළ ඇති
අදුක් - අසුඛ වේදනාව පිළිබඳව
මෝහයෙන් පසු වෙයි.

මේ මොහොතෙහි
ඔබ ඔබේ සිත කයට යොමු කළොත්
ඔබට නොදැනෙන හැම තැනකම ඇත්තේ
අදුක්ඛමාසුඛ වේදනාවයි.

සුඛ දුක්ඛ වේදනාවලට
රාගයෙන් හෝ ද්වේශයෙන් පසු නොවෙන
අන් සියලුම අවස්ථාවන්හි ඔබ තුළ පවතින්නේ
අදුක්ඛමාසුඛ වේදනාවයි.

ඉන් ජනිතවන්නේ මෝහයයි.

මෝහයෙන් මෝහය ජනිත වෙයි.

මෝහය අවිද්‍යාවයි.
අවිද්‍යාව නැසෙන්නේ විදසුන් වැඩීමෙනි.
======================================

සිහියත් මෝහයත් අතර වෙනස 

ප්‍රායෝගිකව දකින්න



20160813

''හෝ ගානා පොකුණ'' මඩ වීම ගැන ඉන්දිකට වචනයක්.

Indika Ferdinandoගෙන් වචනයක්
පාලිත, චම්පික, අකිල ඇතුළු මේ ගැටළුව පිලිබඳ සංවාදයට සහභාගී වන සියලු දෙනාට ස්තුතියි. හෝ ගානා පොකුණට මේ චෝදනාව නැගෙන්නට පටන්ගත් සමයේ මම හිතුවා මේකට මම පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ කියල. මන්ද එය කියවන්නාගේ සාක්ෂරතාවේ ප්‍රශ්නයක් මිස අනෙකක් නොවන නිසා (මෙතෙන්දි චම්පික සඳහන් කර තිබූ "සන්දර්භයෙන් බැහැර වී දෙයක් කියවීමේ අනතුර" ඉතා වැදගත් ප්‍රවේශයක්). කොහොමහරි පස්සේ මේ මෑතක ඥානසාර හිමි සහ තවත් අය චිත්‍රපට සංස්ථාවට පැමිණිලි කළ මොහොතේ මට තේරුණා මා විසින් මේ මුග්ධ චෝදනාව පිලිබඳ මගේ ආස්ථානය පැහැදිලි කළයුතු බව. කමල් ජයසිංහ නමැති මහත්මයෙක් දිගින් දිගට ම මගෙන් මේ ගැන නිදහසට කරුණු විමසා සිටියා ෆේස්බුක් කෙටි පණිවුඩ මගින්. තව සමහර බෞද්ධ ලෝලීන් මට අසභ්‍ය වචනයෙන් බැන මට ජීවිත තර්ජන පවා එල්ල කරමින් පණිවුඩ එවා තිබුනා. ඒ සියල්ලට සවිස්තර ව පිළිතුරු දීමට ඇති මගේ අවශ්‍යතාවට බාධා එල්ල වන්නේ මේ මොහොතේ මා නියැලී සිටින, තවත් මාස 4ක් ඇතුළත දී මා විසින් නිමා කලයුතු මගේ උසස් අධ්‍යාපන කටයුතු. ග්‍රීස් ගහේ නගිමින් සිටින මම කොට්ටා පොර තරගයට එන්න ප්‍රමාද වීම ඔබ සියල්ලන් තේරුම් ගනු ඇතැයි සිතනවා. කෙසේ හෝ මේ සති අන්තය වනවිටවත්, මගේ පිළිතුරු සහිත ලියමන මුදාහැරීමට මම උත්සහ කරන්නම්.
===============================


ඉන්දික,
ඔබ දැන දැනම මේ වෙනස කළා නම්
මම මේ පිළිබඳව කතා කරන්නෙ නැහැ.
ඔබ එහෙම කළා නම්
ඒ පිළිබඳව කතා කරන්න තරම්
ප්‍රමාණවත් ප්‍රඥාවක්
බුදු දහමට අදාළව
ඔබ තුළ නැහැ.

ඔබ නොදැනුවත්ව යෙදුවා නම්
ඔබට සමාව හිමි විය යුතුයි..
නොදන්නා කමට
දැන ගැනීම හැර වෙනත් බෙහෙතක් නෑ.
ඔබ දැන්වත් දන්නවා නම් වටිනවා.

වෙනත් අයගෙ විකෘති කිරීම් අතර
මේ විකෘතිය මතු වී පෙනෙන්නෙ
ඇයි කියා බොහෝ දෙන විමසනවා.

ගොම බාල්දියක ගොම ගැන
කතා කිරීමෙන් පලක් නෑ.
ඒත් කිරිකළයකට ගොම මුසු වීමෙන්
සැවොම කම්පා වෙනවා.

ඒ කම්පාව දැනෙන්නට තරම්
ඔබ සංවේදී නැත් නම්
ඔබේ හැකියාව මෝරන්නෙ නෑ.

ඔබේ සිනමාව නොදන්නා අය
නොසලකා හැරීමෙන් ඔබට හානියක් වෙන්නෙ නෑ.

එහෙත් ඔබේ සිනමාව රස විඳින අයට
ඔබ සංවේදී නොවීම ඔබේ අඩුවක්.

ඔබ කරල තියෙන්නෙ
මේ අවස්ථා දෙක මිශ්‍ර කරලා
ප්‍රතිවිරුද්ධ දෙයක් කීමයි.

========දෙකම උපුටා ගැනීම්========

අදාළ දේ තෝරගන්න දක්ෂ වෙන්න ඕන...

1, දවසක් බුදුරජාණන් වහන්සේ ඇට්ටේරියා වනයක වැඩ සිටිද්දී ඇට්ටේරියා වනයේ වැටිලා තිබුණු කොළ මිටක් අතට අරගෙන භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා, “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ හස්තය මත තියෙන ඇට්ටේරියා කොළ ප්‍රමාණයද විශාල? එහෙම නැත්නම් මේ වනාන්තරයේ තිබෙන කොළ ප්‍රමාණයද?” කියලා. එතකොට භික්ෂූන් වහන්සේලා උත්තර දුන්නා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තය මත තියෙන්නේ ඉතාම සුළු ස්වල්ප කොළ ප්‍රමාණයයි. මේ වනාන්තරයේ ඉතාමත් විශාල කොළ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය නම් කොහෙත්ම සමාන කරන්නට බැහැ” කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා, “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ අවබෝධයත් මේ වනාන්තරයේ තියෙන කොළ ප්‍රමාණය වගේ විශාල පරාසයකට විහිදී යන එකක්. නමුත් මම ඔබට දේශනා කරලා තියෙන්නේ මේ අතට ගත්ත කොළ ප්‍රමාණය වගේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයයි. ඒ තමයි ඔබේ අවබෝධයට උපකාර වන කොටස. අනෙක් දේවල් ඔබේ අවබෝධය පිණිස උපකාර වන දේවල් නෙමෙයි.”
2, එකලහි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නගා භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළෙහි යම් පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි. වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිය සිළෙහි නගන ලද පස්බිඳ ගිණුමටත් නො පැමිණේ. සැසඳීමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු අල්පය. වැලි යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙන් අන් තන්හි උපදිත් නම් ඔහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: චතුරාර්ය්‍යසත්‍යය නො දුටු බැවිනි. කවර චතුරාර්ය්‍ය සත්‍යයක යත්: “දුක්ඛාර්ය්‍යසත්‍යය ... දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්ය්‍යසත්‍යය” යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්ය්‍ය කට යුතු ... “මේ දුක්ඛනිරොධගාමිනී පටිපදා” යි විර්ය්‍ය කටයුතු යි.
=====================================


ඥාණසාර
හිමි අතගැහුව එකෙන් ප්‍රශ්නෙ විකෘති වුණා...
බුදුන් වහන්සේ ගැන තියන ශ්‍රද්ධාව යටකරගෙන
ඥාණසාර
හිමි ගැන තියන වෛරය පිළිකුළ මතුවෙනවා.
ඔහුගෙ ඉදිරිපත්වීම ඉන්දිකට සහනයක් වෙන්න ඇති.
ඒ විකෘතියෙන් සැදැහැවත් ජනතාව අතරමං වුණා.

මේ ආන්දෝලනය නිසා
චිත්‍රපටිය බලන අයත් ඇති.
කිසිම සිංහල චිත්‍රපටියක් නොබලන අපි
පානදුර නගරශාලාවෙ
කුවේණි නරඹන්න ගිහින්
ඒ දර්ශන අවලංගු වෙලා තිබුණ නිසා
යාබද සිනමාශාලාවට ගිහින්
මේ චිත්‍රපටිය බැලුවා.
මග හැරුණා නම් අපරාදෙ කියා කම්පා වුණා.

ඒත්
මේ සංවාදය
එදාට කලින් ඇතිවෙලා තිබුණා නම්
අපි එදා චිත්‍රපටිය බලන්නෙ නෑ.
එහෙම නම්
අපි මුළු චිත්‍රපටිය ගැනම හිතන්නෙ
ළමා මනස විකෘති කරන්න වෙර දරන
හානිකර සිනමා අත්දැකීමක් විදියටයි.

20160810

නිවන උපාධියක් නොවෙයි.


නිවන පාඩම් කරල ලබාගත හැකි උපාධියක් නොවෙයි.
ශ්‍රද්ධාවෙන් ටිකට් ගැනීමෙන්
වාසනාවට ඇදෙන ලොතරැයියක් නොවෙයි.
වතුර හොයන කෙනෙක්
තමන්ගේ වත්තේ ළිඳක් හාරලා
වතුර සොයා ගන්නවා වගේ
බුදුන් වහන්සෙගෙ මග පෙන්වීම අනුව
තමන් තුළම සොයා ගත යුතු
පහසුකමක්.

ආශා, බලාපොරොත්තු මැද ජීවත් වුණ මිනිස්සු
නිවන ගැන දැන ගත්තාම නිවනට ලොල් වෙලා
සුපුරුදු විදියට මවන හීනවලට
නිවන, මග ඵල ආදේශ කරගෙන
පාසල් දරුවො වගේ පොත් පාඩම් කළාට
තර්කයෙන් නිවන් දකින්න වෑයම් කළාට
නිවන පහළ වෙන්නෙ නෑ.

බුදුන් වහන්සේ දේශනා කළේ
මේ මොහොත පිළිබඳව සිහිය පිහිටුවාගෙන
ඒ පිහිටෙන් කෙලෙස් නසලා, ආශ්‍රව ක්ෂය කරලා
මේ මොහොතෙ දුකෙන් මේ මොහොතෙම මිදිලා
මේ මොහොතෙම සිත පිරිසිදු කරගෙන
කළයකට වතුර බිංදුව දෙක රැස් කරන විදියට
මොහොතෙන් මොහොත නිවන රැස්කර ගන්නයි.
අනිත්‍ය දුක්ඛ අනත්ත තුනම
අපි දැකිය යුත්තෙ මේ මොහොතෙමයි.
අපි තුළමයි.

1,
අනිත්‍යය හරියට විඳින්න

අපි වෙනස් වෙන විදිය
කාය, වේදනා මට්ටමෙන්
මොහොතෙන් මොහොතට දැකිය යුතුයි.

2,
දුක දකින්න නම්

මොහොතෙන් මොහොතට ඉරියව් වෙනස් කරමින්
හතර අතේ සතුට සොයමින්
අපි විඳින දුක
කාය, වේදනා මට්ටමෙන්
අපි තුළම දැකිය යුතුයි.

3,
අනත්ත දකින්න නම්

කාය, වේදනා මට්ටමෙන්
අපි තුළ සිදුවෙන දේ
අපි නොකරන බවත්
අපි කරන හැම දෙයක්ම
කුමකට හෝ දක්වන
නිසග ප්‍රතික්‍රියාවක් බවත්
අපි තුළම දැකිය යුතුයි.

බුදුන් වහන්සේ දැකපු
අනිත්‍ය දුක්ඛ අනත්ත තුනම
උන් වහන්සේ පසක් කළේ
උන් වහන්සේ තුළමයි.
උන් වහන්සේගෙන් මග අසාගෙන පසක් කළ
අනික් හැම කෙනෙක්ම පසක් කළෙත් එහෙමයි.
විනාඩි කිහිපයක් වාඩි වෙලා
හුස්ම බලා ඉන්න නිවනක් නැති මිනිස්සු
ජීවිතයම කැප කරලා පාඩම් කරමින්
උපාධියක් ලබන්න යනව වගේ
නිවන හොයාගෙන යනවා.

පොතේ මොන විදියට තිබුණත් පොතේ තියෙන්නෙ
මඟ සලකුණු සහ මාර්ග විස්තරය විතරයි.
ඒ විස්තර කියවීමෙන් ප්‍රඥාව පහල වෙන්නෙ නෑ.
ප්‍රඥාව පහළ වෙන්නෙ විපස්සනා වැඩීමෙන්.

කාය වේදනා චිත්ත ධම්ම හතරත්,
මේ මොහොතත්, සිහියත් උපේක්ෂාවත් නැතුව
තවත් කෙනෙකුගෙ ප්‍රඥාවෙන්
නිවන් සොරකම් කරගන්න යන අනවරත ගමන
ලේනගෙ කැරකෙන කූඩුව වගෙයි.
හබලක් නැතුව ඔරුවෙ පැද්දෙනවා වගෙයි.

නිවන් දකින්න ජීවිතේ පුරාම
ගමන් කරනවා කියා හිත රැවටෙනවා.
මැරෙන මොහොතෙත් එතනම තමයි.

අප්‍රමාදව මේ මොහොත දකින්න.
නිවන,
දුකෙන් මිදීම තියෙන්නෙ
මේ මොහොතෙමයි.

20160809

සිහියත් මෝහයත් අතර වෙනස කුමක්ද?

සිහියත් මෝහයත් අතර වෙනස කුමක්ද?

සිහියත් මෝහයත් අතර වෙනස
විඳ පසක් කරන්න
ඔබට අවස්ථාවක් දුන්නොත්
ඔබ ඒ අවස්ථාව නොසලකා හරිනවාද?.



මෝහය කියන්නෙ පවතින දෙයක් නොවෙයි.
මෝහය අඳුර වගෙයි.
අඳුර කියන්නෙ පවතින දෙයක් නොවෙයි.
ආලෝකය නැති තැන අඳුර පවතිනවා.
ආලෝකය ආවොත් අඳුර නැති වෙනවා.

මෝහයත් අඳුර වගෙයි.
මෝහය නැති කරන්න බෑ.
සිහිය පිහිටුවා ගන්න කෙනෙකුගෙ
සිහියට සමානුපාතිකව
මෝහය අඩු වෙනවා.

සිහිය දියුණු වෙන ප්‍රමාණයට මෝහය දුරුවෙලා
විඥාණය වෙනුවට ප්‍රඥාව ඇති වෙනවා.
ප්‍රඥාවෙන් දකින්නා තුළ
රාග, ද්වේශ, මෝහ තුනම නෑ.

මෝහය කියන්නෙ පවතින දෙයක් නොවෙයි.
මෝහය අඳුර වගෙයි.
අඳුර කියන්නෙ පවතින දෙයක් නොවෙයි.
ආලෝකය නැති තැන අඳුර පවතිනවා.
ආලෝකය ආවොත් අඳුර නැති වෙනවා.

මෝහයත් අඳුර වගෙයි.
මෝහය නැති කරන්න බෑ.
සිහිය පිහිටුවා ගන්න කෙනෙකුගෙ
සිහියට සමානුපාතිකව
මෝහය අඩු වෙනවා.

සිහිය දියුණු වෙන ප්‍රමාණයට මෝහය දුරුවෙලා
විඥාණය වෙනුවට ප්‍රඥාව ඇති වෙනවා.
ප්‍රඥාවෙන් දකින්නා තුළ
රාග, ද්වේශ, මෝහ තුනම නෑ.

රාග ද්වේශ මෝහ ක්ෂය කිරීම
මොහොතෙන් මොහොතට කළ යුතුයි.
අපිට රාග ද්වේශ මෝහ ක්ෂයවෙන මොහොත
අලෝභ අදෝස අමෝහ මොහොතක් ලෙස
දුකෙන් තොරව ගත කරන්න පුලුවන්.

මේ මොහොතෙ ඔබේ ක ගැන ඔබට සිහිය නෑ.( පවතින වේදනාවක් ගැන සිහිය නැත්නම්
සමස්ත කය පිළිබඳවත් ඔබ ඉන්නෙ මෝහයෙන්.)
ඔබ පසුවෙන්නෙ ඔබේ කය පිළිබඳව මෝහයෙන්.
ඔබේ කය පවතින්නෙ අඳුරෙ.
ඔබේ අත්දෙකට සිහියෙ ආලෝකය පහළ වෙද්දි
සිදු වෙන වෙනස විමර්ශනය කර බලමු.
ඔබේ අත් දෙක ගැන ඔබට සිහිය නෑ.
තුවාලයක් වැනි ආබාධයක් නැත්නම්
ඔබේ අත් පිළිබඳව ඔබ ඉන්නෙ මෝහයෙන්.
සිහියත් මෝහයත් අතර
වෙනස විමර්ශනය කර බලමු.
ඔබේ එක අතක්
උරහිස මට්ටමට උස්සගෙන
මොහොතක් ඉන්න.


ඉතාම ඉක්මනින්
මෙතෙක් ඒ අත පිළිබඳව තිබුණ
මෝහය නැසෙනවා...

ඒ අතේ වේදනා පිළිබඳව
ඔබේ සිහිය ඇති වෙනවා.
ඔබට අතත් පොළවත් අතර
ගුරුත්වාකර්ෂණය පවා දැනෙනවා.

මෙතෙක් අත ගැන ඔබට තිබුණෙ මෝහය.
දැන් පවතින්නෙ සිහිය.


දැන් මේ අත අනික් අත සමග සසඳන්න.
ඒ අතෙත් සියුම් වේදනා ඔබට දැනේවි.

ඔබ මේ පරීක්ෂණය අවසන් කළාම
ඔබ නැවත සුපුරුදු මෝහයට වැටෙනවා.

වේදනා නොදකින කෙනෙකුට
මෝහය අඳුනා ගන්න බෑ.
මෝහය දකින්න නම්
රාග ද්වේශ දෙක වේදනා මට්ටමෙන් දැකලා
ඒ දෙකට සාපේක්ෂව මෝහය දැකිය යුතුයි.
ඔබම විමසා නොබැලුවොත්
වෙනත් කිසිම කෙනෙකුට
දේශන මගින් හෝ පොත්පත් මගින්
මේ අත්දැකීම ඔබට ලබා දෙන්න බෑ.
මේ මාර්ගයෙන් හැරෙන්න ඔබටත්
සිහියත් මෝහයත් අතර වෙනස
වෙන කෙනෙකුට කියා දෙන්න බෑ.

ඔබ මේ වෙනස විඳ පසක් කළොත්
කාටවත් ඔබේ මේ අවබෝධය
ඔබෙන් ඉවත් කරන්න බැහැ.
විඳ පසක් කල දෙයක්
පැහැර ගන්න කිසිවෙකුට බැහැ.

ඔබත් සමග මේ දේම කරන්න
රහතන් වහන්සේ කෙනෙකුට ආරාධනා කළොත්
ඔබත් රහතන් වහන්සේත් අතර
වෙනස කුමක් විය හැකිද?

රහතන් වහන්සේ තුළ
ද්වේශය ඇති වෙන්නෙ නෑ.
ඒ නිසා මානසිකව සීමාවක් නෑ.
ඒත් පේශි වෙහෙසට පත් වෙනවා.
එක් සීමාවකට පසුව
වෙහෙස නිසා පේශි අක්‍රිය වෙනවා.

රහතන් වහන්සේ කෙනෙකුට
මානසික වේදනාව නැ
හැ.. වෙහෙසට පත් පේශි අක්‍රිය වෙන තුරු
 අත පණ නැතුව වැටෙන තුරු වුණත්
අත උස්සාගෙන ඉන්න
රහතන් වහන්සේට පුලුවන්..ද්වේශය ඇති වෙනනිසා
ඔබට අත ඔසවාගෙන බොහෝ වෙලාවක් ඉන්න බැහැ.
ඔබ අත පහත දාන්නෙ කායික වේදනාව මත
හිතේ ඇතිවෙන මානසික වේදනාව නිසා.

ඔබ විපස්සනා වඩන කෙනෙක් නම්
ඔබට වැඩි වෙලාවක් ඉන්න පුලුවන් වෙයි.
ඔබ දුකට පත් වෙන සීමාව
විපස්සනා නිසා ඈතට යනවා.
වෙන කෙනෙක් මානසිකව බිඳ වැටෙද්දි
ඔබට නොසැලී අකම්පිතව ඉන්න පුලුවන්.


ඔබ විපස්සනා වඩන කෙනෙක් නොවෙයි නම්අතේ ඇතිවෙන වේදනා අප්‍රිය නිසා
ඔබේ හිත තුළ ද්වේශය උපදිනවා.
ඔබ අත පහත දාන්නෙ
මානසික වේදනාව නිසයි.
විපස්සනා වඩන ආර්ය ශ්‍රාවකයෙකුත්
කායික වේදනාව විඳිනවා.
මානසිකව ඇති වෙන ද්වේශයට, දොම්නසට
උපේක්ෂාවෙන් වෙසෙන නිසා
ඔහු විඳින්නෙ කායික දුක පමණයි.
මානසික දුකක් විඳින්නෙ නෑ.

විපස්සනා වැඩීමෙන්
කායික මානසික වේදනාවට
උපේක්ෂාවෙන් වසන්න පුළුවන්.
==========================

සල්ල සූත්‍රය
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත්
ආර්ය ශ්‍රාවකයාදුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

20160807

අතොරක් නැතිව සතර සතිපට්ඨානය වැඩිය හැකිද?

[[[ඔබ හිතනවද ගිහි ජීවිතය තුල අතොරක් නැතුව සතිපට්ඨානය වඩන්න පුලුවන් කියලා ]]]

ගිහි ජීවිතය තුල
අතොරක් නැතුව සතිපට්ඨානය වඩන්න බැහැ.

සතිපට්ඨානය වඩන්න  වෑයම් කරන්න නම්
ගිහි පැවිදි හැම කෙනෙකුටම පුලුවන්.

අතොරක් නැතිව
සතර සතිපට්ඨානය වැඩිය හැකිද යන ප්‍රශ්නය
සතර සතිපට්ඨානය මග හරින්නට
නිදහසට කරුණක් සෙවීමක් නොවිය යුතුයි.

සතිපට්ඨානය වඩන්න
අතොරක් නැතිව උත්සාහ කරන කෙනෙක් තුළ
සතර සතිපට්ඨානය නොවැඩෙන  කාලය තුළ
සම්මා වායාමයයි වැඩෙන්නෙ.

''අතොරක් නැතුව'' සතිපට්ඨානය වඩන්න
වෑයම් කිරීමට තරම් අවකාශයක්
අද කාලෙ වෙසෙන පැවිද්දෙකුටවත් නැහැ.

අතොරක් නැතිව සතිපට්ඨානය වඩන්න
උත්සාහ කරන්නට පවා
භික්ෂු ශීලය සහ විනය අකුරටම පිළිපදින
පැවිද්දෙකු විය යුතුයි.
එවැන්නෙක් මේ ජීවිතය තුළම රහත් විය හැකියි.
අද එවැන්නන්ට වෙසෙන්නවත් බැහැ.
එවැන්නෙක් දුටුවොත්
පුහුදුන් හිස් පුරුෂයන් ඔහු වටා
රොද බඳිනවා.

විශුද්ධි මාර්ගයෙහි සඳහන් වෙන
පැවිදි දිවිය පුරාම වැඩූ
ඉරියා පථයත් සති සම්පජඤ්ඤයත් මගින්
එක මොහොතකින් සසර කෙළවර කළ
මහා සංඝ රක්ඛිත තෙරුන් වහන්සේ පිළිබඳ පුවත
උදාහරණයක් ලෙස දක්වන්න පුලුවන්.


මහා සතිපට්ඨාන සූත්‍රයෙ
අතොරක් නැතිව සතිපට්ඨානය වඩන්න කියන කොන්දේසිය
බුදුන් වහන්සේවත් පණවන්නෙ නෑ.

පටි සති මත්තාය - ඤාණ මත්තාය කියන
සරල කොන්දේසි සඳහන් වන්නෙ ඒ නිසයි.

දැනෙන මාත්‍රය තුළ,
නැවත නැවත සිහිය ඇතිවෙන මාත්‍රය තුළ
සිහිය පැවැත්වීම ප්‍රමාණවත්.

ආනාපාන සතියෙ දැක්වෙන
මේ උපදෙසත් වැදගත්.
දක්ෂ ලී වඩුවෙක් හෝ ඔහුගේ අතවැසියෙක්
ලීය ඉරෙන හැටි දකින්නක් මෙන්
ආනාපාන සතිය වැඩිය යුතුයැයි
බුදුන් වහන්සේ උපදෙස් දෙයි.

දක්ෂ ලී වඩුවෙක්
ලීය ඉරෙන ආකාරය
නිරතුරුව පැහැදිලිව දකියි.
ඔහුගේ අතවැසියෙක්
නොයෙක් අතවැසිකම්වල යෙදෙන අතර තුර
වරින් වර, නොපැහැදිලිව
ලීය ඉරෙන හැටි දකියි.

දක්ෂ ලී වඩුවා මෙන් මෙන්
අතොරක් නැතුව ලීය ඉරන වාරයක් පාසා
සියල්ලම ගැන සිහියෙන් හෝ
ඔහුගේ අතවැසියා මෙන්
අතරින් පතර, දුර්වල ලෙස හෝ
හැකි විටක හැකි පමණින්
ආනාපාන සති වැඩීමට
බුදුන් වහන්සේගෙන් අවසර ඇත.

මේ උපදෙස සතර සතිපට්ඨානයටම
අදාළ කරගන්න පුලුවන් කියා
මම හිතනවා.

ගිහියෙකුට වඩා
භික්ෂු ශීලය සහ විනය අකුරටම පිළිපදින
පැවිද්දෙකුට දවසේ වැඩි කොට්සක්
සතිපට්ඨානය වැඩිය හැකියි.

එවැන්නෙකු ගැන
බුදුන් වහන්සේ මෙසේ කියනවා.
මෙ සස්නෙහි ආර්ය ශ්‍රාවක
1, දිවා කාලයෙහි
සක්මනින් සහ හිඳගෙන
ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.

2, රාත්‍රියෙහි ප්‍රථම යාමය
සක්මනින් සහ හිඳගෙන
ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.

3, රාත්‍රියෙහි මධ්‍යම යාමය
දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා
සම්පජාන සතිය ඇති ව
උත්ථාන සංඥා මෙනෙහි කොට
දකුණැළයෙන් සිංහ ශය්‍යා කෙරෙයි.

4, රාත්‍රියෙහි පශ්චිම යාමය නැගී සිට
සක්මනින් සහ හිඳගෙන
ආවරණීය ධර්මයන් කෙරෙන්
සිත පිරිසිදු කෙරෙයි.

මෙසෙයින් මහානාමය,
ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.

මේ සම්මා වායාමයයි.
නූපන් කුසල් උපදවා ගන්නට
උපන් කුසල් දියුණු කරගන්නට
නූපන් අකුසල් නූපදින්නට
උපන් අකුසල් දුරු කරගන්නට
වීර්ය වැඩීමයි.

සම්මා වායාමයෙ විස්තර වෙන
උපන් නූපන් කුසල් අකුසල් මොනවාද?

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

ආවරණීය ධර්මයන් කෙරෙන්
සිත පිරිසිදු කෙරෙයි. කියා
බුදුන් වහන්සේ මහානාමට කියනවා.

බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ සඳහන් කරනවා.
මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.

ඒ පහ කුමක්ද?
කාමච්ඡන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.

නූපන් කුසල් උපදවා ගන්නට
උපන් කුසල් දියුණු කරගන්නට
නූපන් අකුසල් නූපදින්නට
උපන් අකුසල් දුරු කරගන්නට
වඩන සම්මා වායාමය තුලින්
කාය, වේදනා, චිත්ත, ධම්ම යන
හතර පිළිබඳව සිහියත්
ඒ සීහිය පවතින සිත
තමා තුළ සිහියෙන් දකින
සියලු වෙනස්වීම් පිළිබඳව
ලෝභ ද්වේශ ඇති කර නොගෙන
අනිශ්‍රිතව විසීම
සතර සතිපට්ඨානයයි.

කාය වේදනා පිළිබඳව සිහිය නැති කෙනෙක්
සිත මොන ආකාරයෙන් දැක්කත්
ඔහු වඩන්නෙ සතර සතිපට්ඨානය නොවෙයි.
සිතේ හැඟීමක් හෝ සිතුවිල්ලක් පවතින විට
එහි මුල එහි උපත සිදු වෙන යෝනිය පවතින්නෙ
කය තුළ වේදනා මට්ටමෙයි.

යෝනිසෝ මන
සිකාරයෙන් යුතුව
යථාභූත ලෙස හැඟීම් සහ සිතුවිලි දකින්නට
සිතුවිලි සහ හැඟීම් උපත ලබන
ස්පර්ශ-වේදනා ක්ශේත්‍රයෙන්ම
විදර්ශනය ඇරඹිය යුතුයි.

කාය, වේදනා, චිත්ත, ධම්ම යන
හතර පිළිබඳව හැකි හැමවිටම
සිහිය පවත්වා ගැනීමට උත්සාහ කරන්නට
පුහුණුව ලද ගිහියෙකුට වුණත් පුලුවන්.
ඔහු වඩන සෑම උත්සාහයකින්ම
සම්මා වායාමය වැඩෙනවා.

මහණෙනි,
මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

කවර වූ සතරෙක්ද?

1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.

සම්මා සතිය නිසා
වැඩෙන ප්‍රඥාවෙන් ඇතිවෙන
සම්මා දිට්ඨිය
පළවෙනි ලෝකෝත්තර
මාර්ගාංගයයි.

ඉතිරි මාර්ගාංග හැම එකකටම
1. සම්මා දිට්ඨි,
2, සම්මා වායාම,
3, සම්මා සති, පාදක වෙනවා.

සම්මා සමාධිය ඉහත කී
මාර්ගාංග හතේ ප්‍රතිඵලයයි.

මහා චත්තාරීසක සූත්‍රයෙ
සඳහන් වෙන
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
පඤ්චාංගික මාර්ගය
අරියා අනාසවා ලොකුත්‌තරා
මාර්ගාංග බවට පත්වෙන්නෙ
මූලිකවම
සම්මා සතිය, [ සතර සතිපට්ඨානය ]
එනම් විදර්ශනාව නිසයි.

මේ අනුව කෙනෙක්
ලෝකෝත්තර මාර්ගයට ඇතුල් වෙන්නෙ
සතර සතිපට්ඨානය වැඩීමෙනුයි.

දුකෙන් මිදීමටත්, ප්‍රඥාව වැඩීමටත්
ලෞකික ජීවිතයට උපකාර වන
අංග හතරක් සතර සතිපට්ඨානයෙන් වැඩෙනවා.

1
සත්වයාගේ විශුද්ධියට,
2
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3
දුක් දොම්නස් අස්තංගත වීමට
4
ප්‍රඥාව ඉහළ යාමට
5
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.


විශේෂයෙන්ම
ගැටලුකාරී තත්වයක් උදා වී
සිතින් කයින් දුක් විඳින විට
සතර සතිපට්ඨානය වඩන්නෙකුට
මානසිකව දුක් නොවිඳ සිටින්නට
සතර සතිපට්ඨානය උපකාරී වෙනවා.

එවැනි අවස්ථාවක පුහුදුන් කෙනෙක්
උල් දෙකකින් දුක් විඳිනවා.
විදසුන් වඩන ආර්ය ශ්‍රාවකයා
දුක විඳින්නේ එක උලකින් පමණයි.

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
1, කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.


තමන්ට දැනෙන මාත්‍රයට,
සිහිය නැවත නැවත ඇති කරගත හැකි මාත්‍රයට
අසුරු සැණක් හෝ
සතර සතිපට්ඨානය වැඩීමත්
මහත් ඵල මහානිසංශයි.

20160806

ආගමික මිථ්‍යා විශ්වාස වලින් සිදුවෙන යහපත කුමක්ද?


ආගම් වලට මිථ්‍යා විශ්වාසවලට
විරුද්ධ වෙන නිරාගමිකයන්
දේවවාදී ආගම්වලින් මිථ්‍යා විශ්වාස වලින්
දුක් විඳින මිනිසාට දෙන සහනය ගැන
කතා කරන්නෙ නැහැ.

දේවවාදී ආගම් වලින් සහ
නොයෙකුත් මිථ්‍යා විශ්වාස වලින්
මිනිසා විඳින දුකෙන් තාවකාලිකව මුදවාගෙන
සහනයක් ලබා දෙන්න ක්‍රම යොදනවා.
සමාජයක් අපරාධ වලට යොමු නොවී
නිරවුල්ව ජීවත් වෙන්න මේ උපක්‍රම අවශ්‍යයි.
අද සමාජයෙ සංහිඳියාව නැති වෙන්න
මේ විශ්වාස බැහැර වීමත් හේතු වෙනවා.

සමන් ජයලත් නිරාගමිකයෙක් නොවී
ආගමික විශ්වාස දරණ කෙනෙක් වුණා නම්
දෙවියන්ට බය කෙනෙක් වුණා නම්
සදෙව්මි සේයා අදත් ජීවත් වෙනවා.
ඔහුත් නිදහසේ ජීවත් වෙනවා.

ඔහු අපරාධකරුවෙක් වුණේ
ඔහුගෙ හැඟීම් පාලනය කරගන්න
වෙනත් ක්‍රමයක් නොලැබුණ නිසයි.
රාගයෙන් හිත වියරු වැටුණාම
එයින් හානි නොවෙන්න නම්
පාලනය කරගන්න ක්‍රමයක් අවශ්‍යයි.

සමන් ජයලත් මෙන් සිත් රාගයෙන් දැවෙන
පව් පින් නොතකන උගත් බුද්ධිමත්
කාමුක නිරාගමිකයන් පිරිසක් එකතු වෙලා
සාමාන්‍ය පෙළ අසමත් සදෙව්මි සේයාවන්ට
උගන්වන්න කියා නේවාසික කඳවුරක් අටවා
දෙමව්පියන්ගෙන් රු. 140,000කුත් අරගෙන
සිත් සේ දැරියන් දූෂණය කරන සිදුවීමක්
අපි මහනුවරින් ඇහුවා.

ද්වේශයෙන් කුපිත වුණ මිනිහෙක්
තමන්ගෙ තරහකාරයෙක් මරන්නෙ නැතුව
ඔහු මරන්න කියා පත්තිනි දෙවියන්ගෙන් ඉල්ලන එක
ඔහු මරා දානවාට වඩා හොඳ නැද්ද?
ඒ මිනිහා තමන්ගෙ ද්වේශය
දෙවියන්ට ආරෝපණය කරලා
දෙවියන් මත යැපීමෙන්
ඔහුගෙ ජීවිතයත් අනික් ජීවිතයත්
දෙකම බේරෙනවා.

ජල මට්ටම වැඩි වුණාම
හිත් බැම්ම බිඳෙන්නෙ නැතුව රැක ගන්න
වාං දොරටු තිබීම
ජීවිතයකට ආශීර්වාදයක්.

තමන්ගෙත් තව අයගෙත් ජීවිත බේරිලා
පූජා වට්ටිය කපුවා කෑවට කමක් නෑ.

බාර් එකට ඒ සල්ලි දීල අවසිහියෙන් ඉන්නවාට වඩා
සිහියෙන් සොයාගන්න ඒ ක්‍රමය හොඳයි.

ආවේග ශීලී කෙනෙකුට
ඇත්තටම අවශ්‍ය වෙන්නෙ
ඔහුගෙ හිතේ දැවෙන ද්වේශයෙන්
තාවකාලිකව මිදෙන මගක්.
ඔහුට විපස්සනා වඩන්න සුදුසුකම් නෑ.
සමථ භාවනා වඩන්න ඔහුට බෑ.
ශීලය රකින්න තරම් ආත්ම දමනයක් ඔහුට නෑ.

තනිව නැගී හිටින්න බැරි කෙනෙකුට
කෙළින් හිටගන්න කිහිලි කරු අවශ්‍යයි.
ආගම්වලින් මිථ්‍යා විශ්වාස වලින්
කිහිලි කරු අවශ්‍ය අයට සපයනවා.
දේව ඇදහිල්ල කිහිලි කරුවක්.

සෝවාන් වෙන්න රහතන් වහන්සේ අවශ්‍යයි කියන්නෙ
ඒ මිථ්‍යා විශ්වාසයෙම බෞද්ධ ස්වරූපයටයි.
රහතුන්ගෙන් බණ අහලා සෝවාන් වෙන්න පුළුවන්ද?
එවැනි දේශකයන් ළඟට රොක් වෙන පිරිස අතර
බෞද්ධයන්ට වඩා ඉන්නෙ අන්‍යාගමික දේවවාදී බැති මතුන්.
ඔවුන් හොයන්නෙ ජීවමාන දේව පුත්‍රයෙක්.
ජීවමාන අලුත් නබි කෙනෙක්.
කාමභෝගී ක්‍රිශ්ණා කෙනෙක්.

ඒ බැතිමතුන් අතර ඉන්න
නායකයාට සමානව හිතන කපටි රැළක්
ඔහු වටා ආරක්ෂක වළල්ලක් බඳිනවා.

දහම කණපිට පෙරළා දේවවාදී රුවක් දී
ඒ බැතිමතුන්ගෙ මල් පාවාඩ මතින්
යන
 නිරාගමික ශාස්තෘ වරයා
ඔවුන්ගෙ සිත් පහන් වල ශ්‍රද්ධාව නිවන් යනවා.

සෝවාන් වෙන්න රහතන් වහන්සේ කෙනෙක් සෙව්වත්
ස්වර්ගයට මග කියන දේව පුත්‍රයා සෙව්වත්
"නිවන් දකින්නට එන්න.
මාර්ගය මමයි."
කියන මාවත් සියල්ලම තියෙන්නෙ
තමන්ගෙ හිතේ සහනය සඳහා
අනුන් මත යැපෙන අය සඳහායි.
ඔවුන්ට එල්ලෙන්න වැලක් අවශ්‍යයි.

තමන් දෙවියන්ගෙ පණිවිඩ කාරයෙක් කියන්න
හිතේ හයිය නැති ආගමික පූජකයන්  කපුවන්
තමන් සේවකයන් විදියට රඟපාමින්
පන්සල් පල්ලි දේවාල ආශ්‍රම මගින්
ඔවුන් කල්ලි ගහලා නළවනවා
අපිට දකින්න ලැබෙනවා.

දේවවාදී ආගම්වලින් මිථ්‍යා විශ්වාස වලින්
නැළවෙන්න තොටිල්ලක් සොයා මානසික ළදරුවන් සඳහා
ළදරුවෙකුට ගැලපෙන අන්ධ විශ්වාස මාලාවක්
ඔවුන් වෙනුවෙන් සකස් කරලා තියනවා.

ඒ මානසික සහනය
ඒ විශේෂ පුද්ගලයාට ලබා දෙන්න
වෙන ක්‍රමයක් තියනවාද?

ද්වේශයෙන් දැවෙන මානසික ළදරුවන්
මේ බොළඳ ක්‍රම හැර වෙනත් ක්‍රමයකින්
ඒ ද්වේශයෙන් මුදවාගෙන සහනය සලසන්න හැකිවන්නෙ
බුදු දහමට පමණයි.
ඒ සඳහාත් විශේෂ සුදුසුකම් පෙළක් අවශ්‍යයි.
ඒ නිසා දැඩි දුකකින් පෙළෙන කෙනෙක්
ඒ දුකෙන් මිදෙන්න හිතාගෙන දැඩි කැප වීමකින්
බුදු දහමට යොමු වුණොත්
මේ සුදුසුකම් ඔහු සම්පාදනය කරගන්නවා.

මානසික සහනය
ආවේගශීලී පුද්ගලයාට ලබා දෙන්න
මේ ක්‍රම හැරෙන්න වෙනත් ක්‍රම තියනවාද?

ආවේගශීලී පුද්ගලයා බුද්ධිමත්ව සිතිය යුතුයි කියන
නිරාගමික කෝකටත් තෛලය මෙහිදී පලක් වෙන්නෙ නෑ.

බුද්ධිමත්ව හිතන්න පුලුවන් කෙනෙකුට
පන්සිල් රැකීමත් සුලු දෙයක්.
ඒත්
දැන දැනම සිල් පද පහම බිඳින
බුද්ධිමතුන් ඉන්නවා.

නිරාගමිකයන් කියන්නෙත් බුද්ධිමතුන් පිරිසක්.
පින් පව් ප්‍රතික්ෂේප කරන බුද්ධිමතුන් පිරිසක්.
අපි නිරාගමිකයි කියල කියන්නෙ
අපිට යහපත අයහපත පින් පව් ගාණක් නෑ කියන එකයි.
යහපත අයහපත පින් පව් පිළිගන්න අය
ආගම්
ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.

නූගත් මෝඩ මිනිස්සුන්ටත්
පින් පව් ගාණක් නෑ.
ඔවුන් පිළිවෙතින් නිරාගමිකයි.
නූගත් මෝඩ මිනිස්සු
තමන්ගෙ චර්යාවට නිරාගම කියා නමක් දීලා
ඒ බාල චර්යා ස්වභාවය බෞතීස්ම කරලා
තවත් චූල සම්ප්‍රදායක් හදාගන්නෙ නෑ.

උගත් බුද්ධිමත් නිරාගමිකයන්ට මෙන්
හිතට විරුද්ධව තමන් කරන වැරදි වැඩ
සමාජය හමුවේ සාධාරණීකරණය කරන
කෙස් පැලෙන තර්ක
ඒ නූගත් මෝඩ නිරාගමිකයන්ට නෑ.
ඔවුන් ආත්ම වංචාවෙන් තොරව
තමන්ගෙ පාඩුවේ
හිතට එකඟව තමන්ගෙ පව්කම් වල යෙදෙනවා.

පව් කරන්න අවකාශ නැති තැනක

පව්
කරන්න බැරි වෙලාවක
නූගත් මෝඩ නිරාගමිකයෙකුගෙ හිත
ආවේගශීලී වුණාම
මත්පැන් වැනි භෞතික විසඳුමක් ඉක්මවා ගිය
යම් පාරභෞතික සහනයක් ඔහුට අවශ්‍ය වෙනවා.
වෙනදා හුරුවුණ මාර්ගයෙ යන්න බැරි නිසා හෝ
ඒ මාර්ගයෙ යන්න අකමැති නිසා
නූගත් මෝඩ නිරාගමිකයන්ට අවශ්‍ය වෙන්නෙ

දැවෙන හිත නිවා ගැනීම පමණයි
.

මිනිස්සුන්ගෙ හිත් ආවේග වලින් කම්පා වුණාම
ආගමික විශ්වාසයක් ක්‍රියා කරන්නෙ
සහනයක් ලබා දෙන කූල් ඩ්‍රින්ක් එකක් වගෙයි.
"බොන්න සීතල වතුර වීදුරුවක්"
එයින් ඔවුන්ගෙ ද්වේශය නැතිවෙන්නෙ නෑ.
හිතට මතුවුණ ද්වේශය සමනය වෙනවා.
ඔවුන්ට අවශ්‍ය තාවකාලික සහනයක්.

තර්කයෙන් මේ අන්ධ විශ්වාස විනිවිද දකින
බටහිර ර
වල් වල වෙසෙන බුද්ධිමත් නිරාගමිකයන් සහ
මුස්ලිම් ක්‍රිස්තියානි හින්දු සික් ආදී අන්‍යාගමිකයන්
කිසිදු ඇදහීමක් අවශ්‍ය නැති
ශීල සමාධි ප්‍රඥා මාර්ගය සහිත
විපස්සනා මාර්ගයට යොමුවෙනවා.

ඔවුන්ගෙ ප්‍රශ්න ප්‍රායෝගිකවත් න්‍යායිකවත්
ඔවුන්ගෙ ඇස් ඉදිරිපිටම විසඳෙනවා.
විසඳෙන ආකාරයත් ඔවුන් දකිනවා.

.
අපිට නිතර දෙවේලේ හමුවෙන
පහත් පෙළේ නිරාගමිකයාගේ පටු චින්තනය
ඔවුන්ගෙ හෘද සාක්ෂිය රවටා ගැනීමක් බව
පැහැදිලිව හෙළි වෙන්නෙ
බුදු දහමේ ශීල සමාධි  ප්‍රඥා මාර්ගයත්
අන්ධ මිථ්‍යා විශ්වාස ගොඩට දමා
ප්‍රතික්ෂේප කරන විටයි.
.
ශීලයත් සමාධියත් ප්‍රඥාවත් පිළිබඳව
ඍජු සංවාදයක් කරන්න ඔවුන් ඉදිරිපත් වෙන්නෙ නෑ.
වසර දෙදහස් පන්සියයක් පුරා
මිනිසා දුකෙන් මුදවන්න ක්‍රියා කළ
ශීල සමාධි ප්‍රඥා මාර්ගය හඳුනා ගත් කෙනෙක්
අනිවාර්යයෙන් ඒ මාර්ගයෙ ගමන් කරන බව
ඔවුන්ගෙ උප විඥාණය ඔවුන්ට කියන නිසා
ඔවුන් පැකිළෙනවා.


නිරාගමික
තොටිලි වැටෙන් පනින පුතුන්ට
තෙරුවන් සරණයි.

20160804

පරිගණක ලොවෙහි සමථ විපස්සනා

පරිගණකයත් මිනිසාත් අතර
යම් සමානකම් දකින්න පුලුවන්.
පරිගණකයක 
HARDWARE, SOFTWARE
මිනිසාගේ නාම රූප වලට
සමානකම් දක්වනවා.

පරිගණකයක ක්‍රියාකාරිත්වයට
එහි RAM සහ ROM දෙකේ පවතින ඉඩකඩ භාවිතා වෙනවා.
පරිගණකයෙන් පරිගණකයට ක්‍රියාකාරිත්වය වෙනස්වුණත්
එක පරිගණකයක RAM සහ ROM දෙකේ ඉඩකඩ අඩුවීම
ඒ පරිගණකයට තදින් බලපානවා,

FILE නිතර තැන්පත් කිරීමෙන්
පරිගණකයෙ ROM එකේ ඉඩකඩ අඩුවීම
RAM එකට බලපාන ආකාරයෙත්
විඥාණයෙ කෙලෙස් තැන්පත්වෙද්දි
මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය අඩුවීමෙත්
සමානකම් තියනවා.

1, කෙලෙස් තැන්පත් වීම පාලනය කරගන්න සහ
2, කෙලෙස් ඉවත් කරලා හිත පිරිසිදු කරගන්න
හැම මිනිසෙක්ම අලුතෙන්ම පුහුණු විය යුතුයි.

පරිගණකය ගැන දන්න කෙනෙක්
පරිගණකය DEFRAGMENT කරන්නෙ
තියන FILE පිළිවෙලකට තැන්පත් කරලා
ROM එකේ අමතර ඉඩකඩක් හදාගන්නයි.
ඒ FILE ඉබේට DELETE වෙන්නෙ නෑ.

DEFRAGMENT කළාට පස්සෙ
පරිගණකයෙ අමතර ඉඩක් නිර්මාණය වෙනවා.
ඒ පරිගණකයෙ වේගය වැඩිවෙනවා.
සිතෙත් වපසරිය වැඩි කරන ක්‍රම තියනවා..

මිනිස් සිත හඳුනන අය
සමථ භාවනාවෙන්
සිතේ මතුවෙන කෙලෙස්
තැන්පත් කරන්න හුරුවෙලා
සිතේ ඉඩකඩ වැඩි කරගන්නවා.
සමථ භාවනාවෙන්
කෙලෙස් ඉවත්වීමක් නැසීමක් සිදුවෙන්නෙ නෑ.
DEFRAGMENT කිරීමක් සිදු වෙනවා.

කිසියම් ආවේගයක් ඇවිලෙන්න පටන් ගත් විටක
ඒ කෙලෙස් නැවත සිතට මතු වෙලා
RAM එක පිරෙනවා
සිතේ තියන ඉඩ හොඳටම අඩු කරනවා.
RAM එක සංස්කාර වලින් ගහණ වෙලා
සිත කැළඹුණ වෙලාවට
ආවේගශීලී පුද්ගලයා පව් කරනවා.
රාග, ද්වේශ, මෝහ සංස්කාර මිශ්‍ර
වැරදි තීරණ ගන්නවා.

විපස්සනාවට යොමුවෙන අය
තමන්ගෙ පරිගණකයෙ තැන්පත් වෙලා තියන
රාග, ද්වේශ, මෝහ  FORMAT වල FILE වලට
RAM එකට එන්න පුළුවන් වෙන විදියට
ඒ මොහොතට RAM එක පිරිසිදු කරගන්නවා.

කයත් වේදනා සිත සහ සිතේ වෙනස් වීම් ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් ඉන්න විට
ඒ මොහොතෙ අලුත් FILE හැදෙන්නෙ නෑ.

කයත් වේදනා සිත සහ සිතේ වෙනස් වීම් ගැන
සිහියෙන් ඉන්න නිසා
මෝහ FORMAT එකේ FILE හැදෙන්නෙ නෑ.
ඒ මොහොතෙ සිදුවෙන වෙනස්කම් අවලට
උපේක්ෂාවෙන් ඉන්න නිසා
රාග FORMAT එකෙන් සහ ද්වේශ FORMAT එකෙන්
FILE හැදෙන්නෙ නෑ.
මේ නිසා RAM එක නිදහස්ව පවතිනවා.
මේ නිදහස තුළ
ROM එකේ තියන රාග ද්වේශ මෝහ FILE
RAM එකට ඇවිත් ස්වයංක්‍රීයව DELETE වීම
මිනිස් සිතේ විශේෂත්වයක්.
ඒත් ඒ අවස්ථාව අපි විදසුන මගින්
ලබා දිය යුතුයි.

බාහිර හෝ අභ්‍යන්තරික හේතු මත
රාග ද්වේශ මෝහ FILE ඇතිවීම නිසා
මනස ආවේගශීලී වුණත්
ඒ FILE තියෙද්දි සැනසිල්ලෙන් ඉන්නත්
තමන්ගෙ කටයුතු
සාමාන්‍ය විදියට කරගෙන යන්නත්
විපස්සනා හුරුව දියුණු වෙනකෙනෙකුට
RAM එකේ ඉඩකඩ ලැබෙනවා.

මේ ක්‍රියාවලියෙහි අවසාන ප්‍රතිඵලය රහත්භාවයයි.

කෙලෙස් DEFRAGMENT කිරීම
සිදුහත් කුමරාත් ඉගෙන ගත්තා.
ඒත්
RAM එක නිදහස්ව තබාගෙන සිටීමෙන්
කෙලෙස් RAM එකට ඇවිත් DELETE වෙන්න ඉඩ සලසන
විපස්සනා මග හොයාගත්තෙ
බුදුන් වහන්සේයි.

ඒ මාර්ගය වඩා කෙලෙස් නසා සිත පිරිසිදු කරනවා හැර
තවත් කෙනෙකුට නිවන පිළිබඳව අලුතෙන් සොයාගන්නට
කිසිවක් ඉතිරි වී නෑ.

RAM එක නිදහස්ව තබාගෙන සිටීමෙන්
කෙලෙස් RAM එකට ඇවිත් DELETE වෙන්න ඉඩ සලසන
ඒ නිවන් මග
බුදු සසුන පවතින තුරු විවෘතයි.