සෑම දෙනෙතකම කඳුළක සේයාවක් ඉතිරිකර නික්මගිය පුංචි ‘සේයා’
2015
සැප්තැම්බර් මස 21 16:00:14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
වඳුරන්ගේ සහ රිලවුන්ගේ ජීවන රටාව තුළ උන්ගේ පැටවුන්ට ඇත්තේ අසීමිත ආරක්ෂාවකි. අනාරක්ෂිත යැයි හැෙඟන සෑම තැනකදීම උන් සිටින්නේ තම පැටවා බඩෙහි එල්ලාගෙනය. ආරක්ෂිත යැයි සිතෙන විටකදී පැටවා මදකට බිමින් තැබූව ද යම් විපතක් සිදු වූ අවස්ථාවකදී වඳුරා සහ රිලවා කරන්නේ තම තමන්ගේ පැටවුන් තෝර තෝරා නොසිට අතට අසුවන පැටවකු බඩෙහි එල්ලාගෙන වහාම එම ස්ථානයෙන් ඉවත්වීමයි. ආරක්ෂිත ස්ථානයකට ගොස් උන් තම තමන්ගේ පැටවුන් හුවමාරු කර ගනිති. එමනිසා වඳුරු හා රිලා සමාජය තුළ පැටවුන්ට සිදුවන අනතුරු අවමය.
එහෙත් දියුණුම යැයි පැවසෙන මිනිස් සමාජය තුළ තම දරුවාට ඇත්තේ කෙබඳු ආරක්ෂාවක්ද, තමාගේ නොවන අල්ලපු නිවසේ දරුවා දූෂණය කරන්නට පමණක් නොව මරා දමන්නට තරම් මිනිසා ම්ලේච්ඡු වී තිබේ.
මෑත කාලයේ අසන්නට ලැබුණු අතිශෝක ජනක සිදුවීම් දෙකක් පසුගිය සතියේදී වාර්තා විය. ඒ උඩුගම්පොල හා කොටදෙණියාව ප‍්‍රදේශ වලිනි. උඩුගම්පල දී ඝාතනය වූයේ අවුරුදු තුනහමාරක දැරියකි. සාහසිකයා එම දැරිය ළිඳට දමා තිබුණේ පණ පිටිනි. අනෙක් සිදුවීම වාර්තා වූයේ කොටදෙණියාව අකරන්ගහ ප‍්‍රදේශයෙනි. පෙර පාසල් දැරියක වූ සේයා සදෙව්මි ඝාතනයට ලක්වන්නේ සාහසික ලෙස දූෂණයට ලක්කිරීමෙන් පසුවය. වැඩිහිටි ස්ත‍්‍රි‍්‍රයකට හෝ ඉසිලිය නොහැකි බරපතළ ලිංගික අපයෝජනයකට මෙම පස් අවුරුදු දැරිය ලක්වී තිබිණි.
සේයාගේ පියා අපයෝජන සිද්ධියකට චෝදනා ලද්දේ මීට වසර කිහිපයකට පෙරදීය. මේ නිසා ඔහුට ගුරු වෘත්තිය තාවකාලිකව අහිමි වන අතර අධිකරණය හමුවේ නඩුවක් ද ගොනු වන්නේය. මෙම සිදුවීම වඩාත්ම නරක විදිහට බලපෑවේ ඔවුන්ගේ පවුල් කුටුම්භයටය. එම සිදුවීමෙන් පසුව සේයාගේ මවත්, පියාත් අතර විවිධ මතභේද, ගැටුම් ඇති වූ අතර එය ඍජුවම බලපෑවේ කුඩා දරු තිදෙනාටය. එහෙත් ආච්චි අම්මාගේ සෙවණ තිබූ නිසා සේයා ඇතුළු දරු තිදෙනාට මද හෝ අස්වැසිල්ලක් තිබිණි.
මෙම සිද්ධියෙන් පසුව තම දරු තිදෙනාට සමාජයට මුහුණ දීමට නොහැකි බව පවසමින් සේයාගේ මව පියා සමග දබර ඇති කර ගත්තාය. ”අපේ තාත්තා අම්මාට ගැහුවා” සේයා දිනක් පෙර පාසල් ගුරුවරිය සමග එසේ පවසා තිබුණි. මව හා පියා අතර තිබිය යුතු මනා සම්බන්ධය බිඳවැටීමෙන් පසුව එම නිවස ”පිස්සාගේ පලාමල්ල” බවට පත් විය. අප එසේ ලියා තබන්නේ, සේයා දැරිය අතුරුදන්වී යැයි වූ ආරංචියට අප එම නිවෙසට ගිය අවස්ථාවේ දුටු දර්ශනය නිසාය.
මිනිස් වාසයකට සුදුසු අයුරින් නිවස තනා තිබුණ ද එහි තිබූ අපිළිවෙළ අප දැඩි මවිතයට පත් කළේය. මිදුල පුරා කැලය වැවී තිබුණි. නිවස පිටුපස මුළුතැන්ගෙට බද්ධවී තිබුණේ විශාල තුඹසකි. විෂගෝර සතුන් එහි සිටින්නට පුළුවන. නිවසේ මුළුතැන්ගේ පෙදෙස විවෘත වෙන්නේ පාළු වත්තකටය. කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිණිස කිසිදු පියවරක් නොගෙන තිබූ බව මේ කරුණු සනාථ කළේය.
සිද්ධිය වූ පසුගිය 11 වැනිදා රාත‍්‍රියේදී සේයාගේ මව දරුවන් සමග රූපවාහිනිය බලමින් සිටියාය. පෙර පාසල් වියේ පසුව දරුවකු සාමාන්‍යයෙන් රාත‍්‍රි 8.30ත් 9ත් අතරවත් නින්දට යා යුතු වුවත් සේයා නින්දට ගියේ එයටත් පසුවය. රාත‍්‍රි 9.30ට පමණ පුංචි සේයා සාලයේ පුටුව උඩම දැඩි නින්දකට වැටී සිටියාය. සේයාව උස්සගෙන ගොස් කාමරයෙන් තැබූ මව යළි රූපවාහිනිය ඉදිරියට ගියාය. සේයා කාමරයේ ඇඳ උඩින් තබා එන විටත් ග‍්‍රීල් රහිත ජනෙල් පියන විවෘතව තිබුණි.
ඒ වන විට රූපවාහිනියේ විකාශය වෙමින් තිබුණේ මෙගා ටෙලි නාට්‍යයකි.
”මමත් දරුවනුත් රූපවාහිනිය බලමින් සිිටියා. සේයා දුවට පුටුව උඩම නින්ද ගියා. පස්සෙ 9.30ට විතර මම දුවව උස්සගෙන ගිහින් ඇඳෙන් තිබ්බා. මම 9.45ට විතර කාමරයට ගිහින් බලන කොට දුව ඇඳේ හිටියේ නැහැ. මම හිතුවේ අම්මගෙ කාමරයට ගිහින් ඇති කියලයි.” ඒ සේයාගේ මව කියන කතාවයි.
”මම හයර් එකක් ගිහින් ගෙදර එන විට රාත‍්‍රි 12.10ට විතර ඇති. ඒ එන විට කාමරයේ දුව හිටියේ නෑ. බිරිඳගෙන් ඇසුව විට කීවේ අම්මගෙ ළඟට ගිහින් ඇති කියලයි. උදේ තමයි දන්නේ දුව ගෙදර කොහෙවත්ම නැහැ කියලා.” ඒ සේයාගේ පියා කියන කතාවයි.
සේයාගේ දෙමාපියන් ලෙස මේ දෙදෙනා කෙතරම් වගකීම් රහිත ද යන්න තේරීම ඔබට බාරය. අච්චි නිදා සිටින අල්ලපු කාමරය අඩි දෙක තුනක් එහායින් පිහිටා තිබුණත් තම දරුවා හරිහැටි නිදා සිටිනවාදැයි යන්න හෝ බලන්නට මේ දෙමාපියන්ට වුවමනාවක් ඇති නොවීම පුදුම සහගතය.
මේ සිද්ධිය වෙන්න කලින් දවසෙ දුව නිදා ගත්තේ මගේ ඇඳේ. එදා මම කීවා ඔයා ගිහින් අම්මාලා එක්ක සැපට නිදා ගන්න. මේ ලෑලි ගොඬේ නිදා ගන්නේ නැතුව කියලා. හැමදාම මා ගාවට එන්නේ නෑ. ඉඳලා හිටලා එනවා” ඒ සේයාගේ ආච්චි අම්මා කියන කතාවයි.
”අපි මළගෙදරක ගිහින් ? 10ට විතර ගෙදර ආවේ. පසුව මා නිදා ගත්තා. මම පාන්දර 5.30ට අවදි වුණා. වෙනදා නිදාගෙන ඉන්න ළමයි තුන්දෙනාගෙන් හිටියේ දෙන්නෙක් විතරයි. කාමර දෙකේම බැලූවත් ළමයා හිටියේ නෑ” ඒ සේයාගේ සීයා කරන කතාවයි.
මේ හතර දෙනාගේ ප‍්‍රකාශවලට අනුව සේයා නිවසින් අතුරුදන් වන්නේ රාති‍්‍ර 9.30ත් 9.45ත් අතර කාලය තුළය.
සේයාගේ පියා ගුරු වෘත්තියට සමුදීමෙන් පසුව ආසන්න ප‍්‍රදේශයක පිහිටි ඇඟලූම් කම්හලක රාති‍්‍ර සේවා මුරයක සේවකයින් ප‍්‍රවාහනය සඳහා පිටත්ව යයි. බොහෝ දිනවල එම සේවය නිම කර ඔහු නිවසට එන්නේ රාත‍්‍රි 12 පසුවීමෙන් පසුවය. එදා සේයාගේ සීයා ද නිවසේ නොසිටි අවස්ථාවක මැදියම් රාත‍්‍රිය වනතුරු අනාරක්ෂිත ජනේලයක් විවෘත කර තබා සිටින්නට තරම් වුවමනාවක් තිබුණේ කාටද?
විවෘත කළ ජනේලයෙන් යම් කිසි කාමාතුරයකු ගෙට පැන්නාද?
වෙනදාට බුරන බල්ලා එදා නොබිරුවේ කුමක් නිසාදැයි මතුවන තවත් සැකයකි.
සේයාගේ නිවෙස අසලින් දිවෙන අතුරු මාර්ගය බඩල්ගම-මරඳගහමුල ප‍්‍රධාන මාර්ගයෙන් පටන් ගෙන එම නිවෙස අසලින් ගොස් වෙනත් ආසන්න තැනකින් එම මාර්ගයටම වැටෙයි. සේයාගේ නිවස අසලම මාර්ගය අනෙක් පස පිිහිටා ඇත්තේ සේයාගේ මහප්පා හෙවත් තාත්තාගේ අයියාගේ නිවසයි. සුරංග නමැති ඔහු ප‍්‍රකාශ කරන්නේ වැදගත් සාක්ෂියකි.
”මම දැක්කා රෑ 11ත් 12ත් අතර මල්ලිලාගේ නිවස පැත්තට වාහනයක් යනවා. මම හිතුවේ මල්ලීගේ වාහනය කියලා. ඒ හින්දා මම ගොඩාක් වුවමනාවෙන් ඒ දිහා බැලූවේ නැහැ. ඒත් ඊට පැය කාලකට පස්සෙ තමයි මල්ලිගෙ වාහනය ගෙදරට ආවේ. වෙනදාට වෙනත් වාහනයක් ඒ වෙලාවට යන්නෙ නෑ.’’
ඔහුගේ ප‍්‍රකාශය අනුව මැදියම් රාත‍්‍රියට ආසන්නව තිබියදී සේයාගේ නිවෙස අසල තිබී ධාවනය වූ වාහනය කුමක්දැයි මහත් ගැටලූවක් වී තිබේ. මෙම වාහනය එදින වෙනත් නිවසකට පැමිණි බවට කිසිදු සාක්කියක් නොමැති අතර ප‍්‍රධාන මාර්ගයෙන් ඇතුළුවී සේයාගේ නිවෙස අසලින් ගොස් යළි ප‍්‍රධාන මාර්ගයට ගොස් ඇතැයි තොරතුරු හෙළිවී තිබේ.
සේයා නිදා සිටි ඇඳේ ඇතිරිල්ල මත සටහන්ව තිබූ මිනිස් පා සලකුණ කියා පාන්නේ ඇය රැගෙන යන්නට පැමිණි පුද්ගලයා ඇඳ මත සිටගෙන ඇති බවයි. පෙර පාසල් යන වියේ පසුවන දරුවකු නින්දට ගිය පළමු පැය දෙක තුළ සිටින්නේ තද නින්දේය. ඒ කාලය තුළ ඇය අවදි වූවා නම් ඇය අනිවාර්යයෙන්ම නින්දෙන්ම හඬන්නීය. එහෙත් පැමිණි පුද්ගලයා ඇය අවදි නොකරම නිදා සිියදීම ඇයව රැගෙන ගොස් ඇති බව පැහැදිලිය. ඔහු ඇඳ මතට පාදය තබන්නට ඇත්තේ සේයාව හරියාකරව ග‍්‍රහණය කර ගැනීමට විය හැකිය.
සේයා සදෙව්මි නිදා සිටි අඳේ මෙට්ටය යට ඇය හැඳ සිටි කලිසම තිබීමෙන් හෙළි වන්නේ ඝාතකයා එම ස්ථානයේදීම ඇයගේ ඇඳුම් ඉවත් කර ඇති බවය. එසේ නම් ඇය එම ස්ථානයේදීම දූෂණයට ලක්වී දැයි යන ගැටලූව ද පැන නගී.
ඝාතකයා සේයාව ද රැගෙන එම ජනෙල් කවුළුවෙන් පැන ගියේ නම් එය මහත් අසීරු කටයුත්තකි. සේයාව අවදි කර ගෙන ජනේලයෙන් රැගෙන ගියා යැයි සිතීම අපහසුය. මේ නිසා සැක පහළ වන්නේ පිටුපස දොරින් ඝාතකයා දැරිය ද රැගෙන පලා ගියේ ද යන්නයි.
ඝාතකයා පිටුපස දොරින් පලායාම ජනේලයෙන් පැන යාමට වඩා ආරක්ෂිත එකක් වන්නේ පිටුපස දොරින් එහා කොටස ඉතා පාළු වත්තකට විවරව තිබීමයි. ජනේලයෙන් පැන්නේ නම් අතුරු මාර්ගයේ ගමන් ගන්නෙකුට හෝ සේයාගේ මහප්පාගේ නිවෙසට හෝ එය පෙනෙන්නට ඉඩ වැඩි අතර පිටුපස දොරින් පැනයාම කිසිවකුගේ ඇස නොගැටෙයි. පිටුපස දොරින් එලියට ආ විට මීටර් 100ක් පමණ දුරකට නිවෙසක් පිහිටා නැත. නිවාස දෙකක් දෙපසින් පිහිටි යද ඒවායේ අවධානයට අසු නොවී ඝාතකයාට ලෙහෙසින්යෙන්ම අතුරු මාර්ගයට පැන පාළු මාවත දිගේ අසල ඇති කුඹුරුයායට පැන ගත හැකිය.
සේයාගේ මළ සිරුර තිබී හමුවූයේ ද මේ වෙල්යාය කෙළවර වූ ඇළ මාර්ගය අසල තිබියදීය. අතුරු මාර්ගයෙන් බැස වෙල්යාය දිගේ මළ සිරුර හමු වූ ස්ථානය තෙක් ප‍්‍රදේශය ජන ශූන්‍ය ප‍්‍රදේශයකි. ඝාතකයා දැරිය දූෂණය කළේ හා ඝාතනය කළේ සිරුර හමු වූ ස්ථානයේ නම් එම ස්ථානය අකරන්ගහ ජයසුන්දරාරාම විහාරයේ භූමිය කෙළවරය. එම ස්ථානය අසල විශාල බෝගසක්ද පිහිටා තිබේ. මේ නිසා ඝාතකයා මේ අධම කාර්ය කර ඇත්තේ පූජනීය භූමියක සෙවනකදී වීම මෙම සිදුවීමේ ශෝචනීයත්වය පෙන්නුම් කරයි. විහාරස්ථානය පෙනි පෙනීම බෝගසක් අසලටම පැමිණෙන්නට සිදුවීම මෙම අධමයාට වූ සරදමක් වැනිය.
සේයාගේ ඝාතනය කෙරෙහි සමහරුන්ගේ සැකය එල්ල වූයේ ඇගේ පියා දෙසටය. ඊට ප‍්‍රධාන හේතුව ඔහු මීට පෙර යම් සිදුවීමකට සම්බන්ධ නිසාය. තවත් බොහෝ දෙනකු සැක සිතුවේ පියාගෙන් පලිගැනීමේ අදහසින් තවත් පාර්ශ්වයක් එකට එක කිරීමක් ලෙස මෙය සිදු කර ඇති බවටය.
සේයා ඝාතනය කිරීම පිළිබඳ වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන්ට ද ඔහු ප‍්‍රචණ්ඩ ලෙස සැලකීම සැකය තවත් වැඩිවන්නට පටන් ගත්තේය. විටෙක ගමේ පිරිස් ඔහු ඉල්ලා නිවෙස වට කළහ. මේ නිසා සේයාගේ පියාටත්, මවටත් සේයාගේ දේහය මිහිදන් කළ දින කනත්තට යාමේ අවස්ථාව ද අහිමි විය.
පුංචි සේයා ගමේම පිහිටි පෙර පාසලට ඇතුළත් වන්නේ 2015 ජනවාරි 14 වැනිදාය. ළමයින් 32ක් සිටි එම පෙර පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යාව වූයේ සේයාය. පෙර පාසලේ ප‍්‍රධාන පාලිකා එල්. කමලා පද්මිණි සඳශීලි මහත්මියට අනුව සේයා දිනපතාම පෙර පාසල් පැමිණියාය. ඒ තම ආච්චි අම්මා සමගය. පෙර පාසල සමග සබඳතාව පැවැත්වූයේ ද ආච්චි පමණි. පෙර පාසලට පැමිණි විට සේයා ගුරුතුමියගේ ආදරය සොයා ආවාය. ගුරුවරිය ඉඳගෙන සිටින විට ඇගේ උකුලේ වාඩිවී ඇෙඟ් ඇතිල්ලෙන සේයා, යළි යළිත් පැමිණ ගුරුවරියගේ උණුසුම පැතුවාය. දිනපතා විවිධ කොණ්ඩා කටු හා ”බූල් බෑණ්ඞ්” ගසාගෙන කොණ්ඩය සරසාගෙන පැමිණෙන ඇය ගුරුවරිය ඉදිරියට ගොස් ”ටීචර් අද මම ලස්සනදැයි” විමසන්නීය.
”සේයා හොඳ මතකයක් තිබුණු දරුවෙකි. පෙර පාසල ඇරෙන්නේ දවල් 11ට. ඒත් ඇයට ගෙදර යන්න වුවමනාවක් නෑ. පුතේ හෙටත් එන්න දැන් ගෙදර යන්න කියලා මා කිව්වාට පසුව ඇය යනවා” ඒ ගුරුවරියගේ කතාවයි.
සේයා පෙර පාසලට එන්නේ බොහෝ විට තම ආච්චි අම්මා සමගය. සමහර දිනවලට සීයා සමගද එන්නීය. ඇය අවසන් වරට පෙර පාසල් පැමිණි ඇය අතුරුදන් වූ පසුගිය 11 දින ඇය තම වතුර බෝතලය ද පෙර පාසලේ අමතක කර දමා ගොස් තිබිණි. පෙර පාසලේ සේයාට හිමි පුංචි පුටුව ඇය නොමැතිව හුදකලාවේ තිබෙනු දක්නට ලැබිණි. පෙර පාසලේ පුංචි මිතුරු මිතුරියන්ට සේයාගේ සේයාව වත් යළි කිසි දිනක දක්නට නොලැබෙන බව නම් ස්ථීරයි.
ඇගේ ඝාතනය පිළිබඳව ළඟම ඥාතීන් සහ අසල්වාසීන් 50කට ආසන්න පිරිසකගෙන් ප‍්‍රශ්න කරගෙන ඇති බව කී වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි මහතා ප‍්‍රකාශ කළේ දැරියගේ ඝාතනය සම්බන්ධව වැදගත් තාක්ෂණික සාක්ෂි ලැබී ඇති බවය. නිවස අසල පදිංචිකරුවන් කිහිප දෙනකු ද ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව මෙම ඝාතනයේ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබිණි.
පසුගිය කාලයේ සිදුවූ ළමා අපචාර
පසුගිය කාලය පුරා දරුවන් අපචාරයට ලක් කිරීම හා ඝාතන සිද්ධීන් වැළක් වාර්තා විය. යාපනයේ සිවලෝගදන් විද්‍යා ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර ඝාතනය කරන ලදී. දෙණියාය ප‍්‍රදේශයේ 34 හැවිරිදි සිව්දරු පියකු විසින් 16 වියැති දැරියක දූෂණය කර ටයි පටියෙන් ගෙල සිරකර මරා දමන ලදී.
කිලිනොච්චියේ අවුරුදු 03ක දැරිය දුෂණය කර ඝාතනය කළේ 14 හැවිරිදි පිරිමි දරුවකු විසිනි. අක්මීමන අට හැවිරිදි දැරිය දූෂණය කර මරා දැමීමේ ද 28 හැවිරිදි අධමයකු විසිනි. මානියම්ගම පියෙක් තමාට ජාතකව උපන් 08 හැවිරිදි දැරිය දූෂණය කර මරා නිවෙසේ මුළුතැන්ගේ තුළ වළ දමා තම දියනිය අතුරුදන් යැයි පොලිසියට පැමිණිලි කළේය. මෙම පියා වසර දෙකක් පුරාම තම දියණිය අපයෝජනයට ලක් කර තිබිණි. ක‍්‍රිෂ්ණකුමාර් දුශ්‍යන්ති දැරියගේ දූෂණය කර මරා දැමූ සිරුර හමුවන්නේ කිිරුලපන ඇළ මාර්ගයක තිබියදීය. කාතන්කුඩි 12 හැවිරිදි සාබ්දීන් ෆාතිමා දැරිය දූෂණය කර මරා දමන්නේ ඇගේ මාමාය.
රටේ පැතිර යන ළමා අපචාර හා ඝාතන සිද්ධීන් පිළිබඳව අප අවසන් වශයෙන් දෙකටනxකටුලන්ද පුරාණ විහාරයේ විහාරාධිකාරී ශාස්ත‍්‍රපති වෙන්නවත්තේ රතන ජෝති හිමියන්ගෙන් විමසීමක් කළෙමු.
උන්වහන්සේ ප‍්‍රකාශ කරන්නේ දරුවාට හා කාන්තාවට අවශ්‍ය රැකවරණය අද සමාජය තුළින් ඉවත්ව ඇති බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ දරුවන් හා කාන්තාවන්ට ආරක්ෂාව, රැකවරණය ලබා දිය යුතු බවය. එහෙත් අද සමාජය දරුණු ලෙස එම වගකීම පැහැර හැර ඇති බවත්, ඒ නිසා විශේෂයෙන්ම දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද උන්වහන්සේ කීහ.
සේයා සදෙව්මි දැරිය කාමාතුර යක්ෂයාට බිළි වූ අවසන් දැරිය නොවේ. මේ මුග්ධයෝ තම මුග්ධ ආශාවන් තව තවත් පොදි බඳිමින් සැරිසරති. එහෙත් වඳුරු හා රිලා සමාජය මෙන් අපත් අපගේ දරුවන්ට නිසි ආරක්ෂාව ලබා දෙන්නේ නම් අපේ දරු පරපුර රැකගැනීම එතරම් අපහසු කාර්යක් නොවනු ඇත.
තව ඩිංගෙන් ඔය තාත්තව මරන්නේ..... ඒහෙනම් දුවව මිනීමරුවෝ මරලා තාත්තාව සමාජයෙන් ඒල්ලලා මරන්න තිබුණා..
ReplyDelete