20150909

වැරදි දේට පක්ෂපාතී වන්නා




[[[ "ඇයි සර් අපි රටට මෙච්චර සේවයක් කරලත් අපට මෙහෙම කරන්නේ?"  
හමුදා බුද්ධි නිලධාරීහු 
රහස් පොලීසියේ ලෑල්ලක නිදිකිරා වැටෙන අතර තුර
සිය ඉහළ නිලයන්ගෙන් විමසති. ]]]
මහින්ද පතිරණගේ වාර්තාවකින්...
----------------------------------

ඔබ එසේ සිතුවත්
මහින්ද පතිරණ මෙන්ම
ඔබත් සේවය කළේ රටට නොව
රට අයිතිකරගත් පිරිසකටය.

කාගේ හෝ යටතේ වැඩ කරන ඔබට
රටට සේවය කළ නොහැක.
ඔබ සේවය කරන්නේ
ඔබ පත් කළ තැනැත්තාටය.
දහසක් අතරින්
ඔවුන් ඔබ වෙන් කරගත්තේ
ඔබ පත්කරගත්තේ
ඒ පක්ෂපාතිත්වය නිසාය.

ඔබ ඔවුන් කරන්නේ මොනවාද බැලුවේ නැත.
ඔවුන් කළ කී සියල්ල ඔබට හොඳය.

ඔබේ සොයුරන් ආයුධ පෙන්වන්නට ගොස්
සැක කරුවන්ට කෙටි නඩු තීන්දු දුන්නාක් මෙන්
ඔබට කරන්නට කී ඕනෑම දෙයක්
හොඳ නරක නොබලා ඔබ කළහ.

රට වෙනුවෙන් යයි මුළාවී
රටට වින කරන්නන් ඔබ රකින්නට ඇත.
රටට ප්‍රයෝජනවත් අය නසන්නට ඇත.

ඔවුන්ට අවාසිදායක කෙනෙකු ඝාතනය
අද ඔවුන්ට අවාසිදායක අවස්ථාවේ
ඔවුන්ගේ අණට රකින ඔබම
හෙට ඔහු මැරීම ඔවුන්ට වාසියක් වන විට
ඔවුන්ගේ අණටම
ඔහු මරාදමන්නටත් ඉඩ ඇත.

වැරදි දේට පක්ෂපාතී වන්නා
වැරදි දේ නැසෙන විට
වැරදි දේත් සමගම නැසී යයි..

සත්‍යය දකින සුළුතරය
අනිත් පැත්තට මාරුවී
ජනතාවෙන් බහුතරයක්
වෙන පිරිසක් තෝරාගත් විට
ඔවුන් තෝරාගන්නා අයට ඉඩදී
ඉවත්වූ අය සමග
ඔබත් ඉවත් විය යුතුය.

හාම්පුතුන්ගේ සේවකයන් ලෙස
ඔබේ පක්ෂපාතිත්වය අගය කළයුතුය.

ඔබේ සැබෑ හාම්පුතුන් වන්නේ
ඔබේ හාම්පුතුන්ගේද හාම්පුතුන් වූ
රටේ බහුතර ජනතාවයි.

හාම්පුතුන්ට පක්ෂපාතී වූ ඔබ
හාම්පුතුන් සමගම  ඉවත් විය යුතුය..

ඔබ කළ කී දේ අනුව
සොබා දහමෙන් වේතනය ලබා ගන්නට
ඔබේ කාලය පැමිණ ඇත.

ඔබට සුබ පතමු.

1 comment:

  1. හම්මේ මමනම් මොකුත් කියන්නේ නෑ. මට බෑ හතරවෙනි තට්ටුවට නගින්න. කට වහගෙන කියවලා යනවා.

    ReplyDelete