විද්‍යාවෙ සිදුවෙන වෙනස්වීම වෙනස්...
අසම්පූර්ණ දේකට කෑලි ෆිට් කරද්දි
ගැලපෙන කෑලි සහ නොගැලපෙන කෑලි ෆිට් වෙද්දි
සිදුවෙන විදියෙ වෙනස්වීමක්...
.
අසම්පූර්ණ දේකට කෑලි ෆිට් කරද්දි
ගැලපෙන කෑලි සහ නොගැලපෙන කෑලි ෆිට් වෙද්දි
සිදුවෙන විදියෙ වෙනස්වීමක්...
.
විද්‍යාව කියන්නෙ
විවිධ පුද්ගලයන් විසින්
විශ්වයේ ධර්මතා පිළිබඳ කරන සොයා ගැනීම්
ෆිට් කරල හදන ප්‍රහෙළිකා විසඳුමක්..
එක් සොයා ගැනීමකින් පසුව
මුල් සොයා ගැනීමක් වැරදියි හෝ
නිවැරදියි කියල හෙළි වෙනවා.
විද්‍යාව කියල අපි මේ දකින රූපයෙ
නිශ්චිත, අකාලික ධර්මතා නැහැ..
මූලික හරය බලද්දි අකාලික ධර්මයක් වුණත්
විද්‍යාවෙන් මැනීමට වෑයම් කිරීම සහ අර්ථ දැක්වීම අනුව
බොහෝ විට සාපේක්ෂ සත්‍යයක් වෙනවා.
වසර දහස් ගණන් මිනිසුන් ප්‍රයෝගිකව භාවිතා කළ
අකාලික ධර්මතාවයන්
විද්‍යාවේ පටු, අසම්පූර්ණ මානයන්ගෙන්
මනින්නට අර්ථ දක්වන්නට වැයම් කිරීමෙදි
අසාර්ථක්වෙන විද්‍යාව ඒ ධර්මතා
අහඹුවක් ලෙස හෝ මිථ්‍යාවක් ලෙස බැහැර කරනවා.
අන්ධයෙකුගෙ අර්ථ කථනය
තවත් අන්ධයෙකුට සත්‍යයක්.
ඔවුන් දෙදෙනාටම වැරදුණ බව
ඇස් ඇති කෙනෙකුට පෙණුනත්
තෝරා දෙන්නට හැකියාවක් නෑ.
කවුරු වුණත් වතුර රත් කෙරුවොත්
වතුරෙ උෂ්ණත්වය වැඩි වෙලා
සරල පොදු සත්‍යයක්.
විද්‍යාවට මේ අවබෝධය මදි.
මේ සංසිද්ධිය මනින්න, ලේඛනගත කරන්න
විද්‍යාවට අවශ්‍යයි.
මූලික හරය බලද්දි අකාලික ධර්මයක් වුණත්
විද්‍යාවෙන් මැනීමට වෑයම් කිරීම සහ අර්ථ දැක්වීම අනුව
බොහෝ විට සාපේක්ෂ සත්‍යයක් වෙනවා.
වසර දහස් ගණන් මිනිසුන් ප්‍රයෝගිකව භාවිතා කළ
අකාලික ධර්මතාවයන්
විද්‍යාවේ පටු, අසම්පූර්ණ මානයන්ගෙන්
මනින්නට අර්ථ දක්වන්නට වැයම් කිරීමෙදි
අසාර්ථක්වෙන විද්‍යාව ඒ ධර්මතා
අහඹුවක් ලෙස හෝ මිථ්‍යාවක් ලෙස බැහැර කරනවා.
අන්ධයෙකුගෙ අර්ථ කථනය
තවත් අන්ධයෙකුට සත්‍යයක්.
ඔවුන් දෙදෙනාටම වැරදුණ බව
ඇස් ඇති කෙනෙකුට පෙණුනත්
තෝරා දෙන්නට හැකියාවක් නෑ.
කවුරු වුණත් වතුර රත් කෙරුවොත්
වතුරෙ උෂ්ණත්වය වැඩි වෙලා
වතුර නටනවා.
වතුර වාශ්ප වෙනවා
වතුර වාශ්ප වෙනවා
සරල පොදු සත්‍යයක්.
විද්‍යාවට මේ අවබෝධය මදි.
මේ සංසිද්ධිය මනින්න, ලේඛනගත කරන්න
විද්‍යාවට අවශ්‍යයි.
මුහුදු වෙරළෙ ඉන්න කෙනෙක් වතුර රත් කරලා
නිගමනය කරනවා වතුර නටන උෂ්ණත්වය
නිගමනය කරනවා වතුර නටන උෂ්ණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 100යි.
ඒ කොන්දේසි සහිත සත්‍යයක්.
කන්දක් මුදුනට ගියාම සත්‍යය වෙනස් වෙනවා.
ඊට පස්සෙ
ඒ ගැන හොයන කෙනෙක්
පීඩනය අඩු නිසා කියල හොයා ගන්නවා.
විද්‍යාව පෝෂණය වෙන්නෙ එහෙමයි.
බුදු දහම සොයාගෙන අවසන්.
දුක් විඳින බව වැටහෙන පුහුදුන් කෙනෙක්
දුක නිවන මග - විදසුන් මගෙහි ගියොත්
අවස්ථා හතරකින් දුකෙන් මිදෙනවා.
මේ සත්‍යය කාට වුණත් නිශ්චිතයි.. අකාලිකයි.
බුදු දහම සොයාගෙන අවසන්.
දුක් විඳින බව වැටහෙන පුහුදුන් කෙනෙක්
දුක නිවන මග - විදසුන් මගෙහි ගියොත්
අවස්ථා හතරකින් දුකෙන් මිදෙනවා.
මේ සත්‍යය කාට වුණත් නිශ්චිතයි.. අකාලිකයි.
වතුර නටන උෂ්ණත්වය
සෙන්ටිග්‍රේඩ් අංශක 100යි. කියල
බුදු දහම කියන්නෙ නැහැ..
බුදු දහම කියන්නෙ
රත් කෙරුවොත් වතුර වාශ්ප වෙනවා
කියල විතරයි..
අදාළ පුද්ගලයාට
විඳ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්.
ඔහුගෙ අංශකය ඔහු හොයා ගනීවි.
ඔහුගෙ දැනුම ඔහුම අත්දැකීමෙන් පසක් කළ
ඔහුටම අවේණික සත්‍යයක්. ඒත් අකාලික සත්‍යයක්.
රහතන් වහන්සේලා සියයක් ගත්තත්
උන් වහන්සේලා දුටු දේ එකයි.
ඔවුන් එකිනෙකා සමග ගැටෙන්නෙ නැහැ.
විද්‍යාඥයන්ට එහෙම අවස්ථාවක්
කවදාවත් අත්විඳින්න බැහැ..
ඔවුන් හැමවිටම ගත කරන්නෙ
විචිකිච්ඡාවෙන්. සැකයෙන්..
ඔහුටම අවේණික සත්‍යයක්. ඒත් අකාලික සත්‍යයක්.
රහතන් වහන්සේලා සියයක් ගත්තත්
උන් වහන්සේලා දුටු දේ එකයි.
ඔවුන් එකිනෙකා සමග ගැටෙන්නෙ නැහැ.
විද්‍යාඥයන්ට එහෙම අවස්ථාවක්
කවදාවත් අත්විඳින්න බැහැ..
ඔවුන් හැමවිටම ගත කරන්නෙ
විචිකිච්ඡාවෙන්. සැකයෙන්..
දැනුම හොයන අය විද්‍යාවට කැමතියි..
මුහුදු වෙරළෙදිවත්, කඳු මුදුනකවත්
කවදාවත් වතුර රත් නොකළ කෙනෙක්
පන්තිකාමරයක හෝ පුස්තකාලයකදි
වතුර වාශ්ප වීම ගැන
විශාල තොරතුරු ගොඩක් හොයාගෙන රැස් කරගෙන
උපාධි කිහිපයක් අරගෙන
ඒ දැනුම අනිත් අයටත් දෙමින්
ධනයක් මෙන් දැනුම භාවිතා කරමින්
ධනවත් ජීවිතයක් ගෙවන්න පුලුවන්.
දැනුමෙන් පෝෂණය වෙන බුද්ධිමතාට
ධනවතෙකුට ධනය මෙන් දැනුම බරක්..
බුදු දහම තුළින්
ඒ ධර්මතාවයම පසක් කරන කෙනෙක්
වතුර වාශ්පවීම විඳ ප්‍රත්‍යක්ෂ කරනවා.
ඔහුට අංශක ගණන අවශ්‍ය නැහැ.
ඔහු අනවශ්‍ය වෙලාවට
ඒ ගැන හිතන්නෙ වත් නෑ.
මුහුදු වෙරළෙ වෙනස සහ
කඳු මුදුනෙ වෙනස ඔහු දකින්නෙ
වතුර නටන්න ගතවන කාලයෙහි
වෙනසක් විදියට විය හැකියි.
ඔහු දන්න දේ ඔහුට බරක් නොවෙයි.
ප්‍රඥාව බරක් නෙමෙයි..
ඒ අනුව,
ReplyDeleteයමක් විද්‍යාත්මක පැහැදිලි කරගැනීම,
යමක් හේතු-ඵල දහමින් (කර්මය හැර) තේරුම් ගැනීමට
සර්ව සම වේ.
යමක් හේතුඵල දහමින් තේරූම් ගනීම යනු
විඳ ප්‍රත්‍යක්ෂ කරගැනීම නොවේ.
එනම් විඳ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සිදු කළ හැක්කේ පංචේන්ද්‍රියන් ඔස්සේ පමණි.
ඒ සඳහා පංචේන්ද්‍රියන්ගේ සංවේදීතාවය පුළුල් හා තීව්‍ර විය යුතුය.
සංවේදන වලට සියුම්ව සිහිය පිහිට වීමෙන්,
විඳ ප්‍රත්‍යක්ෂ කරගැනීම සිදු කළ හැක.
මා නිවැරදිද?
මනස කියල ගත්තත්
Deleteපසිඳුරන් කියල ගත්තත්
අවබෝධය අසම්පූර්ණයි..
බුදු දහම තනිකරම මනසින්
අවබෝධ කරගන්න බැහැ..
කයත් උපයෝගී විය යුතුයි.
මිනිසා මොහොතක් පාසා විඳින
දුකට අදාළ ධර්මතා
කයත් මනසත් දෙකටම පොදුයි.
අපි අත්විඳින හැම මානසික වෙනස්වීමක් සමගම
කයත් සාපේක්ෂව වෙනස් වෙනවා.
මනසෙහි සිදු වෙන හැම වෙනසක්ම සමග
කයෙත් වේදනාවක් සමව සරණවා.
කය නැතුව මනස නිසි පරිදි ග්‍රහණය කරගන්න බෑ.
මිනිසා මොහොතක් පාසා විඳින
දුකට අදාළ ධර්මතා
කයත් මනසත් දෙකම
අත්විඳින මොහොතෙම විඳ ප්‍රත්‍යක්ෂ කර ගැනීම
බුදු දහමෙහි මූලිකම මාර්ගයයි.
ඉන් බාහිර අවබෝධ කරගැනීම්
එතැනට යොමු විය යුතුයි..
අපි අත්විඳින හැම මානසික වෙනස්වීමක් සමගම
කයත් සාපේක්ෂව වෙනස් වෙනවා.
මොහොතින් මොහොත වෙනස් වෙන
ජෛව රසායනික නිසා
උපන්දා පටන්
කය කල් ඉකුත් වෙමින් යනවා..
අපි කියන්නෙ කෙලෙස් කියලා.
මනස නිසි පරිදි ග්‍රහණය කරගන්න
ඒ කෙලෙසුන් නසා
කය යාවත් කාලීන විය යුතුයි...
එසේ යාවත්කාලීන වෙන ක්‍රමය
විපස්සනා නමින් හැඳින්වෙනවා.