20141023

දොස් කියන විට රොස් නොවන්න

වැනුමේදීත් බැණුමේදීත් නොසැලීමේ ගුණය මතු කරන කතා පුවතකි

ධනපාල ගුණසේකර ලියයි..

දිනක් බුදුන් වහන්සේ රජගහ නුවර සිට නාලන්දා නුවර බලා වඩිනු පිණිස භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ගමන් ඇරඹූ හ. අතරමඟදී නාලන්දා නුවර බලා යමින් සිටි සුප්පිය නමැති පිරිවැජියෙක් ද ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙක් ද බුදුන් වහන්සේගේ පිරිවර පසු පසින් ම එන්නට වූ හ.

මෙසේ යන ගමනේදී අන්‍යාගමිකයකු වූ සුප්පිය පිරිවැජියා බුදුන් වහන්සේගේ නුගුණ කියමින් උන් වහන්සේට නොයෙක් අයුරින් නිගා කරමින් ගිය අතර ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ඔහුට පිළිවදන් දුන්නේ ය. මෙසේ මග දිගට ම පැවතුණු ඔවුන්ගේ විවාදය භික්ෂූන් වහන්සේට ද ඇසිණි. එහෙත් භික්ෂූන් වහන්සේ ඊට පිළිතුරු නොදී නිහඬ ව ම ගමන් කළහ.

අතරමඟදී සන්ධ්‍යාව එළැඹි හෙයින් බුදුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාර හෙවත් රජුට අයත් ගොඩනැගිල්ලක රාත්‍රිය නවාතැන් ගත් සේක. සුප්පිය හා අතවැසි බ්‍රහ්මදත්ත තරුණයා ද සඟ පිරිස සමග ම රාජාගාරයෙහි නවාතැන් ගත්හ. එදින සන්ධ්‍යා භාගයේ රාජාගාර ශාලාවෙහි විවේකී ව ගත කළ භික්ෂූන් වහන්සේලාගේ කතා-බහට මාතෘකාව වූයේ සුප්පිය පිරිවැජියා හා ඔහුගේ අතවැසියා අතර වූ විවාදය යි.

“සුප්පිය මග දිගට ම බුදුන් වහන්සේට නිගා කළා; අවමන් කළා; බුදුන් වහන්සේ තුළ නැති අගුණ ඇති බැව් පැවසුවා. එහෙත් ඔහුගේ අතවැසියා වුණත් බ්‍රහ්මදත්ත ඒ සියලු විවේචනයන්ට පිළිතුරු දුන්නා; බුදුන් වහන්සේගේ ගුණ ම වර්ණනා කළා” භික්ෂු නමක් පැවැසී ය.

“ඇත්තෙන් ම එක මග ගියත් මොන තරම් වෙනස් අදහස් තිබෙන දෙන්නෙක් ද? ලෝකයේ හැටි කල්පනා කරන කොට හරි පුදුම හිතෙනවා.”

මෙසේ භික්ෂු පිරිස පිළිසඳරෙහි යෙදී සිටි අතරේදී බුදුන් වහන්සේ ඔවුන් වෙතට පැමිණි සේක. භික්ෂූහු නැගිට බුදුන් වහන්සේට නමස්කාර කොට නිහඬ වූ හ.

“මහණෙනි, මා මෙතැනට ඒමට පෙර ඔබ කුමන කරුණක් ගැන කතිකා කරමින් සිටියෝ ද?” බුදුන් වහන්සේ විචාළහ.

“ස්වාමීනි, මේ ලෝකයේ එක් අයෙක් අනෙකාට වඩා වෙනස් ය. සමාන දෙදෙනකු ලොව නැතැ යි ඔබ වහන්සේ අපට කියා දුන් කරුණ කොතරම් සත්‍ය දැ යි අපි කථා කරමින් හුනුමු,” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.

“භික්ෂූනි, මේ හදිසියේ එබඳු කතා-බහක් ඇති වීමට හේතුව කිමෙක් ද?”

“ස්වාමීනි, අපේ පිරිස පසුපසින් නාලන්දාවට ම යමින් සිටි සුප්පිය නම් පිරිවැජියෙකුත් ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙකුත් පැමිණියහ. සුප්පිය මග දිගට ම ඔබ වහන්සේගේ නුගුණ කියමින් ඔබ වහන්සේට අවමන් කරමින් පැමිණියේ ය. සුප්පිය කියන කියන දෙයට එරෙහි වූ බ්‍රහ්මදත්ත තරුණයා ඔබ වහන්සේගේ ගුණ ම වර්ණනා කළේ ය. එක් මග ගිය ද මොවුන් දෙදෙනා එකිනෙකාගෙන් හාත්පසින් ම වෙනස් පුද්ගලයන් බව අපි තේරුම් ගතිමු.” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.

“භික්ෂූනි, තොප පවසන්නේ සත්‍යයකි. එසේ ම සුප්පිය පිරිවැජියා මට නින්දා කරනු අසා ඔබ කෝප වූවහු ද?” බුදුන් වහන්සේ විචාළ සේක.

භික්ෂූන් වහන්සේ නිහඬ ව සිටියා විනා ඊට පිළිවදන් නුදුන්හ.

“භික්ෂූනි, යමෙක් මගේ හෝ මා ඉගැන්වූ ධර්මයේ හෝ ඔබගේ හෝ නුගුණ කියනු ඇසුණ හොත් කිසි විටෙකත් ඉන් ඔබ කෝප නොවිය යුතු ය. මන්ද? ඔබ කෝප වුව හොත් ඉන් පාඩුව අත් වන්නේ ඔබට ම නිසා ය” බුදුන් වහන්සේ වදාළහ.
==================================================
බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් බුදු වදන්

5. ´´මහණෙනි,
අනුන් මාගේ හෝ නුගුණ කියද්ද,
ධර්මය ගැන හෝ නුගුණ කියද්ද,
සංඝයාගේ හෝ නුගුණ කියද්ද,
ඒ නුගුණයෙහි තොප විසින්
කෝප නොකොට යුත්තේය,
අමනාප නොඉපදවිය යුත්තේය,
සිත් අසතුටු නොකටයුත්තේය.
ඒ නුගුණ කියන්නන් කෙරෙහි
ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ
නොසතුටු වන්නාහු නම්
එයින් තොපටම අන්තරාය වන්නේය.
කිමෙක්ද තෙපි අනුන්ගේ සුභ සිද්ධිය
අසුභ සිද්ධිය දන්නහුද?´´

6. ´´ස්වාමීනි ඒ දැනීම නැත´´

´´මහණෙනි,
අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ නුගුණ කියද්ද,
එවිට තොප විසින් මෙය,
මේ හෙයින් වෙන්ට නුපුළුවන.
මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත.
මෙය අප කෙරෙහි දකින්ට නැත.
බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´.

´´මහණෙනි,
අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ ගුණ කියද්ද,
ඒ ගුණ කීමෙහි තොප විසින්
ප්‍රීති නොකොට යුත්තේය.
සිත් අසතුටු නොකට යුත්තේය.
සිත්හි උඩඟු බව නොකට යුත්තේය.
මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ ගුණ කියද්ද,
තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි
ඉදින් සතුටු වන්නාහු නම්
සිත් අසතුටු වන්නෝවූ නම්
උඞගු වන්නෝවූ නම්
තොපට එයින් අවැඩ වන්නේය´´.

7. ´´මහණෙනි,
අනුන් මාගේ හෝ ධර්මයේ හෝ
සංඝයාගේ හෝ ගුණ කියද්ද,
එවිට තොප ඒ කරුණ පිළිබඳව
මෙය මේ හෙයින් පැහැදිලිය,
සත්‍යය, මේ (ගුණය) අප කෙරෙහි ඇත්තේය.
මෙය අප කෙරෙහි දකින්ට ලැබේයයි
ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය´´.

දොස් කියන විට රොස් නොවන්න

වැනුමේදීත් බැණුමේදීත් නොසැලීමේ ගුණය මතු කරන කතා පුවතකි.
දිනක් බුදුන් වහන්සේ රජගහ නුවර සිට නාලන්දා නුවර බලා වඩිනු පිණිස භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ගමන් ඇරඹූ හ. අතරමඟදී නාලන්දා නුවර බලා යමින් සිටි සුප්පිය නමැති පිරිවැජියෙක් ද ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙක් ද බුදුන් වහන්සේගේ පිරිවර පසු පසින් ම එන්නට වූ හ.
මෙසේ යන ගමනේදී අන්‍යාගමිකයකු වූ සුප්පිය පිරිවැජියා බුදුන් වහන්සේගේ නුගුණ කියමින් උන් වහන්සේට නොයෙක් අයුරින් නිගා කරමින් ගිය අතර ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ඔහුට පිළිවදන් දුන්නේ ය. මෙසේ මග දිගට ම පැවතුණු ඔවුන්ගේ විවාදය භික්ෂූන් වහන්සේට ද ඇසිණි. එහෙත් භික්ෂූන් වහන්සේ ඊට පිළිතුරු නොදී නිහඬ ව ම ගමන් කළහ.
අතරමඟදී සන්ධ්‍යාව එළැඹි හෙයින් බුදුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාර හෙවත් රජුට අයත් ගොඩනැගිල්ලක රාත්‍රිය නවාතැන් ගත් සේක. සුප්පිය හා අතවැසි බ්‍රහ්මදත්ත තරුණයා ද සඟ පිරිස සමග ම රාජාගාරයෙහි නවාතැන් ගත්හ. එදින සන්ධ්‍යා භාගයේ රාජාගාර ශාලාවෙහි විවේකී ව ගත කළ භික්ෂූන් වහන්සේලාගේ කතා-බහට මාතෘකාව වූයේ සුප්පිය පිරිවැජියා හා ඔහුගේ අතවැසියා අතර වූ විවාදය යි.
“සුප්පිය මග දිගට ම බුදුන් වහන්සේට නිගා කළා; අවමන් කළා; බුදුන් වහන්සේ තුළ නැති අගුණ ඇති බැව් පැවසුවා. එහෙත් ඔහුගේ අතවැසියා වුණත් බ්‍රහ්මදත්ත ඒ සියලු විවේචනයන්ට පිළිතුරු දුන්නා; බුදුන් වහන්සේගේ ගුණ ම වර්ණනා කළා” භික්ෂු නමක් පැවැසී ය.
“ඇත්තෙන් ම එක මග ගියත් මොන තරම් වෙනස් අදහස් තිබෙන දෙන්නෙක් ද? ලෝකයේ හැටි කල්පනා කරන කොට හරි පුදුම හිතෙනවා.”
මෙසේ භික්ෂු පිරිස පිළිසඳරෙහි යෙදී සිටි අතරේදී බුදුන් වහන්සේ ඔවුන් වෙතට පැමිණි සේක. භික්ෂූහු නැගිට බුදුන් වහන්සේට නමස්කාර කොට නිහඬ වූ හ.
“මහණෙනි, මා මෙතැනට ඒමට පෙර ඔබ කුමන කරුණක් ගැන කතිකා කරමින් සිටියෝ ද?” බුදුන් වහන්සේ විචාළහ.
“ස්වාමීනි, මේ ලෝකයේ එක් අයෙක් අනෙකාට වඩා වෙනස් ය. සමාන දෙදෙනකු ලොව නැතැ යි ඔබ වහන්සේ අපට කියා දුන් කරුණ කොතරම් සත්‍ය දැ යි අපි කථා කරමින් හුනුමු,” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
“භික්ෂූනි, මේ හදිසියේ එබඳු කතා-බහක් ඇති වීමට හේතුව කිමෙක් ද?”
“ස්වාමීනි, අපේ පිරිස පසුපසින් නාලන්දාවට ම යමින් සිටි සුප්පිය නම් පිරිවැජියෙකුත් ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයෙකුත් පැමිණියහ. සුප්පිය මග දිගට ම ඔබ වහන්සේගේ නුගුණ කියමින් ඔබ වහන්සේට අවමන් කරමින් පැමිණියේ ය. සුප්පිය කියන කියන දෙයට එරෙහි වූ බ්‍රහ්මදත්ත තරුණයා ඔබ වහන්සේගේ ගුණ ම වර්ණනා කළේ ය. එක් මග ගිය ද මොවුන් දෙදෙනා එකිනෙකාගෙන් හාත්පසින් ම වෙනස් පුද්ගලයන් බව අපි තේරුම් ගතිමු.” භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්හ.
“භික්ෂූනි, තොප පවසන්නේ සත්‍යයකි. එසේ ම සුප්පිය පිරිවැජියා මට නින්දා කරනු අසා ඔබ කෝප වූවහු ද?” බුදුන් වහන්සේ විචාළ සේක.
භික්ෂූන් වහන්සේ නිහඬ ව සිටියා විනා ඊට පිළිවදන් නුදුන්හ.
“භික්ෂූනි, යමෙක් මගේ හෝ මා ඉගැන්වූ ධර්මයේ හෝ ඔබගේ හෝ නුගුණ කියනු ඇසුණ හොත් කිසි විටෙකත් ඉන් ඔබ කෝප නොවිය යුතු ය. මන්ද? ඔබ කෝප වුව හොත් ඉන් පාඩුව අත් වන්නේ ඔබට ම නිසා ය” බුදුන් වහන්සේ වදාළහ.
“යම් කෙනෙක් ඔබට දොස් නගන විට හෝ ඔබගේ නුගුණ කියන විට ඒ ගැන කෝප නො වන්න. එසේ කෝප වුව හොත් සිදු වන්නේ නුගුණ කියන තැනැත්තා කියන්නේ ඇත්තක් ද බොරුවක් ද කියා විචාරශීලි ව සිතන්නට ඔබට නොහැකි වීම යි.
“එසේ නම් ඔබ කළ යුත්තේ කිමෙක් ද? යමකු ඔබගේ නුගුණ කියන විට ඒ නුගුණ මැදහත් සිතින් විමසා බලා, ඒවායේ යම් අල්ප වූ හෝ සත්‍යයක් වේ නම් ඒ අනුව එම වරද නිවරද කරගැනීම නො වේ ද?
“එපමණක් නොව, මා ගැන ද යමක් කී විට ඔබ එයින් කම්පනයට හෝ උද්දාමයට පත් නොවිය යුතු ය. කළ යුත්තේ ඒ කියන දෙයෙහි සත්‍යය විමසා උපේක්ෂාවෙන් පිළිගැනීම පමණකි,” බුදුන් වහන්සේ උපදෙස් දුන් සේක.
- See more at: http://www.namaskara.lk/?sid=article&dt=2013/01&id=2013/01/npg42_0#sthash.jTuLPd6h.dpuf

20141015

විද්‍යාව - බුදු දහම සසඳමු

විද්‍යාවෙන් හොයාගන්නෙ
පොදු සිද්ධාන්ත.
ඉතින් පුද්ගලයා කවුරු වුණත් සිද්ධාන්ත එකයි..
අනන්‍යතාවයක් නෑ.

බුදු දහම අදාළ වෙන්නෙ
පුද්ගලයා ඉන්න තැනටයි..
නිවන් මගෙහි කෙළවරටම ගිහින් රහත් වුණත්
ප්‍රඥාව එකිනෙකාට වෙනස්..

බුදු දහම තරම්
එකිනෙකාට අනන්‍ය වූ
තවත් දැනුමක් නෑ.
==================================

ලෝකය පුරා
මිලියන් ගණනක් එකතු වෙලා හදාගන්න
කාටවත් විශ්වාස නැති
කාටවත් පහසුවෙන් විමසා බලන්න බැරි
තවත් ආගමක්
විද්‍යාව..

විද්‍යාවෙන් හදන දේ
විද්‍යාව නෙමෙයි.
විද්‍යාව එන්න කලිනුත්
මිනිස්සු උපකරණ හැදුවා...

විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක්
අපරාධකාරයක් නම්
ඔහු කලින්ට වඩා
හොඳ අපරාධ කාරයෙක් කරන්න
විද්‍යාව ආධාර වෙනවා.

පරමාණු බෝම්බයත්
විද්‍යාවෙ නිර්මාණයක්..
============================================
ස්ත්‍රී දූෂකයෙකුගේ මනසත්
සාමාන්‍ය මිනිසෙකුගේ මනසත් අතර
වෙනස කුමක්ද?
මිනී මරුවෙකුගේ, බේබද්දෙකුගේ මනසත්
සාමාන්‍ය මිනිසෙකුගේ මනසත් අතර
වෙනස කුමක්ද?

මිනිස් මනස මොළයෙහි සිදුවන
රසායනික ක්‍රියා හැර
අන් කිසිවක් නොවේයැයි නිගමනය කරන
විද්‍යාව මේ වෙනස දකින්නේ කෙසේද?

ස්ත්‍රී දූෂකයා, මංකොල්ලකරුවා,
මිනීමරුවා, බේබද්දා සුවකොට
සාමාන්‍ය පුරවැසියෙක් කරන්නට
විද්‍යාවට හැකියාව තිබේද?

විද්‍යාවට කළ හැක්කේ
කම්මල්කරුවාගේ කාර්යය වන
උපකරණ තැනීම පමණද?

ස්ත්‍රී දූෂකයාට, මංකොල්ලකරුවාට,
මිනීමරුවාට, බේබද්දාට
තවත් කෙනෙකුගේ යටතට පත් නොවී
ස්වාධීනව තම රෝගී මනස
සුවපත් කරගන්නට හැකි ක්‍රමවේදයක්
තවමත් නවීන විද්‍යාවට නැත්තේ
මේ දුර්වලකම් අඩු වැඩි වශයෙන්
විද්‍යාඥයන්ද පෙළන නිසාද?

විශ්වය ජයගන්නට කැස කවන විද්‍යාව
මිනිස් සිත හමුවේ අසරණ වන්නේ මන්ද?

මුළු විශ්වයම ජයගත්තත්
තමන්ගේම සිත ජයගන්නට
කිසිදු විසඳුමක් නැති විද්‍යාව
මොළයෙහි රසායනික ක්‍රියාකාරිත්වය
නිසි තැනට ගන්නට
මොළයම උපයෝගී කරගන්නා ක්‍රමය
සොයා ගන්නේ කවදාද?

එතෙක් ....
මෙතෙක් පුරුදු පරිදි
මනස සුවපත් කරගන්නට
ආගමෙහි පිහිට පැතීම හැර
මිනිසා සතු විකල්පයක් නැද්ද.?

නිරාගමික සමාජයක වෙසෙන
ස්ත්‍රී දූෂකයාට, මංකොල්ලකරුවාට,
මිනීමරුවාට, බේබද්දාට
ඔවුන්ගේ රෝගී මනස සුවපත් කරගන්නට
කවර පිහිටක්ද?
-------------------------------------------
මතු සබැඳෙයි..

ක්‍රිස්තුන් වහන්සේ තේරුම් ගත් ඒ මොහොත...

මා ක්‍රිස්තුන් වහන්සේ අගය කරන්නේ
විඳිමින් සිටින දුක් වේදනා සියල්ල මැද
ඔහු කුරුසියේ ඇණ ගැසූ අයට මෙත් වැඩූ මොහොත අනුවයි...

http://hdw.datawallpaper.com/nature/jesus-on-cross-322736.jpg
 
වසර විස්සකට පමණ පෙර
වෙන කෙනෙකුගෙ වරදින්
මගේ මහපටැඟිල්ල
බරපතල ලෙස තුවාල වුණා.

ඒ වේදනාව මගේ උරහිස දක්වාම පැතුරුණා.

ඒත් මට අර පුද්ගලයා ගැන
අබමල් රොණකවත් ද්වේශයක් පහළ වුණේ නැහැ.
පුහුණු වී සිටි උපෙක්ෂාව නිසා මනසේ සන්සුන් බව රැකුණා.
ඒ සන්සුන් බව සත්‍යය දකින්නට මට උපකාර වුණා.

ඔහු ඊට වගකිවයුතු නැති බව
මට වටහාගන්නට හැකි වුණා.

විපස්සනා වඩන්නට පෙර නම්
මම ඒ වේදනාවෙන් වියරු වැටෙයි..

මම ක්‍රිස්තුන් වහන්සේ තේරුම් ගත්තේ
ඒ මොහොතෙයි.

20141014

විද්‍යාවෙන් ලැබිය නොහැකි, ආගමෙන් ලැබිය හැකි ප්‍රයෝජන ....

සර්වබලධාරී විද්‍යාවෙන් ලැබිය නොහැකි,
ආගමෙන්  ලැබිය හැකි ප්‍රයෝජන කිම්දැයි අසන
නිරාගමිකයන්ටයි මේ පිළිතුර...
http://reactiongif.org/wp-content/uploads/GIF/2014/08/Angry-No-Nope-Mad-Angry-Chick-Angry-Woman-Angry-Girl.gif

ආවේග ශීලී කෙනෙක් තුළ සිදු වෙන
කාය චිත්ත ක්‍රියාවලිය විද්‍යාවේ බලපෑමට
නතු කරගන්න කවදාවත් විද්‍යාවට බැහැ.
විද්‍යාව දන්නා එකම ක්‍රමය
පුද්ගලයා රසායනිකව අඩපණ කිරීමයි.

මනෝ විද්‍යාව විද්‍යාවක් ලෙස හිතුවොත්
ගෝත්‍රික ක්‍රමයෙන්, තොවිල් පවිල් ක්‍රමයෙන් කරන විදියට
තවත් කෙනෙකු මගින් ඔහු මෝහනය කිරීමෙන්
ඔහුගෙ මනස තාවකාලිකව වෙනස් කිරීමයි..

විද්‍යාවට මිනිසා යන්ත්‍රයක්..

මිනිසාගේ ස්වාධීනත්වය
විද්‍යාව පිළිගන්නේ නැහැ.

විද්‍යාවට අනුව
මිනිසා සියලු දේ සඳහා
විශේෂ-අඥයෙකුගේ පිහිට යැදිය යුතුයි.
ඔහුගේ අඥතාවය අපිට වඩා වෙනස්.

අද ආගමික පූජකයාගේ තැන ගන්නට
දොස්තර වරුන් ඉන්ජිනේරුවන් කාර්මිකයන් ඉන්නවා.
කය නිවස පරිසරය සුවපහසු සලසන්නට
ඔවුන් සමත් නිසා
සිත පිළිබඳ දේටත් ඔවුන් මත යැපෙන්නට
පටු බොළඳ සිත් ඇති අය සිතනවා.

ඒත්
තමන්ගෙ හිත නිසා විඳින දුක් වලින්
තමන්ගෙම ශක්තියෙන්
තම හිතත් කයත් මුදවාගෙන සැනසෙන්න
හැම කෙනෙකුටම ශක්තිය තියනවා.

හිත නිසා විඳින දුක් වලින් හිතත් කයත් මුදවාගන්න
වෙනත් කෙනෙකු ළඟ දණ ගැසීම අවශ්‍ය නැහැ..
තවත් කෙනෙකුට නැමිය යුතු නැහැ.

කය සමග කටයුතු කිරීමේදී
සුව සදන ජීවකයෙක් සොයාගත හැකි වුවත්
තාවකාලිකව විනා දිගුකාලීනව
සිත සුවපත් කිරීමේ පෙළහර
වෙනත් කෙනෙකුට  කළ නොහැකියි.
සිත සපුරාම තමන්ගෙම වගකීමක්..

සිත ගැන කටයුතු කිරීමේදී
දන්නා බව පෙන්වන නමුත්
තමන්ගේ ප්‍රශ්නවත් නොදන්නා අයට
ජීවිතය භාර දී
රසායනිකව අඩපණ වීමේ අවදානමට
කිසිවෙක් මුහුණ දිය යුතු නැහැ.

හිත ඇති කරගන්නා
ඕනෑම ප්‍රශ්නයක් විසඳාගන්නට
ඒ හිත අයිති තැනැත්තාටම පුලුවන්..
ඒ හැකියාව ලැබෙන්නේ
ආගමික උපදෙස් පිළිපැදීමෙන්.

ආගමට නැඹුරු ජීවිතයක් ගත කළත්
අපරාධ කළ හැකි ද්වේශයක් සහිත
දරුණු හිතක් ඇති
අපරාධ කරල බේරෙන්න අවශ්‍ය බලයත් ඇති
කිසියම් කෙනෙක් ගනිමු.
හැම කෙනෙකු තුළම
වෙනස් ප්‍රමාණ වලින් අපරාධ කිරීමේ හැකියාව
නිසර්ගයෙන්ම පවතිනවා.

1, අපරාධ කළ හැකි කෙනෙක් වුවත්
ආගමක් අනුව හැසිරෙමින් ශීලය රැකීමෙන්
ම්නී මැරුම් ආදී අපරාධ වලින් වළකිනවා.
ඔහු ඉන් සැනසෙනවා.
එයින් තවත් අයගෙ ජීවිත රැකෙනවා.

2, ශීලයෙන් සංවර වෙන ඔහුට
අපරාධයක් කරන්න හිතෙන වෙලාවට
තමන්ගෙ හිතට එන ව්‍යාපාදය පෙනෙනවා.
ඔහු ආගමික උපදෙස් අනුව
ඒ නීවරණ වලින් හිත මුදවාගෙන
සමාහිත හිතින් වෙසෙනවා.

3, ඒ අයුරින් සමාහිත බවින් ජීවත් වුණත්
කිසියම් අප්‍රසන්න සිදු වීමකට මුහුණ දෙනවිට
ද්වේශ සහගත සිතක් ඇතිවී සමාධිය බිඳී
පෙර මෙන්ම කැළඹිල්ලට පත් වෙන බව ඔහුට පෙනෙනවා.
ඔහු විපස්සනා වඩන්න යොමු වෙන්නේ
ඒ අවස්ථාවට සිත මේරූ පසුවයි.
විපස්සනා වඩන ඔහුට
තමන්ගේ කයෙහි සහ සිතෙහි ඇති වෙන වෙනස් වීම්
මොහොතින් මොහොතට සිහියෙන් දකින්නටත්
ඒ වෙනස්වීම් වලට උපේක්ෂාවෙන් වෙසෙන්නටත්
ඔහු පුහුණු වෙනවා.

අප්‍රසන්න සිදු වීමකදී
ඔහු තුළ වෙනස්කම් තුනක් සිදු වෙන බව
ඔහු දකිනවා.

1, ඔහුගේ සිතෙහි ව්‍යාපාදය ඇති වෙනවා.

2, ඊට හේතු වෙන්නේ ද්වේශ සහගත චිත්තයයි.

3, මේ වෙනසට සමගාමීව කයෙහිත්
අප්‍රසන්න වේදනා මාලාවක් පවතිනවා.

මේ ද්වෙශය මුල්වූ කාය චිත්ත වෙනස වන
1, කයෙහි නැගෙන අප්‍රසන්න සංවේදනා මාලාව
2, ද්වේශ චිත්තය,
3, ව්‍යාපාද සංකල්පය
සිහියෙන් වෙසෙන ඔහු දකිනවා.
ද්වේශාධික වචන සහ ක්‍රියා ලෙස
ලෝකය දකින්නේ මේ වෙනස බව
ඔහු දැන් දන්නවා.

ඒ වෙනසට උපේක්ෂාවෙන් සිතන්නට
ඒ වෙනසට උපේක්ෂාවෙන් කතා කරන්නට
ඒ වෙනසට උපේක්ෂාවෙන් ක්‍රියාකාරකම් වල යෙදෙන්නට
විපස්සනා මගින් ඔහු පුහුණු වෙනවා.

ඔහුගේ සිත ද්වේශයෙන් කැළඹෙමින්
කෝපය කුණාටුවක් මෙන් පෙරළි කළත්
ඒ පෙරළියට උපේක්ෂාව ඇති නිසා
ඔහු සන්සුන්ව කළ යුතු දේ කරනවා.

ඔහු තමා ජය ගන්නවා.

බුදුන් වහන්සේ ඔහු දකින්නේ මේ විදියටයි..

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

යමෙක් සිතෙහි
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

http://reactiongif.org/wp-content/uploads/GIF/2014/08/Angry-No-Nope-Mad-Angry-Chick-Angry-Woman-Angry-Girl.gif

20141013

ඔබේ ස්වාමියා ඔබ නොවෙයි..

ඔබ කරන කිසිම දෙයක් නෑ..

හැම දෙයක්ම වෙන්නෙ ස්වයංක්‍රීයවයි..

ඔබම උදාහරණයක් ලෙස ගනිමු..

හිතට පහළ වූ උවමනාවක් අනුව..
ඔබ පාරෙ යනවා.

ඔබ අයිස්ක්‍රීම් එකක රූපයක් දකිනවා.

ඔබේ හිතේ කාමච්ඡන්දය උපදිනවා.

 ඔබේ හිත අයිස්ක්‍රීම් කන්න තීරණය කරනවා..

ඔබේ කය අයිස්ක්‍රීම් කඩේට ඇදෙනවා..

ඔබේ අත සාක්කුවට යනවා.

අත මුදල් ගන්නවා.

ඔබේ කට අයිස්ක්‍රීම් එකක් ඉල්ලනවා.

මුදලාලි අතට මුදල් දෙනවා..

ඔබේ අතට අයිස්ක්‍රීම් එක ලැබෙනවා.

ඔබ අයිස්ක්‍රීම් එක දිවේ ගානවා.

ඒ රස වේදනාව නිසා සතුටක් උපදිනවා.

මේ කිසි දෙයක් ඔබ කරන දේවල් නොවෙයි..

හිතට එන පණිවිඩ අනුව
හිත හැසිරෙන විදියට
ඔබ ඉබේටම කරන දේවල්..

ඔබට පුලුවනි නම්
1,
කිසිම දෙයක් නොකර,
2,
කිසිම දෙයක් නොකියා
3,
කිසිම දෙයක් නොහිතා
එක විනාඩියක්
නිසොල්මන්ව සිටින්න..

පළවැන්නත්, දෙවැන්නත්
ඔබට පුලුවන් වෙයි..
තුන් වැන්න නොකඩවා සිදු වෙනවා.

ඔබේ හිත ඔබට පාලනයක් නැහැ..

ඔබ හිත කියන දේ නොකළත්
ඔබේ හිත හිතන එක නවත්තන්න
ඔබට බැහැ..

ඔබෙන් කෙරන හැම දෙයක්ම වෙන්නෙ
සර්වබලධාරී හිත කියන විදියටයි..

ඔබේ ස්වාමියා ඔබේ හිතයි..

ඔබ නොවෙයි..

20141011

කරකවන්නෙ ගිනි පෙනෙල්ලක්.. මට පෙනෙන්නෙ ගිනි වලල්ලක්.

Upul Seneviratne Kapukotuwa
[[[[හරි අපි කියමු ගිනිපෙල්ලක් තියෙනවා
මමත් එය බලා ඉන්නවා...
කුමක්ද කරන්න ඕනි.]]]]
--------------------------------------------------------
උපුල්ගෙ ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක්..
මමත් කල්පනා කලා
කොහොමද ඇත්ත දකින්නෙ..

කරකවන්නෙ ගිනි පෙනෙල්ලක්..
මට පෙනෙන්නෙ ගිනි වලල්ලක්..

ගිනිපෙනෙල්ල කරකැවෙන කොට
ඒ ගිනි රවුමක් මෙන් පෙනෙන
තනි ගිනිපෙනෙල්ලක් බව
ප්‍රත්‍යක්ෂ කරගන්නෙ කොහොමද?
වෙනස් වීම දකින්නෙ කොහොමද?.

මටත් පිළිතුරක් තිබුණෙ නෑ.

හිතුවාම තමයි පිළිතුර පෙණුනෙ.

අනිවාර්යය විසඳුම
සතර සතිපට්ඨානය බව දන්නවා.
ඒත් කොහොමද වෙනස දකින්නෙ..

වෙනස නිසි පරිදි දකින්න නම්
අනුන් කරකවන පන්දම් දිහා බලල
වැඩක් වෙන්නෙ නෑ.
තමන්ම ගිනිපෙනෙල්ල කරකැවීමයි
ඇත්ත දැනගන්න ක්‍රමය..

ඔබ කෝපයට පත් වුණාම
මම පොතේ කියවපු දේ අනුව
ඔබේ කෝපය දකින්න පුලුවන්..
වර්ග කරන්න පුලුවන්..

කරකවන්නෙ ගිනි පෙනෙල්ලක්..
මට පෙනෙන්නෙ ගිනි වලල්ලක්..

බුදුන් වහන්සෙගෙ වචන අහලා
තමන්ගෙ සීමිත දැනුමෙන්
බුදුන් වහන්සෙගෙ වචන විස්තර කරන
මගේ හෝ වෙනත් කෙනෙකුගේ වචන අහලා
කෝපය ගැන දැනුමක් ගන්න පුලුවන්..

ඔබ ලබන දැනුම ඔබ දකින කෝපය ගැන නොවෙයි..

ඔබ ලබන දැනුම ඔබ දකින
සැබෑ කෝපය ගැන නොවෙයි..
ඔබ දැනගන්නෙ පොදු කෝපය..

එයින් ඔබට ලැබෙන්නෙ
තව කාට හරි කියන්න පුලුවන්
වචන ටිකක් විතරයි.

ඔවුන් ඔබට ඇහුම් කන් දෙන්නෙ
මට හෝ වෙනත් කෙනෙකුට
ඔබ ඇහුම් කන් දෙන විදියටම තමයි.

ඔබ අහන දේ රැඳෙන්නෙ
ඔබ පිළිගත්තොත් තමයි..

අපි කියන දේ අහල
බුදු වදන් වලට යොමුවුණොත්
ඔබට හොඳක් වෙයි..

හොඳම දේ තමයි
ඔබ ගිනි පෙනෙල්ල කරකවන විට
ඒ ගැන සිහියෙන් ඉන්න එක..

මගේ කෝපය බලා හිඳීමෙනුයි
මම කෝපය කුමක්ද කියල දැනගන්නෙ..

සතර සතිපට්ඨානයෙන් කරන්නෙ ඒකයි..

එහෙම බලා ඉන්නකොට
සිහිය තියන ප්‍රමාණය අනුව
වෙනස පෙනෙන ප්‍රමාණය වැඩි වෙනවා.
උපේක්ෂාව තියන ප්‍රමාණය අනුව
වෙනස පෙනෙන ප්‍රමාණය වැඩි වෙනවා.

ගිනි වළල්ල කියන මායාව නිසා
අපි කරන උමතු ක්‍රියාවන් අඩු වෙලා
ගිනි පෙනෙල්ල කියන සත්‍යයට අනුව
අපි සරලව ජීවත් වෙනවා.

ගිනි පෙනෙල්ල ගිනි වලල්ලක් කියල දැකලා
මිථ්‍යාව සත්‍යය වශයෙන් දැකලා
උමතුවෙන් හැසිරිලා විඳින
දුකෙන් මිදෙනවා.

20141009

පුනර්භවය ඇත? පුනර්භවය නැත?

බුදුන් වහන්සේ විසින්
සිත ගැන, කෝපය ගැන, කාමය ගැන,
භය, දුක, තරහ ගැන කියන දේත්,
ඒ හැඟීම් ගැටලු බවට පත් වූ විට
විසඳා ගන්නා විදිය ගැනත්
කියා ඇති දේවල්
මා අත්හදා බලා තියෙනවා.
උන් වහන්සේ වැරදියි කියන්න අවස්ථාවක්
මට හමු වෙලා නැහැ.
එපමණක් නොවෙයි...
ඒ පරීක්ෂණ වලින්
මට ලැබුණ දැනුම සහ අත් දැකීම නිසා
දුක් නොවිඳ ජීවත් වෙන්නත්
මට හැකියාව ඇති වුණා.

ඒ නිසා 
අත්දැකීම අනුවම
බුදුන් වහන්සේ
කියා ඇති දේ ට එරෙහිව
වෙනත් කෙනෙක් යමක් කියන විට
මම බුදුන් වහන්සේ කියන දේ
පිළිගන්නවා.

අත්හදා බැලිය හැකි
මගේ සිත කය ගැන
බුදුන් වහන්සේ කියූ සියල්ල
නිවැරදි නම්
අත්හදා බැලිය නොහැකි
කර්මය, පුනර්භවය ගැන
උන්වහන්සේ කියූ දේත්
නිවැරදි විය යුතුයි.

පුනර්භවයක් ඇතත් නැතත්
ඒ භවය යහපත් කරගන්නට
මෙසේ ජීවත් වන්න කියා
උන් වහන්සේ සකස් කර දී තියන
ජීවන මාර්ගයෙහි ගමන් කරන විට
මා දුක් විඳින ප්‍රමාණය
අඩු වෙන බව මා දැන් දන්නවා.

පවෙහි ඇලුණේ ගැලුණේ නැති නමුත්
මාත් අනික් පුහුදුන් අය මෙන්
පන්සිල් බිඳෙන දේ කරලා තියනවා.
නොදැනත් නොවෙයි.
ආත්ම දමනයක් නොමැති වූ නිසයි.

මා කළ වැරදි, පව්කම් වලින් මිදුනේ
සිහිය, උපේක්ෂාව හා
නිසග ආත්ම දමනය වඩන විදියට
බුදුන් වහන්සේ සකස්කර දුන්
විපස්සනා ජීවන රටාව නිසයි.

ඉතින් පුනර්භවයක් ඇත්නම්
මේ භවය හොඳින් ගත කරන අයගේ
මතු භවය මීට වඩා හොඳ වන බව
මට විශ්වාසයි.

ඒ භවයේදීත්
විපස්සනා වඩන්නට ලැබුණොත්
ඒ භවයේත් දුකෙන් මිදෙන්නට පුළුවන්.

20141004

බුදුන් වහන්සේ සමාජ යහපත උදෙසා ක්‍රියා කළ කෙනෙකු නොවේ.

 බුදුන් වහන්සේ කිසිසේත්ම
සමාජ යහපත උදෙසා ක්‍රියා කළ කෙනෙකු නොවේ.
උන් වහන්සේ ක්‍රියා කළේ
සියලු සත්වයාගේ පුද්ගල විමුක්තිය උදෙසායි.

මේ බුදුන් වහන්සේගේ වචන...........
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත.

කෙසේද මහණෙනි
තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

යම් මහණෙක්,
1, 
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
2,
වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
3,
සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
4,
දහම්හි දහම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මේ සියල්ලම මේ මොහොත තුළ
පවතින දේයි..

ගමනාන්තය නිවන වුවද
ගමනාන්තයෙහි අරමුණත්
මේ මොහොතෙහි අරමුණත් දෙකම එකකි.
ගමනාන්තයට ලඟා වන්නට නම්
මේ මොහොතෙහි පටන්ම
මොහොතින් මොහොතට
දුක නිවා ගත යුතුය.

නිවන යනු දුකෙන් මිදීම නොවේ.
සියලු දුකෙන් මිදීමය.
මේ මොහොතෙහි
දුකෙන් මිදෙන මග විපස්සනාවයි.
නිවන කොතෙක් ඈත වුවත්
මේ මොහොත සිහියෙන් පසුවීමත්
එසේ සිහියෙන් පසුවෙන අතරම
දුකෙන් මිදීමත්
හැම කෙනෙකුටම වැදගත් වෙයි.

ඔබට නිවන අවශ්‍ය වුවත් නැතත්
දුකෙන් මිදෙන්නට නම් ඇත්තේ
විපස්සනා මාර්ගය පමණි.
අන් සියලුම මාර්ගවලින් කරන්නේ
ඔබ නොදකින ලෙස දුක සැඟවීම හෝ
දුක නොපෙනෙන ලෙස ඔබ රැවටීමයි.

මිනිසෙකුගෙ සැබෑ වටිනාකම තීරණය වෙන
ප්‍රධානම සාධකය මේ මොහොතෙ ඔබ ගැනම පවතින සිහියයි.

[[[ සමස්ථයක් ලෙස මිනිසුන් ආගමක් නිසා යහපත් වුවද.
එය හුදෙක් තාවකාලික දෘෂ්ටියක් තුල හිරවීමක්ද.. ]]]

දෘෂ්ඨියක් යනු දැක්මකි.
අත්දැකීමක් නොවේ.
සෑම මිනිසෙක්ම ජීවත්වන්නේ දෘෂ්ඨියකයි.
මේ මොහොතේ ඔබට ඔබ අත්දැකිය හැකිද?
ඔබට ඔබ ගැන පවා ඇත්තේ දෘෂ්ඨියකි.

මේ මොහොතේ
ඔබේ ඉරියව්ව ඔබ දන්නේ නැති බව ඇත්ත නේද?
ඔබේ වම් අත, දකුණු අත..
ඔබේ වම් පය දකුණු පය..
මෙතෙක් වේලා තිබුණේ කොහොමද?

ඔබට ඔබ දැනෙන්නේ නැත.
පරිසරයේ හො ඇතුළත සිදු වෙන
විශාල වෙනස්කම් හැර
මොහොතින් මොහොතට ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
ඔබට දැනෙන්නේ නැත.
ඔබට ඔබේ කය ගැන සිහිය නැත.

මේ මොහොතේ
ඔබට ඔබේ හුස්ම නොදැනෙන්නේත්
ඔබට ඔබේ කය ගැන සිහිය නැති නිසාය.

හුස්මක් හුස්මක් පාසා ඔබෙ කය වෙනස්වෙයි.
ඔබට ඒ වෙනස නොදැනෙන්නේ ඇයි.?

සැබෑ සිහියෙන් පසුවෙන කෙනෙක් කුමක් කළත්
හුස්ම නිසා සිදුවෙන වෙනස දකින්නට හැකි තලයකට
මිනිසාට ළඟා විය හැක..
ඒ දිසාවට තබන පියවරක් පියවරක් පාසා
මිනිස්ස්ගේ වටිනාකම වැඩි වෙයි.

මිනිසෙකුට ප්‍රත්‍යක්ෂයෙන් දකින්න පුලුවන්
මේ මොහොතෙ තමන් තුළ සිදු වෙන
වෙනස් වීම් විතරයි.
අනික් සියල්ලම එක්කො වාර්තාවක්... මතකයක්...
හිතලුවක්... තර්කයක්... විවරණයක්..
මොනවා වුණත් ප්‍රත්‍යක්ෂය නොවෙයි..

මිනිසෙකුගෙ සැබෑ වටිනා කම..
මේ මොහොත පිළිබඳව ඇති සිහිය සහ
ඒ සිහියෙ පුළුල් බවයි.

වටිනාකමක් ඇති කෙනෙක්
මත්පැන් පානය කරල ඉන්න වෙලාවට
අපිට ඔහුගෙ වටිනාකම අඩුයි.
ඔහු වැදගත් දේක නිරත වුණත් එහි වටිනාකම අඩුයි.
ඔහුට වටිනාකමක් ලැබෙන්නෙ
ඔහුගෙ මත්බව නැතිවීමෙන් පසුවයි...

මත්පැන් බිව්වාම වටිනාකම අඩුවෙන්නෙ
සිහිය දුර්වල වෙන නිසයි.
ආවේගශීලී වුණාම වටිනාකම අඩුවෙන්නෙ
සිහිය දුර්වල වෙන නිසයි.
වයසට යද්දි වටිනාකම අඩුවෙන්නෙ
සිහිය දුර්වල වෙන නිසයි.

සිහිය හොඳටම දුර්වල මිනිහා උන්මත්තකයෙක්..
ඔහුට වටිනාකමක් ලැබෙන්නෙ
ඔහු නැවත සිහිය ලබා ගැනීමෙන් පසුවයි...

සිහිය දුර්වල කරන
හැම දේම හානිකරයි..
දියුණු කරන හැම දේම
ආශීර්වාදයක්..

බුදු දහමට අනුව හෝ නැතුව
සිහිය දියුණු කරන්න තියන එකම මග
තමන්ගෙ හිතත් කයත්
වෙනස්වෙන ආකාරය පිළිබඳව
සිහිය පිහිටුවා ගැනීමයි.
ඒ සඳහා
හිතත් කයත් වෙනස්වෙන ආකාරය පිළිබඳව
උපේක්ෂාව අත්‍යාවශ්‍යයි.

ඩ්‍රයිවර් උන්නැහේගේ පුතු ජයලත් මනෝරත්න

https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/10675703_10202070142029971_4653311684857902170_n.jpg?oh=da8d9a7dfc055f9cc35cb90bce5e8681&oe=54AE63AF&__gda__=1421226937_157bcb5e4b87eae98570e60ef495d5c8

බුද්ධදාස ගලප්පත්ති ලියයි
දිනමිණ බද්දරමල්ල අතිරේකය 30 09 2014

අපේ තාත්තාගේ රස්සාව වාහන පැදවීමය.
කතා කරන බාසාවෙන් කියනවා නම් තාත්තා ඩ්‍රයිවර් කෙනෙකි. අම්මා සාමාන්‍ය ගෘහණියකි. අපි පුංචි කාලයේ ගන්දර ජීවත් වෙද්දී, මාතර සාන්ත සර්වේෂසයේ ඉගෙන ගනිද්දී, අපේ අම්මා හෝ තාත්තා, සමාජයේ මෙවැනි තැනකට අද අපි ඒවි යයි කිසිදා හිතන්නට නැත. කලාවට කිසිම සම්බන්ධයක් නැති ඩ්‍රයිවර් කෙනෙකුගේ පුතකු වුවත්, පුංචි සන්දියේ සිට මගේ රස්සාව පිළිබඳ සිහිනය වූයේ කවදා හෝ පත්තර කන්තෝරුවක හෝ ගුවන් විදුලියේ රැකියාවක් කිරීමය.
එහෙත් මගේ ජීවිතයේ කිසිම දවසක මේ එකම තැනක හෝ රස්සාවක් නොලැබිණ. අනියම් ලිපිකාරයෙක් ලෙස උපාධියකුත් සහිතව පළමු රස්සාව පටන් ගත් මට, පත්තර, ගුවන් විදුලිය පමණක් නොව, ටෙලිවිෂනය සමඟද ඉතාම ළඟ සම්බන්ධයක් පවත්වන්නට, නිර්මාණ දායකත්වයකින් එකතු වන්නට වාසනාව ලැබීම එවැනි තැන රස්සාවක් ලැබීමට වඩා දෛවයේ අපූරු සිදුවීමක් ලෙස මට දැන් හිතෙනවා පමණක් නොව සතුටක් ද නිරහංකාර ආඩම්බරයක් ද ගෙන දේ. රියදුරු රස්සාවට අමතරව අපේ තාත්තාට ඇඳුම් මැසීමට ද දක්ෂකමක් තිබිණ. ලංගමයේ රියැදුරකු ලෙස විශ්‍රාම ගිය ඔහු අප හදා වඩා අපට උගන්වා, හොඳ මිනිසුන් කිරීමට අම්මා සමඟ එක් වී කළේ යුද්ධයක් යයි මට දැන් සිතේ. රේඩියෝව, පත්තර සමඟ තාත්තා අම්මා පිළිබඳ මතක මාවතේ යන්නට සිතුණේ, ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවත කියවීමෙන් පසු ම‍ගේ මතකය යළි අලුත් වීමෙනි.
කුරුලු හදවතේ කථානායක දිනසිරිගේ ගම වළංගම්ගොඩය. එගම බොහෝ දෙනාගේ රස්සාව වළං තැනීමය. දිනසිරි පෝස්ට් කාඩ් යවමින් රේඩියෝවෙන් සිංදු ඉල්ලු නමුත් ඔහුට ගුවන් විදුලි ආයතනයක වැඩසටහන් ප්‍රධානියෙකු වීමේ සිහිනයක් විණැයි නොසිතේ. එහෙත් ඔහු තම ගමට අලුත් නමක් එකතු කර ගත්තේය. වළංගම්ගොඩ කුරුලුගම්ගොඩ බවට පත් කර ගත් දිනසිරි ගුවන් විදුලි මාධ්‍ය ජාලයක ජනප්‍රිය හා ඉහළම චරිතයක් බවට පත්ව ආ ගමන පිළිබඳ කියවන කල, පුංචි සන්දියේ වත්තේ පොල්ගසක ඉහළම තැනක බැඳුණු ඒරියලයක් හා වරින්වර බැටරි බැස්ස කල්හි අව්වේ තබා රත්කර ගත්, බෙරෙක් බැටරියකින්, කෙටි තරංග හෝ මධ්‍යම තරංග (SW / MW) ඔස්සේ ප්‍රොස්ෆර් ෆනෑන්ඩුගේ ඉරිදා උදේ ඔබේ තීරයේ ඉදිරිපත් වූ ගීත හෝ ලලිත් එස් මෛත්‍රිපාලගේ වාසනා උදාව, කරුණාරත්න අබේසේකරගේ ළමා මණ්ඩපය ඇසු අන්දම සිතෙහි ඇඳී මැකී යයි.
අම්මා බදාදා ධර්ම දේශනාව අසා අවසන් වනතෙක් අප නොඉවසිල්ලෙන් බලා සිටියේ රාත්‍රී දහයට පෙර ප්‍රචාරය වන විනෝද සමයත් අසන්නට‍ හෝ වෙනත් සංගීතමය වැඩසටහනකට සවන්දීමටය. ඉරිදා වන තෙක් බලා සිටි සිළුමිණහි කමලා ළමා සමාජය කියවන්නටත්, කවදා හෝ එහි කොතැනක හෝ මගේ නම ගමද තිබුණොත් යන සිහිනයේ ජීවත් වූ මා දිනපතා, සතිපතා පුවත්පතක ලිපියකින්, තීරුවකින්, විශේෂාංගයකින් දහස් සංඛ්‍යාත පාඨකයන් අතරට යන්නට ‘වාසනාව ලැබීමටත්, ගුවන් විදුලියේ මී වදයක් බඳු මයික්‍ර‍ෆෝනයක් ඉදිරියේ සිට ශ්‍රාවකයන් අමතන්නට ලද වාසනාවත්, ජීවන මගෙයි අසිරිමත් අත්දැකීම් අතර නොමැකෙන සේ සටහන්ව තිබීමත් අමතක කළ නොහේ. එහෙත් වරින්වර මසිතට පිවිසෙන ප්‍රශ්නයක් වන්නේ රියැදුරකුගේ පුතකු වූ මා මේ කලාංශ වෙත නැඹුරු වූයේ කෙසේද කියායි.
ඩ්‍රයිවර් උන්නැහේලගේ පුතුන් පිළිබඳ සිහිවන මොහොතක උප දිසාපතිවරයෙකු වූ ඩ්‍රයිවර් පුතකුගේ චරිතයක් මතකයට ඒ. මේ උප දිසාපති චරිතය හමුවන්නේ නවකතාවකය. නවකතාව ගැහැනු ළමයි වේ. කර්තෘ කරුණාසේන ජයලත්ය. උප දිසාපති චරිතය නිමල් හතුරුසිංහයි. එනමින් වූ චිත්‍රපටයේ, එම චරිතය නිරූපණය කළේ එවකට දැලි රැවුලවත් වැවී නොතිබූ යෞවනයා අජිත් ජිනදාසයි. ඩ්‍රයිවර් උන්නැහේ කෙනකුගේ පුතකුට පරිපාලන සේවයට යන්නට නොහැකිද? මගේ සන්මිත්‍ර ජයලත් මනෝරත්න, පරිපාලන සේවා තරග විභාගයෙන් සමත්ව, සම්මුඛ පරීක්ෂණයෙන් ඉදිරියට යාමට නොහැකි වූ අවාසනාවන්ත මොහොත සිහිපත් කරමි.
ඔහු එදා ඉදිරියට ගොස් පරිපාලන සේවයට පිවිස උප දිසාපති හෝ දිසාපතිවරයෙක් වී නම් ඔහුට ද ජයලත්ගේ ගැහැනු ළමයි චරිතයේ මෙන් නිමල් හතුරුසිංහ කෙනෙක් වන්නට ඉඩ තිබිණ. මන්දයත් ජයලත් මනෝරත්න යනු ද ඩ්‍රයිවර් උන්නැහේ කෙනකුගේ පුත්‍රයෙක් වීමයි. අපේ තාත්තා ලංගමයේ රියැදුරෙකු ලෙස සේවය නිමා කොට නුගේගොඩ අප ජීවත් වූ කුලි ගෙදරට පැමිණෙන මොහොතක පළමුවරට මනෝට අපේ තාත්තා දකින්නට ලැබේ. මනෝ මට පවසන්නේ “ බුද්ධි අපේ තාත්තත් ලොරි ඩ්‍රයිවර් කෙනෙක්” කියායි. අපි ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුතුන් බව කියන්නේ ආඩම්බරයෙනි. එහෙත් ඇතැම් ප්‍රකට චරිත තම මාපියන්ට කිසිදා නොතිබූ මුදලි මුහන්දිරම් පට්ටම් ලබා දී ඒවා සමඟ ගත් ඡායාරූප පළකොට තිබෙනු ද අපි දැක ඇත්තෙමු. එහෙත් අප අපගේ මාපියන් පිළිබඳ ආඩම්බර වීම, මා සන්මිත්‍ර මනෝ, ලොවටම හඬගා පැවසු මොහොත ඔබේ මතකයට එක් කරන්නට මේ අවස්ථාවක් කර ගනිමි.
ස්ථානය : බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
උත්සවය : 2002 සුමති ටෙලි නාට්‍ය සම්මාන ප්‍රදාන රාත්‍රිය
නිවේදිකා : ඉඳුනිල් දිසානායක
ඉඳුනිල් : හොඳම නළුවාට හිමි සම්මානය සඳ අමාවකයි නාට්‍යයේ රඟපෑම් වෙනුවෙන් ජයලත් මනොරත්නට.
මනෝ සම්මානය ලබාගෙන ප්‍රේක්ෂකයන්ට ආචාර කොට වේදිකාවෙන් බසින්නට සැරසෙයි.
ඉඳුනිල් : මනෝ අවුරුදු විසි ගණනක් ටෙලිනාට්‍යවල රඟපෑවත් ඇයි මෙච්චර පමා වුණේ මේ වගේ සම්මානයක් දිනන්න?
මනෝ : (ඉතා සැහැල්ලුවෙන්) ඒක ඉතින් මගේ රඟපෑම්වල හොඳකම වෙන්න ඕන,
ඉඳුනිල් : සඳ අමාවකයි ටෙලිනාට්‍යයේ රියැදුරු චරිතය ඒ තරම් හොඳින් රඟපාන්න පුළුවන් වුණේ කොහොමද?
මනෝ (මඳක් සිනාසී) මම පුංචි කාලේ ඉඳල අපේ තාත්තා දැකල තියෙනවා. අපේ තාත්තා හොඳ ලොරි ඩ්‍රයිවර් කෙනෙක්.
මනෝ පිළිබඳ මේ කතාව මතක් වූ මේ මොහොතේ එනම් (අද 24 වනදා මේ තීරුව ලියන මොහොත) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ම ආචාර්ය ජයලත් මනෝරත්න විසින් ඉදිරිපත් කරන ලද සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය 1970 – 2000 නම් වූ නිබන්ධනයට විශ්වවිද්‍යාලය මඟින් පිරිනැමෙන ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු ශිල්ප හැදෑරූ පේරාදෙණිය සරසවියෙන් පිරිනැමුණ සාහිත්‍ය සූරි සම්මාන ආචාර්ය උපාධිය සමඟ ඩ්‍රයිවර් උන්නැහේ කෙනෙකුගේ පුතකු වූ ජයලත් මනෝරත්න ද්විත්ව ආචාර්ය උපාධිලාභියෙකු වන්නේය. කුරුලු හදවත නවකතාව විසින් අලුත් කරන ලද අපගේ මතකය, දිනසිරි කුරුලුගංගොඩගේ චරිතයත්, ඔහුගේ ගුවන් විදුලි මාධ්‍යය හා වූ ක්‍රියාකාරකම්ද ඔස්සේ විකාශය වූ වෘතාන්තය, අපගේ එබඳුම මතක සැමරුම් සමුදායක, සොඳුරු වූත් අඳුරු වූත්, මිහිරි වූත් අමිහිරි වූත් අත්දැකීම් රැසක් ස්මරණය කිරීමට අවස්ථාවක් උදා කර දී ඇතැයි මට දැනේ. ඒ බොහෝ මතක පෞද්ගලික අත්දැකීම් සේ පෙනුණ ද, ඒ තුළින් ජීවිතය පිළිබඳ අලුත් අරුතක් දැකීමට, පැමිණි මතකයෙන් යමක් උකහා ගන්නට අවස්ථාවක් ලැබේ යයි විශ්වාස කරමි.
බුද්ධදාස ගලප්පත්ති
bgalappatty@yahoo.com
දිනමිණ බද්දරමල්ල අතිරේකය 30 09 2014

20141002

සැබෑ නිරාගමිකත්වය

නිරාගමිකයෙක් මෙසේ කියයි..
[[[ මට අනුව නිරාගමිකත්වය යනු ආගමක ඉගැන්වීම ගැන විශ්වාසයක් නැති වීමයි. 
එය තාර්කික සිදුවීමකි. ආගම විසින් අපට උගන්වන කතාවට 
පිටින් දෙයක් සිතන්නට හැකි වූ විට නිරාගමිකත්වය නිරායාසයෙන් සිදු වන්නකි. ]]]

මේ ස්ථාවරයේ සිටින නිරාගමික වූවන්
නිරාගමික වන්නේ මූලික හේතු කිහිපයක් මතය.

1, 
ආගමක් ගැන සැබෑ දැනුමක් ලබා ගැනීමට
අවශ්‍යතාවයක් නැති කම
2, 
ආගම පිළිබඳව ශාස්තෘවරයාගේ දහම නොවිමසා
වෙනත් ආගමිකයන්ගේ සීමිත දැනුම ඔස්සේ
ආගම ගැන පූර්ව නිගමන වලට පැමිණීම.
3, 
නිරාගමික වූ පසු
ඔහුගේ සිත නිවහල් වුවත්
පැහැදිලි පදනමක් නැතිව
තමා ගත් මතයේ දැඩිව එල්බගෙන
ආගම ගැන සොයන්නට අකමැති වීම.

විමර්ශන ශීලීව ජීවත් වෙන
සැබෑ නිරාගමිකයෙකු
නිසි ලෙස වර්ධනය වුවහොත්
ඔහු ආගමිකයා ඉක්මවා
ආගම ගැන දැනුවත් විය යුතුය.
ඔහු දිනෙන් දින වර්ධනය විය යුතුය.

සැබෑ නිරාගමිකත්වය
සටන අත හැරීමක් නොව
තාවකාලික පසුබැසීමකි.
ආගමිකයා නොලබන ජයක්
ඔහු ලැබිය යුතුය..
ආගමිකයාටද මගපෙන්වීමට
ඔහුට හැකි විය යුතුය..

බුදුන් වහන්සේ එවැන්නෙකි..

-----------------------------------------------------------------------

20141001

විද්‍යාවෙන් - දහමෙන් කෙරෙන්නේ කුමක්ද?

විද්‍යාවෙන් කෙරෙන්නේ කුමක්ද?
දහමෙන් කෙරෙන්නේ කුමක්ද?

මිනිසා යනු කයත් මනසත් සහිත
ඒ දෙක ආධාරයෙන් පවතින සත්වයෙකි.
විද්‍යාව කයෙහි සුවපහසුවත්..
මනසට වින්දනයත් සපයයි..

විද්‍යාවෙන් සපයන දේ ලබාගෙන
මනසට වින්දනයක් ලබා ගන්නට
අවදියෙන් සිටින හැම මොහොතකම
නිරන්තරයෙන් වෙහෙසෙන මනස
ඒ වෙහෙසත් අධි ක්‍රියාකාරිත්වයත් නිසා
දුර්වල වෙයි. අපිරිසිදු වෙයි.

අපිරිසිදු මනසෙහි, කෝපය, කනස්සල්ල,
සැකය, බිය, කැළඹිල්ල ඇතිවෙයි.
නිදිමත, වෙහෙස ඇතිවෙයි..

මනසෙහි ප්‍රශ්න විසඳාගන්නට
විද්‍යාව වෙත නැඹුරුවෙන නිරාගමිකයාට
විටෙක නිර්වින්දකත්, විටෙක ප්‍රතිජීවකත් ලැබෙයි.
මේ දෙකෙන්ම ප්‍රශ්න විසඳාගනු ලැබූවද
ට්‍රෝජන් අසුන් මෙන් ක්‍රියා කරන
රසායනික සංයෝග විසින්
මොළයෙහිත් ස්නායු පද්ධතියෙහිත්
අක්‍රමිකතාවයන් ඇතිකොට
මනස දුර්වල කරයි.. සිහිය දුර්වල කරයි.
කයෙහි ක්‍රියාකාරිත්වය විකෘති කරයි..

විද්‍යාව නිසා
ඔහු ලබාගත් පහසුකම් වලට
නීරෝගි බව, ආයුෂ,
හිතේ සැනසිල්ල කැප කරමින්
ඔහු වන්දි ගෙවයි.

පොදුවේ සියලු ආගම් වල
මූලික ක්‍රියාකාරකම් මගින්
කැළඹුණු සිතින් යුත් ආගමිකයන්ගෙන්
සමාජයට වෙන හානිය වලක්වයි.
ඉන් පසුව 
සිතම උපයෝගී කරගෙන සිත නිවාගන්නට 
ක්‍රම සපයාදෙයි.

ඉහත කී ක්‍රමවලට අමතරව
බුදු දහම තවත් පියවරක්
ඉදිරියට තබන්නට
අවස්ථාව සලසා දෙයි...

සමාහිත වූ සිතින්
තමන්ගේ කයත්, මනසත් දෙක
මොහොතෙන් මොහොතට නිරීක්ෂණය කරමින්
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්නට
විපස්සනා වඩන්නා පුහුණුවෙයි.

විවේකයක් ලද සැණින්
වෙහෙසුණ කයත් කිළිටිවූ මනසත්
යථා තත්වයට පත් කිරීමට ක්‍රියාකිරීම
සොබාදහමෙහි ලක්ෂණයකි.
විපස්සනා උපදෙස් අනුගමනය කිරීමේදී
ඉන් වැඩෙන කාය චිත්ත විවේකය තුළ
කයෙහි හා මනසෙහි
සොබාවික ක්‍රියාකාරිත්වය මගින්
සමස්ත පුද්ගලයා පිරිසිදු වෙයි.

ආගම
මිනිසා අයහපතෙන් වළක්වමින්
යහපත් කෙනෙකු කරන්නට සකස් කළ
ඉපැරණි ක්‍රමවේදයයි..