20141013

ඔබේ ස්වාමියා ඔබ නොවෙයි..


ඔබ කරන කිසිම දෙයක් නෑ..

හැම දෙයක්ම වෙන්නෙ ස්වයංක්‍රීයවයි..

ඔබම උදාහරණයක් ලෙස ගනිමු..

හිතට පහළ වූ උවමනාවක් අනුව..
ඔබ පාරෙ යනවා.

ඔබ අයිස්ක්‍රීම් එකක රූපයක් දකිනවා.


ඔබේ හිතේ කාමච්ඡන්දය උපදිනවා.


 ඔබේ හිත අයිස්ක්‍රීම් කන්න තීරණය කරනවා..

ඔබේ කය අයිස්ක්‍රීම් කඩේට ඇදෙනවා..

ඔබේ අත සාක්කුවට යනවා.

අත මුදල් ගන්නවා.

ඔබේ කට අයිස්ක්‍රීම් එකක් ඉල්ලනවා.

මුදලාලි අතට මුදල් දෙනවා..

ඔබේ අතට අයිස්ක්‍රීම් එක ලැබෙනවා.

ඔබ අයිස්ක්‍රීම් එක දිවේ ගානවා.


ඒ රස වේදනාව නිසා සතුටක් උපදිනවා.

මේ කිසි දෙයක් ඔබ කරන දේවල් නොවෙයි..

හිතට එන පණිවිඩ අනුව
හිත හැසිරෙන විදියට
ඔබ ඉබේටම කරන දේවල්..

ඔබට පුලුවනි නම්
1,
කිසිම දෙයක් නොකර,
2,
කිසිම දෙයක් නොකියා
3,
කිසිම දෙයක් නොහිතා
එක විනාඩියක්
නිසොල්මන්ව සිටින්න..

පළවැන්නත්, දෙවැන්නත්
ඔබට පුලුවන් වෙයි..
තුන් වැන්න නොකඩවා සිදු වෙනවා.

ඔබේ හිත ඔබට පාලනයක් නැහැ..

ඔබ හිත කියන දේ නොකළත්
ඔබේ හිත හිතන එක නවත්තන්න
ඔබට බැහැ..

ඔබෙන් කෙරන හැම දෙයක්ම වෙන්නෙ
සර්වබලධාරී හිත කියන විදියටයි..

ඔබේ ස්වාමියා ඔබේ හිතයි..

ඔබ නොවෙයි..

No comments:

Post a Comment