20160629

පඨවි, ආපෝ, තේජෝ, වායෝ හැම තැනකම, හැම දේකම තියනවා.


පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන තැන
වායෝ කියන්නෙ ආශ්වාස ප්‍රශ්වාස කරන
වායුව නොවෙයි.
වායුවක තියන පාවෙන ගුණයයි..
පඨවි කියන්නෙ පොළව නොවෙය්.
දැඩි, තද ගතියයි.
ආපෝ කියන්න ගලායන ස්වභාවයට.
තේජෝ ගුණය කියන්නෙ උෂ්ණත්වය..


ජලය තුළ තේජෝ ගුණය අඩුවැඩි වෙනවිට
ජලය වෙනස් ආකාරවලට ප්‍රතිචාර දක්වනවා.

අයිස් වල තියෙන්නෙ පඨවි ගුණය.
ජලයෙ තියෙන්නෙ ආපෝ ගුණය.
ජල වාෂ්ප වල තියෙන්නෙ වායෝ ගුණය.
මේ තුනේ වෙනසට හේතුව
එකිනෙකට වෙනස් උෂ්ණත්වයන්.
උෂ්ණත්වය කියන්නෙ තේජෝ ගුණය.

ඔබට උණ ගන්නවා කියන්නේ
ඔබේ කයෙහි තේජෝ ගුණය වැඩි වීම.

හැම දේකම මේ ස්වභාවයන්
අඩුවෙන් වැඩියෙන් තියනවා.
චරිත වලත් තියනවා.
හැසිරීම් වල තියනවා.
විද්‍යාවෙ තියනවා.
පොදුවෙ කලාවෙ තියනවා.
සාහිත්‍යයෙ තියනවා.

සාහිත්‍යයෙදි
ගද්‍ය වල පඨවිගුණය වැඩියි.
කවියක ආපෝ ගුණය වැඩියි.
ගීතයක වැඩියෙන් තියෙන්නෙ වායෝ ගුණය.
වස්කවියක, ද්වේශයෙන් කියන කුණුහරුපවල
තේජෝ ගුණය වැඩියි.

තර්ජනයක පඨවිගුණය වැඩියි.
ඉල්ලීමක ආපෝ ගුණය වැඩියි.
බොරුවක වායෝ ගතිය හිස් බව වැඩියි.
ද්වේශයෙන් කියන කුණුහරුපවල
තේජෝ ගුණය වැඩියි.

ඔබ දන්න හැම තැනකම
මේ හතර තියනවා.


ජලය මෙන්ම ඔබත්
මේ ගුණ හතරට
වෙනස් ආකාරවලට ප්‍රතිචාර දක්වනවා.

1 comment:

  1. සුද්දාෂ්ඨකයේ තිබෙන පඨවි ආපෝ තේජෝ වායො වර්න ඝන්ධ රස ඕජා ගැන කෙරෙක විග්‍රහයන් නිවැරදි නැහැ කියලයි මට හිතෙන්නේ මෙහි තිබෙන ලක්ෂන ඇතිවන්නේ කෙසේදැයි කරන විග්‍රහ වලින් ගම්‍ය වන්නේ නැහැ. වේගයෙන් වෙනස්වීම ඇතිකරන්නේ කිනම් කොටසද සියල්ල ඇඳබැඳ තබාගන්නේ කොයි කොටසද මේවා අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ කොයි කොටසද සුද්දාෂ්ටක අතර බන්ධන ඇතිවක්නේ කෙසේද?

    ReplyDelete